Monday, November 28, 2011

23 මන් කරපු දේ වැරදිද?.

අපේ ගෙවල් ගාව ඉන්නවා අක්ක කෙනෙක්.එයාගේ මහත්තයා ඉන්නේ රට.මේ අක්කා හිටපු ගමන් එනවා අපේ ගෙදර ඒ අර  අයියා එක්ක ස්කයිප් එකෙන් මල් කඩන්න.එයාලට ළමයින් දෙන්නෙකුත් ඉන්නවා.මෙයා ආවම ඉතින් මල කරදරේ පැයක් එකහමාරක් මල් කඩනවා.මට ඉතින් කොම්පියුටර් එකේ වැඩක් කරගන්න නැහැ.හිටපු ගමන් මගේ ඩයලොග් කනෙක්ශන් එක මට මාර සප් එකක් දෙනවා ඒ කිව්වේ හිටපු ගමන් ඩිස්කනෙක්ට් වෙනවා.ඒක පෝර්ට් වෙනස් කරලා හදාගන්න දන්නේ මන් විතරයි.ඒත් මන් ඕවා එයට කියන්නේ නෑ කිව්වොත් මටමනේ කෙළ වෙන්නේ.ඒ වෙලාවට WWW අසනීප වෙලා මැරුනා කියලා බයිලාවක් ගහලා ඒ වාතේ පිටමන් කරනවා.


                        එයා දැන් කොම්පියුටර් එකක් අරගෙන කව්දෝ මන්දා ඩයල් එකකුත් එක්කන් ඇවිත් ඉන්ටර්නෙට්,ඊ මේල් එකවුන්ට් අරවා මේවා හදා ගන්නවා ඔන්න ඔය අතර තුර තමා මට කෝල් කරේ. කෝල් කරලා මගෙන් ඊ මේල් ලිපිය ඉල්ලුවා.මන් හිතුවා ඒක ඉල්ලන්නේ මාව කන්ටැක්ට්ස් ගොඩට දාගන්න වෙන්න ඇති කියලයි.

                                   ඒත් ඊට පස්සෙ පාස්වර්ඩ් එකත් ඉල්ලනවා.මන් ඇහුවා මොකටද කියලා.ඊට පස්සේ අක්කා පොඩ්ඩක් ඉන්න කියලා අර ඩයල් එකට ෆෝන් එක දුන්නා.

ඌ මට කියනවා මල්ලි ඔයාගේ ඊ මේල් එකයි පාස්වර්ඩ් එකයි පොඩ්ඩක් දෙන්න පුලුවන්ද? අපිට ඒකට ලොග් වෙලා සයින් අවුට් වෙලා අපේ එකට ලොග් වෙන්න ඕන කියලා.

              ඈ යකෝ ඒක මොන හතර බීරි කතාවක්ද?.එයාලගෙ එකට ලොග් වෙන්න ඕන්නම් සේවාව සපයන වෙබ් සයිට් එකට ගිහින් ලොග් වෙන්න පුළුවන්නේ.මේක නිකන් මාව හැක් කරන්න මගෙන්ම පාස්වර්ඩ් එක ඉල්ලනවා වගෙනේ මන් ගත් කටටම කිව්වා සොරි අයියේ ඒක නම් දෙන්න බැහැ කියලා.

          ඌ ටක් ගාලා ෆෝන් එක ආයේ අක්කට දුන්නා.අක්කා ටිකක් තරහෙන් වගේ අහ් හරි මල්ලි කමක් නැහැ කියලා ලයින් එක කට් කරා.මට දැන් ෆුල් අප්සෙට් මෙච්චර ෆිට් එකේ හිටපු අක්කා මා එක්ක තරහා වුනා.අනේ මන්දා කාට හරි කියන්න පුළුවන්ද මන් කරපු දේ හරිද වැරදිද කියලා.

           මන් ඒක එවෙලෙ නුදුන්නේ මගේ ජීවිතේ පෞද්ගලික දේවල් ගොඩක් මේ හා බැදිලා තියෙන නිසා.මේ බ්ලොග් එක වුනත් දුවන්නේ මගේ ඊ මේල් එක උඩ.මෙච්චර දවසක් ආදරෙන් ආසවෙන් කරන් ගිය මේකටත් කෙළ වුනොත් මන් අර අක්කා එක්ක රන්ඩු කරන්නද?.ඒකයි බැහැ කිව්වේ ඒත් මගේ හිතට හරි නැහැ

                   මන් තනියෙන් ඒ කියපු දේ වැරදිද මන්දා කියලා දැන් මට හිතෙනවා.ප්ලීස් මට කියන්න මන් වැරදිද?.මන් එවෙලේ බැහැයි කියපු එකට දැන් මගේ හිත විදවනවා

23 comments:

  1. 100% correct.වෙන සීන් එකකට ඕක ඉල්ලනවා වෙන්න පුලුවන්.සැලෙන්න එපා

    ReplyDelete
  2. @නදීර
    උබත් එහෙම හිතන එක මට සැනසීමක් මචන්.

    ReplyDelete
  3. 10000% Correctඅක්කලට තියා තමන්ගේ කෙල්ලටවත් දෙන්න එපා(එහෙම දිපු උන් ෆෙස්බුක් එකවුන්ට් වහල දාලත් තියෙයි ) ,

    ReplyDelete
  4. අනිවා, මලාට පාස්වර්ඩ් එක නම් දෙන්න එපා

    නොදීම බැරි නම් මේල් එක දීලා පාස්වර්ඩ් එක වැරදි එකක් දෙන්න, දීලා ඉතින් ලොග් වෙන්න බෑ කිව්වොත් කියන්න එහෙම වෙන්න විදිහක් නෑ කියලා, එහෙන් බෑ මයි කිව්වොත් ඉතින් උබටත් කියන්න තියෙන්නේ අනේ මගෙ මේල් එක හැක් කරලා අක්කේ කියලා ශේප් වෙන්න :D

    ReplyDelete
  5. machan ara wadeta set wennada danne na....hehe. prawesamen....:P

    ReplyDelete
  6. hariyata hari kollo. dennanam epa kiyatawath. ubata uba tharama kawawath wishwasa karanna bene

    ReplyDelete
  7. වැරදියි කිව්වා කවුද කිව්වේ...????
    සම්පූර්ණයෙන්ම හරි දෙයක් කරලා තියෙන්නෙ.කාටවත් මොකටද තමුන්ගෙ පාස් වර්ඩ් දෙන්නෙ.

    ReplyDelete
  8. ela ela oka nokarapu eke kisi prashnayak na yaluwa oyata wada wenna deyak na kotiak senaga nikan email pawichchi karanawa
    ata kadenawaye oka hadagattanam alutin oya hari yaluwa

    ReplyDelete
  9. මලා..නිකමට වෙච්ච වැඩේ,pwrd එක නොදිපු එක ගැන හිතන්න එපා මචා..උබ කරපු දේ හරි,එත් අර මෑන් passwordඑක ඉල්ලුවෙ මොකටද කියල හොයල බලහන්..??.

    ReplyDelete
  10. මොන මගුලටද බන් උබේ පාස්වර්ඩ් එක උන්ට ඕනෙ නං ඊ ලිපිනයක් හදාගන්ඩ බැරියැ ......... ඕක ඉල්ලන්ඩ ඇත්තෙ අරූ ගෙ මොකක් හරි ජල්තර සීන් එකකට ..........ඕය වගේ එවුන් නැති තරමට හොදයි...

    ReplyDelete
  11. @බුවා අයියේ
    එහෙනම් මන් හරිනේ?

    @ඩාර්ක්නෙට්
    :D ආයේ ඉල්ලුවොත් එහෙම කියන්නම්

    @ශම්මියා
    මොන වැඩේද බන්?.confuse.

    @ඇනෝ
    ඕව් සහෝ මට මන් තරම් ශුවර් කවුරුත් නෑ තමා

    @නිසුපා අක්ස්
    ඒක තමා මන් කෙළින්ම ඇබරෙන්නේ නැතුව බැහැ කිව්වේ.

    @දේදුනු
    තෑන්ක්ස් මචන්

    @ඇනෝ2
    ඕව් බන් මට වෙච්චි දෙයක්.අනේ මන්දා බන් උට මගේ පාස්වර්ඩ් එක මොකටද කියලා මට හිතාගන්න බෑ

    @සමීර
    උගේ ජල්තර සීන් වලට මේ නිකමා අහුවෙයි.:P

    කට්ටියටම තැන්ක් යු වේවා කිව්වා එහෙනම් මේ පැත්තේ ආවට

    ReplyDelete
  12. යකෝ.. තොට පිස්සුද ????.වැරදි උබ නෙමේ.උබේ පාස්වර්ඩ් 1 ඉල්ලපු එකායි වැරදියි.ඌ ඔච්චර දෙයක් දන්නවනම් උගේ ඉමේල් එකෙන් ලොග් වෙනවනේ.

    ReplyDelete
  13. අර ආපු බුවත් මාර IT බුවෙක් නේ...කරපු දේ හරි....ගනං ගන්න එපා.....

    ReplyDelete
  14. @Kc
    ඒක තමා බන් මේක අනිවා වෙන මොකක් හරි වැඩකට තමා ඉල්ලලා ඇත්තේ.

    @ඔබ නොදුටු ලොවක්
    තැන්ක්ස් සහෝදරයා මේ පැත්තේ ආවට

    ReplyDelete
  15. උඹ කරපු දේ 100% හරි බන්... මගේ පාස්වර්ඩ් මම අම්ම තාත්තටවත් දෙන්නෙ නෑ... හංගන්න දේවල් තිබුනත් තමන්ගෙ පාස්වර්ඩ් අනිත් උන්ට දෙන්නෙ අහවල් මගුලකටද?

    ReplyDelete
  16. You are 100% correct.
    Akka kiyala privacy eka ehema denna puluwanda man ahanne...
    :D

    ReplyDelete
  17. අක්කනං හරි කියමුකො ගොංකමට හරි ඉල්ලුව කියල අතාරින්න බැරිය! ඒ වගේද අරූ.... ඌ මොකාටද එන්න හැදුවෙ කියල මාත් කල්පනා කලේ.

    ReplyDelete
  18. @සාතන්
    ඒක නම් සහතික ඇත්ත සහෝ

    @අන්ජුල
    :ඩි ඒක නේන්නම්

    @රාජ්
    ඒක තමා සහෝ මට තාම හිතාගන්න බැරි.මේ පැත්තේ ආවට ස්තුතියි

    ReplyDelete
  19. මම නම් හිතන්නේ කාට වුනත් ඒක දෙන්න ඕන නෑ, අනිත් එක එහෙම ඉල්ලන එකත් වැරදියිනේ... තරහ වුනත් කරන්න දෙයක් නෑ ඒකට. ඒක නිකම් තමන්ගේ කෙල්ල ව ඉල්ලනවා වගේ වැඩක්නේ!

    ReplyDelete
  20. තමන්ගෙ පුද්ගලික දෙයක් මොකටද සහෝ පිට එකෙක්ට දෙන්නෙ.අනික ඒක දීල උඹට කෙලවෙන වැඩක් වුනානම් එහෙම.උඹ කරපු වැඩේ 100% නිවැරදීයි කියලයි මම නම් කියන්නෙ.සැලෙන්න එපා කොල්ලා....

    ReplyDelete
  21. ඔය ඉන්ටර්නෙට් හදන්න ආපු බූරුවා හොරෙකද කොහෙද? නැත්නම් ටෙස් කරන්න ඔයාගෙ එක ඉල්ලන්නේ මොකටද? ඌගේ එකට ලොග් වෙන්න තිබුනනේ

    ReplyDelete
  22. @මගේ දිනපොත
    එළ මචන්

    @ළහිරු
    ඒක තමා සහෝ දැන් මටත් හිතෙනවා මං එදා කරපු දේ හරි කියලා.

    @ශානක
    එළ කොල්ලා

    @ශාරද
    මටත් තාම හිතා ගන්න බැරි ඒක තමා සහෝ.ඒ යකා එක්කෝ මාව බුරුවෙක්‌ කරන්න හැදුවා නැත්තන් ඒ යකා හෙන බුරුවෙක්‌.

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!