එක පවුලක හිටියා අම්මයි තාත්තයි පුතයි මේ පුතා බොහොම දැහැමින් සෙමින් පන්ති කට් කරලා හෙන ආතල් එකේ හිටපු පොරක්.පුතාගේ ක්‍රියා කලාපය ගැන වටින් ගොඩින් ආරංචි එද්දී තාත්තට ඕන වුනා මේ ගැන ඇත්තමද කියලා දැනගන්න.පුතා එහෙම නම් ඒකාව හදාගන්න එපැයි ඉතින් තාත්තා වෙනත් වැඩකට පංචිකාවත්ත පැත්තෙන් යද්දී දැක්කා රොබෝ කෙනෙක්ව විකුනන්න දාලා තියෙනවා.
මෙයා ටිකක් විපරම් කරලා බලද්දී දැනගන්න ලැබුනා මේ රොබෝ එයා ළඟ ඉඳන් කව්රු හරි බොරුවක් කිව්වොත් දඩා....න් ගාලා කනට ගහනවා.සද්දේ පොඩ්ඩක් සාටර් වගේ වුනාට අහන් ඉන්දහල්ලකෝ.
තාත්තට ඉතින් රොබෝ ගැන ආසාවක් ඇතිවුනා සල්ලි සල්ලි කියලා බැලුවේ නැහැ දැම්මා අත සාක්කුවට ගත්තා පර්ස් එක ලෝස් නැතුව ගෙවුවා ගෙඩි පිටින්ම බර ගානක්.ගාන මම දන්නෙත් නැහැ ඒක නිසා කැමති ගානක් හිතා ගන්නකො.
රොබාව ත්‍රීවිල් එහෙකින් ගෙදරට ගෙනල්ලා තිබ්බා සාලේ මැද්දෙන්ම මේ සීන් එක දැකපු අම්මා ආවා ඔතනට
මේ මොකෙක්ද අනේ මේ?
මොකෙක්ද නෙමේ මේ රොබෝවෙක් සුදු
රොබෝවෙක්?
හ්ම්ම් මේකා ඉස්සරහා ඉඳන් බොරු කිව්වොත් මු ගහනවා කන් අඩිය දෙදරන්න කනට!
හැබෑට? මාරයිනේ තාත්ති....
හ්ම්ම් ඔව් අම්මි මට මේක හෙන ලාබෙට හම්බවුනේ
දඩා......න් ගාලා සද්දෙකුත් එක්ක කනේ පාරක් ලැබුනා රොබාගෙන් තාත්තට.අම්මට හෙන පුදුමයි මුගේ කාර්යක්‍ෂමතාවය ගැන.
දැක්කනේ!!!!!!
කන අත ගගා තාත්තා කිව්වා.
__________________________________________________________________
ඔන්න දැන් හවස ඈ
පුතා එනවා ගෙදර
මූ වෙනදා වගේම පන්ති කට් කරලා හෙන රෝන්දයක් ගහලා තමා ආවේ.එද්දිම ඉස්තෝප්පුවට වෙලා රැකගෙන හිටපු තාත්තා අල්ලගත්තා පුතාව ගෙනිච්චා රොබා ගාවට.
පුතා ඔයා අද කොහෙද ගියේ?
තාත්තේ මම අද පිසික්ස් ක්ලාස් ගියේ හවස් වෙනකන්ම ඉගැන්නුවා අද හරිම ටයර්ඩ් අෆ්ෆා
දඩා......න් කනේ පාරක් පුතාට රොබාගෙන්.සද්දේ ඇහිලා කුස්සියේ වටලප්පන් හද හද හිටපු අම්මත් දුවගෙන ආවා මේක බලන්න.
ආ..... ඇත්තද උඹ ක්ලාස්ද ගියේ?උඹට ආයේ මට බොරු කරන්න බෑ පුතේ දැක්කනේ මගේ රොබෝ?. ආයේ උඹ බොරු කියලා ඉවරයි.ඇයි පුතේ මෙහෙම බොරු කරන්නේ.මම බොහොම අමාරුවෙන් පගා ගහන්නේ නැතුව හම්බ කරන සල්ලි වලින් උඹ නටනවා.මම ඒ කාලේ මගේ තාත්තට කොච්චර කීකරු වුනාද.මම තාත්තට කවදාවත් බොරු කියලා නැහැ.
දඩා...න් චටස් පටස් කනේ පහරවල් කිහිපයක් තාත්තට.
අම්මට දැන් හෙන සතුටුයි
හික් හික් ඇද්ද පුතාගේම තාත්තනේ ගහෙ කටු උල් කරන්න ඕන නැහැනේ හුහ්!
දඩා....න් අම්මටත් කනේ පහරක්.
____________________________________________________________________
මේ කතාව වේදිකා නාට්ටියක කෑල්ලක් හොඳේ!.ඒත් අතින් කෑලි එකසිය පනහක් විතර දැම්මා.
හිහ්...අම්මට ගහපු එකනම් තුන්දෙනාටම වැදිලා නේද ?
ReplyDeleteඅලේ මන්දා මම ඒකනම් දන්නේ නැහැ කැමති එකක් හිතාගනිල්ලකෝ :)
Deleteහික් ... හික් ... මරු රොබෝවා. ඔයින් එකක් තිබුණනම් මරු ඡන්ද දවස්වලට දේශපාලන වේදිකාවලින් තියල තියන්න.
ReplyDeleteසෑහෙන කාලෙකට කලින් (මතක හැටියට විදුසරද කොහෙද) පත්තරේ කෙටි කතාවක් ගියා අනුන්ගෙ හිත් කියවන යන්ත්‍රයක් හදපු විද්‍යඥයෙක් ගැන. තමන්ගෙ යන්තරේ වැඩ නිමකරපු මනුස්සය ගෙදර දුවගෙන එනව ඉස්සරවෙලාම තමන්ට පන වගේ ආදරේ කරන බිරිඳගෙ හැඟීම් අහගන්න හිතන්. සැමියා හදිසියෙම ගෙදර ආවම පුදුමෙනුත්, සතුටෙනුත් සැමියාව පිළිගන්න බිරිඳ එයාට බොන්න මොනව හරි හදන්න යනකොට අර මනුස්සය හදපු උපකරණෙ ඒරියල් එක බිරිඳගෙ පැත්තට හරවනව. ඒ ගෑනි හිතන ඒව අහන විද්‍යාඥයා යන්තරේ උස්සල පොළොවෙ ගහනව.
විදුසරේ ගියේ. 2009 විතර. මම කියෙව්වා ඔය කතාව.
Deleteමාත් අහලා තියෙනවා ඔය කතාව ඔය මනුස්සය ඔය මැෂින් එක අරන් එද්දී මගදී හම්බෙන මිනිස්සු එයාව දැක්කම හිතන ඒවා නිසා තමා ගෑනි මොනවා කියයිද කියලා හිතලා පොලේ ගහන්නේ.
Deleteමාත් මේ කතාව කියවලා තියනවා
Deleteකතාව මීට කලින් ඇහුවා.. අම්මට රොබා ගැහුවම වලියක් යන්න ඇති නේ??
ReplyDeleteඅනේ මන්දා සමහර විට පරණ සීන් එකක් නිසා තාත්තා ගණන් ගත්තේ නැද්ද දන්නේ නැහැ :D
Deleteහි හි මරේ මරු...ඔන්න නිෂාන් බොරුවක් ලිව්වට....දඩා......න්
ReplyDeleteමම ලිව්වොත් ලියන්නේ ඇත්ත සත්තයි ඔයා පල්ලා :)
Deleteහිකිස්..... මරු. අන්තිම පාරනම් හැමෝටම වැදුනද කොහෙද
ReplyDelete:) හික්ස් අනේ මන්දා
Deleteපංචිකාවත්ත පැත්තෙ ගියොත් මතක ඇතුව රොබෝ කෙනෙක් ගන්න ඕනි... "බොරුව" කියන දේත් ජීවිතේට ඕනි හරියට "ලුණු" වගේ අඩුත් නැතුව වැඩිත් නැතුව... කතාව ලස්සනයි සහෝ
ReplyDeleteහ්ම්ම් ඔව් සහෝ ඒකනම් එහෙම තමා ස්තුතියි කොමෙන්ට් එකට
Deletee ban robowa athin newene danme lol
ReplyDelete:P
Deleteමෙයින් එක්කෙනෙක් අර දියවන්නාව ළග තියන එකට යවන්න ඕනි.. :D
ReplyDeleteකනේ පාරවල් කීයක් නම් ගහයිද දවසකට :D
Deleteඅපොයි එහෙනම් එක දවසින්ම රොබෝට එපා වෙනවා.. දවසට දාහක් විතර කම්මුල් පාරවල් ගහන්න ගියාම එපා වෙන්නේ නැද්ද..
Deleteරොබෝලාට ඕවා මොනවද :)
Deleteඕක අපේ බයෝ මැඩමුත් එකපාරක් ක්ලාස් එකේදි කිවුවා බං..
ReplyDeleteටීචර් වේදිකා නාට්ටි බැලුවට මම පළිද යකෝ? :D
Deleteඅමතර කෑලි දාලා තියන නිසා අපූරුයි
ReplyDeleteඒකනේ :)
Deleteමේ කතාව චිත්‍ර කතාවකත් තිබුනා. මොනව වුනත් හරිම වටින රොබටෙක්.....
ReplyDeleteනැතුව නැතුව මේ වගේ එකෙක් ආයේ හොයාගන්න හම්බවෙන එකක් නැහැ
Deleteනියමයි මචෝ අම්මත් නිකන් ඉඳල නැ වගේ
ReplyDeleteනැත්තම් කනේ පාරක් කයි ඈ :D
Deleteඑල කතාව බං
ReplyDeleteතෑන්ක්ස් මචෝ
Deleteකතාව කලින් අහලා තිබුණා.. ඒත් අර ලාබෙට හම්බවුනයි කියනකොට දෙන ෂොට් එක ගැන කියවලා තිබුනේ නෑ. මොනා වුනත් අතින් දාපු කෑලි ටික තමා මරු. කාලෙකට පස්සේ නෙ ?
ReplyDeleteහික්ස් අතින් දාපුව මගේ නිර්මාණ :)
Deleteහෙහ්..හෙහ්..මම හිතුවේ අර පුත්තරයා රොබෝට ත් වැඩේ දුන්න වත් ද කියල..
ReplyDeleteහෑ ඒ කොහොමද බන්?
Deleteමේක මට සෙට් වෙලා තියෙනවා මැගසින් එකකින්... ලොකුම බොරුව කියන්නේ අම්මලු...
ReplyDeleteගෑනු ජාතිය බොරු කියන්න හපන්නුලුනේ
Deleteබලාගෙන උඹ කිට්‍ටුවක ඉන්න එපා..!
ReplyDeleteහෑ මාත් බොරුකාරෙක්ද?
Deleteඒ කියන්නේ ළමයා තාත්තාගේ නෙමේ...හිකිස්
ReplyDeleteඔය තේරිලා තියෙන්නේ මොකාටද වගේ :)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteපට්ට පට පට
ReplyDeleteආහ් මේ කමල් අයියමයි නේද?
Deleteමං මේ කතාව අහලා තියෙනවා.හැබැයි ඩිංගක් වෙනස් විදිහට.
ReplyDeleteවෙන්න ඇති සහෝ මේක මමත් අහපු කතාවක්නේ
Deleteකලින් අහලා තියෙනවා වගේ මතකයක් තිබුණා.. :D
ReplyDeleteඅයියෝ සල්ලි
Deletelol ඈ...
ReplyDeleteඑළ ඈ
Deleteඅතින් කෑලි දැම්මට උඹටත් 'දඩාන්' :D
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
හෑ හෙන්රි සර්ත් රොබෝ කෙනෙක්ද? :D
Deleteසිග්නේචර් එක දිගයි වගේ නේද දැන්? :)
අම්මා කිව්ව බොරුව අහුවුණාට පස්සේ තාත්තා රොබෝව ආයමත් ගෙදර අහලකටවත් ගන්න නැතුව ඇති...
ReplyDeleteඅහලා කියන්නම් බ්‍රෝ :)
Deleteඅඩේ මඩියෝ ඕවගේ රොබෝවෙක් සල්ලිවලට ගන්න තැනක්හෙම දන්නේ නැද්ද බං?
ReplyDeleteමාව අරන් පලයන්කෝ ගෙදර
Deleteමොකක්ද මේ වේදිකා නාට්ටිය... කථා සංකල්පෙ අපූරු එකක් නිසා නාට්ටිය බලන්න ආශාවක් ඇති වුනා...
ReplyDeleteසොරි අයියා ඒකෙ නම මම දන්නේ නැහැනේ
Deleteහී හී :) :)
ReplyDeleteමරු කතාව !
ReplyDeleteමම නම් මෙ කතාව කලින් අහලා නෑ...
දඩා....න් මධූවාටත් කනේ පහරක් !!!!
හික්ස් හොඳ වැඩේ
Deleteපට්ට ඈ..
ReplyDeleteතැන්ක්ස් මචන්
Deleteකිලින් අසා ඇත.. ඒක් අලුත් වර්ශන් එක මාරු..
ReplyDeleteස්තුතියි සහෝ
Deletekalin oka kathaavak vidihata ahalaa thibba
ReplyDeleteeth nishan athin daala livva ekath kiyevva aaye paarak hina unaa :)
තෑන්ක්ස් මචන්
Deleteඅලෙ මලු
ReplyDeleteඑකෙක් ඕන්නම් කියපන් ඈ :D
Deleteඋබ මේකේ එළකිරියේ ලින්ක් එකට ගියාද ? පොඩ්ඩක් ගිහින් මොනව හරි කියන්න උන් මාව කන්න හදනවා http://www.elakiri.com/forum/showthread.php?t=1490881
ReplyDeleteකේවට්ටයෝ එක්ක වාද කරන්න යන්න එපා අයියා.ඔන්න මම ඒකෙදි උන්ට රිප්ලයි කරා
Deletehttp://www.elakiri.com/forum/showthread.php?p=13764592&posted=1#post13764592
බැලුවා thanks
Deleteඊට පස්සේ මම ඒක බැලුවෙත් නැහැ උන් මොනවා හරි කියලද?.බලන්න ඕන ගිහින්.
Delete