Saturday, June 02, 2012

65 කණාමැදිරි හොම්මන!

ශෝයි අෆ්ෆා
මේක හොල්මන්මද දන්නේ නැහැ ඒකයි හොම්මන් කියලා කියන්නේ.සමහර විට ඔයාලටත් වෙනවා ඇති පොඩ්ඩක් හොඳට හිතලා බලන්න එහෙම වෙලා ඔයා බය වෙලා තියෙනවද නැත්තම් ඒක නිකම්ම ගණන් නොගෙන අත්හැරලද කියලා.
                අපේ ජීවිතයේ සමහර අය අපි ලංකරගන්න හැදුවම එයාලා  ඒක නිසා.....ම ඈත්වෙන වෙලාවල් තියෙනවනේ.උදාහරණෙකට ගත්තොත් මූණු පොතේ වගේ නම් අන්ෆ්රෙන් කරලා දානවා.ඒ වගේ දේවල් කරාම නම් අපිත් ඉතින් ආයේ ඌ/ඒකි දිහා ඇහැක්වත් ඇරලා බලන්නේ නැහැ අපිත් සම්පූර්නෙන්ම එයාලව ඈත් කරනවා ඒත් සමහර මිනිස්සු වගේම සත්තු,ආත්ම වගේ දේවල් නම් මූනුපොතේ වගේ අන්ෆ්රෙන් කරන්න බැහැ දුම්මල ගැහැව්වත් අපේ ජීවිත වළින් එලවන්න බැහැ.පස්සෙන්ම එනවා.

ඒ වගේ මගේ පස්සෙනුත් එන ආත්මයක් හෝ සතෙක් ඉන්නවා,ඒක මං හරියටම දන්නේ නැහැ ආත්මයක්ද කියලා ඒත් මට සැකයි :/

මෙහෙමයි කතන්දරේ මං පොඩි කාලේ ඉදලම කණාමැදිරියෙක් මං රෑට නිදියද්දී ලගට එනවා.ඇවිල්ලා කොට්ටේ හරි ඇඳේ හරි කොහේ හරි මුල්ලක වහලා එලිවෙනකන්ම ඉන්නවා.හැමදාම රෑට ලයිට් නිවලා නිදාගන්න ඇලවුන ගමන් ඔන්න කොහේ හරි ඉදන් එනවා ලයිට් එක සැරින් සැරේ පත්තු කර කර.

මේ කණාමැදිරියා ගැන මගේ අම්මතුමිය ටිකක් සැලකිලිමත් වුනා හොදටම ෆිට් එකේ ඉන්න වැඩිහිටි කෙනෙක් හම්බුනාම අම්මා මූ ගැන කියනවා.අන්න ඔය වගේ වෙලාවල් වලට අර නාකි ඩයල්/ඩයලිච්චියන් කියන කතා අතරේ මට ඇහිලා තියෙනවා ඔය නම් කොල්ලගේ පස්සෙන්ම එන ආත්මයක් වෙන්න ඇති කියලා.

තවත් සමහරු කියනවා කොල්ලගේ කේන්දරේ බලාපන් කෝකටත්,වෙලාව බලපන් ,ශාශ්තරයක් අහපන් වගේ දේවල් 

ඒත් මං ක්‍රිස්තියානි කොල්ලනේ ඉතින් අම්මතුමියවත් මම තුමාවත් ඕවා කරන්න ගියේ නැහැ.ඒත් මගේ හිතේ නම් මූ මුකාද කියලා දැනගන්න ආසාවක් තියෙනවා අදටත්,මොකද මේ මගේ ගිය ආත්මේ වයිෆ් ද දන්නේ නැහැනේ o.O

කෝම හරි දවසක් රෑ 8ට විතර  ලයිව් @ එයිට්‌ බල බල ඉද්දි ඔන්න වෙනදට වඩා කලින් එනවා දිලිසි දිලිසි 

හරි වරෙන්කො දෙන්නම් තොට කියලා හිතාගත්තු මම මූ ලගට එනකම් ඉදලා එක පාරට මූව අල්ලගත්තා,අල්ලගෙන ආ......♪ අද වරෙන්කො මා ගාවට පුළුවන් නම් කියලා මූව දැම්මා බෝතලේකට දාලා වැහුවා.වහලා ප්‍රවෘත්තිත් බලලා ආවා බ්ලොගේ පැත්තේ 

හෑ......මෙන්න බොලේ මූකා ඉන්නවා කාමරේ!

මං ටක් ගාලා ගිහින් බැලුවා බෝතලේ (o_o) මළා බෝතලෙත් ඉන්නවා.දැන්නම් යකෙක්ටවත් බය නැති මම ටිකක් බය වුනා මොකද සෙල්ලම් නැහැනේ දැන් ආත්ම දෙකක්ද දන්නේ නැහැනේ.බෝතලේ ඉන්නේ ගෑණි නම් කාමරේ ඉන්නේ ළමයද දන්නෙත් නැහැනේ.

මුකා වුනත් දැන් ඉතින් වැඩක් නැහැනේ කියලා බෝතලේ හිටපු එකාවත් මං නිදහස් කරා.තාමත් රෑට අරූ එනවා මගේ ළගට ඇවිල්ලා එලිවෙනකන්ම ඉදලා යනවා.

දැන් නම් මට මූව එච්චර ගානක් නැහැ සාමාන්‍ය සිදුවීමක් වෙලා 
ඒත් ටිකක් පුදුම මේ නාගරියකරණය වුන මගේ ගමේ වෙන තැන්වල ආසවකටවත් දකින්න කණාමැදිරියෙක් නැහැ.හැමතැනම ගෙවල් ගහලා ඒක නිසා අපේ ගෙදරට විතරක් ඇවිල්ලා ඒකත් මගේ ගාවම රෑට ඉදලා උදේට යන මේ සතා මට හරි ගුප්තයි.

කණාමැදිරියෝ පිරිලා ඉන්න පළාත්වල නම් ගෙදරට එකෙක් දෙන්නෙක් එන එක හිතන්න දෙයක් නැහැ ඒත්  මගේ ගාවට එන එකා ගැන නම් දැන් මට හිතන්න වෙලා 

ඉතින් ඔයාලට මේ ගැන මොනවද හිතෙන්නේ?මං අහන්නේ ඇත්තටම හිතෙන දේවල්?

හොම්මනක් ද නැත්තම් නිකන්ම නිකන් සතෙක් ද නැත්තම් සංසාර ගත බැඳීමකින් එන දෙයක්ද?

එහෙමත් නැත්තම්..........මුකෙක්ද?

බලන් ගියාම කොහෙන් හරි මටත් ෆයර් කෙනෙක් ඉන්නවා මං කිව්වේ ෆයර්ෆ්ලයි කෙනෙක් 
(මුකා නැති වුනත්)
(සමහර විට මගේ තනි රකින)
(මට එළිය දෙන)

සැනසීමක් හිතට
නුඹවත්
ළඟ සිටීම
මගේ තනියට..

හිරු කිරණ වගේ
මගේ අඳුරු
ලෝකේට
එළිය නුඹේ..




65 comments:

  1. අතුල අධිකාරිත් කණා මැදිරියෙක් ගැන කියනවා "එක දවසක් හැන්දෑවක" කියලා :D

    ReplyDelete
    Replies
    1. හෑ ටක්ගාලා එනවනේ සහෝ ඔයා මේ පැත්තේ.:)

      මට ඒ සිංදුව මතක නැහැනේ :/

      Delete
    2. එක දවසක් හැන්දෑවක
      "කණා මැදිරි" එළි පාරක
      මං හෙව්වා තරු කැටයක්
      නිල් පාටින් පායා දිලෙන :D

      Delete
    3. :) ඒක වෙන අදහසක් නේද දෙන්නේ?
      මගේ අදහස වෙන එකක් සහෝ සොරි අදහස නෙවේ කතාව :)

      Delete
    4. ඔව් ඔව්. ඒක හරි. කණාමැදිරියා කිව්වම මතක් වුණේ ඒක තමා :D

      Delete
    5. :) හරි ඒත් කිව්වේ නැහැනේ ඔයාට හිතුන දේ?

      Delete
    6. ඕක ගැන වැඩිය හිතන්න ඇඟට ගන්න යන්න එපා. සතා සතාගේ පාඩුවේ ඉදී. ඔයා ඔයාගේ පාඩුවේ ඉන්න. එච්චරයි

      Delete
  2. ඒ සිරාවට....???
    මේක නං සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක්...

    මගේ කාමරේටත් එනවා ඉදලා හිටලා.. ඒත් හැමදාම නෑ..
    උඹ විට කනවා නේද? මම නං හිතන්නෙ ඔය බුලත් සුවදට එන්නෙ.. :-)))


    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පිස්සුද යකෝව්!!!!!
      බුලත් කන්න මං උබ වගේ නාකියෙක්ද? :)

      නැහැ නැහැ බං එහෙම සීන් එකක් නෙවේ..

      Delete
    2. මම කොහෙද යකෝ නාකි... මම මේ තාම සූටි එකා..

      Delete
    3. රජාලා කොහෙද බං සූටි? මං දන්නා රජාලා සේරම හද්ද නාකි එවුන්.:)

      Delete
    4. අනේ පල යන්න සුට්ටං සජවලු ඉන්නවා.. අල ටූටන් තාමන්කියලත් සුට්ටං සජෙක් ඉතියේ

      Delete
    5. සජුරුවන්ට මුට්ටි නාල්ලා ඉදිං මී අයියේ :)

      Delete
  3. විඳින්ඩ පුලුවන් දෙයක් ඇයි ප්‍රශ්ණයක් කරගන ?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේක විඳින්න පුළුවන් දෙයක් ද බං? ඒ කොහොමද?

      Delete
  4. මගේ කාමරේටත් ඕකුන් එකෙක් දෙන්නෙක් එනව ඉඳල හිටල. රෑට ලයිට් ඕෆ් කරාට පස්සෙ තද කළුවරට උගේ චූටි ලයිට් එකෙත් මාර එළියක් තියෙන්නෙ. ඒකනම් මහ වදයක්. ලොකුම වදේ දොර ජනෙල් වහගෙන නිදාගන්න ගියාම ඉතින් උදේ වෙනකන් ඌටත් එළියට යන්න බැරිවෙන එක. ඌත් ඉතින් එළිවෙනකම් ලයිට් පත්තුකරකර ඉන්නව.
    ඔයාට කරදරයක් නැත්නම් ඔය ගැන එච්චර හිතන්න එපා. බෝතල්වල දාන්න එපා බං, පවු අහිංසක සත්තු. මම හිතන්නෙත් ඔය හැමදාම එන්නෙ එකම සතා නෙවෙයි.

    මේ ... උඹ ලයිව් @ 8 බලනව ද? උං ප්‍රවෘත්ති කියන්නෙ කතන්දර කියනව වගේනේ. මළ මිනී විකුණන එකයි, අනුන්ගෙ වැරදි හොයනවයි, ආණ්ඩුවට කඩේ යනවයි ඇරෙන්න උන් කියන ප්‍රවෘත්තියක් නෑනේ බං. මට නම් එපාම කරපු චැනල් එක ස්වර්ණවාහිනී. කොහොමටත් මම දැන් ටීවී බලන එක නවත්වල තියෙන්නෙ. බලන්න ඕන එකක් තිබුණොත් නෙට් එකෙන් බාගෙනම බලනව.

    ReplyDelete
    Replies
    1. ඌ නම් වදෙකුත් නැහැ බං මටනම් ඔන්න ඔහේ කොහෙටහරි වෙලා ඉදලා යනවා ඒත් මොකෑ මේ.. කියලයි දැනගන්න ඕන :)

      ලයිව් @ එයිට්‌ බලන්නේ රටේ තොටේ වෙන දේවල් දැනගන්න විතරයි බං ඔය දේශපාලනේ ගැන නම් කියන කිසිම දෙයක් මොන චැනල් එකකින්වත් විශ්වාස කරන්න බැහැ.

      Delete
  5. මේ මචං කොකටත් දවසක උම්මා එකක් දීල බලපන්.. සමහර විට නපුරු මන්තර කාරියෙක්ක්ගේ සාපෙන් කණාමැදිරියෙක් වෙච්ච ලස්සන කුමාරිකාවක්ද දන්නේ නෑනේ...

    ReplyDelete
    Replies
    1. ආහ්! පොඩ්ඩක් හිටු හෙටම දෙනවා

      Delete
  6. මගෙ කාමරේ ඉස්සර හිටියා තඩි ගෙම්බෙක්...

    අපෙ අයියගෙ පොඩ්ඩා කලාමැදිරියට කියන්නේ "ලකේ පුයිට්" කියලා. මූ මේ ලගදි කැලනි චෛත්‍යයේ ලයිට් දාල තියෙනව දැකල අපෙ අයියට පෙන්නුවා.. 'අප්පච්චී අන්න ලගේ පුයිටි' කියලා..

    ජය !

    ReplyDelete
    Replies
    1. ලකේ පුයිට්‌? අයියගේ පොඩ්ඩාට පිහිටලා තියෙන්නේ සෑමාගේ ගතිගුණ

      Delete
  7. Replies
    1. මුකාද? කණාමැදිරියද මමද?

      Delete
  8. අපූරු දෙයක් තමා ඒකත්.....
    එතකොට දෙන්නෙක්......
    අනේ මන්දා මල්ලී ඕවා නම්.....

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා තමා අක්කා මටත් මේ හිතාගන්න බැහැ

      Delete
  9. අනිත් දවසෙ කියන්න තනියම එන්න එපා,එනවනම් සෙට් එකක් එක්ක එන්න කියලා. ලයිට් බිලවත් අඩු කරගන්න බලමු මේකෙන්.

    ReplyDelete
    Replies
    1. හෑ? සුපිරි අයිඩියා එක සහෝදරි!
      මට ඒක කම්පනාවක්ම වුනේ නැහැනේ :)

      Delete
  10. ලස්සන සිදුවීමක් (කාමරය මාරුකරලා බලන්න )

    ReplyDelete
    Replies
    1. හරියන්නේ නැහැ සහෝ කීපාරක් නම් මාරු කරාද.

      Delete
  11. හ්ම්ම්ම්ම්.. සෑහෙන්න හිතන්න ඕන ප්‍රශ්ණයක්.. පරණ ණයකාරයෙක් වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න බොන්නත් වෙනවා මේකට (වතුර)
      ණයකාරෙක් නම් ගැලවීමක් නැති වෙයි නේද?

      Delete
  12. මම් ඉස්ස්‍ර පොඩි කාලේ කණාමැදිරියෝ අල්ලන් බෝතල් වල දාන් තියාගන්නවා. ලයිට් නැති වෙච්ච දවස් වලට එලිය ගන්ඩ කියලා. හික්ස් :)

    ReplyDelete
    Replies
    1. හික්ස් ඉතින් වැඩේ හරිගියාද?
      පව් අසරණ සත්තු ටික :)

      Delete
  13. "Kanamadirya" kiyany ahinskama stak, ubatat ehamda nisda?
    Sajith Mendis.

    ReplyDelete
    Replies
    1. නැහැ මචන් මං හරි වසයි නපුරුයි.

      Delete
  14. මාර ප්‍රශ්නේ තමයි අයියේ..හැබැයි බෝතල් වල දාන්න එපා අයියේ මොනවා වුනත් අහිංසක සතානේ නේද..?එක්කෝ කණාමැදිරියා යන්න කැමති නැත්නම් ඔයාගේ තනියටවත් තියා ගන්න....(හේ..හේ..)

    ReplyDelete
    Replies
    1. මාර ප්‍රශ්නේ තමා නංගි මට පිස්සු වගේ.
      ඔව් මං දැන් කියන්න හිතන් ඉන්නේ දවල්ටත් එන්න කියලා :)

      Delete
  15. කෝකටත් උබ පරිස්සමින් ඉදපන්... ඔය කණාමැදිරිච්චි මොනවා හිතේ තියාගෙන උබේ කාමරේට රින්ගනවද දන්නේ නැහැනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඒක තමයි මම දන්නේ නැත්තේ

      Delete
  16. උබේ කාමරේ කලාමැදිරියෝ මගේ කාමරේ මම හිතන්නේ දෙහිවල සත්තුවත්තම තියෙනවා

    ReplyDelete
    Replies
    1. :D මකුණෝ,හුනෝ,කැරපොත්තෝ,කූබි,මදුරුවෝ,හැකරල්ලෝ,පත්තෑයෝ වගේ උන්ද?

      Delete
  17. උඹටත් ඇතිවෙන්නෙ මාර ප්‍රශ්න තමා.උඹේ කාමරේට එන කාණාව කොහොමහරි අල්ලගෙන උගේ ඇඟේ පොඩියට ලැකර් ඩොට් එකක් තියපන්.ඊට පස්සේ ඌට යන්න දියන්කෝ.පහුවදාටත් බැරිවෙලාවත් ආවොත් අල්ලගෙන බලපන් ලැකර් ගාපු එකාමද ආවේ කියලා.එතනදි උඹට අඳුන ගන්න පුලුවන්නේ එකාමද මේ හැමදාම එන්නේ කියලා.ලැකර් ගාද්දි පොඩි ඩොට් එකක් තියපන්.නැත්නම් ඒකේ සැරට මැරෙයි.මං මේ පොඩි අයිඩියා එකක් දුන්නේ.පුලුවන් උනොත් කරලා බලපන්කෝ....

    ReplyDelete
    Replies
    1. මචං, හොඳ වෙලාවට උඹට ගොතයක් නැත්තෙ. නැත්නම් උඹ ඩොට් ඩොට් තියන්න කිව්වනම් අරූ අර අහිංසක සතාව මරනව තිත් තියලම. :D

      Delete
    2. මං පොඩි අයිඩියාවක් දුන්නේ උගේ සැකය ඇරගන්න. සතාව ලැකර් වලින් නාවයිද දන්නෑ.පුලුවන්නම් කරල බලපන් නිශාන්.

      Delete
    3. @සිතක මතක
      ඒක නම් හොද අයිඩියා එකක් මචෝ අනිවා ඒකනම් කරලම බලන්න ඕන.බොහොම ස්තුතියි අයිඩියා එකට

      @DDT
      :) තිත් තිත්

      Delete
  18. උඹට' ලගදි ඉඳං අමුත්තක් එහෙම දැනෙනවද??? වමනේ යන්න හදනවද? ඇඹුල් ජාති කන්න අස හිතෙනවද??

    ReplyDelete
    Replies
    1. හෑ නැහැ බං ඇයි උබට එහෙම දෙයක් වෙලාද? :P

      Delete
  19. මලගිය පරාන කාරයෙක්ද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. දන්නේ නැහැ බං පරලෝකෙට උබ අර ප්‍රමෝට් කරපු සිම් එහෙකින් කෝල් එකක් දාලා බලන්න ඕන

      Delete
  20. කරන්න තියෙන්ටන 1 දෙයයි. දාන්න "ම‍ට ආලෝකෙ ගෙනදේවි සංසාරයේ" කියන සිංදුව.

    ReplyDelete
    Replies
    1. එන වෙලාවටද?

      Delete
    2. එතකොට යන එකක් නැහැ නේද? :D

      Delete
  21. අඩේ අප්පේ මට නම් බයෙත් බෑ. සමහර විට කනාමැදිරියා ගිය ආත්මේ කවුරු හරි වෙන්න ඕනේ. එක්කෝ මේ ආත්මේ උඹව රැකගන්න කියල හිතාන උඹේ පස්සෙන් එන කවුරු හරිද දන්නේ නෑ.

    ඔහොම ගෙවල් වලට නයි, ගෙම්බෝ, කුරුල්ලෝ වගේ සත්තු එනවා. කුදලාගෙන ගිහින් දැම්මත් පහුවදා ආයේ එනවා.
    ඒ වගේ එව්වනම් තක්කෙටම පෙර ආත්ම වගේ සීන් තමයි. කෝකටත් පරිස්සමෙන් !!!

    ReplyDelete
    Replies
    1. කියපු විදියටම බය හිතෙනවා බං ඇත්තටම ගිය ආත්මේ සීන් එකක්ද දන්නේ නැහැ o.O

      Delete
  22. කණාමැදිරියා කියන්නෙ අපේ ජීවිතේට ලොකු අනතුරක් කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයිනෙ නිශාන්..ඒ නිසා බය වෙන්න එපා.මොනව වුනත් හැමදාම එන නිසා වැදගත්ම නෑ කියල විසිකරන්න පුළුවන් ප්‍රශ්නයකුත් නෙමෙයි.අහිංසක සතා නිසා කරදර කරන්නත් එපා.සමහර විට ඔයාගෙ ළගම හිටි කෙනෙක් වෙන්නත් පුළුවන්නෙ කරදරයක් නැති නිසා ඉන්න දෙන්න..

    ඇදේම වහල ඉන්නෙ පරණ අරයවත්ද දන්නෙ නෑ.ඔයත් ගිය ආත්මෙ කිවුවද දන්නෙ නෑ සංසාරේ අපි සමුගත් දා ඒ බවයත් අපි එකට ඉමූ කියල...
    තනියට ඉන්න නිසා ඉන්න දෙන්න...ඔයාටයි කියල කණාමැදිරියෙක්වත් ඉන්නවනේ..

    ReplyDelete
    Replies
    1. නැහැ සත්තයි කරදරයක් කරෙත් නැහැ කරන්නෙත් නැහැ
      ඔව් මගේ අරයද එයාගේ අරයද දන්නේ නැහැ :)
      මටත් දැන් කණාමැදිරියෙක් ඉන්නවා හුරේ......යේ... :D

      Delete
  23. උඹටත් වෙන දේවල් මල්ලියේ.

    දිහන් මෙව්වට උත්තර

    ඔයිට කලින් හිටපු ගෙදරටත් ආවාද.
    වෙන තැනක රැය පහන් කරන කොටත් එනවද
    ඒ ගැන ඔයාට හිතූනේ කොහොමද
    ඉස්සෙල්ලම දැනුනේ ඔයාටද අම්මටද
    පාන තියලා ඔරසන් කියපු දවසටත් එනවද
    හැමදාම එන්නේ එකම වේලාවටද
    ඌව දකින කොට හිතට අමුත්තක් දැනෙනවද

    ReplyDelete
    Replies
    1. මේ ගෙදරට ඇවිත් දැන් අවුරුදු දහයක් වෙනවා ඒක නිසා කලින් ගෙවල් වල ඒවා මතක නැහැ.

      වෙන තැන්වලට එන්නේ නැහැ

      ඒ ගැන අපි දෙන්නටම හිතුනේ නිකන්ම හැමදාම එන නිසා.

      පහන තියන්නේ නැහැ අපේ ගෙදර

      හැමදාම එන්නේ එකම වෙලාවට තමා

      නැහැ එහෙම අමුත්තක් එන්නේ නැහැ දැන් ඌ සාමන්‍ය දෙයක් වෙලා නිසා

      Delete
  24. උඹ කරපු දේ හරි කොලුවො. මොනවා කලත් යන්නෙ නැත්නම් ඌ ගැන නිසඳසක් ලිව්ව එක හරි. එත්කොට ඌ අප්පිරියාවට නෑවිත් ඉඳීනේ! :P

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. :O මූණ බලාගෙන ඔහොම දේවල් කියන එක හරිද? :D

      Delete
  25. Matath me sn ekama wenawa ..mage yaluwek nam qwe a kalu kumaraya ena eka swarupayak kiyala :D

    ReplyDelete
  26. බලාගෙන... කණාමැදිරියෙක් කාවහරි කෑවොත් එහෙම සනීප කරන්න මුහුදේ මඩයි.... අහසේ තරුයි ඕනෙලු.... :P

    ReplyDelete
    Replies
    1. අයියෝ සිම්පල්නේ සහෝ
      එහෙම වුනොත් අහසේ තරු වෙනුවට කනාමදිරියෙක්වම ගන්නවා මුහුදේ මඩ වෙනුවට ලුනුවල තියෙන වැලි ගන්නවා :)

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!