Sunday, March 10, 2013

134 අසික්කිත බ්ලොග්කරණය!

බ්ලොග් ලියද්දි ගොඩක් අය ව්‍යාකරණ ගැන උනන්දු වෙනවා ඒ වගේමයි වචන ගැනත්.ඒ කොහොම වෙතත් අපි මතක තියාගන්න ඕන දෙයක් තමා බ්ලොග් කියන ඒවා අපි නොදන්නවා වුනාට ගොඩක් වැදගත් මිනිස්සු,ආයතන වගේ තැන් වලත් බලනවා කියලා.ඒත් ඒ වගේ තැන්වලින් හෝ පුද්ගලයන්ගෙන් කොමන්ට් නොලැබෙන නිසා අපි දන්නේ නැහැ අපේ ලිපි බලන්නේ කව්ද කියලා.කොමන්ට් කරන අය ගැන විතරයි අපි දන්නේ.


ඒ වගේම සමහර විෂයන් ගැන ශිෂ්‍යන් පවා බ්ලොග් කියවන්න උනන්දු වෙනවා.පෞද්ගලිකව මමත් මගේ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක්ට සෙන්නගේ බ්ලොග් ලිපිනය දීලා තියෙනවා.මේ වගේ අපි දන්න නොදන්න ගොඩක් දෙනෙක් බ්ලොග් කියවද්දී අපි සැලකිලිමත් වෙන්න ඕන ඔවුන්ට බ්ලොග් ගැන වැරදි අදහසක් නොදී ඔවුන්ව රඳවාගන්න.

මේ දවස් වල ඇනෝනිමස් වරු ගැන ප්‍රශ්නයක් තියෙනවා.ගොඩක් ඇනොනිමස්වරු විෂයට බාහිරව අසික්කිත වචන භාවිත කරනවා.ඒකට බ්ලොග් කරුවන් තමන්ගේ බ්ලොග් එකේ වැටෙන අසබ්‍ය වචන සහිත කොමන්ට් මකා දැමිය යුතුයි(යුතුයි පමණයි).එහෙත් ඒවා ඉවත් කිරීමක් හෝ නොකිරීමත් ඔවුන් සතුයි.

ඇනොනිමස් වරු කෙසේ වෙතත් සමහර බ්ලොග් කරුවනුත් තමන්ගේ වචන ගැන සැලකිලිමත් නැහැ.මා මුලින් කියූ පරිදි ව්‍යාකරණ දෝෂ තිබුනත් ඒවා ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ නැහැ නමුත් භාවිතා කරන වචන නම් ඉතාමත් වැදගත්.

පුක යන්න කුණුහරපයක් නොවේ කියලා හැමෝම පුක කියලා කෙලින්ම ලියනවා ඒත් ඕනෑම වැදගත් මහත්මයෙකුට මහත්මියකට ඒක අශිලාචාර වචනයක් කියල තේරෙනවා.(ඔබත් පෞද්ගලිකව හිතා බලන්නම් පුක යනු ලපයි සිපයි ගණයේ වචනයක් නොවේද කියලා?)


හරි පුක පැත්තකට දාමු.එත් ඊටත් එහා ගිය ඇනොනිමස්වරු පමණක් භාවිත කල වචන දැන් බ්ලොග් පෝස්ට් තුලටද පැමිණ ඇත.උදාහරණයක් ලෙස *න්නයා වැනි අසික්කිත වදන් දැන් බ්ලොග් ලිපි තුලට ඇතුල් වී ඇත.

*න්නයා යනු නපුංසකයා නමැති වචනය අරුත්ගන්වන හා එවැනි පුද්ගලයන්ව කෙලින්ම අදාල කර ආමන්ත්‍රණය කිරීමට හා පිරිමියෙකුට අපහාස කල හැකි පහත් වචනයකි.මෙවැනි වචන භාවිතා නොකර ලිපි ලිවීමට බ්ලොග් කරුවන්ට නොහැකිද?.එමගින් බ්ලොග් නොලියන කියවන පාඨකයන්ට පවුලේ කිහිප දෙනෙකු හා එක්වී කියවිය හැකිද?.

පවුලේ කිහිප දෙනෙකු එක්වී බ්ලොග් කියවීම හෙන විහිළුවක් වගේ තමා ඒත් සමහර පවුල්වල සහෝදර සහෝදරියන් එකට බ්ලොග් කියවීම කරනවා මම දැකලා තියෙනවා.ඔය වගේ වචන වලට වඩා අසබ්‍ය වචන අන්තර්ජාලයේ නොමැතිද කියලා කෙනෙක්ට අහන්න පුළුවන් ඒත් මතක තියාගන්න ඕන බ්ලොග් කියවන්න එන අය එන්නේ ඒ වගේ වචන බ්ලොග් වලින් කියවන්නේ නෙවෙයි කියලා..ඒ වගේ වචන බ්ලොග් තුල තිබීමෙන් බ්ලොග් කලාවත් වැල කතා සයිට් ගානට වැටෙනවා.

වචන භාවිතය ගැන අපි මීට වඩා සැලකිලිමත් විය යුතු  නොවේද





134 comments:

  1. Replies
    1. ස්තුතියි සහෝදරයා මේ පැත්තේ පැමිණියාට :)

      Delete
  2. හ්ම්ම්ම්... ඔබේ කතාව ඈත්ත..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝදරයා :)

      Delete
    2. ඇනොනිමස්ලට තමයි හැමදේකටම බලය තියෙන්නෙ ඒ මොකද ඒ ගොල්ලන්ව කාටවත් හොයාගන්න බැරි නිසා අන්තර්ජාලයේ සම්පූර්ණ බලය හිමිවෙනවා.අනික් එක හැකින් ප්‍රහාර හා අනෙකුත් ප්‍රහාර කරන්නේ ඇනොනිමස් කණ්ඩායම්.ඉතින් නිෂාන් ඔයාට බෑ එව්වා නවත්තන්න.එහෙමනම් කරන්න anonymous කමෙන්ට් ඩිසේබල් කරන එක.

      Delete
    3. සහෝදරයා මම මේ ලිපියෙන් ඉලක්ක කරේ ඇනෝලා නෙවේ! හොඳින් කියවන්න මම මේකෙන් කිව්වේ බ්ලොග් කරුවන් ගැන මොකද මම දැක්කා සමහර බ්ලොග් වල වචන අන්තිම පහත විදියට තියෙනවා.

      Delete
  3. අවංකවම මේ වරද මා අතිනුත් වෙනවා. එතනින් එහාට වරද පිළිගන්නවා හැර වෙනත් විකල්පයක් නැහැ. සමහර ආවේගශීලී මාතෘකා වලදී විශේෂයෙන්ම මේ දේ වෙනවා. නමුත් මා නම් කලින්ම එවැනි සටහන් වලදී අනතුරු අඟවනවා, මෙහි කුණුහරුප තිබිය හැක කියලා.

    ReplyDelete
    Replies
    1. ඒක වැරද්දක් කියලා හිතෙනවා නම් ඒ ඇති.මොකද එතකොට ඉස්සරහටවත් ඒක හදාගන්න පුළුවන් වෙයි.

      Delete
    2. බල්ලන්ට ගල් වලින් නොගහා මල් වලින් ගහන්ඩද බං

      Delete
    3. පොල් මලකින් ගහපන් ගල්වගේම තමයි..!
      ඔය යක්කු එලවන්නත් ගහන්නෙ.

      Delete
    4. අටමගෙ කමෙන්ට් එක සිරා කියන්න හදනකොට

      වීයාගෙ එක දැක්ක

      එතකොට දෙකම සිරා :)

      Delete
    5. ඉන්දියාවේ කෙල්ලෙක්ව හය දෙනෙක් එක්කහු වෙලා රේප් කරලා, ඇතුළට අත දාල ගර්භාෂය කඩල එලියට අරගෙන විසි කරලා, කෙල්ලව සීතලේ මැරෙන්න විසි කරලා ගියාම, එක වුණේ කෙල්ලගේ වැරැද්ද නිසාය, ඒකි බුර්කාවක් ඇඳන් උන්න නම් ඕක වෙන්නේ නැතෙයි කියන පාහර බල්ලෝ (පා + හර = පයින් ගසා ඉවත් කළයුතු) එක්ක සභ්‍ය බාසාවෙන් කතා කරන්න තරම් ශක්තියක් නම් මට නැත!!

      Delete
    6. මටත් කියන්න තියෙන්නේ ඕකම තමා බං

      Delete
    7. @අටම්පහුර3/10/13, 10:04 PM
      //බල්ලන්ට ගල් වලින් නොගහා මල් වලින් ගහන්ඩද බං//

      ඔන්න ඕක තමයි බං උඹේ ලොකුම දුර්වලකම . . . . කුනුහරප කියන එවුවන්ට කුනුහරපෙන්ම උත්තර දිය යුතු නෑ. ටිකක් හිතල බලපං ඇනෝ ඇවිල්ල උඹට කුනුහබ්බ දෙසන එවුවන්ට උඹ ප්‍රොෆයිල් එකෙන් ගිහිල්ල ඒ අයුරෙන්ම නෙලන්න යාමෙන් මොකද්ද උඹ අද ඉන්න තත්වෙ ???

      Delete
    8. හරි හරි බං දැන් මම එහෙම නැනේ

      Delete
  4. (Y) කියන්න ඕනේ ඒවා කියලා තියෙද්දි ආයේ මොනවා කියන්නද බොල :D

    ReplyDelete
    Replies
    1. කව්ද ඩො කියන්න ඕන ඒවා කිව්වේ? ගේම නම් ගේම හරිය?(වලියට ලැස්ති වෙමින්) =))

      Delete
    2. අන්න " ඩෝ " කිව්වා..:0 :P

      Delete
    3. ඇයි ඩො බොලත් ගේමද ආ? :)

      Delete
    4. ඇයි ඩෝ වලිද ඇ?? හහ්,,බොලා පොඩි මට වඩා මාස 2ක් ඒ නිසා කටවහන් හිටු.. :P

      Delete
    5. බවලත් උදවිය කියලා බලන්නේ නැහැ පොඩි උන් දම්මලා කුණු බිත්තර ගස්සනවා ඈ =))

      Delete
  5. :D වචන ගැනනම් සැලකිලිමත් වෙන්න ඕන පිළිගනිමි :) එත් ඔය ඇනෝ ලා එන්නෙ ගොඩක් මාකට් බ්ලොග් වලට විතරනෙ :3 ඉරිසියකරයෝ කුහකයො මංපහරන්නෝ >_<

    ReplyDelete
    Replies
    1. යා රෙපා කිව්වා වගේ බේ කූල් මචන් :)

      Delete
  6. පුක යන්න කුණුහරපයක් නොවේ කියලා හැමෝම පුක කියලා කෙලින්ම ලියනවා ඒත් ඕනෑම වැදගත් මහත්මයෙකුට මහත්මියකට ඒක අශිලාචාර වචනයක් කියල තේරෙනවා.(ඔබත් පෞද්ගලිකව හිතා බලන්නම් පුක යනු ලපයි සිපයි ගණයේ වචනයක් නොවේද කියලා?)

    අනේ යකෝ ඕක එල්ලගෙන ඉන්ඩ හොදනං . ඒකෙන් රෙන්ඩ හොද නං , කියුවහම පුකද

    ReplyDelete
    Replies
    1. *න්නයා යනු නපුංසකයා නමැති වචනය අරුත්ගන්වන හා එවැනි පුද්ගලයන්ව කෙලින්ම අදාල කර ආමන්ත්‍රණය කිරීමට හා පිරිමියෙකුට අපහාස කල හැකි පහත් වචනයකි.මෙවැනි වචන භාවිතා නොකර ලිපි ලිවීමට බ්ලොග් කරුවන්ට නොහැකිද


      පොන්න වැඩ නොකර හිටියහම කියනවද බං කවුරුවත් පොන්නයා කියලා, අනික ඕක කුණු හරපයක් නෙමෙයි

      Delete
    2. අනේ මන්දා බොලාලාට තේරුම් කරන්න බැහැ මේවා.

      Delete
    3. අටමෝ මම දැක්කා බොටත් එක බොගියක **න්නයා කියලා තියෙනවා. එ උඹ ඒ වගේ වැඩ කරලා තියෙන හින්දද? නිකන් පලයන් බන් බණ නොකියා.

      Delete
    4. @මඩිස්සලේ නිශාන්3/11/13, 6:27 PM
      //අනේ මන්දා බොලාලාට තේරුම් කරන්න බැහැ මේවා.//

      මූ ඇදල බං නාගන්නෙ

      Delete
  7. "වචන භාවිතය ගැන අපි මීට වඩා සැලකිලිමත් විය යුතු නොවේද"

    උත්තරය ඔව්..

    වචන කියන්නෙ මහ භයානක ආයුධයක්..

    ReplyDelete
  8. හොඳ ලිපියක් නිශාන්...

    ReplyDelete
    Replies
    1. ඉත්තුති තාතන් අයියා :)

      Delete
  9. එතරම් සභ්‍ය විය යුතුයයි මා නම් පිලිගන්නේ නෑ. කෙසේ හෝ අකමැති නම් එවැනි බ්ලොග් නොබලා සිටීමේ අයිතිය ඔබ සතුයි. ඔබ සඳහන් කළ වචන දෙක ගැන සඳහනක් කරනවානම්. පුක යන්න මා දන්නෙ බහ තෝරන අවදියේ සිටයි. පොන්නයා යන වචනය හා එනමින් හඳුන්වන්නේ කවුදැයි යන්න දන්නේ 7 වන පන්තියෙ සිටයි. වයස 13+ හ 18+ යනුවෙන් සඳහන් කරන්නේ ඒ නිසයි. අනෙක අර අටමා කිව්වා වගේ බල්ලන්ට මල් වලින් ගහලා හරියන්නෙ නෑ. ගල් වලින්ම ගහන්න ඕන. අනෙක බ්ලොග් කියන්නෙ මොකක්ද කියන් එක අපේ අය හරියට තේරුම් අරගෙන නෑ.

    ReplyDelete
    Replies
    1. ඕවා නොබලා ඉන්න තරම් වැදගත් මහත්තයෙක් නෙවේ මම :D
      බල්ලන්ට ගහන්න ඕන ගල් වලින් තමා එත් මම කිව්වේ කොමන්ට් ගැන නෙවේ බ්ලොග් ලිපි තුලට අසබ්‍ය වචන ඇතුලත් නොවිය යුතුයි කියලා.

      Delete
  10. සම්පූර්ණ ඇත්ත බං.මට මතකයි දෙබර වැව ඉස්කෝලෙ පොඩි දුවෙකුත් බ්ලොග් එකක් ලියල හැමෝටම එන්න කියල ආරාධනා කරල තිබ්බ. දැන් ලියන්නෙ නැද්දකොහෙද..!! මේ වෙන දේවල් දැක්කම ඕනම වැඩිහිටියෙක් අවවාදකරනව.ඕව බලන්න එපා කියල.

    ReplyDelete
  11. * පැත්තකට දාමු :D
    සුපිරි කතාව

    ඇනෝලා ගැන මොනවට කතා කරනවද
    ඉදිරියට එන්න කොන්දක් නැති පහත් මානසිකත්වය නිසා තමයි ඇනෝලා බිහිවන්නේ

    ReplyDelete
    Replies
    1. යා ගොඩක් ඇනෝලා එහෙම තමයි එත් ගූගල් එකවුන්ට් නැති අයත් එන්නේ ඇනෝ ප්‍රොෆයිල් වලින්.

      Delete
  12. මට තියෙන්නෙ ඔය නිශාන් කිව්ව ප්‍රශ්ණෙ නෙවෙයි.

    මගේ බ්ලොග් එකේ මම බ්ලොග් රෝලක් එල්ලාගෙන ඉන්නවනේ. ඉතින් ඒකෙ පෙන්නන පින්තූර සමහර විට මට ප්‍රශ්ණයක් වෙනවා. ඒ මොකද මම අවට ඉන්න මිනිස්සු බ්ලොග් කියවන්නෙ වත් සිංහල දන්නෙවත් නෑ. නමුත් සමහර පින්තූර වලින් ඒ මිනිස්සු මම කියවන දේ ගැන වැරදි ආකල්ප ඇතිකර ගන්න පුලුවන්.

    සමහරවිට මම සමහර බ්ලොග් ඒකෙන් අයින් කරලත් දාලා තියෙන්නෙ මාස ගනන් එකම අප්සෙට් පින්තූරෙ ඒකෙ තියෙන නිසාමයි.

    ReplyDelete
    Replies
    1. මටත් මේ ප්‍රශ්නෙම තියනවා ඩුඩ් අයියේ. මම බ්ලොග් කියවන්නේ ඔෆිස් එකේ ෆ්‍රී වෙලාවට. එතකොට ලඟින් යන කෙනෙක් ඔය කියනවා වගේ පින්තුරයක් දැක්කොත් මං ගැන තියන ප්‍රතිරූපය එතනම ඩවුන්. අනික (18+) කියන මාතෘකාව වගේ ඒවා.දවසක් කොල්ලෙක් මගෙන් ඇහුවා මොනවද බං ඔය කියවන්නේ කියලා. පස්සේ මම උට පැහැදිලි කරලා බ්ලොග් එක පෙන්නුවා.ඌ දැක්ක හින්ද හොඳයි. ලොක්කෙක් හෙම දැක්කනම්

      Delete
    2. හා පුළුවන් නම් මගේ ලිපියක ඒ වගේ පින්තූරයක් තියෙනවා නම් පෙන්වන්න :D

      Delete
    3. හෙන්රියා කියපු කතාව හරි. මගේ අතිනුත් ඔහොම වැරැද්දක් වෙලා තියෙනවා.

      Delete
    4. මොකක්ද පෝස්ට් එක?

      Delete
    5. අනේ මේ අහපල්ලා. මම එක බ්ලොගක් ගැන කිව්වා නෙවෙයි. බ්ලොග් වල දාන පින්තූරවල වරදක් කිව්වාත් නෙවෙයි. මගේ බ්ලොග් රෝලෙ ඒ වගේ පින්තූර මාස ගනන් තියෙනකොට, මාත් ඒ පේජ් එක හැමදාම නරඹනකොට සිංහල නොදන්න උන් හිතන දේයි මම කිව්වේ.

      ඒකට උඹලා කවුරුවත් අප්සෙට් වෙන්න ඕනෙ නෑ. අනික මම චෝදනාවක් කලා නෙවෙයි. නිකං එක්තරා තත්වයක් ගැන කිව්වා විතරයි.

      Delete
  13. ඇනොලා ජාති දෙකෙන්ම ඉන්නවා black ඇනොලා ගැන කතා නොකර ඉමු

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒක ඇඟට ගුණයි

      Delete
  14. ඇත්ත බං. වචන භාවිතයේදී සැලකිලිමත් වෙන්න ඕන.

    ReplyDelete
  15. මම නම් ඕනි *කක් ලියන්නෙ ඔය දැන් ලියල තියන විදිහට තමා ,එතකොට මොකා බැලුවත් ලොකු අවුලක් නෑ .අනිත් අතින් කැත ගතියත් අඩුයි. කොහොම වුනත් අවුරුදු 13න් පහල කෙනෙක්ට අන්තර්ජාලය සුදුසු නෑ .මම දන්න තරමින් ෆේස්බුක් , ඊමෙල් වර්ග ආදියත් ඔය සිමාවෙන් උඩ අයටයි භාවිතා කරන්න පුලුවන් . දහතුනට වැඩි කුණුහරුප නොදන්න කෙනෙක් ඉන්නවා කියල හිතනවා නම් .....[මෙතනට අර බිච් ප්ලිස් මූණ දාගනින් ] :)

    ReplyDelete
    Replies
    1. is at-බීච් ප්ලීස් මුහුණ සොයමින් :D

      Delete
  16. වචන භාවිතයේදී පරිස්සම් වියයුතු බව මමත් පිලිගනිමි.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි එකඟ වුනාට

      Delete
  17. එක වචනයකින් අවි දහසකින් කරන්න පුළුවන් ඩේ කරන්න පුළුවන්! මමනං නාඩි කොටද්දී පොඩ්ඩක් වචන ගැන සැලකිලිමත් වෙනවා! මොකෝ ඒක මම හදාගෙන ඇති ප්‍රතිරූපයට හානියක් නිසා!

    ReplyDelete
    Replies
    1. ඔව් බන් සමහර වචන නිසා අපි නගාගෙන සිටින මුළු ප්‍රතිරූපයම කඩා හැලෙනවා!

      Delete
  18. ඇනෝ කමෙන්ට් අයින් කරනවට විරුද්ද පිරිසකුත් ඉන්නවනේ ?

    ReplyDelete
    Replies
    1. ඔව් . අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරන නිසා

      Delete
    2. උඹ කියන්නේ අමු තිත්ත කුණුගබ්බත් දාන්නෙයි කියලාද. අර ලංකෝනිස් ගොන් බූරුවා කලින් ආවෙ ඇනෝ, ඒ පාර ඔය ප්‍රෝෆයිල් එකක් හදාගෙන එන්නේ. මගේ එක පෝස්ට් එකේ කොමෙන්ට්ස් 20කට වඩා දාල තිබ්බා. පට්ට කුණුහබ්බ, එකම කොමෙන්ට් එක 10 තැනක විතර දාලා තිබුනා. දාන දාන එක මකනවා. ඔය දැන් හැදිලා තියෙන්නේ අගේට. නිදහස කියලා අර චන්ද්‍රිකා කියනවා වගේ වල්බූරු නිදහසක් දෙන්න බෑ බන්.

      Delete
    3. එයා ඇනෝ දාපු කමෙන්ට් මකලා දාල ඇනෝ බ්ලොක් නොකර හිටියා නම් හොඳයි . හැම ඇනෝම කුණුහරුප කියන්නේ නැනේ .

      Delete
    4. ඇනෝ ඔප්ෂන් එක තියෙන එක තමා හොඳම දේ.ඒත් තුන්වෙනි පාර්ශවයට අපහාස වෙන කොමන්ට් ගැන බ්ලොග් කරුවා වග කියන්න ඕන.

      Delete
  19. ane umba baba!!!!!

    ReplyDelete
  20. මමත් ලියද්දි ලියන දේ හරියට නිවැරදි ව්‍යාකරණ එක්කම ලියන්න වග බලාගන්න කෙනෙක්! :)

    ReplyDelete
    Replies
    1. ඒකනම් හොඳ ගුණයක්

      Delete
  21. *න්නයා කියන වචනය චමී ගේ මෙන්න මේ පෝස්ට් එකේදි, මම වරක් දෙකක් පාවිච්චි කළා. එතනදි එහෙම නොකර ඉන්න කිසිම හේතුවක් තිබුණෙ නෑ.
    ඒ නිසා අවස්ථාවේ හැටියට මේ වචන පාවිච්චි කිරීම සිදුවිය හැකියි.

    ReplyDelete
    Replies
    1. මම මේ පෝස්ට් එක තුලින් කියන්නේ කොමන්ට් ගැන නෙවේ.බ්ලොග් ලිපි ගැන

      Delete
  22. ඔබ වැනි කිසිවකුගේ හිත රිදෙන දෙයක් නොලියන බ්ලොග් වලට මම ඇනෝ එන කිසිවිටකත් වචනයක් නෙවෙයි අකුරක් හෝ අසභ්‍ය විදියට භාවිතා කරලත්නෑ කරන්නෙත්
    නෑ,
    අවශ්‍ය කෙනාට අවශ්‍ය බ්ලොග් වල පමණක් මම ඇනෝ ලෙස ඇවිත් ලියා ඇත, මා දන්නේ ඇනෝ ලෙස මා පමණක් උවත් සියලුම ඇනෝ මන් නෙවයි කියල කියන්න දෙයක් නෑනේ,

    ReplyDelete
    Replies
    1. මම මේ ලිපියෙන් ඇනෝලාට වඩා ඉලක්ක කරේ බ්ලොග් කරුවන්ව!

      Delete
  23. බොහොම හොද ලිපියක්..එල..ජය..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ටික්කො :)

      Delete
  24. ඔයත් තැන තැන අනෝලට බනින එක නවත්වන්න කියල කියන්න කැමතියි
    ඔය මේකේ අහිංසකව ලියන යන නිසා අපි ඔයාට කැතවචන පාවිච්චි කරලා මෙතන කමෙන්ට් කරලා නෑ, නමුත් අනුන්ගේ සිනි කිරන්න ගියොත් මේකත් කැතවෙන්න පුළුවන්,(අනතුරු අගවමින් :P)

    ReplyDelete
    Replies
    1. මම කාටවත් සීනි කිරුවේ නැහැ ඒ වගේම ලිපිය පොඩ්ඩක් තේරුම් ගන්න.මම කිව්වේ බ්ලොග් ලියන අය තමන්ගේ වචන ගැන සැලකිලිමත් විය යුතුයි කියලා.

      Delete
  25. හොඳ ලිපියක් නිශාන්!!!

    ලියනවා කියන්නේ කඩුවකින් කරන සටනක් වැනි දෙයක්. ඒකෙන් හරඹ කරන්ට ඔය නරක වචන අවශ්‍ය නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට එකඟ වුනාට :)

      Delete
  26. නිශාන්
    මම ඇනෝ ලියනවට විරුද්ධ අයෙක් නෙමේ. මගේ බ්ලොග් එකේ මම ඇනෝ පහසුකම තියලා තියනවා. නමුත් මම කමෙන්ට් මොඩරේට් කරනවා. ඒ මගේ හිතවතුන් මගේ දියණිය මගේ රෝගීන් ඒක බලන නිසා. ඒ බොහෝ අය මා නිසා බ්ලොග් බලන්න පෙළබුණු අය. මගේ මතය ව්‍යාකරන සහ පද බෙදීම් අක්ෂර වින්‍යාසය අවශ්‍ය වුවත් එතරම් ඒ පිළිබඳ සිතන්න අවශ්‍ය නැහැ.

    මගේ සමහර මිතුරන් පොලීසියේ, හමුදාවල උසස් නිළධරීන් එයාල ඒ අයගේ නමින් හෝ හඳුනා ගත හැකි අයුරින් කමෙන්ට් ලියන්නෙ නැහැ. ඒ නිසා මම ඇනෝ ඉඩ තියලා තිබෙන්නෙ.

    මගේ අදහස අපි දැන් වැඩිහිටියන්. ඒ නිසා අපි කාගෙවත් හිත් රිද්දන්නෙ නැතුව මේ බ්ලොගර් පහසුකම මිනිසුන්ගේ මනස දියුනු කරන්න යොදා ගන්නව නම්, මනසේ විවේකයට , විනෝදයට යොදා ගන්නව නම්, තම තමන්ගේ මති මතාන්තර අනෙක් අය එක්ක සංවාදයට භාජනය කරනව නම් බ්ලොග් අවකාශය කොච්චර හොද තැනක් වෙයි ද?

    ReplyDelete
    Replies
    1. එකඟයි
      මොකටද මේ දේවල් තුලිනුත් තරහා,වෛරය,ක්‍රෝධය වගේ දේවල් පිට කරන්නේ? මට නම් මේ මිනිස්සුන්ව තේරුම් ගන්න බැහැ.

      Delete
  27. උඹ කිව්ව එක හරි බං. අපහාස නැති උපහාස තියේනං ඕන දෙයක් මට ඕකේ. ඇනෝ කියන එක පුරස්නයක් නෑ ඇනෝ භාවිතාව හරියට සිදු වෙනවනං. අපිත් මුලින් ඇනෝ තමා කියෙව්වේ ඇයි බොල උපදින කොට බ්ලොග් පටන්ගත්තයැ, මට හිතෙන්නේ දැං උඹ තමා මේකේ ඉන්න සත්ගුණවත්ම බුවා.. අවංකව

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ බොල මම ඒ තරම් සද්ගුණවත් බුවෙක් නෙවේ හැබැයි මම අසබ්‍ය වචන කෙලින් ලියලා නැහැ.

      Delete
  28. කතාවනම් ඇත්ත.

    ReplyDelete
    Replies
    1. එහෙනම් එච්චරයි :)

      Delete
  29. ව්‍යාකරණ ගැන සැලකීම කොහොම වෙතත් කුණුහරුප ලිවීමනං බ්ලොග් වලට සුදුසු නැති බව මාත් පිළිගන්නව.

    ReplyDelete
    Replies
    1. ඇනෝ කොමන්ට් වලට අපිට කරන්න දෙයක් නැහැ.ඒත් ලිපියක් ලියද්දීවත් අපිට ඒ ගැන සැලකිලිමත් වෙන්න පුළුවන් වුනා නම් හොඳයිනේ අයියා

      Delete
  30. තැනට ගැලපෙන විදියට වචන පාවිච්චි කල යුතුයි කියලයි මම හිතන්නේ ... පන්සලකට හිගින් ගාථා කියන්න ඕන .. ඒ වගේම කුප්පියාවත්තේ රන්ඩුවකට ගියාම කුණුහරුප කියන්න ඕන .. අවස්ථා දෙක මාරු උනොත් විතරයි ගැටලුවක් ඇති වෙන්නේ.. ලියන මාතෘකාවට අනුව වචන පාවිච්චි කරන්න ඕන, නැත්නම් ඒ ලිපියෙන් දෙන්න යන දේ හරියට කියවන කෙනා ග්‍රහනය කර නොගන්න පුලුවන් .. ඕනම වැදගත් මහත්මියකට හෝ මහත්මයෙකුට පුලුවන් තමන්ගේ සභ්‍යත්ව සීමාව ඉක්මවා යනවා කියලා හිතෙනකොට ලිපිය කියවීම නවත්තන්න .. බ්ලොග් ලිපි කියන්නේ පාඩම් පොතක එන පාඩමක් නෙමෙයිනේ මොනවා තිබ්බත් අනිවාර්යයෙන්ම කියවන්න ... :)

    පුක ගැන කියල තිබ්බ නිසා පොඩි දෙයක් කියන්නම් .. තාමත් ගම් වල, පස්චාත්භාගය හදුන්වන්න ඔය වචනේ භාවිතා කරනවා .. කුණුහරුපයක් විදියට නෙමේ එදිනෙදා භාවිතාවේ .. කොළඹ ඉපදුන කොළඹ හැදිලා වැඩුන කොස් ගෙඩිය පොලොස් ගෙඩිය අදුරන්නේ නැති වැදගතුන්ට නම් ඒක කුනුහරුපයක් වෙන්න පුලුවන් ... අමුඩයක් ඇඳගත්තු ගොවියෙක් දැක්කම.. "චීක්කා බබා. ඩෝන්ට් ලුක් ඇට් දැට් කක්කි ෆෙලෝ" කියලා බෙරිහන් දෙන නෝනලට මහත්තුරුන්ට පුක අමුතු වචනයක් වෙන්න පුලුවන් ...

    ReplyDelete
    Replies
    1. හහහා... පට්ට කමෙන්ටුව!

      Delete
    2. +++++++++++++++ නියමයි.

      Delete
    3. @ලකී රෝස්
      සබ්යත්වය සලකන මහත්ම මහත්මීන් හැරිලා යනවා තමා ඒ වගේ ඒවා දැක්කම.ඊට පස්සේ තව කෙනෙක්ව දැනුවත් කිරීමක් කරන්නෙත් නැහැ සිංහල බ්ලොග් ගැන.ඔයාට ඒක ප්‍රශ්නයක් නැති වුනාට ඒක සිංහල බ්ලොග් කලාවට ලොකු ප්‍රශ්නයක් සිංහල බ්ලොග් කලාව පහතට වැටෙනවා.

      පුක ගැන ගම් වල මිනිස්සු වුනත් වැදගත් තැනක පුක ලොකු කරගෙන කියවන්නේ නැහැ.මේක මගේ පුක මේක මගේ පුක කිය කියා.එහෙව් පුක ගැන ඔයා උනන්දු වුනාට ඒකත් වැදගත් තැනකට කැතයි නේද?.දැන් අමුඩේ අඳින ගොවියෙක් වුනත් වැදගත් තැනකට යද්දී අමුඩේ ඇඳගෙන පුක එළියේ දාගෙන යන්නේ නැහැ නේද?.එයාලත් පුක පෙන්වන්නේ කුඹුරට විතරයි.

      Delete
    4. ඔබ කියන විදියේ වචන භාවිතයෙන් බ්ලොග් කලාව පහත වැටෙනවා කියන්න තියෙන සාක්කි මොනවද... මිනිස්සු බ්ලොග් කියවන්නේ වෙනසක් බලාපොරොත්තුවෙන්.. නැත්නම් පොත් කියවන්න පුලුවන්, පත්තර කියවන්න පුලුවන්. බ්ලොග් කලාවට පැවැත්මක් තියෙන්නේ ඒකටම අනන්‍ය ශෛලිය නිසා. ..

      සමාවෙන්න මෙහෙම කියනවට .. මම හිතනවා මමත් ඔය කියන වැදගත් යැයි සම්මත කුලකයේ මිනිස්සුන්ව ආශ්‍රය කරනවා කියලා.. හැබැයි මම කවදාවත් දැකලා නෑ ඒ කිසිම කෙනෙක් ඔබ ඔය කියන මට්ටමේ වචනයක් දැකලා කලන්තේ දානවා .. මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ වෙනසක් .. අනික පොඩි ළමයින්ට අන්තර්ජාලයට ප්‍රවේෂය ලබා දෙද්දි දෙමාපියෝ ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන.. බ්ලොග් එකක් කියවලා පොඩි එකෙක් නරක් වෙනවා කියන එක විහිලුවක් මට හිතෙන විදියට, මොකද ඔබත් මමත් අපි හැමෝම දන්නව අන්තර්ජාලයේ වෙන ඕන තරම් දේවල් තියෙන බව ලමයෙක් නරක් වෙන්න..

      වරදවා වටහා ගන්න එපා.. මම කියන්නේ නෑ අමු කුණුහරුපයෙන් ලිපි ලියන්න ඕන කියලා .. මම කියන්නේ ලියන ලිපියට අනුව බ්ලොග් කරුවාගේ අදහස එළියට දාන්න සුදුසු වචනය භාවිතා කරන්න ඕන කියලා විතරයි .. පොඩි ගෑනු ළමයෙක් දූෂණය කල දෙයක් ගැන කතාවක් ලියද්දි "ඒ දුෂ්ට මිනිසා" හරි, "ඒ කුරිරු මිනිසා" හරි කියනවට වඩා කෙලින්ම "ඒ බල්ලා" කිව්වම ඒක දැනෙනවා වැඩි.. අන්න ඒකයි මම කියන්න උත්සාහ කලේ ..

      නිෂාන්.. වන්නිලෑ අත්තෝ රජවාසලට ගියෙත් ඔය කියන පුක පෙන්නගෙන .. ඒ ඒ මිනිස්සුන්ගේ සදාචාරය.. ඒ පුක දිහා බලල අසික්කිත දේවල් හිතනවා නම් ඒක පිලිකුල් කරනවා නම්.. වැදගත් යැයි කියාගන්න හිත් වල තියෙන ප්‍රශ්නයක් ඒක .. කුනුහරුප, සදාචාරය, සභ්‍යත්වය හැමදේම තියෙන්නේ මිනිස්සුන්ගේ හිත් වල මිස කාගෙවත් පුකේ නෙමේ :)

      Delete
    5. වාසනා කියන කතාව සහතික ඇත්ත !

      Delete
    6. @ලකිරෝස්
      සාක්ෂි නම් මා ගාව නැහැ ඒත් නව්‍යකරණය වුන ලෝකයේ කාර්යබහුල මිනිසුන් පොත් හෝ පුවත් පත් වලට වඩා අන්තර්ජාලය පරිශීලය කරනවා.

      හික්ස් මම කිව්වේ නැහැ කුණුහරුප දැකලා වැදගත් මිනිස්සු කලන්තේ දානවා කියලා.ඒත් ඔවුන් අප ගැන වැරදි වැටහීමක් ඇති කරගන්නවා.මේ වග ඔබට කියලම මට දැන් මහන්සියි.ඔයා කියනවා වගේ බල්ලා කිව්වා කියලා ඒක අසබ්ය ගනයේ වචනයක් නොවේ.එහෙත් ඊට වඩා අන්තයට යන බ්ලොග් කරුවන් දකින්න පුළුවන් නිසයි මම මේ ලිපිය ලියන්නත් පෙළඹුනේ.

      පුක ගැන ඔයාට අවුලක් නැත්තම් ඔයා පුක ගැන ලියන්න.ඒක තමන්ගේ කැමැත්තනේ.පුකේ නැති සබ්යත්වය කොහෙන්ද හිතට? හික්ස්.

      @ඇනෝ
      ස්තුතියි වාසනාට උදව් කරන්න පැමිණියාට.

      Delete
  31. කතාව ඇත්ත මලේ එකෙන්ම

    ReplyDelete
    Replies
    1. අපිට කියලා මහත්තයා කියාගන්න මෙයා "කෝරලේ මහත්තයා" කියලා නම දාන්

      Delete
    2. @කෝරලේ මහත්තයා
      එකනේ අයියා :)

      @ඇනෝ
      අන්න ඊර්ශියාව :)

      Delete
  32. උඹට ඇයි එකපාරට මෙහෙම එකක් මතක් උනේ? :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පුකක් දැකලා බන් =))

      Delete
  33. වාරණයට මම නං අකමැතියි! ඒ ‍වගේම "ප්‍රොෆයිල්කරුවන් සහ ඇනෝනිමස්" යන බෙදීම සාර්ථක නෑ. ඊට වැඩිය හොඳයි "හොඳ සහ නරක" විදියට බෙදුවම. මොකද නෝටි ඇනෝනිමස්ලා ඇත්තටම ඇනෝලද නැත්තං "ජාතකයක්" තියන උදවියද කියල අපි දන්නෙ නෑනේ.

    ප්‍රධාන මාතෘකාව ගැන කියනව නං සභ්‍යත්වය කියනඑක ඉරක් ගහල බෙදල වෙන්කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඇනොලා ගැන එකඟයි.

      සභ්‍යත්වය ඉරක් ගහලා වෙන් කරන්න බැරි වුනාට.අපිට ඒක ආරක්ෂා කරන්න පුළුවන් නේද ඇනෝලගේ ගානට නොවැටී?

      Delete
  34. ඇත්ත...මාළුවා නහින්නෙත් කට නිසාලු... ඒ කියන්නේ කතා කරන වචන... ලියද්දිත් ඒ විදියම තමයි ඉතින්... පුළුවන් තරම් පරීක්ෂාකාරීව ලියන්න මාත් උත්සහ කරන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්තටම හොඳ දෙයක් අනූ.කුණු හරප ලියලා අන්තිමට අපි අඳුරන කෙන්ක්ට හරි බ්ලොග් එක පෙන්වන්නේ කොහොමද?.,

      Delete
  35. මගේ බ්ලොග් එක මගේ දුව පවා බලනවා. නුබේ අදහස හා එකඟයි මම ගුඟ වෙලාවට අදාල නැති කෙමෙන්ටු මකනවා. ඒත් මොඩරේට් දාලා නෑ

    ReplyDelete
    Replies
    1. මාත් එහෙමයි අයියා.ඕන කෙනෙක්ට කොමන්ට් කරන්න දීලා තියෙන්නේ හැබැයි මට නැතුව වෙන කාටහරි කුණුහරප භාවිතයෙන් අපහාස කරලා නම් මම ඒවා ඉවත් කරනවා.

      Delete
  36. ඇත්ත වචන භාවිතය ගැන බ්ලොග් කරුවන් පමණක් නොව අදහස් දක්වන්නන්ද සැලකිළිමත් විය යුතුය. බ්ලොග් කළාව කඩමන්ඩියක් නොව වේදිකාවකි....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝදරි එකඟ වුනාට.ඒත් සමහර අයට කොහොම කිව්වත් පිළිගන්නේ නැහැ මේක.

      Delete
  37. මට තාම ඇනෝ කොමෙන්ට් මකන්න වෙලා නෑ... අනේ මංද වැඩිය මගේ බොගිය නොදන්න නිසා වෙන්න ඇති..
    ඒත් සංහිඳ බ්ලොග් එකේ සියල්ලම වැටෙන්නෙ අනෝ කොමෙන්ට් උනාට ඒකත් තවමත් නරක එක කොමෙන්ට් එකක්වත් වැටුනෙ නෑ... (දැං ඉඳන් වැටෙයිද දන්නෙ නෑ)

    ReplyDelete
    Replies
    1. උඹේ බ්ලොගේ සින්ඩි වලට දාලද තියෙන්නේ?.කාට හරි බැනලා පෝස්ට් එකක් දාපන් කුණුහබ්බ කොමන්ට් වැටෙයි හෝ ගාලා. :)

      Delete
  38. මට තේරෙන්නේ නැහැ, ඇයි මෙ තරම් මරා ගන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. ඔයා බබා ! මං බේබි !

      Delete
    2. @අයිලාස්
      මිනිස්සු විවිධාකාරයිනේ සහෝ :)

      Delete
  39. පුක කියන්නේ කුණුහරුපයක් නෙමේ.

    මෙන්න සාක්කි....

    http://kathandara.blogspot.com/2011/04/is-puka-four-letter-word.html

    ReplyDelete
    Replies
    1. ඔව් උගත් මිනිසුන් කියන ඒවාත් අපි අහන්න එපැයි.

      Delete
  40. සියල්ල කාලීනයි, සාපේක්ෂයි කියන තැන තමයි මම ඉන්නේ. කාලීනව පුක කුනුහරපයකි/කාලීනව පුක කුණුහරපයක් නොවේ. මම අහලා තියනවා බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව ඉස්සර 'කුරුල්ලා' කිවුවේ පුරුෂ ලිංගය සඳහා අපි භාවිත කරන ප... කියන වචනයේ තේරුමෙන් කියලා. කාලීන සමාජය තමයි වචනවල සභ්‍ය/අසභ්‍ය බව සම්මත කරගන්නේ. හැබැයි පුක වැනි වචන නොයොදා අවශ්‍ය අර්ථය ගැනීමට ඕනේ තරම් වචන තිබෙනවා. අහේතුවකට අපේ වාග්මාලාව දුර්වලයි.

    නිර්නාමිකයන් අසභ්‍ය වචන ලියන්නේ බොරු මහන්තත්වයක් අටවාගන්න බව පැහැදිලියි. සමහර නිර්නාමිකයන් ඉතා අගනා අදහස් සභ්‍ය භාෂාවෙන් ලියනවා. එවැනි අයට කිසියම් ඉඩක් ලබාදිය යුතුයි. මමනම් එහෙම කරනවා. නමුත් මෑතක සිට අසභ්‍ය අශික්ෂිත නිර්නාමිකයන් වැඩිවී තිබෙනවා. හුදු ඊර්ෂ්‍යාව පදනම් කරගෙන ඔවුන් එසේ කරන බවයි මගේ හැඟීම.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. පුක කාලීනව කුණුහරපයක් නෙවේ එහෙත් එහි සබ්‍යත්වය ගැබ් නොවීම ගැටළුවක්.නිර්නාමිකයන් ඇත්තේ ගූගල් හෝ වෙනත් එකවුන්ට් එකක් නැත්තම් පමණි එහෙත් අවාසනාවකට අද එකවුන්ට තියෙන අයද එය බාවිතා කරන්නේ කාගේ හරි ප්‍රශ්නයක් හාරලා අවුස්සලා නිළ මැස්සෙක් වගේ අප්‍රසන්න හැඟීමක් ඇති කරනවා.

      Delete
  41. හොඳ සටහනක්. ඒ වගේ ම 100%ක් ඔබත් එක්ක එකඟයි. වචන කියන්නේ තමන් ගැන කැඩපතක් වගේ. ඒවා වැරදි විදියට පාවිච්චි කළොත් ප්‍රතිරූපය බිඳිලා යනවා සැණින්. මමත් ඇනෝ පහසුකම තිබිය යුතුයි කියලා හිතන කෙනෙක්, හැබැයි පිහිය පාවිච්චි කරන්න ඕන හැමවෙලේ ම කාටහරි ඇනලා රිද්දන්න නෙවෙයි කියන එක විශ්වාස කරනවා. (y)

    ReplyDelete
    Replies
    1. හරියටම ලිපියේ අන්තර්ගතය තේරුම් ගත්තට ස්තුතියි සහෝ!

      Delete
  42. ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

    ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

    ස්තූතියි,

    මම ඔබේ හිතවත් අභීත

    ReplyDelete
  43. හප්පේ පහලට පහලට ස්ක්‍රෝල් කරගෙන (කමෙන්ස් කියව කියව) පහලටම ආවම ඒ ඒ ස්තාන වලට දැමිය යුතුයි කියලා හිතුන අදහස් පලනොකරගෙන් ආවේ බොහොම අමාරැවේන්....(ඒ අපේ නිශාන් ෆෙරෙඩාගේ බොලොග කැතවෙන නිසා.!)
    මගේ අදහස නම් ඇනෝලත් ඉන්න අවශ්‍යයි..(මොකද උන්ට අර කිව්වත් වගේ ගූගල් එකවුව්ට් එකක් හදාගෙන ස්තීරවම යම් විචාරයක් ඉදිරි පත් කිරීමට) නොහැකිව්වත්, ඔවුන්ගෙනුත් යම් වැදටත් පණිවුඩ අපට ලැබේ යන්නයි මගේ හැගීම. (මොකද ඔවන් නිර්නාමිකව අදහස් පල කරන විට ඔවුන්ගේ සෘජු අවංක අදහස් ඔවුන් පල කිරීමට ඇති දුර්වල පෞර්ශත්වය නිසයි.., ඒ එවිට ඔවන් නිතරම සුරක්ෂිතයි ඔව්නට හැගෙන නිසායි)

    ReplyDelete
    Replies
    1. යා ඇනෝලත් ඉන්න අවශ්‍යයි ඒකනේ මන් ඇනෝ ඇරලා තියෙන්නේ.හැම ඇනෝම එක වගේ නැහැ.එකවුන්ට් නැති අයට අදහස් දක්වන්න හොඳම ක්‍රමය ඒක.

      Delete
  44. සත්‍ය කතාවක්.....
    සුබ පැතුම් සහෝ..

    ReplyDelete
  45. කොමෙන්ට් වලට දෙන්න උත්තර නම් ගොඩක් තිබුනත් මොනවත් කියන්නතිව මෙතනට එනකන්ම කියවගෙන ආවා. හැම දේම තම තම නැණ පමණින් තමා. කොහොම උනත් නිශාන් එක්ක මමත් එකඟයි. සිංහල භාශාවේ ලියන්න සහ කතා කරන්න ක්‍රම දෙකක් තියෙන්නේ ඇයි කියලා හිතුවොත් හැමෝටම තේරෙයි. සිංහල බොහො දෙවල් ව්‍යංගයෙන් කියන්න පුළුවන් බාසාවක් නිසා ඇයි ඒ දේවල් බාවිතා නොකර අනිත් හැමෝම ලියන නිසා මමත් ලියනවා කියලා හිතාගෙන ලියන්නේ. කුඩල්ලෝ මෙට්ටේ තියන්න බැ වගේම සිංහයෝ තණකොළ කන්නේ නැ.

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ කෙනෙක් හිතුවොත් තමාගේ වචනයෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්!

      Delete
  46. කුනුහරප හෝ වෙනත් අසික්කිත යයි සම්මත වචන බ්ලොග් පෝස්ට් වලට යොදාගනිද්දී ඒවා පිලිවෙලකට කලාම හරි. උදාහරනයක් විදියට මාතලං හෙඩිමට 13+, 16+ වගේ ඩිස්ක්ලෙයිමර් දැමීම.
    පවුලේ හැමෝම එකට ඉදං බ්ලොග් කියවන නිසා පුක වගේ වචන (උඹට අන්ව අසික්කිත, ඒත් මට එහෙම නැති) යෙදීමෙන් වැලකීම වගේ කතානං තේරුමක් නෑ මචං. මොකද බ්ලොගර් කෙනෙක් විදියට උඹ දන්නව මේ සයිබර් අවකාශය මිසක් මුතුහර ළමා සමාජය නෙමේ කියල

    ReplyDelete
    Replies
    1. මම පුක විතරක් සඳහන් කරේ උපමාවකට,ඒත් එහෙම බැහැයිම නම් මොනා කරන්නද!

      Delete
  47. බල්ලගෙ පුකේ සාදාචාරේ..... ඉස්සෙල්ල බ්ලොග් කියන්නේ මොකද්ද කියල හරියට තේරුම් ගනින් මචන්.

    ReplyDelete
    Replies
    1. හරි මචන් උඹ කියන්නේ බ්ලොග් කිව්වම සදාචාරයක් අවශ්‍ය නැති ඕන කුණක් ලියන්න පුළුවන් තැනක් කියලද? එහෙම හිතනවා නම් ඒ කෙනාට තමාගේ ලිවිම ගැන කිසිම බාධකයක් නැහැ.

      Delete
  48. පං මල්ලේ සුමනදාස5/3/13, 2:34 PM

    බ්ලොග් අවකාසේ කියන්නෙ මොකක්ද? බබාලන්තෙද? පුක කියන වචනේ දැකලා බබාලා නරක් වෙයිද?
    අනේ බං උඹ කවුද අනික් උන්ට බ්ලොග් ලියන්න කියල දෙන්න. උං උංට ඕන දේ උංගේ බ්ලොග්වල ලියයි. උඹට එපානම් කියවන්නැතුව හිටපන්. බනින්න ඕනෙනම් ඒතැන් වල උන්‍ට බැනපන්. මේහෙම බ්ලොග්වල සුචරිතවාදී බබා පාට් නොදා. මල් බ්ලොග් ලියන කපටි හැත්ත නම් උඹ කියන දේවල් වලට එහෙයි කියලා ඔළුව වනයි. බලන් ගියාම දන්න කබ්බෝ හොදයි මුන්ට වඩා. මේ වගේ ගොන්නුට දාන්න නම් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ ඒක ඇත්ත මම කවුද කාටවත් ලියන විදිය කියන්න? මම එහෙම දෙයක් අදහස් කරේ නැහැ මේ ලිපියෙන්.මම කිව්වේ මගේ අදහස විතරයි ඒ වගේම ඒකට විරුද්ද වෙන්න අයිතියත් ඔයාට තියෙනවා.

      අනික මට කාටහරි කියන්න දෙයක් තියෙනවා නම් මම ඒ තැන්වලදී ඒවා කියනවා තමා!

      Delete
  49. නිකං ඉන්ටර්නෙට් එකේ අකුරු කොටන්න පුළුවන් උන පලියට ගොන් ටෝක්ස් නොදී පොතක් පතක් කියෝපන්. බලපන් සාහිත්‍ය පොත්පත් වල ඔය වචන නැද්ද කියලා. එක අතකින් හැමෝටම බ්ලොග් ලියන්න පුළුවන් නම් හොදයි. අපි අතරෙ ඉන්න බූරුවෝ අදුර ගන්න ලේසියි මේ නිසා.

    ReplyDelete
  50. බ්ලොග් එකක් ලියන කෙනාට ඕන කුනු හරුපයක් ලියන්න පුලුවන් අකමැති නම් අනිත් අය නොබල ඉන්න කියන මතයට නම් මම එකඟ නෑ. (මං මෝඩ හින්ද වෙන්නැති මට එහෙම හිතෙන්නෙ. ) ඒක හරියට පාසලක් ලඟ මම හෙලුවෙන් ඉඳන් මට ඕන හින්දයි මම ඉන්නෙ. අකමැති අය අහක බලන් යන්න කියනව වගේ කතාවක්. හෙලුව මගෙ උනාට මම ඉන්නෙ සමාජයක නේද?

    හැබැයි සමහර ලිපිවලට අවස්තානුකූලව ඒ වගේ වචනයක් හෝ ඊටත් වඩා අසභ්ය වචනයක් උචිත වෙන්න පුලුවන්. නමුත් පුරුද්දක් ලෙස දිගටම ඒ වගේ වචන පාවිච්චිය නම් හොඳයි කියා මම සිතන්නෙ නෑ. මේ මගේ මතයයි.

    ReplyDelete
  51. කොටසක් අඩුවෙන් පබ්ලිශ් වෙලා

    ඔබේ අදහසට මාත් එකඟයි.පුක කියන වචනය අසභ්ය වචනයක් නෙවේ කට වහරෙදි. මොකද අපි ඒ වචනය බොහෝ දුරට පාවිච්චි කරන්නෙ අපේ ගෙදර හෝ ගොඩක් කුලුපග අය අතරෙදි. නමුත් අපේ ‍රැකියා ස්තානයෙදි අපේ බොස් එක්ක ඒ වචනය යොදන්නෙ නෑ.

    බ්ලොග් එකක් ලියන කෙනාට ඕන කුනු හරුපයක් ලියන්න පුලුවන් අකමැති නම් අනිත් අය නොබල ඉන්න කියන මතයට නම් මම එකඟ නෑ. (මං මෝඩ හින්ද වෙන්නැති මට එහෙම හිතෙන්නෙ. ) ඒක හරියට පාසලක් ලඟ මම හෙලුවෙන් ඉඳන් මට ඕන හින්දයි මම ඉන්නෙ. අකමැති අය අහක බලන් යන්න කියනව වගේ කතාවක්. හෙලුව මගෙ උනාට මම ඉන්නෙ සමාජයක නේද?

    හැබැයි සමහර ලිපිවලට අවස්තානුකූලව ඒ වගේ වචනයක් හෝ ඊටත් වඩා අසභ්ය වචනයක් උචිත වෙන්න පුලුවන්. නමුත් පුරුද්දක් ලෙස දිගටම ඒ වගේ වචන පාවිච්චිය නම් හොඳයි කියා මම සිතන්නෙ නෑ. මේ මගේ මතයයි.

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!