Monday, January 21, 2013

57 මඩියා කරළියට නැවතත්!

කාලෙකට පස්සේ ඔන්න ආපහු කුජීත කතා අරගෙන මඩියා ආවා ඈ එහෙනම්.හෆොයි කොම්පියුටරේ කැඩිලා එන්න වුනේ නැහැ මාසයක් විතර මේකට.චන්දනටයි මංජුල(අටම්පහුර) අයියටයි විතරයි මාව මතක් වුනේ.වෙන කාටවත් මාව මතක් වුනේ නැහැ මට දුකේ බැහැ ඒකට :'(

හරි අවුලක් නැහැ මන් ආයේ සුපුරුදු විදියට ලියන්න පටන්ගන්න ඕන.රැම් කාඩ් එකක් ගෙදට්ටම ගෙනල්ලා දුන්න මංජුල අයියට පින් පතනවා ඒත් ඒක වැඩ කරා නම් තවත් පින්!!!.

මතකද බෝවිටියා මල් ලියපු දම්මි අක්කව?
අර රජාගේ ගොන් ප්‍රශ්නවලට උත්තර දීලා කිරුල ඉස්සුවේ? අක්කා දැන් මාස පහකින් විතර බ්ලොග් පැත්තේ ආවේ නැහැ.මට සුවිශේෂී චරිතයක් බ්ලොග් ලෝකෙදි එයාව.ඒක දිග කතාවක්.එයා දැන් බඩේ සැත්කමක් කරලා තාමත් අසනීපෙන් ඉන්නේ.මම එයාට අවංක සිතෙන් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.අනිවා මේක දැක්කොත් මට බැනුම් අහන්ට වෙයි මේවා බ්ලොග් එකේ දැම්මා කියලා.එයාගේ දැනුමෙන් තවත් දැනුම බෙදාගන්න සිසුන්ට ආයේ ඉක්මනට දම්මි අක්කාගෙන් දැනුම ලබාගන්න ලැබේවා කියලා මම පතනවා.

මේ 27 වෙනිදා මාත් එනවා ඒත් මට නම් ටිකක් ලැජ්ජයි වගේ.ඒ වෙන මොකටවත් නෙවෙයි මෙච්චර දවසක් මචන්,උඹ,බන්,බොලං කියලා කතා කරපු අංකල්ලා ටික මාව දැකලා මට මොනා කියයිද දන්නේ නැහැ.බ්ලොග් එකේ උඩින් හැම බ්ලොග් කරුවම වයස සඳහන් කරා නම් ඕම ප්‍රශ්නයක් නැහැනේ අෆ්ෆා :/

හරි ඕන දෙකට මූණ දෙන්න මම එනවා.ඒත් තනියෙන් එන්න හිත දෙන්නේ නැහැ කව්රු හරි හිටියා නම් අතින් අල්ලන් යන්න?.ඇයි යකෝ මල් වත්තකට යද්දී තනියෙන් යනවද?.හරි එහෙනම් ඔන්න ඔයාලත් එන්න ඕන ඈ.මල් වත්තෙන් එලියට යද්දීවත් කව්රු හරි අතින් අල්ලන් යන්න සැට් වුනොත් ගොඩ ඒත් ෂුවර් එකට එදාට එන්නේ අක්කාලා බොරු නම් බලන්නකෝ :D.

මතකනේ දම්මි අක්කට සුව පතන්න කට්ටියම ඉක්මනට සුව වෙන්න කියලා.

57 comments:

  1. පිස්සුද බං උඹව අමතක වෙන්න. මම හිතුවෙ උඹ නත්තලයි අළුත් අවුරුද්දයි සමරල තාම ඒ ආතල් එකේ සිටිනවය කියලනේ. හරි හරි බං, මමත් පහුගිය දවස්වල වැඩිය බ්ලොග් කියවන්න ආවෙ නෑ, කොහොම හරි උඹ ආවනේ. දැන් ලියපන් පහුගිය ටික කවර් වෙන්නත් එක්ක.

    මචං මම දම්මිගෙ බ්ලොග් එකට කලින් ගිහින් නෑනේ. කමක් නෑ හෙමීට ගිහිල්ලම බලනව, එහෙනම් දම්මිටත් ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනව.

    27 උඹ නොගිහින් පුළුවන්ද, ගෙදර දොර ළඟටම ආවම. මේ පාර නම් වෙන්නෑ, අනාගතේ කවද හරි දවසක බලමු, කට්ටියව දකින්න.

    ReplyDelete
    Replies
    1. නත්තල් අවුරුදු කෑවට පස්සේ කොහෙන්ද ආතල්?.ඒවා ඉවර වුනාම එන්නේ හන්ටර් ගහපු කාලය.දම්මි අක්කා වැඩිය ලිව්වේ නැහැනේ කොමන්ට් කරා විතරයි.ඇයි එන්නේ නැත්තේ අයියත් එන්නකෝ...

      Delete
  2. ඒක තමා මල්ලි මොකද වුනේ කියල මමත් මේ හිත හිතා හිටිටේ...

    ReplyDelete
    Replies
    1. බොරු බොරු මාව අමතක වෙලා ඔක්කොටම :(

      Delete
  3. අඩේ දම්මි අක්කා අසනීපෙන්ද????

    මම රජාගෙනුත් අහල බැලුවා.... අක්කගේ බ්ලොග් එකේ මොකෝ උනේ කියලා කොමෙන්ටුවකුත් දැම්මා... අක්කට ඉක්මන් සුව ලැබේවා!!!

    උබේ මොනවා හොයන්නද.. වැඩකට ඇති එකෙක්යෑ

    ReplyDelete
    Replies
    1. රජා නෙවේ වෙන එකෙක්වත් දම්මි අක්කා ගැන දැනගන්න විදිහක් නැහැ මන් ඇර.
      අනේ පල හික් මීයා අහුවුනොත් දෙනවා හොම්බට හැටක් හරිය :D

      Delete
  4. ජය වෙවා කිව්ව ඔන්න :D
    මටත් ඔය සෙතේම තමයි.. එන පුංචිම එකා මං වෙයිද කියලයි මට බය :D

    ReplyDelete
    Replies
    1. ආ අමතක උනා .. හිට්ස් ලස්සෙට සුභ පැතුම් කොලුවා.. උඹයි මමයි ශම්මියි එකම වයසෙ.. තව උං ඉන්නවද අපෙ වයසෙ? :D

      Delete
    2. අපොයි තව ඇති.
      බලාගෙන ගියහම මුන් ඔක්කොම පොඩි එවුන් නෙ !

      Delete
    3. සමිට කීයද? මට නම් විත්තයි

      ඔව් මධු අයියා අපි තාම සූටි කොල්ලෝ.

      Delete
    4. අපිත් විත්තෙ සුටි කොල්ලො ඈ ^_^

      Delete
    5. දාපන් පහක්

      Delete
  5. යකෝ කිව්වට විශ්වාස කරපන් අද, මේ අද මම හිතුවා කෝ මේ මඩියා කියලා...උඹ ඔය කියන විදිහට උඹ මට පුතෙක් බන් වෙන්නෙ..මොකද මට දැන් 45ක්...දාන්න ඕනා කිව්වත් වගේ වයස උඩින්ම..

    එතකොට දම්මි ගැනත් මේ ලඟදි මගෙ කල්පනාවට ආවා..දම්මිට ඉක්මනින්ම සුව වේවායි පතමි !!! ඉක්මනින්ම නැවතත් බෝවිටියා මලක් දකින්න ලැබේවා !!!

    ReplyDelete
    Replies
    1. අඩෝ නාකියා

      Delete
    2. ඔන්න එළ කොල්ලෙක් සද්දේ දානෝ...

      Delete
    3. නාකි ඩයල් තුනක්ම මෙතන කොමන්ට් දාලා :D
      අඩේ සෙන්නා අයියා අපේ මාමාගේ වයසේ.අවුලක් නැහැ දැන් ඉතින් අයියම කියන්නම්කො බොට.හැබැයි මාව මතක් වුනා කියලා බොරු නම් කියන්න එපා හරිය

      Delete
    4. දෙයියම්පල්ලා නිශාන් පුතේ මට බෝව මතක් වුනා...

      අටමා කොහෙද බන් නාකි.. ඔය ඉන්නෙ නිකන් කොල්ලා වගේ..

      Delete
    5. හරි දැන් 27 සෙන්නා අයියත් එනවද?

      Delete
  6. දම්මි අක්කට ඉක්මන් සුවය ලැබේවා! ඈ මැඩියෝ.. ඇත්තටම දැං වයස කීයද ?

    ReplyDelete
    Replies
    1. බොරුව දැම්මට මූට දැන් 55ක් විතර ඇති!

      Delete
    2. යසිත් මට යන්තම් විත්තයි

      ඇනෝ අපේ අම්මටවත් තාම 55ක් නැහැ :)

      Delete
  7. ** පලා ගන්නෙ නැතුව 27 එන්ටෝ...

    දම්මිට මොකද බං වුනේ ?

    ReplyDelete
    Replies
    1. ** පලනවද දැන් සෑමා? ඩේන්ජර් පොරක්නේ බලන් ගියාම බයේ බැහැ ලොල්.

      දම්මි අක්කට ඔපරේෂන් එකක් කරලා බන් බඩේ අමාරුවකට.

      Delete
  8. අක්කාට ඉක්මන් සුවය. ඇත්ත තමා බොට උපන් දිනේ ට පස්සේ එන්න අමතක උනා නෙව...

    ReplyDelete
    Replies
    1. මට අමතක වුනේ නැහැ කොමා කැඩුනානේ

      Delete
  9. එහෙනං උඹ කියුවේ ඒක අවුල් උනා කියලා

    ReplyDelete
    Replies
    1. ඒක අවුල් තමා තව යාලුවෙක් කාඩ් දෙකක් ගෙනල්ලා දුන්නා.අවුලක් නැහැ ඒකෙන් මන් නිසා මංජුල අයියටයි පාඩු වුනේ.

      Delete
  10. ආ...ඔයා ආයෙ ආවද... :D

    අර දම්මි අක්කටත් ඉක්මන් සුවය පතනවා !

    ReplyDelete
    Replies
    1. මන් ආයේ ආවා මෙයා ඔයාව මතක් වෙලා :P

      Delete
  11. අපි හිතුවේ උබව "සුදු වෑන්" එකකින් වත් ඉස්සුවද කියලා :D.........දම්මි අක්කාට ඉක්මන් සුවය පාර්ථනා කරනවා...
    27 එන්න පුළුවන් උනොත් උබවත් බලාගන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. අනේ පල තොටත් මාව මතක් වුනේ නැහැ :/.

      27 කොහොම හරි එන්න බලපන්.

      Delete
  12. මමත් ඔහොම අන්තරස්දාන වෙලා ඉඳලා තියෙනවා.. සමහර අය හොයනවා.. සමහර අයට මතකත් නෑ... ඒවට දුක් වෙන්න එපා බන්..... ඒ තමයි ළෝකේ හැටි... දම්මිට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
    Replies
    1. ඒක තමා මාතලන් අයියා.ලෝක ස්වාබාවයනේ
      27 එනවද?

      Delete
  13. නැවත පැමිණීමට සුභ පැතුම්....!

    අර බ්ලොග් එකටනම් මං ගිහින් නෑ. අද තමා දැන ගත්තේ.... එයාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා!

    ReplyDelete
    Replies
    1. සුභ පැතුම් මොකටද ආයේ ආවට? ලොල්

      Delete
  14. ප්‍රමාදයක් කියා දෙයක් පෙනෙන්න නෑ.
    දම්මිටත් ඉක්මනින් එක්වෙන්න සුවය පතමු!

    ReplyDelete
    Replies
    1. ප්‍රමාදයක් කිව්වේ?

      Delete
  15. උඹව අමතක වෙන්න වැඩේ... !!!! හික්ස්... නෝටි මඩියා...

    ඉක්මන් සුව...

    ReplyDelete
    Replies
    1. ෆල ෆල එකෙක්ට මාව මතක් වුනේ නැහැ :(

      Delete
  16. අපිට මොකද බං උඹව මතක් වුණේ නැත්තේ.... මඩිස්සලේ නිශාන් නැතුව ෆේස්බුක් එකයි බ්ලොගර් එකයි පාලුවට ගිහිල්ලා තිබුණේ...මටත් මගේ බ්ලොග් එකේ කමෙන්ට් දකින කොට හැමතිස්සෙම ඒ අතර තියෙන නමක් නැති වෙච්ච එකේ අඩුව දැනුනා...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න බොරු කියනවා :)

      Delete
  17. දම්මිට ඉක්මන් සුව පතනවා.

    අඩේ. අටම්පහුරා අයියට ගෙදෙට්ට කියන්නේ මංජුල කියලද ? හෙහෙ :)
    ආයෙම ආපු එකේ දිගටම ලියන්ඩෝ. ඒ වගේම 27 වෙනිදට කිරි කිරි ගෑල්ලමයෙකුත් සෙට් වේවා කියලා පතනවා !!!

    ReplyDelete
    Replies
    1. අරවා ලස්සෙටත් සුබ පැතුං !

      Delete
    2. මංජුල කියන්නේ නම වුනාට ගෙදට්ට කියන්නේ මංජු කියල :)
      අන්න අන්න නියම ප්‍රාර්ථනා කිරි නම් නැති වුනත් අවුලක් නැහැ ගෑල්ලමයෙක් සෙට් වෙනවා නම් :)

      Delete
  18. පිස්සුද මලේ එහෙම අමතක වීමක් නම් උනේ නැහැ. නමුත් තියෙන වඩාත් එක්ක කාලය යනවා තේරෙන්නේ නැහැ. අද උදේ 8 ඕපන් කල මේ පේජ් එක දැනුයි කියෙව්වේ. එකත් උඩින් පල්ලෙන්. බ්ලොගේ උඩින් වයස දැම්මොත් සදා අනාතයිනේ. කෑල්ලක්වත් සෙට් වෙන්නේ නැහැ. වැරදිලාවත් මේක අක්කට එහෙම පෙන්වන්නේ නැහැ හොඳේ. :)

    ReplyDelete
    Replies
    1. හරි අවුලක් නැහැ අපි ඒක සාධාරණීය කරමු :)
      බැඳපු එවුනුත් තාම කෑලි සෙට් කරගන්න ට්‍රයි කරන එකේ ඔන්න ඔහේ මාත් ට්‍රයි කරනවා අෆ්ෆා ලොල්

      Delete
  19. අනේ...... මඩියෝ....., උඔ කොහොමද එහෙම හිතුවේ....! anyway ..... no any dough........ we r welcoming u .......... always.....පිස්සු නැතුව ලියපන්.... ඔය පුළු පුළුවන් වේලාවක අවිත් බලල යන්න බැරියැ........., මට නම් blog ලියන්න වේලාවක් නෑ.......... අනික තිබුනත් උඔට වගේ creativity ලියන්න බැහැ කොල්ලෝ............ඒත් මම mail check කරද්දි උඹේ post මේල දැක්කා

    ReplyDelete
    Replies
    1. මම එක මේල් එකට එව්වේ නැත්තම් මේකත් දකින්නේ නැහැ නේද?.
      හරි මම පුළු පුළුවන් විදියට මේල් එකට හරි එවන්න බලන්නම්කෝ..

      Delete
  20. දම්මි අක්කියටත් ඉක්මණින් සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..........

    මඩිස්සටත් 27 මල්වත්තෙන් සතුටින් ඉලියට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.............

    ReplyDelete
    Replies
    1. ඉලිය කිව්වේ? අපෝ මට ලැජ්ජයි අනේ ඔය එක එක තැන්වලට යන්න :D
      මොනා වුනත් ප්‍රාර්ථනාව නම් අගෙයි අක්කා :)

      Delete
    2. ලැජ්ජ වෙන්න එපා කොල්ලෝ.
      'ලැජ්ජ බිමින්' තියහන් !

      Delete
    3. හෑ හාකෝ හාකෝ :D

      Delete
  21. අඩේ මොකක්ද බං දම්මි අක්කට වෙලා තියෙන්නේ???????????
    27 වරෙංකෝ ඈ....
    දම්මි අක්කට ඉක්මං සුව ලැබේවා!!!!!!!

    ReplyDelete
    Replies
    1. දම්මි අක්කා ඔපරේෂන් කරලා මොකක්ද බඩේ අමාරුවක් නිසා.ඊට වැඩි යමක් කියන්නේ නැහැ බන්.එත් ටිකක් අමාරුයි වගේ.හරි 27 සෙට් වෙමු.

      Delete
  22. ලකෆ්‍රෑන්ස් වැඩ අරඹයි!
    නයිකාරයෝ, බොරුකාරයෝ, පොලුකාරයෝ, වංචාකාරයෝ, කොලුකාරයෝ, බඩුකාරයෝ පරිස්සමෙන්!!!!!!!!!!

    ReplyDelete
  23. ඔන්න මටත් මේ දැන් උඹව මතක් උනා. උඹේ යාළුවටත් ඉක්මන් සුව පතනවා ඕං..

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක කියෙව්වම මතක් වෙනවා තමා :)

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!