Wednesday, January 30, 2013

111 ගම්පහ ගෙට්ටුවේ අදෘර්ශමාන බලවේගයේ එළිදරව්ව!

27වෙනිදායින් උදා වූ ඉරු දින ඉතාමත් ප්‍රීතිජනක ඉරිදාවක් වුනේ ලංකාවාසී සියලු බ්ලොග් කරුවන් ගම්පහදී රැස්වීම නිසාවෙනි.එදින පැමිණි හෝ එදින සිදු වූ දේවල් ගැන කියවූ සෑම කෙනෙක්ටම එය සදාකාලිකව මතකයේ රැඳී දිනකි.එසේ ඉතිහාසයට එක්වෙද්දී (බ්ලොග් ලෝකයේ) එදින සෑම කෙනෙක්ටම මතකයේ රඳවන සිදුවීමක් මා නිසා සිදුවුනි හා එදින ගැන විස්තර ලිවූ සෑම බ්ලොග් එකකම මා ගැනද සඳහන් වුනි.


දුකකින් උවද කීමට සිදුවන්නේ එම සිදුවීම සිදු වූයේ උඩ පන්දුවක් අල්ලා ගැනීමට ගොස් එය අත හැරීමයි.එදින තව කිහිප දෙනෙකුන් උඩ පන්දු රැක නොගත්තද අමරණීය වූයේ මගේ උඩ පන්දු රැකිල්ලයි.සිද්දිය සිදු වී දවස් දෙකක් ගත වුවද සිදු වූ දේ ගැන හිතාගන්නට බැරිව සිටින විට අහම්බෙන් මෙන් නවීන තාක්ෂනය නිසා එම සිදු වීම කැමරා කාච ගත වී ඇත.එම ජායාරූපය පිටපත් කොට විශාල කර බැලීමෙන් එම පන්දුව රැක ගැනීමට නොහැකි වීම එළිදරව් වුනි.

එය මා මෙසේ එළිදරව් කරමි.
පහත සඳහන් ජායාරූපය හොඳින් නීරීක්ෂණය කර බලනු මැනවි!එවිට යම් ගුප්ත වලාකුලක් වැනි දෙයක් මගේ හිස උඩ රැඳී ඇති බව ඔබට පෙනේවි.






























මෙම ජායාරූපවලින් පෙනෙන විදියට යම් ගුප්ත බලවේගයකට මාව අපහසුතාවයකට හෝ අවමානයට පාත්‍ර කිරීමට අවශ්‍ය වී ඇති බව පෙනේ.කෙසේ නමුත් එම සිදු වීම නිසා මා කිසි කලක අමතක නොවනු ඇත කාටවත්.ගම්පහ ගෙට්ටුව යැයි සඳහන් කිරීමත් සමග මාද සිහියට නැගෙනු ඇත!.
_____________________________________________________________________________
මේ එක්කම මඩ ටිකකුත් දාන්නද අවසාන වතාවට?
ගෙට්ටුව ඉවර වෙලා රෑ ගෙදර ආවට පස්සේ කෝල් එකක් එනවා අටමගෙන්.

අටමා:මේ උඹ ගෙදර ආවද?

මම:ආ ඔව් ඔව් ඔයාල පරිස්සමින් ගියානේ? දැන් ගෙදරද?

අටමා:ඔව් බන් චමියට වැඩියි බන් බයික් එකත් හප්පගන්න ගියානේ එද්දී!

මම: නැහැ??

අටමා:ඔව් බන්

මම:එහෙනම් ඔකාව අද ගෙදර යවන්න එපා වැඩි නම්!

අටමා: පිස්සුද බන් අපි ආයේ බොනවා!

මම:හෑ එහෙමද? එහෙනම් අද ගෙදර තමා චමියව තියාගන්න වෙන්නේ?.

අටමා: පිස්සුද යකෝ ඔකාව අපේ ගෙදර තියාගන්න? බැහැ බන් ගෑණිත් ඉන්නවා.අනික මූ දැනටම මා ගැන එක එක ඒවා කියලා ලකුණු දාගත්තා දෙක තුනක් අපේ උන්දැගෙන්.
__________________________________________________________________________
ගෙට්ටුව වෙලේ රජාත් මාත් කතා කරමින් සිටින තැනට පැමිණි ලාවට රත් වී පදම් වුනු අටමා.

අටමා: මේ උඹලා හරි පොඩියිනේ බන්.බලපන්කො මේ රජාගේ කොට! දැන් ඉන්න උන් හරි පොඩියි තව ඉස්සරහට ඉපදෙන උන් තවත් පොඩි වෙයි.

රජා: අනිවා

අටමා:(මගෙන් අසයි) උඹට මතකද ඉස්සර මම පොඩි කාලේ උඹලගේ වයසේ කොච්චර චූටිද?.අපේ පන්තියෙන්ම පොඩි මම.රත්නේලාගේ උසම බලපන්කො ඒ කාලේ?

මම: අපිත් එහෙම තමා අයියේ.අපිත් ඔය වයසට එද්දී කාලා බීලා උස මහත් වෙලා එනවා ඉතින්!
නේද බන්?(රජා දෙස බලමින්) (රජා හිස වනයි)

අටමා:මේ තියෙන්නේ මේක තමා දැන් ඉතින් උඹලගේ ලොකු වෙන්නේ!(දකුණු අත දික් කර වම් අතෙන් වැලමිට හරිය අල්ලාගෙන පෙන්වයි.අප දෙස බලා සිටි ඇන්ටි කෙනෙක් අහක බලාගත්තා)
________________________________________________________________________________
ටිකට් කඩන තැන සමියා

මේ එග් වලට මුලට එන්නේ ඊ අකුරද?(කම්මලගෙන් අසයි)(ඊට කලිනුත් මගේ නම සෙවීමේදී මයන්නදැයි මඩිස්සලේ මුලට එන්නේ ඇහුවා)
________________________________________________________________________________
අන්තිමේදී කට්ටිය විසිර යාමේදී අටමා කොල්ලෝ බදන් ගුණ කියයි.

රජා බදන්:මේ උඹ ලියන ඒවාට මම හෙන කැමතියි බන් ඒවා කියවද්දි කොල්ලෝ ගහන්න හිතෙනවා.
(කට්ටිය ඈත් වුනි.රජා අටමාගේ ග්‍රහණයෙන් මිදෙන්නට වෙර දරයි)

දෙවෙනි බයිට මම:(මාව අල්ලන් දෙක තුනක් පහර දුනි.පසුව මාව අතින් අල්ලන්)
මූ ඉස්සර හරි පොඩි එකා.මම මුන්ගේ අම්මා එක්ක කතා කරද්දී ශාන් පුතේ කියලා මූණ ඇල්ලුවම මූ අම්මගේ සාරියේ කොන අල්ලාගෙන අම්මට මුවා වෙනවා.(මම ඕක අම්මට කිව්වම අම්මා නම් කිව්වේ පිස්සුද බන් ඉස්සර ඔය කොල්ලෝ මා එක්ක කතා කරන්නෙත් නැහැ හෙන ලැජ්ජයි.අනික මම ඉස්සර තියා දැනටත් සාරි ඇන්දා ඈ? ):P

පසුව සමියා අල්ලන්:මේ උඹව හරි පොඩියට බන් පේන්නේ O_o
_______________________________________________________________________________
සුදීක අයියා අඳුනගත්ත ගමන්

මම:ඉතින් අයියා කොහෙද?

සුදීක අයියා:මම රතනපුරේ මල්ලි

මම:ටිකක් දුරයි නෙහ් කාර් එකේද ආවේ?

සුදීක අයියා: බීලා කොහොමද බොල කාර් එකේ යන්නේ මම ආවේ කෝච්චියේ!
_______________________________________________________________________________
සුදීක අයියා කපල් පෙන්වමින්

මුන් නම් හරිම අසබ්‍යයි අනික දැන් මේ බදාගෙන ඉන්න කපල් එකක කෙල්ලෙක් මම හෙට පාරේ දැක්කොත් මට වුනත් අහන්න පුළුවන් මල් වත්තට යන්ද කියලා.

සමියා: ඔව් ඔව්

________________________________________________________________________________
මම තරියා බැටින් කරන වෙලේ තරියාට චියර් කළේය

කමෝන් තරියා හයක් ගහපන්

කව්ද මන්දා එකෙක් පැත්තක ඉඳන් කියනවා:
උඹ ෆීල්ඩ් කරන නිසා ඌට හයක් ගහන එක සිම්පල් බන්

!@#$%^&*





111 comments:

  1. අනේ බොල, ඉදලා ඉදලා වළාකුලක් හොයාගෙන මෙතන අදෘශමාන බලවේගයක්ලු, ඕක බොලාව අරගෙන යන්න කිබ්බේ,,

    හැ?? ඉකේයියා, අර සමියාව ආයේ මොන්ටිසෝරි යවන්න ඕනේ... :P

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමා බොල එහෙ හොල්මන් ඉන්නවද කොහෙද
      සමියා හෙන ලොල් නෙහ්?

      Delete
  2. උඩපන්දුව ගිලිහි යාමට එකම හේතුව නිෂානයාට ඉදිරියෙන් අර්ධ රමණයේ යෙදෙන යුවළයි. මේකා සිටියේ ඇහැ එතන තබාගනය. අපි ඒක හොදින් නිරික්ෂණය කරමිනුයි සිටියේ.

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ, දැක්ක ගමන් මම බැලුවෙ මුගෙ අල්පදයන්න දිහා නෙවි, ඒක දිහා. කොලපාට ෂර්ට් එකක් වගේ ඇඳන් ඉන්නෙ ........ තරියා වත්ද. අඩෝ තරියා, කැතයි හොඳේ ...

      Delete
    2. මෙයාල වෙඩිමක් කතා කරනවා මම ඒ දෙන්නා දිහා නෙවේ අනිත් පැත්තේ හිටපු දෙන්නා දිහා බලන් හිටියේ :D

      Delete
    3. gps වලට අනූව නම් ඒ වෙලාවේ නලීන් අයිය හිටියෙ වලේ. ඉතින් කොහොමෙයි මෙහෙම කියන්නේ

      Delete
    4. නෑ නෑ දේශ් මලේ මුං උඩපන්දු අතඅරිනවා බලල තමා අපි ගියේ..

      Delete
  3. Replies
    1. හරි හරි අපි දන්නවා... හොඳට catch අල්ලන්න පුළුවන් කියලා... අනේ මගේ .. මොකක්ද එක.. අවුලක් නැහැ.. ඊළඟ පාරවත් බලමුකෝ.. මම තෙල් බෝතලයක් හරි මතුරලා අරගෙන එන්නන්කෝ :P

      Delete
    2. කව්ද යකෝ හූ කියන්නේ? :/
      සිරා ඩො මට හොඳට කැච් පුළුවන්(අතාරින්න)

      ඊළඟ පාර අනිවා වරෙන් ආ නැත්තම් ආයේ කතා කරන්නේ නැහැ උඹ එක්ක

      Delete
  4. මේකම මටත් වුනා..

    අටමා:මේ උඹ ගෙදර ආවද?

    මම:ආ ඔව් ඔව් ඔයාල පරිස්සමින් ගියානේ? දැන් ගෙදරද?

    අටමා: මචං අපි ආයේ බොනවා!

    මම ගෙදර ආවා කිව්වටත් පස්සෙ අටමා කෝල් කරලා. මම නිදි එවලේ. මූ චමියට වද දෙනවලු මම ෆෝන් ආන්සර් කරන්නෙ නැහැ සෑමා හැප්පිලාද කොහෙද කිය කිය. :)

    පස්සෙ බලනකොට ෆෝන් එකේ මුගෙන් එම්ටි මැසේජ් ගොඩායි.

    ** අටමා යනු හිත හොද එකෙක්ය.

    මේ පෝස්ට් එක ආතල් බං !

    ReplyDelete
    Replies
    1. මලා බොටත් මෙකමද වුනේ? :D
      සිරා අටමා හිත හොඳ වැඩියි.මට රැම් එකකුත් ගෙදට්ටම ගෙනල්ලා දුන්නා.

      Delete
    2. පොස්ට් එක දැනුයි දැක්කේ නිශානය , පොස්ට් එක එළ .

      මම හප්පන්න ගියේ නැහැ බං , මම වාහන අස්සෙන් වැඩ දාලා ගන්නකොට අටම් බයවෙලා මාව බදාගත්තා ඒකනම් ඇත්ත ..හික් , අටමිගෙන් ලකුණු ටිකක් දාගත්ත එකත් ඇත්ත අටම් ගැන කේලම් කියලා.... ,

      තව ටිකෙන් ටිකෙන් මාවත් ඇදගෙන සෑම් ලගේ ගෙදර යනවා සෑමා හැප්පිලා කියලා හිතාගෙන , හික් , අටම් හිත හොද එකා ,

      ගෙට්ටුව එළ , වැඩේ සාර්ථකයි ...

      Delete
    3. :) වටෙන් පිටෙන් ආරංචි චමියාටත් නට්ටන් වෙන්න වැදිලා කියලා.

      Delete
    4. නැතුව නැතුව...

      Delete
  5. අඩේ උබ මට චියර් කරාද බං..
    ඒක තමා ලෝක පූජිත මම ළකුණු දෙකකට දැවී ගියේ..
    නෙද්දකිං..

    ReplyDelete
    Replies
    1. පූජිතද ? අජූතද ?

      Delete
    2. උඹ ලකුණු දෙකක් ගැහුවද බන්? මට නම් මතක එකයිද කොහෙද පස්සේ අවුට් වුනා.

      Delete
  6. මගේ සහය ක්‍රීඩකයට හිටපු උඹ අතෑරපු කැච් දැක්කම මගෙ මොරාල් එක බැස්ස බං. ඒකයි අපිට බැට් කරද්දි පාඩුවට හිට්ටේ !

    ReplyDelete
    Replies
    1. මොරාල් අප් කරන්න මගේ බැටින් මදි වුනාද? :D
      ඇයි බොල මන් දිල්ස්කූප් එකකුත් ගැහුවේ? ලොල්

      Delete
  7. එ මෙක කොම්පීටර ජිල් මාට් එකක්ද කොහෙදො මුගෙ....ලැජ්ජාවෙන් බේරෙන්න.......

    ReplyDelete
    Replies
    1. විකාර බං බලපං පොල් ගෙඩියක් ගහන්න වගේ අත ගුලි කරන් ඉන්න කැත

      Delete
    2. උඹලා ඉතින් මාව නෝන්ඩි කරනවනේ.ඒ ෆොටෝ සීන් එක ඇත්තම ඇත්ත ඔරිජිනල් එකක්.

      Delete
    3. උබෙ හැකියාවන් අනුව මන් උබට දෙනවා ෆුට්බෝල් ගොල් කීපර් පොස්ට් එකක්

      Delete
    4. සාක්ෂි පෙන්වලත් මාව විශ්වාස නැහැනේ :(

      Delete
  8. තව ලැජ්ජ නැතුව 4ටොත් දානව, කවදා හැදෙයිද මුන්.

    අටමට මඩ ගහන එක හෙළදකිනව. බඩ නැත්නම් හොද එකා අටම.

    ReplyDelete
    Replies
    1. ලැජ්ජාවෙන් බේරෙන්න තමා බොල ෆොටෝ දැම්මේ
      අටමට බඩා කියන එක හෙන වැරදියි ඈ :D

      Delete
  9. අටම් තමයි දවසේ චරිතය වෙලා තියෙන්නේ බලන‌ෙකාට... හි හි...

    උඹ අර අත් දෙක හදාං ඉන්නේ ටෙනිස් බෝලයක් අල්ලන්නද, නෙට් බෝලයක් අල්ලන්නද.. අතෑරුන එක අහන්න දෙයක් යැ.. හි හි...

    ReplyDelete
    Replies
    1. ඒක නෙවෙයි.. මං හිතං හිටියට වඩා නිශාන් කෙට්ටුයි නේ....

      Delete
    2. අටමා සිරා පොර මොනා වුනත්
      අත් දෙක එහෙම වුනේ බෝලේ පැත්තකට ගිය නිසා.ෆොටෝ එක අවිශ්වාසද?

      දෙවෙනි කොමන්ට් එක විහිළුවටද? සිරාවටමද?

      Delete
  10. අඩේ ... ඒක මා....රයිනේ.

    අර යටින් තිබිච්ච ඔන්න මම දැක්කෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මාරයිද කියලත් අහනවා ඒක මාරම මාර සීන් එක අයියා :D
      යටින් තියෙන ඒවා ගැනමයි කතාව!ලොල්

      Delete
  11. පල යන්න ඉස්සරහට අරන් අල්ලන්න තිබ්බ කැච් එක ඔලුවට අරන් මෙතන බන කියනව...

    අටමා කිව්වෙ ...සාරිට මුවා වෙලාද...ගවුමට මුවාවෙලා උඹ හිටිය කියලද..මමත් හිටිය ඒක කියන කොට..!

    උඹට තරහ වෙන්න එපා කියල මුලින්ම පටන් ගත්තෙ.

    ReplyDelete
    Replies
    1. බන නෙවේ බොල :O
      මාව විශ්වාස නැහැනේ ඉතින් :(

      නැහැ නැහැ අටමා අන්තිමට ආයේ ඔය කතාව කිව්වා කට්ටියම යද්දී.

      Delete
    2. මේ පෝස්ට් එක තමා , ගෙට්ටුව ගැන ලියාපු අසත්‍යම ලිපිය. මම කියුවේ ගවුම කියලා.

      බලපියකො මම ආයේ තොපි යන පාරක එනවද කියලා

      Delete
    3. කියපු ඒවා මතක නෑද? :) ඇත්ත තිත්තයි සීනි පැණි රසයි කියලා කතාවකුත් තියෙනවනේ :D
      මගේ කැච් එක ගැන මුකුත් කියන්නේ නැද්ද?

      Delete
    4. අටං කිව්වේ ගවුම කියල මලේ ඔය කතාව වලේදිත් අටං අපිට කිව්වා සාක්ෂි චමියා.

      Delete
    5. දැන් බලනකොට ඇටම්ට නෙමේ නිශානයට තමයි වෙරි ... ඇත්ත කියපිය උබ අරක්කු මුඩියක්වත් පෑගුවද කියලා.... ඇටම් කිව්වේ උබ අම්මගේ වම අස්සට රිංගලා මුණ වහගන්නවා කියල බන් ,

      නිශා ට ඒ වෙලාවේ එහෙම ඇහුනේ නිශානය බයවෙලා හිටියේ අටම් රජාට කියපු අර " කොල්ලෝ " කථාවට .

      Delete
    6. * අම්මගේ ගවුම ,

      Delete
    7. ඒකවෙන්නත් පුලුවන් චමී.. නිශානයා සැන්ඩි කියල අරවැයින් ගැහැව්වාවත්ද...?

      Delete
    8. ගවුම කියලත් කිව්වා තමා ඒත් අන්තිමට කට්ටිය සමුදෙන්න හදන වෙලේ කිව්වේ සාරිය කියලා.දැන් මට රිටන් එක දෙන්න වගේ හදන්නේ කට්ටියම :)

      Delete
  12. මේ අර ෆොටෝවේ පේන හැටියටනම් ක්‍රිකට් නෙමෙයි ගහල තියෙන්නේ වොලී බෝල්..... අනේ අම්මපා ලැජ්ජ නැතුව ෆොටෝසුත් දාලා.... හික්....

    අටම් අයියා මරු ඈ...... :D

    ReplyDelete
    Replies
    1. දුකයි ඈ :(

      අටමා තමා අටමා

      Delete
  13. දැන් ඉතින් එහෙමවත් කියමු මලේ.. හික්ස් :)
    උබලා පට්ට ෆන් එකක් අරන් තියෙන්නේ. ආස්සාවේ බෑ.

    ReplyDelete
    Replies
    1. අපරාදේ එන්නනේ තිබ්බේ

      Delete
  14. මුලින්ම වළාකුල තිබුනේ මුගේ අතේ. බෝලේ වැදිච්ච පාරට තමයි ඒක වීසි වුනේ. මම හොඳට බලාගෙන හිටියේ සීන් එක. මු අර කපල් එක ගාවින් ඇහැ අහකට ගත්තේ නෑ.

    ReplyDelete
    Replies
    1. මඩ ගහපු නිසා රිටන් දෙන්න හදන්නේ ඔය :)

      Delete
    2. මඩ නොවේ ඇහැ තිබුණෙම අර බෝක්කව පැත්තේ...

      Delete
    3. බෝක්කු? හෆොයි....

      Delete
  15. උඹ එහෙනම් හොයා ගත්ත කැච් එක ගන්න බැරි වුනු හේතුව.. ඔය වගේ අද්දුස් සමාන බල වේග තියනවා මචං. අර ඒ වළාකුල වටේ රතුපාට රවුමකුත් තියන්නේ. උඩින් ආපු රතුපාට ඊ තලේ ඇඟේ වැදෙන්නේ නැතුව උඹ මාර බේරිල්ලක් නේ බේරිලා තියන්නේ. :p

    ReplyDelete
    Replies
    1. උඹලා ඉතින් වීලු කරනවනේ :/ :( :'(

      Delete
  16. ඔතන පැත්තක ඉන්න කපොල් එක තමයි මගේ නිගමනයට අනුව උඹේ දුර්වල පන්දු රැකීමට හේතුව...අටම් ගොයියා මටත් කථා කලා...පවු බොලං..අටම්ගෙ ෆෝන් එකට නිරපරාදෙ වියදම්..

    ReplyDelete
    Replies
    1. ඔතන හිටපු කපල් එක නෙවේ මගේ ඉස්සරහ හිටපු කපල් එක :)
      අටමට රීලෝඩ් එකක් දාලා දෙනවා මන් වෙලාවක.

      Delete
  17. ලෙදර්ම සෙල්ලම් කරලා ටෙනිස් බෝලෙට හුරු නැති හින්දා කැච් අතහැරුණයි කිව්වා...දැන් කියනවා අදෘෂ්‍යමාන බලවේගයක් නිසාලු.... ඇත්තම කිව්වනම් ඔයිට ලේසි නැද්ද...?

    ReplyDelete
    Replies
    1. ඒ දෙකම ඇත්ත තමා ඉතින් :)
      ස්මිත් අයියාත් ක්‍රිකට් ගහන්න ආවා නම් තේරෙයි මොකක්ද වුනේ කියලා.

      Delete
  18. මට නම් පේන්නෙ කොල්ලා කැච් එක මිස් කරන්නෙ වෙන හේතුවක් හන්දා කියලා. ඇස් දෙක තියෙන්න ඇත්තෙ අර වාඩිවෙලා ඉන්න කපල් එක පැත්තෙ ..ෂුවර් ඇන්ඩ් ෂෝට්. බොරුද මම අහන්නේ ?

    නිශාන් කියන කලුම කලු කොල්ලව අපි පින්තූරෙන් දැක්කෙ නෑලු.. :P

    ReplyDelete
    Replies
    1. ඔයා ආවා නම් මම කපල් දිහා බලන්නේ නැහැනේ :P

      මම කළු නැහැ තලෙළුයි ඔව්

      Delete
    2. ඔන්න ළිහිණියත් ඉල්ලන් කන්න හදනවා..

      Delete
  19. හික්ස්! එහෙනම් මේ ඒකයි වෙලා තියෙන්නේ! මමත් බැලුවා ඉන්ටනැෂනල් ප්ලේයර් ලා වෙච්ච අපිට කැච් මිස් උනේ කොහොමද කියලා!

    ReplyDelete
    Replies
    1. ඒකනේ බන් උඹ එවෙලේ මගෙන් ඇහුවා නම් මන් එවෙලේම ඕක උඹට කියනවා කොහෙද උඹලා අපි එක්ක කතා කරේ නැහැනේ

      Delete
  20. මඩ බාල්දි.....

    ReplyDelete
  21. Replies
    1. මඩ ගහන්න හදන්නේ බොලාල

      Delete
    2. /*Pem walakulu.*/ දේශකයාගේ මරු වචන සැට් එකක් තියනවා නේ :D

      Delete
    3. මගෙන් ඉගෙනගත්තුවා

      Delete
  22. කිව්වද නහි නොකිව්වද නහි කිවලු ;D

    ReplyDelete
    Replies
    1. මට නොඇල්ලුව නිසා නහි බන් :(

      Delete
  23. මම ආවෙ නැත්තෙ වෙලාවට.

    කැච් අතැරලා නටන හැටි/

    ReplyDelete
    Replies
    1. කව්ද නැටුවේ? ඒ ඒ අවස්ථාවේ කැමරා කාචයට අසුවුණු මගේ ක්‍රීඩා විලාශය :)

      Delete
  24. බලපන් අර කපල් එක උබට හිනාවෙන කැත , ගොයියෝ තවත් නම් ග්‍රවුන්ඩ් එකකට බැහැල රට්ටු හිනස්සන්න එපා

    ReplyDelete
    Replies
    1. :( ඊරිශියාවට කියන කතා

      Delete
  25. එ අලෙ අපි දල්ලෙත් නැ නේ බොල මඩිස්සෝ... සැක් ඇඩෙනවා ඇස් දෙකටම.... හැ මම ලංකාවෙ ඉදලා නෙමෙයිද කියලත් හිතෙනවා බ්ලොග් එක ලියලා තියෙන්නේ.. අපි ඉතින් ආධුනිකයෝනෙ .. :D

    ReplyDelete
    Replies
    1. හයියූ උඹ දන්නේ නැද්ද? මටත් කියන්න අමතක වුනානේ.හරි අප්‍රේල් වල සෙට් වෙමු.

      Delete
    2. හ්ම්ම් හ්ම්ම්

      Delete
  26. යකෝ අච්චර දෘශ්‍යමාන හේතුවක් පේන්න තියෙද්දිනෙ මේක අදෘශ්‍යමාන දෙයක් හොයාගෙන යන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. දෘර්ශමාන්‍ය ඒවා කියන්න ගිහින් රට්ටුන්ගෙන් කතා අහන්න වෙනවා අයියා :)

      Delete
  27. හ්ම්ම් හ්ම්ම් උඹ ගුපත බලවේගයක බල පෑමකට අහුවුන බව දැන් සනාථ වෙලා ඉවරයි.

    අටමා ඔය කතාව මටහ් කිව්වනෙ මුලින්ම දැකපු දවසෙ. "මම හිතුවෙ ඩූඩ් අයියා හයේ හතරෙ පොරක් කියලා, මම හිතුවට වැඩිය කොටයිනෙ!!!" :D

    ReplyDelete
    Replies
    1. සර්ට විතරයි ඒක තේරුනේ

      අටමා එහෙම කිව්වද? එහෙනම් ඇත්ත වෙන්න ඇති :D

      Delete
  28. හොඳ වෙලාවට මම ආවේ නැත්තේ.. අවනම් එහෙම මේ වයසක අපිත් අමාරුවේ.

    ReplyDelete
    Replies
    1. වයසක අයට ඒ බලවේගයෙන් ආපදාවක් නැහැල්ලු :)

      Delete
  29. අපරාදේ. වලාකුළ නැත්නම් නිශාන් මල්ලි අනිවාර්යෙන්ම කැච් අල්ලනවා නෙහ්.
    මේ ෆොටෝ එක දැක්ක අපේ ගෙවල් ගාව කොල්ලෙකුන් කිව්වේ උබ ආයෙම මැච් එකක ෆීල්ඩින් කරන්න ගියහම සුපර් ග්ලූ ටිකක් අත්වල ගාගෙන යන්ඩ කියලා. එතකොට අනිවාර්යෙන්ම කැච් අල්ලන්න පුලුවන් වෙයි කියලා. :)

    ReplyDelete
    Replies
    1. නැතුව වලාකුළු නැත්තම් මන් ඒ කැච් එක අල්ලලා හැබැයි එහෙනම් මට මෙච්චර පබ්ලිසිටි එකක් නැහැ.ඒක අර ගෙවල් ගාව කොල්ලට කියලා දෙන්න.

      ඒක නෙවේ මොකෑ බොලා නාවේ?

      Delete
    2. මට වැඩක් වැටිලා තිබ්බා නෙහ්. පල්ලියේ මංගල්ලේ තිබ්බෙත් එදාමයි.

      Delete
    3. එඬේරමුල්ලේ?

      Delete
    4. නැතුව නැතුව

      Delete
  30. ඔය වලාකුලක් නෙවෙයි බොල හහේ මැරිච්චි අතු කෑල්ලක් නේ ....මට හිතෙන්නේ උබ උඩපන්දුව අත ඇරලා තියෙන්නේ අර කපල් එක දිහා බලාගෙන ඉදල ඇහේ පොට ගිහිල්ල නේද ?

    ReplyDelete
    Replies
    1. හත්වලාමේ මෙච්චර පැහැදිලි ෆොටෝ එකක් පෙන්වලත් විශ්වාස නැහැනේ :)

      Delete
  31. අප්පට උඩු. අපිත් ගිහින් ඇවිත් තියෙන්නේ ගුප්ත වලාකුළු තියන පොට් එකකටනේ බන්

    ReplyDelete
  32. වටේ ඉන්න පෙම්වතුන්ගෙ සෝ සුසුම් ඔය ග්‍රවුන්ඩ් එක මැදින් පාවෙලා යනව. හොද වෙලාවට ඔහොම එකක වැදිල උඹ බේරුනේ. නැත්නම් නාහෙ තලා ගන්නව.

    ReplyDelete
    Replies
    1. හිටුකෝ ආයේ ගෙවල් ගාවින් යද්දී ඇන ගහපු ලැල්ලක් පාරෙන් තියනවා :D

      Delete
  33. ඈහ්... හොල්මන් තියෙන තැනකද කට්ටිය සැට් වුනේ...අනේ මමත් එන්න හිටියේ..මේ අදෘර්ශමාන බලවේග වෙන්න ඇති එහෙනම් මගේ ගමනත් නතර කරන්න ඇත්තේ..ඒත් ඊළඟට සැට්වෙන දවස‍ටනම් මම කොහොම හරි එනවා..ඇහ්...

    ReplyDelete
    Replies
    1. තවත් හොල්මනක්ද දන්නේ නැහැ එදා ආවේ නැත්තේ :D
      (විහිලුවට ඈ) ඊළඟ පාර අනිවා එන්න.හැබැයි අපි එක්කත් කතා කරන්න ඈ ! අඳුරන්නේ නැහැ වගේ ඉන්න එපා.

      Delete
    2. යෑස්..ෂුවර් ආව ගමන් හොයාගෙන ඇවිත් කථා කරනවා...
      හොල්මනක්ද කියලා සයිබර් සිහින උළෙළෙදි බලා ගන්න පුළුවන්නේ මටත්...හෙක්...හෙක්....

      Delete
    3. :) හරි බලමු ආ :D

      Delete
  34. යකෝ අටමගේ රෙදි ගලවලානේ....... සිරාවට මම නාවේ වාසනාවටද කොහේ

    ReplyDelete
    Replies
    1. අයියා එදා ආවනම් මට තව කතා කරන්න හරි එකෙක් හම්බ වෙනවා.මේ අප්‍රේල් වල එන්න බැරි වෙයිද?.

      Delete
  35. මොනවා උනත් අටමා තමා මේක රන් කරලා තියෙන්නේ එන්න බැරි උන එක තමා අවුල :(

    ReplyDelete
  36. ජායාරූපය පරිඝනක ජිල් මාටි එකක්ද?
    කොහොම හරි සිහින බක්මහ උලෙලට එන්නමිකෝ......

    ReplyDelete
    Replies
    1. පිස්සුද සහෝ අපි ගාව ජිල්මාට් නැහැනේ :)
      අනිවා වරෙන් ආ

      Delete
  37. උඹ අර සයිඩ් එකේ හිටිඅය් කපල් එක දිහා බල බල හිටියයින් නේ බෝලේ හරියට දැක්කේ නැත්තේ.. ඇත්ත කියපන් බලන්න..

    ReplyDelete
    Replies
    1. සයිඩ් එකේ හිටිය කපල් එක නෙවේ අෆ්ෆා :(

      Delete
  38. දුකට කරුණු සමග ඇසට කඳුලු....... T_T

    ReplyDelete
    Replies
    1. මට නම් ඇඩුනේ තනි ඇහැට -_T

      Delete
  39. අර ගුප්ත වලාකුලනම් මරු බන් එක මගෙ ළඟටත් ආවා

    ReplyDelete
    Replies
    1. ඒකනේ අනිත් උන් හිතන්නේ කොම්පියුටර් ජිල්මාට් එකක් කියලා :)

      Delete
  40. හයියු මේවා දකිද්දී හරිම දුක්බරයි අප්පා...එන්න බැරි උනානේ මට...

    ReplyDelete
    Replies
    1. දැන් ඔහොම කියලා වැඩක් නැහැනේ සුදු.අප්‍රේල් වලවත් ෂුවර් එකට වරෙන්



      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!