Wednesday, June 13, 2012

105 අක්කලායි මල්ලියි (ප්‍රශ්නයකට පිළිතුරු බලාපොරොත්තු වෙමි)

මේකයි සීන් එක දකින දකින හැම කෙල්ලම මට මල්ලි කියනවා මට මේක දැන් හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ ඇයි කියලා?.


මගේ තාත්තලාගේ වයසේ අංකල්ලා මාව දැක්කම මට මල්ලි කියනවා.ඒ වෙලාවට මට මාර මළ ඈ යකෝ මම උඹේ මල්ලි වගේද කියලත් අහන්න හිතිලා තියෙනවා.තව මගේ වයසේ කොල්ලොත් වෙලාවකට මට අයියා කියනවා ඒත් මම කොහේ ගියත් එතන ගෑනු ළමයෙක් හිටියොත් සටස් ගාලා මට මල්ලි කියනවා මම දවසක් ගියා
ස්කූල් බෑග් එකක් ගන්න එතන හිටියා ටිකක් මිටි ගෑනු ළමයෙක් එයා මට සෑහෙන්න හෙල්ප් කරා බෑග් එකක් තෝරාගන්න.එයා හෙල්ප් කරන නිසා මාත් බෑග් තේරුවේ ඇදුම් තෝරනවා වගේ දාලා බලලා.ලස්සනද නැද්ද කියලා කිව්වේ එයා.ගෑනු අයගේ තේරීම ගැන නම් මං අගය කරනවා එයාලා තරම් සමහර දේවල් අපිට තෝරන්න බැහැ හොදම දේ.


කොහොම හරි එදා එයා මට තෝරලා දුන්නා ලස්සනම බෑග් එකක්.මං ගෙදර ගියාම අම්ම කිව්ව පුතේ අද තමයි උබ ලස්සනම දෙයක් තෝරන් ආවේ කියලා.මම අම්මට කිව්වේ නැහැ ඒක තේරුවෙත් ගෑනු ළමයෙක් කියලා.ඉතින් වන් මෑන් ෂෝ වලට කවදත් ප්‍රිය කල මම ඒ ගෑනු ළමයා ගැන ටිකක් හිතුවා.බෑග් එක දකින දකින පාරට සෙන්ටිමෙන්ටල් වෙන්නේ අර ගෑනු ළමයාව.


මට මෙයාව ආයේ දකින්න මාරම ආසාවක් තිබ්බේ ඒක නිසාමද කොහෙද  මම ආයෙත් දවසක් ඒ කඩේට ගියා කැප් එකක් ගන්න.මම යද්දී එයා පේන්න හිටියේ නැහැ ඒක නිසා වෙන ගෑනු ළමයෙක් තමා මගේ ලඟට ඇවිත් උදව් කරේ ඒක නිසා  මම බොරුවට බල බල හිටියා.කැප් හොයනවට වඩා මගේ ඇස් දෙක හෙව්වේ එයාව.ඔන්‍න‍ ටික වෙලාවකින් එයා කඩේ ඇතුලේ ඉදන් ආවා.මාව දැකලා හිනා වෙලා මගේ ලඟට ආවා.


මමත් හිනා වෙලා එයාට කිව්වා එදා බෑග් එකනම් මරු මට අදත් හොද කැප් එකක් ඕන කියලා
එයා කැප් තියෙන තවත් තැනකට අඩගහලා ආහ් මල්ලි එන්නකෝ මෙහෙට මං හොද කැප් එකක් තෝරලා දෙන්නම් කිව්වා.


එයා මට මල්ලි කිව්ව නිසා මගේ බලාපොරොත්තු සුන් වුනා මං එදත් ලස්සන කැප් එකක් අරගෙන ගියා හැබැයි ආයේ ඒ කඩේට මොනවත් ගන්න ගියේ නැහැ.


ආයේ දවසක මම ගියා ඇහේ පොඩි ගෙඩියක් ඇවිල්ලා කඩවත සිංහ සමාජේ අක්ෂි එකට.එතන හිටපු ලස්සන සුදු මිස් කෙනෙකුත් මගේ හිත කැළබෙව්වා පෙනුමෙන්නම් එයාටත් මගේ වයසම වගේ තමා පෙන්නේ ඉතින් මාත් එයාටම රබර් ඇහැ දාගෙන හිටියා එයා එහෙට මෙහෙට යද්දී මට මුකුලු පාගෙන  තමා ගියේ.මාත් සෙකන්ඩ් වෙන්නේ නැතුව එයාව දකිද්දී හිනා වුනා.අන්තිමේදී මගේ වාරේ ආවම මම එයා ගාවට ගියා නම රෙජිස්ටර් කරන්න මෙන්න මෙයා මගෙන් අහනවා


මල්ලි නම මොකක්ද කියලා (o෴o)


එතනිදීත් මගේ බලාපොරොත්තු සුනේ සුන් වුනා.
මේ උදාහරණ දෙකක් විතරයි දෙනවා නම් තව උදාහරණ එකසිය ගානට දුන්න හැකි.මම වෙඩින් එහෙකට ගියත් හොස්පිටල් එකකට ගියත් ෂොප් එහෙකට ගියත් ගෙදරට කව්රු හරි ආවත් මුන් මට කතා කරන්නෙම මල්ලි කියලා ඒකමයි මේක ලියන්න හේතු පාදක වුනේ. 


මට දැන් දැනගන්න ඕන මේ අය ඇත්තටමද මට මල්ලි කියන්නේ නැත්තම් අර හැට හතරෙන් එකක් වත්ද කියලා.නාකි ඩයල් මට මල්ලි කියද්දී මේ මල් වගේ ගෑනු ළමයි මට මල්ලි කියනවා, දුක තමයි හිලරි මේක කියවන ඔයාලට හිතෙන ඇත්තම දේ කියන්න ඕන ඕන්න ලැජ්ජා වෙන්න එපා ඈ.


දැන් කට්ටිය හිතයි මේ යකා එක්කෝ කෙට්ටු කොට පොඩි කොල්ලෙක් වෙන්න ඇති ඒකයි එහෙම කෙල්ලෝ මල්ලි කියන්නේ කියලා ඒත් මම එහෙමමත් නැහැ අෆ්ෆා කරුමේද මන්දා මගේ.මීට පස්සෙත් මූණට හම්බෙන ගෑනු ළමයි 10න් 5ක් (ප්‍රතිශතයක් වශයෙන්) හරි මට මල්ලි කිව්වොත් මම වහ බීලා එල්ලිලා මැරිලා කෝච්චියට හැප්පිලා ගඟේ පනිනවා මට ඒ තරමට මේක අවුල් :)




(ඇයි බං මටම මෙහෙම වෙන්නේ? :D )



105 comments:

  1. ane machan nuba naadan... :D :D
    janith

    ReplyDelete
    Replies
    1. අඩන්නේ නැහැ බං ඒත් ඇඩෙනවා :)

      Delete
  2. හා මට තියෙන්නේ ඕකේ අනික් පැත්ත... අපේ අම්මලගේ වයසේ අයයි නාකි අයයි මට නංගි කියනවා... :/

    ReplyDelete
    Replies
    1. මට ඇන්ටිලාගෙන් නම් ඔය ප්‍රශ්නේ නැහැ ඇන්ටිලා කට පුරෝලා පුතේ.. කියනවා ඒත් මේ නාකි හම්පඩ ඩයල් මල්ලි කියනවා :(

      Delete
  3. ඔවා ඔහොම තමයි .....:D

    ReplyDelete
  4. මල්ලි කිව්වේ මොන මල්ලිද ?

    ReplyDelete
    Replies
    1. හෑ.....
      ඒ හරුපේ තේරුම මොකක්ද?

      Delete
    2. හත්ඉලව්වයි
      ..................................

      Delete
  5. උබ පවුලෙ බාලයද කියපන්කෝ.. එතකොට ඔකට හෙතුව කියන්නම්

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ බං ලොක්කත් මම පොඩ්ඩත් මම පවුලටම එකයි ,ලෝකෙටත් එකයි :)

      Delete
    2. එහෙමද... එහෙමනම් මේකයි වෙලාතියෙන්නේ... උබ කිරෙන් බාල වෙලා... එකට බෙහෙත් තියෙන්නෙත් ඔය උබට මල්ලි කියන අය ගාව තමා.. පොඩ්ඩක් අහල බලපන් බෙහෙත් දෙන්න පුලුවන්ද කියලා

      Delete
    3. උබ කියන්නේ කුක්කු ටිකක් ඉල්ලන් බොන්න කියලද? මළා
      :D

      Delete
  6. ඕකට කරන්න කිසි දෙයක් නෑ...ඕව පෙර කරපු කරුම....

    මම කියන්නද වැඩක් ඔය දම්වැල් ටිකක් බෙල්ලේ එල්ල ගන්න.. පච්චා ටිකක් කොටා ගන්න..ටිකක් සල්ලි වියදම් කරන්න.. එතකොට වටේට Body Guard ලා වගේ අපාය සහය මිතුරෝ ටිකක් වට වේවි.. දැන් ඉතිං ඔය පාරේ යන එන කවුරැත් අයියා කියයි... හැබැයි ඉතිං ?@#$%%$^@#$%^

    ReplyDelete
    Replies
    1. කරුමම තමා මචෝ..

      උබ කියපු දේ කරන්න ගිහින් පොලිසියෙන් අල්ලගත්තොත් එහෙම මාව එල්ලලා ගහයි යකෝ...:D

      Delete
    2. එහෙමැයි කියලා මේ දැවවන පුරස්නය අතෑරල දාන්න පුලුවනැයි... හැබැයි හම්බෙන හැම කෙල්ලම මල්ලි මල්ලි කිව්වොත්... අහෝ උබ නේ මචං පවුලේ එකම එකා

      Delete
    3. ඔව් බං මෙහෙම ගියොත් මගෙන් පස්සේ මගේ පරම්පරාව ඉවරවෙයි :(

      Delete
    4. මූට කඩවත පොලිසියේ නතර ඩෙන්ඩ වෙන්නේ.

      Delete
    5. කඩවත පොලිසිය වගේද රාගම :)

      Delete
  7. මේකත් "නිර්මාණයක් පමණි" කියලා හිත හදාගනින් බං...

    ReplyDelete
    Replies
    1. එක පාරක් එහෙම කියලා හිත හදාගත්තට ආයේ කරන්න බැරි වෙයි බං :)

      Delete
    2. අඩේ ඒ කියන්නේ උඹ අපිව ගොනාට ඇන්දුවාට ඉස්සෙල්ලා එකත් සත්‍ය සිදුවීමක් නෙහ්...!!!

      Delete
    3. :D ස්ස්ස්ස් කට කට

      Delete
  8. අයියො මල්ලි ගනන් ගන්න එපා ඕවා ඔහොම තමා

    ReplyDelete
    Replies
    1. දුක තමයි අයියේ.. :)

      Delete
    2. ලොකු ජෝන් කිව්ව එකම තමයි මටත් කියන්න තියෙන්නෙ. උඹ සැලෙන්න එපා (බෝල්ඩ් කරලා) මල්ලි (අන්බෝල්ඩ්).

      ඔය සිය දිවි නසාගන්න එක තියෙනවා නේද. අර අමාරිස් කියන බුවත් මැරෙන්නම හිතාගෙන තුවක්කුවකුයි කඹේකුයි වහ කුප්පියකුයි අරන් මුහුදට නැමිච්ච පොල්ගහකට නැගලා කරගත්ත හුටප්පරේ දන්නවා ඇතිනෙ...


      henryblogwalker the Dude

      Delete
    3. හෙන්රි සර් නැහැ නැහැ මම සැලෙන්නේ නැහැ අයියා කියන කෙනෙක් හම්බෙනකම් මං වැඩේ අතාරින්නෙ නැහැ :D

      හෑ අමාරිස්ගේ කතාව මම දන්නේ නැහැනේ...

      Delete
  9. මේකනෙ වැඩේ......... ළමයා හැරෙනකොට අර ගෑණු ළමයින්ට තේරෙනවා මොනාද වෙන්න යන්නෙ කියලා. ඉතින් "මල්ලි" කිවුවාම ශේප් කියලා හිතාගෙන තමයි ඔහොම කියනවා ඇත්තෙ. මල්ලි සැලෙන්න එපා ඒ වගේ වචන වලට. උත්සහය අත් අරින්නත් එපා.......

    ReplyDelete
    Replies
    1. මං හැරෙනකොට එයාලට මොනවද තේරෙන්න ඇත්තේ? :D
      පිස්සුද අක්කේ ඔයාත් මට මල්ලි කිව්වට මම එහෙම උත්සාහය අත හරින එකෙක් නෙවේ :D

      Delete
  10. කොල්ලො පිස්සු විතරක් කරන්න එපා..බ්ලොග් ලියන්නෙ කව්ද..? උඹ මලොත්...,
    මේකයි මචං...ඕක තියෙන්නෙ අඳුමෙන්, මම කිව්වාට ..හොඳට කිටමරල යන්න, හොඳසපත්තු දෙකක් දාල. නැත්නම්..."සයිඩ් ඕපන්" කියන වර්ගයේ කමීස අඳින්න බලන්න . හරියට හරි.

    ReplyDelete
    Replies
    1. ඔව් නේද මළොත් මේකේ මොනවා හරි කොටන්න එකෙක් නැති වෙනවනේ.

      බලමු උබ කියපු දේවල් වත් කරලා බලන්න ඕන නැත්තම් මෙහෙම බැහැනේ බං හැමදාම :)

      Delete
  11. මේකයි මල්ලි..අයියෙ..ඔයා මැරෙන්න නම් එපා මොනා උනත්..වතුරට නම් පනින්න එපා කිඹුල්ලු හැම තැනම මේ දවස් වල..කෝච්චියට පනින්න එපා නෑ පනිනව නම් පනින්න කමක් නෑ..හැබැයි ඔෆිස් කෝච්චියට නැතුව..කෝම උනත් මෙන්න මේවා ට්‍රයි කරල බලන්න ...
    1 ඝන උඩු රැවුලක් වවන්න.
    2 කැමති කෙල්ලෙක් දැක්කාම පපුව කෙලින් තියන් රවල බලන්න.
    3 කෙල්ල ඔයාට කතා කරන්න කලින් ඒකිට 'හේයි නංගි මේ' කියල කතා කරන්න.

    ReplyDelete
    Replies
    1. මල්ලි? අයියේ? :O

      1 කොරලා බලමු..
      2 එතකොට උන් මට බය වෙයිද දන්නේ නැහැ?
      3 හේයි මේ නංගි (හරිද? :D )

      Delete
    2. මේ මචං... Hey Baby කියහන්

      Delete
    3. හරි උබලා කියන ඔක්කොම මම එකින් එක කරලා බලන්නම් :)

      Delete
    4. ඔයා හොදයි කවුන්සලින් දෙන්ඩ..... අන්න වැඩේ.. දෙන්නා සෙට් වෙලා කරමුද !!!!

      Delete
    5. එල එල කරන දෙයක් අපිටත් කියලම කරපල්ලා හැබැයි :)

      Delete
  12. මෙහෙමයි මචන් එකහෙලාම පවසන්න පුළුවන් ඕක උඹේ කරුමේ. පිනක් දහමක් කරලා බාරයක් වෙලා බලපන්කො. ඊට අමතරව අර වින්චැට් අක්කා කියපු දේ හරියටම කරහන්කෝ (ජෝක්ලු)

    මචන් සිරාවටම මටත් ඔය සීන් එක තියනවා. කෙල්ලොනම් ඕනේ මගුලක් කිව්වට කමක් නෑ. මට නම් මල විදින්නේ හැට පැනපු වයසක අයියල අක්කල කට පුරෝලා මට මල්ලි කියනකොට බං. "ඇයි කියල අහන්න කලින් අනේ උඹ මහා ලොකු අයිය/අක්කා" කියල කියන්න හිතුනට කොහොමද බං කටක් ඇරලා කියන්නේ සිතින් තරුණ උදවියද දන්නේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් බං මේ කරුමේ නිසා මං හිතන් ඉන්නේ ළමා නිවාසෙකට දානයක් දෙන්න කියලා :)

      හයියෝ කතා කරලා වැඩක් නැහැ බං මේ නාකි අංකල් කාරයෝ තමයි මල්ලි කියන්නේ.මාත් කින්ඩියට උන්ට අයියා අයියා කියලම කතා කරනවා සමහර උන්නම් ටික වෙලාවකින් නිකන්ම පුතා කියනවා :D

      Delete
  13. හයියෝ ඔවත් ප්‍රශ්නද බං.අපිටත් ඔය ඕන තරං කෙල්ලෝ මල්ලි කියන්නේ.කෙල්ලෝ කොහොමත් කැමති නැහැනේ සෙකන්ඩ් වෙන්න.ඒකයි ගොඩක් වෙලාවට කෙල්ලො මල්ලි කියන වචනේ යොදාගන්නේ.අංකල්ලා මල්ලි කියන්න හේතුවනම් ටිකක් ප්‍රශ්නයක්.වෙන මොකක් හරි අදහසකින් වෙන්න ඇති? &%^$##%#^^$

    ReplyDelete
    Replies
    1. උබ කියන එක එහෙම වෙන්න ඇති කියලා හිත හදාගන්න ඕන බං.

      අංකල්ලා එහෙම කියන්නේ මොන වගේ අදහසක් ඇතුව වෙන්න පුලුවන්ද?

      Delete
  14. ගැණු ළමයි ආත්මාරක්ෂාවට ගන්න පියවරක් ඕකත්..වැඩිය හිතන්න එපා :P

    ReplyDelete
    Replies
    1. හෙනම ගහපිය ඕකුන්ට :D
      එහෙම කරාම අපි‍ට පාඩුයිනෙ හලෝ...

      Delete
  15. වයස ලියලා කාඩ් බෝඩ් කෑල්ලක කොලර් එකේ එල්ලගනින් ... :)

    ReplyDelete
    Replies
    1. හෑ එතකො‍ට හරිද? :D

      Delete
  16. අනේ මල්ලියෝ................................................... :)

    ReplyDelete
  17. වයසක සීයලා මල්ලි කියන එකනම් අවුලක් තමයි. ඒත් ලස්සන ගෑණු ළමයි මල්ලි කියන එක ඒ තරම් අවුලක් නෑ. අක්කල වුනත් නරකම නෑනෙ ;)

    ReplyDelete
    Replies
    1. ඔව් නේද සහෝ බලන් ගියාම ඔයාගේ කතාවත් හරි අක්කලා වුනත් නරක නැහැ :D

      Delete
  18. සෑහෙන බැරැරුම් ප්‍රශ්නයක් තමයි අයියේ..බීලනම් මදි කාලාවත් බලන්න වෙනවා..ඔය මැරෙන වැඩ නම් එපා..අපිට රස කතා කියලා දෙන්න කවුරුත් නැතුව යයි..මම හිතන්නේ මේ කාලේ හරි නැතිව ඇති..තව ටික කාලයක් යද්දි කට්ටිය එකපාර සීයෙම කියයි..බොරුනහම් ඔය හිටියා වගේ තව ටිකක් ඉවසලා බලන්නකෝ....(හේ..හේ..)

    ReplyDelete
    Replies
    1. ඔයාවත් මට අයියේ කියන එක මදැයි :D :D

      ඔයා ඔය කියන තව ටික කාලය කියන්නේ අවුරුදු 40කට 50කට විතර වෙන්න ඇති නේද?බලමුකෝ බලමුකෝ :D

      Delete
    2. හපොයි..නෑ නෑ ඔයා පොඩි මල්ලියෙක්නේ....

      Delete
    3. :O මළා ඔයත් අක්කෙක්ද?

      :D :D

      Delete
  19. අයි අයියෝ ... මට ඕකෙ අනිත් පැත්ත. මට නිතර හම්බවෙන මේච්චරකල් අයිය කිව්ව නංගිල දෙන්නෙක්ම මට වැඩිය වැඩිමල්. එක්කෙනෙක් නම් වැඩිමල් කියල දැනගත්තෙත් අද උදේ. ඒකත් ඒ/ලෙවල් කරපු අවුරුද්ද කතාකරන්න ගිහින් අහුවුනේ. ඊට පස්සෙ ඉතින් අයිය කියන්නෙ අනේ ගෞරවයටත් එක්කනේ බ්ලා .. බ්ලා ... බ්ලා ... අනිත් කෙනා නම් විශ්වාස කළේම නෑ. අයි. ඩී. එක බැලුවම තමා විශ්වාස කළේ. ඊට පස්සෙ අනේ අයියෙ කාටවත් කියන්න එපා කිව්ව. ඉතින් එයාල නංගිල, මම අයිය!

    ReplyDelete
    Replies
    1. අයියෝ නංගි කිව්වලු බලන්නකෝ ඉතින් නේද අපි බලාපොරොත්තු වෙන ඒවා නෙමේනේ වෙන්නේ සික් :)

      Delete
  20. දැන් මෙතනම කීයක් මල්ලි කියලා තියෙනවද අප්පේ..... සිරාවටම දැන් කොච්චර විතර වයසයිද කියන්නකෝ බලන්න...

    මට පේන විදියටනම් මේ කාලේ පරිස්සම් වුනොත් හොඳයි.පොල් ගසුත් මල් ගස් වගේ පේනවා වගෙයි ඔයාට

    ReplyDelete
    Replies
    1. මට දැන් යන්තම් විත්තයි අෆ්ෆා

      පොල්? මල්? අනේ මන්දා බං සහෝ මට දැන් ඔක්කොම මඤ්ඤම් වගේ.

      Delete
  21. සතුටු වෙයන් මිත්‍රයා කවුරුත් උඹට තාම අන්කල් කියලා කිව්වේ නැති එක ගැන හිතලා :D

    ReplyDelete
    Replies
    1. :O එහෙම කියන එකක් නැහැ තාම මල්ලිනේ කියන්නේ. :)

      Delete
  22. ඔයාට ගෑනු ළමයි මල්ලි කීවාම.... ඔයා ඒක ඇහුනෙ නෑ වගේ නංගී කියන්න......
    අනේ කොච්චර හොදද ලාබාල පෙනුමැති පුතුට සහකාරියක් කියලා ඔයාට මංගල ද‍ැන්වීමක් දමතෑකි....වයස 40 දි විතර.....හී
    අද නම් මරු කමෙන්ට්ස් ටිකක් තියේ..හිනා හිනා.....

    ReplyDelete
    Replies
    1. :O මට වයස 40 ක් විතර වුනාට පස්සෙද මඟුලක් හොයන්න හදන්නේ? :D

      Delete
  23. මම කියන්නේ විහිළුවක් නෙවෙයි අත්දැකීමෙන්. කවදා හරි දවසක, කවුරු හරි, ජීවිතේ ප්‍රථම වතාවට, ඔබට 'අංකල්' කියලා කතා කරපු දවසට, හද පතුලෙන්ම කනගාටුවක් ඇතිවෙනවා. මමත් එහෙනම් වයසට ගියා නේද කියලා. ඒ හැඟීම මම අත්වින්දේ 2000 දී.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. වීචාරක මහත්තයා හරි වාසනාවන්තයි, මට දැන් අවුරැදු 5ක්6ක ඉදලම අංකල් කියනවා.

      Delete
    2. අපේ ගෙවල් පැත්තේ අවුරුදු 3ක පොඩි එකෙක් ඉස්සර මට මාමා කිව්වා හැබැයි දැන්නම් ඌත් කියන්නේ අයියා කියලා.

      Delete
    3. හයියෝ ඔව්වා මොනාද අප්පා... මට තාම අවුරුදු 20ක් කොණ්ඩේ සුදු වෙලා තියෙන්නේ.... මට වඩා අවුරුද්ද දෙක බාල පෙනුම තියෙන එවුනුත් මට අංකල් කියලා කියනකොට..... මුලින් සැරේ නම් මගෙ රෙදි ගැලෙව්වා වගේ දැනුනා.... පස්සේ කිව්වා මට තාම 20 යකෝ කියලා.... එතකොට උන් කියාපි ඒ වුනාට අයියේ ඔයාට අවුරුදු 35ක 40ක පෙනුමක් තියෙනවනේ කියලා.... කොල්ලො මෙහෙම හිතනවනම් කෙල්ලෝ????

      Delete
    4. හෑ උබත් එහෙනම් මගේ වයසේම එකෙක් නොවැ.
      කොණ්ඩෙට මොනව හරි පාටක් ගාපන්කෝ මචෝ.

      Delete
  24. කෙල්ලෝ ගැන නම් කතා තරලා වැඩක් නෑ... :(

    ReplyDelete
  25. පුතා උඹ මට කෙලවන්ඩ හිතාගන නේද මේ මගූල ලියුවේ.

    #තාත්තගේ වයසේ අංකල්ලා මල්ලි කියනවා මමත් අයියේ කියනවා.#

    යකෝ උඹ පුංචී කාලේ බොලාගේ අම්මට අක්කා කියලා කතා කරපු මම කොහොමද උඹ වල්අලියෙක් වගේ ආරලා ආවා කියලා ඇන්ටී කියන්නේ

    ගෑණු ළමයි මල්ලි කියන එකයි, මම වගේ උන් මල්ලී කියන එකයි පටලා ගන්න එපා. කෙල්ලෝ එහෙම කියන එකේ ලොකූ තේරැමක් තියනවා.
    මොකක්ද දන්නවද ඒකෙන් කියවෙන්නේ

    ආදර සම්බන්දයක් නං පටන් ගන්ඩ බෑ, ආතල් එකක් ගම්මු.

    ReplyDelete
    Replies
    1. නෑ යකෝ....
      බොලා මට වඩා අවුරුදු දහතරයිනේ වැඩිමල් ඒත් මම කිව්වේ තාත්තගේ වයසේ උන් ගැන :D

      Delete
  26. සරළයි පැහැදිලියි. මට හිතාගන්න බැරි උඹට ඇයි මේක තේරුම්ගන්න බැරිවුනේ කියල.
    උඹේ පැණි මූන දකිනකොටම ගැල්ලමයි දන්නව පොල්පැලේ කන්න තමයි එන්නෙ කියල. ඉතිං කලින්ම මල්ලි කියල එයාල ආරක්ෂා වෙනව. හූ හූ........

    ReplyDelete
    Replies
    1. අංකල්ලටත් ඔය මූන දකින කොට සමනලයෙක් වගේ පේනව ඇති.

      Delete
    2. හුටා මෙන්න දෙන්නක් මට මඩ ගහනෝ. :D
      අයියෝ එහෙම නැහැ මං අහිංසක පාට නිසා තමා කෙල්ලෝ එහෙම කියන්නේ.
      අංකල්ලා එහෙම කියන්නේ සිතින් තාම තරුණ නිසා
      (වෙන්න ඇති :D )

      Delete
  27. අපි නං මල්ලී කියන්නේ අවයවයකට!

    ReplyDelete
    Replies
    1. අයියෝ කකා එතකොට ගෑනු ළමයි කියන්නේ මගේ මොකේටද එහෙම? :D

      Delete
  28. මෙච්චර දවස් නිශාන් කියපු මටත් අද මල්ලි නොකියම බෑ..මොකද වයස දැන ගත්තෙ අදනෙ යන්තම් විච්චයි කිව්වෙ නැතුව හිටියනම් නිශාන්ම තමයි දිගටම...

    මේකනෙ විසේකාර හැඩකාර (නැති) මේ කොල්ල දැක්ක ගමන් කෙල්ලන්ට තේරෙනව ඇති මෑන් කවුද කියල බේරෙන්න තියෙන හොදම අවිය තමයි කට පැනපු ගමන් මල්ලි කියනව ඇති‍...හොදම දේ

    1. කෙල්ලෙක් දැක්ක ගමන් එකපාරටම ඇහැ නොදා ඉන්න ගනන් නොගෙන ගනන් නොගන්න තරමට කෙල්ල ගනන් ගන්න පටන් ගනී.

    2.කෙල්ල පොඩ්ඩක් ටැක් මාරු කලගමන් නංගි කියන්න දෙපාරක් නොහිතා

    ඒකත් බැරි වුණොත් මල්ලියෝ සදහටම මල්ලිම වෙලා ඉන්න..ඔයා කිව්ව වගේ ළමා නිවාසෙකට දානයක් දෙන්න.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම ඇන්ටිලා මට මල්ලි කියද්දී ඔයත් එහෙම කිව්වට ගානක් නැති වෙයි :D

      සික් ගෑනු ළමයි එහෙනම් මං ගැන වැරදියට නොවැ හිතලා තියෙන්නේ :D

      ඔයා කියපු ක්‍රම දෙක අත්හදා බලා කියන්නම්කො...
      හරිගියේ නැත්තම් දානයක් දෙනවා.හෙල්ප් එකක් දෙන්න එනවනේ?.

      Delete
    2. අනිවා එනවා...නොකිය ඇන්ටි කිව්ව නේ...උදව්වක් දෙන්න නෙමෙයි හිතෙන්නෙ..

      Delete
    3. අයියෝ මං එහෙම ඔය ඇන්ටිට ඇන්ටි කිව්වේ නැහැ අනේ වැරදියට වටහාගන්න එපා මාව :)

      Delete
  29. අනේ මන්ද බන් කරන්න වෙන්නේ අර ජස්ටින් බිබර්යා අනුකරණය කරලා අක්කල ටෝක් කරන්න

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් එහෙම හරි කරන්න එපැයි බං නැත්තම් මම පවුනේ :)

      Delete
  30. මාර සීන් එකක්නේ මෙයාට වෙලා තියෙන්නේ ..
    ගණන් ගන්න එපා අප්පා රට්ටු කියන කතා ...

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ මටමයිනේ මෙහෙම දේවල් වෙන්නේ :)

      Delete
  31. ගණන් ගන්න එපා... මල්ලි :D :D

    ඔතන සිද්ධිය වෙන්නේ, ගෑනු ළමයි 'මල්ලි' කියන්නේ සහෝදරයෙක් වගේ ආශ්‍රය කරන්න කැමති අයට. එතකොට වයසින් අයිය කියල පෙනුන උනත් මල්ලි කියලම කියනවා.
    ඉන්දියාවේ මගේ යාලුවෙක් දවසක් කිව්වා එයාල මේ හා සමාන වැඩක් කරනවලු පිරිමි ළමයින්ට. මොකද්ද දන්නවද? අර රාඛි බඳිනවා කියල අතේ නුලක් බඳින්නේ. ඒක ගැණු ළමයෙක් පිරිමි ළමයෙක් ගේ අතේ බැන්දොත් එදා ඉඳන් එයා සහෝදරියක් ලු.
    ඉතින් දැන් ඔයාට තේරුනා නේද මේ සම්‍යක් ප්‍රයෝගේ? :D

    විසඳුම : සිහින සිත්තම් ගේ ක්‍රමේ තමයි !!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මාව දකින ගොඩක් ගෑනු ළමයි මගේ අහිංසක පෙනුමට මාව සහෝදරයෙක් වගේ ආශ්‍රේ කරන්න කැමතියි නේද? :)

      ඒත් හැමෝම එහෙම හිතුවොත් මට යන කලක් නැති වෙයි නේද? :)
      බලමුකෝ බලමුකෝ අක්කේ සිහින සිත්තම් අක්කගේ ක්‍රම ටික

      Delete
  32. මමනං මල්ලි කියන තරමට ආසයි...
    අනික මගේ ප්‍රතිපත්තියක් තියනවා ඕනෑම කෙල්ලෙක්ට අක්කේ කියන.... එයා අක්කෙක් නෙමේනං...
    ඊයා අනේ... මම 92... මම නංගි... කියලා කටින්ම පයිනවා..

    කොහොමද රාජ මොලේ.. :-))

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව සජෙක් වෙන්න බැහැනේ නේද? මාත් මීට පස්සේ ඇන්ටිලාටත් නංගි කියනවා අනිවා ඩෙෆා :)

      Delete
  33. අහා මේකයි අයියේ කේස් එක ,., ඕනිම කෙල්ලෙකුට කොල්ලෙක්ගේ මූන බලලා උගේ කුපාඩි කම අදුනගන්න පුලුවන්,., (ඔන්න මගේ නන් බෑ ආ) ඒක නිසා හැම නංගිම හැම එක වයසෙ කෙල්ලම ආරක්ශාකාරී පියවරක් ලෙස මල්ලි කියල කතා කරනවා ඕකයි රහස ,., දැන්වත් ඔය කූ** ගති අඩු කරගන්න ඊට පස්සෙ කවුරුවත් මුකුත් කියන්නෙ නෑ අයියේ කියල කට ඇරල කියයි (අක්ක කෙන්ක් උනත්) ,.,., රජාගෙ ප්‍රතිපත්තිය මං ගාවත් තියනවා ඕනි එකෙකුට අක්කේ ,., මට දැන් මගේ වයසේ අක්කල ගොඩායි ,., දැන් මම හිතන් ඉන්නේ ඇන්ටි කියල කතා කරන්න :D

    ReplyDelete
    Replies
    1. ෆල ෆල කුපාඩියා යන්න මම හරි අහිංසක පාටයි ඕයි.
      :D

      Delete
  34. මමනම් මට මල්ලි කියන්න කලින් අක්කේ කියල කියනවා. ඉල්ලන් ජෑම් ගා ගන්න ඕනේ නෑනේ නෙහ්?

    ReplyDelete
  35. වයස ප්‍රශ්නයක් නැහැ!!! මල්ලි කිව්වට මොකෝ බං!!! :)))

    ReplyDelete
    Replies
    1. ඔව් නේද බන් එක අතකට මල්ලි කිව්වත් මොකෝ.

      Delete
  36. පව් බං කොල්ලා..

    ReplyDelete
    Replies
    1. පව් නේන්නම් බන් :(

      Delete
  37. ඕක ඔය කෙල්ලන් ආත්මාරක්ශාවට කරන එකක් මල්ලියේ ! ගණන් ගන්න එපා...

    (කමෙන්ට්ස් බලා බඩ අල්ලා සිනාසීමි... )

    ReplyDelete
    Replies
    1. මාර ආත්මාරක්ෂක ක්‍රමනේ කෙල්ලෝ ගාව තියෙන්නේ. :D

      ඔහොම හිනා වෙන්න එපා ඉතින් මම පව්නේ :)

      Delete
  38. මේකනේ මල්ලි....
    ඕකට කරන්ඩ තියෙන හොදම වැඩේ තමා උබ කලින්ම ඒකිට නංගි කියලා කතා කරන එක...
    "නංගි, මට කැප් එකක් තෝරලා දෙන්ඩ !" වගේ එකක් කිව්වා නම් ඒ කෙල්ල ඉනිශලයිස් ( initialize ) කරගන්නවා මල්ලි, ඒ කෙල්ලට වඩා වැඩිමල් ය කියලා. :)

    මට නම් මේ දවස්වල කාලේ අකාලේ වෙලා.
    ඉස්කෝලේ යන එවුවෝ හිටන් මට අංකල් කියලා කතා කරන්නේ. දැන් නම් ඒක පුරුද්දටත් ගිහින්. :)

    ReplyDelete
    Replies
    1. මම මීට පස්සේ දිගට හරහට ඇන්ටිලටත් නංගි කියනවා අයියේ.

      අංකල් කියන එකනම් ටිකක් අවුල් තමා ඒත් ඩෝන්ට් වොරි උන්ට මල්ලි කියලා කතා කරන්න :)

      Delete
  39. matath oya seen ekama thama bn nishan16 :P

    ReplyDelete
    Replies
    1. එක බෝට්ටුවේ තමා බං
      මොකක්ද මේ 16?

      Delete
  40. වයසේ වරද කොලුවෝ වයසේ වරද

    ReplyDelete
    Replies
    1. මට හිතෙනවා අප්පා ආයේ පොඩි වුනා නම් හොඳයි කියලා

      Delete
  41. මළ හත්තිලවුවේ කෙල්ලෝ නැතුව මොකා මල්ලි කිවුවත් මොකද සහෝ...ආහ්.....

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!