Monday, August 29, 2011

2 ලේඛකයාගෙන් අසමි.

ලේඛකයා අපිට වඩා දේශපාලනය ගැන දන්නා කෙනෙකි.ඔහු සමහර විට පරිණත පුද්ගලයෙකු වන්නට පුලුවන.ඔහු බ්ලොගියට පැන සෑම දෙයක් ගැනම ලිපි ලියති.ආණ්ඩුව කැස්සක් කැස්සත්,,විපක්ශය පඩයක් ඇරියත් දෙපැත්තටම
කට පුරා දොස් කියන්නෙකි.


මා නම් නිදහස් කාරෙක්වත් යුඇන්පි කාරෙක් වත් ජෙප්පෙක් වත් නොවෙමි.නමුත් ඔබ ලියා පළ කරන සෑම ලිපියක්ම උනන්දුවෙන් කියවන්නෙක්මි.හැම දේකම දෙපැත්තක් ඇති මුත් ඔබ ලියන්නේ ආණ්ඩුවෙ හො විපක්ශයෙ වැරදි පමණි.


ඔබ ලියනා දේවල්  වල සත්්යතාවයක් තිබුනත් ඔබ තුලත් වැරදි ඇති බව ඔබ නොදුටු වෙහිද?.ඔබ විටක ආගම්වාදියෙක්ය.විටෙක මතවාදියෙක්ය. ඔබ ලියනා දේවල් නිසා ලන්කාව ගැන නොදන්න වෙනත් රටවල වෙසෙන ලාන්කිකයෝ ලන්කාව ගැන වෙනමම ප්‍රතිරූපයක් මවගන්නෙහිය
.
ඔබ ලියනා දේවල් වලට ඔබට නිදහස තිබුනත් මීට වඩා රට ගැන හිතුවොත් අගනේය.මොකද ඔබගේ සමහර ලිපි කියවන විට මට සැක හිතෙනවා ඔබ ලාන්කිකයෙක්ද කියා.වැරදි පමනක්මද ඔබේ ඇස් දකින්නේ?.හොද දෙයක් දුටු විට නිහතමානිව ඒ බවත් ලොවට ඇගෙව්වා නම් නරකද?.


ඔබ පැමිණ මෙහි පිළිතුරුත් සැපයුවා නම් මැනවි.නමුත් මෙය කෙලින්ම ඔබට නොලියන නිසා ඔබ නිස්ශබ්දව සිටිනවා ඇත.තොප්පිය හරි නම් පැලදගෙන පිලිතුරු දෙනු මැනව.



ප.ලි 
ඇනෝලාව සාදරයෙන් පිළිගනිමි




2 comments:

  1. තොප්පිය නම් මට කිසිසේත් නොගැලපේ..:D
    නමුත් විවිධ අය විවිධ අරමුණු උදෙසා අන්තර්ජාලය/බ්ලොග්කරනය පාවෙච්චිකරනවනේ...මම නම් එය පාවෙච්චි කරන්නෙ මගෙ අත්දැකීම් වල හැංගුණ දැනුම බෙදා දෙන්නයි!

    ReplyDelete
  2. @ඉන්දික
    මුලින්ම සදහන් කළ යුතුය තොප්පිය ඔබට නොවේ D.ඔබත් මාත් බ්ලොගිය පවිච්චි කරන්නෙ එවැනි සුන්දර දේවල් වලටය.ඒත් සමහරක් අය එය තමා ලාන්කිකයෙක් කියාවත් නොසිතා රටට කැළලක් ඇති කරන්න ගන්නා උත්සාහයක් දැක මෙය ලිව්වෙමි

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!