Monday, March 04, 2013

87 දඹල වැට!

සමරසේකර ඉන්නවාද??
පොලිස් රාළ හාමි උස් හඬින් ඇසුවේ පොලිසියේ ගරාදියේ ඉඳන් හිටපු අපි ඔක්කොටම ඇහෙන්න.

ඔව් මහත්තයෝ මමයි සමරසේකර!
සමරේ මාමා නැගිටලා උත්තර දුන්නේ මගේ දිහා රවලා බලන ගමන්.

නිශාන් කියන්නේ කව්ද?
රාලහාමි ආයේ ඇහුවේ අපි හිටිය ගරාදිය දිහා බලාගෙනමයි.

මමයි නිශාන් කියන්නේ!
මම නැගිටලා කිව්වා.

හ්ම්ම් තමුන්ලා දෙන්නටම ලොකු මහත්තයා එන්න කිව්වා.

රාලහාමි මටයි සමරේ මාමටයි එහෙම කිව්වේ අපි දෙන්නම වැරදිකාරයෝ දෙන්නෙක් දිහා බලනවා වගේ.එහෙම කිව්ව ගමන් සමරේ මාමා මටත් කලින් අඩිය උස්සලා පොලිසිය ඇතුලට ගියේ ලොකු මහත්තයාව අඳුරනවා වගේ.මාත් සමරේ මාමගේ පිටිපස්සෙන්ම පොලිස්සිය ඇතුලට ගියා.

පොලිසියේ ඕ.අයි.සී කියලා හිතන්න පුළුවන් ඉහල නිලධාරියෙක් ඇතුලේ තිබුන කුටියක වාඩි වෙලා ෆයිල් එකක් දිහා බලන් හිටියා.අපිට කතා කරපු රාළහාමි ඔහු ගාවට ගිහින්

මහත්තයා අර පහරදීම සම්බන්ධයෙන් පැමිණිල්ලේ පමිනිලිකාරයයි විත්තිකාරයයි මේ!
අපිව පෙන්වමින්.

ඔළුව උස්සලා බලපු ලොකු මහත්තයා
කව්ද සමරසේකර?

මමයි මහත්තයෝ!
සමරේ මාමා පැනලා කිව්වා.

එතකොට නිශාන් ද සිල්වා?
මගේ දිහා බලාගෙන ලොකු මහත්තයා එහෙම ඇහුවා.

මමයි සර්
මම එහෙම කියද්දී සමරේ මාමා තරහින් දිලිසෙන ඇස් වලින් මා දිහා බලන් හිටියා.

තමුන් මේ සමරසේකරට පහර දුන්නා කියන්නේ ඇත්තද?
ලොකු මහත්තයා මන් දිහා බලාගෙන ඇසුවා.

ඔව් මහත්තයෝ මූ මට ගැහැව්වා මූව දවස් 14කට ඇතුලට දාන්න මහත්තයෝ!
සමරේ මාමා ආවේගශීලිව කියාගෙන ගියා.

තමුන් ටිකක් කටවහගෙන ඉන්නවද? මම තමුන්ගෙන් ප්‍රශ්න ඇහුවේ නැහැනේ තාම! කරන්න ඕන දේවල් අපි දන්නවා!!
ලොකු මහත්තයා තරමක් උස් හඬින් එහෙම කිව්වම සමරේ මාමා ටිකක් බය වුනා වගේ මට පෙනුනේ.

තමුන් මේ සමරසේකරට පහර දුන්නද?
ලොකු මහත්තයා නැවතත් මගේ දිහා බලන් ඇහුවා.

ඔව් සර් මම සමරේ මාමට ගැහුවා!
මම ලොකු මහත්තයා දිහා බලන් කියද්දී සමරේ මාමා මගේ දිහා කේන්තියෙන් බලන් ඉන්නවා මට පේනවා.

තමුසේ චන්ඩියෙක්ද ම්නිස්සුන්ට ගහන්න? කව්ද එහෙම මිනිස්සුන්ට ගහන්න තමුන්ට අවසරයක් දුන්නේ?
ඉස්සෙල්ලා වගේම ටිකක් උස් හඬින් ලොකු මහත්තයා මගෙන් අහලා හුස්මක් අරගෙන
මොකක්ද පහර දීමට හේතුව?

මම සමරේ මාමට ගැහුව හේතුව කියන්න වුනා එවෙලේ.සමරේ මාමත් ඒ හේතුව දැනගන්න මගේ දිහා නොසෙල්වී බලන් හිටියා .ලොකු මහත්තයාත් මගේ දිහාම බලන් හිටියේ මම වැරදිකාරයෙක් වගේ.

සර් සමරේ මාමා හැමදාම ගෙදර එන්නේ බීලා ඒ ඇවිත් නැන්දා එක්ක රණ්ඩු කරනවා අපිට පේනවා.අපේ ගේ පිටිපස්සේ ගෙදර නිසා අපිටත් කනක් ඇහිලා ඉන්න නැහැ.ඒත් අපි කවදාවත් සමරේ මාමට වචනයක් කියලා නැහැ.

ඉතින්?
ලොකු මහත්තයා ඉවසිල්ලක් නැහැ වගේ මැද්දට පැන්නා.

සමරේ මාමා එදත් ආවේ හොඳටම බීලා.ඒ ඇවිත් නැන්දාත් එක්ක වෙනදා වගේම රණ්ඩු කරා එවෙලේ සමරේ මාමා කේන්ති ගිහින් එයාගේ බයිසිකලේ අපේ වැට පැත්තට විසි කරා.ඒකෙන් අපේ වැට කැඩිලා ගියා.ඒ වැටේ අම්මා වවලා තිබ්බා දඹල වැලකුත් තිබ්බා සර්.

හ්ම් එහෙනම් තමුසේ මේ මනුස්සයාට ගහලා තියෙන්නේ වැට කැඩුවට? දඹල වැල කැඩුවට??
ලොකු මහත්තයා ටිකක් කේන්තියෙන් වගේ මගෙන් ඇහුවා.සමරේ මාමටත් මුකුත් හිතාගන්න බැරුවද කොහෙද මගේ දිහාම බලන් හිටියා.

නැහැ සර් මම සමරේ මාමට ගැහුවේ ඒක නිසා නෙවේ!!
මම එහෙම කිව්වම ලොකු මහත්තයා කිසිම හැඟීමක් ප්‍රකාශ නොවෙන මූනකින් මන් දිහා බලන් හිටියා.

එහෙනම්?
ලොකු මහත්තයා එහෙම ඇහුවේ හේතුව දැනගන්න ඇති වුවමනාව වැඩි කමට වෙන්න ඇති.

ඒ වැටේ දඹල වැල් අස්සේ සති දෙක තුනක් තිස්සේ කුරුල්ලෙක් කූඩුවක් හදලා තිබ්බා මහත්තයෝ.ඌ ඒ කූඩුවේ බිත්තර තුනක් දාලා තිබ්බා.අපි එතනින් යද්දී ඌ බයට ඉගිලිලා යනවා.ආයේ ටික වෙලාවකින් අපි පේන්න නැති වුනාම එනවා!.දවසක් අපේ දානේ දවසේ වැඩ නිසා අපි එතනින් එහාට මෙහාට යද්දී ඌ ටිකක් ඈතට වෙලා බලන් හිටියා ඒත් අපි ඉන්න නිසා ආවේ නැහැ.අපි රෑ වෙනකම් ම එතන හිටපු නිසා ඌ එතන ගහක රෑ වෙනකම් බලන් හිටිය අපි යයි කියලා කළුවරේම.පස්සේ ඌ ටිකක් හීලෑ වුනා අපිට.මම එතනින් යද්දී ඌ ඉස්සර වගේ මට බය වුනේ නැහැ ඒත් වෙන කව්රු හරි ගියොත් එතනින් ඌ ඉගිලිලා යනවා.එදා සමරේ මාමා ඒ කරපු වැඩෙන් වැට විතරක් නෙවේ සර් ඒ කූඩුවත් කැඩුනා.ඒකෙ තිබ්බ බිත්තර තුනත් කුඩු වුනා!!.බිත්තර කැඩිලා තියෙනවා දැක්කම මට ගොඩක් කේන්ති ගියා සර්.ඒකයි මම ගිහින් සමරේ මාමට පහරක් ගැහුවේ.සමරේ මාමා බීලා නිසා කුණුහරප කියාගෙන මට ගහන්න ආවම මම තල්ලු කරා.ඒක තමයි සර් සමරේ මාමා ඔය මට විරුද්දව පැමිණිල්ලක් දාලා තියෙන්නේ!!
මම මුළු කතාවම කිව්වා
කැඩෙන්න කලින් බිත්තර 3!

තමුන්ට මේ ගැන කියන්න මොනවද තියෙන්නේ?
ලොකු මහත්තයා මගේ කතාව අහලා ඉවර වෙලා සමරේ මාමා දිහා බලන් ඇහුවා.

මට සමාවෙයන් පුතේ මගේ පව්කාර කම නිසා අහිංසක සත්තුත් විඳවනවා.
සමරේ මාමාගේ හදවත උණු වෙලා වගේ මගේ දිහා බලන් කිව්වා.ඊට පස්සේ ලොකු මහත්තයාගේ පැත්තට හැරිලා.

මම පැමිණිල්ල ඉල්ලා අස් කරගන්නම් මහත්තයෝ.


87 comments:

  1. ඔයා ගැන කියන්න වචන නෑ නිශාන්..!! (Y)
    ජය!!

    ReplyDelete
    Replies
    1. අපේ ආච්චිත් දවසක් මට ඕම කිව්වා :)

      Delete
  2. Keppa kelinna epa do.mn danne nathuwaya ube hati.uba e minihata parak gahala duwanna athi :p

    -shanaka-

    ReplyDelete
  3. අඩෝ හිත මොනවද වෙලා ගියා බන් , හැදුව කතාවක් හරි ඇත්ත කතාවක් හරි උබ හරි සංවේදී එකෙක් !

    ReplyDelete
    Replies
    1. තවත් කව්ද ඕම මං ගැන කිව්වා බන් :)

      Delete
  4. ඒ කියන්නෙ උඹ අර අහිංසක මනුස්සයට ගැහුවා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් සමහර අහිංසක මිනිස්සු හැම තිස්සෙම අහිංසක වෙන්නේ නැහැ බන්.

      Delete
  5. අඩේ...මේ ඇත්තටම වෙච්ච දෙයක්ද බං! උඹ එල කොල්ලෙක්නේ බං! අර මනුස්සයා ඕකෙන් වත් මට්ටු වෙලා බොන එක නැවැත්තුවනම් හරි!

    ReplyDelete
    Replies
    1. යා බං ඒත් කොච්ච‍ර මොනවා කරත් සමහර මිනිස්සුන්ගේ බේබදු කම නවත්වන්න බැහැ!

      Delete
  6. කතාව කියවගෙන යනකොට මතක් උනේ "slumdog millionaire" චිත්‍රපටිය.

    මොක උනත් පොලිසිය මට දිරවන්නේම නැහැ.

    ReplyDelete
    Replies
    1. අඩේ ඔව් නේද? ඒකෙත් එහෙමනේ :)

      Delete
  7. මේක ඇත්තනම් උඹ great!
    මේක කතාවක් නම් උමේ ලියවීල great!

    ReplyDelete
    Replies
    1. මටත් කීමට ඇත්තේ එපමණයි... හැබයි ඉතින් කුරුළු බිත්තරේට අඬන මිනිස්සු අර ප්‍රභාගේ පොඩි එකා මරණ එක සාධාරණිකරණය කිරීම තමයි මට තේරුම් ගන්න බැරි...

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. හරියටම දන්නේ උඹද ටෝර්ච් එක ඇල්ලුවේ?

      Delete
    4. @Dude
      හෙහ් හෙහ් කොහොම වුනත් මම great නේ! :)

      @මාතලන්
      ද්වේශ සහගතව වුනත් අනාගතය දකින මිනිස්සු එහෙම හිතන එකත් වැරදි නැහැ අයියා.ඒ වගේම මානුෂිකව සිද්ද වෙච්ච දෙයක් ගැන කම්පා වෙන අපිත් වැරදි නැහැ!.

      Delete
  8. ආසයි මලයෝ මෙහෙම කතා කියවන්න. මේක ඇත්තට වුණත් නිර්මාණයක් වුණත් සුපිරියටම ලියලා තියනවා. එක හුස්මට කියවන් යන්න හැකියි.ජයමවේවා.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් අයියා ස්තුතියි ආ :)

      Delete
  9. සෙල්ලම් නෑ බලන් ගියාම ඈ... බයේ බෑ...

    ReplyDelete
  10. බණ කතාවක් වගේ.මම වගේ පොලිසියේ හිටියනම් සැමරේ මමව දානවා කුදුවට

    ReplyDelete
    Replies
    1. කුරුළු බිත්තර තුනක් කැඩුවටද? :)

      Delete
  11. හිතට වැදුණු කතාවක්

    ReplyDelete
  12. මේ සිරාම කතාවක්ද මල්ලියේ ඇත්තටම වෙච්ච දෙයක්ද ඇත්ත දෙයක්නම් මලේ ඔයා ග්‍රේට්.

    ReplyDelete
    Replies
    1. මිනිහෙක්ට ගහපු මම ග්‍රේට් ද? :)

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. ශා... මේක සත්‍ය සිදුවීමක් නම් ඔයා හරිම උසස් නිශාන්...කියන්න වචන නෑ...

    ReplyDelete
  15. නිශාන්, ඔබගේ මගේ හෝ අන් අයගේ දේශපාලන මතය කුමක් උවත් මේ රජයේ පාලන ක්‍රමයට අපි පාක්ෂික හෝ නොවන එක කුමක් උවත්, මේ රට විනාශයට ඇදදැමු කොටිත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන උන්ට කඩේ යන එක මේ රටට සැබවින් ආදරේ කරන කෙනෙකුට ඉවසන්න අමාරුයි නේද?
    මේ බ්ලොග් අවකාශයේ තිරිසනුන් කිහිප දෙනෙකු පුහු වීරයන් වෙන්න දගලන්නේ කොටින්ට පස්ස නවාගෙන අල්ලනගමන්, මාද මේ රජයේ වැඩපිළිවෙලට තදින්ම විරුද්ද මුත් මේ දක්වා බ්ලොග් වල විරයන්සේ බොරු විවේචන කර පිම්බෙන්න ගොස් නැත, එසේ වීමට දගලන, මේ රටට විරුද්දව කොටින්ට කඩේයන මාතලන් වැනි තිරිසනුන් අපි බ්ලොග් අවකාශය තුල දැන්ම හුදෙකලා කර නොදැම්මොත් ඉදිරියේදී අපට අපේ බ්ලොග්තුල උන්ට කමෙන්ට් එකක් හරි දාන දුන්න එක ගැන දුක් වෙන්න දවසක් එනවා අනිවාර්යයි.. ඔබ වැනි සන්වේදීන් එදාට හඩනු නොඅනුමානයි .
    එසේනම් දැන්ම මේ පාහරයා,
    ඔබේ ෆ්ලොවර්ස් අතරින් ඉවත් කර
    මේ පා හරයාගේ කමෙන්ට්ස් පබ්ලිෂ් කිරීමෙන් වැලකි
    ඔහුගේ අඩවියට ඇතුල් වීමෙන් වැලකි
    පාට පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව සිතා මෙවන් තිරිසනුන් අතුගා දැමීමට සහය වන්න..

    ** දේශිහිතයිශි බ්ලොග් කියවන්නෙක් **
    (රාජපක්ෂ රජයට කඩේ යන්නෙක් නොවන )

    ReplyDelete
    Replies
    1. ගොනෝ පිදුරු ටිකක් කාලා බුදියා ගනින්

      Delete
    2. @Anonymous3/4/13, 11:56 PM
      විවිධ පුද්ගලයන් මත විවිධ මත තියෙනවා.නමුත් අපිට ඒවා අධාල නැහැනේ නේද?.අර කතාවකුත් තියෙන්නේ කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් යුතුව ඇසිය යුතුයි කියලා.ඒ වගේ ඔහු දරන ස්ථාවරය ගැන අවබෝධයෙන් සිටියා නම් අපිට ප්‍රශ්නයක් නැහැ.පෞද්ගලිකව මා ඔහු ගැන දන්නා තරමින් නම් ඔහු තුල කිසිදු අන්තවාදී අදහසක් ඇතැයි කියලා මම නම් හිතන්නේ නැහැ.

      ඉතින් මම හිතන්නේ නැහැ ඔබ ඔය කිව්ව එකක්වත් කරන්න ඕන දේවල් කියලා.

      Delete
    3. මාතලන්3/4/13, 10:12 PM
      මටත් කීමට ඇත්තේ එපමණයි... හැබයි ඉතින් කුරුළු බිත්තරේට අඬන මිනිස්සු අර ප්‍රභාගේ පොඩි එකා මරණ එක සාධාරණිකරණය කිරීම තමයි මට තේරුම් ගන්න බැරි...

      එහෙම නම් මු ඇයි බාලචන්ද්‍රන්ගේ මරණෙට අඩන්නේ කියල කියන්න ඔබට පුලුවන්ද? නිවැරදි පිළිතුරක් දෙන්න බැරිනම් ඉහත දේ කරන්න ඕනේ නේද?

      Delete
    4. බාලචන්ද්‍රන්ගේ මරණෙට මාත් දුක් වුනා.ඒ ප්‍රභාට කඩේ යන නිසා නම් නෙවේ.අහිංසක කැකුළක් වගේ හයක් හතරක් නොතේරෙන පොඩි එකෙකුගේ මරණය වෙනුවෙන්.

      Delete
  16. එහෙම එකෙක්ට ගැහුවට පාඩු නෑ බං.. හොඳ වැඩක් කරල තියෙන්නෙ..

    ReplyDelete
  17. ඒ වගේ දේකට තරහා ගිය එක සාධාරණයි නිශාන්...
    ඔයා මාමව තල්ලු කලා විතරනේ.:)

    ReplyDelete
    Replies
    1. නැහැ තල්ලු කරා විතරක් නෙවේ ලාවට පොඩි තට්ටුවක් දැම්ම ඉතින් :)

      Delete
  18. නියමයි. ඇත්තටම සංවේදී. ජය....!

    ReplyDelete
  19. කතාව ඇත්ත උනත් නැත්ත උනත් උඹ අදාළ කාරණා හරියට ලියල තියෙනවා. ඒ කියන්නේ විත්තිකරුගෙන් ඇහුවම පැමිණිලිකරු උත්තර දෙනවනං පොලෝසීය එහෙම තමා කෑ ගහන්නේ. ඒක හරියටම තිබ්බ නිසා මම විශ්වාස කරන්නේ මේක ඇත්තම කතාවක් කියල. උඹ බොහොම හොද කෙනෙක් වග දැනගන්න ඕන තරං කාරනා තිබ්බත් මේක තවත් තහවුරු කළ දෙයක් උනා.. ජය

    ReplyDelete
    Replies
    1. මේක ලියන්න ඕන එකක් නෙවේ කියලා හිතන් හිටියත් ඔන්න ඔහේ ලියලා දානවා කියලා හිතලා ලිව්වේ.සමහර සිද්දි විශ්වාස නොකර සිටියත් හොඳයි සහෝ.

      Delete
  20. සංවේදී කතාවක්.. උඹ නිර්මාණය කරපු එකක් ද..? ඇත්තක් උනත් හිතල ලියපු එකක් උනත් නියමයි මචං..!

    ReplyDelete
    Replies
    1. උඹ කැමති එකක් හිතා ගනින්.බොරුවක් කියලා හරි කමක් නැහැ බන් :)

      Delete
  21. මම 1960 දශකයේ ජීවත්වුණ ගමේ තරුණ පිරිසක් හරියට අර නින්ජා කල්ලියක් වගේ සංවිධානය වී හිටියා. මගේ ඥාති සහෝදරයෙකුත් ඒ කල්ලියේ හිටියා. ඇත්තටම මේ කල්ලිය ගැන දන්නේ ඒ සාමාජිකයන් හැර තව අපි වගේ කොල්ලෝ දෙතුන් දෙනෙක් විතරයි. මේ කල්ලිය රාත්‍රියට ගමේ මුර සංචාර යනවා. කල්ලිය කිව්වට උපරිම හත් දෙනෙක් විතර හිටියේ. මේගොල්ලෝ මූණු වහගෙන යන්නේ. ඔවුන් ඉතාම අවංක, විනයගරුක, මත්පැන්, දුම්වැටි පාවිච්චියෙන් තොර අය. ගමේ රෑට 'කොටු පනින' කීප දෙනෙකුට හොම්බට ඇන්නා. බීලා කුණුහරප කියමින් රෑ ගමේ පාර දිගේ ආව තුන්දෙනෙකුගේ දත් ගැලෙව්වා. බීලා සභ්‍ය සින්දු කවි කියාගෙන යනවානම් ප්‍රශ්නයක් නැහැ. මේ ඇය නිසා ගමේ විනය දියුණු වුනා. බේබද්දෝ, කොටු පනින්නෝ, හොඳටම අඩු වුනා. මේ කල්ලිය ගැන පොලීසියෙන් හොයා බැලුවත් අල්ලගන්න බැරිවුනා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ශා දැනටත් ඔය වගේ කල්ලියක අවශ්‍යතාවයක් රටට තියෙනවා.ඒත් එදා කව්රුවත් දැනන් නොසිටි කතාව අද ගොඩක් අය දැනගත්තා :)

      Delete
  22. ලස්සනට ලියලා තියනවා මලේ.

    ReplyDelete
  23. ලස්සන කතාවක්, හොදට ලියලත් තියනව මල්ලි.... දුක හිතුනා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එච්චර හිතන්න එපා අක්කා.දැන් ඉතින් ඒවා ඔක්කොම අතීතයට අයිති වුන දේවල්නේ!

      Delete
  24. ඔයා එතනදිත් ඉවසුවානම් තමයි හොඳ. මොකද මාමා ඔයාගේ පහරින් මලානම්? ඒ මේක ඇත්ත කතාවක් නම්. කතාවක් නම් ඉතාම දක්ෂ ලියවිල්ලක්.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමා. පරෙස්සමින් කොලුවෝ.....

      Delete
    2. ඔව් මම පිලිගන්නවා.මටත් හිතාගන්න බැහැ මම කොහොමද එවෙලේ ඒක කරේ කියලා.

      Delete
  25. මෙය වැදගත් පණිවුඩයක් දෙන නිමැවුමක් නම් ඔබ හොඳම නිර්මාණශීලී තරුණයෙක්.සැබෑවක්ම නම් අපේ උත්තුංග සංස්කෘතියේ ගැඹුරු හරය පෙන්වන කදිම උදාහරණයකි කොයිහැටි වුවද මඩිස්සලේ නිශාන් මිනිස්සුන්ට වාසනාවකි.

    ReplyDelete
    Replies
    1. මම මිනිස්සුන්ට වාසනාවක්? අහන්නත් සතුටුයි ඇත්තටම :)

      Delete
  26. ආාා මමත් හිටියේ අපේ සරා මාමට සද්දේ දාපු කෙනා අල්ල ගන්ඩ තමයි. ම්ම්............ දැං ඉතිං කමක් නෑ

    ReplyDelete
    Replies
    1. හික්ස් මේ සමරේ මාමගේ මල්ලිද? :)

      Delete
  27. හරිම සංවේදී කතාවක් තමයි ලස්සනට ලියල තියෙනව.

    හැබැයි ඩෝප් කාරයො එක්ක ගහගන්න යන එකනං භයානකයි. මොකද පොඩ්ඩ වැරදුනොත් ගස් යන්න පුලුවං.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් අයියා ආයේ නම් එහෙම දේවල් වෙන එකක් නැහැ මගේ අතින්

      Delete
  28. සිරාම සිරා මචං..බීපුහාම අම්මා අප්පා කවුද කියල දන්නේ නෑ සමහරු

    ReplyDelete
    Replies
    1. ඔව් බන් කාලකන්ණි උන් බිව්වම අහල පහල උන්ටයි කරදරේ!

      Delete
  29. හරිම සංවේදී කතාවක් නිශාන්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ස්තුතියි සහෝ කොමන්ට් එකට

      Delete
  30. නිශාන් මල්ලි හරිම සංවේදී චරිතයක්....
    වැඩිපුර කතා බහක් නම් නෑ තමයි..
    එත් ඒ සංවේදී කම මම හොඳට අඳුනනවා....
    ලස්සනට වචන ගලපලා තියෙනවා මල්ලි...
    දිගටම ලියන්න ඔයාට ජයම වෙන්න ප්‍රර්ථනා කරනවා....

    ReplyDelete
    Replies
    1. :) කාලෙකට පස්සේ මාව මතක් වෙලා තියෙන්නේ.

      Delete
  31. ඇඩෙනවා යකෝ...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  32. කියන්ඩ ඕනේ සේරම දේවල් කස්ටිය කියලා තියෙනවා. සුපිරියි! කියල විතරක් කියන්නම්.

    ReplyDelete
  33. අඩෝ මූ මාර පොරක්නෙ...!
    අම්මෝ ඒදා ගෙට්‍ටුවෙදි ලඟත් හිටියා මටත් කෙලල ඇරියනම් එහෙම.

    නියම වැඩක් කොල්ලො. ලියවිල්ලත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. අයියෝ ෂල්ලි මම එහෙම හැම මනුස්සයටම කෙලලා අරින්නේ නැහැ අයියා බයවෙන්න එපා :D

      Delete
  34. http://www.mashguru.com/2012/11/traffic.html#
    මේකේ උබේ නමත් තියෙනවා මේ ඇත්තක්ද?

    ReplyDelete
    Replies
    1. :D ඔව් බන් මම,තරියා,හිරු,සුදු මහත්තයා ඔක්කොම එක්කෙනෙක් බන් මේ ඔක්කොම ෆේක් ප්රෝෆයික් මගේ :P.

      Delete
  35. අඩෝ චණ්ඩිද ? කණ පුරෝල දෙන්න තිබ්බෙ පෙරේතයට

    ReplyDelete
    Replies
    1. කොයි පෙරේතයාද බන්? :)

      Delete
  36. උබ එළ පොරක්නේ ... ඩුඩ් කිව්වා දේම තමයි කියන්න තියෙන්නේ .. ඇත්තනම් ,එහෙම නැතත් කතාවනම් සුපිරියටම ලියලා තියෙනවා ..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් චමියෝ :)

      Delete
  37. පට්ට කතාව අයියේ ...මේක ඇත්ත කතාවක්නම් කුරුල්ලා මොකද කලේ ඊට පස්සේ.....?

    ReplyDelete
    Replies
    1. කුරුල්ලා ඊට පස්සේ දු...කීන් ඉගිලිලා ගියා.

      Delete
  38. මට කියන්න දේයක් ඉතිරිද මන්දා

    ReplyDelete
    Replies
    1. කමක් නැහැ අක්කේ.

      Delete
  39. මචෝ.. කතාව මෙහෙමයි නේද.? සමරේ මාම බිල ගෙදර එනකොට සමරේ මාම දෙකක උබයි එයාගේ දුවයි අරව මෙව්ව කරනවා..
    පස්සේ සමරේ මාමට වෙරි නිසා කිසිදෙයක් මතක නැහැ.. කොහොමද උබේ ටිකිරි මොලේ..?? :)

    ReplyDelete
    Replies
    1. ස්ස්ස් කට පියන් හිටු.කොහොම මේවා දැනගන්නවද මන්දා? හිකිස්

      Delete
  40. මචං....කියන්න ඕන ටික කස්ටිය කියලනේ...(අල වී ගිය මුහුණින් යුතුව) දාර නයෙක් උනත් නියමෙට වදන් හසුරැවලා අකුරැ කරල තියෙනවා...! (කදුළු පිසිමින්, සිනාසෙන්න තැත්කරමින්)
    ...හික්ස් ඔන්න මාත් උඹව කොපි කලා .... හොදේ....!

    ReplyDelete
    Replies
    1. දාර නයෙක්? /:)

      මාව කොපි කරා?

      Delete
  41. ඔන්න අද තමයි මුලින්ම comment 1 ක් දාන්නේ. කියවපු කතා ඔක්කොම සුපිරි. මුලින්ම මේ පැත්තේ අවේ මස 3 කට විතර කලින්. මතක් උන වෙලවට එනවා කතා ටික සුපිරි හින්දම. සුභ පතනවා....(y)

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!