Wednesday, January 23, 2013

81 වල් බල්ලෝ!

හොඳ බල්ලොයි වල් බල්ලොයි කියලා ජාති දෙකක් ඉන්නවා.හොඳ බල්ලන්ව හොඳ කරෙත් වල් බල්ලන්ව වල් කරෙත් මිනිස්සුමයි.මිනිස්සු අතීතයේදී බල්ලෝ ජාති වලට බෙදුවේ නැත්තම් අද බල්ලෝ කියන්නෙත් එකම ජාතියක් වෙන්න ඇති.හොඳ බල්ලෝ කීකරු ගෙයි කැත නොකරන නිසා හොඳයි වල් බල්ලෝ ගොඩක් වෙලාවට කරන්නේ වල් වැඩ ඔහේ තැන තැන බෙටි දානවා,නැත්තම් චූ කරනවා.



ඒ වුනාට සමහර වල් බල්ලෝ හොඳ බල්ලන්ටත් වඩා හොඳයි.කීකරුයි පිරිසිදුයි කන්න දීපු කෙනෙක්ව කවදාවත් අමතක කරන්නේ නැහැ.පෝසත් මිනිස්සු සල්ලි වැය කරලා හොඳ වර්ගවලින් බල්ලෝ අරගෙන ඇති කරනවා.ඒත් අපි වගේ දුප්පත් මිනිස්සු ආශාවට වල් බල්ලෝ පැටවූ කොහෙන් හරි අරගෙන ඇවිත් ඇති කරනවා.සමහරු වල් බලු පැටව් පන්සල්,පල්ලි ගාවින් ගිහින් තියලා එනවා.

සමහර පෝසත් මිනිස්සු ගෙවල් ආරක්ෂා කරන්න වල් බල්ලෝ ඇති කරනවා එත් හරියට කන්නවත් දෙන්නේ නැහැ.මං ඇතුළුව දෙන්නෙක් ගියා ටිකක් පෝසත් ගේකට ඒ ගෙදර අලුත්වැඩියා කටයුත්තකට.ගෙදර කව්රුත් පදිංචි නැහැ වහලා තියෙන්නේ.අයිතිකාරයා උදේට හවසට ඇවිල්ලා යනවා ඒ ළඟම ගේක පදිංචි නිසා.ඒ එන්නේ ඒ ගෙදර ඉන්න වල් බල්ලෝ දෙන්නව එලියට දාන්නයි කූඩු කරන්නයි.

උන්ට කන්න දෙන්නේ උදේට විතරයි.ඊටපස්සේ කූඩු කරනවා ආයේ  රෑට ඇවිත් උන්ගේ කූඩුව ඇරලා වත්තේ ගේට්ටුව වහලා යනවා කන්න දෙන්නේ නැහ.එතකොට බඩගින්නේ නිසා රෑට බල්ලෝ හරි වසයිලු.ඒත් උන් සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවෝ වගේ කෙට්ටුයි.ආයේ උදේට ඇවිත් කන්න දීලා කූඩුවලට දාලා යනවා.ඉඳලා හිටලා හරි උදේට එන්න බැරිවුනොත්පහුවෙනිදා උදේ වෙනකන් දවස් දෙකක් කන්න හම්බ වෙන්නේ නැහැ.

අපි ගිය වෙලේ උන් ඔහේ කූඩුවලට වෙලා අපි දිහා බලන් හිටියේ  රේස් දාපු සල්ලි ඔක්කොම පරාද වුනු සූදු කාරයෝ  වගේ.මම වතුර බෝතලෙන් වතුර බොද්දි එකෙක් මන් දිහා දුක්බර ලුක් එකක් දාගෙන හිටියා.මම කූඩුව ගාවට ගිහින් බැලුවම උන්ගේ වතුර දාන බඳුනේ වතුර නැහැ.මම
දැල අස්සෙන් ඒකට වතුර දැම්මාම උන් දෙන්නම බීගෙන බීගෙන ගියා.

බල්ලෝ දෙන්නගේ සෝචනීය තත්වේ දැකපු නිසා මට මේක ලියන්න හිතුණා ඔන්න මම ලිව්වා.






මේ මම බලු පැටියෙක් ගෙනාව තැනක හිටපු අනිත් උන්















81 comments:

  1. බල්ලො හරි පවු බං...
    ඔය අපේ ගෙදරත් ඉන්නේ එකෙක්...
    ගිය ආත්මේ නෑදෑයෙක්ද මංදා...

    ReplyDelete
    Replies
    1. ඔව් බන් වල් බල්ලෝ තමයි ගොඩක් දුක් විඳින්නේ.

      Delete
    2. @තරියා : මේ ආත්මේ වෙන්න බැරිද ?

      Delete
  2. /*එකෙක්මන්දිහාදුක්බරලුක්එකක්දාගෙනහිටියා.මමකූඩුවගාවටගිහින්බැලුවමඋන්ගේවතුරදානබඳුනේවතුරනැහැ*/ මෙන්න මේක හදල හිටියා නම් :)

    ReplyDelete
    Replies
    1. ඔහොම සත්තු කූඩු කරලා හිර කරගෙන ඉන්න එක මහ පව් වැඩක් බං.

      Delete
    2. ගිනි හිවල නිසා වුනු වැරද්දක් බන් ඔන්න හැදුවා.අනිවා බන් පව් වැඩ කූඩු කරාට කමක් නැහැ කියමුකෝ එත් කන්න බොන්නවත් හරියට දුන්නා නම්.

      Delete
  3. කන්න දෙන්නැති අර හිපාටුවට තමා වල් බල්ල කියන්නෝනැ

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත නලින් අයියා

      Delete
  4. අරූ ලබන ආත්මෙදි බල්ලෙක් වෙලා ඔය දුකම විදියි..

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නම ඕන අයියා

      Delete
  5. අනිවා උබේ කථාව හරි නිශාන්. අහිංසක සත්තුන්ව ඇතිකරනවා නම් උන්ව ආදරෙන් බලා ගන්නත් දැන ගන්න ඕනි

    ReplyDelete
    Replies
    1. ඔව් බන් කන්න බොන්න ටිකවත් හොඳට දෙන්න ඕන.

      Delete
  6. සල්ලි තිබිබට ගුණ යහපත්කම ගන්න බැහැනේ හැමෝටම ........

    ReplyDelete
  7. පව් බං ... උන්කියලා ඉතින් මොනවා කරන්නද .. අහිංසක සත්තු ,

    ReplyDelete
    Replies
    1. කතා කරලා කියන්න ඈ බඩගිනියි කියලා.

      Delete
  8. නිශාන් දන්නවද හුඟක් රටවල බල්ලන්ට අපිට වඩා අයිතිවාසිකම් තියෙන බව? උන්ව ගෙදර දාලා ට්‍රිප් හෙම යන්න තහනම්. උන්ව ‍රැකබලා ගන්න ආයතනයකට දීලා යන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ඒකට අපේ රටේ ට්‍රිප් යද්දී බල්ලෝ දවස් ගණන් අහල පහල ගෙවල් වලින් හොරෙන් කනවා.

      Delete
  9. සිරාවටම කකුල් දෙකේ බල්ලොන්ට වඩා 4 උන් හොඳයි.

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තේ කකුල් දෙකේ බල්ලෙකුත් ඉන්නවා
      ඒ මන් :)

      Delete
  10. මම නම් සත්තුන්ට හරිම කරුණාවන්තයි...මම හැම වෙලාවෙම හිතන්නෙ මේ අයට තමන්ගෙ දුක කියන්න විදියක් නැති නිසා මිනිස්සු විදියට අපි අසරණ සතුන්ට හැකි අයුරින් පිහිට වෙන්න ඕනෙ කියලා...උඹේ කථාව ඇහුවාම මට සෑහෙන තරමේ දුකක් හිතුනා...මම බල්ලන්ට තමා වැඩියෙන්ම ප්‍රිය...නමුත් අපේ නිවසෙ ඇති කරන්න බෑ...

    ReplyDelete
    Replies
    1. //මම හැම වෙලාවෙම හිතන්නෙ මේ අයට තමන්ගෙ දුක කියන්න විදියක් නැති නිසා මිනිස්සු විදියට අපි අසරණ සතුන්ට හැකි අයුරින් පිහිට වෙන්න ඕනෙ කියලා// මටත් මේක මෙහෙමම හිතෙනවා.

      Delete
    2. මාත් සත්තුන්ට හරිම කරුණාවයි මට බලන් ඉන්න බැහැ කව්රු හරි සතෙක්ට ගහනවා නම්.අපි කියලත් මොනා කරන්නද මේ තිරිසන් මිනිස්සු එක්ක.

      Delete
    3. @සිරා : සුනියම් දෙවියන් අදහනවද ?

      Delete
    4. @ සුදීක

      කිසිදු දෙයියෙක් අදහන්නෙ නෑ...අපේ ගෙදර පහන පත්තු කරන්නෙත් බුදුන්ට විතරයි...බල්ලො හදන්න බෑ කිව්වෙ බලු පැටියා ගෙනල්ලා අවුරුදු 3 ක් පමණ ගතවෙන තුරු හොදින් ඉන්නවා...එහෙත් එයින් පසු හොද කරන්න බැරි රෝගයක් හැදෙනවාමයි...කිසිම පශු වෛද්‍යවරයෙකුට මේ ලෙඩ හොද කරන්න බෑ.... දිවේ පිළිකාවක්, මී මැස් මොරය, සුව නොවෙන කුෂ්ඨ ඔන්න ඔය වගේ ඒවා තමා හැදෙන්නෙ...

      හැබැයි පූසන්ට කිසිම ප්‍ර‍ශ්නයක් නෑ...උන් පරමායුෂ විදලා මැරෙන්නෙ...ඒ නිසා අපේ නිවසෙ ඉන්නෙ පූසො විතරයි.

      Delete
    5. බල්ලන්ට එහෙම වෙනවා කියන්නේ අනිවා මොකක් හරි අදෘර්ෂමාන බලවේගයක් ඇති පොඩ්ඩක් හොයලා බැලුවොත් නරකද?

      Delete
    6. සිරාගේ ගේ දේව පාදේකට අහුවෙලා ඇති ..තනි කළු බල්ලෙක් ඇති කරන්න පුළුවන් මැරෙන්නේ නැහැ ...

      Delete
    7. @ සිරා - ඒ උනාට බල්ලෙක් හදල ගන්න ෆන් එක පූසෙක්ගෙන් ගන්න බෑ මචන්. හැබැයි ඔය වල් බල්ලො කියල කියන සාමාන්‍ය බල්ලොන්ට නම් ලෙඩ හැදෙනව අඩුයි.

      Delete
    8. වල් බල්ලෝ හොඳ බල්ලෝ කියලා නැහැ බෙහෙත් කරේ නැත්තම් ඕන බල්ලෙක්ට ලෙඩ හැදෙනවා.

      Delete
  11. ඔය වැඩේ ගොඩක් උන් කරනවා බං. කන්න නොදුන්නම සැරයි කියලා. මහ පව් වැඩ.
    මටනං බල්ලෝ එපා වෙලා තියෙන්නේ එහා ගෙදර ඉන්න වේ@ බල්ලා නිසා බං. ඌ හැමදාම රෑට උඩු බුරන්න ගන්නවා පැය දෙක තුනක් එක දිගට.

    ReplyDelete
    Replies
    1. ඌ උඩු බුරන්නේ තනිකම නිසා.ඌට පෙලවහක් කරලා දුන්නා නම් අහවරයි.

      Delete
    2. ඒකව ඇනෝගෙ ගෙදර ගෙනැල්ල බැඳගත්තනම් උඩුබිරිල්ල එතනින්ම ඉවරයි.....

      Delete
  12. වල් බල්ලො නෙවේ දේශීය බල්ලො මල්ලි.අපේ රටට හරියන්නෙම උන් තමා.ඔය ලොකු ලොකු එවුන්ට කන්න,නාවන්න යන වියදම. අනික හරි ඉක්මනින් ලෙඩ වෙනවා.

    ඔය බල්ලො දෙන්න ඉන්නෙ ගොඩක් දුර්වල තත්වෙකනම් උන්ට මොනවා හරි කරන්න වෙයි මලේ.fb එකේ පේජ් එකක් ඇති Adopt a dog Sri Lanka කියලා.පුළුවන් නම් මැසේජ් එකක් දාලා අහලා බලන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් ඕන දේකට ඔරොත්තු දෙනවා තමා දේශීය බල්ලෝ.බලමු මොනවා හරි කරන්න මුන් දෙන්නා වෙනුවෙන්.

      Delete
  13. kauda ballo kiyala hithaganna puluwanne bn. Ahinsaka saththu kudu karagena badaginne thiyana unta ballo kiwwoth ballantath hoda ne bn.

    4to eke inna un balanne ane maawath ekkayannako kiyanawa wage

    ReplyDelete
    Replies
    1. ඔව් බන් තිරිසන් ගති තියෙන මිනිස්සු.උන් හිතන් ඉන්නේ උන් විතරක් කාලා ඇඳලා හිටියම ඇති කියලා.

      Delete
  14. නිසුපා කිව්ව වගේ දේශීය බල්ල තමා සිරා. මට පේන්න බැහැ බං අර මහා සද්දන්ත බල්ලෝ. වල් කියන බල්ල උනත් හොදට කන්න දීල හදල බලපං සිරා ඩයල් එකක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. කවුද ඩෝ මට දේශීය බල්ලා කිව්වෙ....ගම්පහ ආපුවාම බලාගමු අරිද ?

      Delete
    2. හි හි.... සැම් වරද්දගෙන... හි හි....

      Delete
    3. සිරාවට සිරාට දේශීය බල්ලා කිව්ව එක නම් වැරදියි ඈ :D
      අපොයි ඔව් බන් සැමෝ අපේ ගෙදර ඉස්සර ඉඳන්ම ඇති කරේ වල් බල්ලෝ තමා එත් උන්ගේ කවදාවත් හොඳ බල්ලොයි වල් බල්ලොයි අතරේ කියල වෙනසක් තිබ්බේ නැහැ අපිට නම්.

      Delete
    4. @හිරු - වරද්දගෙන නෙවේ බොල. පොඩ්ඩක් මේක ඇප්ලයි කරල බලපං ඒ ඒ තැනට :)

      ජය වේවා කිව්වා. සිරා පැත්තක ඉදලා ඇදගෙන :ඩී

      Delete
  15. ඇත්තටම සතෙක් හදනව නම් තියෙන විදිහට කන්න බොන්න දෙන්න ඕන. නැත්නම් නොහදා ඉන්න ඕන . මොකෝ උන් උයාගෙන කන්නද . ඔය මිනිහා සමහර විට සිල් ගන්නත් යනවා ඇති

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ මහා ලොකු ඩෝග් ෆීඩ් නැති වුනාට කන බත් එකෙන් ඉතුරු බිතුරු ටික හරි දෙනවා නම් එකක්.නැහැ ඒ මිනිහා සිල් ගන්නවා තියා පල්ලියකට පන්සලකටවත් යන්නේ නැද්ද කොහෙද.

      Delete
  16. කන්න දෙන්නෙ නැතුව බල්ලො හදන කාලකන්නින්ට හෙණ ගහනවා... බලන්න අර අසරනයන්ගෙ ඇස්.... ඔයගොල්ලන්ටත් මේ වගේ බල්ලෙක් විස්වාසයක් ඇතුව.. ලෙඩ රෝග නැතුව හදන්න ගන්න කැමතිනම් යන්න www.embark.lk එකට... ඔටාරාගෙ සමාජ සේවයක්.... නොමිලේම බල්ලා ගෙදරට ගෙනත් දෙනවා... හැබැයි බල්ලන්ට ආදරේනම් විතරක් ගන්න.... අනාත වෙච්ච දරුවෙක් අරන් හදාගන්නවා වගේ...

    http://www.facebook.com/EmbarkLK?fref=ts
    0777305507

    ReplyDelete
    Replies
    1. දැන් නම් එකෙක් ඉන්නවා ඕන වුනොත් කෝල් එකක් දාන්නම්.මොනවා වුනත් ටෙලි නම්බර් එකක් දාපු එක ලොකු දෙයක් මොකද සතෙක් ඕන කරන කෙනෙක් ඕක දැක්කොත් එයාට වටිනවා.

      Delete
  17. බල්ලා කියන්නෙ මරු සතෙක් නෙ. හොඳට කන්න බොන්න දීලා හැදුවොත් ආයෙ ඉතින් මනුස්සයෙක්ට වඩා හොඳයි.
    වල් බල්ලෙක් උනත් නුවරඑළිය වගේ සීතල පැත්තක හැදුනොත් බූල් ගොඩාක් තියෙන ලස්සන බල්ලෙක් වගේ හැදෙනවා. මං නුවර ඉන්න දවස්වල එහෙම බල්ලෙක්ව දැක්කා. මෙහේ එකෙක් එහෙම ඌව දැක්කා නම් අරං ගිහින් ගෙදරක ඇති කරනවා.
    බල්ලෝ ගැන කිව්වහම මට කෙමක් මතක් උනා. වෙලාවක ඒක ලියන්ඩ ඕන.

    ප.ලි. - මල්ලි පොඩි දෙයක් කියන්න කැමතියි. උබ ඕන දෙයක් ලියහන් කිසිම තරහක් නෑ. හැබැයි හම්බයා හොඳයි ! හලාල් හොඳාදාදාදාදායි ! කියන ජාතියේ ගොං පෝස්ට් නැතුව. උබට එහෙම හිතෙනවා නම් වත්ත පහලට ගිහින් කාටත් ඇහෙන්නේ නැති වෙන්ඩ හයියෙන් කෑ ගහලා උබට කියන්ඩ ඕන ටික කියහන්. ඒ බැරි නන් සාර්ඩින් ටිං එකක් අරගෙන කියන්ඩ තියෙන ඒවා ඒකට කියලා බෙලෙක් පියනෙන් වහලා ඈතට විසි කරහන් !

    ReplyDelete
    Replies
    1. මට ඇත්තටම කනගාටුයි මධු අයියටත් යමක් කමක් තේරුම් ගන්න බැරි වීම ගැන.කොහෙද බොල මම ඒකෙ මුස්ලිම් උන් හොඳයි හලාල් හොඳයි කිව්වේ?හා උපුටා දක්වලා පෙනන්න බලන්න?.නිකන් අර්ථය වටහානොගෙන බයිලා කියවන්න එපා මධු අයියා මම කිව්වේ හලාල් තහනම් කරොත් වෙයි කියලා හිතුන ආර්ථික බලපෑම විතරයි.ඒකට විරුද්දව මත දක්වන්න අයිතිය සම්පූර්ණයෙන්ම ඔයාට තියෙනවා ඒත් වැරදියට වටහාගෙන මට දොස් පවරන්න එපා.

      Delete
  18. මිනිස් ගතිගුන තියෙන බල්ලත්, බලු ගතිගුන තියෙන මිනිහත් අතරින් වඩා හොඳ සත්වයා...කව්ද..?

    බල්ල වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති නෙවේ අනිවා බල්ලා තමා.සමහර බල්ලෝ ඉන්නවා මිනිස්සුන්ටත් වඩා ගුණවත්.

      Delete
  19. මට නම් ගහන අය පේන්න බැහැ ..
    වේදනාව වත් කියාගන්න බැරි සතෙක්ට
    ගලකින් හරි ගහල කොහොමද ෂොට් එක
    කියන මිනිස්සු අනන්ත දැකල තියෙනවා...

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් අපේ ගෙදර බල්ලෝ තුන්දෙනෙක් එකපාර වහ තියලා මැරුවා එකෙක් උගේ පරයි බල්ලෝ කාලා කියලා.බල්ලෝ මැරුණම ඌ හෙන සතුටෙන් හිටිය වෛරය පිරිමහගත්ත එකට.ඊට පස්සෙත් ගමේ දෙතුන් පාරක් බල්ලෝ මැරුවා ඌ එත් තාමත් යහතින් පරයි ඇති කර කර ඉන්නවනේ ඕකා.

      Delete
  20. වතුර ටික හරි දීල උඹ කරලා තියෙන්නේ බොහොම පින් වැඩක් මල්ලි.
    බල්ලන් කුඩු කරන්න, ගැට ගහන්න ඕනෙම නැහැ බන්. උන්ට නිදහසේ ඉන්න පුළුවන්.

    අපේ ගෙදර ඉන්න එකා, අර මගේ කවියක උගේ පින්තුරය දාල තිබුනේ.. අන්න ඌ කවදාවත් ගැටගහලා නැහැ. දවසක් අපේ ලොකු පුතා ලස්සන රත් පැහැ කරපටියක් ගෙනල්ල මුට දැම්මා. මූ එකට කැමති උනේ නැහැ, අපිත් එක්ක තරහා වෙලා වගේ බිම දිගාවෙලා බලාගෙන හිටියා. ඒක ගලවනකල්ම නැගිට්ටේ නැහැ. ඔකෙන්ම තේරෙනවනේ බන්, ක ර පටියකටවත් කැමති නැති එකා, දම්වැලක් දාලා බදිනවට හරි කුඩුවක දානවට හරි කැමති වෙයිද?

    ReplyDelete
    Replies
    1. ඔව් උන් බල්ලෝ වුනත් උන්ටත් නිදහසක් දෙන්න ඕන.අපි වගේම උනුත් කැමති නිදහසේ ඇවිදලා ඉන්න.

      Delete
  21. ලකෆ්‍රෑන්ස් වැඩ අරඹයි!
    නයිකාරයෝ, බොරුකාරයෝ, පොලුකාරයෝ, වංචාකාරයෝ, කොලුකාරයෝ, බඩුකාරයෝ පරිස්සමෙන්!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. කව්ද මේ ලකෆ්‍රෑන්ස්? අනේ මන්දා බයෙත් බැහැ

      ඇනොගේ කොමෙන්ටුව මකන්න වුනත් හෙන ලොල් සහගතයි :)

      Delete
    3. මට මගේ බ්ලොග් එකේ කුණුහබ්බෙන් බැන්නට අවුලක් නැහැ බන් ඒත් තුන්වැනි පාර්ශවයේ කෙනෙක්ට අගෞරව කරන්න දෙන්න බැහැනේ.

      Delete
  22. මටත් පුදුම දුකක් ආවේ මේක කියවලා.... ඇත්තටම ඒ මිනිහා නං තිරිසනෙක්ටත් අන්තයි වෙන්නැති..

    අර අපේ ගෙදර ඉන්න එකාට තියෙන සැප.. කූඩුවක් තිබ්බට එක දවසක් වත් බල්ලා නම් ඒ කූඩුවේ ඉදලා නෑ... හි හි... ඇත්තටම දැං අපේ ගෙදර වලව්වේ හාමු ඇරෙන්න තවත් බල්ලෝ තුන් දෙනෙක් ඉන්නවා කන්න බොන්න විතරක් එන... ඒ ඔක්කොම වල් තමයි... ඒත් තාත්තා බේත් විදලා නාවලා එහෙම ඉන්න දීලා තියෙනවා.. පූසියෙකුත් ඉන්නවා නේ... මටත් පුදුමයි මේ පාර ගියාම... තාත්තා කන්නෙ උන්ට කන්න දීලා ඉවර වෙලා තමයි... හි හි...

    ReplyDelete
    Replies
    1. ඔයාගේ තාත්තා නම් ග්‍රේට් මනුස්සයෙක් හිරු අක්කා.ඔය වගේ මිනිස්සු දැන් අඩුයි.ඒ අතින් මාත් සතුටු වෙනවා මටත් සත්ව කරුණාව උපරිමයෙන් තියෙන එකට.

      Delete
  23. බල්ලන් ඇති නොකරමි.

    ReplyDelete
    Replies
    1. එකෙක් ඇති කරලා බලන්නකෝ.හැබැයි සුවර් සුදීක අයියා ඇති කරොත් ඉතින් ආයේ හොඳම ෆොර්න් බල්ලෙක් තමා ඇති කරන්නේ.

      Delete
  24. මෙය සත්වයින්ට කෲර ලෙස සැලකීමේ නීතිය යටතේ දඬුවම් ලැබියහැකි වරදක්. නිර්නාමිකව පොලීසියට පැමිණිලි කිරීමෙන් පවා මේ සතුන්ට නිදහසක් ලබාදිය හැකියි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම කරන්න පුලුවන්ද?.

      Delete
    2. මා දන්නා තරමින් කරන්න පුළුවන්.
      මම මූණු පොත පාවිච්චි කරන්නේ නැහැ. ඔබට පුලුවන්ද බලන්න මෙන්න මෙතනින් සබඳතාවක් ගොඩනගාගෙන යමක් කරන්න.
      https://www.facebook.com/Innocenceorganization

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. ස්තුතියි දැනුවත් කරාට මම අනිවාර්යෙන්ම ඔවුන් සම්බන්ද කරගෙන බලන්නම්.

      Delete
  25. තරා වෙන්න එපා,මම බලු කතා වලට කැමති නැ,, මම බල්ලන්ට බයයි,, :( හැබැයි කකුල් දෙකේ අයට වඩා කකුල් හතරේ බල්ලන්ගෙ හොද ගතිගුඛ තියනවා.. මේ පෝස්ට් එක නම් !!! (Y)

    ReplyDelete
    Replies
    1. බලු කතා වලට කැමති නැත්තේ ඇයි?.

      Delete
  26. හොද ලිපියක්.වල්ටේසන් අපි නම් ඇති කරන්නේ නැත නිෂාන් අයියේ

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ යසිරු මල්ලි පෝසත් පවුලක.මොකද පෝසත් පවුල් වල තමා ගොඩක් වෙලාවට ඇල්ටෙෂන් ඇති කරන්නේ.

      Delete
  27. ෆොන් එකෙන් කියෙව්වට කමෙන්ට් කරල නෑනෙ මං.. හ්ම්ම්. සත්තු ඇති කරනවනං ඒක හරියට කරන්න ඕනි.. එහෙම නැතිව සත්තු ඇති කරන එක එක අතකට හරි පවක්

    ReplyDelete
    Replies
    1. ඔව් බන් පවක් නේන්නම්!

      Delete
  28. පව් අප්ප වල් බල්ලෝ. මොකෙක් වුනත් උන්ට නිදහස තියෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ ලංකාවටත් ඒ නීති ගෙනාව නම් හරි

      Delete
  29. දෙපයින් ඇවිදින, බත් කන බල්ලන්ගේ වැඩ තමා ඔවා.

    ReplyDelete
    Replies
    1. සිවුපයින් ඇවිදින බල්ලොත් බත් කනවනේ :)

      Delete
  30. බල්ලන්ගේ පෙනුම වර්ගේ අනුව තමා බං උන්ටත් අපේ මිනිස්සු සලකන්නේ.. අන්න ඒකයි ඔතන තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔය දෙන්නා බැන්දද? ශා මගෙන් සුභ පැතුම් ආ ඩබලට

      Delete
  31. මඩිස්සලයට බලු පැටවු නැද්ද ගෙදර ?

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ බන් මන් බැල්ලියෝ එක්ක සම්බන්දකම් නැහැනේ

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!