Monday, January 28, 2013

137 ගම්පහ ගෙට්ටුවේ ආතල්!

මුලින්ම කියන්න ඕන දුක හිතුන කතාව.ඒ තමයි මම මඩිස්සලේ නිශාන් කිව්වමත් කව්රුත් මාව දන්නේ නැති වීම :D තවත් සමහරු මඩිස්ස කියන එකක් අහලත් නැහැ.

මම පරක්කු වුන නිසා කට්ටිය අඳුනා ගැනීම මඟ හැරුනා.ගේට්ටුව ගාවට එද්දී සමියයි,මාව කලින් දැකල තියෙන කම්මලයයි ටිකට් ටිකට් කඩනවා.ටිකට් එක දෙන්න සමියා මගේ නම හොයනවා ලිස්ට් එකේ.ඒ අස්සේ ඌ අහනවා මඩිස්සලේ කියන එකට මුලට එන්නේ මයන්නද කියලා.පස්සේ මන් මගේ නම හොයලා දීල ටිකට් එකත් ගද්දි සිරා එතනට ආපු නිසා සිරා අයියගේ ඇන්ටික් ස්කූටියේ නැගලා එන්න චාන්ස් එකක් හම්බ වුනා.


ස්කූටියෙන් ඇවිත් බහිද්දී මුලින්ම දැක්කේ ඝෝසා කරමින් සිටි මාළු කඩේ මාළු මුදලාලිලා මෙන් සෙට් එකකි.ඉස්සරහටම ආවේ සෑමා.මාව දැකල හිනාවක් දාලා කව්ද කියලා ඇහුවා.මම නම කිව්වාම සෑමා කින්ඩි හිනාවක් දාලා මාව පිළිගත්තා.

සෑමා කොහෙද ගියායින් පස්සේ කට්ටිය මැද්දේ මම තනිවුනා.හැමෝම ගැන්සි ගැසී කතාව.අඳුරන මූණවල් හොයද්දි ලාවට වගේ මීටර් මූණක් දැක්කා.දෙයියනේ සුදීක අයියා.ලඟට ගිහින් කතා කරාම මාව පිලි අරන් මුලින්ම කිව්වේ මන් පොඩි එකෙක්නෙ කියලා.හිතන් ඉඳලා තියෙන්නේ මන් හෙන ලොකු එකෙක් කියලා.

සිරා කිහිප වාරයක්ම හඬ නගා කතා කිරීමෙන් පසුව කට්ටිය සිරා පසු පස ඇදුනේය.කපල් දැක සුදීක අයියා ඔවුන් ගැන ගුණ ගායනා කරා අපිත් එක්ක.පස්සේ සිරා අයියා බිම තිබ්බ මුලක් ගාවට ගිහින් මොනවද මන්දා පැය කාලක් විතර කියෙව්වත් මුකුත් ඇහුනේ නැහැ කට්ටිය කින්ඩි කතා කිය කිය හිනා වුන නිසා.

ඊට පස්සේ සූටි වටයක් මල් වත්තේ ගිහින් හිටපු තැනටම ආවා.මල් වත්ත කිව්වට එකේ මල් නැත්තේය.ඇත්තේ විශාල රබර් ගස් හා කපල්ස්ය.ඉන් පස්සේ ක්‍රිකට් ගහන්න කට්ටිය බෙදුවා.ටීම් එකට දෙන්නයි.කැමති එකෙක් තෝරාගන්න කිව්වම මම ළඟ හිටපු සෑමට යෝජනා කරා සෑමා එක පයින් මට කැමති වුනා :).පස්සේ නම් දුන්නට පස්සේ සෑමා නංගිලා දෙන්නෙක් ගේන්න තියෙනවා කියලා මාරු වුනා.

ක්‍රිකට් ගේම නම් ෆන් කට්ටිය ෆීල්ඩ් කරද්දී ගෙඩි පිටින් 22ක් පිට්ටනියේ.අම්පයා සුදීක අයියා.මුලින්ම ආපු උඩ පන්දුව කරුමෙට මගේ පැත්තටම ආවා.මම ඒක අත ඇරියේ බැට් කරපු එකාගේ මුහුණේ දුක්බර පෙනුම නිසාය.දෙවෙනි එක අත ඇරියේ මට ටෙනිස් බෝලවලින් සෙල්ලම් කරලා පුරුදු නැති නිසා.අපි ගමේ වෙලේ සෙල්ලම් කරන්නේ ලෙදර් බෝලෙන්නේ.

කැච් දෙකක්ම අත ඇරපු නිසා මම හෙන ලැජ්ජාවෙන් හිටියේ ඒත් මාව ලැජ්ජාවෙන් බේරිමට නාඩියා,සෑමා,සහ තවත් කිහිප දෙනෙක් තරඟෙට මෙන් කැච් මිස් කළේය.ඒ වෙනකොටත් මාව කව්රුත් වැඩිය දන්නේ නැහැ :(.

සෑමා සහ මම ඇතුළු අපේ ටීම් එකේ බෝලින් හා බැටින් සුපිරිය.මම දිල්ස්කූප් එකකුත් ගැහැව්වා සුදීක අයියා සාක්කි.සෑමා අන්තිමට කීපිනුත් කරා වැනි වැනි.

රජා කුජීත චරිතයක් වුනාට බ්ලොග් ලෝකෙදි,ඉතා අහිංසක කොල්ලෙකි.ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි ගස් වලට මුවා වෙමින් සිටියේය.දේවාත් සුදීක අයියා මෙන් මා පොඩි එකෙක් බව මගේ මුහුණ බලන් පැවසුවාය.

කට්ටිය නැටුම් තෙල් හිස ගාද්දී මටත් ඇරයුම් ලැබුනේය.මම පොඩි එකා නිසා පැත්තකට වී සිටියේය.හිස තෙල් ගෑ උදවිය නම් මට කියලා අයිස් කැට කුඩු කරගත්තේය.මා හොරෙන් හොරෙන් සැන්ඩි වලටද වැඩ දුන්නේ කාටත් හොරෙන්ය.

වී අයියා නම් හරිම අහිංසක මනුස්සයෙක්.පස්සේ වේලාසන ගියා වී අයියගේ බෝලින් නම් සුපිරි.සිරාගේ බයිසිමොටෝව උඩ සිට වීයා ජායාරූපකරනීය වුනේය.නලින් අයියා වයසයි වයසයි කිව්වට කියන තරම් වයසක් පෙනුනේ නැත.විස්සේ කොල්ලෙක් මෙන් මට නම් පෙනුනේ.හැමෝවම වැළඳගෙන ඉතාමත් උණුසුම් ලෙස අගය කළා.

සුමිත් නිරිඇල්ල අයියා නම් මා එක්ක වැඩිය කතා කරේ නැහැ එත් එයාගේ කව්බෝයි තොප්පිය කට්ටිය තොප්පි පාස් කරන්න අරන් තිබ්බා.සුදීක අයියා සුද්දා වගේ හැමොත් එක්කම කතා කරා.නිරහංකාර චරිතයක්.

සිරා අයියා ගොඩක් මහන්සි වෙලා තිබ්බා සංවිධානය කරන්න.එවේලේත් දුවලා පැනලා කට්ටිය එකතු කරගෙන තරඟ තිබ්බේ.සෑම් නම්  බ්ලොගේ සිටින සෑමාම තමා ඊටත් වඩා කුජීතයි.අන්තිමට අපි නොදන්නා සින්දුත් තනු දාලා ගී ගයලා බ්ලොග් කාරිනියක්ව පරදා දැමුවා.ඒ සින්දු එවෙලේ නිර්මාණ වුන ඒවා කියලා පස්සේ ආරංචි වුනා.එත් ගායනය සමඟ රංගනය නම් අපූරුයි සෑමාගේ.

තරියා හිතුවට වඩා කෙට්ටුයි.බුකියේදී අතිජාත මිතුරෝ එවෙලේ කතාවත් කරේ නැහැ.සම වයසේ ෆිට්ම උන්ට හිටියේ සමියා,ජින්ජිබිරිස්,රජා,ගවේෂක පමණි.අනිත් උන් කතා කරේ පොෂ් අය එක්ක විතරද කොහෙද.චමියා සමඟ අටමා කොහෙන්ද මන්දා පාත් වී කන සාක්කුවට වැටෙන කම් නැටුම් තෙල් හිස ගෑවාය.රෝස පාට ටොප් එකක් ඇඳන් ගෑල්ලමයෙක් හිටියා.හැමෝම දුරින් ඉද්දි බැලුවේ එයා දිහා කියලා තමා ආරංචි හවස අන්තිම මොහොතේදී මගෙන් ඇවිත් අහනවා මම මඩිස්සලේ නිශාන්ද කියලා මම ඔව් කිව්වම ඒ ශම්මිලු.යකෝ කලින් කියන්න එපැයි බුදු බොක්කක්නේ මේ ඉඳලා තියෙන්නේ.සිත්තමි අක්කත් මාව හොයාගෙන ඇවිත් කතා කරා.අපේ සෙට් එකේ අය කෝ කියලා තමා ඇහුවේ.

ඇත්තට අපේ සෙට් එක කව්ද කියලා මටත් එවෙලේ වැටහුනා.අනේ උනුත් හිටියා නම් කියලත් හිතුනා ඒත් කොහෙද ආවේ නැහැනේ සමහරු ආපු උනුත් මාව අදුරන්නෙත් නැහැ.අටමාගේ ස්තුති කතාව නිසා ශම්මි කුජීත වුනා කියලා තමා ආරංචි වුනේ.ඇත්තට ශාම්මිගේ මූණෙන් එච්චරට තෙල් බේරුනාද අෆ්ෆා?.මට නම් මීටර් නැහැ :D

රෙපාත් මා එක්ක වැඩිය කතා කරේ නැහැ අනේ මන්දා.ඕනමැන්ටල් ලියන ඕනයාට නම් රියල් එකටම මැන්ටල් :).නැටුම් තෙල් හිස ගාන වෙලාවේ පිටසක්වල ජීවින් ගැනත් වාදයක් ගියා.

මට නම් ෆොටෝ ගන්න හම්බවුනේ නැහැ වැඩිය.දෙක තුනක් තිබ්බා .
පොඩි සැට් එක වැඩ අල්ලයි සහ සෑමාගේ මරුටිය.


ශේප් එකේ දාලා දියන් කියලා රජා පැත්තකට වී.

ෆොටෝ බ්ලොග් වල නම් දාන්න එපා කිව්වා.
ඔය උඩ ෆොටෝ දෙකේ රතු පාට කමිසයක් පේන්නේ කාගේද දන්නේ නැහැ.එත් කට්ටිය කිව්වේ සිරා ඇඳන් හිටියෙත් රතු ටී ෂර්ට් එකක් කියලා.


කෑල්ලක්වත් නැද්ද මන්දා(වීයා)

සිරාගේ වන්ඩිය


ආතල් නම් කෝටියයි.ඒත් මගේ සැගවුණු කුසලතා එලි දක්වන්න බැරිවීම ගැන කනගාටුයි.ආයේ ගෙට් එක තියෙන්නේ අප්‍රේල් 21. ආපු නැති අය ඒකටවත් එයි කියලා බලාපොරොත්තු වෙනවා.වැඩි විස්තර පස්සේ පස්සේ කියයි.


ප.ලි
රෑ ගෙදර ගියාට පස්සේ කෝල් එකක් ආවා.
මචන් මම චමියා එක්ක ආවා.ඌට වැඩිද මන්දා බන් බයික් එකත් හප්පගන්න ගියා.අපි දැන් ආයේ බොනවා බන්.

අද දවල් ආයේ කෝල් එකක්.
මේ මම ඊයේ මොනවද බන් කියෙව්වේ.චාටර් වුනාද?.මට ඊයේ අන්තිමට මොනවත් මතක නැහැ බන්.උඹ අපි එක්කද ගෙදර ආවේ?.මම අවුල්ද?

මට මේ දෙපාරක් කෝල් කරේ කව්ද?

137 comments:

  1. Replies
    1. උබ ආවද කියලා මං හෙවුවත් එක්ක බං...
      කොහෙද ඉතිං උබ හැංගිලානේ ඉදලා තියෙන්නේ....
      කතා කරන්න එපැයි බං...
      මොනා කරන්නද ඊලග පාරවත් සෙට්වෙමු.......

      Delete
    2. මෙන්න පොෂ් කොල්ලෝ ඈ.හරි අවුලක් නැහැ ඊළඟ පාර සෙට් වෙමුකෝ.

      Delete
  2. අප්පේ...මමත් උඹත් එක්ක කතා කලේ නැද්ද!! අඩේ!!! මට මං ගැනම සිරිකිතයි බොල! කොහෙද උදේ කාලේ අර ;) ;) ඇවිත් මොකුත් කර ගන්න බැරි උනානේ! නැටුම් තෙල් මම හිස ගාන්නේ නෑනේ බං..ඒ නිසා ඒ පැත්තට සෙන්ටිමෙන්ටල් වෙන්නත් බැරි උනා... සොරි ඈ!

    ReplyDelete
    Replies
    1. මෙන්න මිනිස්සු මම තමයි වචනයක් හරි කතා කරේ.

      Delete
  3. එළ ලබන සැරේ මාත් එන්න ඕනි!!

    ReplyDelete
    Replies
    1. වරෙන් වරෙන් උඹලා නැති අඩුව දැනුනා.

      Delete
  4. අන්න උඹ හොද කොල්ලා මගේ කැත ෆොටෝ එකක්වත් දැම්මේ නැ

    ReplyDelete
    Replies
    1. මා ගාව නැහැනේ නැත්තම් අනිවා දානවා ලොල්

      Delete
    2. ඒ වෙනුවට ඔය කතා දෙකක්ම දාලා තියෙන්නේ අටම් ගැන.. හි හි...

      Delete
    3. කෝ කව්ද ලොල්?

      Delete
    4. අර පසු ලිවිමෙන් කියන්නේ අටං ගැන නේදෝ

      Delete
    5. ඔව් ද කොහෙද :)

      Delete
    6. මට හිතුනා අටමා තමා කියලා :)

      Delete
    7. ඔන්න පසු ලිවීමේ දෙවැනි කථාවෙන් බලපල්ලා මටද වෙරි අටම්ටද කියලා...

      Delete
    8. මට අටමා කිව්වෙ ඔයා ආවෙ නැහැ කියලා. මම නං හෙව්වා. පස්සෙ හිතුව එන්නෙ නැහැ කියලා මුහුනු පොතේ තිබුන හින්දා ආවෙ නැහැ කියලා.......

      Delete
  5. ඉතින් බන් පොඩි එකාට පොඩි එකා නොකියා කොහොමද? මම ඉන්න එක ෆොටෝ කැල්ලක්වත් අරගෙන නැනේ නේද?

    හමුවීම සතුටක්.....
    ජය

    ReplyDelete
    Replies
    1. අඩේ දේවා අයියා මන් කැම් එකක් ගෙනාවේ නැහැනේ.ෆෝන් කට්ටෙන් ගත්ත ෆොටෝස් දෙක තුන තමා ඔය.

      Delete
  6. වැඩේ නැගලම ගිහින් නේ. මරු බං.. මට එන්න බැරි වුනත් මේ ෆොටෝ දකිද්දී නම් සන්තෝසයි. ගම්පහ උන් ටික වැඩේ ලස්සනට සෙට් කරලා තියනවා නේ. අවස්ථාවක් ලැබුනොත් ඉදිරි කාලේදී හරි හම්බ වෙමු. මං මේ බැලුවේ කො උඹගේ ෆොටෝ කියල.

    ReplyDelete
    Replies
    1. මගේ ෆොටෝ බුකියේ තිබ්බා බන් රජා දාලා.උඹ ආවේ නැහැනේ?

      Delete
  7. කොයිතරම් අහිංසකව හිටියත් බොලාලා හැමෝම මට මඩ ගහලානේ...හපෝයි... අනේ නිශානයෝ මට නම ඇහුනට මූණ හොයාගන්න බැරිවුනාවේ.. :( මැදකදි වගේ තමයි සමියවත් දැනගත්තෙ,ඒකා නම් උදේ ටිකට් කඩලත් කීවේ නෑ(කීවාලු ඒත් මට ඇහිලා නෑ) ඔයාගෙත් මූණ හොයාගත්තු ගමන්ම තමයි කතාකොරන්න දුවන් ආවේ...

    ReplyDelete
    Replies
    1. මම නම් මඩ ගැහුවේ නැහැ ඈ.අවුලක් නැහැ පස්සේ හරි ලඟට ඇවිත් කතා කරානේ.

      Delete
    2. මුලින් හම්බවුනා නම් කතා කොරලා වලියක් ඒමත් අල්ලන්න තිබ්බා.. සිහින උළලෙදි හම්බවෙමුකෝ

      Delete
    3. අනිවා එහෙනම් තව මේ පෝස්ට් එක දික් වෙනවා :).සිහින උළෙලදී වේලාසන එන්න ඕන.

      Delete
    4. ආ ... දැන් උඹට මේකටත් යන්න බැහැ වගේ කිය කිය නේද හිටියෙ මුලින්.

      Delete
    5. ඈහ්හ්හ්? මට DDT අයියගේ එෆ්.බි නම කියනවද?

      Delete
    6. ශම්මි කියන්නෙ කව්ද බං අර උඩට රෝස පාට එකක් ඇඳල ඩෙනිමක් ඇඳල ඇඹරි,ඇඹරි හිටිය කෙනාද..?

      Delete
    7. අයිය ගියාට පස්සේ තමා ශම්මිව මාත් දැනගත්තේ.ඔව් ශම්මි තමා ඒ.

      Delete
    8. මොකෑ .... අනේ බං මට එහෙම එකක් නැතෝ.

      Delete
    9. එහෙනම් මන් යන්න බැහැයි බැහැයි කිය කියා හිටපු ඒවා දන්නේ කෝමෙයි?.

      Delete
    10. ඇයි බං උඹ කමෙන්ට්වල කියල තිබ්බෙ. මමත් උඹට කිව්වෙ ගෙදර දොර ළඟටම ආව එකේ පලයං කියල.

      Delete
    11. ආ ඔව්නේ අමතක වුනා.ඒක නෙවේ ඇයි ආවේ නැත්තේ?මට නම් ගොඩක් අඩුව දැනුනා ඈ.මධු අයියා ආවේ නැහැ සෙන්නා අයියා ආවේ නැහැ බොලා ආවේ නැහැ.දුක තමා :)

      Delete
  8. මම ඔය මල් වත්තට වත් ගිහින් නෑ බොලවු... ෂික්.. අපරාදේ...

    ReplyDelete
    Replies
    1. ඉතින් මහත්තයා එක්ක වෙලාවක යන්නකෝ :)

      Delete
    2. අයියෝ ක්‍රිකට් තරගේ හතරේ සිමාවට දාල තිබුණේ මල් වත්තේ මල් කඩන කපල් නේ.හිරුවෝ එතනනම් යන්නම වටින තැනක්.තනියම නොවේ.

      Delete
    3. හිරුවා යයි නලින් අයියේ අපි කියන්න ඕන නැහැ.මහත්තයාව ඇදගෙන යයි දැන් ඉතින්.

      Delete

  9. උබට හෙන ගහන්න මම කතා කරා කියල මගේ නම දාල නැහැ , :/ , අඩෝ..

    ReplyDelete
    Replies
    1. උඹ මා එක්ක කතා කරාද බන්? :D

      Delete
    2. වලියක් වලියක්..!!

      Delete

    3. නෑ තොයි මමයි කතා කොරේ නෑ , :P

      Delete
    4. නොහික්මුණු මලේ මට ඔයාව මතක නෑනේ....මේ සාදිරිස කියන්නේ කාටද එතකොට

      Delete
    5. ඇයි නලින් අය්යේ , නොහික්මුණු ඇය, අපිත් එක්ක හිටියේ සැමාගේ කාර් එක ලග ඉන්න වෙලාවේ ...

      Delete
    6. නොහික්මුණූ ඇය, මෙන්න ඔයා කාර් එක ගාව හිටියා කියන්න තවත් සාක්ෂියක්... :P

      Delete
  10. එන්ට උත්සාහයක් තිබුනා ඒත් ඉරිදා මට පංතියක් තිබුනා නොවැ.ගම්පහට කිට්ටුව ඉඳලත් එන්න බැරිවුනු එකට දුකයි.ඊලඟ ගේට්ටුවෙන් හමුවෙමුකෝ.

    ReplyDelete
    Replies
    1. ඊළඟ ගෙට්ටුවේදී අනිවා ට්‍රයි එකක් දෙන්න.

      Delete
  11. අපිත් ආසයි මේ වගේ ෆන්ෂන් එකකට එන්න.

    ReplyDelete
    Replies
    1. ඇයි ඉතින් ආවේ නැත්තේ? හැමෝටම විවෘත ආරාධනාවක් කරානේ සංවිධායකවරු?.ඊළඟ එකේදී එහෙනම් සෙට් වෙමු.

      Delete
    2. ඉතින් බන් මම කොරන්නේ මෙව්වා කියෝලා ඉදලා හිටලා කොමෙන්ටුවක් කොටන එක නොවෑ...එකක් අටවගන්න බැලුවා..තවම බැරි උනානේ.

      Delete
    3. ඉතින් කව්ද කිව්වේ අනිවා බ්ලොග් එකක් තියෙන්න ඕනි කියලා?.කොමන්ට් කරත් අවුලක් නැහැ එන්න එපැයි බොල.හරි අප්‍රේල් වල අනිවා සෙට් වෙනු එහෙනම්.

      Delete
  12. Adow sik. Mata umba mis une kohomei..

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් පොෂ් පොරක්.පල පල නිකමට කතා කරේ නැහැ හායි කියලා.

      Delete
  13. මොකද බං උඹල ඔක්කොම අර අහිංසක කෙල්ලෙක්වයි අටංවයි කන්න හදන්නෙ.

    කෝ ... උඹේ ළදරු මූන නැහැනේ මෙතන. ඒක බලන්න බුකියට දක්කන්නෙ නැතුව හොයන් දාපිය මෙතන.

    ReplyDelete
    Replies
    1. මඩ ගහන්න කියලත් දෙයක් තියෙන්න එපැයි :)

      ආපු නැති යට අපි එහෙම මූණවල් පෙන්වන්නේ නැහැ.ෆොටෝ වලින් මූණ දැකලා නොදකින් මූද මේ පඟර නැට්ටා කියලා හිතුනොත් එහෙම :D

      Delete
    2. ආපු නැති *යට

      අයට

      Delete
    3. ඒකනේ ඇ,බලන්නකෝ මෙයාලා ඔක්කෝම සාමූහික වෙලා මඩ ගහනවා....

      Delete
    4. ගනං ගන්න එපා ශම්මි, කොලර් එක පොඩ්ඩක් උස්සගෙන ඉන්න. ඔයා මේ දවස්වල හෙන ෆේමස්නේ, ආ .....

      Delete
    5. හික්ස්... ඒනම් හලී.... :D

      Delete
  14. මටත් ඔය හදුනාගැනීමෙ පෙරට්ටුව මිස් උනානේ

    ReplyDelete
    Replies
    1. අඩේ මට ලොකු ජෝන් අයියා ගැන ලියන්න අමතක වුනා සොරි ඈ

      Delete
    2. ඒක වඩා හොඳයි මලයො ඒ කියන්නෙ අපි ගැන මඩ නෑ කියන එකනේ හික් හික්

      Delete
  15. මොඅකක්ද බන් මේකේ තේරුම. උඹ විහින් සෙකන්ඩ් වෙන්න්ස්. කවුරුත් ඔහොම වෙන්න ඕන නෑ. බොන්නෙ නැති උන් බොන උන් ග්.අන ඔහොම තයි හිතන්නේ. මට මහකයි දේවා ගාල්ලේ ගෙට්ටුවෙන් පස්සේ මටත් දෝස් මුරයක් දැම්මා ඒත් මම කව්ද කියලා මාළු පැටියා කියයි. (තව එකෙක් හිටියා උගේ නම මතක නෑ.. ඩෝප් නේ). කවදාවත් සෙකන්ඩ් වෙන්න එපා. පොරක් විලසින් සිටපන්.. මම නම් පොඩි කාලෙත් එහෙමයි...

    ReplyDelete
    Replies
    1. බොන වෙලේ නෙවේ බොන වෙලේ මම එතන හිටියා කට්ටියගේ කතා ටික අහන්න මඩක් ලියන්න.ඒත් නොබීපු උන් තමයි එතන පොෂ් වුනේ :D

      Delete
    2. මාතලං බීපු එවුන් මූව බදාගන හිටියේ ආදරේට පොඩි පැංචෙක් වගේනේ මෙයා.ඒත් සුපිරි වැඩ්ඩා.

      Delete
    3. :) ඔන්න ඔන්න චාටර් කරනවනේ

      Delete
    4. හෙහ් හෙහ් ... මූව බදාගෙන හිටියා කිව්වා. හෆොයි !

      Delete
    5. අඩෝ . . . කවුරුහරි එතන පොශ් ලයින් එකක් දැම්මද බොන වෙලාවෙදි ??? කියන්න එපැයි කනට කරල . . .

      Delete
  16. අයියෝ ඊලග ගේට්ටුවට වත් එනවා අෆ්ෆා...........
    අෆරාදේ...........

    ReplyDelete
    Replies
    1. ආවේ නැති අය ඔහොම තමයි කියන්නේ.අනිවා ඊළඟ එකට එන්න.

      Delete
  17. යකෝ මගෙ අතට කැච් ආවෙ නැහැනේ බොල අල්ලන්න. බොලා අතට ආපු 3ක්මද මන්දා අතැරිය නේද :)

    අටමා මටත් දුන්නේ ඔය ආතල් එකමය.

    මම ගෙදර ඇවිල්ලත් කෝල් කලා. ඊට පස්සෙ මූ කෝල් කලාම මම ආන්සර් කලේ නැහැ නින්ද ගිය නිසා. මූ කියනවලු චමියට “අඩෝ සෑමා වාහනේ හප්පගෙනද දන්නෙ නැහැ, කතා කරන්නෙ නැහැ කියලා..“ මට ඒ මදිවට මූ හිස් මැසේජ් එවලා 3,4ක්ම :))

    ReplyDelete
    Replies
    1. මන් දැක්කා එක කැච් එකක් සෑමා අතින් මිස් වෙනවා :)
      මම දෙකයි අත් හැරියේ.

      අටමට ඊයේ වෙච්චි එකක්වත් මතක නැහැල්ලු අද :)

      Delete
    2. ලේසිම දෙක තමා අත ඇරියේ. ඒක දැකල තමා අටමයි මායි චමියයි මැච් බැලිල්ල පැත්තක තියල යන්න ගියේ.

      Delete
    3. හුටා ලණුවක් අරගෙන බෙල්ලේ වැල දාගන්න හිතෙනවා මේවා දැක්කම :D

      Delete
    4. හෆ්ෆා!!!!!!!! පජාතයි බොල :)

      Delete
    5. සෑමා හැප්පිලා කියලා තව ටිකෙන් අටමා සෑමාගේ ගෙදර යනවා, හිස් මැසේජ් එවන්න ඇත්තේ හරියටම මැරිලද කියල ෂුවර් කරගන්න වෙන්න ඕනේ...හික්

      Delete
  18. මොකක්දබං මගේ වෙන පින්තූරයක් තිබ්බෙ නැද්ද උඹ ගාව..:)

    උඹත් අහිංසක කොල්ලෙක් බං..අර පොෂ් කතාවනම් ඇත්ත.

    මං හිතුව උඹ මාව අමතක කලා කියල . අපි එකටනෙ හිටියෙ.මොකද උඹව දන්නෙ නැත්තෙ..ගොඩක් අය උඹේ බ්ලොගට එනවනෙ. ගනන් ගන්න එපා සමහරු ගනන් නොගත්තට මටත් එහෙම උනා.

    නැ‍ටුන් තෙල් ගත්තෙ නැතිවට මමත් ඒතැන හිටියා හොඳේ.

    ReplyDelete
    Replies
    1. වෙන ෆොටෝ ගන්න කොයින්ද මට කැමරා?ඕකත් ගත්තේ ෆෝන් එකෙන් :)

      මට එහෙම අමතක වෙනවද අපේ සෙට් එකේ අයව?පොෂ් කතාව කියවලා සමහරු පස්සේ අපිට දොස් තියයි.ඔව් නැටුන් තෙල් නොගත්තට අපි එකටනේ එතන හිටියේ.

      Delete
  19. මං නං මෙතැනට එනකං කිසිම කෙනෙක්ව රුපෙන් දැකල තිබුණේ නැ.එතැනදිම තමා අදුන ගත්තේ.ඉතින් කොහොමෙයි අදුනන්නේ බොහෝ දෙනෙක් ඉන්නේ ෆේක් නේ.නියම නමින් හිටිය අයව නම් අදුනගත්තා දුටු සැනින්.ඒත් ඔයාව නං අදුනගත්තා කවුරු හෝ පෙන්නපු නිසා. ඉතින් මලේ ජයම වේවා.

    ReplyDelete
    Replies
    1. අනිවා අපි කතා කරානේ.ඒකනේ මම නලින් අයියා ගැන පෝස්ට් එකේ ලිව්වේ කොල්ලා වගේ කියලා.

      Delete
  20. මට නිශාන් විශේෂයි මගේ බ්ලොග් එකට කෙටිම කෙටි ලොල් කතා බලන්න ඇවිත් දිගටම කමෙන්ට් කරපු කෙනෙක් විදියට. ලියන දේ වලින් ගොඩාක් ලොකු පෞර්ෂයක් ගොඩ නගාගෙන හිටි නිසයි මම කිව්වේ හිතුවට වඩා පොඩියි කියලා. හැබැයි පොඩි වුනාට අමරදේව මාස්ටර් බලන්න. තව ඕන තරම් උදාහරණ තියෙනවා. මිනිහෙක් මනින්න මට නම් මිම්මක් නෑ.

    අපරාදේ කට්ටිය කලින් ගියේ, අටමා අපිට හැම කදයකම තියෙන ජාති අරන් දෙන්න හැදුවා. ඒත් අපි කන්න කැමති වුනේ වයින් බිස්කට් විතරයි. ඌට මදි වෙලා මාවත් කෑවා :)

    ReplyDelete
    Replies
    1. //හැබැයි පොඩි වුනාට අමරදේව මාස්ටර් බලන්න//

      අනිවා

      ජැකි චෑන් , සචින් ටෙන්ඩුල්කාර්, ටොම් කෘස් ඔක්කොම ඇඟ නැති වුනාට වැඩ කාරයෝ තමා

      Delete
    2. /*ඌට මදි වෙලා මාවත් කෑවා :)*/ :D

      Delete
  21. එහෙනම් ඒ තමයි මඩිස්ස.....!!! යාන්තම් කැච් දෙකෙන් අනන්‍යතාවය තහවරු කරගත්තා.

    ReplyDelete
  22. අයියලගෙ කෙරුවාව දන්න හින්දම තමා අම්ම යන්න දුන් නැත්තෙ. ඊලඟ පාර එනවමයි. සුවර්

    ReplyDelete
  23. අරක ජංගම තැබෑරුමක්ද?

    ReplyDelete
  24. නියමයි බං.. හැබැයි එකක් ඔය කීබෝඩ් වීරයෝ කව්රුත් බොරු කාඩ්බෝඩ් වීරයෝ. ගනන් ගන්න එපා.. හෙහ්.. අටමට නෙමෙයි ආ.. ඌ තමා සුවර් එකටම උඹට කෝල් දෙන්න ඇත්තේ.. ජය ලබන පාරවත් හමුවෙමු

    ReplyDelete
  25. පට්ට ආතල් දවස නේ බං :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  26. හික් මරු ආතල් ඈ , මම අටමගේ භාරකාරයා සහ රියදුරු වශයෙන් හිටිය නිසා අටමා තාමත් යහතින් සිටි ,

    //මචන් මම චමියා එක්ක ආවා.ඌට වැඩිද මන්දා බන් බයික් එකත් හප්පගන්න ගියා.අපි දැන් ආයේ බොනවා බන්.//

    මේකා මෙහෙම කිව්වා නේන්නම් මමත් අහගෙන හිටියේ , මේ තකොට අටම් පාරේ එනගමන් හම්බෙන ගෑල්ලම්යින්ට කෑ ගහපුවා කිව්වේ නැහැ නේද .... හික්..හික්..

    ReplyDelete
  27. අඩේ කට්ටියම පට්ට ආතල් එකක් අරගෙන තියෙන්නේ.
    ඊලඟ සැරේ නම් අනිවාර්යෙන්ම එන්න ඕන !
    ඒක නෙමේ මල්ලි, නිසුපා අක්කා එහෙම ආවේ නැද්ද ?

    ReplyDelete
  28. උබව මතක නෑනේ බන් :S

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ මැච් එකේ නාඩියා එක්ක තරගෙට කැච් ටික මිස් කරේ බන් , :D

      Delete
  29. මදෑ උඹව මුණ ගැහෙන්නං කියල හිටියා.. :/

    ReplyDelete
  30. අප්‍රේල් වෙද්දි ලොකු වෙලා වරෙන්... :D

    ReplyDelete
    Replies
    1. උඹ හරි ලොකුයිනේ

      Delete
  31. මුලින්ම කියන්න ඕන....
    //ඒ තමයි මම මඩිස්සලේ නිශාන් කිව්වමත් කව්රුත් මාව දන්නේ නැති වීම :D තවත් සමහරු මඩිස්ස කියන එකක් අහලත් නැහැ.//
    පල පල බොරු නොකියා....
    එක පෝස්ට් එකට කොමෙන්ට් එකසිය තිහ පන්නල වැටෙනකොට ඒකෙන් පණහක් හැටක් වත් උඹව අඳුනන්න එපෑ... පටංගන්නකොටම ඇරියා පචයක්....

    දෙවනි කෙබරය..
    //මල් වත්ත කිව්වට එකේ මල් නැත්තේය.ඇත්තේ විශාල රබර් ගස් හා කපල්ස්ය//
    කපල්ස් ඉන්නවනම් මල් නැතිවෙන්න බෑනෙ බං... උං කඩන්නෙ මොනවද?

    ReplyDelete
  32. සැක් එන්න බැරිවීමේ ඊරිසියාව කන් දේකෙන් බේරෙනවා මගේ :(

    ReplyDelete
  33. ෂුවර් එකටම අටමා තමයි කෝල් කරන්න ඇත්තේ. අනේ මලේ අගෝස්තු විතර ගේට්ටුවක් දාපල්ලකෝ.

    ReplyDelete
  34. ඊගාව එකටවත් එන්න ට්‍රයි එකක් දෙන්නෝන.
    යකෝ මේකෙ කියල තියෙන විදියට අපි ආවත් කවුරුවත් අඳුනන්නෙ, කතාකරන්නෙ නැතිවෙයිද?

    ReplyDelete
    Replies
    1. මුන්ගෙ බොරු ප්‍රසා මම මල්වත්තෙ ගේට්ටුව ගාවදීම හොදට කතා කරල යැවුවේ.

      Delete
  35. මචන් මන් ගොඩක් පාර දැක්ක දෙයක් උබලා හම්බුනාට
    එකිනෙකා අඳුනන් නැහැනේ ..අඩුම තරමේ කොල්ලෝ ටික
    වත් ..හැබැයි විස්තර දකිද්දී නම් හරි ආසයි ..
    මචන් උබ මොබිටෙල් චැට් එකේ හිටියද ? මන් දැන් දැක්කේ
    උබ මගේ ඒ ප්‍රොෆයිල් එකේ ඉන්නවා....

    ReplyDelete
  36. ගෙට්ටුවේදී හමුවීම සතුටක් නිෂාන්... මා හිතන විදියට එතැන පොෂ් ලයින් තිබ්බෙ නෑ...හැමෝම බොහොම සුහදව එකිනෙකා හදුනාගෙන කථා කලා...තමන්ට තව කෙනෙක් හදුනාගන්නට අවශ්‍ය නම් තමාම ඒ අය කරා ගිහිල්ලා කථා කරන්න ඕනෙ ඒ අය තමන් සොයා එනතුරු ඉන්නෙ නැතුව...මම බොහෝ දෙනාට කතා කලේ ඒ අය ලගට ගිහින්...ඊළග වාරෙ භය නැතුව අදුනන්නෙ නැති අය ලගට ගිහින් කථා බහ කරලා අදුනගනින්...එතකොට වැටහේවි මේ කවුරුත් බොහොම සොදුරු මිනිසුන් බව.. සෑමාට තියෙන්නෙ ඇල්ටො එකක් මරුටියක් නෙමෙයි...

    ReplyDelete
    Replies
    1. ඇල්ටො කියන්නෙ මරුටි සමාගමේ නෙවෙයිද ?

      Delete
    2. මෙතන කථාවෙලා තියෙන්නෙ සමාගම ගැන නොව වාහනයේ මාදිලිය පිළිබද බව නොතේරුනිද ?

      Delete
    3. දයාබර සිරා පුත, මා දන්නා තරමින් මරුටිය කියා වාහනයක් නැත . ජපනාගේ සුසුකියට ඉන්දියන් කාරයාගේ මරුති කැල්ල එකතු වී මරුති-සුසුකි නම් වූ සමාගමක් බිහිව ඇත . එම නිසා ඔවුනගේ සෑම නිශ්පාදනයකටම ඇවැසි නම් මරුතිය කියා ආමන්ත්‍රණය කිරීමේ වරදක් මා හට නොපෙනේ .එනිසා ඇල්ටෝවද මරුටියක් කීමේ වරදක් නැත . කෝප වන්නට කාරි නැත . පැහැදිලි කලා පමණය .

      Delete
    4. ඔබ මරුටිය කියන්නේ මරුටි 800 කාරයට කියා හැඟී යයි . ඒකත් මරුටිය , මේකත් මරුටිය . මහින්ද මාමා නිසා කොයි ජාතියේ මරුටියක් වුනත් ගන්නට අමාරුය . ලැම්බෝගිනියක් ගත්තා නම් අහවරය

      Delete
    5. කොයි දේ කථා කලත් දේශපාලනයෙන් අහවර කිරීමේ සිගිති ආතල් එකක් ඔබට තියෙනවා නේද හැබෑවටම...සුසුකි මරුති සහ සුසුකි ඇල්ටො යනුවෙන් මාදිලි දෙකකි. විශ්වාස කරන්නට අපහසු නම් ලංකවේ ඒජන්ත වරු වන AMW වෙත පියනගා බලන්න..ඔබ කියන විදියට මරුති සහ ඇල්ටො යනු එකම වාහනයක් නම් ඇල්ටො රථයක් වෙනුවෙන් වැඩි මුදලක් ගෙවනා පාරිභෝගිකයා පිස්සෙක් හෝ උන්මත්තකයෙකු විය යුතුය.

      Delete
    6. http://www.marutisuzuki.com/car-models.aspx

      හාස්‍යය තේරුම් ගැනීමට නොහැකි වීම ඔබේ ප්‍රශ්නයක් මිස මගේ ප්‍රශ්නයක් නොවේ . උන්මතකයන් වන්නේ පාරිභෝගිකයින් නොව වාහන නිශ්පාදන සමාගමක් සහ වාහන මාදිලියක් එකිනෙක පටලවා ගන්න ඔබයි . මරුටි සහ සුසුකි යනු සමාගම් බවත් මරුටි800 සහ මරුටි සූසුකි ඇල්ටෝ යනු මාදිලි බවත් වෙන්කර හඳුනාගැනීමේ සාමාන්‍ය බුද්ධිය ඔබසතු නොවීම පිලිබඳ කණගාටුය .මරුටි යනු සමාගම් නාමය පමණක් වන නිසා මරුටි 800ට මෙන්ම මරුටි ඇල්ටෝවටද මරුටිය ලෙස ආමන්ත්‍රණය කිරීමේ වරදක් නැතය යන සරල තර්කය ඔබට තේරුම් ගත නොහැක , ඉහත ලින්කුවේ අදාල සමාගමේ නිශ්පාදන සියල්ල අන්තර්ගතය

      "මරුටි "| "Maruti" යනුවෙන් නම් කල (මාදිලියේ නම් මරුටි යන්නට සීමා වන ) වාහන මාදිලියක් ඇත්නම් ඔප්පු කර පෙන්වන්න . මේ සියලුම කමෙන්ට් ඉල්ලා අස්කරගනිමි . මේ ගැන කියන්නට ඇත්තේ එපමණයි

      Delete
    7. http://www.maruti800.com/

      http://www.marutisuzukialto800.com/

      මේ ඔබ පවසා සිටින මොඩලයන් දෙක විය යුතුය (තවත් ඇල්ටෝ මොඩලයක්ද ඇත ) . දෙකම මරුටි -සුසුකි සමාගමේ නිශ්පාදනයන් වේ

      Delete
    8. මෙතරම් මහන්සි වී ලින්ක් සොයමින් වෙහෙසිය යුතු නැත. පිළිතුර බොහොම සරළය...සිරිලංකා ජනසමාජයේ මේ මාදිලි දෙක හදුන්වන්නේ මරුටි සහ ඇල්ටො යනුවෙනි. අනෙක් තැන් වල ඒවා හදුන්වා ඇති ආකාරය මෙතැනට අදාළ නැත. අදාළ පරිසරයට අනුව සෑමාට ඇත්තේ මරුටියක් නොව ඇල්ටො එකකි. එහි ජාතකේ සෙවීමෙන් පලක් නැත.

      Delete
    9. දේශපාලනය හා ජාතිවාදය ගැටේ! ඉතාම ලොල් සහගතයි ...


      මේ ළමයි දෙන්න වහාම මගේ කාර්යාලට හෙට උදේ 9 වෙද්දී
      තාත්තල එක්ක ඇවිත් ඉන්නවා හොඳයි ...

      Delete
    10. ජන සමාජයේ හැඳින්වීම් සියල්ලම නිවැරදි නොවේ , බවුන්ඩේසම , කිරිමේල් කියා යෙදුම්ද ජන වහරේ ඇත නමුත් ඒවා නිවැරදි භාවිතාවන් නොවේ . සෑමාගේ කාරයට මොක කීවත් කිසිදු ගැටලුවක් මාහට නැත , නමුත් මරුටියක් නොව ඇල්ටෝවක් යන්න අතාර්කිකය යන්න පෙන්වා දීම මාගේ අරමුණයි . එය සිරියස් ගත්තාට මට කරන්නට දෙයක් නැත . අන්තර්ජාලයේ ලින්ක් සෙවීම මට නම් "මහන්සිය විය " යුතු දෙයක් නොවේ . යමක් පිලිබඳ නිවැරදි තොරතුරු සෙවීමට ඇති පහසු මාර්ගය අන්තර්ජාලයයි . ඔබ යෝජනා කල පරිදි වාහන විකුණන සමාගමට විසිට් එකක් දානවාට වඩා ඒක පහසුය

      ඇනෝ - සර්ගේ ඔෆිස් එක තියෙන්නෙ කොහෙද ?

      Delete
    11. මේ දවස් වල තියෙන්නේ කකාගේ බිල්ඩිමේ එකේ නම් තමයි .ඒ උනාට අපි ඉක්මනට මූව් වෙන්න ඉන්නේ.මාතලන්ගේ බිල්ඩිමත් හොඳයි ...

      Delete
    12. ඇල්ටෝ එකක් ගිය දුර මන් හිතුවේ සෑමාගේ කාර් එක මරුටියක් කියලා.ඒත් ඒක ඇල්ටෝ එකක් නම් ගණන් ගන්න එපා.මම හිතන් හිටියෙත් මරුටියේ අලුත් වර්ෂන් එක ඇල්ටෝ කියලා.දැන් මරුටි එන්නේ නැහැනේ.ඔය මොකක් වුනත් දැන් ඒකෙන් වැඩක් නැහැ ඒක සුළු දෙයක්.

      පලවෙනි ඇනෝ නම් කකාගේ බිල්ඩිමෙන් කියලා මටත් හිතෙනවා :)

      Delete
    13. නිශාන් - ඇනෝ අය්යෙක් සිංග්ලිශ් කමෙටුවක් දාලා තිබුනා මෙතන නෙවෙයිද ? ,උඹේ අර්ථදැකීමට අනුව සිරාගේ කථාව හරි , මොකද උඹල ඔක්කොම මරුටිය කියන්නේ මරුටි 800 කාරෙකට , අනික්වට මොඩල් එකේ නම .

      Delete
    14. බුවා මේක මිනිස්සු නම් භාවිතා කරන ආකාරය පිලිබද ගැටළුවක්. මෙතන සිරා වරද්දලා නැහැ.

      මොකද අපි සාමාන්‍ය භාවිතය, ඇල්ටෝ කියන්නේ පවර් ස්ටීරින් සහිත මගෙ ජාතියෙ එකට සහ මරුටි කියන්නේ පවර් ස්ටීරින් නැති කුඩා වාහනයක් ලෙසට.

      ඒනිසා බුවාගේ // ඇල්ටෝවටද මරුටිය ලෙස ආමන්ත්‍රණය කිරීමේ වරදක් නැතය // වචනය ලංකා සමාජයේදි වැරදි වන්නේය. ඒ ජනතාව වාහනයට භාවිත කරන්නේ ඒ නම නිසාය. එය සිරා //සිරිලංකා ජනසමාජයේ මේ මාදිලි දෙක හදුන්වන්නේ මරුටි සහ ඇල්ටො යනුවෙනි.// ලෙස පැහැදිලි කර ඇත්තේය.

      බුවා දමා ඇති ලින්ක් දෙකේ වෙන වෙනම ඇල්ටෝ සහ මරුටි ලෙස ලංකාවේ භාවිත වන නම් දෙකට උදාහරනයන්ය.

      සාමාන්‍ය සිරිලාංකීය භාවිතයේදී එදා මදාරා ආවේ මරුටියක සහ සෑමා ආවේ ඇටෝ එකකය. !

      Delete
    15. @සෑම් - ලාංකීය ව්‍යාවහාරය මොක වුනත් නිවැරදි දේ මම කථා කලේ ,ලංකාවේ මිනිස්සු අතර තියන වැරදි ව්‍යවාහාර බ්ලොග් සමාජයේ , අන්තර්ජාල සාක්ෂරතාවත් තියන උඹලත් ඇදගෙන යනවා මගේ මොකෝ

      Delete
    16. @බුවා
      යා මෙතන එහෙම කොමන්ට් එකක් තිබ්බා බන් එත් මගේ ප්‍රතිපත්තියක් වශයෙන් මගේ බ්ලොගය තුල කෙනෙකුට අපහාස කරන්න දෙන්නේ නැති නිසා මම ඒක මැකුවා.දැන් ඔය කාර් සීන් එක ඇති අෆ්ෆා.ඕක මේ පෝස්ට් එකටවත් කිසි සම්බන්ධයක් නැහැනේ.

      Delete
    17. නිෂාන් අර නාගසේන වස්තුව කියවල තියනව නේද?
      දෙන්නෙක් වාද කරනකොට මල්ලියේ අහක ඉන්න අපි අම්බානක දේවල් ඉගෙන ගන්නව
      මගේ හිතවතෙක් පොඩි වාහනයක් සොයනව මිලදී ගන්න
      උන්නැහැ සොයන්නේ 'මරුටියක්' හරි 'ඇල්ටො' එකක් හරි (LOL!!!!!!!!!!!)
      අනේ බංස්ලා මම මෙලෝ දෙයක් නොදනිමි - සිරාට පිංසිද්ද වෙන්න අම්බානක දේවල් දැනගත්ත
      සෑම් මල්ලියේ අනේ මචෝ මේලක් දාපං පහල ඇඩ්‍රස් එකට උඹේ වාහනෙයේ ගුණ පණ දැනගන්න ඕනේ - විහිලුවට නෙමේ සිරාවට ඈ!
      tissa1969@yahoo.com

      Delete
    18. වැදගත් නැති දෙයක් ඔය තරම් සීරියස් ගන්න එපා බුවා...වාහනේ අයිතිකාරයා කියනවානම් ඒක ඇල්ටො එකක් කියලා තවත් කියන්න දෙයක් නෑනෙ....

      Delete
  37. හැක් හැක් හැක්...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  38. අර මඩිස්සලේ පටන් ගන්නේ මයන්නෙන්ද කියල අහපු එකාව සිංහල භාෂා ඇමති කරන්න වටිනවා

    ReplyDelete
    Replies
    1. සික් බුවා ආවේ නැහැනේ.තව කීදෙනෙක් මිස් වුනාද අප්‍රේල් වලවත් එන්න බලන්න.

      Delete
  39. කට්ටිය සෙට් වෙලා හොඳ සුපිරි ෆන් එකක් අරන් කියලා ෆොටෝ වලින් දැක්කා . . .

    ගොඩක් සතුටු හිතුනා බ්ලොග් ලියන අය එකමුතුව ඉන්නවා දැක්කාම.

    අපි ඉතිං රටින් පිටනේ . . ගිය දැසැරේම අවුරුදු උස්සවේට නම් ඉන්න ඇහැක් උනා . . මෙදා සැරේ සුවර්න් නෑ . .

    ReplyDelete
    Replies
    1. රටින් පිට ඉදන් ඔයගොල්ලො කරන සේවයත් එතනදී දැනගත්තා.නියම දවසක් තමයි ජීවිතේ පලවෙනි වතාවට අරක්කු වාෂ්ප වෙනව දැක්ක.

      Delete
  40. ඔය වගේ තැනකදී කාටහරි සෙට් වෙලා කතා කරන්න ඕනේ. බ්ලොග් නොලියන අපි ගියේ එකෙක්වත් දනගෙනද ?උඹව නමින් දන්න කීදෙනෙක් ඉන්න ඇද්ද .

    ReplyDelete
  41. Oya sira kiyanna wage etana ekekwat porawal wela hitiye ne bn. Uba ubawama 2 koleta daganne netuwa april ekatath waren. Jaya. !

    ReplyDelete
  42. අඩො මාව දෑක්කේ නැද්ද ඈ...සික්

    ReplyDelete
  43. නියමයි.... නියමයි....

    ReplyDelete
  44. This comment has been removed by the author.

    ReplyDelete
  45. දුකෙන් උනත් කියන්නේ ඊළග ගෙට්ටුවටත් එන්න වෙන්නේ නෑ කියලා...
    මම තාම පොඩිහිටියෙක්නේ..

    ඒත් එන්න ආසයි...

    ReplyDelete
  46. ඉරිසියාවයි :(

    ReplyDelete
  47. ෂහ් වැඩේ නැගල ගිහිල්ල නෙව!
    බොහොම සතුටුයි!

    ReplyDelete
  48. //අනිත් උන් කතා කරේ පොෂ් අය එක්ක විතරද කොහෙද.//

    පව් අප්පා...:D:D:D

    ReplyDelete
  49. අඩෝ ඉරිස්යාව කැබරේ දානවා ඔයි .. අවුලක් නැහැ.. ඊලග එකට අනිවා එනවා

    ReplyDelete
  50. නියමයි .. හොඳට ලියලා තියනවා ...
    ඔය කෙළියම මටත් වුනා බං .. තුන්වෙනි ගෙට්ටුවෙ දි ... [ කවුරුත් මට කතා කෙරුවෙ නෑ ... උඹට නම් මෙතන අඩුගානෙ කෙල්ලෙක් හරි කතා කළා ]

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!