Tuesday, May 01, 2012

51 ඔබටත් බත් වල ගල් වැලි හැපෙනවද?

මොන මගුලක්ද මන්දා බත් කන්න ගත්තොත් ගල් අනේ අම්මේ හාල් හොදට ගරලා උයන්නකෝ!


හෑ යකෝ හැමදාම මං හාල් ගරලා තමා උයන්නේ උබ බම්බුවක් කියවනවා අනේ මං දන්නේ නැහැ මේවා උබේ පෙර කරුම ඒකනේ තොට විතරක් හැමදාම ගල් හැපෙන්නේ!



මේ අපේ ගෙදර වුන දෙබසක් නම් නෙවේ.ඒත් සමහර ගෙවල් වල සාමාන්‍යයි
මං හිතුවා මේ ගැන හොයලා බලන්න එතකොට මට කරුණු තුනක් අහුවුනා බත් වල හාල් තිබීම සම්බන්දයෙන්
ගෙදර ඔබට විතරක්ම ගල් වැලි හැපෙනවා නම් මේ කරුණු තුනෙන් දෙකක් අදාලයි.කියවල බලන්නකෝ



  • 1 පෙර කරුම
බෞද්ධයන් අතර තියෙන විශ්වාසයක්නේ කලින් ආත්ම වල කරපු පව් පිං මේ ආත්මෙදිත් පල දෙනවා කියලා.හොද යහපත් කෙනෙක්ට ඊලග ආත්මේ වරදින්නේ නැහැ කියලා තමා ගොඩක් වැඩිහිටියෝ කියන්නේ,ඒ වගේ පව් කරන මනුස්සෙක් නම් කට්ටිය බනිනවනෙ ඕකා මැරිලත් ඕවා ඕකාට පල දෙනවා ඒ විතරක් නෙවේ තව ආත්මෙක ඉපදෙනවා නම් බල්ලෙක් වෙලා උපදින්න ඕන කියලා


අන්න ඒ වගේ ඔබ ගිය ආත්මේ කරපු වැරදි වලට පඩිසන් දීමක් හැටියට මේ ආත්මේ සැනසීමෙන් කන්න ලැබෙන්නේ නැහැ.මේක මං අහලා දැනගත්තේ වැඩිහිටියෙක්ගෙන්.


ඉතින් හිතන්න ඔබටත් අම්මා කොච්චර හොදට හාල් ගරලා ඉව්වත්,ගල් වැලි නැති හාල් ගෙනල්ලා ඉව්වත්,කඩෙන් ගෙනල්ලා කෑවත් පවුලෙන්ම ඔබට විතරක්ම හැමදාම ගල් හැපෙනවා නම් සමහර විට ඒ පෙර කරුම විය හැක!.ඒකට ගන්න පුළුවන් පියවරක් නම් මං දන්නේ නැහැ වැඩිහිටියෙක්ගෙන් අහලා බලන්න



  • 2 අස්සේ ගල්
නැහැ නැහැ කුනුහබ්බයක් නෙවේ අපේ ගෙවල් වල දඟකාරයා හරි තාත්තා හරි වෙනත් කව්රු හරි වුනත් සමහර විට ඔය ගල් හැපිල්ලේන් පීඩා විදිනවා නම් පෙර කරුම විතරක් නෙවේ මේ කරුණත් බලපානවා


මොකක්ද මේ කරුමේ? හෑ
මේක කලින් වගේ කරුමයක් නෙවේ මේක තමා ටිකක් පිරිසිදු කම පිලිබදව!


ඒ කිව්වේ නියපොතු අස්සේ පොඩි පොඩි වැලි කැට සිරවී තිබිය හැක.පවුලේ තාත්තා කම්කරුවෙක් නම් වෙහෙස මහන්සි වී වැඩ කරන කම්කරුවෙක් නම් සමහර විට මෙම අත්දැකීම අත්විදිය හැක.මොකද කොච්චර සබන් ගාලා අත් සේදුවත් නියපොතු අස්සේ තියෙන වැලි කැට වගේ දේවල් යන්නේ නැහැ.බත් කද්දී ඒවා බත් එක්ක මිශ්‍රණය වෙලා බඩට යාමට ඉඩ ඇත!.එතකොට ගෙදර කොල්ලෙක් ඉන්නවා නම් දවස තිස්සෙම කොල්ලෝ එක්ක සෙල්ලම් කරලා කන ටයිම් එකට විතරක් ගෙදර ඉන්න කස්ටියටත් ඔය අත්දැකීම  
ලැබිය හැක.


ඒකට ඉතින් කරන්න පුළුවන් හොදම දේ කොටට නියපොතු කොටට කැපීම තමා.(හෑ එතකොට හදිසියටවත් අර අතන කහගන්න ඕන වුනොත් නියපොතු නැහැනේ බන්?)අඩුම තරමේ බත් කන අතේවත් නියපොතු කොටට කපා සිටීමෙන් මෙම තත්වය මග හැරිය හැක.



  • 3 ජාවාරම
තනියෙන් ගල් හැපෙන ඒවාට කරුණු දෙක තමා උඩ දැම්මේ!
මේ කරුණෙන් නම් මුළු පවුලටම ගල් වැලි හැපීය හැකි තත්වයක් තමා තියෙන්නේ.මරදගහ තමයි හාල් වලට ප්‍රසිද්ද.හාල් තොග පිටින් කොලබට ගේන්නේ ගොඩක් මරදගහමුලින්.ඔය තත්වය නිසා සමහරක් ජඩ කූට වෙළෙන්දෝ කරන වැඩක් තමයි හාල් කිලෝ 50කට වැලි ග්‍රෑම් 50ක් පමණ කලවම් කිරීම.මන් දන්නේ නැහැ මුන් මේ ක්‍රමයෙන් මොන ලාබයක් බලාපොරොත්තු වෙනවද කියලා ඒත් හිතන්න මරදගහමුලින් හාල් කිලෝග්‍රෑම් 50ක් නෙවේ දවසට ටොන් ගානක් හාල් පටවනවා ඉතින් ඔය ටොන් ගානට වැලි ග්‍රෑම් කොච්චර එකතු වෙනවද කියලා හදලා බලන්නකෝ.ටොන් එකකට වැලි කිලෝ එකක් පමණ කලවම් වෙනවා.(හැම වෙළෙන්දෙක්ම එහෙම නැහැ ඈ)


ඉතින් ඔය එකතු කරන වැලි වලින් කැට දෙක තුනක් අපේ පවුල්වලට හැපෙන්නේ නැති වෙන්න බැහැනේ.ඒකට නම් ඉතින් හොදට හාල් ගරලා ගන්නම වෙනවා නැත්තම් පිරිසිදු කරපුවා ගත්තා නම් හරි.ඉස්සරහට දන්සැල් එනවනේ ඒවායින් කද්දී හොදට හපලා කන්න වැලි කැටයක් දෙකක රහ බලන්න  ඕන නම්!




ඔය තමා ක්‍රම තුන මං හොයාගත්තා ඔයාටත් මෙච්චර කල් වැලි හැපුණා නම් උඩ කරුණු දෙකෙන් මොකක් හරි එකක් සමානද බලන්නකෝ


ඒ විතරක් නෙවේ 
කාන්තාවන්ට වගේ නෙවේ පිරිමින්ට හාල් හැපීම කෙසේ වෙතත් බඩට යන්න නම් හොද නැහැ(ඇයි බඩේ ගල් කියන ලෙඩේ හැදෙනවද?අනේ නැහැ ඒක නෙවේ) මොකද පිරිමි කෙනෙක්ගේ බඩට ගල් ගියොත් මුත්‍රා බොක්කට මොකක්ද එකක් වෙනවලු හම්මෝ!ඉතින් බඩට ගල් නොයන්න ඔයයි බලාගන්න ඕන ඈ.ඒ වගේම සැලකිය යුතු අනිත් කරුණ තමා ගල්,වැලි බත් වල පමණක් තිබිය හැකි නොවේ!




(♥)මාර්තු මාසේ පළවෙනිදා ලිව්වේ බුදි මතයි නිදි මතයි අතර වෙනස!
(♥)අප්‍රේල් මාසේ පළවෙනිදා ලිව්වේ තාක්ෂණයෙන් දියුණු වුන මගේ ආදරේ!

(කියෙව්වා නම් අනිවා කොමන්ට් එකක් දාලම යන්න ලිපිය සම්බන්දයෙන් එච්චරයිනෙ බලාපොරොත්තු වෙන්නේ මං)

51 comments:

  1. මට නම් වැලි වලට වඩා මාළුපිණි වලට දාන ගොරකා කෑලි තමා හැපෙන්නේ... දැම්මේ ගොරකා කෑලි 3 නම් ඒ 3 ම මටයි එන්නේ....

    ඒකත් පෙර කල අකුසලයක්ද නිශාන්???

    ReplyDelete
    Replies
    1. ඕව් ඕව් සමහර විට ඔයා ගිය ආත්මේ කාටහරි ගොරකා කවලා ඇති ඕනෑකමින්!

      Delete
    2. නැහැ මෙයා ගිය ආත්මේ ගොරක යකා චරිතය රගපාලා..

      Delete
    3. මටත් ඕක වෙනවා... මම නං කාලා දානවා :-)
      පට්ට ටේස්ට්.

      Delete
    4. @ අඩවි රජා,

      ගොරකා කෑවැකිද බන්..

      Delete
    5. @සෑමා
      අපි ඕවා දන්නේ නැහැ බන් :P

      @අඩවි රජා
      බැදලා ගත්තා නම් ගොරකත් ටේස්ට් තමයි බන් :)

      Delete
    6. වැදි ජනතාවට පුළුවන් ලූ ගොරකා දඩමස් වගේ උයන්ඩ.

      Delete
  2. හිකිස්‌ පට්ටයි මචෝ...

    ReplyDelete
  3. දැන් නම් කස්ටිය ගල් හැපුනට කෑගහන එකක් නැහැ.. :ඩී

    ReplyDelete
  4. අනේ හාදයො
    මෙච්චරකල් කෑවා වගේ ඉස්සරහටත් දන්නෑ වගේ ගිලල දාපන්.

    ReplyDelete
    Replies
    1. එපා බන් කොල්ලන්ට ගල්,වැලි බඩට යන්න හොද නැහැ

      Delete
  5. මම නං එකසැරයක් හැපෙනකොටම ගිලල දානව. උයන කෙනා ගල් අල්ලල තියන මුද්දක් දාල ඉන්නවනං ඒත් ගල් හැපෙන්න පු‍‍ළුවන්.

    ReplyDelete
    Replies
    1. මං නම් එක සැරයක් හැපෙන කොට හොදට හපලා කනවා :)
      ඕව් වෙන්න පුළුවන් මං ඒ ගැන උබ තරම් දන්නේ නැහැ :D

      Delete
  6. මන් මේක ගැන කල්පනා කර කරම හිටිය කාරනයක්.ගෙදර කෑම කද්දි විතරක් ගල් නැති දවසක්නෑ, මම හිතන්නෙ මමත් අයිති පලමු කරනයට කියල, හැබැයි ලංකාවෙන් පිටදි කවමදාකවත් ගලක් කැවිලනෑ

    ReplyDelete
    Replies
    1. එහෙනම් බඩු හරි දැන්වත් බෝධි පූජාවක් තියලා ඕකෙන් ගොඩ යන්න ලැබේවා!

      Delete
  7. මේ පෝස්ටුව අපේ තාත්තට පෙන්නන්න ඕනා.. :-)

    ReplyDelete
    Replies
    1. ඇයි බන් තාත්තටත් ගල් හැපෙනවද?

      Delete
  8. අඩේ මටත් ඔය සීන් එක තියනවා. අපේ කොල්ලෝ නම් කියන්නේ මම හපනවා වැඩියිලු. එකලු උන්ට වඩා ගල් හැපෙන්නේ. කඩේ කෑමේ ඉතින් ඔහොම තමයි.

    තව සීන් එකක් තියනවා පෙර කරුමවගේම තමයි.එත් මේවා අමනුෂ්‍යයින් විසින් කරනවා කියලත් කතාවක් තියනවා. එක එක අය එක එක කතා කියනවා ඉතින් .

    ReplyDelete
    Replies
    1. ඕව් මචන් අමනුෂ්‍යයන් ඕවා කරනවා කියලත් කියන්න පුළුවන්.හැබැයි හැමතැනම වෙන්න බැහැ.

      Delete
  9. සබරෙ ඉන්න අපෙ නිශ්ටත් හැමදාම කන්න ගියාම ගල් හැපෙනවා.ඒයත් කරුමෙ කියලා තමා කියන්නෙ... මටත් හිතෙන්නෙ හපනවා වැඩි අයටයි ගල් අහු වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. කරුමේ වෙන්නත් ඇති හැබැයි මාත් හපලා තමා කන්නේ ඒත් මට නම් වැඩිය හැපිලා නැහැ.

      Delete
  10. යකෝ උඹත් හොයා ගන්න දේවල්.. අර අනූට වගේ මටත් ගොරක ලෙඩේ තියනවා.. ඔක්කොම හොදිවලට දාන ගොරක මගේ බත් එකේ..

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි බන් ඔය සමහරු ගිය ආත්මවල ගොරකා ගස් හොරෙන් කපලා ලී වලට විකුණන ජාවාරම් කරාමත් පල දෙනවලු මේ ආත්මවල :D

      Delete
    2. ගොරක ගස් !!! ලී වලට !!! ඇහුවමයි.. ඔය !!

      Delete
    3. ගිය ආත්මවල් වලනෙ බන් :D

      Delete
  11. ගල් හැපීම සම්බන්ධව ඔයාල නොදන්න කරුනු ටිකක් ඉතා කෙටියෙන් කියන්නම්......අපේ ගෙදරින් හැමදාම ගල් හැපෙන්නෙ මටයි තාත්තටයි...අපි දෙන්නගෙම දත් වල යට (කෑම වල වදින,කෑම හපන පැත්ත.) හරි සමතලයි ඒ කියන්නෙ දත් යට ගෙවිල වගේ පිහිටල තියෙන්නෙ..ඉතින් කෑම වල යාන්තම් හීනි වැලි ඇටයක් වත් අපි දෙන්නගෙන් බේරිලා ගිලෙන්නෙ නැහැ...අනි වාර්යයෙන් හැපෙනවා.....:D:D
    අපි කොච්චර හාල් එලවලු හේදුවත් ඒ වල හීනියට වැලි කැට ඉතුරු වෙනවා..ඒක ඔප්පු කරන්න පුලුවන්..හොඳට විනිවිද පේන පිරිසිදු බඳුනකට වතුර අරන්,ඔයාල මුලින් හොඳට හේදුව කියන එලවලු,පලා කොල වගේ දේවල් දාල ආයෙමත් හෝදල අරන්,ඒ හෝදපු වතුර එක අඩිය හොඳට බලන්න..හෙමින් ඇඟිලි තුඩු තියල බලන්න වැලි අහුවේවි.....
    අපි හදිස්සියට උයන දේවල් හෝදල ගන්නෙ..ඒත් සමහර එලවලු වල වැලි ඝනට ඇලිල තියනව..ඒව පෙඟුනාම තමා අහකට යන්නෙ...ඒවා ටිකක් වතුරේ තියෙන්න අරින්න ඕනෙ.....
    සමහර පලතුරු එලවලු වල 'නැටි' අස්සෙ හීන් වැලි ගල් කැට තියනව..

    උඩ කමෙන්ට් එකක 'අමිල' කියල තියන දේ හරි..ලංකාවෙ වෙළඳපොලේ වගේ නෙවේ පිට රටවල 100% ක් පිරිසිදු කම ගැන සලකනව සහතික වෙනවා..හැබැයි දෙයක් කියන්න ඕනෙ...මෙහෙ යුරෝප් වල සුපර් මාකට් වල පැකට් කරල තියනවනෙ ඔය එළවලු සලාද එහෙම...ඒවල කියලම තියනව ''සෝදල තෙත නැති කරල 100% පිරිසිදුයි'' කියල..මම ඒවා ගෙනාවම අපේ කුස්සියෙ සින්ක් එකට වතුර පුරෝල මිනිත්තු 2ක් 3ක් දාල තියල තමා උයන්න ගන්නෙ..පස්සෙ හෙමින් සින්ක් එකේ අඩිය බලද්දි අනේ මෙන්න හීනි වැළි...!!

    ReplyDelete
    Replies
    1. හෑ මාරයිනේ
      ඔය දත්වලින් කාවහරි හැපුවොත් එහෙම ඉවරයි.
      ඔයා කිව්වා වගේ මොන දේ වුනත් හොදට හෝදලා ගත්තා නම් ගල් හැපෙන එක අඩු වෙයි

      බලන් ගියාම යුරෝප් වලත් ජාවාරම් වැඩ වෙනවනේ :D

      Delete
  12. niyamai macho...matath gal hapenawa....man niyapothu nam kotata kapala inne...ekko karume, naththam jawarama :D

    ReplyDelete
    Replies
    1. කරුමේ බන් උබලා ලෙඩ්ඩුන්ට හොර බෙහෙත් දෙනවනේ :D

      Delete
  13. අඩේ මට හැපෙන්නේ නෑනේ බන් :(

    ReplyDelete
    Replies
    1. කන්ඩ ඉස්සෙල්ලා ශේප් එකේ වැලි කැට දෙක තුනක් පිගානට දාගෙන කාපන්.

      Delete
    2. එහෙම බෑ බත් උයනකොට වැලි අහුරක් විතර දානවා

      Delete
    3. හැබැයි එතකොට කන්ඩ වෙන්නේ බත් නෙවේ වැලි තලප :D

      Delete
  14. ඉස්සර මටත් ගල් අහුවෙන ලෙඩේ තිබ්බා.. දැන්නම් නෑ..

    ඔය හාල්වලට ගල් දාන කේස් එක නම් එළිපිටම ඒ පැත්තෙ තියෙනවාලු බන්.. එක එක සයිස් එකේ ගල් කැට පැකට් හාල් මුදලාලිලාට විකුණන ගල් මුදලාලිලාත් ඉන්නවාලු...

    ReplyDelete
    Replies
    1. උබටත් ඉස්සර කරුමේ පල දීලා බන් :)

      ඕව් ඕව් එහෙම කරන තැන් ප්‍රසිද්දියේ තියෙනවා තමා.අපේ කට්ටියකුත් හාල් මිටි 5ක් ගන්න ගිහින් එවෙලේ අපේ උන්ටත් වෙනම බෑග් එකකට දාලා දෙන්න හදලා.මුන් කියලා නැහැ අපි මේ වෙළදාමට නෙමේ අරන් යන්නේ වෙන වැඩකට කියලා එතකොට කිව්වලු වෙළදාමට ගන්නවා නම් කියන්න කිව්වලු කලවම් කරලම දෙන්නම් කිව්වලු.

      අපි පව් නේද බන් බලන් ගියාම.

      Delete
  15. මේක මේ හාල් සම්භන්ධයෙන්ම ලියවුන එකක්ඩ.......???? o.O

    ReplyDelete
    Replies
    1. යා? යා වයි වෙන මොනා හරිද ගිතුනේ?හෑ

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. නිශාන්,
    මට තියෙන්නෙ බත් සම්බන්ධව පෙර කල කරුමයක් නොවෙයි තම්බපු බතල සම්බන්ධ එකක්. කවදා හරි කැවිලා තියෙනවද පණුවා දශ්ට කරපු බතල ගෙඩියක් හෙම. හම්මෝ එහෙම රහක්. හත් පාරක් දත් මැදලා කට හත් පාරක් හේදුවත් මදි. මගෙ තියෙන කරුමෙ කියන්නෙ මටමයි ඔක්කොම පණුවො ගහපු බතල හම්බවෙන්නෙ. ඉතින් මම බතල කෑම අඩුවෙන් තමයි කරන්නෙ. කෑවත් හපන්න කලින් කඩලා QC Pass කරනවා.

    අර මරඳගහමුල හාල් මුදලාලිලට නිකරුනේ බනින්නෙපා. වැලි දාන එක සෙල්ලමක් කියලද හිතේ? වැලි කියුබ් එකක් කීයද? :D

    අන්තිම ප්‍රශ්ණය. බ්ලොග් එකේ නම මඩිස්ස නම් මඩිස්සලේ නිශාන් කියනකොට 'ලේ' කෑල්ල කොහෙන්ද. මඩිස්ස කියන්නෙ මොකක්ද කියලා මම දන්නෙ නෑ. මඩිස්සලේ නම් පසුම්බිය pouch වගේ එකක්නෙ නේද?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. 1 හ්ම්ම් එහෙම එකක් නම් මං අදමයි ඇහුවේ.ඒත් එහෙම දෙයක් තියෙනවා නම් ඒක ලොකු පශ්නයක් මොකද වෙන කාටවත් එහෙම වෙලා නැහැ.ඔයාට ලොකු අපලයක් ඇති මං හිතන්නේ බතල සම්බන්දව

      2 මේ වැලි ඒගොල්ලන් කියුබ් ගානට ගෙනල්ලා නෙවේ අපට දෙන්නේ.ඒවා ඒ හරියේ ඇල දොළවල් වලින් අහුලන ඒවා වෙන්න ඕන මං හිතන විදියට

      3 මඩිස්සලේ කියන එක ඔයා කිව්වා වගේම පසුම්බියට තමා බාවිතා කරන්නේ ඒත් කට ව්‍යවහරේදී කියන්නේ මඩිස්ස කියලා.

      Delete
  18. වැලි කැටයක් හැපුන කාලයක් මතක නෑ.

    ReplyDelete
  19. මම නම් මොන දේ හැපුනත් හප හපා හිටිය බත් කට නම් විසි කරන්නේ නෑ. :)
    ඔය වගේ ගල් කෑමක් තිබ්බා අපේ හිඳගල හොස්ටල් එකේ කැන්ටිමේ. ගල් වලට බත් දාලා උයලා වගේ හරියට !!!

    ReplyDelete
    Replies
    1. නොකා හිටියත් කමක් නැහැ කැන්ටින් වලින් නම් කන්න එපා අම්මෝ!

      Delete
  20. බත් වල හැරුනු විට හැපෙන්නට තරම් වැලි ඇත්තේ,.,., මොනවා වලද

    ReplyDelete
    Replies
    1. වැලිතලප වල !!!!! නොසෑහෙන්න වැලි තියෙනවා.

      Delete
  21. මටත් කරුමේ තමයි.ඒකත් ඩබල් වෙලා වී පොතුත් හැපෙනවනේ

    ReplyDelete
    Replies
    1. හෑ ඒ මොකෑ බන්? අනේ මන්දා මාර කරුමනේ තියෙන්නේ :)

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!