Thursday, December 13, 2012

93 කුඩුකාරයාගෙන් රට නගා සිටවමු!

මේ ලඟකදී පැලියගොඩ අලුත් පාලම රවුන්ඩ් අබවුට්(ඇනෝනිමස් නිවැරදි කරන ලදී) එක ලඟදි උදේ ට්‍රැෆික් එකට මං ගමනක් යද්දී අහුවුණා.කලර් ලයිට්ස් වලින් කිරිබත්ගොඩ පැත්තට එන වාහන නවත්වලා දෙමටගොඩ පැත්තට යන අපිත් හිර වෙලා.මේ අතරේ ට්‍රැෆික් එකට අහුවෙලා තිබ්බ සිමෙන්ති උර දෙසීයක් පමණ පටවපු ලොරියකුත් තිබුනා.

අලුතෙන් හදන අධිවේගේ පැත්තේ ඉඳන් එකෙක් දුවන් ආවා සිමෙන්ති ලොරියෙන් සිමෙන්ති බෑග් දෙකක් කිහිලි දෙකට ගත්තා පාර පැන්නා දිව්වා.හිතාගන්නවත් වෙලාවක් නැහැ.යකෝ අපි මේ ගෙදර වැඩකට හරි සිමෙන්ති කොට්ටයක් උස්සගෙන එහාට මෙහාට යන්නේ හරි අමාරුවෙන් ඒත් මේ යකා උර දෙකක්ම අරගෙන දිව්වේ නිකන් උසේන් බෝල්ට් මීටර් සීය දුවනවා වගේනේ.

පෙනුමෙන් නම් තනිකර කුඩු ඩයල් එකක් අනික ඔය හරියේ කුඩු කාරයෝ නැත්තම් තමයි පුදුම.කුඩු ගහන අයට ඔච්චර පවර් එකක් කොහෙන්ද?.ගොඩක් කුඩු කාරයෝ හොරකම් කරලා දුවද්දී පොලිසියේ අයට බැරුව යනවා පස්සෙන් එලවන්න.කුඩු කාරයෝ ඒ තරම් ස්පීඩ්.තාප්ප,බැමි,වැටවල් ඔය මොකක් තිබ්බත් ඕවා උඩින් පැනලා,අස්සෙන් රිංගලා යන එක කුඩු කාරයන්ට හරි සිම්පල් වැඩක්.

අපේ ගෙවල් පැත්තෙත් ඉන්නවා කුඩු කාරයෝ දෙතුන් දෙනෙක්.අපේ මාමා කෙනෙක් ගෙයක් හදන වැඩකට අල්ලාගෙන තිබ්බ බාසුන්නහෙත් කුඩු කාරයෙක්.මිනිහට වයස තිහක් විතර ඇති වැඩ නම් තිතටම නීට්.වෙලාවකට අලස කමින් වැඩ කරගෙන යද්දී මහත්තයා මන් ටාර් ගාලා එන්නම් කියලා මාරුවෙන මිනිහා පැය බාගෙකට විතර පස්සේ එනවා ඇවිත් පුක කැඩුන කඩියා වගේ වැඩ.

කුඩු කාරයන්ගේ ක්‍රියාශීලී කම ගැන හිතද්දී මට අදහස් කිහිපයක් හිතට ආවා.රටේ සංවර්ධනය වෙනුවෙන් චීනයෙන් කම්කරුවන් ගෙන්වනවට වඩා කුඩු පැකට් එකක් දීලා කුඩු කාරයෙක් වැඩට ගත්තා නම් අධිවේග,කාණු පද්ධති,පාරවල් හැදීම් වගේ දේවල් සුටුස් ගාලා සිද්ද වෙයි.එතකොට රටේ රැකියා හිඟය පියවෙනවා.ටවුන් වල කාණු වගේ නෙවේ ගම්වල කාණු ඒවා ටික දවසකින් පස් පිරිලා හිරවෙනවා.තමන්ගේ ගේ ඉස්සරහ කාණුවවත් සුද්ද කරන්න අපේ රටේ මිනිස්සු කම්මැලියි ඉතින් කානු හිරවෙලා වැස්සට පාරවල් යට වෙනවා.අන්න ඔය වගේ දේවල් වලදී කුඩු කාරයෝ වැඩට යොදාගත්තා නම් වැස්ස කාලෙට සිරිලක හරි ලස්සනට තියෙයි.

දුම්රිය හරස් මාර්ගවලදී රේල් ගේට්ටු නැතුව මිනිස්සු කෝච්චියට හැප්පිලා මැරෙනවා මිනිස්සු උද්ඝෝසන කරනවා සල්ලි බර ගානක් වියදම් කරලා ඔන්න හදනවා රේල් ගේට්ටු.එත් ගමේ කුඩු කාරයන්ව ඔය තැන් වලට යෙදෙව්වා නම් මිනිස්සු මැරෙන්නෙත් නැහැ උද්ඝෝසනත් නැහැ සල්ල්ත් ඉතුරුයි.

ඔවුන්ට නිල ඇඳුම් දීලා කොටුව දුම්රිය පල,බස් ස්ටෑන්ඩ් එක,පොදු වැසිකිලි,රෝහල් වගේ දේවල් පිරිසිදු කිරීමේ කටයුතු වලට යොදාගන්න පුළුවන් එතකොට අපේ රට කොච්චර ලස්සන වෙයිද?.දියුණු වෙයිද?

බඩු පොට් නීතිගත කරනවට වඩා කුඩු පොට් නීතිගත කිරීම වැදගත් නැද්ද?.

මේ රටේ කුඩු පොත නීතිගත කීරීම සඳහා මිනිස්සු දෙන්නෙක් මහන්සි වුනා ඒත් උන් දෙන්නගේ අසමගිය නිසා දෙන්නා ගහගෙන එකෙක් මලා අනිකාට දැන් මතකේ නැහැ.ඔය වගේ තවත් උත්තමයන් කිහිප දෙනෙක් අප අතරේ ඉන්නවා.මේ පිලිබඳව ජනාධිපතිවරයා වහා ක්‍රියා මාර්ග ගත යුතුයි.කුඩු පිලිබඳව අමාත්‍යවරයෙක් පත් කල යුතුයි.


  • රැකියා අහිමි උපාධිධාරීන් හට කුඩු ලබා දී රැකියා ලබා දිය යුතුයි!
  • කුඩු කාරයන්ව සමාජයෙන් කොන් නොකළ යුතුයි!
  • ඔවුන්ට ගරු කල යුතුයි!
  • රැකියා ලබා දී,නිළ ඇඳුම්,ලෙඩ නිවාඩු,නිවාස ණය,අතිකාල දීමනා,බෝනස් හා විශ්‍රාමික වැටුප් ලබාදිය යුතුයි!
  • මැති ඇමතිවරු ඇතුළු රජයේ ඉහල තනතුරු දරන නිලධාරින් හට කුඩු ලබාදී ඔවුන්ව කාර්යක්‍ෂම කල යුතුයි!
  • ලිපි කරුවා,වගා කරුවා,පොලිස් කාරයා,මාළු කාරයා,කිරි කාරයා වගේ කුඩු කාරයාවත් සමාජ ගත කල යුතුයි!

මේ සඳහා ඔබේ මත විමසුමද දැනගැනීමට කැමැත්තෙමි.

93 comments:

  1. කමක් නැද්ද මචං ඒක එහෙම කරාට? හැබැයි ලංකාව ආශ්චර්යය කරා යන ගමනේ ඕවාත් තියෙන්ටම ඕනේ නෙ? ;)

    ReplyDelete
    Replies
    1. කමක් නැහැ බන්
      නැතුව ආසියාවේ ආශ්චර්ය කරනවා බොරු මේක

      Delete
    2. ළඟදීම උපදේශක තනතුරක් ලැබේවා කියා පතනවා!!!!

      Delete
    3. අනේ බොහොම පින් පැතුමට :)

      Delete
  2. අඩේ මේවා කලොත් අපි කුඩේ කුඩු වෙයිද දන්නේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන් රට නම් දියුණු වෙනවා එකෙන්ම.

      Delete
  3. දැනටමත් ලංකාවෙ උසස් පුද්ගලයො කුඩු පප්පල තමයි.
    මං නම් කියන්නෙ ගෞරව නාමයක් දෙන්න ඕන කියල "දේශමාමක කුඩු විභූෂන" වගේ (දිව දොට්ට)

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ අදහස් :D

      Delete
    2. දේශ ශක්ති වගේ ඒවා ඇත්තටම දීල තියෙනවා.....

      Delete
  4. ඈ........................කමක් නැද්ද මෙහෙම කලාට...

    ReplyDelete
  5. හි හි... ඉඳලා ඉඳලා ටිකක් කල්පනා කරලා වගේ මෙයා...

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම පල් ටෝක් දාන්න එපා සහෝදරි මට හැමතිස්සෙම ඔය වගේ අදහස් පහල වෙනවා මම ඒවා කාටවත් කියන්නේ නැහැ :P

      Delete
    2. ඒක හොඳයි.

      Delete
  6. උඹටත් දාර්ශනික, ධනාත්මක අදහස් පහල වෙන්න පටන් අරන් නේ :)

    කුඩු ගැන නම් දන්නේ නෑ මචං, දැකල නැති නිසා. මල් ගහන එවුන් නම් යක්කු වගේ වැඩ කරනවා කියල දන්නවා. ස්ලැබ් එහෙම දාන්න එන සෙට් වල වැඩි හරියක් මල් පවර් එකෙන් තමයි අදින්නේ. ඒක මං දැකපු දෙයක්.

    පෝස්ටුව එල මචං!!

    ReplyDelete
    Replies
    1. දැන් මන් ලොකු ළමයෙක්නේ බන් :D

      මල් කාරයන්ට වඩා පවර්ෆුල් බන් කුඩ්ඩො.කොළඹ පැත්තේ කුඩ්ඩො කරන වැඩ උඹ දැක්ක නම්.

      Delete
    2. ඒක ඇත්ත! මල් ගහපුවහම ගොඩක් වෙන්නේ දාර්ශනික අදහස් පහල වෙන එක!

      Delete
  7. අදහස හොදයි අකුරුත් ගැලපෙනවා, ලංකාවෙ ගණිකා වෘතිය සම්මත කරන්න කිව්වා වගේ ඕකත් කියයි ළගදිම.. :P

    ReplyDelete
    Replies
    1. ගණිකාවෝ වගේද නංගි කුඩු කාරයෝ? හික්ස්

      Delete
  8. ///යකෝ අපි මේ ගෙදර වැඩකට හරි සිමෙන්ති කොට්ටයක් උස්සගෙන එහාට මෙහාට යන්නේ හරි අමාරුවෙන්///
    marenna hina giya yako..:DDDDDDDDDD

    ReplyDelete
    Replies
    1. ඉතින් යකෝ මම ඇත්තනේ කිව්වේ :D

      Delete
  9. owwa denatath karanawane ban. neethigatha karala thiyenne. ada birthday neda

    ReplyDelete
    Replies
    1. නීතිගත කරලා නම් මොකටද බන් ඔය පොලිසියෙන් පන්නන්නේ? :)

      Delete
  10. ඔබේ කතාව හරි ඒත් කුඩ්ඩෝ කඩියෝ වගේ වැඩ පැය භාගයයි

    ReplyDelete
    Replies
    1. පැය බාගෙන් බාගෙට කුඩු පෙන්වනවා පෙන්වලා කියනවා කුඩු ඕනනම් වැඩ කරපිය කියලා ;)

      Delete
    2. මට හිතා ගත්ත හැකි උඹට මේ අදහස පහල උනේ කොහොමද කියලා

      Delete
  11. ඔහේ නොදන්නවා උනාට උපරිමයෙන් රාජ්‍ය අනුග්‍රහය දෙන්නෙ ඒ නිසා තමයි...

    ReplyDelete
    Replies
    1. mage ekath daganinko ban ube sindiayata...

      Delete
    2. ඒත් එළිපිට නැහැනේ තාම :)
      එළිපිට හැමෝටම පේන්න විකුනන්න පුළුවන් දවසට තමා රාජ්‍ය අනුග්‍රාහය ලැබුනි කියන්න පුළුවන්

      Delete
  12. යකෝ මං සිමෙන්ති කොට්ට කර ගහලා තියනවා! ඒත් එක පාරකට එක ගානේ! මුංට මොක පවර් එකක්ද බං?? හිතාගන්න බෑ!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි සහෝ පෝස්ට් එක ලියවෙන්නත් හේතුව.ඒ යකා සිමෙන්ති කොට්ට දෙක කිහිල්ලේ ගහගත්තේ පොඩි ළමයි දෙන්නෙක් වඩාගන්නවා වගේ.

      Delete
    2. අනේ මන්ද බන් හැගීම් දැනීම් නැතුව ඇති..ඇට කටු
      කුඩු උනත් දැනෙන්නේ නැහැ මන් හිතන්නේ .ඉතින්
      උස්සනවා..අපි මචන් ඉස්සුවට මොකාද එකා වගේ උස්සන්නේ
      නැහැනේ.ගානට නාඩියට උස්සනවා මිසක්...

      Delete
    3. ඒ වගේම කුඩු ගහන්න කීයක් හරි හොයාගන්න එක තමා මං හිතන්නේ ලොකුම හේතුව.කීයක් හරි හොයාගන්න මැරෙන්න වුනත් ලෑස්තියි.

      Delete
  13. මීට ටිකකාලයකට කලින් ගොඩනැගිලිවල ස්ලැබ් දාන්න ..සිමෙන්ති මික්ෂර් තිබුනෙ නැහැනෙ...
    සෙට් එකක් එනව 8ක්10ක් විතර ඇති...සිමෙන්ති අනන්නෙ...දාන්නෙ උන් ටිකතමා කොච්චර ලොකු ස්ලැබ් එකක් උනත්..කන්න..තේ බොන්න හොයන්නෑ..හිටපු ගමන් ගොඩ නැගිල්ල පිටිපස්සට යනව..මෙන්න ටිකකින්
    මුන්ගෙ වැඩ දසමහ යෝදයො වගේ...සිමෙන්ති කොට්ට තනි අතට අරන් එන්නෙ

    ReplyDelete
    Replies
    1. ඉතින් මම බොරුද කියන්නේ?
      කුඩු වලින් උන්ගේ ලේවල ඔක්සිජන් වැඩි වෙනවද මන්දා

      Delete
  14. අඩේ මරු අයිඩියා එක.... මාර මොලයක් නෙ තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ජාතියේ පිනට පහල වෙන මොළවල් මේවා :P

      Delete
  15. Replies
    1. කාගේද බන් ඒ බ්ලොග් එක?
      මගේ අදහසට ඒකත් හොඳ උදාහරණයක් නේද?

      Delete
  16. පට්ටයි අයියේ ලියලා තියෙන ස්ටයිල් එකනම්....කුඩු කාරයෝ පට්ට ආතල් නේද?මූණ අත ගගා පට්ට ආතල් එකක් ගන්නවා උන් නේද?

    ReplyDelete
    Replies
    1. තැන්කු මලේ තැන්කු :)
      මූණ අත ගගා ආතල් එකක් ගන්න සීන් එක මට මීටර් වෙලා නැහැනේ බන්.

      Delete
  17. round about = රවුන්ඩ් අබවුට්. රවුන්ඩ් ද බෝඩ් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝදරයා වැරැද්ද පෙන්වූවාට.

      Delete
  18. මම අහල තියෙන විදියට නම් කුඩු වලින් ක්‍රියාශීලී වෙනවට වඩා තියෙන හැකියාවනුත් මන්දගාමී වෙනව, දැනීම් පවා අඩු වෙනව

    ReplyDelete
    Replies
    1. දැනීම් නම් අඩු වෙනවා ඇති සහෝ එත් ක්‍රියාශීලිත්වය පිළිබඳව නම් ඔබේ අදහස වැරදියි.

      Delete
    2. මචන් කුඩු ගහපු එවුන් ටිකක් නිදිමත ගතියෙන් තමා ඉන්නේ. හැබැයි කුඩු මත අඩු වෙනකොට තව කුඩු ටිකක් ගහන්න සල්ලි හොයන්න ඕන වැඩක් කරනවා. එතකොට අත පය කැඩුනත් ගණන් ගන්නේ නැ. අනික කාලය ගැන දැනීම නැතිව යනවා පොඩි වෙලාවක් උනත් ලොකූ කාලයක් විදිහට තමයි දැනෙන්නේ. ඉතින් වැඩක් කරනකොට හැම වෙලාවේම හිතන්නේ තමන් පරක්කුයි කියලා ඒ නිසා පුළුවන් ඉක්මනින් වැඩ කරන්න ට්‍රය් කරනවා. අනික කුඩු හොඳ වේදනා නාශකයක්. ඒ හින්ද තමයි කුඩුකාරයෝ ,මල් කාරයෝ හිතන්නේ ලිංගික කටයුතු ගොඩක් වෙලා කරන්න පුළුවන් ඕව ගහපුවාම කියල. හැබැයි ඇත්තනම් බොහොම පොඩි වෙලාවයි බඩු එළියේ. හැබැයි ෆීලින්ග් එක වැඩියි.

      Delete
    3. ඔය ටික මාත් අහලා තියෙනවා සහෝ.උන් ගොඩක්ම ක්‍රියාශීලී වෙන්නේ සල්ලි හොයන්න.විශේෂයෙන් හොරකම් කරන්න.

      Delete
  19. ඇයි බන් කුඩු පිළිබඳ අමාත්‍යවරයෙක් හිටියා නේද?උඹ ඔය පොටෝ එහෙකුත් දාලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ දන්නේ නැද්ද උගේ මෙමරි ලොස් වෙලා කියලා? :D

      Delete
  20. උඹට මම හැමදාම කියනවා පස්ස පැත්තට ඉර එළිය වැටෙනකම් නිදා ගන්න එපා කියලා..

    කුඩු කාරයින්ට නිසි පිළිගැනීම ලැබිලා ගොඩක් කල්.. දැන් තියන තත්ත්වයේ හැටියට කුඩු කාරයෙක්ට( ඒ කියන්නෙ කුඩු උරණ පාරිභෝගික උත්තමයෙක්ට ) බාධා වෙන ලෙස කට යුතු කිරීම අශ්චර්ය දණඩ නීති සංග්‍රහයේ 2.2 ඈ වගන්තිය යටතේ මරණීය දන්ඩනය ලැබිය හැකි වරදක්..

    ප.ලි. : කාගෙ පාරිභෝගිකයෙක්ද කියලා අහන්ඩ එපා හරිද ?

    ReplyDelete
    Replies
    1. හුටා එහෙමත් එකක්ද? :D
      අපිට වෑන් වලින් යන්න වෙයිද මන්දා මේවා නිසා

      Delete
  21. මටත් ඕක හිතිලා තියෙනවා බං...

    ReplyDelete
  22. අගෙයි.. මෙහෙම් උන් රටට වාසනාවන්.. :/ ..බොලා ජනාදිපති උනොත්...රට පෙරට අපි පසුපසට තමයි :P

    ReplyDelete
    Replies
    1. \\බොලා ජනාදිපති උනොත්...රට පෙරට අපි පසුපසට තමයි//
      ඉතින් බොල බූරු පුතේ දැනටත් ඕකනේ වෙන්නේ :D

      Delete
  23. මාත් කුඩු ටිකක් ගහලා බ්ලොග ලියන්නෝන. :P

    ReplyDelete
    Replies
    1. එහෙම කරලා අපිටත්කියහන් හරිද මොකෝ වුනේ කියලා.වැඩේ සාර්ථකයි වගේ නම් බැරියෑ අපිටත් උඹව අනුගමනය කරන්න :D

      Delete
  24. ඡන්දෙ ඉල්ලන්නවත් හිතේ තියෙනවද... බටර් වලින් දමලා ගහන්නෙ...හි හි හී

    ReplyDelete
    Replies
    1. මන් ජන්දේ ඉල්ලුවොත් මට ජන්දේ දෙනවනේ? :D

      Delete
  25. මේ උඹ දෙසැම්බර් මාසේ එලියට එහෙම යන්න එපා පිනි බාන්න! උඹේ අයිස්චර්යමත් මොලේ දිය වෙයි!

    ReplyDelete
    Replies
    1. ඔව් නේද
      හාකෝ හාකෝ

      Delete
  26. කුඩු වලින්ම රට කරවන්න ඒනේ. දයවන්නාවේ අයටත් මේවා හුරැ කරවන්න ඕනේ

    ReplyDelete
  27. අපරාදේ බන් චීනෙට යන සල්ලී, ඒ සල්ලි පකිස්තානේ පැත්තට දිඅලා කුඩු කන්ටේනර් එකක් විතර ගෙනාවනම් නියමයි

    ReplyDelete
    Replies
    1. ඒකනේ මන් කිව්වේ.
      හික්ස්

      Delete
  28. ඇත්ත තමයි මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුනු කුඩු, කහ කුඩු, කලු කුඩු, ගඩොල් කුඩු,වගේ කොච්චර කුඩු ජාති අපිට ප්‍රයෝජනවද්ද? උඹ හරි බන් :P

    ReplyDelete
    Replies
    1. ගඩොල් කුඩු මොකටද බන් ප්‍රයෝජන?

      Delete
  29. කුඩ්ඩොන්ට ජයවේවා ! නිශානයට ජය වේවා !

    ReplyDelete
    Replies
    1. කුඩ්ඩන්ටත් ජය බොටත් ජය මටත් ජය :)

      Delete
  30. බලං ගියාම කුඩ්ඩත් හරි වැදගත් නෙහ්.. :P

    ReplyDelete
    Replies
    1. නැතුව කුඩ්ඩො කියන්නේ රටේ ආර්ථිකය නගා සිටුවන්න සහභාගී කරගත හැකි ජන කොට්ඨාසයක් :)

      Delete
  31. මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු එක වචනයක් තමයි මම ගහන්නේ නැත්තේ කුඩුයි. *ඩුයි කියල දැන් ඒක නීති ගත කරන්න යන එකේ කුඩුත් නීති ගතකලානම් හරි තමයි. හිකිස්.......

    ReplyDelete
    Replies
    1. අපේ රටේ ලොක්කොත් ප්‍රතිපත්ති කඩනවනේ සහෝ :)

      Delete
  32. අපොයි ඔවු. කුඩුකාරයන්ව නීති ගත කරන්නමයි ඕන ! වැලක රෙද්දක් වනලා තියෙන්න දෙන් නෑ. ගේක බඩුවක් මුට්ටුවක් තියෙන්න දෙන් නෑ. මුන්ව නීතියටම තමා බාර දෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. එකනේ අයියා මම කියන්නේ එතකොට හොරකමුත් අඩුවෙයි රටටත් හොඳයි :D

      Delete
  33. ලොකු කකුලක් කුඩුගසා අහූනත් ගානක් නෑ ලොකුකම හිංදා... පොඩිමිනිහෙක් ලී කුඩු ගෙනයද්දී අල්ලා හිරකෙරුවාලූ....
    ඇටක‍ටු කුඩු කෙරුවාලූ...
    කාලෙකට ඉහත මම අහපු ගීතයක්.

    ReplyDelete
    Replies
    1. අයුක්තිය අසාධාරණය රජයන රටක් කියන්නේ නිකම් ද?.

      Delete
  34. නිශාන්, මම මේ ලිපිය ඊයේ කියෙව්වා. කමෙන්ට් එකක් දැම්මේ නැත්තේ ඊයේ උඩින් පල්ලෙන් කියෙව්ව නිසා අද නැවත කියවන්නයි. නමුත් අද ලස්සන වැඩක් දැක්කා. මට එක පාරටම මේ ලිපිය මතක් වුනා. අද දවල් 2 ට විතර මම බොරැල්ලේ ඉඳලා බේස් ලයින් පාරේ මගේ වාහනය පදවාගෙන ආවා සිරිධම්ම මාවතට යන්න. මැගසින් බන්ධනාගාරයට ටිකක් මෙහා සිමෙන්ති පටවපු තට්ටු ලොරියක් නැවතිලා. මහා වාහන තදබදයක්. මම දැක්ක සිමෙන්ති මිටි කීපයක් බිම වැටිලා තියනවා. පොලීසියෙනුත් ඇවිත්. වෙලා තියෙන්නේ සමබරතාවය නැතුව සිමෙන්ති මිටි කීපයක් ලිස්සා යාමයි. මම වාහන බ්ලොක් එකේ ඉන්නගමන් බැලුවා කවුරුහරි සිමෙන්ති මිටියක්වත් උස්සගෙන දුවයිද කියලා. වාහනයේ හිටිය මගේ බිරිඳටත්, ලොකු දුවටත් මම ඔයාගේ ලිපිය ගැන කිව්වා.

    බලනකොට කුඩ්ඩො වැඩ්ඩො නේද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මගේ ලිපියක් ඔබේ පවුලේ අයත් එක්ක කතා කරා කියන්නේ එක මට ගෞරවයක් විචාරක මහත්මයා.
      ඇත්තටම සතුටුයි.ඒ වගේම කුඩ්ඩො වැඩ්ඩො තමා ආයේ කතා දෙකක් නැහැ.

      Delete
  35. //මැති ඇමතිවරු ඇතුළු රජයේ ඉහල තනතුරු දරන නිලධාරින් හට කුඩු ලබාදී ඔවුන්ව කාර්යක්‍ෂම කල යුතුයි.//
    මේක නම් සෑහෙන්න වටින අදහසක්.

    ReplyDelete
  36. ඉතිහාසය හා තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න පිවිසෙන්න සිංහ පීඩියාවට
    http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  37. හ්ම්ම් ඒකෙත් හැටි :)

    ReplyDelete
    Replies
    1. හිරුවව දැක්ක කල්
      කොහොමද ඉතින්?.

      Delete
  38. තරුණ හා කුඩු කටයුතු අමාත්‍යාංශය...ඒකට ඇමතියෙකුත් පත් කොරපන් මේ එක්කම...

    ReplyDelete
    Replies
    1. තරුණ කටයුතු වලට එකෙක් ඉන්නවා නේද?

      Delete
  39. ඕක තේරුම් ගන් නැහැනේ මුං..........

    ReplyDelete
  40. මට මේ ලඟදි ඉඳන් උඹේ වෙනසක් තේරුණා..මට හිතාගන්න බැරුව හිටියේ...දැන් නම් තේරෙනවා උඹ යකා වගේ වැඩ කරන්නේ කොහොමද කියලා.... :P

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!