Wednesday, June 06, 2012

72 අනුරාධපුරේ රස්තලා,නපුරෝ සහ උතුම් ම්නිස්සු!

ජීවිතේ පළවෙනි වතාවට මට අනුරාධපුරේ යන්න හම්බවුනා මේ පොසොන් එකට.හදිස්සියේම යන්න වුනත් මං නම් සෑහෙන්න සතුටකින් ගියේ මොකද මීට කලින් එක පාරක්වත් මං එහෙ ගිහින් තිබ්බේ නැහැ.කොහොම හරි තුන්වෙනිදා මිතුරන් රැසක් පමණක් සමඟ වෑන් රියක තමා අපි ගමන ගියේ.මේ ගමනේදී මට හම්බ වුන අනුරාධපුරේ මිනිසුන්ගේ හොද නරක කියන්න තමා මේ යන්නේ.

අපි කොළබ ඕන තරම් රස්තලා දැකලා තියෙනවා කොළබ අවට නගරවලත් රස්තලා ඉන්නවනේ ඔයාලත් ඕන තරම් දැකලා ඇතිනේ ඒක නිසා රස්තලා ගැන කියන්න ඕන නැහැනේ?



අනුරාධපුරෙ ටවුන් එකේදී අපි වඳුරෝ දකින්න වෙයි කියලා හිතුවට දැක්කේ රස්තලා,
සඟා දෙකක් දාගෙන මූනේ දාඩිය පොඩ්ඩක් තිබ්බට ටී ෂර්ට් එකට උඩින් ජැකට් එකක් ඇදලා.ලොකු කැප් ඔලුවට දාගෙන පිස්සු ගොඩයි.කමක් නැහැ අනුරාධපුරේ වුනත් අපේ ලංකාවමනේ.සතුටු වෙන්න පුළුවන් ගමටත් මේ දේවල් ගිය එක.මොකද අපි එක තැන පල්වෙන රටක් නෙවේ නිසා.


ඔන්න දෙවෙනියට දැනගත්තේ අනුරාධපුරේ මිනිස්සු වලියට බරයි කියලා.අපි එහෙ ගියේ ගිය ඉරිදා ඒ කියන්නේ තුන්වෙනිදා.එදා අපි එහෙ යද්දී දවල් වුනා ඉතින් අපි එහෙ යාලුවෙක්ගෙ ගෙදර ගිහින් මල්වතු ඔයෙන් නාලා,කාලා,බීලා, පිස්සු ගොඩක් කෙලියා ඊටපස්සේ රෑ වෙද්දී සල්ලි තිබ්බට කන්න දෙයක් නැහැ.
කන්න දෙයක් හොයාගෙන කොහෙහරි දන්සලක් ඇති කියලා අපි කට්ටිය වෑන් එක අර ගෙදරම දාලා පයින් ගියා දන්සලක් හොයාගන්න බඩගින්නට.ඔන්න ඔහොම යද්දී එක රවුන්ඩ බෝඩ්  එකක් ගාවදි අපේ එකෙක්ට ත්‍රී වීල් සහෝදරෙයෙක් නිකන්ම බැන්නේ උගේ මූණ දිහා බලන්න එපා කියලා.


මේකේ අගක් මුලක් හිතාගන්න බැරුව අපි එතනින් කටවහගෙන ආවා.අඩි දෙක තුනක් යද්දී මං යාලුවගෙන් ඇහැව්වා මොකෝ බං බැන්නේ? උබ මොකද කරේ?


දන්නේ නැහැ බං මං ඌ දිහා නිකන් බැලුවා ඌ එක පාරට බැන්නනේ බලන්න එපා කියලා.


මේකා සිද්දිය එහෙම මට කියද්දී පස්සෙන් දුවන් ආපු ත්‍රී වීල් සහෝදරයා මගේ යාළුවගේ උරහිසෙන් අල්ලලා 
මොකක්ද උබ කිව්වේ කියලා කේන්තියෙන් වගේ ඇහැව්වා.
කට්ටියම නැවතිලා මූ දිහා බලන් ඉන්නවා.
මම කිව්වා නැහැ අයියේ මෙයා කිව්වේ ඔයා කිව්වලු ඔයාගේ මූණ බලන්නෙපා කියලා ඒකයි එයා කිව්වේ කියලා.


මෙන්න ඒ පාර මූ මගේ දිහා බලලා 
ඇයි උබ මොකද?උබ මොනවද කියන්නේ?


කියලා කේන්තියෙන් ඇහැව්වා.මට පොඩ්ඩක් විතර මල පැනලා මම බැන්නා මූට.
මූ එකපාරට පොඩ්ඩක් හිටහන්කෝ කියලා දුවගෙන ගිහින් ත්‍රී වීල් පාක් එකේ අනිත් මැදිවියේ අයියල සෙට් එකක් එක්කන් ආවා.


උනුත් ඇවිත් අපිට සද්දේ දැම්මා 
උබලගේ කට්ටිය වැඩි හින්දද සද්දේ දාන්නේ?
(අපි 10 දෙනා සද්ද නැතුව හිටියා)


පලයල්ලා පලයල්ලා මෙතන ගුටි කන්නේ නැතුව
උන් ටික අපිට බැනලා එලෙව්වා.අපි මෙතන වලියක් දාගත්තොත් පොලිසි කේස් යන නිසා සද්ද නැතුව එතනින් ගියා.ටික දුරක් යද්දී අර ත්‍රී වීල් සහෝදරයා ත්‍රී වීල් එකෙන් අපේ පස්සෙන් ඇවිත් මගේ ලඟින් නතර කරලා මට වාහනේට නගින ලෙස බල කළා.


මම බැහැ කිව්වම මූ කියාපි 
හරි ඔහොම ඉස්සරහට වරෙල්ලකෝ තොපිලා.මං තෝ ගැන බලාගන්නම් *රියා


කියලා බැනලා යන්න ගියා කඩාගෙන ඒ පාරේ ඉස්සරහට.
අපේ උන් සෙට් එක ඒකමතිකව තීරණය කරා ඉස්සරහට නොයා ආපසු හැරිලා යන් කියලා.ඉතින් අපි හැරිලා එද්දී ආයෙත් ත්‍රී වීල් පාක් එකට ගොඩ වෙලා අර මැදිවියේ අයියලට මෙහෙම කිව්වා


අයියේ අර ඉස්සෙල්ලා අපිට බැන්න අයියා අපිට මෙතනට එන්න කිව්වනේ


උන් ටික
ඒ මොකටද බං උබලට එන්න කිව්වේ?


දන්නේ නැහැ අයියේ අපි අතනින් යද්දී අපිව පහු කරන් ගිහින් මෙයාට වාහනේට නගින්න කියලා බැන්නා(එකෙක් මාව පෙන්වමින්)


අනේ මේ මල්ලිලා උබලා පලයල්ලා බං ඌ මහා පැණි කාරයා ඕකා පැණි ගහලා ඉන්නේ උබලා පිට ගමකින් ඇවිත් ප්‍රශ්න දාගන්න එපා.


නැහැ නැහැ අයියේ අපි මුකුත් කිව්වේ නැහැ ඒ යකාම තමා අපිට බැන්නේ.


උන් අපිත් එක්ක ෆිට් එකේ කතා කරපු නිසාත් අර ත්‍රී වීල් සහෝදරයට උන්ගේ පාක් එකේම උන් බැනපු නිසා දැන් අපි‍ට සතුටුයි.ඒත් උනුත් ඉතින් අදින්නේ ගමේ එකාටම තමා.


තව උන්ගේ එකෙක් මෙහෙම කියාපි.
ඔකාගේ අයියලා මල්ලිලා සෙට් එකක් ඉන්නවා ටවුමේ.මහා එපා කරපු උන් මේ ගිය සතියෙත් එකෙක්ගේ අතක් කැපුවා


අපි දන්නවා දැන් මේ මූ අපිව බය කරන්න තමා හදන්නේ කියලා.කොහොම හරි අපි ආයේ ගෙදරට ගියා බඩගින්නත් උස්සන්.පහුවෙනිදා උදෙත් තව සීන් එකක්


ලස්සන ගෑනු ළමයෙක් දාගෙන අන්කල් කෙනෙක් බයික් එහෙක ගියා.අපි වෑන් එක හෝදන්න තැනක් හොයාගෙන ගිහින් වෑන් එක එතන ගහලා කඩේකට ගියේ සබන් කැටයක් ගන්න.එතකොට අර බයික් එකේ ආපු අන්කලුයි නංගියි බයික් එකේ හයියෙන් ගියා,


අපේ එකෙක් කිව්වා හම්මෝ අන්කල්ගේ ස්පීඩ් එක කියලා,
හුටා ඌට ඒක යන්තමින් ඇහිලා වගේ.බයික් එක නවත්වලා අපි දිහා රවලා බලන් හිටියා ඒත් අපේ කොල්ලෝ පස් දෙනෙක් එවෙලේ හිටපු නිසාද මන්දා අන්කල් ගියා.අනේ අර නංගි පොඩ්ඩ නම් මුකුත් කිව්වෙත් නැහැ රැව්වෙත් නැහැ පව් ඈ.


අපි ඉතින් හිතුවා ඒ මේ පැත්තේ මිනිසුන්ගේ හැටි තමා කෝකටත් පරිස්සමින් ඉමු කියලා.
ඒත් වෑන් එක හෝදන තැන තවත් ත්‍රී විල් කාරෙක් ආයෙත් ගේමට ආවේ ඌටත් ත්‍රී වීල් එක හෝදන්න තැනක් ඕන කියලා.


අපි ආයෙත් පරාජය පිලි අරගෙන වෑන් එක අයින් කරලා ඌටත් ඉඩ දුන්නා,


ඔන්න ඔහොමයි අනුරාධපුරේ වස මිනිස්සුයි රස්තලාවයි අපි දැක්කේ.ඒත් මුලින් හොද කියලා පස්සේ නරක කියනවට වඩා හොදයිනේ මුලින් නරක කියලා පස්සේ හොද කියන එක.ඒක නිසා දැන් කියන්න යන්නේ අනුරාධපුරේ මිනිසුන්ගේ සංග්‍රහශීලිත්වය ගැන.


අපි ගිය යාළුවගේ ගෙදර ආච්චි අපි දහදෙනෙක්ට උදේට කන්න බතුයි පොල් සම්බෝලයි,කරවල තෙල් දාලයි නියම කෑමක් දුන්නා හතර වෙනිදා උදේ කෑමට.ඒ ගෙදර හිටිය අපේ යාළුවගේ ඥාති මල්ලි කෙනෙක්.අනේ ඌ අපි නිසා හරියට මහන්සි වුනා කී පාරක් නම් දුර නොබලා බයිසිකලෙකුත් පැදගෙන සිගරට් ගේන්නයි එක එක ඒවාටයි කඩේ ගියා පොඩ්ඩක්වත් අකමැත්තක් නැතුව,


අර තුන් වෙනිදා රෑ ත්‍රී වීල් කාරයා අපිව බලාගන්නම් කියපු නිසා අපි හැරිලා බඩගින්නේ ආපු වෙලේ අර මලයා සයිකලේම ටවුන් එකට ගිහින් අපිට කන්න පානුයි කරියකුයි උස්සන් ආවා.එවෙලේ තිබ්බ බඩගින්න නිවපු එකටම ඒ මලයට නම් පින් අයිති වෙන්න ඕන.


ඊටත් පස්සේ අපි මිහින්තලේ ගිහින් එද්දී අපේ එකෙක්ට ලැට් එකකට යන්න ඕන වුනා.ඒත් කැළේකට යන්න බැහැනේ.ඒක නිසා අපි ගෙයක් ගාව නතර කරලා ඇහැව්වා ලැට් එකකට යන්න බැරිද කියලා අනේ ඒ මිනිස්සුත් ටක් ගාලා අපිව එක්කන් ගියා ලැට් ඒක ගාවට.හදිසිය තිබ්බ එකා ගියාට පස්සේ.ඒ ගෙදර මනුස්සය අපෙන් විස්තර ඇහැව්වා.අර යකා ලැට් එකෙන් එනකම් අපිට බංකුවක් පෙන්නලා පොල් ගහක් යට,ඒකෙන් වාඩි වෙන්න කියලා හැමෝටම කුරුම්බා කපලා දුන්නා බොන්න.


ඔය වගේ දේවල් ඉතින් අපිට ජීවිතේට අමතක වෙන්නේ නම් නැහැ අනුරාධපුරේ හොද නරක මිනිස්සු වගේම සංග්‍රහ ශීලී මිනිස්සුත් ඉන්නවා කියලා ඔප්පු කරා.ඒක තමා ඉතින් අපේ හැටි අපි ඔක්කොම ශ්‍රී ලංකිකයෝනේ.


ප/ලි :අපිට නම් ජීවිතේට අනුරාධපුරේ වතුර බොන්න බැරිවෙයි.ලවණ රහක් සමඟ මඩ මිශ්‍ර රහක් තමා ඒ වතුරවල එන්නේ මට නම් ඒවා බොන්න බැරුව ගියා.මිහින්තලේ හරියේ නම් ටිකක් හොදයි ඊට වඩා.ඒත් එහෙ කෙනෙක් කිව්වේ අපිට වගේම එයාලට කොළබ වතුර බොන්න බැහැ කියලා.මං හිතන්නේ එයා කියන්න ඇත්තේ ක්ලෝරීන් දාපු ටැප් වතුර ගැන නැත්තම් ගම්පහ දිස්ත්‍රික්කේ වතුර බිව්ව අය නම් එහෙම කියන එකක් නැහැ.

72 comments:

  1. අපෙත් නෑයෝ අනුරාධපුරේ ඉන්නවා. එයාලා නම් උපරිමයි.... ඔයා මුලින් කිව්ව සෙට් එක නම් වැරදිලා අනුරාධපුරේ ඉපදුණු එවුන් හරි පස්සේ අනුරාධපුරේට ඇවිත් පොරවල් වෙන්න යන එවුන් වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා සහෝ ඔයලගේ නෑදැයෝ වගේ උපරිම මිනිස්සු ඉන්නවා අරුන් වගේ මිනිස්සුත් ඉන්නවා

      Delete
  2. හ්ම්ම් .විවිධ තැන්වල විවිධ මිනිස්සු ඉන්නවා.. අපි ඉතින් පරිස්සමට ඉන්න ඕන.. :)

    ReplyDelete
    Replies
    1. :) ඔව් තව පොඩ්ඩෙන් ගුටි කාලා එන්න වෙන්නේ

      Delete
  3. උඹලා ඉතින් කොහෙහරි ගියොත් කොක්කක්නේ... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජාව දන්නවා කියලා ශේප් වෙන්න හැදුවේ කොහෙද රජාටත් ගහන්නලු උන් ඉන්නේ.කෝකටත් උබත් පරිස්සම් වෙයන්.

      Delete
  4. අනේ දෙයියනේ මොකෝ උනේ ,.,මට පේන්නේ අයියා හොම්බ කට සමතලා කරන් ඇවිත් ව්අගේ ,., අවුලක් නෑ ලියන්න පුලුවන් වෙන මට්ටමෙන් ආවනේ ඔය මදෑ ,., මේ ,., මමත් අනුරාදපුරේ සති දෙකක විතර හිටිය අපෙ පුංචිලයි ගෙදර ,., මට වලි 4ක් වැටුනා ,. අම්මප ඔය පැත්තෙ ඉන්නේ රන්ඩු කෙක්කවල්,., පොඩ්ඩක් ඇත්තන් ඇතී,., හැබැයි ,.,ගොඩක් මිනිස්සුන්ගෙ ගති ගුන හොදයි අය්යේ ,., සම්ප්‍රදායට ගරු කරනවා ,.,.,

    ReplyDelete
    Replies
    1. පිස්සුද නර්තනයෝ ගුටි කෑවා නම් උන්ටත් ගහනවා එවෙලේ අපේ සෙට් එක.උබත් එහෙනම් සාක්කියක් අනුරාධපුරේ කොකු කාරයෝ ගැන.

      Delete
    2. ඔවු ඔවු,.,මම නන් නිකන් හිටියේ කොකු කාරයෝ හැමකෙනාටම නෙලුවා,., අපේ පුංචිගෙ ගමනේ බන් ,., අපි තලාවේන් කස්ටිය බැස්සුවේ ,., හික් හික් ,., ,. හැබැයි උන් එහෙම ලේසියෙන් ගහන්න එන්නෙත් නෑ ,., කට විතරයි පැනි කාරයෙක්නන් විතරයි ඔහොම වෙන්නේ

      Delete
    3. ඔව් බං උන්ගේ කටවල් විතරයි කියලා මටත් තේරුණා.මොකද අර ත්‍රී විල් කාරය අපේ පස්සෙන් ආපු වෙලේ හරි එකෙක්නම් මගේ කන හරි අතගාන්න ඕන.ඒත් ඌ ගෑනු දරුවෙක් වගේ මට වාහනේට නගින්නලු එක්කන් ගිහින් කට්ටිය සෙට් කරන් ගහන්න වෙන්නැති.

      මට හිනාත් එක්ක

      Delete
    4. හික් හික්,., ඒක එහෙම තමයි ,., :D

      Delete
  5. ආ .... යාළුව වන්දනාවෙ ගිහින් වගේ.
    මිනිස්සු නම් කොහෙත් එකයි මචං. හොඳ මිනිස්සුත් ඉන්නව, නරක මිනිස්සුත් ඉන්නව. හොඳ මිනිස්සුන්ගෙත් වෙලාවකට නරක ගති තියනව, නරක මිනිස්සුන්ගෙත් හොඳ ගතිගුණ තියන වෙලාවල් තියනව. ඒ වුනාට ඔය වැඩකට නැතිව වලියට එනවුන් නම් මටත් පේන්න බෑ. කාලකණ්නි.

    ReplyDelete
    Replies
    1. වන්දනාවෙමද මන්දා බං ඒත් සිරා ආතල් එක ඈ

      Delete
  6. අඩෝ මෙච්චර අපි අනුරාධපුරේ යනවා තාම එක දවසකට ඔහොම පරිප්පු සෙට් වෙලා නෑ නේ. දන්සල් ඕන නම් අර රුවන්වලිය ලග තියෙන්නේ 365 දවසෙම තියෙන දන්සලක්.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං අපේ වෙලාව වෙන්න ඇති.රුවන් වැලිය එකට එවෙලේ දුරයිද කොහෙද බං අපි හිටියේ දහයියාගම කියලා ගමක.

      Delete
    2. යකෝ වහ කාපං දහයියාගම හංදියේ එවුන් වීල් කාරයෙක්ට බය වුනාද? කොහෙ ගියත් මචං සෙට් එක ෂුවර් නම් දුවන්ඩ අතවල් දන්නව නම් ගේමම ඉල්ලපන්. සමහර වෙලාවට පිටින් ආපු කොල්ලෝ අපිත් එහෙම පිටින් ආපු එවුන් කියලා හිතලා ඇගේ වැදිලා හරි ගෙම ඉල්ලනවා. ඒ වෙලාවට ඉතින් අපිට කරන්න දෙයක් නෑනේ. මේ සැරේ ඔය වගේ සීන් 6 ක් විතර වුනා. උන් ගොඩක් එවුන් බීල ඉන්නේ. එක හින්ද අපි මගඇරලා යන්න හදද්දී ඒත් ගේමටමයි.

      Delete
    3. මැක්සර්
      එවෙලේ ගමේ කොල්ලෝ එකයි බන් හිටියේ අපි ගාව.අපි අනිත් ඔක්කොම උන් පාරවත් දන්නේ නැහැනේ..

      Delete
  7. අපෝ යන තැන - ගාගන්නවනේ.... චාටර්....

    අල්ලල දාපන් බං.... කොහෙත් ඔය එක එක ජතියෙ උන් ඉන්නවා... අඩු වැදි වශයෙන්..

    ReplyDelete
    Replies
    1. ඉතින් බං උන්මනේ අපේ ඇඟේ එල්ලෙන්න ආවේ

      Delete
  8. අ/පුර ටවුන් එකේ උන් තමයි නරක. අ/පුර ඉපදිච අපි ගියත් ඔහොම තමා. School යන පොඩි එකා පවා එහෙමයි. කතා කරලා වැඩක් නෑ. එත් ගම් වල එහෙම නෑ. වැඩිය නටන කසිප්පු කාරයෙක් වගේ එකෙක් හිටියොත් ඇරෙන්න අනිත් මිනිස්සු හොදයි. උබ ඒකයි අර අන්තිමට හොද කියලා තියෙන්නේ. ඔය මිහින්තලයට ලග ටවුන් එකක තමයි මම ඉන්නෙත්.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙත් නඳුන් උබ කියපු එක තමා හරි.

      Delete
  9. හැමතැනම මෝඩයෝ වගේම මොලේ තියෙන මිනිස්සුත් ඉන්නවා ගනන් ගන්න එපා

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඒකනම් ඇත්ත.මේ කොළබත් ඔය වගේ සීන් කොච්චර වෙනවද

      Delete
    2. "ලේ දුන්නට මොලේ දෙන්න බැහැ" කියලා කියන්නේ නිකන්ද නේද මචන් ?

      Delete
  10. අපෝ.. කොයි පින් බිමෙත් ඉන්නවා ඔය වගේ නපුරු මිනිස්සු..
    ඔයාලා රන්ඩු නොවී ආව එක හොඳයි..
    ඔය තිරිසන්නු වීරයො වෙන්න දඟලන්නේ අනුන්නේ හයිය අරන්..
    කෝකටත් තමන් පරිස්සම් වෙන එක හොඳයිනෙ මල්ලී..

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කා අපි සාමයෙන් ගිය නිසා බේරුනා.අපිත් නිකන් හරි රණ්ඩුව ඇද්දා නම් මෙලහකට තාම අනුරාධපුරේ පොලිසියේ නැත්තම් ඉස්පිරිතාලේ.

      Delete
    2. අම්මෝ...ඒ කතාව ඇහුවාම නම් බයයි,දුකයි...
      මේ මිනිස්සුන්ට මොනවා වෙලාද මන්දා....
      ඒ නපුරා මල්ලිව ගෙනියන්න හැදුවේ...වචනයක් වැරදුනාට...මහ පිස්සෙක්..

      Delete
    3. පිස්සුදත් අහනවා අක්කා.වැඩිය හිතන්න දෙයක් නැහැ මං හිතන්නේ ඒ හැටි වෙන්න ඇති ඒ මිනිසුන්ගේ....

      Delete
  11. මුකුත් නොකියා උබ මට දාපු කමෙන්ටුව මෙතන දාන්නම්..

    මඩිස්සලේ නිශාන් - June 6, 2012 8:55 PM

    ලංකාවේ එහෙම මිනිස්සු නැහැ බං.ලංකාවේ ඉන්නේ අවංක නිහතමානි අහිංසක සැදැහැවත් මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. මං ඇත්ත නේද කිව්වේ? :)

      Delete
  12. මිනිස්සු විවිධාකාරයි නේ මලයා..

    ReplyDelete
  13. අපෝ අනුරාධපුරේ යන්නත් භය හිතුනා...කෝමද ඉතින් හොඳ මිනිස්සු නරක මිනිස්සු තෝරා බේරා ගන්නෙ :(:(

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි අපි යටහත් පහත් ව්දියට සද්ද නැතුව ඉන්නවා නම් හැර කා එක්කවත් සිනහා නොවී එතකොට වලියට එන්නේ නැහැ :)

      Delete
  14. ඕවා ඔහොම තමා බන්, හැම තැනම හොඳ නරක දෙකම තියනවා.. නරක නොතිබ්බොත් හොඳ පේනවා අඩුයි.

    ගම්පහ වතුර ගැන කිව්ව කතාවනම් ඇත්ත මගේ හිතේ..අපිටත් ක්ලෝරීන් රහක් ගෑවිලාවත් නෑ.

    ReplyDelete
    Replies
    1. ක්ලෝරීන් රහ එන්නෙත් බන් ටැප් වතුරවල විතරයි.උල්පත් වතුර වල එහෙම වෙන්න විදියක් නැහැනේ..

      Delete
    2. මෙහෙ වතුර බොන්න බෑ බං. අපි බොන්න ගන්නෙත් 20L water bottles

      Delete
    3. සිරා මචං මං උබලගේ පැත්තේ වතුරට මුකුත් කියනවා නෙමේ ඒත් බන් ඒවා බොන්න පුරුදු නැහැ.ටිකක් අමාරුයි.

      Delete
  15. රස්නේ පැතිවල මිනිස්සුන්ට ඩිංග බැරි වෙන කොට තදවෙන එක සාමාන්‍ය දෙයක් , පිට ගමකට ගියාම ජාම බේරගෙන එන එක තමන්ගේ දක්ෂකම

    ගම්පහ වතුර එච්චරටම හොඳද? නුවර එලිය/ රත්නපුර දිහාවල ගිය වෙලාවක වතුර ටිකක් බීල බලන්නකො

    ReplyDelete
    Replies
    1. අපිත් කොහම හරි බේරිලා ආවා එහෙනම් අපිත් දක්ෂයෝ නේද සහෝ? :)

      නැහැ මං කිව්වේ එයාලා කිව්ව කතාවට එයාලා කිව්වේ එයාලට කොළබ වතුර බොන්න බැහැ කියලා ඒකයි මං එහෙම කිව්වේ.

      Delete
    2. නොදන්න කමට අහන්නේ....
      කොළඹ තියෙන්නේ ගම්පහද?????

      Delete
    3. නැහැ ඒක ඔය නොදන්නා දෙයක් නෙවේනේ :)

      ඒත් ඒගොල්ලෝ කොලබ කියන්නේ වරකාපොලින් මෙහා සේරටම :)

      Delete
  16. හැමෝම එහෙම නෑ මචං.... පට්ට හොඳ මිනිස්සුත් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. ඔව් බං හැමෝම එහෙම නැහැ ඒකනේ අන්තිමට ඒ මිනිසුන්ගේ හොඳත් කිව්වේ..

      Delete
  17. හැමෝම එක වගේ නෑ කියනවනේ අයි‍යේ..අනුරාධපුරේ ගිහිල්ලා වැදපුදා ගන්නේ නැතිව හොද‍ට කෑවා නේද..? (හේ..හේ..)

    ReplyDelete
    Replies
    1. කෑවේ නැහැ අපි යන්තම් නොකා බේරිලා ආවා :D
      අපි ගුටි කනකන් නේද බලන් ඉන්නේ හිනා වෙන්න? :)

      Delete
  18. අනුරාධපුරේ විතරක් නෙමෙයි යාළු හැමතැනම චන්ඩි වෙන්න හදන නොන්ඩි අයියල ඉන්නවා බොරු පුස්පාට් දමාගෙන.අළුතෙන් කවුරුහරි ආවහම ගමේ අයියල වෙන්න හදනවා..මදැයි ඔයින් ගියා

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත සහෝදරි ඒ ත්‍රී වීල් කාරයත් ඔයා කිව්වා වගේ එකෙක් තමා.
      මදැයි ඔයිං ගියා ගුටි නොකා නේද? :)

      Delete
  19. හොඳ සහ නරක එවුන් හැමතැනම ඉන්නවනේ.

    ReplyDelete
    Replies
    1. යා ඒක ඇත්ත මේ බ්ලොග් වලත් එහෙම අය ඉන්නේ.

      Delete
  20. Replies
    1. තාම ගනින්නත් බැරි වුනා ගහපු ගැහිල්ලට.

      Delete
  21. "නානත්ත කායා නානත්ත සංඥා" හැමෝම එක වගේ නෑනේ කොල්ලෝ.ඒක නෙවෙයි අර කණාව අල්ලගෙන ලැකර් ගෑවද?

    ReplyDelete
    Replies
    1. ලැකර් ගාන්න හම්බුනේ නැහැ අනුරාධ පුරේ ගිය නිසා.මං නැති නිසාද මන්දා ඌ දැන් දවස් දෙහෙක ඉදන් නැහැ බන් :(

      Delete
  22. අනුරාධපුරේ කොයි හරියෙදි ද ඕකව හම්බ උනේ? කියන්න පුළුවන් ද හරියටම තැන. මටත් බලා ගන්න ඕකා මොන වගේ චන්ඩියෙක් ද කියල.

    ReplyDelete
    Replies
    1. අපි වෑන් එකේ ගිය නිසා මම හරියටම තැන දන්නේ නැහැ මචන් ඒත් උබ දන්නවද මල්වතු ඔය සෙට් වෙන තැනක් තියෙන්නේ දහයියාගම ද මොකක්ද කියලා?.
      අන්න ඒ හරියේ රවුන්ඩ් අ බෝඩ් එකකුත් තියෙනවා ඒ හන්දියේ පාක් එකේ එකෙක් තමා.කොලපාට ත්‍රී වීල් එහෙක වැඩි වයසක් නැහැ කොන්දේ ක්‍රේල් කොල්ලෙක්.

      Delete
  23. තව පොඩ්ඩෙන් ගමකට කන්ඩ තිබ්බා. අවසිහියෙන් ඉන්නකොට මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්ඩ ඕනා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ අපි වැඩිය සද්දේ දැම්මේ නැත්තේ..අයියට විතරයි හරියට තේරුනේ :)

      Delete
  24. ඕනිම තැනක ඔය වගේ විවිධාකාර මිනිස්සු ඉන්නවා..ඔහොම තමයි ඕවා..සිහිවිකල් කර ගත්ත අය තමයි ඔහොම ගේමට බහින්නෙ නම්...

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති වෙනි අයියා සමහර විට ඒ යකා අරුන් කිව්වා වගේ පැණි ගහලා ඉන්න ඇත්තේ..

      Delete
  25. පිස්සෝ බන් හරි හමන් චන්ඩියෙක් බොරුවට කෑ ගහන්නේ නෑ කෙලින්ම අත දිග ඇරලා කන අත ගානවා මිසක්. කොහෙත් ඉන්නවා ඔය වගේ බොරු චන්ඩි. පිස්සු යක්කු බන්.

    ReplyDelete
    Replies
    1. පිස්සු යකෙක් තමා බන් නැත්තම් වාහනේට නගින්න කියයි ඈ...

      Delete
  26. යාලුවා එකෙක් දෙන්නෙක් කුරුවල් උනාට ඒ පැත්තේ ගොඩක් මිනිස්සු හොදයි. දඹුල්ලේ ගියේ නැද්ද...?

    ReplyDelete
    Replies
    1. දබුල්ලෙන් තමා බන් ගියේ ඒත් බැස්සේ නැහැ.

      Delete
  27. මෙහෙමයි මචං අනුරාධපුරේ ටවුන් එකේ ඉතින් ඩයල් වෙන්න හදන එවුන් ඉන්නවා. ඔය එකෙක් වත් හරියට ඉගෙනගත්ත එවුන් නෙවේනේ බං. කොහොමත් කොල්ලෝ සෙට් එකක් යද්දී වලියට බරයිනේ බං. හැබැයි අර ත්‍රීවීල් සීන් එකේදී නම් උඹලට පොලිසියේ කෙනෙක්ට කියන්න තිබුනා. මේ සැරේ පොසොන් එකට හොද ආරක්ෂක සැලැස්මක් තිබුනා. වලි අඩු කරන්න. අනුරාධපුරේ චන්ඩි නෑ හැම කොල්ලම හොදයි හැබැයි බීපුවහම සමහර එවුන් කුජීතයිනේ. ඒ‍වෙලාවට ඌ ගැන සලකලා බලනවා. ඔය අතරේ ඉතින් මරු සීන් වෙනවා. ඒව ලියන්න වෙනම බ්ලොග් පෝස්ට් එකක් ලියන්න වෙනවා. මොනව නැතත් ලබන පාරත් වරෙන්.

    ReplyDelete
    Replies
    1. ලබන පාරත් අනිවා එනවා මචං.
      මේකයි එදා අපි ටිකක් බීලා හිටියේ.අපේ උන් මාව ඇදන් ගියේ නැත්තම් මං ගේම ඉල්ලනවා ඒකයි සෙට් එක මාව ඇදන් ගියෙත්.අනික පොලිසියට එවෙලේ අපි සෙට් වුනා නම් එකෙක් ගාව හරි අරක්කු ගද ආවා නම් අපිටයි වැරදි වැටෙන්නේ.එවෙලේ අපේ උන් බුද්ධිමත්ව කටයුතු කරපු එකයි හොඳ.

      Delete
  28. දැන් ත්‍රස්තවාදයේ අලුත්ම මුහුණුවර මේකද? තමන්ගෙ රටේ නිදහසේ තමන්ට කැමති තැනකට නිදහසේ යන්න බැරි එක?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. නැහැ සර් හැමෝම එහෙම නැහැ මං හිතන්නේ ඒ මිනිහා එවෙලේ මොනවා හරි අරගෙන ඉන්න ඇත්තේ.ඒකයි අපිට බොරුවට සද්දේ දැම්මේ.

      Delete
  29. සාමය සතුට පිරි යහපත් ගමනක් නොවුනාට, (ඔය වලිබර අත්දැකීම් ඇරැනම)සමස්තයක් වශයෙන් ගත්තම ගමන හොදයිද....?

    ReplyDelete
    Replies
    1. පට්ට සහෝ කියලා වැඩක් නැහැ මාර ෆන් එකක් ගත්තේ.

      Delete
  30. මම ඉන්නෙත් අනුරාධපුරේ ටවුන් එකේ ඔය කියන දහයියාගම. කොලපාට ත්‍රීවීල් එකේ කොන්ඩෙ ක්‍රේල් කොල්ලවත් මම දන්නවා. මට නම් මල්ලි කියල කතා කරනවා.ඔතන ඉන්නෙ ගොඩක් අය උගත් කම අඩු තමන්ගෙ ගමේ අය්ති තමන්ට කියල හිතගෙන ඉන්න පහත් මනසිකත්වයක් තියෙන අය. රාට බීලා පුහු වීරයො වෙන්න හදන පිරිසක්. ඒක නිසා අනුරාධපුරේ හමොම එහෙම කියල හිතන්න එපා හෙම නගරයකම ඔය වගෙ අය ඔනෙ තරම් ඉන්නවා.මගෙ ගමට ඈවිල්ල එහෙම උන එක ගන අනුරාධපුරේ කෙනෙක් විදිහට මට දුකය. මොනව නැතත් ලබන පාරත් වරෙන්.....

    ReplyDelete
    Replies
    1. ඉෂා ඔයා ඒ පැත්තේද? කලින් දන්නවා නම් ඇවිල්ලා යන්න තිබ්බා.ආයේ ඉතින් ඔය පැත්තේ කවදා එවෙයිද දන්නේ නැහැ බන්.

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!