Saturday, September 15, 2012

106 ගැලවුණු කරාමය !

ඹ තමයි මේක කඩන්න ඇත්තේ,ඒ මදිවට කඩලා ඉවර වෙලා මෙතන නැහැ කියලමයි කියන්නේ

අනේ නැහැ තාත්තේ මම නෙවෙයි ඕක කැඩුවේ මාත් හවස තමයි දැක්කේ කරාමේ කැඩිලා වතුර ගිහින් 

මම කැඩුවේ නැහැ මම කැඩුවේ නැහැ මම කැඩුවේ නැහැ ඕකම තමා තොටත් කියන්න තියෙන්නෙම,තොට මොකද මම එපෑ දවස තිස්සෙම සුක්කානම කරකෝලා කීය හරි හොයන් ඇවිත් ඕවායේ බිල් ගෙවන්නේ.

රියදුරු රස්සාව කරපු පියල් තම බිරිඳ සුජානි වෙනත් මිනිසෙකු සමඟ තවත් දීගෙක ගිය කල
අවුරුදු හතරක්වත් නොමැති පුංචි පුතුව තනිව උස් මහත් කළේ ය.මෙලෙස අවුරුදු 5ක් පමණ ගෙවී ගියත් තවමත් සුජානි පිලිබඳ මතකයෙන් සහ කොලු පැටියෙකුව තනියම හදාගද්දී ඇති වුනු පීඩාත් මත හවසට ගෙදරට ඒමට හුරුවූයේ බීමත්වය.

පියල්ගේ පුතු සමීරද උදේට තාත්තා ලක ලෑස්ති කොට පාසලට ගොස් හැරලුවායින් පසු දහවලට නිවසට එන්නේ තනිවය.ගෙදර පැමිණි පසු පියල් විසින් සකස් කර යන බතයි පරිප්පුවයි කා අහල පහල කොල්ලෝ කුරුට්ටෝ හා සෙල්ලමට යන සමීරද ගෙදරට එන්නේ හවස හය පමණ වන විටදීය.සුපුරුදු ජීවන රටාවේ තවත් එක් දිනකදී සමීර නිවසට එන විට ගෙදර වතුර කරාමයක් කැඩී ටැංකියේ තිබු වතුර සියල්ලම අපතේ ගොස් තිබුනේ ය.එදින පියල් පැමිණි පසු වූ දෙබසකි ඉහලින් දැක්වුණේ.

අනේ නැහැ තාත්තේ සත්තකින්ම මම කැඩුවේ නැහැ තාත්තේ ඕක මාව විශ්වාස කරන්නකෝ..සමීර ඇඩුම්බර පැවසුවේ ය.

තවමත් නැහැ කියලමයි නේද කියන්නේ හිටපන්කෝ තොට පියල් ආවේග ශීලීව ඉන පටිය ගලවා සමීරට පහර දෙන්නට විය.

සමීර වේදනාවෙන් බෙරිහන් දෙමින් තමා නිර්දෝෂී යැයි පැවසුවද කනකට ගත්තේ පියල් නොව.ඔහු කේන්තිය නිවෙනකන්ම දිගට හරහට සමීරට පහර දුන්නේය.හෙතෙම පොඩි එකාට පහර දී හති වැටුණු පසු තරහෙන් පුපුර පුපුරා මිදුලට ගොස් වාහනය පණගන්වා දුන්නෙන් මුදාහල ඊය මෙන් කඩාගෙන හනික ටවුම වෙත ගියේ තවත් මධුවිත ටිකක් තොල ගා කේන්තිය නිවා ගැනීමට විය හැක.

තැබෑරුම වෙත ගිය පසු ඔහුගේ මිතුරෙකු වන සමරේව පියල්ට මුණ ගැසුනේය.

පියල් දවල් මම උඹලගේ ගෙදර ගියා මචං

ආහ් සමරේ ඒ මොකටද මචං?

අද උඹලගේ ගෙවල් පාරෙන් මම හයර් එකක් ගියා බඩු ටික බාලා එද්දී උඹලගේ ගෙවල් කිට්ටුවදීම වාහනේ ඕවහීට් වෙලා නැවතුනා බං.මම උඹලගේ ගෙදරට ගියා වතුර එකක් ගන්න ගෙදර නම් කව්රුත් හිටියේ නැහැ මම වතුර එකක් අරන් ආවා.

වතුර එකක් අරන් ආවා? උඹ වතුර ගත්තේ තාප්පේ අයිනේ ටැප් එකෙන්ද?

ඔව් බං ඒකෙන් තමා 

ආහ් මගේ අතින් ටැප් එක වහන්න ගිහින් ගැලවුණා මම ඒක හදිසියට ඒක එහෙමම ඔබලා ආවා බං උඹ හෙට පොඩ්ඩක් ඒක හදපන් නැත්තම් ආයේ ගැලවෙයි.

ආයේ ගැලවෙන්න දෙයක් නැහැ බං මම යනවා මට පොඩි වැඩක් තියෙනවා.

ආපු ගමන් යන්නේ මොකෝ බං උඹ මොනවත් බිව්වෙවත් නැහැ නේද?

සමරේ එසේ ඇසුවත් එය නෑසුණු ගාණට තැබෑරුමෙන් පිටත් වී හනිකට ගෙදර පැමිණි පියල් වහා සමීරව සොයා ගෙට ගියේ ය.වෙනදට පියල් පැමිණෙන විට සමීර සිටියේ ටීවී බලමින් සාලයේ ය එහෙත් අද ටීවී එක දමා නැත.පියල් සමීර සොයා සමීරගේ කාමරය වෙත ගියද සමීර කාමරයේත් නොසිටියේය.පියල් කුස්සිය වෙත ගොස් බැලුවේය.සමීර එහිද නොසිටියේය.පියල් නිකමට මෙන් බත් මුට්ටිය ඇර බැලුවේය සමීර කාලත් නොමැති බව ඔහුට වැටහුනේය.ඔහුගේ ශරීරය සීතල විය ඉහින් කනින් දාඩිය ද දැමීමට ගත්තේය.හේ නිකමට  මෙන් නාන කාමරය වෙත එබී බැලුවේය සමීර ටැප් එකක් බදාගෙන නානකාමරයේ කොනක නින්දක වැටි සිටියේය.පියල් ඔහු ලඟට ගොස් ඔහුව වඩාගැනීමට තැත් කිරීමේදී ඉන පටියෙන් පහරවල් වැඩි නිල් පාට වී තිබු තැන් දැක ඔහුගේ ඇසට කඳුළු ඉනුවේය.ඉනු කඳුලක් ඔහුටත් නොදැනී කම්මුල දිගේ ගලාවිත්  සමීරගේ මුහුණට වැටුණි.

නින්දෙන් අවදි වුනු සමීර පියල් දැක බොහොම බැගෑපත්ව අතේ තිබු කරාමය පෙන්වා
තාත්තේ මං මේක කොහොම හරි හදලා දෙන්නම් තාත්තේ මට ගහන්න එපා තාත්තේ..







106 comments:

  1. ගොඩක් ප්‍රශ්නවලට මුල හරියට තේරුම් ගන්නේ නැති එක

    ReplyDelete
    Replies
    1. ඕනෑම දෙයක් කරන්න කලින් හොඳට හොයලා බලලා හිතලා මතලා කරන්න ඕන නැත්තම් අපිමයි අන්තිමට තැලෙන්නේ.

      Delete
  2. හ්ම්ම්ම්ම්ම්......

    ReplyDelete
    Replies
    1. දිග හුස්මක් හැරියා වගෙයි තේරුනේ

      Delete
  3. ක්ෂණික කෝප්පය කියන්නෙ ඔන්න ඔය එකට තමයි.. මටත් තියනවා.. ක්ෂණික කෝප්පය නෙවෙයි හරියටම කිව්වොත් ඒක මෝඩකම..

    ReplyDelete
    Replies
    1. \\ක්ෂණික කෝප්පය කියන්නෙ ඔන්න ඔය එකට තමයි.. මටත් තියනවා.. ක්ෂණික කෝප්පය නෙවෙයි හරියටම කිව්වොත් ඒක මෝඩකම..//

      කෝප්පය? ක්ෂණික කෝපි කෝප්පයක් ගැනද සහෝදරි මේ සඳහන් කරේ?

      Delete
  4. සංවේදි කතාවක් බං...

    ජය !

    ReplyDelete
  5. ඇයි බං උඹ මේ වගේ දුක හිතෙන කතාවක් ලිව්වෙ. ඇත්ත, කරුණු කාරනා හරියට හොයන්නෙ නැතුව මිනිස්සු හදිසි කෝපය නිසා කොච්චර විනාශයක් කරගන්නවද?

    මේ දවස්වල වැඩිය ලියන්නෙ නැත්තෙ දැං ජොබ් එක නිසා කාර්යබහුල වෙලා ද?

    ReplyDelete
    Replies
    1. මේ වගේ කතාවක් ලියන්න හේතු වුන හේතුව නම් මම දන්නේ නැහැ හැබැයි මීට පස්සේ මම වැඩිපුරම ලියන්නේ මේ වගේ ලිපි සහෝ.

      මම දැන් ජොබ් එක කරන්නේ නැහැ

      Delete
    2. // මීට පස්සේ මම වැඩිපුරම ලියන්නේ මේ වගේ ලිපි //

      ඇයි මල්ලි උඹ දුකෙන්ද ඉන්නෙ. ඇයි උඹ ජොබ් එක අතෑරියෙ. හැමෝටම ප්‍රශ්න තියෙනව යාළුව, ඒව ගැන වැඩිය හිතන්න එපා. උඹට ගැලපෙන ජීවනෝපායක් හදා ගන්න එක උඹටම තමයි කරන්න පුළුවන්. හැමදේම ඉක්මනින් යහපත් වෙන්න කියල මම නැවතත් ප්‍රාර්ථනා කරනව.

      අනේ බං දුක හිතෙන ඒව වැඩිය ලියන්න එපා, ඔය ඉඳල හිටල ලිව්වට කමක් නෑ.

      Delete
    3. නැහැ නැහැ දුකෙන් නෙවේ ඒත් මට හිතුනා එහෙම කතා ටිකක් ලියන්න :)

      Delete
  6. හොද ආදර්ශයක් හැමෝටම ලස්සන ලිපියක්... කහපාට අකුරු පේනවා අඩුයි නිශාන්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ
      මම අකුරු පාට වෙනස් කරා

      Delete
  7. සංවේදී සිද්ධියක්. කරටිය කැඩෙන්න බීල එන තාත්තල ඉන්න සමහර ගෙවල් වල ඔය වගේ දේවල් ඇත්තටම දකින්න පුළුවන්. වෙනස් කතාවක්...

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ ඒකනම් ඇත්ත

      Delete
  8. අනේ මලේ අදමයි මම ‍මේ පැත්තට ආවේ.මේ කතාවනම් සිරාවටම බොක්කටම වැදුනා.දැන් හැමදාම එනවා.

    ReplyDelete
    Replies
    1. මම නම් ඒ පැත්තේ ඇවිත් තියෙනවා අයියා දිගටම එන්න මේ පැත්තේ.

      Delete
  9. හ්ම්ම්ම්ම්ම්...
    හොයන්නෙ බලන්නෙ නැතුව වැඩ කරාම ඕම වෙනවා...
    පවු පොඩි එකා..

    ReplyDelete
    Replies
    1. ගොඩක් උන්ගේ අතින් වෙන වැරද්දක්නේ බං ඕක

      Delete
  10. ඔය විදියට කතාව ඉවර කරපු එක හොඳයි. කතාව මීටවඩා දරුනු නොකර

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මීට වඩා දරුණු කරන එක හරි නැහැ කියලා හිතුනා.එතකොට කතා රසයත් නැති වෙන්න ඉඩ තියෙනවා.

      Delete
  11. කිසි දෙයක් හොයලා බලන්නේ නැතිව වැඩ කරන්න ගියාම ඔහොම දේවල් වෙනවා මචන්. ඒ දේ තේරුම් අරන් ආපහු හැරිලා බලද්දී පරක්කු වැඩියි. එළ පොස්ටුව..

    ඇයි ජොබ අතහැරියේ? උඩ කමෙන්ට් එකක තියෙනවා දැක්කා?

    ReplyDelete
    Replies
    1. හ්ම් ඇත්ත බං උඹේ කතාව

      ජොබ අත්හැරියේ අර පෝස්ට් එකට වැටුණු කොමන්ට් සලකා බලා බං.

      Delete
  12. හුඟ දෙනෙක් හොයානොබලා වැඩ කරන්නෙ.. අන්තිමේ ඒකත් වෙනකෙනෙක්ගෙ පිටින් යවන්න හදන්නෙ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඇත්ත බං ගොඩක් අය කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ පස්සේ තේරුනත් සද්ද නැතුව ඉන්නවා.

      Delete
  13. සුපිරියට ලියලා තියනවා,මරේ මරු

    මමත් ඔහොම නිරපරාදේ ගූටි කාලා තියනවා

    ReplyDelete
    Replies
    1. ගුටි කනවට වඩා රිදෙනවා හිතට

      Delete
  14. wenada wagema me kathawath hodata liyala tiyenawa ayya.......

    ReplyDelete
    Replies
    1. බොරුවට නේද නැඟී කියන්නේ?

      හ්ම්ම් කමක් නැහැ කොහොම හරි කමක් නැහැ ස්තුතියි.

      Delete
    2. ane ne ayya mama kiwwe aththatamai.me kathawa godak hithata wadena widiyata ayya liyala tiyenawa......

      wadakne wadakne mama boruwata meka kiwwa kiyala kiwwane..... :(

      Delete
    3. ආහ් සොරි සොරි මම නිකමට එහෙම කිව්වේ දැන් හොඳ ළමයා වගේ නාඩා ඉන්න :)

      Delete
  15. මේ කතාව කියවගෙන යනකොට අඟුරු වලින් වාහනේ ලියපු ළමයගේ කතාව මතක් උනා.
    සංවේදි කතාවක් !!!

    ReplyDelete
    Replies
    1. මං ඒක දන්නේ නැහැනේ?.

      Delete
  16. ඉවසලා කල්පනා කරල බලලා තීරන ගන්න ඔනි අයියේ .. ඒක මම දැනගත්තෙ මේ ලගදි .. එල කතාව

    ReplyDelete
    Replies
    1. මමත් ඒක දැනගෙන ගොඩක් කල් බං ඒත් අපිට කිට්ටු අය ඕක තේරුම් ගන්නේ නැහැ.

      Delete
    2. හ්ම්ම්ම් එකනං ඇත්ත ....

      Delete
  17. දුක හිතෙන කථාවක් බං....
    අර මධුරංගයා කියන අගුරු වලින් වාහනේ ඇදපු කතාව තමයි මටත් මතක් උනේ... ඒකත් හරිම සංවේදී කථාවක්..

    __ජය __

    ReplyDelete
    Replies
    1. මං ඒ කතාව අහලා නැහැ බං

      Delete
  18. ayyoo...godak ayata wenne oka thamayi..therenakota kochchiya gihin..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත යතාර්ථය වැටහෙද්දී සමහරු ගොඩක් පරක්කුයි.

      Delete
  19. අඩේ..කදුළු එනවා බං ඇහි බැමට...සිරා කතාව ඕයි!

    ReplyDelete

  20. අර පොඩි එකා සිය දිවි නසා ගත්තා හරි ගෙදරින් පැනලා ගිහින් මොනවා හරි වුනා හරි කියලා ඉවර නොකරපු එකට ස්තුතියි, නිශාන්
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  21. මමක් හිතුවෙ කොළුවා ඔලුව හැරුනු අතේ යන්න ඇති කියලා.....

    තාත්තයි පුතයි දෙන්නම පව්...!

    ReplyDelete
    Replies
    1. තාත්තා ගැහැව්ව පලියට ඔලුව හැරුණ අතේ යන උන් දැන් අඩුයි

      Delete
  22. ඇස්වලට කඳුලු ආව බන්.. සුපිරියි..

    මම දවසක් පුතාට වැරැද්දකට ඉරටුවකින් ගහලා මම සෑහෙන්න විඳෙව්වා බන්.. බෙල්ට් එකකින් ගහනවා කියලා හිතද්දිත් ඇඟ කිලිපොලා යනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා අයියා
      මම දන්නවා සංවේදී අයටයි ළමයින්ට ආදරේ පියාලටයි එහෙම දේවල් කරන්න අමාරුයි කියලා.

      Delete
  23. නියම කතාවක් නිශාන්.. ඉක්මන් තීරණ ගත්තම වෙන්නේ මේ වගේ දේවල්.. ලස්සනට ලියලා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් සහෝ
      ස්තුතියි කොමන්ට් එකට

      Delete
  24. අනේ මන්ද........
    අකුරුවලට කොච්චර දෙයක් කරන්න පුලුවන්ද..
    කඳුළු පිරුනා නිශාන්.. :(
    මාරම විදිහට ලියල තියනවා..
    මෙය නිර්මාණයක් නම් ඇත්තටම අපූරුයි..මොකද අත්දැකීම් තමයි ගොඩක් අපිට කඳුළු උනන්න තරම් ලියන්න පුළුවන් වෙන්නේ..

    මැවිලා පෙනුනා කතාව..
    ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. අත්දැකීමක් නම් නෙවේ මොකද මට තාත්තෙකුත් නැහැ,මම පියල් කියලා එකෙක්ව අදුරන්නෙත් නැහැ

      Delete
  25. ආයෙත් සැරයක් කියෙව්වා බං දුක හිතෙනවා වගේම හිතට වැඩෙන විදියට ලියලා තියෙනවා හොද නිර්මාණයක්..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ දෙවෙනි පාරටත් කොමන්ටුවක් දැම්මට

      Delete
  26. මේකට මොකක් කියන්නද මන්දා බං....සිරාවට බොක්කටම වැදුනා...

    ReplyDelete
    Replies
    1. බොක්කටම වැදුනා නම් එච්චරයි බං

      Delete
  27. සංවේදී කථාවක් බන්..හ්ම්......
    ඇත්තටම හොද නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ කොමන්ටුවට

      Delete
  28. ලොකු ම හේතුව බීම ද මන්දා...

    ReplyDelete
    Replies
    1. සමහර දේවල් වලට හේතු හොයන්න අමාරුයි ලහිරු

      Delete
  29. කතාව කියවන්න කලින් මම කමෙන්ට්ස් බැලුව.... ඇයි අනේ මාව ඇඩෙව්වෙ!! මගේ නිකන් ඇග හීතල වෙලා ගියා....

    නෑ මේක බීම හින්ද නෙවෙයි @ලහිරු...... මේක තනිකම හින්ද වුණ දෙයක්.... අවසාන වශයෙන් කිවුවොත් මට පේන්නෙ පියල් හොද තාත්ත කෙනෙක්!!

    ජය!!

    ReplyDelete
    Replies
    1. මං හිතුවට වඩා සංවේදී කට්ටිය අපි අතරේ ඉන්නවා

      Delete
  30. මේකෙන් මමත් දෙයක් ඉගනගත්ත. මමත් ටිකෙන් ටික මගෙත් තියෙන්නාවූ ක්ෂණික කෝපය අතහරින්න හිතාගත්ත. තැන්ක්ස් මලේ. කොහේ හිටියත් මොන දේ කලත් කරන දේ හරියට කරන්න හදවතින් හැඟීමෙන් යුතුව කරන්න කවදාවත් වරදින්නේ නැහැ. ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඇත්ත කෝප වෙන සුළු කෙනෙක්ට වඩා කූල් එකේ ඉන්න අයට තමා ගොඩක් කට්ටිය කැමති
      ස්තුතියි අයියා

      Delete
  31. ක්ෂණික කෝපය පටන්ගන්නෙ මෝඩකමෙන් අවසන් වෙන්නෙ සිත්තැවුලෙන්. වෙනස් විදියක කතාවක්. බොහොම ආසාවෙන් කියෙව්ව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රාජ් සහෝ

      Delete
  32. වදින්න ගහලා තියෙන්නේ.. මගේ ඔය ගතිය තිබ්බා ඒත් දැන් එහෙම නෑ. දැන් කේන්ති ගන්න එක පාලනය කරනවා. තරහා නොගෙන ඉන්නමයි බලන්නේ.

    ReplyDelete
    Replies
    1. තමන්ගේ වරදක් හදාගන්න පුළුවන් කියන්නේ ලොකු දෙයක්

      Delete
    2. ඒ වගේ අයට තමා මිනිස්සුත් කැමති.තීරණය ඔබ සතුයි ඔබ ප්‍රියජනක පුද්ගලයෙක් වෙනවද එහෙම නැත්තන් අප්‍රිය ජනක පුද්ගලයෙක් වෙනවද කියන එක

      Delete
  33. කඳුළු ආවේ නැ කිව්වොත් ඒක බොරුවක්.. හිතට හොඳටම දැණුනා. මට තව කතාවක් මතක් වුනා ඔය වගේම..

    තාත්තා කාර් එක හොදන ගමන් දකිනවා පුතා කාර් එක පිටි පස්ස හූරනවා. ඒක දැකපු තාත්තට හොඳටම කේන්ති ගිහින් ළමයාගේ ඇඟිලි වලට ගහනවා වාහන වල ඇණ ගලවන්න තියෙන මිටියකින්. ඒකෙන් ළමයගේ ඇඟිලි වලට හොඳටම තුවාල වෙනවා.. තාත්තා පස්සේ කාර් එක පිටි පස්සේ ලමයා කුරුටු ගෑවේ මොනාවද කියලා බලනවා. ඒකේ තියෙන්නේ "මම තාත්තාට ගොඩාක් ආදරෙයි" කියලා.. ඒත් එතකොට පරක්කු වැඩියි.

    ReplyDelete
    Replies
    1. ඔය කතාව වෙන්න ඇති උඩ මධුරංග අයියා කියලා තිබ්බේ ඔය වගේ වෙළඳ දැන්වීමක් වගේ එකක් මම ටීවී එකේ දැකලා තිබ්බා.

      Delete
  34. මට ඕක දැක්කම මතක් උනේ මුගටිය මරලා දාපු බමුණාගේ කතාව.
    අපි කොච්චර නම් දේවල් කරනවද පොඩ්ඩක් හොයල බලන්නේ නැතුව.....?
    ඒත් එහෙම හොයද්දි වෙන්න ඕන දේ වෙලා ඉවරයි. හේතුව තම ඉවසන්න පුරුදු වෙලා නැති කම හා තමාගේ මතය වඩා නිවැරදියි සිතීම.. (සුදාගේ පඬි ටෝක් )

    ReplyDelete
    Replies
    1. එහෙමයි සුදා මල්ලි වහන්ස :)

      Delete
  35. සීරියස් දුක හිතෙනවා මචන්
    කමෙන්ට් කරන්න හිටියේ ෆොන් එකෙන් බලපු වෙලාවේ අද සිංහලෙන්ම කමෙන්ට් කරන්න හිතලා නිකන් හිටියා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං දෙවෙනිපාරටත් ඇවිත් කොමන්ට් කරලා ගියාට

      Delete
  36. අනියම් සම්බන්දතා, බීමත්කම මේ ඔක්කොම වැඩිහිටියන්ගෙ වැරදි. අසරණ වෙන්නෙ පොඩි උන්.

    ReplyDelete
    Replies
    1. සමහර දේවල් වලට හේතු හොයන්න අමාරුයි සහෝ

      Delete
  37. අන්තිම දෙබසට පට්ටෙට දුක හිතුනා මචන්
    දෙමව්පියෝ තමන් හැමතිස්සෙම හරි කියල ළමයින් කියන දේවල් කනකට නොගෙන ඉන්න ගියාම ඔහොම වෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් බං අපි වුනත් කාට හරි බනින්න කලින් හොඳට හොයලා බලන්න ඕන

      Delete
  38. අන්තිම හරියෙදි ඇස්වලට කඳුලුත් ආව මල්ලි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් මම සාර්ථකයි අක්කා

      Delete
  39. අනේ මටත් කදුලු ආවා ගොයියෝ...ඒ පොඩි එකා මම කියලා හිතාගෙනයි මම කථාව කියෙව්වෙ...මේ වගේ තාත්තා කියන වචනෙට අවමන් කරන තිරිසන් තාත්තලා ඕනෑ තරම් මේ සමාජයෙ ඉන්නවා... අනේ උන්ට දැන්වත් ඇස් ඇරෙනවා නම්....

    ReplyDelete
    Replies
    1. තමන්ගේ දුවවම දූෂණය කරන පව් කාරයෝ ඉන්න රටක් ඒත් ඒ අතර තම ළමයින් වෙනුවෙන් පණ දෙන්න වුනත් ලෑස්ති තාත්තලා ඉන්නවා

      Delete
  40. මමයි ,හාමිනෙයි බොහොම ආසාවෙන් එකතුකරපු වටිනා වීදුරු බඩු ටිකක් තිබුණ. දවසක් අවුරුදු 6 වුන පුතා කොස්සක් අරන් යද්දී මේකෙ රාක්කෙක වැදිලා සෑහෙන බඩුටිකක් කුඩුවෙලා.මම ගෙදර ගිහින් මේකව හොයනකොට කතා නෑ. කාමරයට යනකොට වැදගෙන කියනවා "තාත්තේ මට ගහන්න කමක් නෑ, මම තරහ නෑ මගෙ අතින් කොස්ස වැදුන " (මම සාමාන්‍යයෙන් තරහට ළමයින්ට ගහන්නෙ නෑ) මුව සනසල තිබ්බ.රෑ හිමිහිට මගෙ ලගට ඇවිදින් කියනව " මම මකුළුවෙක් එළවන්ඩ කොස්ස අරන් ගියේ, නංගි හරි බයයි මකුළුවො එනවට".
    පොස්ට් එක කියවද්දී ඇස් තෙත් උනහම ඇතිවුන මතකයක්

    ReplyDelete
    Replies
    1. ඔයා ආදරණීය පියෙක් ඒ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්

      Delete
  41. ක්ෂණික කෝපය හරිම නරකයි. මගෙ තියෙන ලොකුම වැ‍රැද්දත් ඒක . කොහොම හරි ඒක හදාගන්න ඕනා

    ReplyDelete
    Replies
    1. මම ප්‍රාර්ථනා කරනවා ඔයාට ඒක කරගන්න පුළුවන් වේවා කියලා.මම නම් දැන් කූල් එකේ ඉන්න පුරුදු වෙලා ඉන්නේ

      Delete
  42. මම පරක්කු උනා මලේ සොරි වෙන්ඩ ඕන. ඇත්තටම උඹ ලෙසටම ලියනවා. එල..!

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා හරි ආවනේ අයියා ඒ ඇති.

      Delete
  43. මටත් කේන්තිය නිසා නැති වෙච්ච දේවල් වලට වඩා කට්ටියගේ හිත රිදවලා තියනවා මාරු කතාව බන් පට්ට

    ReplyDelete
    Replies
    1. අපේ අම්මත් කේන්ති ගියාම කියන දේවල් එයාවත් දන්නේ නැහැ.

      Delete
  44. ප්‍රමාද වෙලා තමයි ආවේ නිශාන්. ඒත් මේ කතාව කියවද්දී ඇස් වලින් කඳුළු එන්න කලින් හිතින් කඳුළු ගංගාවක් ගලල ඉවරයි. මෙතන ඉන්න තාත්තට ඉඳුරාම වෙනස් තාත්තා කෙනෙක් මම. මගේ ලැප් එකට දුව අතින් වතුර ගියා. මම ඒක හදන විදියක් ගැන හිතුව මිසක් එයාට වචනයක් වත් කිව්වේ නෑ. දවස් කීපයක් යද්දී ඒක හැදෙන පාටක් නැති වෙනකොට කෙල්ල එයාගේ පර්ස් එක අරන් මගේ ගාවට ඇවිත් කියනවා මේකේ තියෙන සල්ලි වලින් හදන්න කියල. දඬුවමට වඩා දෙයක් කරන්න පුළුවන් ඒ විදියට.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් ඇත්තටම මට හිතට වැදුනා.

      Delete
  45. කතාව හිතට වැදුනා එකෙන්ම ...සුපිරි ..!!!

    ReplyDelete
  46. මේ ලෝකේ ගොඩක් දෙනෙක් ඉන්නේ ඔහොම අගක් මුලක් හොයන්නේ නැතුව බෙරිහන් දෙන අයනේ නේද?

    ReplyDelete
  47. ලස්සනයි මල්ලි...
    ඇත්ත කතාවක්ද????
    මගේ පොඩ්ඩා කොහොමත් ලස්සනට ලියන්න දන්නවනේ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාවක් නෙමේ අක්කා.
      කෝ ඉඳලා හිටලා නේ එන්නේ,

      Delete
  48. ඉක්මන් තීරණ ගන්න එකේ ආනිශංස තේරුනේ ඊයෙ පෙරේදනේ...
    පස්සේ පසු තැවිලි වෙලා ගිය දේ අයේ ගන්නය..
    පස්ට පෝස්‍ටුව ඈ...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මාමේ
      කොමෙන්ටුවට ස්තුතියි.

      Delete
  49. ඉඳුනිල් ලහිරු10/18/12, 2:16 PM

    නියම කතාව මචං...ඇත්තටම හිතට වදිනවා ගොඩාක්.......

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!