Wednesday, April 10, 2013

70 ලර්නස් කතා

මඩිස්ස කියවන ඇත්තෝ නම් දන්නවනේ මං තුමා මේ දවස් වල ලර්නස් පැත්තේ බඩ ගානවා කියලා.මුලින් මුලින් ලර්න් කරන අංකල් කාරයා බැන බැන කියලා දුන්නත් දැන් මට හෙන ආදරෙයි O:-) .

දැන් මං තුමා ඩ්‍රයිවින් කරන වැඩේ අල්ලාගෙන නිසා වෑන් එක දුන්නම එලවාගෙන යනවා ආයේ වචනයක් අහන්න තියන්නේ නැහැ.ඒත් මම ගොඩක් අපහසුතාවයකට ලක් වෙන වෙලාව තමා ඒ අංකල් කාරයාගේ තරුණ වයිෆ් තුමිය ලර්න් කරන එක.ඒ ඇත්තිත් රියදුරු පුහුනුකාරියක්.

ඉස්සරහා සීට් එකේ ගෑණු පරානයක් දාගෙන එලවද්දී මට නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ අෆ්ෆා 8-} දකින මිනිස්සු මොනා හිතයිද අනික? ඒත් ඉතින් ඒ අක්කට පිටි පස්සට යන්නැයි කියන්න ඈ.කොහොම හරි මගේ මේ ලර්නස් ගමනෙන් මං තුමා හිතුවා ඔය තුමාලටත් සේවයක් කරන්න.දැන් ඔය නෝනලා මහත්වරු ඩ්‍රයිවින් කරාට ලයිසොම තිබ්බට හා කියන්න බලන්න මාර්ග නීති මතකද කියලා?.බෝඩ් වල ඒවා නම් නිතර නිතර දැකලම මතක ඇති ඒත් පොතේ තියෙන ඒවා නම් අමතක ඇති.

පොතේ තියෙන ඒවා මට දැන් කියලා දීලා තියෙන්නේ හැබැයි ඉතින් පහු පහු වෙද්දී මං තුමත් කාර් බෑයක් ගත්ත කාලෙක මටත් ඕවා අමතක වුනොත් එහෙම කියලා තමා මම මේක ලියලා තියන්නේ.

දන්නවද නිල් පාට බෝඩ් එකේ රතු ඉර කපලා තියෙන සංඥාවෙන් කියන්නේ එතන වාහන නවත්වන්න තහනම් කියලා.ඒත් බෝඩ් නොගහපු නවත්වන්න තහනම් තැනුත් තියෙනවා.ඒවා තමා

කාගේ හරි ගේට්ටුවක් ඉස්සරහ - ගේට්ටුව අයිති කාරයට පුළුවන්ලු වාහන හිමියාට නඩු දාන්න.

එතකොට කහ ඉර උඩ

අතුරු පාරවල් ඉස්සරහා

බස් ස්ටෑන්ඩ් ඉස්සරහ(බස් ඇර)

අනිත් එක තමා බෝක්කු උඩ!!

ඔන්න ඔය වගේ තැන්වල වාහනේ නවත්වන්න තහනම්.එතකොට හෝන් ගහන්න තහනම් උසාවි තියෙන හරියවල.ඒක හැමෝම දන්නවනේ ඒත් දන්නවද පාර පනින හරකුන්ට හෝන් ගැසීම නීතියෙන් වැරද්දක් කියලා?.

ගොඩක් අය හෝන් එක නම් ගහනවා පාරේ හරක් ඉද්දි.ඒත් හරකුන්ට හෝන් ගැහුවට උන් අයින් වෙන්නේ නැහැල්ලු.ඒකෙන් ශබ්ද දූෂණය වෙනවලු නිකරුනේ හෝන් ගැහීම නිසා.

මෙහෙම හිටියත් හොර්න් ගහලා නම් වැඩක් නැහැ!
තව දෙයක් තමා රියදුරන්ට වැදගත් වෙන!
එල් බෝඩ් එක ගහලා තියෙන වාහන වලට හෝන් ගහන්න තහනම්!.ඒකටත් මොකක්ද මන්දා රෙගුලාසියක් තියෙනවා.යහපත් රියදුරු පුහුණුකරුවෙක් නම් පිටි පස්සේ ඉන්න වාහනකරුගේ කාලය ගැන හිතලා එයාට යන්න ඉඩ හදලා දෙනවා කොහොම හරි,ඒත් අපි තමා රියදුරන් බිහි කරන්නේ අපි ගුරුවරු කියලා හිතන් ඔලුව උදුම්මවගත්ත රියදුරු පුහුණුකරුවෝ නම් පිටිපස්සෙන් වාහන පෝලිමක් තිබ්බත් ගණන් වත් ගන්නේ නැහැ නීතියේ වරප්‍රසාද නිසා!



හෑන්ඩ් සිග්නල් මතකද? දැන් කව්රුවත් ඕවා දාන්නේ නැහැනේ.ඒත් ට්‍රයල් බලද්දී අනිවාර්යෙන්ම ඕවා බලනවලු.
දකුණට හරවනවා හරි දකුණෙන් ඉස්සර කරනවා නම් හරි අත එකපාරක් එලියට දාලා ගන්න ඕන.

වමට හරවනවා නම් අත එලියට දාලා තුන් පාරක් ඉස්සරහට කරකවන්න ඕන.

යනින් ගමන් පාර අයිනේ නතර කරනවා නම් අත එලියට දාලා තුන්පාරක් උඩට පහලට දාන්න ඕන.

ලර්නස් එකේදී අපි වගේ පරිනත වෙච්ච කට්ටිය වුනත් දැනටත් හරියට කරේ නැත්තම් බැනුම් අහගන්න වෙන්නේ.මාර්ග සංඥා බෝඩ් ගැන නම් කියන්න ඕන නැහැනේ?

ඒත් ඒවත් මතක තියාගන්න ලේසි ක්‍රමයක් තමා වර්ණ!

කහපාට පසුබිමේ සංඥා වලින් කියවෙන්නේ ඉදිරියෙන් කරන්න ඕන ඒවා.
නිල් පාට පසුබිමේ තියෙන සංඥා වලින් කියන්නේ එම ස්ථානයේදී ක්‍රියාත්මක කරන/කෙරෙන දේවල්.

මේවායින් කියන්නේ අනිවාර්‍ය කෙරිය යුතු  දේවල්!


ඔච්චර තමා තියෙන්නේ.එක්සෑම් එකනම් මාරම ලේසියි! ලකුණු හතළිහෙන් තිස් පහයි ගන්න ඕන.මම නම් හතලිහම අරන් කියලා තමා ලර්නස් එකෙන් කිව්වේ හැබැයි ඔච්චර සිම්පල් වෙලත් සමහරු ඕකත් ෆේල්. 

මට ට්‍රයල් තියෙන්නේ මේ මාසේ 30!




70 comments:

  1. මේක නම් හොඳයි කොල්ලෝ.. කොහොමත් ඩ්‍රයිව් කරන අයට මේවා මතක් ( තිබුනන් නැති ගානටනේ ) වෙන්නේ නැති නිසා සපෝට් එකට අපි වත් දැනං හිටියොත් හොඳා...

    හැබැයි මේවා කියලා දෙන්න ගිහින් ... ඔන්න එහෙනං බැහැලා බස් එකේ එනවා.. කියලා අහගන්න වෙයිද දන් නෑ.... හි හි..

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් අක්කා ඔයා මේවා දැනන් හිටියත් අයියට කියන්න නම් යන්න එපා.කොහොමත් ඩ්‍රයිවින් කරද්දී කව්රු හරි ඩ්‍රයිවින් ගැන කියවද්දී එපා වෙනවා :)

      Delete
  2. උඹට කියන්න...

    අපිට ට්‍රයල් දවසේ රිවස් එක ගත්තෙත් නෑ බං. පට්ට ආතල්...මම බයේ හිටියේ ක්ලච් බැලන්ස් එක ටෙස්ට් කරන්න තැනක් සෙට් වෙයි කියලා. වෙලාවට ආවේ නෑ. තාම මට ඔය රෙද්ද මිස් වෙලා හිටිනවා බං.

    ඔටෝ එලෝන හින්දම හොදා ඉතින් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මට නම් දැන් හොඳටම ඩ්‍රයිවින් නම් පුළුවන් බන් ඒ ගැන අවුලක් නැහැ මට අවුල තියෙන්නේ බයික් :).කෝ ඉතින් ආසවටවත් එකෙක් ගාව බයික් එකක් නැහැනේ පැදලා බලන්න.

      Delete
  3. රමේෂා සිරිවර්ධන නැමැති අයෙක් බ්ලොග් කරුවන්ට පෞද්ගලික ප්‍රහාර එල්ල කරමින්, ඒවාට ප්‍රතිඋත්තර දෙන මාර්ග අහුරා ඇත. මෙන්න ඒ සඳහා පිළිතුරු දෙන්න ඉඩ

    රමේෂාට පිළිතුරු

    ReplyDelete
    Replies
    1. මම කාගේවත් පුද්ගලික දේවල් වලට ඇගිලි ගහන්නේ නැහැ සහෝ!

      Delete
    2. Perseus :
      මොකද ලිහිණි වෙන ප්‍රොෆයිල් එකකින් එන්නේ ? ඔයාගෙඔ ඔරිජිනල් එකෙන්ම එමු කෝ !!!

      Delete
  4. අනේ ලර්නස් අක්කට දෙයියංගෙම පිහිටයි... තොරතුරු ටික නං පංකාදුයි.

    ReplyDelete
    Replies
    1. ලර්නස් අක්කට එහෙම කරදරයක් වෙන්න දෙන්නේ නැහැ අයියා මම ඉන්නකම් :D

      Delete
  5. රිය පැදවීමේදී තවත් පිලිගැනීමක් තියෙනවා, හරකෙක් පාර හරහා යනවානම් හෝ පාර මැද නැවතී සිටිනවානම් කිසිම අවස්ථාවක උෟගේ ඉදිරපසින් උෟව පසුකරන්න උත්සාහ කරන්න නැතිව උගේ පසුපස පැත්තෙන් ධාවනය කරන්න කියලා. මොකද හරකා ක්ෂනිකව කලබල වෙලා ඒහෙ මෙහෙ දුවන සතෙක් නිසා. නමුත් කොපමණ කලබල වුනත් හරකා පසුපසට යන්නේ නැතිලු.

    අර B M W ඒකේ ෆොටෝ ඒක කොහොන්ද ගත්තේ.
    උෟ හරියට කාර් ඒකේ අයිති කාරයා වගේ නැගල ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කතාව මාත් අහලා තියෙනවා හරකා එහෙම වුනාට බල්ලෙක් පැන්නොත් යන්න ඕන උගේ ඉස්සරහින්මලු මොකද හරකා එහෙම වුනාට බල්ලෝ නම් ආයේ පිටි පස්සට පනිනවලු.

      bmw එකේ පින්තූරේ ගත්තේ ගූගල් වලින් සහෝ :)

      Delete
    2. බලු කටෙන්, හරක් *කෙන් කියලනේ සාමාන්‍යයෙන් ඕකට කියන්නේ :D

      Delete
  6. අයියෝ අන්නා.. බයික් 1ක් වත් පැදගන්න බැරුවද ලයිසන් ගන්න ගියේ......... අපිට නම් ලර්නස් ගානේ බඩගාන්න ඕන නෑ

    ReplyDelete
    Replies
    1. බයික් වලට විතරද සහෝ ලයිසන් ඕන? ලර්නස් ගානේ බඩගාන්න ඕන නැහැ කිව්වේ වාහන තියෙන නිසා වෙන්න ඇති.එත් අපිට නම් වාහන නැහැ සහෝ

      Delete
  7. හොඳට පුරුදු වෙලා හොඳ වාහනයක් ගනින්... සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. තව අවුරුදු දහයක් පහලවක් යද්දී අනිවා ගන්නවා :)

      Delete
  8. මටත් සෙට් උන ට්‍රයල් එක දවසේ රිවස් නෑ! හෑන්ඩ් සිග්නල් නෑ! මොකුත් නෑ! කෙලින් පාර විතරයි! වෙලාව රෑ 7යි! දොඹ සූරන වැස්ස!!!
    හැබැයි බං පාරේ යද්දී තමයි තේරෙන්නේ මේවා මීට වඩා තදේට බලන්න ඕනේ කියලා!!! එපා වෙනවනේ බං එහෙන් මෙහෙන් දාන වාහන කාරයෝ දැක්කහම!

    ReplyDelete
    Replies
    1. රෑ 7ටත් ට්‍රයල් බලනවද බන්?

      කොච්චර තදේට බැලුවත් මට නම් අවුලක් නැහැ.ඒත් බන් උන් බොරුවටත් ෆේල් කරනවලු ගානක් කඩාගන්න!

      Delete
  9. මමත් තාම ගත්තෙ නෑ බොල... යන්න නිවාඩුවක් නෑනේ... වාසනාවට තාම මාට්ටු වෙලා නෑ පොලොසියට :P

    ReplyDelete
    Replies
    1. ඉක්මනට ගනින් බන් කෝකටත් හොඳයිනේ ඕක තියෙන එක!

      Delete
  10. එල එල. ට්‍රයල් එකත් ගොඩ දා ගනින් මචෝ.

    ReplyDelete
  11. මම මේ කම්පනා කරේ නිශාන්,, මම ලයිසොන් එක අරන් දැන් අවුරුද්දක් වෙනවා,, මම ඕය සංඥා පාඩම් කොරේ නෑනේ :O විභාගෙත් ලීවා,,විභාගෙට ය්නන කලින් දවසේ පොතක් දුන්නා ඒක එක සැරයක් බලාගත්තා,, ලියලා 5 වෙනියටද කොහිද මම තමයි දුන්නෙ පේපර් එක,, දීපු ගමන් ඒ අංකල්ද සර්ද මන්දා පේපර් එක කියවලා බැලුවා මගේ මූණ දිහා,, වයස කීයද ඇහුවා.. වයස කීව ගමන් ආයේ පේපර් එක දිහා බලලා මගේ දිහත් බලලා හිනා වෙලා යන්න කීවා.. :D

    ට්‍රයල් එක දවසේ නම් ඇහුවා ඔහොමද බ්‍රේක් ගහන්නෙ කියලා.. :/ හික්ස්,,

    කෝම හරි ට්‍ර‍යල් එක ගොඩදාගන්නවා ඇ,, පරිස්සමින්,, බුදු සරණයි ඒනම්...

    ReplyDelete
    Replies
    1. සංඥා පාඩම් නොකර විභාගේ ලිව්වේ කොහොමද? ෂුවර් පගාවක් දීලා ඇති!
      ඔව් ඔව් අනිවා ට්‍රයල් නම් ගොඩ දාගන්න පුළුවනි ඒ ගැන අවුලක් නැහැ!

      Delete
  12. ට්‍රයල් එක දවසට අර අංකල්ගේ තරුණ නොනට එන්ට එපා කියපං මොකෑ උඹේ කකුල් දෙක වෙවුලුවොත් එහේම..හික්ස්

    ReplyDelete
    Replies
    1. ඒක තමා කොහොම හරි ඒ අක්කා එන එක නතර කරන්න ඕන

      හික්ස්

      Delete
  13. ට්‍රයල් එක ලේසී බන්...

    ලයිසන් එක ගත්තට පස්සෙ අමාරුම වැඩේ තමා පාරෙදි කේන්ති නොගෙන ඉන්න එක... අනිත් එවුන් කොච්චර නීති කැඩුවත් උන් වගේ නොවී ඉඳපන්...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් සහෝ පුළුවන් තරම් ඉවසිලිවන්ත වුනා නම් හරිනේ!

      Delete
  14. මම ට්‍රයල් දීපු දවසෙ වීල් එකේ හෑන්ඩ් බ්‍රේක් බාන්න අමතක වුනා. බලනකොට වීල් එක අඩි ගානක් පිටිපස්සෙ.
    වෙලාවට එක්සැමිනර් දැක්කෙ නෑ.
    :-)

    ReplyDelete
    Replies
    1. හුටා තව පොඩ්ඩෙන් ට්‍රයල් ෆේල් වෙන්න තිබ්බා!

      Delete
  15. ඔබගේ රියදුරු පුහුණුව සඳහා විමසන්න "මඩිස්සලේ ලර්නස්" .....

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් පුළුවනි දැන් ඩ්‍රයිව් කරන්න කියලා දෙන්න
      හික්ස්

      හැබැයි හප්ප ගත්තොත් වග කියනු නොලැබේ!

      Delete
  16. Mage yaluwak inawa hama wahanyaktama licence tibunta ekakwat elavana baha.
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ ලයිසන් අරගෙන් ඩ්‍රයිවින් නොකර හිටියොත් කාලයක් ඩ්‍රයිවින් අමතක වෙනවා සමහර අයට :)

      Delete
  17. ඔයාට වරදින්නෙ නෑ මල්ලි, අවුරුදු 10 ක් , 15 ක් නෙමෙයි ඊට කලි ගන්න පුලුවන් වාහනයක් බය නැතුව ඉන්නකො..

    ReplyDelete
    Replies
    1. මෙන්න කොමන්ට්
      තැන්ක්ස් අක්කා :)

      Delete
  18. දැංනං ලයිසන් ගන්න මාර කට්ටක් කන්න ඕනනෙ. අපේ කාලෙනං බස්එක ගත්ත පාර දිගට එලෝගෙන ගියා එක්සැමිනර් කාරය ලර්නස් එකේ අයිතිකාරයත් එක්ක කතාව දාගෙන යනව අන්තිමට ටැම්පරිය අතේ.

    අපේ ගේට්ටුව ඉස්සරහ වාහන නවත්තපු උං තුං හතරදෙනෙක්ම මගෙන් හොඳට අහගෙන තියෙන්නෙ දැනට. :D

    ReplyDelete
    Replies
    1. දැන් එක්සෑම් එක පාස් වෙච්ච ගමන් ටෙම්පරිය දෙනවනේ? මට හම්බ වෙලා තියෙන්නේ.ට්‍රයල් වලින් පස්සේ කෙලින්ම ලයිසන් එක එවනවාලු තැපෑලෙන්!

      දැක්කනේ ගේට්ටු ඉස්සරහා නතර කරන්න එපා කියන්නේ ඕකට තමා :)

      Delete
  19. ආ බං උබ ලැඉසොන් අරගත්තම පාරේ යන මිනිස්සුන්ට අබසරණ වෙන එකක් නැනේද..?

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ බන් මම හැප්පුවත් බෙහෙත් දාන්න එක්කන් යනවා. :D

      Delete
  20. එල් බෝඩ් එක ගහලා තියෙන වාහන වලට හෝන් ගහන්න තහනම්!//
    ඒක නං දැනගත්තෙ දැං.

    පාට ගැන මම ලයිසන් ගත්ත කාලෙ කියල දුන්නෙ අපේ ඩ්‍රයිවර් අයිය. ඒක ඊසි මෙතඩ් එකක්. අපේ මිනිස්සු හෝන් ගහනව නං වැඩියි තමයි. ඕන මගුලටයි එපා මගුලටයි හෝන්එක.

    ඈ බං. ගෑණු පරානයක් ඉස්සරහින් ඉන්නව නං කොච්චර ආතල් එකේ එලවන්න බැරිද!

    ReplyDelete
    Replies
    1. ගෑනු පරාන ඉද්ද ආතල් තමා ඒත් මෙහෙම කරන්න අරම කරන්න කියද්දී එපා වෙනවා.යනින් ගමන් වාහනෙන් තල්ලු කරන්නමයි හිතෙන්නේ එලියට :D

      Delete
    2. ඒ උනාට එල් බෝඩ් එක ගහගෙන පාර මැදම ගොලුබෙල්ලා වාගේ යනකොට මොනවද නොහිතෙන්නෙ. කිසිම කෙනෙකුට පාර මැද වාහනය පදවන්න බැහැ.මදක් වම් පැත්තට බර වෙලා යන්නයි නීතියෙන් කියල තියෙන්නෙ.

      Delete
    3. වම් පැත්තෙන් තමයි අපිත් ඩ්‍රයිව් කරන්නේ ඒත් සමහර තැන්වල පාර මැද්දේ සමහර අය වාහන නතරකරගෙන දගලනවා.ඒ වෙලාවට ලර්නර් කියන්නේ කලබල වෙන්න එපා කියලා.ඒකයි මම එහෙම කිව්වේ!

      Delete
  21. කිසිදු අවුලක් නැතිව trial එක සමත් වේවා.අර ස්ප්‍රයිට් ඇඩ් එකේ වගේ ඒ අක්කා එක්ක සතියම ප්‍රැක්ටිස් වැටේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ එත් ස්ප්‍රයිට් ඇඩ් එකේ වගේ මේ අක්කා ස්වීට් නැහැ කෑගහන්න බලාගේනමයි ඉන්නේ :)

      Delete
  22. හ් හිහ් හී. අර පේපර් තුන හොයාගනින් බන්. හැමදාම ඕකම තමා විභාගෙට එන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව් මමත් ඒ පේපර් තුන බලන් ගිහින් එක්සෑම් එක ලිව්වේ.විනාඩි පහෙන් ලියලා දීලා එලියට ආවා :D

      Delete
  23. ලයිසොම නැද්ද යකෝ ගත්තේ තවම

    ReplyDelete
  24. එයාට එහෙම ඩ්‍රයිවින් පුරුදු කරන්න ලයිසන් තියනවද ?? ඕක ආවට ගියාට කරන්න පුළුවන් රස්සාවක් නෙමේ...

    තිස්වෙනිදට සුබ පැතුම්, එකෙන්ම ගොඩ දාගනින්.

    ReplyDelete
    Replies
    1. නැහැ අයියා එයාට ලයිසන් තියෙනවා අපිට ලර්න් කරන්න නැත්තම් ඕවා කරලා අහුවුනොත් ලර්න්ස් එකත් වහන්නයි වෙන්නේ එයාලට!

      Delete
  25. ලොකු දෙයක් අර අංකල් තාම උඹව පැන්නුවේ නැති එක.. හැක්..

    ReplyDelete
    Replies
    1. මාව පන්නලා අක්කව තරහා කරගන්න තමා එයා :)

      Delete
  26. නියමයි !!!!!!!!!!!!!

    ReplyDelete
  27. ලර්නස් යන කාලේ නම් එපා උනා අන්කලයගෙන් බැනුම් අහලම.පොරට අපි බ්රේ.ක් කලත් වැරදියි නොකරත් වැරදියි.ගියර් දැම්මත් එකයි නැතත් එකයි.කුණු බැනුම් අහලම වාහන එලවිල්ල එපා කරා.හැබැයි ගෑනු පරානයක් එලවනවානම් එහෙම ක්ලච් නැතුවම ගියර් දැම්මත් මුකුත් කියන්නේ නැහැ...හිකිස්...!

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් සහෝ මන් යන එකෙත් එහෙම තමා අපි පොඩි හින්දා අපිට සැර වැඩියි.හැබැයි අපේ ලර්නස් එකේ අන්කල් කාරයා නම් ගෑනු පිරිමි කියලා නැහැ දෙගොල්ලටම එකයි ඒත් තව අයියා කෙනෙක් ඉන්නවා ඌ නම් හෙනම පැණියා අපිට විතරයි බනින්නේ.දවසක් ගෑනු ළමයෙක් වැන් එක තාප්පෙක වැද්දුවා එක වචනයක් කිව්වේ නැහැනේ!

      Delete
  28. ට්‍රයල් එකත් ඉහලින්ම පාස් වේවා...
    වාහනේ යන මග ඉදිරියට කවුරුවත් මුණ නොගැහේවා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කා :)

      Delete
  29. පාරෙ කොටු උඩ නවත්වන්ඩත් තහනම් නේද?

    ReplyDelete
    Replies
    1. යෙස් කොටු,ප්‍රමුඛතා ඉරවලින් එහාට වගේ තැන්වලත් නවත්වන්න තහනම්!

      Delete
  30. නිශාන් නම් අවුරුදු ගන්නේ නෑ නේද..? ඒත් අවුරුදු ලැබෙනවා ඇති අසල්වාසීන් ගෙන්. ඔන්න මාත් අවුරුද්දේ උඹව බලල යන්න ආවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන උඹට විතරයි මාව මතක් වුනේ!!
      අම්මෝ ඔව් අසල්වාසීන්ගෙන් නම් බරටම හම්බ වුනා :)

      Delete
  31. බොහොම හොඳ වැඩක් නිශාන් තමන් දන්න දේ බෙදා ගන්න එක.

    ඈ බං, අංකල්ගෙ වයිෆ් අක්කා නේ? :D

    තව දෙයක්. ලර්න් කියන වචනේ ඔය විදියට පාවිච්චි කරන්න බෑ නිශාන්. ඒක හදාපං. ලර්න් කියන්නේ ඉගෙනගන්නවා මිසක් උගන්නනවා නෙවෙයි. ලර්න් කරන අංකල් කාරයා කිව්වාම අදහස විකෘති වෙනවා. ඊට පාතිනුත් එහෙම යෙදිලා තිබ්බා කීප වතාවක්ම. උඹ බලලා හදාපංකො.


    උඹටත් පවුලේ සැමටත් සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සර් වැරැද්ද පෙන්නලා දුන්නට!සර්ටත් සර්ගේ පවුලේ සැමටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!

      Delete
  32. එසේම වේවා අයියේ!!

    ReplyDelete
  33. eththatama vibhage pas una gamamma den temppery eka denawada

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!