Wednesday, April 25, 2012

81 ගෑණු ළමයින්ට අපි සෙල්ලම් බඩුද?



හොදම මිතුරෙකුගේ ඉල්ලීම පරිදි ඔහු විසින්ම රචිතව පළ කරන ලදී!


යාලුවනේ මගේ නම ඉඳුනිල්...
මේක තමයි මගේ ආදර කතාව. මේක කියවල බලලා මොකද හිතෙන්නේ කියලා කියන්න බලන්න. එක මට ලොකු ශක්තියක් 
වේවි මගේ හිත ටිකක් හරි හදාගන්න.



මම ඉපදුනේ මාතර. හැබැයි Grade 9 වලින් පස්සේ මම රාගම ඉස්කෝලෙකට ආව.ඔය විදියට කාලේ ගෙවිල ගියා.
.මම 11 වසරේදී ජිවිතේ පලවෙනි වතාවට කෙල්ලෙක් ගැන ආදරයක් ඇති උනා හරියටම 2006.08.26....එයා අපේ ඉස්කෝලෙම 
ඉගෙන ගත්ත ගැණු ළමයෙක්. මට වඩා අවරුදු 2 ක් විතර බාලයි. (එයාගේ නම කියන එක හොද නැහැනේ. එක හින්ද අපි එයාට " D " 
කියල කියමු.


මුලින්ම මේක හිතේ විතරක් තියාගෙන කාටවත් නොකියා ඉන්න හැදුවට ටික කාලයක් යද්දී එහෙම කරන්න අමාරු උනා. 
(අදරෙයි, කැස්සයි හංගන්න බෑ කියල කතාවකුත් තියෙනවනේ)


ඔන්න ඉතින් මං මගේ හොදම යාලුවට මේ ගැන කිව්වා.. ඌ කිව්ව විදියට තාම එයාට කොල්ලෙක් නැහැ. හැබැයි එකෙක් talk 
කරනවා. (අපි ඉතින් වලක් කැපුවොත් ඒකටත් ගෙම්බෝ පනිනවා.) ඔන්න ඕන මගුලක් වෙච්චාවේ කියල මමත් හීනියට line 
පාරක් දැම්ම. ටික දවසක් ඔහොම ගෙවිල ගියා. දැන් කොල්ලෝ දෙන්න කරට කර එක කෙල්ලට talk කරනවා.
 (විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ ) මං එයාගෙන් යාලුවෙන්න අහල සති 3 කට විතර පස්සේ එයා මට කැමැත්ත දුන්න. 
(අම්මෝ ඉතින් පව්ලක් උනාම හිතට දැනෙන සතුට) 


මිට කලින් love කරලා නැති උනත් මට දෙන්න පුළුවන් උපරිම ආදරේ මම එයාට දුන්න. එයත් මට ගොඩක් ආදරේ කරා. 
මගේ හදවතට එක දැනුන. එක හින්ද එයා ගැන අහිතක් හිතන්න මට කිසිම හේතුවක් තිබුනේ නැහැ. එයා හැමදාම හැම වෙලාවේම
 මගේ ගැන හෙව්වා. මගේ ප්‍රශ්න මම එයාට කිව්ව. එයාට පුළුවන් විදියට මගේ problems වලට උදව් කරා. මමත් එයාගේ 
හැම දේකදිම එයාගේ ලගින් හිටියා. මට පුළුවන් උපරිමයෙන්ම උදව් කරා. අන්තිමට අපි දෙන්නට අපිව නැතුවම බැරි උනා. එයා 
හැම වෙලාවකම කිව්වේ " ඉඳුනිල් අයියේ කවදාවත් මව දාල යන්න එපා" කියලයි. කවදාවත් එයාව දාල යන අදහසක් මගේ තුන් 
හිතකවත් තිබුනේ නැහැ. මට ඕන උනේ හැමදාටම එයාව මගේ කරගෙන එයත් එක්ක ජිවත් වෙන්න. 


එයා 11 වසරට අවට පස්සේ තමි අපි මුලින්ම ෆිල්ම් එකක් බලන්න ගියේ. (යාලුවනේ මං ගැන වැරදියට හිතන්න එපා...මං හරි 
අහිංසකයා........  ) අපිට පුළුවන් හැම වෙලාවේම අපි ලං වෙලා හිටියා. එයාට mobile එකක් තිබුනේ නැහැ. mobile එ
කක් use කරන්න ගෙදරින් අවසර දීල තිබුනෙත් නැහැ. මම සමහර දවසට මගේ ලග තිබුන extra mobile ෆෝන්
 එක එයාට ගෙදර අරන් යන්න දුන්නා. එයා ඒක අරන් ගියේ ගෙදර අයට හොරෙන්. එහෙම දවසර අපි උදේ වෙනකල්ම ෆෝන් 
එකෙන් කතා කරා. අපිට කතා කරන්න ගොඩක් දේවල් තිබුනා. අනාගතේදී කරන්න ඕන දේවල් ගොඩක් අපි plan කරා. 
සිහින මාලිගා 1 ක් නෙමෙයි ගොඩක් හැදුවා. (අයියෝ සල්ලි)


ඔය විදියට කාලේ ගෙවිල ගියා. මං A/L කරලා ඉස්කෝලෙන් අස් උනා. හැබැය් හිතකින් නෙමෙයි. මං එයාට මගේ extra 
ෆෝන් ඒක තියාගන්න දුන්නා. එයා ගෙදරට හොරෙන් හැමදාම රෑට මට කතා කරා. දවසක් රෑ අපි ෆෝන් එකෙන් කතා කරද්දී එයා 
මට කිව්ව එයාට ඒ වෙලාවේම මාව meet වෙන්න ඕනේ කියල. එත් ඒ මහ රෑ මම කොහොමද එයාව බලන්න යන්නේ?? මං 
කොච්චර කිව්වත් එයා ඒක තේරුම් ගත්තේ නැහැ. (මටත් එයාව බලන්න ඕනෑකමක් තිබුනා) මොනවා උනත් කමක් නෑ කියල හිතල
 මම අපේ ගෙදර ගේට්ටුවෙන් පැනල රාගම town එකට ඇවිත් එතනින් ත්‍රීවිල් එකක් අරන් එයාගේ ගේ ලගට ගියා. එයාගේ 
room එකේ ජනේලේ ලගට ගිහින් එයා එක්ක උදේ වෙනකල් කතා කරා කරා හිටියා. එදා ඉදන් මං හැමදාම එයාගේ room 
එකේ ජනේලේ ලගට ගිහින් එයා එක්ක උදේ වෙනකල් කතා කරනවා.. දවසක් රෑ මං ගෙදර නෑ කියල කොහොම හරි අපේ ගෙදර 
කට්ටිය දැනගෙන.. ( එදා උදේ ඉතින් අපේ ගෙදර මොනවද උනේ කියල ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ) එදා ඉඳල 
මම යන එන තැන් ගැන වැඩිපුර හොයන්න පටන් ගත්තා. හවස 6 න් පස්සේ ගෙදරින් එලියට බහින ඒක මට තහනම් කරා... 
(මං පව් නේද..??) 


ඉතින් ඔය දේවල් නිසා මට එයාව meet වෙන්න බැරි උනා. එත් මං හැමදාම මගේ සිතින් එයාගේ ලග හිටියේ. ටික දවසක් යද්දී 
එයා මට රෑට call කරන ඒක අඩු කරා. (පාඩම් කරන්න ඕන හින්ද කියලයි එයා මට කිව්වේ.) එයාට O/L ළඟ හින්ද මමත් ඒකට 
කැමති උනා. ඔය විදියට හැමදාම රෑට අපි කතා කරන ඒක විනාඩි 15 ක් 20 ක් වගේ සුළු කාලයකට සීමා උනා. දවසක් රෑ එයා මට call 
කරේ නැහැ. මං හිතුවා පාඩම් කරනවා ඇති කියලා. එත් මම රෑ 2 ට විතර එයාට call කරහම call waiting වැටුනා.
 මං හොදටම බය උනා. කව්ද මේ වෙලාවේ එයාට කතා කරන්නේ?????? ටික වෙලාවකින් එයා මට කතා කරා. ඒ වෙලාවේ එයා කිව්වේ 
යාලුවෙක් කතා කරා කියලා. .. 


ඔහොම ටික දවසකින් එයා මට call කරන එක නතර කරා. massage ආවෙත් නැහැ. මං රෑට call කරන හැම වෙලාවකම
 එයාගේ ෆෝන් එක waiting වැටුනා. සතියකට විතර පස්සේ එයා මට යාලුවෙක් අතේ ලියුමක් එවල තිබුනා. එකත් එක්කම 
මම එයාට දුන්නා ෆෝන් එකත් එවලා තිබුනා. එයාගේ ලියුමේ කියලා තිබුනේ " ඉඳුනිල් අයියේ ඔය මට අනවශ්‍ය විදියට ගොඩක් ලං
 උනා.මම එකත් කැමති නැහැ. එක හින්ද අපි මේ සම්බන්දය නතර කරමු.ඔයාට කවදාහරි හොද girl කෙනෙක් ලැබෙයි කියලා..........
මට අදහගන්න බැරි උනා. මං පනටත් වඩා අදෙරේ කරපු, මං මටත් වඩා විස්වාස කරපු කෙල්ල දැන් මව දාල යනවා. මං කොහොමද එයාව 
නවත්තන්නේ?? මං එයාගේ යාළුවන් අතේ එයාට ලියුම් යැව්වා. එයාව meet වෙන්න ඉස්කෝලේ ගාවට ගියා. (මං එයාගෙන් ආදරේ හිගාකෑවා) එත් මට අන්තිමට උරුම උනේ මතකය විතරයි.. අවරුදු 4 ක මතක 
විතරක් ඉතුරු කරලා එයා මගේ ආදරේට සමු දුන්නා. 


මේ සිද්දිය වෙලා දැන් අවුරුද්දකටත් වැඩියි. පස්සේ මට දැනගන්න ලැබුන එයා
 වෙන boy කෙනෙක් එක්ක යාලු වෙලා කියලා. එයත් රාගම කොල්ලෙක්. මම ගිහින් ඒ boy එක්ක කතා කරා. එයා කියපු 
විදියට "D " මාත් එක්ක යාලු වෙලා ඉද්දීම තමයි අර කොල්ල එක්ක යාලු වෙලා තියෙන්නේ... මට ඊට වඩා දෙයක් දැනගන්න 
ඕන උනේ නැහැ. මං ඒ කොල්ලගෙන් ඉල්ලපු එකම දේ "D " ට කවදාවත් දුකක් දෙන්න එපා කියල.. ඊට පස්සේ මම "D " 
ගේ අලුත් ලෝකෙට ඇතුල් උනේ නැහැ. මං එයාට call කරේ නැහැ. එයාව බලන්න ගියේ නැහැ. මට එයාව ඊට පස්සේ meet 
උනෙත් නැහැ. එත් හරියටම 2012.04.22 දා මං අහම්බෙන් එයාව දැක්ක. එයත් මව දැක්කා. එයාව දැක්කම මගේ system 
අප්සෙට් උනා වගේ. එයා මගේ දිහා බලන් හිටියා. මං හොඳටම දැක්කා එයාගේ ඇස් වලින් කිව්වේ "ඉඳුනිල් අයියේ මට ඔයාට 
කියන්න ගොඩක් දේවල් තියෙනවා" කියලයි. මට හිතාගන්න බැරි උනා මං මොනවා කරන්නද කියලා. මම ඉක්මනට එතනින් ආව.....


යාලුවනේ මං එයා කියන්න හදන දේ අහන්න ඕනෙද??? නැද්ද??? මට මුකුත් හිතාගන්න බෑ.. මට මේ දේවල් කියන්න කව්රුවත්
 නැහැ. පුලුවන්නම් මට ඔයාලගේ අදහස් කියන්න...එක මට ලොකු උදව්වක් වේවි......


(ෆොටෝස් දැම්මේ මං ඈ,මං කිව්වේ නිශාන් )

81 comments:

  1. මට නම් කියන්න තියෙන්නේ මචන් ගිය අය ගැන හිතන්න එපා.මොකද එයා දැන් මොනවා කියන්න වගේ හැදුවත් එයා ගිහින් ඉවරනේ.ඔයාට ක‍රපු දේම ඒ කොල්ලටත් කරන්න පුළුවන් එයා ගැන හිතන එකත් ඔයා කරන්නේ කාලය කන එකක් බන්.ගිය අය ගැන හිතන්න එපා උබට රත්තරන් කෙල්ලෙක් හම්බෙයි.

    ReplyDelete
    Replies
    1. k*mbak nisa nahinna epa oi... oya hama ekatama thiyenne ekama gajat eka thamayi... gathi guna honda kellek hoya ganin... ada kaale innenam amu gon hali... unta danne ude indala beauty kachal karanna witharai... aduma tharame parippuwakwath uya ganna ba..

      Delete
  2. thanks මචන් නිශාන්...

    ReplyDelete
  3. ඉඳුනිල්=මඩිස්සලේ නිශාන්

    ReplyDelete
    Replies
    1. හෑ මේ මොකෑ බන් 5 පාරක්ම?
      ඉදුනිල් කියන්නේ මගේ යාලුවෙක් බන් ඔය උඩ කොමන්ට් කරලා තියෙන්නේ.

      Delete
    2. පොඩ්ඩක් අවුල් ගියා බොල
      කොල්ලා මෙහෙම කිව්වට තරහා වෙන්න එපා බූට් කියලා ගහල ගූගල් සර්ච් දීලා බලපන් ඊට පස්සෙ උත්තර ඕනතරං ඒවි

      Delete
    3. ආවා බන් ලස්සන ලස්සන බූට්‌ සපත්තුවල පින්තූර :D

      Delete
  4. ඉදුනිල් අයියෝ.....
    මමත් විශ්වාස කරන්නෙම නිශාන් අයිය කියපු දේම තමයි.....

    ඒත් ඔයා එකම එකපාරක් ඒ දරුවව හම්බවෙලා බලන්න......

    ReplyDelete
    Replies
    1. එයා දරුවෙක් උනේ කෝමෙයි.

      Delete
  5. මටත් ඒ වගේ සිද්ධියක් වුණා. ආදරය කරපු කෙනෙක් කවදාවත් අමතක කරන්න බෑ. ඒක එහෙමයි කියනවා නම් බොරුවක්. මම හිතන්නේ එයා එක්ක කතා කරන්න. ඒත් එයා බොරුවක් කරනවා කියලා හිතුනොත් ඈත් වෙන්න. රෑ වැටුණු වලේ දවල් නොවැටෙන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් ඒ පාරේ නොයා ඉඳීම. අනිත් එක, වලක් ඇති බව දැනගෙන ප්‍රවේශමෙන් යාම. මම කියන්නේ දෙවන ක්‍රමය අනුගමනය කරන්න. හැබැයි පරිස්සමින්.

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් කාරයෝ කියද්දී අපි මොකටද :)

      Delete
    2. ඇත්තටම ආද්‍රේට ආද්‍රේ කරා නන උඹ කියන එකක්වත් කරන්න බෑ,., ඒත් ඒක කරන්න උත්සාහ කරන එක තමයි හොද,.,.,

      HeMaDeYaKmA ™--..:;

      Delete
  6. මම නම් කියන්නෙ එයා ගිය පාරක වත් ඔයා යන්න එපා..!!

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් තියෙන උදවිය කියන ඒවා අපි අහනවා

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මුසාවකි ඔබ පැවසුයේ,., ඇය ගියා පාරේ මට යන්නට බැරි,., ඇයි,., ඇය ගියා නම් මටද යා හැක මමද යමි,.,නමුදු මට ඔවැනි තත්වයක් තවම උදාවී නොමැත

      HeMaDeYaKmA ™--..:;

      Delete
  7. මටත් ඔය සමානවම අද්දැකීමක් තියෙනවා යාලුවනේ... කවදාවත් අයේ ඔය කෙල්ලව විස්වාස කරන්න එපා..ඔය වගේ අයට කොය්තරම් ආදරේ කලත් වැඩක් නැහැ..එක නිසා ඔයා ඕක අමතක කරලා දාන්න.. ඔයා හොද කෙනෙක්නම් ඔයාට කවදාවත් වරදින එකක් නැහැ. හැම දේම වෙන්නේ ඔයාගෙම හොදට කියලා හිතන්න.
    වින්චෑට කිරිල්ලි කියනවා වගේ .. ඔයා එයා යන පාරකවත් යන්න එපා ඕන්....

    ReplyDelete
  8. මීවිත පිරැණා මැදියම් රෑ
    ඹබ නැති පාලුව දැනුණා ඉවසුම් නෑ
    නෙතළග සීතල දැනුණා කදුලක් තාලෙට හැලුනා
    මා හද හැඩුවා ඹබ දන්නෑ........

    සියොලග තෙමුණා තුරැලට වී
    සද ගිනිගත්තා උනුසුම් වී
    මතකය පමණයි ඈ මියදේ
    මේ තනි යහනේ මා තනිවී
    නෙතළග සීතල දැනුණා කදුලක් තාලෙට හැලුනා
    මා හද හැඩුවා ඹබ දන්නෑ..........

    මීවිත පිරැණා මැදියම් රෑ
    ඹබ නැති පාලුව දැනුණා ඉවසුම් නෑ
    නෙතළග සීතල දැනුණා කදුලක් තාලෙට හැලුනා
    මා හද හැඩුවා ඹබ දන්නෑ......

    වාවනු බෑ හිත ගිනගත්තේ
    මට උනුසුම විතරයි ඹබ ඉද්දී
    සුදුපාටින් නෑ ඹබ සැරසී
    ඹය නිල්නෙතුවියනයි අද ලියවී
    නෙතළග සීතල දැනුණා කදුලක් තාලෙට හැලුනා
    මා හද හැඩුවා ඹබ දන්නෑ..........


    මීවිත පිරැණා මැදියම් රෑ
    ඹබ නැති පාලුව දැනුණා ඉවසුම් නෑ
    නෙතළග සීතල දැනුණා කදුලක් තාලෙට හැලුනා
    මා හද හැඩුවා ඹබ දන්නෑ........

    මචං ඉදුනිල් මචං නිශාන් බොක්කට වැදෙන කතාවක් ආ...

    ReplyDelete
    Replies
    1. ow machan den mamath inne bokka kora wela...

      Delete
    2. @චතුරංග
      මේ කෙල්ල මැරිලා නැහැ බන් :)

      Delete
  9. ඉතින් මොකක්ද මේකට කියන්නෙ?
    මේකට දෙන්න ඕනෙ උත්තරේ නිශාන් අයිති සංස්කෘතියට අනුව වෙනස්.
    අර මේ ලඟදි හම්බවුන වෙලාවෙ ඇස් වලින් කියවෙච්ච පණිවිඩේ නිවැරදිද, නිශාන්ට හිතිච්ච හැටිද, නැත්නම් තේරුම ගත්ත හැටිද කියලා දෙයියො තමයි දන්නෙ.
    නිශාන් ඒක වැරදියට තේරුම් ගත්තානම්
    සරලම ප්‍රශ්ණය "රෑ වැටිච්ච වලේ දවලුත් වැටෙන්නද යන්නෙ?"
    එහෙම නැත්නම්....

    henryblogwalker the Dude
    (boot analyst and consultant)

    ReplyDelete
    Replies
    1. මේක මට වුනු දෙයක් නෙවේයෝ :)

      henryblogwalker the Dude
      (boot analyst and consultant)
      හප්පේ වටිනා කියන මනුස්සෙක්නේ බැරිද කන්ටක්ට් නම්බරයක් දෙන්න හිහි

      Delete
  10. සමහරවිට දැන් එයාට වරද තේරිලා ඇති..ඒත් එක පාරක් එපා අය ඕනෙම නෑ කියල මටනම් හිතෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා

      එක වරක් ඔබට මා
      එපා නම්
      සිය දහස් වාරයක් එපා මට
      ඔබ එපා

      Delete
    2. ඔය කතාවට මම 100%ක් එකඟ වෙනවා..එත් සැරින් සැරේ මතක් වෙන එක තමය් එකම අව්ල.... :( හැබය් 2nd time වලේ වැටෙන්න මම කැමති නැහැ...හිතින් විඳපු දුක දන්නේ මම විතරය්..........මොනවා කරන්නද මන්දා

      Delete
    3. උඹ විතරක් නෙවෙයි ඉදුනිල් ඒකිත් කැමති නෑ,.,., අනිවා,., මම හිතන්නේ,.,

      HeMaDeYaKmA ™--..:;

      Delete
  11. ඉතුරු ටිකත් කියන්න....

    බලමු එතකොට කලයුතු දේ මොකක්ද කියල.....

    මට හොඳටම දැනෙන දෙයක් තියෙනව.... අපි ඔය නමය දහය වසරවල් වලදි පවත්වන සම්බන්දතා ගොඩක් දුරට ආදරේ නෙමෙයි... ඒ වචනෙ ඒකට ගැළපෙන්නෙ නෑ..... ඒක ටිකක් විතර පුදුම ආශාවක් වගේ දෙයක්...... (ගොඩක් දුරට කියල මම කිවුවෙ ඒ වයසෙදි ඒ වගේ ආදරයක් තේරුම් ගන්න අයත් ඉන්න න්සයි )

    ReplyDelete
    Replies
    1. eya katha karapu widiyata nam mata therune eya adare kiyana de godak adurane kenek kiyalay..eya hama welawema kiuwe ammagei thaththagei kamaththa athuwa karana deyak karamu..ekata api hodata igena gena imu kiyala..ithin e wage deyak eyata therum ganna puluwan nam....???

      Delete
  12. ඒ කෙල්ලව ලන් කරගන්නවද කියන එක උඹම මොලේ කල්පනා කරල තීරණය කරපන්... අපි මොනා කිව්වත් තීරණය ගන්න ඕන උඹ... වැඩේ අවුලක් නැතුව ගොඩ ගියොත් ලකුණු දාගන්න කස්ටිය හිටියට කෙලවුනොත් මම කියපු විදිහට කරලයි කෙලවුනේ කියන්න එකෙක්වත් නෑ කියන එක මතක තියාගනින්...

    මගේ මතය නම්,
    එක වරක් ඔබට මා එපා නම්...
    සිය දහස් වාරයක් එපා මට ඔබ එපා...

    ReplyDelete
    Replies
    1. thanks machaaaan

      Delete
    2. හරියටම හරි,.,., උඹ කතාව ලියල,., අඉට හිද රසවින්දනයක් ලබාදුන්න,., ඒත් මේ ප්‍රශ්නෙට,., උඹ උඹෙම පිලිතුරක් හොයා ගනින්,., මොකද අපි කවුරුවත් ඔය කෙල්ල ගැනවත් උඹ ගැනවත් ද්න්නෙ නැහැ,., ඉතින් අපි කියන්නෙ අපිට හිතෙන අපේ විදියට,., ඒව උඹට ගැලපෙයිද කියල කවුද ඩ්හන්නේ,.,(එක සමාන මිනිසුන් මෙලොව නොමැත)


      HeMaDeYaKmA ™--..:;

      Delete
  13. මාත් කිව්වා ඈ ඔය සින්දුව උඩ :D

    ReplyDelete
    Replies
    1. උඹ ඒ සින්දුව කිව්වේ කතාවක් වගේනේ බන්....

      Delete
  14. කියන දේ අහනවා කියන්නෙ නැවත ආරම්භයක්. කැමැත්තක් කරපං. මොනව වෙලාද දන්නෙ නැහැ උබව මතක් වුනේ..

    ජය !

    ReplyDelete
    Replies
    1. මගේ system upset උනා වගේ එයටත් උනාද දන්නේ නෑ...

      Delete
  15. අල්ලල දාන්න කියහන් බං... ඒකිට එකපාරක් එප නං අපිටත් ඕනේ නෑ.. අපිට ආදරේ කරන්නේ නැති කෙනෙක්ට අපි ලව් කරල මොකටද... ඔයිට වැඩිය හොඳ වෙන කෙල්ලෙක් හොයාගනින්...! :D

    ~ මාතරේ

    ReplyDelete
  16. thanks machan....

    ReplyDelete
  17. මට කියන්න තියෙන්නේ මෙච්චරයි මචෝ...... "පලුදු බඳුන ඕන වෙන්නේ නෑ"

    ReplyDelete
  18. මලිත්ට ගහද්දි චංචලා අඬන්නේ ඇයි !!!

    මල්ලි හරි මල්ලි !!!
    කෙල්ලෝ හිතන්නේ අපි සෙල්ලම් බඩුය කියලා. ඒ තර හොද කෙල්ලොත් නැතුවම නෙමේ !

    ReplyDelete
  19. 1 පාරක් ජීවිතේ සොහොන් පිට්ටනියක් කරපු කෙනෙක් අයෙත් ආවම මිහිපිට අපායකටත් වඩා දරුණු වෙන්න පුළුවන්. මම කියන්නෙත් කිරිල්ලි කියපු දේම තමයි. පාරක යන්නවත් හැරිලා බලන්නවත් එපා. දුක අහන්න කොහොමටවත් එපා.

    ReplyDelete
    Replies
    1. thanks machan

      Delete
    2. @ඉදුනිල්
      මචන්? මචන් නෙවේ යකෝ ඇන්ටි කියපන් :)

      Delete
    3. ayyo sorry :(

      Delete
  20. මට දෙපාරක එක්ස්පිරිඅන්ස් තියෙනවා බන් :D උන්ට එක පාරක් අපිව එපානම් අපිට සිය පාරක් එපා බන් අපි උන්ගේ ඇත පල්ලෙන් වැටිලය? අතීතය සිහිනයක් පමණයි

    ReplyDelete
  21. කවුද බං අර චිත්‍ර ඇන්දෙ? ඒක මරුනෙ..

    ReplyDelete
    Replies
    1. අර යටින් සයින් එක දාලා තියෙන එකා බන් මම නම් නෙවේ.

      Delete
  22. aiyoooo m hithuwe story eka thawa dura yai kiyala,oya aulama nounat oita wada tikak wenas aulaka matath thiyeawa bn,dan aurudu 3k thisse ane mnda ubata wage msg ekakwat mata avith na awath wachanna 2i 3i,uba oya kiyanna yanan de ahala balahan mkda kinne kila,eth eke aya ube hitha parei kiyala hithanawanan dparak hithala balapan,uba hitha hada genanan inne.mkda eka godak amaru deyak,mn hithanne eka gana mn tharan hodata danna kauruth na,bt mata thama eka kara ganna bari una :(

    ReplyDelete
  23. මචන් මේක ඇත්ත කතාවක් නම්,., මම පොඩී එකා උනත් අත්දැකීම් වලින් කියන්නෙ,., එක පාරක් ඒකි කියන දේ අහපන්,., ඒ ඒකි උඹට ඒ කාලෙ කරපු ආදරේට ඒකිට කරන උපකාරයක් හැටියට,., ඒත් කවදාවත් එහෙම කතා කලා කියල ඒකි උඹෙ ජීවිතයට ලන් කරගන්න එපා,., හැබැයි,.,

    1"එක පාරක් මට්ටු වෙච්ච කෙල්ලෙක් ආයෙමත් ඒ වරද කරන්න පෙලඹෙන්නෙ නැහැ",.,

    හැබැයි,.,


    2"එක පාරක් ඒ වරද කරපු කෙනාට ඊලග පාර ඊට වඩා දක්ශ විදියට ඒ වරදම කරන්න පුලුවන්",., දෙකෙන් ,.,

    වෙයි කියල හිතෙන එක බලල ඒකිත් එක්ක යාලු නොවෙන වෙන කතා නොකරන කර එක තීරනය කරපන්

    HeMaDeYaKmA ™--..:;

    ReplyDelete
    Replies
    1. මං දන්න තරමින් මේක ඇත්ත කතාවක්!

      Delete
  24. මේක මට සෑහෙන්න වටිනවා වගේ මොකද මමත් දැන් ලව් කියන පාරට අඩිය තියන්නයි යන්නේ. කෝකටත් කොල්ලෝ හොඳ නැද්ද කෙල්ල කියන්න යන්නේ මොකක්ද කියලා එකපාරක් අහලා බැළුවොත් . ජය!!

    ReplyDelete
  25. ගිය යකාට යන්නම දීපන් බන්.. ඔය වගේ විශ්වාස කරන්ඩ බැරි වුන් එක්ක කොහොමද බන් ජීවිත කාලයක් එකට ගත කරන්නෙ ? අනාගතේදී උඹට එළ කෙල්ලෙක් සෙට් වෙයි.. එදාට උබට හිතෙයි අපෝ අරක ගිය එකමයි කාරිය කියලා..

    එච්චරයි..

    දැන් අතුරු ප්‍රශ්ණෙ. මේ උඹ කියපු අර රාගම පොර මේ මේ අපේ නි.. නි.. නිශාන් බුවා එහෙම නෙමේ නේද... !!!! :-)

    ReplyDelete
  26. රාගම කෙල්ලො බූට් දෙන්න දක්ෂයි.මම අත්දැකිමෙන් කියන්නේ.එල්ල ගන්ඩ නම් එපා කොල්ලො.මැරෙනකන් විදවන්ඩ ඔන නම් ආයෙත් පලයන්.රිටන් එකක් දෙන්ඩ අදහසක් තියනවානම් කමක් නැ.හැබැයි රිටන් දෙන්ඩ ගිහින් එල්ල ගන්නවා නෙමෙයි

    ReplyDelete
    Replies
    1. :D
      අයියා රාගම කොහෙද?

      Delete
    2. aa thanks machan

      Delete
  27. අපෝ ..
    අහු වෙන්න එෆා බං..
    ඔයිට වඩා හොදයි වහ කාෆන්
    වල් බැල්ලියෝ..

    ReplyDelete
    Replies
    1. ammapa aththa... maga arinawa kiyala therenna patan gaththa gaman box eka kadapan ekkan gihin... eka hada ganna onenam ekita Rs 15000 k wiyadam karanna wenawa ne... tohomada tikiri mole... :P

      Delete
  28. මං නම් ඉගෙන ගත්ත එක දෙයක් තියෙනවා
    ඒ තමා අවස්ථාව ආෆු ගමන් කෙලවන්නම ඕන ..
    කෙලෙව්වත් යන එකී නම් යනවාතත
    එත් ගියත් හොදින් ඉන්න බෑ නේ..

    ReplyDelete
    Replies
    1. මචන් රිදෙන්නම බූට්‌ පාරක් කාලා වගේ :)

      Delete
  29. This comment has been removed by the author.

    ReplyDelete
  30. ඔය වගේ සිද්ධිනම් අනන්තවත් සමජයේ තියෙනවා යාලුවා.මටත් ඔය සමාන දෙයක් වුණා දැනට අවුරුදු 2 කට විතර කලින්.මොනවා කරන්නද ඉතින් යන අයට යන්න දෙනවා මිසක.ඒව ගැන තවදුරටත් හිතන එක තමන් තමන්ටම කරගන්න වැරැද්දක් වෙනවා මචං.තමන් හරි දේ කලානම් ඒකේ යහපත් ප්‍රතිපල කවදා හරි දවසක ලැබෙයි.මමනම් හිතන්නේ එහෙමයි.යම් කෙනෙකුට වෙන් වෙන්න සාධාරණ හේතු තියෙන්න පුලුවන්.ඒත්, එකක් හිතේ එකක් අතේ තියාගෙන වැඩ කරන අයට ඉක්මන්ටම වරදිනවා මචං.Don't Care.මමත් පණ වගේ ආදරය කරපු කෙනා වෙන කොල්ලෙක් එක්ක කොළඹ දී ඉන්නවා දැක්කාම මගේ පපුව දාගෙන ගියා.ඒත් මං ලඟට ගිහින් කතා කලා.අද මට හිතෙනවා මං එදා කතා නොකර අහක බලන් ගියානම් මොකද කියලා.මං හිතන්නේ මට ඉදිරියට වරදින්න විදියක් නෑ.මොකද මං දන්නවා මගේ හිත හොඳයි කියලා....

    ReplyDelete
    Replies
    1. බක්කා කියන්නෙත් ඔබමයි නේද සහෝ?
      ඔව් සහෝ දහසක් මල් අතරේ සුවද හමන මල් අඩුයි.කෙල්ලොත් ඒ වගේ තමා.

      Delete
    2. munge suwanda hamanawa periods kaaledi... ;)

      Delete
  31. ඔයිට වඩා හොඳයි බල්ලෙක් හදාගත්තනං......හකහකස්...හිකිස්...හිකිස් මම නම් පුල් නිකමෙක් නිකම්මනේ ඉන්නේ මගෙ වැඩේ අන්තර්ජංජාලෙට යෑමයි ගේම් කෙලීමයි විතරයි මමනම් ගෑනු හැත්තට කැමතිම නෑ පර බැල්ලියෝ නිකම් කකා නිකම් සිටීම වඩා හොඳයි...හිකි හිකිස් මගේ නිකම් ඉදගෙන හදපු බ්ලොග් එකට වරෙල්ලා------>>>> අන්තර්ජංජාලේ.නිකමාගේ-වැඩ.බ්ලොග්ඉස්පොට්.කොම්පැනි <<<<------------

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයාට මල පැනලා :)

      Delete
  32. හිතවත් සහෝ...(ඉදුනිල්ට),
    .......මචං ඉදුනිල්, මම පුද්ගලිකව නම් ඔයාව අදුරන්නෙ නැහැ...මට නම් මේ වේනතුරැ කෙල්ලෙක් ඉදලා නෑ........(ඒ මම ඒ සම්බන්දව වැඩි උනන්දුවක් නොකල නිසා වේන්න ඇති...) ඒක නිසා මට නම් තාම NO EXPERIENCES ඒනිසා ACTUALLY BUT BRO... මම උඔට එක අවවාදයක් දෙන්න කැමතියි. ඒ මේපාර උඔ මොලයෙන් වැඩ කරපන්...! කියල තමයි, මොකද ඔය කියන විදියට ආයි ඔයා ඒ GIRLව ආශ්‍රය කරනව නම්, (ගියපාර වගේ හදවතට ඉඩ නොදී, ඹළුව කල්පනා කරල තීරනයක් ගනිං සහෝ....) එක අතකට ඔය GIRLSව නැතුව ඊන්න එක හොදයි කියලත් මට නම් හිතෙනවා...ඒත් කොල්ලෙක් උනාම තමුන්ට කියලා පවුලක් ගොඩනගා ගතයුතුයි තමයා බං.... ඒත් ඔහොම සීන් ඇහුවම, එයාලව TRUST කරන්න අමාරැයි තමා. අම්මෝ...කියන්න දේවල් නම් ගොඩක් හිතට එනවා.... ඒත් මම උඔට දෙන එකම අවවාදය 'අපි තීරන ගතයුත්තේ හදවතින් නොව, බුද්ධියෙන් කියල තමයි...' එහෙනම්,
    ..............ජය

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න මචන් දැන් මේ ඉඳුනිල් කියන එකා වෙන කෙල්ලෙක්ට ලව්.හැබැයි ඒකිට ගිෆ්ට් එකකට දෙන්න ෆෝන්ස් මොඩ්ල් හොයන්න කියන්නේ අපිට :P

      Delete
    2. ඉඳුනිලා.....1/7/13, 12:27 AM

      උඹ මට කිව්වේ CDMA එකක් දෙන්න කියලනේ....එක දුන්න නම් 2 පාරටත් බූට් තමය් ... :D

      Delete
    3. මන් දෙන්න කිව්වා කියලා දියන්කෝ :P

      Delete
    4. kella yaalu welath nathuwa mu ekiya fon aran dennada hadanne... matanam penne indunil kiyanne morek wage... kello hina wela uge dath galinawada koheda... paw asaranaya...

      Delete
  33. TO නිශාන්,
    ඇත්තටම උඔනම් නියම පොරක් බං... සිරාවටම මේ ඉදුනිල් උබේ එල බොකක් බව පේනවා.. උඔ නියම පොරක් කිව්වේ, උඔ මෑන්ගේ පර්සනල් මැටර්ස් කෙලින්ම, උබේ බොලොගේ දාලා උඔ මෑන්ව මෙන්ටලි හෙල්ප් කලාට....

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ආ(කොලර් එක පොඩ්ඩක් උස්සමින් :))

      Delete
  34. දැනෙන්න ලියලා තියෙනවා නිශාන් අයියේ.. මටනම් කියන්න දෙයක් නෑ ; මොකෝ තාම 17 උනා විතරයිනේ. කොහොම උනත් බයත් හිතෙනවා. මොනා මොනා වෙයිද දන්නේ නෑ නේ ඉස්සරහට :@@@

    ReplyDelete
    Replies
    1. අවුරුදු 17යිනම් හොඳට ඉගෙන ගනින් කොල්ලෝ පස්සේ කෙල්ලෝම පස්සෙන් එයි!

      Delete
    2. salli thiyenawnam kello monawada ban... (athdakimen kiyanne)

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!