Saturday, July 30, 2011

21 මස්සිනාගෙ luck එක!

මට වෙච්ච හොද සීන් එකක් මේක වුනෙ මටම නෙවෙ මගෙ හිත ගිය අරයාගෙ අම්මාට වුන දෙයක්.එයා තාම දන්නෙ නෑ මට එයා ගැන හිත ගිහින් ගොඩක් දවස් කියලා.ඒකත් කවදා හරි කියන්න ඕන ඒත් ඒ වෙනකොට මන් පරක්කු වෙලා ඉදියිද දන්නෙත් නැහැ.අහ් අමතක වුනානේ කියන්න ආවේ වෙන එකක්.
                                              අපේ ගෙවල් තියෙන්නේ ටිකක් ලග ලග ඒ කියන්නෙ එයා ඉන්නෙ මගේ ගෙදරට ගෙවල් 2ක 3ක් එහායින්.එයාගේ මල්ලි තාම පොඩි එකා මන් හිතන්නෙ ඌට වයස අවුරුදු 7ක් විතර ඇති.ඒ වයසේ පොඩි එකෙක්ගෙ දගකාර කම් ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනේ.මෙකාත් ඒ වයසට අනුව හරිම දගයා ඒ වුනාට මෑන් මට ආදරෙයි.ඒ මස්සිනා කමට එහෙම නෙවේ ඒ වුනාට ඒ පොඩි එකා මට පුදුම ලෙන්ගතු කමක් තියෙන්නේ.මස්සිනා ෆිට් නම් වැඩේ ගොඩනේ.ඒ වුනාට ඒක නෙවෙ පුදුම වැඩේ පුදුම වැඩේ තමා නැන්දා(ඒ කියන්නේ අරයගේ අම්මා,මට නැන්දනෙ එතකොට වෙන්නෙ නෙහ්?)මට කැමතියි.මන් වැඩිය රෝන්දෙ ගහන්නැති.කොල්ලො එක්ක රන්චු ගැහිලා ගන්ජා ගහන්නෙ නැති නිසා වෙන්ට ඇති මයෙ හිතෙ.
                                          නැන්දා අපෙ අම්මාව හම්බුනාම මන් ගැනම තමා ඉතින් කතාව.මාව හරියට වර්ණනා කරනවා.අම්මා මට වෙලාවකට නැන්දා ගියාට  පස්සෙ  කියනව දුව දෙන්න ආස හිතිලද දන්නෙ නෑ ඔය හැටි වර්ණන කරන්නේ කියලා මන් ඉතින් ලැජ්ජාවෙන් ඇබරිලා  හිනා වෙනවා මිසක් වෙන මුකුත් කියන්නේ නෑ .ආයෙත් ට්‍රැක් පැන්නා වගේ ඕක නෙවෙ කියන්න ආවේ.
                               කියන්න ආවේ මස්සිනාගේ ලක් එක ගැන. අපේ ගෙවල් ගාව ගේක ඉන්නවා චිත්‍රා අක්කා කියලා කෙනෙක්.මෙයාට 35ක් විතර ඇති.මෙයා හෙන බෝම්බේ ඕප දූප හොයන්න හරි දස්සයි.මෙයා සීට්ටුවක් දාන්න හිතලා(කස්ටිය දන්නවානේ සීට්ටු ගැන)මේකට සෙට් කරගත්තේ අපේ ගෙදරිනුයි අරයලාගේ ගෙදරිනුයි ඉතුරු ටික එයාලගෙ බොරැල්ලෙ ඉන්න නෑදැ කස්ටියකට ඉතුරු සීට්ටු කැලි ටික යවනවලු.ඒ කියන්නේ අපියි නැන්දයි ඉස්සරාහ උඩ දාල අපි ඇහින්දට පස්සෙ ඉතුරු ටික තමා බොරැල්ලට යවනවා කිව්වේ.ඉතින් ඔක්කොම සීට්ටු කෑලි ගාන 10යි.එත් දැන් අහුලන්න ඉන්නෙ අපෙ ගෙදරින් එක කෑල්ලයි නැන්දලාගෙ ගෙදරින් එක කැල්ලයි.අපේ කැල්ල අහුලන්නෙ මන්.සීට්ටුව උඩ දාන්න ලොකෙශන් එක හැටියට තෝරගත්තේ අපේ ගෙදර..නැන්දලාගෙ කැල්ල අහුලන්න ආවෙ නැන්දා.
                           දැන් ඕන් නමො විත්තියෙන් සීට්ටුව උඩ දැම්මා.මන් අහුලන්න අත  දාපු කෑල්ලට එහා පැත්තේ කෑල්ල නැන්දා ඇහුලුවා.මාත් අහුලපු කැල්ල අතට අරන් දිග ඇරලා බැලුවා.හත්හිලව්වට ගහපු කලාබරේ මන් අහුලලා තියෙන්නෙ 2 නැන්දා ඉස්සරා ලකුනක් දාගත්තා.නැන්දගේ මූනේ නම් කිසි හිනා පාටක් නෑ.මන් බැලුවා මොකෝ කියලා. නැන්දා අහුලලා තියෙන්නේ 9 නැන්දට පුල් අප්සෙට් මටත් අප්සෙට්.
                                        එවෙලෙ  අම්මා ලග නැත්තන් මන් මගෙ කෑල්ල 1න්ම නැන්දට දෙනවා.එත් ඉතින් දෙන්න බෑනෙ අම්මා ලගනේ
                             .නැන්දා දුකෙන් වගේ කිව්වා "අපරාදේ මන් ඇහුලුවේ අපෙ පොඩි එකාට අහුලන්න දෙන්න තිබ්බේ.ඒකා මට වඩා ලග අහුලනවා" කියලා.
                      චිත්‍රා අක්කත් හිත උනු වෙලදො කොහෙද අපූරු අදහසක් කිව්වා එවෙලේ. නැන්දා අහුලපු සීට්ටු කෑල්ල ආයේ ඔතා අර එයාගේ නෑදැයන්ට යවන්න ඉතුරු කරපු කෑලි වලට දාලා අයේ උඩ දාලා පොඩි එකාට කියලා අහුලවමු කියලා.ඒක හොර වැඩක්නෙ ඒක නිසා ඒකට අම්මා විරුද්ද වුනා.චිත්‍රා අක්කා අපේ අම්මාට කිව්වා පව්නෙ අක්කෙ මේ අක්කා අපි එයාට ආයෙ චාන්ස් එකක් දෙමු කියලා.
                       චිත්‍රා අක්කාගෙ බලවත් ඉල්ලීම පරිදි අපෙ අම්මාත් කැමති වුනා.දැන් අයේ උඩ දාන්න යන්නේ.නැන්දා මට කිව්වා පොඩි එකව පොඩ්ඩක් එක්කන් එන්න කියලා.මන් ඉතින් මුන්ගෙ ගෙවල් ගාවට යද්දි පොඩි එකා කොල්ලො කුරුට්ටො වගයක් එක්ක සෙල්ලමේ ඌ ගහක් උඩ
                            මන් කතා කරපු සැනින් මූ ගහෙන් බැහලා දුවන් ආවා පව් පොඩි එකා වැටුනත් එක්ක.ඇගේ දූවිලි පිහිද පිහිද මා ගාවට ආවා.මන් අපේ ගේට්ටු කෑල්ල ඇරගෙන එද්දි මූ අස්සෙන් රින්ගල දුවන් ගියා අපෙ ගේ ඇතුලට.පොඩි එකා එනවා දුටු චිත්‍රා අක්කා අත් දෙකින් හොල්ල හොල්ල උඩ දැම්මා.පොඩි එකා පැනපු ගමන් එකක් ඇහින්දා.මන් ඒක උගෙ අතින් අරගෙන දිග ඇරලා නැන්දට දුන්නා.කොල්ලා අහුලලා තියෙන්නේ 10

21 comments:

  1. මරු වැඩේ.දැන් කෙල්ල සෙට්ද?

    ReplyDelete
  2. @නදීර සඳරුවන් ලියනගේ
    නෑ බන් ඕක වුනෙත් ඊයේ.මේ පැත්තේ ආවට බොහොම ස්තුතියි

    ReplyDelete
  3. සිංදුවක් අහලා තියෙනවද?

    "කෙනෙකු හට ඔබ ආදරෙ නම් - ඇයට පවසන්න...
    පැවසීමට අතපසු වේ නම් - ඇය ගැන නොසිතන්න..."

    පරක්කු වෙනකන් ඉන්න නම් එපා හොඳේ...

    ReplyDelete
  4. ඔව් තාරා මන් අහලා තියෙනවා එත් ඕවා කියන තරම් සිම්පල් නෑනේ.මේ පැත්තේ ආවට තැන්කු.....

    ReplyDelete
  5. අපායට ගියත් මුලින් යන්න කියන්නේ නිකං නෙවේ කොලුවෝ

    ReplyDelete
  6. හික් හික් පට්ටයි හොදේ....

    ReplyDelete
  7. @Sabith
    ඔව් බන්
    @පිස්සු පුසා
    තැන්කු හොදෙ මේ පැත්තෙ ආවට

    ReplyDelete
  8. හොන්දයි හොන්දයි !!!

    ReplyDelete
  9. ආදරේ කියන එක කියපන් මම කියන්නෙත්.ඒකි කැමති වෙනවනම් කැමති වෙයි.නැත්නම් අකමැති වෙයි.අනික බං කෙල්ලත් උඹට කැමැත්තෙන් ඉන්නවද දන්නෙ නැ නොකිව්වට.එහෙම වෙලා කවද හරි උඹල දෙන්න වෙන එවුන් දෙන්නෙක් බැන්දොත් [එහෙම වෙන්න එපා ඈ?] මොකක්ද වෙන්නෙ?
    බැන්දට පස්සෙ උඹල දැනගත්තොත් බඳින්න කලින් දෙන්නම එකිනෙකාට ආදරේ කරල කියල?
    ලෝක දුකක් වෙනව බං.ඒ නිසා හොඳ වෙලාවක් කලාවක් බලල සේප් එකේ වචනෙ දාපන්.
    සුභපැතුම්..

    ආ ඔය ආදරේ නොකියන එකට හොඳ පෝස්ට් එකක් තිබ්බ.නිකං ඉන්න වෙලාවක කියවල බලපන්කෝ.[මගුල සැට් උනොත් කියපිය හොඳේ.]
    http://prarthana-nimnaya.blogspot.com/2011/06/blog-post_16.html

    ReplyDelete
  10. @Azeez
    තැන්කු මචො මේ පැත්තේ ආවට

    @කුරුං ගුරුං
    උබේ අවවාදය මන් නොසලකා හරින්නේ නෑ.උබ කියන කතාවේත් ඇත්තක් තියෙනවා එයාත් යන්තන් හරි මන් ගැන හිතන් ඉන්නව නම් වැඩෙ ගොඩ නෙහ්?.අනිවා මචන් මන් ඔය ලින්කුවේ තියෙන පොස්ටුව කියවනවා.

    ReplyDelete
  11. මන් උබ දුන්න ලින්කුවෙ පෝස්ට් එක කියෙව්වා.ඇත්ත තමා බන්.ඒ පෝස්ට් එක ලියපු අක්කට වුනු සීන් එක මට වෙන්න කලින් මන් ඉස්සර වෙන්න ඕන.අකැමැති වුනොත් පරන විදියටම ඉන්නවා දුක් නොවිද.

    ReplyDelete
  12. අන්න හරි..
    :)
    හොඳ උත්තරයක් ලැබෙන්න සුභපතනව

    ReplyDelete
  13. http://www.kopikade.net/2011/07/blog-post_6991.හ්ට්ම්ල්
    ඔන්න ඔය ලිපිය මම අලුත් අයට ලිව්ව ලිපියක්.කියවල ගන්න දෙයක් තියෙනම් ගන්න.විශේශෙන්ම ඒ ලිපියට වැටුන කමෙන්ට්ස් ටිකත් කියවල බලන්න...

    ReplyDelete
  14. ඕක මන් කියෙව්වා ගිහින්.එල ලිපිය ඒකත් හොද දැනුවත් කිරිමක් බන්,මන් කොහොමාත් හිට්ස් ගැනනම් හිතන්නෙ නෑ.මන් දැකල තියෙනවා සමහර අය හිට්ස් 1000 පැන්නම ඒකටත් ලිපියක් දානවා.එත් හිට්ස් 1000ක් ලැබුනට බ්ලොගිය ජනප්‍රියයි කියන්න බැ.මගෙ එකෙත් දැන් හිට් 1000 පැනලා.එත් තාම මගෙ බ්ලොගිය ජනප්‍රිය නෑනේ

    ReplyDelete
  15. පට්ට මච්න් :) ,
    හබැයි මච්න් උබ ඉක්මනට අර කෙල්ලගෙන් අහපන්.
    හිතින් දුක් විදීන්නේ නැතුව.

    ReplyDelete
  16. @තිලින
    තැන්කු මචෝ මේ පැත්තේ ආවට.මන් තාම ඒක කියන්න ට්‍රයි කරනවා බන්

    ReplyDelete
  17. මේ කතාවේ මුල් ටික කියෙව්වාම මට මතක් වුනේ "ඉබ්බා දියට දාද්දී ඇන්නෑවේ කියලා කියපු කතාව" :P

    ReplyDelete
  18. ayiyoooooooooo bn! uba ahuluwee mokakda? :D 11da??

    ReplyDelete
    Replies
    1. මන් ඇහුලුවේ දෙක බොල
      සිරා

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!