Wednesday, April 17, 2013

66 කැවුමේ තිබ්බ විශේෂ දේ!!!!

මේ අවුරුදු දවස් වල ලංකාවේ හැමෝටම නම් කොයි මුල්ලක හිටියත් කැවුමක් නම් ඉතින් හම්බ වෙනවමනේ කන්ඩ.අපිටත් ඉතින් හම්බුන කැවුම් කොකිස් ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕන නැහැනේ!!

සික්ස් පැක් වලට මහන්සි වෙන නිසා මම නම් කැවුම් වැඩිය කෑවේ නැහැ මම කෑවෙම කොකිසුයි කේකුයි :)
ඒත් අද කොන්ඩ කැවුමක් අතට ගත්තා කන්න.මේ කැවුම අතට අරන් බලද්දී මගේ සිතුවිලි මෙව්වා එක හෙන ඈතට යන්න ගත්තා ඔව් ඒ මගේ පොඩි කාලේ.

මම හතර වසරේදී පෝතක බාලදක්ෂ කණ්ඩායමට බැඳුනා ඉස්කෝලෙදි.අපිට හිටියා ආකේලා කෙනෙක් ඔව් අක්කා කෙනෙක්.එතකොට බාලදක්ෂ ව්‍යාපාරය අපේ ඉස්කෝලේ ගොඩ නැගුවේ මනෝජ් සිල්වා කියලා සර් කෙනෙක්.අපි ක්‍රියා කාරකම් වගේ දේවල් කරේ ඉස්කෝලේ ඇතුලේමයි.ඒත් දවසක් මනෝජ් සර් කිව්වා පොඩි ට්‍රිප් එකක් යන් කියලා.

ට්‍රිප් එක තමයි
බෝපිටිය බීච් එකේ නාන්න!
සර් අපිව ගොඩක් ප්‍රවේසම් තැනකට තමා එක්කන් ගියේ ගල්වලින් වටවෙච්ච තැනක්.ඊට කලින් අපි ගියේ ඒ හරියේ සර් අඳුරන ගේකට.ගෙදරට ගිහින් කෑම කාලා නාන්න කොට කලිසම් ඇඳගෙන එද්දී ඒ ගෙදර නැන්දා අපිට කැවුම් මල්ලක් දුන්නා.අපි පොඩි කොල්ලෝ 15කුයි සර්යි ආකේලයි.මේ නැන්දගේ කටේ දතක් තිබ්බා ටිකක් ඉස්සරහට ඇවිත්.ඒ දවස් වලත් අපි පොඩියි කියලා නැහැ සර්ට හොරෙන් ඒ නැන්දගේ දත ගැන එක එක ඒවා කිය කිය අපි හිනා වේවි ආවේ.ඒ ගෙදර ඉඳන් වැල්ල පේන දුර.

ගිය ගමන් මඩ කරියෝ වගේ නාන්න පටන් ගත්තා ඊට පස්සේ සර් දර වගයක් ගොඩ ගහලා තෙල් දාලා දාලා ඇවිලුවා.(හවස හයට විතර) ඊට පස්සේ ඒක ගිනි මැලයක් වුනා.අපි කට්ටියවම ගිනිමැලය වටේ ඉන්දවලා සින්දු කිව්වා.ඔන්න ඔය වෙලේදී ආකෙලා කැවුම් මල්ල බෙදුවා!

කට්ටියම නාලා සීතලේ ගිනිමැලේට කිට්ටු වෙලා කැවුම් කනවා.එක පාරට මට කැවුම කද්දී ටකස් ගාලා මොනවා හරි හැපුණා.මම හිමිට මේ ටකස් ගාපු වස්තුව කටෙන් එලියට ගත්තා.මොකක්ද තිබ්බේ??

දතක්!!!

දත අතට අරන් ඒ දතක්මද කියලා බැලුවා ඔව් දතක්!!

මේ කැවුමේ දතක් ඊයා!!!! කියලා මම සූටි කටෙන් කට්ටියටම කිව්වා.ටික වෙලාවකින් සමහරු බොවෑ.....ක් බොවෑ.....ක් සමහරු කට තියෙන කැවුම් කෑලි විසික් කරලා කට හෝදනවා!.මනෝජ් සර්ත් කැවුම විසික් කරා.ඔක්කොටම කලින් එයා දත බැලුවා.දතක්මයි කියලා තහවුරු කරගෙන තමා එයාගේ කකා හිටිය කැවුමත් විසික් කරේ.මේ අතරේ පොඩි උන් කතා වුනේ අර කැවුම් දුන්න නැන්දගේ දික්වුනු දතේ අනිත් එක වෙන්න ඇති කියලා.

කොහොම හරි මනෝජ් සර් අපිට කිව්වා මේ ගැන කාටවත් කියන්න එපා කියලා.අඩුම තරමේ නැන්දටවත් ඉස්කෝලෙදි වෙන කාටවත් වත්!

ඊට පස්සේ අපි එදා එහෙන් ආවා.සර්ගේ වෑන් එහෙකින් තමා ට්‍රාන්ස්පෝට්! ඔය එන අතරේ මගේ දිව කට ඇතුලේ එක තැනක් හිඩැසක් තියෙනවා කියලා හොයාගත්තා.ටික වෙලාවක් යද්දීනේ මීටර් වුනේ!!!

මගේ හක්කේ තිබ්බා පොඩ්ඩක් විතර හෙල්ලි හෙල්ලි තිබ්බ දතක්.අන්න ඒ දත කැවුම් කද්දී කිසිම වේදනාවකින් තොරවම ගැලවිලා.

ඕක ඉතින් මම කාටවත් කියන්න ගියේ නැහැ සද්ද නැතුව වෙච්චි දේ ඒ විදියටම හිතාගන්න ඉඩ තියලා නිශ්ශබ්දව හිටියා!



66 comments:

  1. අයියෝ සල්ලි,, බොට අල්ලන් ගහන්න එපැයි.. :/

    ReplyDelete
    Replies
    1. මන් පොඩි එකාට ගහලා හරියනවද බොල ? මම මොනා කරන්නද? :D

      Delete
    2. මදැයි හෙහ් හෙහ්

      Delete
  2. හයියූ වෙලා තියෙන නස්පැත්තිය ... මට කියවගෙන යද්දී ලාවට වගේ හිතුනා මෙහෙම වෙන්නත් ඇති කියලා :)

    ReplyDelete
    Replies
    1. හයියු ද කියලත් අහනවා :D

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මොකෝ කොමන්ට් එක ඩිලීට් කරේ?

      Delete
  3. :o හරි මගෝඩිස්තුමෙක් නේද ඉස්සර? :D

    ReplyDelete
    Replies
    1. දැනටත් එහෙම තමා :D

      Delete
  4. උඹ වගේම සෙට් එකක් නේ අනික් උනුත්..

    ReplyDelete
    Replies
    1. එකම ඉස්කෝලේ ඉගෙනගත්තු වුන්නේ :)

      Delete
  5. පවු යකෝ කැවුං නැන්දා.....

    ReplyDelete
    Replies
    1. ඔව් බන් පස්සේ මටත් දුක හිතුනා :D

      Delete
  6. හපොයි බොල.. අපරාදෙ කැවුම් ටික..

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා මම නිසා ඔක්කොම වුන් කැවුම් විසික් කරානේ :)

      Delete
  7. බලපන් දතක් කොරපු හරියක්. :D

    ReplyDelete
  8. කැවුම් මල්ල විසික් කරාද ඉතින් ...?
    හයියෝ සල්ලි ...

    ReplyDelete
    Replies
    1. දතක් තිබ්බ කැවුම් කන්නේ කව්ද බන් :D

      Delete
  9. බලපන්! අපරාදේ කැවුම් ටික!!! ;)

    ReplyDelete
    Replies
    1. පස්සේ මටත් ඕකම හිතුනා බන් :D

      Delete
  10. හෆොයි නිශාන් කරපු වැඩ

    ඒ වෙලාවෙ වත් කියන්න එපැයි
    අර මිනිස්සු තාම අර නැන්ද ගැන වැරදියට හිතන් ඇත්තෙ

    නොකිව්ව එකත් හොඳයි
    නැත්නම් මේ කතාව කියන්න එකෙක් ඉතුරු නොවෙන්න තිබ්බ

    එහෙනම් වෙන කවුරු හරි කතාව කියල අන්තිමට කියාවි

    "ඊට පස්සෙ අපි ඌට මැරෙනකල් අල්ලන් තඩිබෑවා"
    කියල

    ReplyDelete
    Replies
    1. හැක් හැක් ඕවා කියන්න ගිහින් වෙන කාගෙන්වත් නෙවේ සර්ගෙන්ම අම්බානක කන්න වෙන්නේ! ඒ වගේද ඊටපස්සේ හැදෙන කාඩ් එක? :D

      Delete
  11. හිහ් හිහ්..

    දත අහු වෙච්ච වෙලාවේ නිකමටවත් හිතුනේ නැත්ද ඒක උඹේ දතක් කියලා?

    ReplyDelete
  12. බොලත් එක්ක ගිය කොල්ලො ටිකටවත් වැඩේ කිවුවෙ නැද්ද පස්සෙ.

    ReplyDelete
    Replies
    1. උන්ට කියනවට වඩා හොඳයි පෝස්ටරයක් ගහලා ඉස්කෝලේ හැමතැනම අලවනවා :D

      Delete
  13. අන්න බලපං ඉතිං උඹලා වගේ උණ් එක්ක කොහොමද බං ඉතිං කුඩා කර්මාන්ත දියුණු කරන්න

    ReplyDelete
    Replies
    1. මන් වගේ උන් නිසා ඒවා තවත් දියුණු වෙනවා බන්.බලපන් දැන් එදා කැවුම් වලට ආස හිතුන එකෙක් හරියට කැවුම් කන්න හම්බවුනේ නැති නිසා වෙන කොහෙන් හරි සල්ලි දීලා අරන් කන්න ඇති නේද? :P

      Delete
  14. මටනම් කතාව තේරුනා, උඹේ දතම වෙන්න ඇති කියලා. අයි බන් ඔය සර් කාරයාට දත බලද්දී තේරුනේ නැතිද එක පොඩි එකෙක්ගේ කියලා.

    ReplyDelete
    Replies
    1. සර්ටත් මීටර් වුනේ නැහැ නැත්තම් අනිවා හොයනවනේ :D

      Delete
  15. //අපේ ඉස්කෝලේ ගොඩ නැගුවේ මනෝජ් කියලා සර් කෙනෙක්//
    බලපන් මනෝජ් ලා කියන්නේ ඔය වගේ බොහොම සත්ගුණවත්,අවංක,එඩිතර,එළ පොරවල් තමයි.....:D

    ReplyDelete
    Replies
    1. ඒ සර් නම් රත්තරන් බන්!

      Delete
  16. චික් මේ වගේ එකෙක්, අර නැන්දගෙන් සර් අහන්න නැතුව ඇති නේද?

    ReplyDelete
    Replies
    1. අපේ සර් හරි අමුතුම චරිතයක් කිසිම ළමයෙක්ට හිත රිදෙන දඩුවමක් දීලා නැහැ එත් මතක හිටින විදියට ඒක වැරද්දක් කියලා හිතෙන්න නියමෙට කියලා දෙනවා තේරුම් කරලා.ඒ වගේ චරිතයක් නිසා වෙන්න ඇති නැන්දගේ හිත රිදෙයි කියලා ඒක එවෙලේම අමතක කරේ...

      Delete
  17. අපරාදේ යකෝ කැවුම් ටික

    ReplyDelete
  18. හපොයි අර මනුස්සය තාම බැනුං අහනව ඇති

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ ඒක එදාම අමතක කරන්න කිව්වා නිසා කට්ටියම ඊට පස්සේ කවදාවත් ඒ සිද්දිය මතක් කරේ නැහැ :)

      Delete
  19. හික්ස් පව් යකෝ අර නැන්ද

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් මක් කරන්නද බන්? :)

      Delete
  20. උබත් එනවද බක්මහ උළෙලට !
    උබට දෙන්නේ ඇට දෙක පුක වටේ වට දෙකක් කරකැවෙන්න. !
    ගුටි කන්න බලාගෙන වරෙං ! ඇටයා !

    ReplyDelete
    Replies
    1. මාරද කියලා ඇවිත්ම බලාගනින් ! තොපි වගේ කබ්බන්ට රෙද්දේ රෙවෙන්න ගහන්නේ !
      මතක ඇතුව ජොකා දාලා වරෙන් ! මොකද උබලට ජොකා පිටින් මහරගම ටවුමේ දුවන්න ගහන්නෙ !

      Delete
  21. නැන්දගේ 'කැවුම' රහයිද ඉතින් ?

    ReplyDelete
    Replies
    1. අපිට උවමනාවෙන් සලකපු ඒ නැන්දට මේ විදියට කතා කරන එක මට හිතට හරි නැහැ!

      Delete
  22. නොදකින් හිපාටු පැටියා!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හිපාටු පැටියා? ඇඩෝව් ග්ර්ර්ර් :D

      Delete
  23. මේක නම් සුපිරිම කතාවක් බං. මටහ් හිතුනා උඹට දෙකක් අනින්න අර කැවුම් වලට වෙච්ච අපරාදෙට. උඹලා ඔක්කොම හිතුවේ අර එලියට පැනපු දත සෙට් එකක් හැටියට එන්න ඕනෙ කියලා නේ? :D LOL!

    ReplyDelete
    Replies
    1. ඔව් කට්ටියම හිතුවේ නැන්දගේ අර දතේම එකක් වෙන්න ඇති කියලා :D

      Delete
  24. අයියෝ සල්ලි...:)

    ReplyDelete
  25. පොඩි කාලෙ ඉදලම ඔය ගති තිබිල තියනව නේද ඔයාට....................හික්ස්.........

    ReplyDelete
    Replies
    1. උපන් ගති මොනා කරලවත් අරින්න බෑ නේ සිත්තමි.

      Delete
    2. ඒකනේ පොඩි කාලේ ඉඳන්ම නට් කේස් හිහි

      Delete
  26. අපරාදෙ ඒකෙන් උනේ ලෙනෙකුට දතක් නැති වෙච්ච එක..

    මොකාද බන් ආකෙලා කියන්නෙ ?

    ReplyDelete
    Replies
    1. කෘන්තක දත් ලේන්නුන්ට වැඩක් නැහැනේ :)

      ආකේලා කියන්නේ පෝතක බාලදක්ෂයින්ව හුරු කරවන අයට.අපිට සෙට් වුනේ අක්කෙක්ව!

      පෝතක බාලදක්ෂ කියන්නේ බාලදක්ෂයින්ගේ පොඩි උන්ටද කොහෙද :)

      Delete
  27. අනිත් එවුන් දැනගත්තා නම් දත් වහල්ලම හලාගන්න තිබුනා

    ReplyDelete
    Replies
    1. හිකිස්
      ඔව් මතක් වෙද්දීත් දුක හිතෙනවා!

      Delete
  28. පව් අප්පා කැවුම්

    ReplyDelete
    Replies
    1. මම පව් නැද්ද? හික්ස්

      Delete
  29. මටත් ඔහොම එකක් වුණා. 1998. මම එතකොට 8 වසරේ. අපි කටු ගේ බලන්න ට්‍රිප් එකක් ආවා. ඒ ඇවිත් ස්වභාව විද්‍යා කටු ගේ ළඟ (දැන් වගේ නෙවෙයි. ඒ පැත්තෙන් වාහන ඇතුල් කරනන් බෑ. යුද්ධ කාලෙනේ.) අයිස් ක්‍රීම් අන්කල් කෙනෙක් හිටියා. අපි ඔක්කොම අයිස් කෝන් ගත්තා. මෙන්න කකා ඉද්දී එක පාරටම මගේ අයිස් එකේ ලේ. මම කා ගැහුවා. මෙන්න බොලේ තත්පර ගානකින් කැට ඇතුලේ මොකක්ද හයිය එකක් තියනවා. බලද්දී දතක්. ඊට පස්සේ ඒක ස්වභාව විද්‍යා කෞතුකාගාරේ වහලෙට විසි කරලා ගෙදර ආවා. ඔන්න ගියොත් එහෙම බලන්න. මගේ දතකුත් ඇති.

    ReplyDelete
    Replies
    1. අයියෝ සල්ලි :)
      ඒ වුනාට බලන්න අයියා මගේ දත ගැලවුනේ හයිය කැවුමක් කන්න ගිහින් ඒත් අයියගේ දත අයිස්ක්‍රීම් එකක් කෑවත් ගැලවිලා.ඒකෙන් එන්න පුළුවන් නිගමනය මොකක්ද? ප්‍රදීප් අයියගේ දත් හයිය නැහැ :D

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!