Friday, June 15, 2012

95 මිනි බොකු කාපු යක්කු!

ඇනෝලා කට්ටියක් මට ගහන්න හොයනවා කියලා මේ දවස් වල පොඩි ආරංචියක් තියෙනවා ඒක නිසා මම හෙන බයෙන් ඉන්නේ.ඒ අය මාව හොයනවා කියලත් ආරංචියක් ආවා ඉතින් ඉන්න ගමක්වත් කියන්න බයයි මේ දවස් වල.මම ඉන්නේ රාගම ඒක ඉස්සර ඉදන්ම මඩිස්සට එන කට්ටිය දන්නවා.

ඒත් මේ රාගම වෙච්ච හැමදේම මට වඩා ලියපු එකෙක් තමා අටම්පහුරයා කියන්නේ.ඒ යකා නොදන්න දෙයක් නැහැ කොහෙන් හරි ඇදලා රාගම වෙච්ච
සීන් එකක් බොරු නම්ගම් දාලා අතිනුත් ලුණු ඇඹුල් දාලා  දිගට හරහට ලියනවා.මම රාගම වුනාට තාම එක සිද්දීයක්වත් ලියලා නැහැ ඒත් අද මම ලියන්න යන දේ ටම්පහුරයවත් දන්නේ නැති එකක් වෙන්න ඕන.කොහොම හරි දැන් අටම්පහුරයා දෙවෙනි වතාවටත් පිය පදවිය ලබලා දුවට දාන්න නමක් හොය හොය හිටියනේ ඒකට ඉතින් සෑහෙන්න කට්ටිය උදව් කරා.සමහර අය තමාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ නම,ආච්චිගේ නම,වගේම ජෝතිර්ශවේදයට අනුවත් නම් හොයලා කිව්වා ඒත් අන්තිමේ තෝරාගෙන තියෙන්නේ ඒ පෝස්ට් එකේ මුලින්ම දාපු නම සහ ගොඩක් අය අනුමත කරපු නම.

හරි දැන් කතාව කියන්නම්කො මම මාසෙකට පාරක් වල් කතාවක් ලියනවමනේ.මේ මාසේ වල් කතාව ලියන්න හිතන් හිටියත් මගේ බ්ලොග් අක්කලා ගැනත් හිතන්න එපැයි කලින් අයියා කියපු අයත් මට දැන් කටපුරා මල්ලි කියනවා.වල් කතා ලිව්වම එයාල මං ගැන වැරදියට හිතයිද මන්දා කියලා තමා අද කතාව ලියන්නේ ඒක නිසා වල් කතාව ඊළග ලිපියට කල් දාලා මේක ලියනවා හැබැයි මේක හොල්මන් කතාවක් නෙමේ.

රාගම තියෙනවා එක්තරා මල් ශාලාවක් මේකේ වැඩ කරේ රාගම දෙමළ පුරේ කියන ටවුමෙම වගේ තියෙන පොඩි ගමක මිනිස්සු තමා.මොකද මේ දෙමලපුරේ ඉන්න ගෑනු මිනිස්සු ඔක්කොම රෑට කසිප්පු බොනවා ඉස්සර ඒගොල්ලෝ වැඩ කරෙත් නගර සබාවේ,මල් ශාලාවල් වල ඔය වගේ ගොඩක් පහත් ගණයේ නොවුනත් ඒ වගේ තැන්වල.ඒත් දැන්නම් ටිකක් දෙමළ පුරයත් දියුණුයි මිනිස්සු දැන් තට්ටු දෙකේ ගෙවලුත් හදාගෙන.මේක දෙමළ පුරේ වුනාට සිංහල කට්ටිය තමා වැඩි පුර ඉන්නේ.

මිනිස්සු වගේම ගෑනුත් බොනවා ඉස්සර රාගම එච්චර දියුණු නැහැ ඒ කිව්වේ මම සූටීම සූටි කාලේ.අපේ ගෙදරටත් කරන්ට් එක තිබ්බේ නැහැ ඒ කාලේ.දෙමල පුරේ මිනිස්සුත් ලාම්පු එළියෙන් තමා ජීවත් වුනේ.

කලින් කිව්ව මල් ශාලාවේ මිනි එම්බාම් කරන්න හිටියෙත් ඔය දෙමලපුරේ මිනිස්සු දෙතුන් දෙනෙක් තමා.මේගොල්ලෝ මිනි එම්බාම් කරන්නේ ලාවට ශොටක් දාලා නැත්තම් අමු අමුවේ මිනි කපන්න බැහැනේ.දවසක් මිනි එම්බාම් කරන්න හිටියේ ප්‍රධාන බාසුයි එක ගෝලෙකුයි විතරයි.හදිසි මිනියක් එම්බාම් කරන්න තිබ්බ හින්දා දෙන්න ලාවටම කසිප්පු ෂොට් එකක් දාගෙන කොහොම හරි මිනිය එම්බාම් කරා.ඔය මිනි එම්බාම් කෙරුවට පස්සේ මිනියේ තියෙන බොකු,බඩවැල් වගේ ඉවත් කරන දේවල් ගෝලයා ගෙදර යද්දී අරන් ගිහින් මඟදී තියෙන බෝක්කුවකට විසික් කරගෙන තමා යන්නේ.කබරයන්ට ඉතින් ඒවා රස බොජුන්.

කොහොම හරි එදා ලාවට ෂොට් එක දැම්මට ඒක මදි නිසා ගෝලය මිනි බොකු පාර්සලෙත් අරන් එලියට බැස්සේ තවත් ෂොට් එකක් ගහලා ගෙදරත් අරන් යනවා කියල හිතාගෙන වෙන්න ඇති මොකද මේගොල්ලෝ දවස් පඩි කාරයොනේ.

ගෝලයා කස්ටා පොට් එකටත් ගිහින් එන්න යද්දී තව යාලුවෙක් අඩගහලා තව බොන්න 

නිකන් හම්බෙද්දී එපා කියන්න තරම් මෝඩයෙක් නොවූ ගෝලයා යාළුවගේ වියදමිනුත් තව ෂොට් එකක් දාගෙන යාළුවා එක්කම කයියක් දාගෙන ගෙදර ගිහින්.මඟදී අර පාර්සලේ විසි කරන්න ගෝලයට අමතක වෙලා.

ගෝලයා දැන් ගෙදර ගිහින් ගේ ගාව කස්ටා පොට් එකෙනුත් බාගයක් අරගෙන ගෙදරට ගොඩ වෙලා අතේ තිබ්බ ඒවත් මේසේ උඩින් තියලා මූණ හෝදගන්න ගිහින්.මේ මිනිස්සු දැනට උනත් නාන්න වැඩි උනන්දුවක් දක්වන පිරිසක් නෙවේ.මූණ කට හෝදගෙන ඇවිත් ආයෙත් බාගේ බීලා කෑම උය උය හිටපු වයිෆ්ටත් ලාවට වගේ ෂොට් එකක් දීලා.

මෙයාලගේ ගෑනුත් බොන එක එයාලට පුදුමයක් නෙමේ අනික මෙයාලා ගෑනුන්ට ඕක පුරුදු කරලා තියෙන්නෙත් රෑට වුවමනා කරන දේවල් කරගන්න ඕන නිසා.

නිදියන් හිටපු ළමයින්වත් නැගිට්ටවලා ලාම්පු එලියෙන්ම උන්ටත් කන්න දීලා මුන් දෙන්නත් කාලා නිදියගෙන.උදේ නැගිටලා ගෝලයා මූණ හෝදගෙන එද්දී ගෑනිත් කන්න පාන් එහෙම ගෙනල්ලා උණු උණුවෙම මස් හොදිත් පිඟානකට බෙදලා (නැවත රත් කරපුවා) දීලා.

පාන් බාගෙන් කාලක් විතර කද්දී ගෝලයට මීටර් වෙලා තියෙන්නේ මස් හොද්ද ගැන.
මිනිහා ගෑනිට කියනවලු 
ඒයි මේ මස් හොද්ද නම් පංකාදුයි ඇ ඊයේ ගෙනාපුවද?

ගෑනිත් කියනවලු
අනේ මේ මිනිහට නම් බිව්වම මොනවත් මතක නැහැ.ඇයි මනුස්සයෝ ඔයානේ ඊයේ රෑ ඕවා ගෙනාවේ !

පාන් කෑල්ල එලියට විසික් කරගෙන බුහෑ...හ්හ් ගාගෙන එලියට ගිය ගෝලයා තවත් කිහිප වාරයක්ම බුහෑ...හ්හ්  බුහෑ...හ්හ් ගෑවලු.

පස්සෙයි ගෑනිත් සිද්දිය දැනගෙන තියෙන්නේ ඔය සිද්දිය නිසා ඔය මිනිස්සු ඊට පස්සේ මාස ගානක් යනකම් මස් ගෙදරටවත් ගෙනල්ලා නැහැ ඒත් බොන එකනම් වැඩි වෙලා.

මේ කතාව කිව්වේ දෙමළ පුරේ මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරන්න නෙවේ.මේක වෙලත් දැන් සෑහෙන්න කාලයක් වෙනවා.මේක මතක අය දැන් ඉන්නවා ඇති ඒත් බ්ලොග් පැත්තේ නම් කරක්ගහනවා ඇති කියලා මම හිතන්නේ නැහැ.මේක කොහෙන් කොහෙන් හරි උන්ගේ කනට ගියොත් ඕන් අටම්පහුරයා තමා එහෙම වුනොත් උන් මාවත් එම්බාම් කරයි අනිවා ඩෙෆා.

ඒත් දැන්නම් දෙමල පුරේ මාර විදියට දියුණු වෙලා ඒ ගැන දන්නෝ දනිති.ඒත් තාමත් රාගම චාටර්ම පැත්තක් තමා ඕක.




95 comments:

  1. ඊයා ,යකෝ මුන් යක්කු නෙමේ මල පෙරේතයෝද කොහෙද ....

    ReplyDelete
    Replies
    1. :D ඒකනම් අහලම තමා දැනගන්න වෙන්නේ.

      Delete
  2. සිරාවටම... මිනී මස්ලු බං රහම.... :-))

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සජාත් කාලා තියෙන පාටයි :)
      මාත් ඒක අහලා තියෙනවා බන්.

      Delete
    2. ඔව් සිරාවට මිනී මස් රහලු..

      මොනවද මන්ද විස්කි ජාතියකට ( මතක විදියට ස්කොච් හෝ වැට් ) අශ්වයෙක් මරල දානවලු.

      කාලෙකට ඉස්සර අසීමිතව ඔය විස්කි වල ඉල්ලුම ඉහල ගිහින්. පස්සෙ තමයි දනගෙන තියෙන්නෙ කල්දේරමට මුරකරුවෙක් වැටුනු නිසා විස්කි වල රසය වැඩි වූ බව.. පස්සෙදි ඒ කල්දේරම් වලට අශ්වයෙක් මරල දානවලු.. අශ්ව මස් මිනිස් මස් වලට රසයෙන් සමානලු

      Delete
    3. අපිනම් ඉතින් සජාල එක්ක ඉන්න පුරෝහිතලා වගේ විස්කි බොන්නේ නැහැනේ :)

      Delete
  3. අම්මියාව්.. බඩ බෝකුවැල් කියන්නේ...

    ReplyDelete
    Replies
    1. * වචනය බොකු වැල් වෙන්න ඕනේ. දෙමලපුරේට ඇයි දෙමලපුරේ කියන්නේ දෙමල මිනිස්සු නැත්නම්?

      Delete
    2. අනේ මන්දා ඒකට ඉස්සර ඉදන්ම කියන්නේ දෙමළ පුරේ කියලා තමා.මම හිතන්නේ මුලින්ම ඉන්න ඇත්තේ දමිළයන්.

      Delete
  4. Replies
    1. මොකෑ නිකන් බොරුවට ඊයෑක් ගාන්නේ? :)

      Delete
  5. ඊයා......................................

    රැට කනකොට මතක් නූනොත් හොදයි! :)

    ReplyDelete
    Replies
    1. අනේ දෙයියනේ මේක මෙයාට රෑට මතක් වෙයන් :)

      Delete
  6. හම්පියෝ....කෑවද බොකු....
    අදමද කොහේ මම ආවෙ මෙහෙ...එන්නම්කෝ ආයිත් ඈ.....

    ReplyDelete
    Replies
    1. ඔව්වොව් කාලා බොකු

      වෙල්කම් එහෙනම්
      මෙහෙට දිගටම එන්න ඕන හරිද?

      Delete
  7. ඕක මොකද්ද බං.. තායිලන්නේ සමහර පැතිවල මිනිස්සු මැරිච්ච එවුන්ව කන්නේ පිහියෙන් කපාගෙන...

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට බොල මේ ලංකාවනේ. :)

      Delete
  8. ඕඕක් .... වමනෙට එනවා බෝල.. කොහෙද බං ඔය පුරේ තියෙන්නේ .. තේ වත්ත පාරේද ?

    ReplyDelete
    Replies
    1. නැහැ බන් බැසිලිකා ඉස්කෝලේ පල්ලම බහිද්දී ඇතුලට යන්න තියෙන පාරක තියෙන්නේ.ඒ පාර ආයේ මතු වෙන්නේ රණවිරු සෙවන ලගට.

      Delete
  9. යෑක්.... පුදුමයි ඌ ඕක ඔතනින්ම නැවැත්තුවා.. රහ වැටුනනම් එහෙම මළ විනාසයක් තමා වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් උන්ගේ වියදම ශේප් බන් මොකද මල්ශාලවෙමනේ වැඩ. :D

      Delete
  10. හුටා,.,.,., කාලා නේද,., ඉකෙයියා ,.,., ඔකොක්,.,.,.,

    ReplyDelete
    Replies
    1. ඉකෙයියා කිව්වේ මොකෑ බං

      Delete
  11. අපොයි දෙවියනේ .....

    ReplyDelete
    Replies
    1. ඊයා...අපොයි මල්ලියෝ ඇයි මටම කීව්වෙ ඔය කථාව...

      Delete
    2. :O සොරි මම විහිලුවට කිව්වේ.

      Delete
  12. අපෝ...මෙහෙමත් වැඩ වෙනවද...?

    ReplyDelete
  13. හික්ස්... ඕකමයි කියන්නේ ඇති පදමට ගහපියව් කියලා.. කොහොම උනත් මිනිහා හැමදාම බොක දාන්න යනකොට මේ බොකු වැලවල් කාපු එක මතක් වෙනවා ඇති නේ... හි හි හි

    ReplyDelete
    Replies
    1. :) ඒකනම් මචෝ අහලා තමා කියන්න වෙන්නේ.

      Delete
  14. චිකන්, බීෆ්, පෝක්, මට්න්....... මිනීමස්වලට කියන වචනෙ මොකද්ද බං. ගානක් නෑ කොළඹ මිනිස්සු ගම්බද පලාත්වල ඇවිල්ල දඩමස් හොයද්දි උන්ට මුවමස් කියල බලුමස් කවන එවුන් ඕනතරම් ඉන්නව. ලොකු වෙනසක් නැතුවැති.

    ReplyDelete
    Replies
    1. හෑ අනේ මන්දා මිනි මස් වලට කියන නම කසූ වත් හිටියා නම් අහගන්න තිබ්බා.
      අනේ මන්දා මම නම් බලුමස් තියා තාම මුව මස්වත් කාලා නැහැ.

      Delete
  15. චික් විතරක් දවල්ට කාල ඉඳ ගත්ත විතරයි..ඕක්ක්ක්ක්....

    ReplyDelete
  16. ගෙදෙට්ට මස් ගෙන එක වෙනම කතාවක්.බොකු පාර්සලේ අරන් ආව එක තවත් කතාවක්. එත් මම මේ කල්පනා කලේ මඩියෝ බඩබොකු වැල් වලයි මස් වලයි වෙනර අර ගෑනිට අඳුන ගන්න බැරි වෙන්න තරම් සුර් වෙලාද හිටියේ කියන එක. අද රෑට නක කන්නත් බෑ වගේ බං. බැරි වෙලාවත් රහ දෙන්නට අල්ලලා ගියානම් අන්තිමට පණපිටින් ඉන්න මිනිස්සුන්ගේ බොකු කපාගෙන ඇවිත් උයල කාවි.

    ReplyDelete
    Replies
    1. මේකනේ බන් ඔය පැත්තේ මිනිස්සු මස් කඩවල් වලින් මස් විතරක් නෙවේ ගන්නේ.හරකුන්ගේ පීකුදු,හෙළ දිව,වලිගෙ ඔය වගේ එක එක ඒවා තියෙනවනේ ගෑනිත් හිතලා තියෙන්නේ ඒ වගේ දෙයක් වෙන්න ඇති කියලා.අනික කුප්පි ලාමෞ එළියෙන් ඕවා පෙනිලා නැතුව ඇති රෑ

      Delete
    2. ගෑනි හිතන්නැති හරක් බොකු කියලා

      Delete
    3. මමත් හිතන්නේ එහෙම තමයි

      Delete
  17. මට මතකයි ඉස්සර ගිය 'ඇමසොන්' කතාවෙත් මිනීමස් කනවා.. මැරිච්ච එකාගෙ පච්චයක් දැකලනෙ මිනීමස් කියලා දැනගන්නෙ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් බන් අයියේ..

      Delete
  18. මට්ට..වම්මන්නෙ..යන්න්න්න..එන්නවහ්හ්හ්...ඕඕඕඕක්ක්ක්ක්................

    ReplyDelete
    Replies
    1. අක්කේ කතාව හලද වමනෙට වගේ එන්නේ නැත්තම්?..... :P

      Delete
    2. හිහී.. මේ චූටි ලස්සන කතාවේ බීභත්ස්‍ය රසයට වැඩි වෙලයි වමනට එන්නේ..

      Delete
    3. ඒකනේ මම බැලුවා මේ මොකද කියලා :D

      Delete
  19. ලෝකේ රසවත්ම මස මිනිස් මස් වගේම රසවත්ම පානය මිනිස් ලේලු.. ඒකනේ මේ මසට රහ වැටිලා ඉඩිඅමින් මිනිස්සු මැරුවේ...

    ReplyDelete
    Replies
    1. ඔහොම කියද්දී මටත් කාලා බලන්න හිතෙනවා. :)

      Delete
    2. අනේ අප්පෝ....බයේ බැරුවා....

      Delete
  20. බොහොම සන්තෝසයි , රාගම මිත්‍ර යෝ දෙන්නෙක්ම හඳුනගන්න ලැබීම ගැන ..මොකද කාළයක් ඔය පැත්තේ මාත් කරක් ගැහුවා .රාගම හොස්පිට්ල් එකේ වැඩ කරන කාළෙ ...මේ වගේ මිනී මස් කතා නං කීපයක් අපේ වෘත්තීය තුල අහන්න ලැබුණත් , මේ කතාව නම් නියමයි ...

    ReplyDelete
    Replies
    1. ඔනතුමා මේ පැත්තේ පැමිණීමත් මට සතුටක්
      ස්තුතියි.
      රාගම හිටියේ කොයි කාලේ වගේද?

      Delete
    2. එහෙනං ඔබතූමා අහලා ඇති ඇප්රිකන් සම්භවයක් තියන ආරක්ෂක අංශයක නිළදාරියෙක් , මෝචරියේ ඉන්න මෑන්ට සල්ලි දීලා මීනිස් අක්මාවල් ඉල්ලන් ගිය කතන්දරය,

      Delete
    3. @අටම්පහුර
      හෑ එහෙම සීන් එකක් මම නම් දන්නේ නැහැ අයියා.

      Delete
    4. මං ඔය පැත්තෙ හිටියේ නම් 2000 විතර , ඔහොම කතාවක් මගේ මිත්‍රෙයක් කියල තිබුණා , ඒත් හරි අගක් මුලක් නම් දන්නේ නැහැ ...

      Delete
    5. මම කියපු කතාව වෙලා තියෙන්නේ 92 විතර

      Delete
  21. කියවද්දි නිකම් මොකක්දෝ වගේ සහෝදරයා..මිනී මස් කලා දෙන්නා රෑ එකටම ෂොට් එකක් දාන්න් ඇති නේ...ඔය පැත්ත රෑට මරුවට ඇති නේ..පොඩි වුනුත් ලාවට ෂොට් එකක් දා ගන්නවා ඇති.. :) :D

    ReplyDelete
    Replies
    1. :) පොඩි උනුත් හදන්න දෙයක් නැහැ ඒ උනාට උන්නං කසිප්පු බොන්නේ නැතුව ඇති ඒත් හොරෙන් හොරෙන් බීඩි,සුරුට්ටු බොනවා ඇති.

      Delete
  22. මිනී මස් හරි විසයිලු (බඩවැල්)....! පොඩි උන් ලෙඩවෙලා නැත්ද..?

    ReplyDelete
    Replies
    1. අතුරු ආබාද ආවද දන්නේ නැහැ පස්සේ ඒත් ඒක හරියටම දන්නේ නැහැ.

      Delete
  23. එක අතකට ඒ මිනිස්සු ජීවත්වෙන වටපිටාව අනුව තමා ඔහොම ජීවිත ගතකරනව ඇත්තෙ. පුරුදු වෙච්ච හැටිනේ. ගෑනුත් කසිප්පු ගහනව කිව්වම ඉතින් තව මොනව ද?
    ඒක නෙමෙයි බං, තාමත් ඔය පැතිවල කසිප්පු විකුණනව ද?

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් සහෝ ඔය පැත්තේ තාමත් ඉන්නවා ඕන තරම් මේ කතාවේ වගේ ඩයල්.

      Delete
  24. ඔය කියන පොට් එකට අපි නම් කියන්නේ වනාත පාර කියලා. මං තුමාගේ පරණ රූට් එකක්නේ වනාත පාර හොරපේ කියන්නේ. අපොයි එපා කරපු පැත්ත. අපේ ගෝල බාලයෝ වාහනෙන් බහින්නේත් නෑ ඔය ලයින් එකේදී. කෑලි ගලවයි කියන බයට ඒත් ඔය දෙමල පුරේ කියන නම මට සෙට් වෙලා නෑ.

    ReplyDelete
    Replies
    1. රාගම ඉදන් වනාත පාරේ මීටර් 150ක් විතර යද්දී පලවෙනි බෝක්කුව දන්නවද?අන්න එතනින් වම් අත පැත්තට හැරෙන්න තියෙන පාර තමා දෙමලපුරේ.

      Delete
    2. ඔය වනාත පාරටම කඩ දෙකයිද කොහෙද තියෙන්නේ බං. පස්සේ වාහනේ ආරක්ෂාව ගැන හිතලම අපි ඔය පාරේ යන එකත් නවත්තලා දැම්මා බං. රේල් පාර අයිනෙන්ම හොරපේ යන එක ඇගට ගුණයි කියලා හිතුනා

      Delete
    3. ඔය කොයි කාලේද?

      Delete
    4. එහෙනම් මේ මෑතකදීනේ බන්.රේල් පාර අයින දිගේ හොරපෙට යනකන් නම් කඩ තියෙනවනේ

      Delete
    5. රේල් පාර අයිනේ පාරේ කඩ තියෙනවා තමා බං. වනාත පාර ගැන මම කිව්වේ. ඒකෙ යනවාටත් පාඩුයි :((

      Delete
    6. හෑ උබ කියන්නේ ඔය කොයි පාරද වනාත පාර කියන්නේ ඉතින් රේල් පාර අයිනේ යන පාරටමනේ

      Delete
  25. මේක වෙන්න පුළුවන් දෙයක්ද මල්ලි? (මල්ලි කියලම කිවුවා ඕන්- ඔයා කැමතිම වචනෙනෙ)
    ගඳ එන්නෙ නැද්ද?
    රෑ මැරිලා මෝචරියෙ ශීතකරනෙට දාලා, පහුවදා උදේම මරණ පරීක්ෂණය කරන වෙලාවටත් පුදුම ගඳක් එනවානෙ බඩ ඕපන් කළාම. මුලින්ම කුණු වෙන්න පටන් ගන්නෙ බඩවැල්නෙ. ඉතින් ඒ ගෑණු කෙනාට ගඳක්වත් ආවෙ නෑ කියන එක පුදුමයි.
    වෙන්නත් පුළුවන් එයත් බීලානෙ හිටියෙ.
    මොනව වුණත් මට vomit නොවුණ 1 පුදුමයි මේක කියවලා ඉවර කරද්දි.

    මේක ඇත්ත නම්, හොඳ වැඩේ අහිංසක සත්තුන්ගෙ මස් කනවට

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන් දෙයක්ද නෙමේ අක්කේ මේක ඇත්තටම වුන දෙයක්.මේක හදිසි මරණයකින් මැරුණු කෙනෙක්ගේ තමා බොඩි එක.එදා එයාලට රෑ 10 වෙද්දී දෙන්න ඕන හින්දා තමා දෙන්න දඩබඩ ගාලා වැඩේ කරලා දාලා තියෙන්නේ.

      අනේ මන්දා ඊට වඩා දෙයක් නම් මම දන්නේ නැහැ.වොමිට් වුනේ නැත්තම් ඕනම නම් බලෙන් හරි වොමිට් කරන්න මට නම් කිසි පස්නයක් නැහැ :)

      Delete
    2. මීනිස්සු කනවනේ හරක් බඩවැල්( මම කන්නැ ) එව්වාත් මාර ගදයි උන්දැට දැනෙන්ඩ නැතූව ඇති.

      Delete
    3. ඔය කියන්නේ
      ගෑනිට සැක හිතුනේ නැති නිසා මොන කුණක් වුනත් උයනවා ලාවට දාලත් එක්කනේ ඉන්නේ,

      Delete
  26. බැලැක්කා...

    ReplyDelete
    Replies
    1. බැලැක්කා? ඒ මොකක්ද?
      ඒ හා සමාන නමක් තියෙන මත් පැන් ජාතියකුත් තියෙනවා ඒත් කසිප්පු වගේ නෙවේ ඒවා බොන්නේ ජෙන්ටල්මන්ලා

      Delete
  27. අපෙත් එකෙක් හිටියා එළුමස් කියලා බලුමස් කාපු

    ReplyDelete
    Replies
    1. හසිත පානළුව පැත්තෙද????

      Delete
    2. වැලිසර පැත්තේ ඉස්සර නයිට් කඩේක කොත්තුවට දාලා තියෙන්නෙත් බලුමස්.මයිල් එක්ක දවසක් එකෙක්ට මස් කෑල්ලක් මාට්ටු වෙලා තමා ඕක අහුවෙලා තියෙන්නේ.

      Delete
    3. @ Mee Godayaa

      මම කිරිබත්ගොඩ පැත්තේ. ඇයි පානළුව පැත්තේ එහෙමලුද :D

      Delete
  28. බ්වෑක්...ඕක්...ඕක්.... !!!!

    ReplyDelete
  29. ඊයා යකෝ සැක්

    (බ්ලොග අලුත් වෙලා ඈ)

    ReplyDelete
    Replies
    1. කොහෙද බොල මේකේ අලුත් වෙලා තියෙන්නේ?

      Delete
  30. නරුම කතාවක් වගේ පේන්න පුළුවන්. ඒත් ඉතින් මස් කන මිනිහට කොයි මසත් වෙනසක් නෑ. එකම දේ අපේ හිත. :)

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට තමාගේ වර්ගෙම මස් කන එක ටිකක් අප්‍රියජනකයි නේද අහන්න.

      Delete
  31. ඊයා බං.

    මිනි මස් රසයි ලු. ඒත් බොකු ? බයිට් එකට හොද ඇති.

    ReplyDelete
    Replies
    1. ආස හිතෙනවා නේද? :)
      ඕවා බයිට් එකට කනවා නම් නන්නා වෙන්නම වැදිලා තියෙන්න ඕන.

      Delete
  32. ඊයා බං නිශාන් අය්යේ :ප
    රසවත් කතාවක් හැබය් ;)

    ReplyDelete
    Replies
    1. ඊයා කියන්න එපා බොල දැන් උබේ බඩේත් බොකු නැද්ද? :P

      Delete
  33. නියම බයිට් එකක්නෙ බං.... ගහන්න බැරියැ බෝතල් එළිවෙනකන්ම....

    ReplyDelete
    Replies
    1. නැත්තම් නැත්තම් අරුන් පහුවෙනිදා උදෙත් කයි ඈ....:D
      තැන්කු මචෝ මේ පැත්තේ ආවට.

      Delete
  34. බිමේ ආනිසන්සද

    ReplyDelete
  35. FHUuuu...........HH...UUU............. නිකං අර WRONG TURN 4 ෆිල්ම් එකේ වගේ තියෙන්න ඇති.... හප්පා... මටනම් මේ පෝස්ට් එක කියෙව්වහම හරිම "ගුජුප්සාත්මක" ෆීලිං එකක් තමා ඇති වුනේ.... මම මුලින් හිතුවේ මේකත් horror පෝස්ට් එකත් කියලයි.... එල ඈ.............

    ReplyDelete
    Replies
    1. මටත් මේ කතාව අහපු මුල් දවස් වල මස් කන්නත් අප්පිරියාවක් ආවා :).

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!