Friday, April 26, 2013

104 සිහින උළෙලේ බනිස් කෑමේ සූරයා!

සිහින උළෙල ඉවර වෙලා අදට දවස් හයක් හතක් වෙනවා ඒත් තාම උණුසුම නම් ගිහින් නැහැ.මඩ ෆොටෝ හැමතැනම ඒ වගේමයි බ්ලොග් පෝස්ට් ටිකත්! ඒත් මට තාම හරියට පෝස්ට් එකක් ලියන්න බැරි වුනා ෆෙස්ටිවල් එක ගැන! මොකද මඩිස්ස ප්‍රසිද්දත් මඩ ඉසින්න කියලා දෙතුන් දෙනෙක් කියනවනේ.ඒත් වැඩේ කියන්නේ මට මඩ ටිකක් හොයාගන්න බැරි වුනා!

මේ පාරත් ෆෙස්ටිවල් එකට නොයා ඉන්න තමා හැදුවේ වැඩක් නිසා ඒත් අන්තිම මොහොත වෙනකම් උත්සාහය අත් හැරියේ නැහැ.ශම්මි,සමියා (මුදියා),සුදු මහත්තයා වගේ සමකාලින බ්ලොග් ලියන්නෝ යනවද ඇහුවම මට නොයා ඉන්න බැරි වුනා.කොහොම හරි අන්තිමට යන්න අවසරය අරගෙන මංජුල අයියාගෙන් ඇහුවා යනවද කියලා(අටම්පහුර). එදා ගම්පහ
එකේදිත් මිනිහා මාව හලලා චමියා එක්ක ගියා.මේ පාරත් ඉතින් අහලා බැලුවම කිව්වේ සෑමා එක්ක යන්නේ උගෙන් අහලා කියන්නම් කියලා.

කොහොම හරි ආයේ කෝල් එකක් ආවා හරි හරි සෑමා එක්කන් යන්නම් කිව්වා උඹ වරෙන් ස්ටේෂමට හතාමාර වෙද්දී කැළණියෙන් අපි සෑමට සෙට් වෙමු කියලා.කිව්වා වගේම උදේ ස්ටේෂමට ගිහින් හිටියා මංජුල අයියා නැහැ.කෝල් එකක් දුන්නම විනාඩි දහයෙන් එනවා ඔහොම හිටහන් කිව්ව නිසා මම ගියා බීම එකක් බොන්න.බීම එක ඕඩර් කරාම වේටරයා වෙන වෙන වැඩ.මාත් ඌ දිහා බලන් ඉන්නවා බීම එක ගේනකම්.විනාඩි දහයකට විතර පස්සේ ඔන්න ඌ ෆ්‍රිජ් එකේ දොර අරිනවා.එවෙලේම මංජුල අයියගෙන් කෝල් එකක්.

කොහෙද උඹ ඉන්නේ?

මම ස්ටේෂම ඉස්සරහා අයියා

ඉක්මනට වරෙන් මම ස්ටේෂම ඇතුලේ!

මම නැගිටලා එන්න ආවා.මම එද්දී වේටරයා බීම එක අරන් හෝටලෙන් එලියට ඇවිල්ලා මට කතා කරනවා මම පස්ස නොබලා ක්ෂණික ස්ටේෂම ඇතුලට ගියා.ස්ටේෂම ඇතුලේ අටමා නැහැ කෝච්චියක් නම් තියෙනවා!

ගත්තා කෝල් එකක්
කෝ කොහෙද ඉන්නේ?

නැගහන්කෝ කෝච්චියට මම ඒකෙ ඉන්නේ

හා හා ඔන්න එහෙනම් නැග්ගා ඈ?

කෝච්චියට නැග්ග ගමන් කෝච්චියත් ඇද්දා තව පොඩ්ඩෙන් එදත් මාව හලලා මේකා යනවා!
ටික වෙලාවක් කතා කර කර යද්දී තමා මතක් වුනේ ටිකට් ගත්තේ නැහැ කියලා.

කැළණියෙන් බැස්සම මෙන්න යකෝ එලියට යන තැන ටිකට් බලනවා.අටමට දුවත් එක්ක එතනින් එලියට යන්න කියලා මම එහා පැත්තේ වේදිකාවට පැනලා පාරට බැහැලා ඒ පැත්තෙන් එලියට ගියා.ඊට පස්සේ නලින් අයියා නැහැ.ඒකාත් ඒ කෝච්චියෙම පිටි පස්සේ පෙට්ටියක ආවාලු.කෝල් එකක් දීලා බලද්දී කඩයක් ගාව ඉඳන් එනවා.

සෑමා මෙතනට නේද එනවා කිව්වේ?දැන් වෙලාවත් හරිනේ? ඒ අටමා

තරියත් එක්කනේ බන් එන්නේ!වෙලාවකට වැඩ කරන්න පුළුවන් ඈ ඌ එක්ක? ඒ නලින් අයියා


කොහොම හරි සෑමා ඇවිත් කෝල් කරනකම් නලින් අයියා ගානේ තැඹිලි ගෙඩියකුත් බොන්න හම්බ වුනා.
සෑමා එක්ක තරියත් හිටියා අපි තුන්දෙනත් ඒකට නැගලා ආවා.හෆ්ෆා නැග්ග වෙලේ ඉඳන් සෑමට බ්ලොග් කාරිනියන්ගෙන් කෝල්! යකෝ අපිට එහෙම එක කෝල් එකක්වත් නැහැනේ?

මහරගමට යනකන්ම ලනු හොය හොයා ගිහින් අන්තිමට මහරගම හාඩ්වෙයාර් එකකින්ම තමා ලනු හොයාගන්න හම්බවුනේ.මංජුල අයියගේ පොඩි එකී බොහොම සෆාන් එකේ ආවේ.කොහෙද මේ හිපාටුව සැරින් සැරේ කෙල්ලගෙන් අහනවා "දුව ඕක්කම්  වගේද?" කෙල්ල "නැහැ තාත්තේ" අටමත් පහුබහින්නේ නැහැ ආයේ විනාඩි දහයකින් ඒකම අහනවා :D

කොහොම හරි යූත් එකෙන් ඇතුලට දාද්දීම කෝල් කරපු බ්ලොග් කාරිනියක් සෑමට හම්බ වුනා.මට මේ හිතාගන්න බැරි මේකාට කොහෙන්ද මෙච්චර පිනක් කියලා.

ඇතුලට ගියාම ආපු සෙට් එක විසිරුණා මට සෙට් වුනේ කනා මුට්ටි බඳින්න.ශම්මි කෙල්ලයි සාදිරිසයි සමියයි  සොනිකුයි බට්ටයි නලින් අයියයි තවත් කව්ද හිටියා නමුත් මතක නැහැ.කොහොම හරි කනා මුට්ටි ටික ගෙට ගහලා කීප පාරක්ම එහෙට මෙහෙට කරලා මුට්ටි ටික එල්ලුව.ඔන්න ඔය අවස්ථාවේදී තමයි ශම්මි කෙල්ල අර ඇඩ් එකක් කරේ රෙඩ්බුල් ගැන!

ජාතික ගීය ගයලා හා හා පුරා කියලා මුලින්ම කරේ කනා මුට්ටි බිඳින එක.කොහෙද තුන් වෙනියට හිටිය ලාස්ට් රෝ බුවා කෙලියනේ හරියටම නිල් පුරවපු එකට!

ඊට පස්සේ අලියට ඇහැ තිබ්බා.යූත් එකේ අයියා කෙනෙක් සුපිරියට අලියෙක් ඇඳලා දුන්නා.මම කොහෙද අහක යන පොතකට තමා ඇහැ තිබ්බේ ඒ අස්සේ කව්ද එක්කෙනෙක් මාකර් එක වෙනුවට පොල්ලක් අරන් අලියට පොල්ල තියමු කියලා පොල්ලක් උස්සන් ගියා :).

ඊට පස්සේ වෙනියව හම්බ වුනා.අනේ හරි සීදේවි අයියා.හොම්බ දිග කැමරාවකුත් අරන් ගෑණු ළමයි වගයක්ව ෆොටෝ ගගහා හිටියා.ඊට පස්සේ තව දැකලා පුරුදු මූණක් වගේ එකක් දැක්කා.කව්ද මේ?....

අම්මට සිරි මේ මාරයා තුමා නේද? ලඟට ගිහින් කතා කරා.මම හිතුවේ කතා කරන එකක් නැහැ කියලා.මොකද ටිකක් අහංකාරයි වගේනේ.

අයියේ අයියා මාරයා නේද?

ඔව් මල්ලි?

මම ම.නිශාන්!

ආහ් මේ මලයද? හරි කෙට්ටුයිනේ? මම හිතුවේ අර පෝස්ට් එකේ විදියට මහතයි කියලා.

ඇයි ඉතින් මම කිව්වේ මම කෙට්ටු වුනා කියලා.

ඒ වුනාට මම හිතුවේ මීට වඩා මහත ඇති කියලා.

ඔහොම කයියක් ගොඩ නැගෙද්දීම තරියා කැමරාවක් උස්සන් ඇවිත් මාරයාවයි තරියාවයි ෆොටෝ එකක් ගන්න කිව්වා.

ඉවාන් පාවුලුෂාත් හම්බ වුනා හොඳ අයියා කෙනෙක්.මී ගොඩයා ලඟට ඇවිත් ඇහුවා නිශාන් නේද කියලා.

ඔව් නිශාන් තමා ඔයා?

මම මීගොඩයා!

අඩේ හරි පොඩියිනේ.ඒ මම

ඔව් මට වයස විසි එකයි!

ඈ ? මට විස්සයිනේ ඉතින්?

ඔව් බන් මට විසි එකයි දැනට අවුරුදු 8කට කලින්!

ඊට පස්සේ රෙපාව හම්බ වුනා.රෙපාව දැක්ක ගමන් මට මතක් වුනේ ස්ටේෂමේ ටිකට් බලපු එකාව මොකද මේකාත් එතන ටිකට් කඩනවා.

කොහෙද අස්සක ඉඳලා රජාව හම්බ වුනා.අපෝ මූ හෙන කුලෑටි පොර එදා ගම්පහදී වගේමයි.අරලිය ගහ අස්සේ හැංගි හැංගි ඉන්නවා.මම ඌ ළඟටම ගිහින් කතා කරා.

අඩෝ රජා!

ඒ උඹ එන්නේ නැහැ කිව්වා නේද?ඒ රජා

ඔව් බන් එන්නේ නැතුව ඉන්න හැදුවේ කොහෙද එහෙම කරන්න බැරුව ගියානේ.උඹ බයික් එකේද ආවේ?

නැහැ බන් බස් එකේ.

කා එක්කද බන් ගවේශකයා එක්කද? ඒ මම

නැහැ බන් කෙල්ලෙක් ආවා බන් මා එක්ක!

නෑහ් ඒ කවුද බන්?

දන්නේ නැහැ බන් අන්න අර හරියේ හිටියා මට කොටුවෙන් සෙට් වුනේ!

ඊට පස්සේ රජාව මිස් වුනා.ආයේ හම්බ වුනු හැම පාරකම මම මූට අඩගහුවා මොනා හරි තරඟ වලට වරෙන් කියලා.

මූ කියනවා මම අපේ සෙට් එකේ එකෙක් එව්වා බන්

ආ උඹලා සෙට් පිටින්ද බැහැලා ඉන්නේ?

ඔව් බන් වෙඩික්කාරයාව එව්වා දැනුත්.

අනේ මේ හුයන්නෝ වරෙන් බන්.

අඬ ගහලා ගහලා කොහොම හරි මොකක් හරි එකකට මූ ආවා.

පහුගිය පෝස්ට් වල දකින්න ඇතිනේ මාරයා බනිස් කනවා,එතකොට සමියා ආදරෙන් බනිස් බදාගෙන බිම පෙරලිගෙන බනිස් කනවා.හැබැයි එකෙක්ටවත් මීටර් නැහැ ඒ තරඟයෙන් කවුද දිනුවේ කියලා.

බනිස් කෑමේ තරඟයෙන් දින්නේ මම බොලව්!

ඒ තරඟය දින්නෙත් හෙන අමාරුවෙන්.මාරයයි සමියයි මාරුවෙන් මාරුවට බනිස් බෙදන් කනවා.කට්ටිය කෑගැහුව ගමන් දෙන්නා ආයේ වෙන වෙනම කනවා.ඒක දැකලා මට හිනාගිහින් තව පොඩ්ඩෙන් බනිස් හිර වෙලා මැරෙනවා.

කොහොම හරි බනිස් ගෙඩිය කට ඇතුලට දාගෙන දිව්වා මම පළවෙනියා!.පපුව හිර වෙලා හුස්ම ගන්නත් බැහැ මම හිතුවේ මාව ඉස්පිරිතාලේ ගෙනියන්න වෙයි කියලා.ඒ අස්සේ නලින් අයියා කියනවා

ඕක ගිලපන් ඕක ගිලපන් කියලා

කොහෙන්ද මන්දා ක්‍රීම් සෝඩා බෝතලයක් හම්බුනා ඒකෙන් තමා බේරුනේ.ඊට පස්සේ දෙන්නෙක් නටනවා පිට්ටනියේ.සමියටත් නටන්න ඕන වෙලා මට කතා කරා.ජීවිතේට කට්ටියක් ඉස්සාරහ නටලා නැති මම මූව නටවන්න ඕන නිසාම ගිහින් නැටුවා.ආයිස් අම්මා සමියා බ්‍රේකින් ඩාන්ස් පාරවල් දාලා පට්ට ඩාන්ස් එකක් දැම්මේ.ඊට පස්සේ කට්ටිය ඔක්කොම වගේ සෙට් වුනා නටන්න.නාඩියා දුශ් එක්ක Step Up ෆිල්ම් එක බලලා එකේ විදියට නැටුවා අපි ගන්ග්නම් ස්ටයිල් නැටුවා පට්ටම ආතල්.තුන්පා දිව්වා දෙහි ගෙඩිය හැන්ද මත අරන් ගියා.එකකින්වත් දිනුවේ නම් නැහැ ඒත් දෙහි ගෙඩිය සාක්කුවේ දාගත්තා පස්සේ ඕන වෙයි කියලා.

ඊට පස්සේ තමා හතර වෙනි තට්ටුවට එක්කන් ගියේ.සුදීක අයියා රෙඩ්බුල් විතරක් නෙවේ එදා බොන්න දුන්නේ!ඔන්න මම තව රහසක් එලි කරා.හතර වෙනි තට්ටුවේ මංජුල අයියගේ දුවව සිෆ්ට් ක්‍රමයට බලාගත්තේ පවනි අක්කයි නලින් අයියයි අටමයි.

ඒ අස්සේ නොහික්මුණු ඇය ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් පිඟානක් ඉවර කරේ තමන් කියලා සුදීක අයියා එක්ක කේස්.දෙමල නයන්න ප්‍රසන්න අයියා නම් හෙනම අහිංසක මනුස්සයෙක්.ලොකු ජෝන් අයියා සුමිත් අයියා වෙනම කතාවක්.ඒ අස්සේ පොඩි පරම්පරාව වශයෙන් සුදු මහත්තයා තව ශම්මියෙක්(කොල්ලෙක්) වෙනම කතාවක්.මම මුන් දෙගොල්ලොගෙම කතාවට එකතු වෙනවා.

ඒ අස්සේ මේ ශම්මි ඊ මනි කරන හැටි කියවනවා.නොහික්මුණු ඇය අයිපී වලින් බ්ලොග් කාරයෝ හොයන හැටි කියනවා.අනේ මන්දා මුන්ට වෙරිද කොහේද!

ඒ අස්සේ සීයා කෙනෙක් බියර් බොනවා දැකලා ෆොටෝ එකක් ගන්න හැදුවා.කොහෙද ඒ මනුස්සයා එක උගුරක් බීලා සුරුට්ටුව අතේ තියන් වහල දිහා විනාඩි 20ක්ම හිටියනේ අනිත් උගුර බොන්න!

 ඒ අස්සේ සුදු මහත්තයා සිංදු කියන්න ගිහින් රෙස්ටුරන්ට් එකේ සේවකයෙක් බෝඩ් එකක් පෙන්නුවා.මූට ඒක පේන්නේ නැහැ කියලා මගේ ෆෝන් එකත් අරන් ගිහින් එකේ ෆොටෝ එකක් ගහන් ආවා.ෆොටෝ එක ගහලා තිබ්බේ ඔලුවෙන් හිටගෙන වගේ.මූ ෆෝන් එක අනිත් අතට අල්ලන් ගහලා තියෙන්නේ.මට ඇවිත් කියනවා ඕක අනිත් පැත්ත හරවලා අප්ලෝඩ් කරපන්ලු.ඔය ඒක තමා පල්ලෙහා තියෙන්නේ



ඔය අස්සේ සුදු මහත්තයට කෝල් එනව අක්කා කෙනෙක්ගෙන්!
කවුද බන්? ඒ මම

අක්කා කෙනෙක් බන් මා එක්ක ආවේ.ඒ සුදු මහත්තයා

අක්කා කෙනෙක්? වයස කීයද?

උඹට වඩා වැඩිමල් බන් අර රොසෑන් අක්කා බන්!

ඒ අස්සේ නොහික්මුණු ඇයටත් කෝල්

කවුද බන්?

ශම්මි බන්! මට බනිනවා හෝ ගාලා හික්ස්,ඌම හික්ස් ගෑවා :D

පස්සේ කට්ටියම සමසේ බිල බෙදාගෙන එලියට ආවා.ඒ එන අතරතුරේ මම හැමෝගෙන්ම දෙහි ගෙඩිය අරන් ලඟට ගිහින් ඇහුවේ ඕනෙද කියලා.

සුදීක අයියේ දෙහි ඕනද?

එපා බන්

ප්‍රසන්න අයියේ දෙහි ඕනද?

එපා මල්ලි

ජෝන් අයියේ දෙහි ඕනද?

දෙහි? හිටපන්කෝ ඕක මම පෝස්ට් එකක් දාන්නම්!

මංජුල අයියේ දෙහි ඕනද?

තව ටිකකින් උඹට ඕන වෙයි ඕක තියාගනින්!

සුමිත් අයියේ දෙහි ඕනද?

"වෙරි" ගුඩ්!

සුමිත් අයියට දෙහි ගෙඩිය ඕන බව මට පෙනුනා.

කට්ටියම ඇතුලට ගිහින් ලන්ච් එක ගන්න හැදුවා ඒ වෙද්දී ඔක්කොම වගේ කාලා ජන ගී ගයනවා!
කවුන්ටරේ ලන්ච් පැකට් වගයක් තියෙනවා.අයියා කෙනෙකුත් ඉන්නවා අයියේ පැකට් එකක් ගන්නද?

අනේ ගනින් බන් ඉස්සෙල්ලා කට්ටිය පොර කෑවා ලන්ච් එකට දැන් කෑමත් ඉතුරුයි.

පවනි අක්කා හැමෝටම ලන්ච් එක දුන්නා.කන වෙලාවේ තමා මානවක හම්බ වුනේ.පොරත් එවෙලේ තමා කෑවේ අපිත් එක්ක.ඔය වෙලේ සුදු මහත්තයාගේ රොසෑන් අක්කත් ආවා අපි ඉන්න තැනට :)

මේ අස්සේ නොහික්මුණු ඇය නැහැ.එලියට ගිහින් බලද්දී මූ එළියේ ශම්මිව ශේප්  කරනවා.ශම්මි නාගිනා වගේ රවාගෙන ඉන්නවා.නොහික්මුණු එකා නාඩියව දැකලා ඌව ඇදන් පිට්ටනිය පැත්තට ගියා.අනේ පව් අප්පා ශම්මි කෙල්ල.එකී අරු දිහා කන්න වගේ බලන් ඉන්නවා.

ශම්මි ඔය මූණ පීද ගනින්කෝ, ඒ මම

මගේ දිහත් රවාගෙන ඉන්නවා

සිරාවට කිව්වේ ලේන්සුවක් නැද්ද? ඔය මූණ පිහිද ගනින්කෝ මූනේ තෙල් බේරෙනවා!

ලේන්සුවක් නැහැ යකෝ,ෂම්මිට මල පැනලා

එන පොට හරියන්නේ නැහැ ගහන්නත් බැරි නැහැ.මමත් ගියා නොහික්මුණු එකා ගාවට
මොකෝ බන් ශම්මි අවුල්ද?

නැහැ බන් මම 90 චොකලට් එකක් අරන් දීලා හෙන අමාරුවෙන් ශේප් කරගත්තා හිහි හිහි,ඌට තාම වෙරිද කොහෙද :D

ඔය අලකලංචි අස්සේ සෑමා යන් කිව්වා.ඊට පස්සේ දැක්ක හැමෝටම කියලා අපි ආවා.එද්දී මට අර ශම්මි කොල්ලගෙන් කෝල් එකක් ආවා.

හෙලෝ ශම්මි අපි යනවා බන්.

සෑමා
ශම්මි? අඩෝ හූ මූට ශම්මි කෝල් කරනවා

නලින් අයියා
නැහැ නැහැ ඒ පිරිමි ශම්මි බොලව්!

යකෝ ශම්මි කෙල්ල කෝල් කරත් මොකෝ එකී මගේ හෙන ෆ්‍රේඩානේ.මුන් කතා හදන්නමයි හදන්නේ!පේනවනේ සහෝදරවරුනි?.එද්දී නලින් අයියයි මායි අටමයි දෙමටගොඩින් බැස්සා.මේ අස්සෙත් තව තව සීන් වගයක් වුනා ඒවා නම් කියන එක හරි නැහැ නලින් අයියයි අටමයි මට දොස් තියයි.

නලින් අයියා ෆෘට් ජූස් හොයන්න දුවද්දී අයිස් වතුර බෝතලයක් පෙන්වලා බොහොම අමාරුවෙන් නවත්ත ගත්තේ.

ඔන්න ඔහොම ලස්සනට එදා දවස ඉවර වුනා.ප්‍රදීප් අයියා ඇතුළු සංවිධානය කරන්න මහන්සි වුනු හැමෝටම ස්තුතියි ඒ වගේ දවසක් ලබා දුන්නට.ඒ වගේම කට්ටියව අඳුරගන්න ලැබුන එකටත් බොහොම සන්තෝෂයි.අවන්කයෙන්ම මට නම් පෙන්වන්න තරම් කිසිම වැරද්දක් නැහැ.

සුදීක අයියටත් ස්තුතියි රෙඩ්බුල් අනුග්‍රහයට! රෙඩ්බුල් දෙක දෙක බීපු උන් ගෙදර ගිහින් සුදීක අයියටම බැනලා තිබ්බ ඒවා ගැන නම් කතා කරලා වැඩක් නැහැ.ගුණමකු මිනිස්සුත් කිහිප දෙනෙක් ඉන්නවා.ෆෙස්ටිවල් එක නම් පට්ටම සුන්දරයි.ලබන අවුරුද්දේ එකටත් මම අනිවා සෙට් වෙනවා.ආපු නැති අය කොහොම හරි එන්න උත්සහ කරන්න. ඒ වගේම මම සංවිධායකවරුන්ට සුභ පතනවා ලබන අවුරුද්දේ එකත් හොඳින් කරගන්න ලැබේවා කියලා!








104 comments:

  1. අඩේ! අපි step up බලලා නෙවෙයි ඈ නැටුවේ!!! හැකියාව! හැකියාව!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බන් කහඹිලියා ගෑවිලා වගේ :D

      Delete
    2. ඕ සැලරි...! අනේ අපොයි අනේ අපොයි

      Delete
    3. හිහ්

      Delete
    4. මොකෑ බන් මේ? :)

      Delete
  2. මහා පතරංග ජාතක කතා වස්තුව.

    ReplyDelete
  3. හයියෝ සල්ලි.. මේක තමයි නියමම පෝස්ට් එක.. පෝටෝ නෑ හැබැයි මඩ කෝටියයි..

    *අර රෙඩ් බුල් එක මගේ අතේ තියන් ඉන්න, ඒක බිම්සරයගෙලු,,ඒකා අද තමයි ඕක කිව්වෙ.මෙච්චර දවස් මම චාටර් වෙනකම් බලන් ඉදලා :/
    *නොහික්මුණු එකා සිහියෙන් ඉද්දිත් අයිපී ගැන තමයි කියවන්නෙ
    *අරයට බැන්නෙ නෑ ඉතින්(නැත්තෙත් නෑ)
    *සිරාවටම මට අයිස් කීම් එක්ක අරන් දුන්නා තමයි ;)
    *මම හිතුවේ මූණ පිහදාගන්න කියලා බොලා විහිළු කරනවා කියලා මැට්ටෝ,,මී ගොඩයා අයියත් උදේ දැක්ක ගමන් මගෙන් ඇහුවේ පපඩම් නැද්ද කියලනේ :/
    *මම බොට කෝල් කරත් මොකද බන්, සමියයි බොලයි මගේ ගජ යාළුවෝ දෙන්නනේ..
    *වැදගත්ම දේ , ආයේ ශම්මි ශම්මි කියද්දි මමද නැත්නම් කොල්ලා ශම්මිද කියන එක පැහැදිලිව කියපිය ඇ..

    ReplyDelete
    Replies
    1. අඩේ අප්ප මටත් එන්න ඔනි ලබන සැරේ...

      Delete
    2. http://www.facebook.com/photo.php?fbid=10200558215051746&set=t.100001899606386&type=3&theater
      මේ ෆොටෝ එකද බිම්සරයගෙ කිව්වෙ..??? ඒක මන් ගත්තෙ ඔය හංවඩුව කොටලා තියෙන්නෙ !

      Delete
    3. @ශම්මි
      හරි හරි බොල :D අනිත් දවසේ ලේන්සුවක් අරන් එනවා ඈ

      @පන්හිඳ
      අනේ මේ මගෙන් කුණුහබ්බ අහන්නේ නැතුව හිටු!.බොලා ලබන අවුරුද්දෙත් එන එකක් නැහැ :/

      @වෙනි අයියා
      නැහැ නැහැ වෙනි අයියා ශම්මි කියන්නේ ඒ රෙඩ්බුල් එක ගැන.මොකද එයා රෙඩ්බුල් බිව්වේ නැහැ එවෙලේ :)

      Delete
    4. නෑ නෑ වෙනි අයියා - රෙඩු බුල් එක ගැන කීව්, ඕක මම අතේ තියන් හිටියේ බිම්සරයා අර ගෝල් පෝස්ට් එක උස්සනකම්.. මම බීවේ නෑ ඔව්වා..

      නිශාන් - හාකෝ හාකෝ.. 2 2 පොලු කෑල්ලකුත් ගේන්නම්.. :P

      Delete
    5. :D හාකෝ හාකෝ

      Delete
    6. *වැදගත්ම දේ , ආයේ ශම්මි ශම්මි කියද්දි මමද නැත්නම් කොල්ලා ශම්මිද කියන එක පැහැදිලිව කියපිය ඇ.. (මඩ එකක් නම් කොල්ලද කෙල්ලද නොකිවට කමක් නැ.. හැ... :P )

      Delete
  4. මට දරුණු ලෙස මඩ ගැසීම පිළිබද බලවත් මෙව්වා එක ,
    නිවැරදි කිරීම් කීපයක් ඇත ,
    IP කතාවක් මතක නැත ,
    90 චෝකෝ එකක් නොවේය , අයිස් කිර්ම් එකකි ,
    එක කලාවත් එකී කුල උනේ නැත

    ReplyDelete
    Replies
    1. //IP කතාවක් මතක නැත , // "මතක නැති" එක විය හැක.

      //90 චෝකෝ එකක් නොවේය , අයිස් කිර්ම් එකකි ,//

      අයිස්ක්‍රීම් එක චොකෝ එකක් ලෙස දැනීම ඒ මොහොතේ ලියුම්කරු සිටිය තත්ත්වය අනුව විය හැක

      Delete
    2. IP කතාවක් නෙවෙයි කිවුවේ මුට ඒ වෙලාවේ වෙරිද කොහෙද... ? :P

      සුමිත් අයියා ඉතින් හොඳ තත්වෙන් හිටියා නේ ,,,

      Delete
    3. ඒ කියන්නේ දැන් වෙරි නොහොක්මුනු එකාටද එහෙම නැත්නම් නිශානයාටද ....

      Delete
    4. රහසින් ( දෙන්නටම).

      Delete
    5. @රුවන්
      අයිස් ක්‍රීම් මොකද චොකලට් මොකද? ඒක නෙවේ උඹ එදා ගුටිත් කෑවද?

      @සුමිත් අයියා
      හරි හරි ඉතින් ඕක ටයිපින් මිසින් එකක් ;D

      @චමි
      පිස්සුද බන් මට වෙරි නැහැ :)

      @නලින් අයිය
      එතකොට අයියට? :D

      Delete
    6. මේ එක නෙමේ.. කෝ අර ශම්මි ගෙයි නොහික්මුණු එකාගෙයි පොටෝ එකට මං හඬකවල බුකියෙ දාපු එක? ඒ ෆොටෝව මිසිං ලු...

      Delete
    7. මම දැක්කෙත් නැහැනේ එහෙම එකක්? :/

      Delete
    8. අනේ බොලව් නරියෝ... මේකා ඒකට තමයි මටත් කියලා ඒක හෙව්වේ,, හක්, හොද වෙලාවට ඒක නෑ.. :D :P

      Delete
    9. අනේ මටත් පෙන්වපියව්කෝ

      Delete
  5. ane mata hodatama amarui bolan hinaa welaa...
    Sure me sathiyenam hinawelama mahath wela athi

    ReplyDelete
    Replies
    1. මහත් වෙනවා නම් ඒක මටත් පිනක්.එදා පරක්කු වෙලා නේද ආවේ?

      Delete
    2. ඔවු ඈ..... වැරදිලාවත් මහත් උනොත් අරූපාවචර බ්‍රහ්මලෝකෙ ඔයා ඉපදේවාාාාා කියල මං පතනව ඕං

      හ්ම්...... සුට්ටක් පරක්කු වුණා එද්දි :)

      Delete
    3. හිහි මම දැක්කා ලැපක් හම්බ වුනා කියලා දාලා තිබ්බා!

      Delete
  6. බනිස් කාල දිනපු බව නම් ගෙදර එන්ට කලින් උඹ කිව්වනෙ. ඒත් බං අර බනිස් 5ක් කාපු මාරයට දිනුම දෙන්ට තිබුනෙ ඇ.
    සුදීක අයියට නම් පහුවදා වෙනකලුත් සෙන්ටිමීටර් දෙක තුනක වෙනසක් තිබුනද කොහෙදෝ.

    අඩෝ අන්න බීර බොන සීයගෙ පොටෝ එකේ අරකගෙ ටී ෂර්ට් එක පේනව.

    ඇත්තටම දෙහි ගෙඩියට මොකද උනේ කියපන්කො.

    ReplyDelete
    Replies
    1. බනිස් කාලා දින්නා කියලා මම කාටවත් කිව්වේ නැහැනේ?
      ටි ෂර්ට් එක පවනි අක්කගේ :D
      දෙහි ගෙඩිය ගෙදර ගෙනත් අම්මට දුන්නා :)

      Delete
  7. අටමා ට්‍රයි කලේ කෝම හරි කෙල්ලට ඕක්ක දම්මන්න.. විනාඩි 10න් 10ට මූ ඒකම ඇහුව බං..

    තොපි මාර සැට් එකක් මාව දාල ගිහින් සැට් වෙලා නේ.. :((

    ReplyDelete
    Replies
    1. තෝ බීපුවහම අපේ වාහනේ එළවන්නේ කවුද බොල

      Delete
    2. බිලා ගෙදර ගිහින් උබට කෝල් කලේ නැද්ද හප්පිලද නැද්ද බලන්න ...(එදා වගේ )

      Delete
    3. @සෑමා
      මම හිතුවේ බොලත් එනවා කියලා.කොහෙද නලින් අයියා යන් යන් කිව්වා මාත් ගියා කට්ටිය එක්ක.

      @මංජුල අයියා
      ඒකනේ නැත්තම් මට තමා ඩ්‍රයිවින් කරන්න වෙන්නේ :D

      @චමි
      අටන් අයියා වේලාසන ෆෝන් එක ඕෆ් කරගත්තා කට්ටියට කෝල් නොදැනුවත්වම යයි කියලා :)

      Delete
  8. ඊළඟ අවුරුද්දේ කලින් එන්න ඕනි :)

    ReplyDelete
    Replies
    1. ඇයි එදා ආවේ නැද්ද?

      Delete
    2. ආවා හවස.බොලලා ගිහින් ද කොහෙද එතකොට.ඇයි යකෝ ආවනම් කතා නොකර ඉන්නවද ඈ..

      Delete
    3. අනේ ඔව් දැන් ඔහොම තමයි කියන්නේ.එවෙලේ දැක්කා නම් නොදැක්කා වගේ ඉඳියි :D

      Delete
  9. මං කියන්නෑ උඹට දෙහි ඕන වෙච්ච එකා... :/

    අපි කට්ටියම රෝඩ් ලෙවල් එකට බැහැලා තියෙද්දිත්....එකෙක් බේස්මන්ට් එකෙත් සෑහෙන දුරක් බැස්සලු පාරට එන්න.... ;)

    ReplyDelete
    Replies
    1. කව්ද ඒ? බේස්මන්ට් එකට ගිය එකා? මට මතක නැහැනේ o_O

      Delete
  10. පුදුමයි උඹට කන්න බනිස් ඉතුරු උනා අර මාරයා එහෙම කාපු කෑමේ හැටියට..

    ReplyDelete
    Replies
    1. වෙලාවට මට එකක් හම්බ වුනා :D

      Delete
  11. නිශානයෝ,උඹ ඔය සාමාන්‍යයෙන් බනිස් කන හැටිනේ කොහොමත් නේද?

    ReplyDelete
    Replies
    1. :D අනේ නැහැ ඔහොම කන්නේ නැහැ මම නිවිහැනහිල්ලේ බනිස් කන්නේ

      Delete
  12. 1. උඹ බනිස් කාල එක බව 24 පාරක් විතර හතර වෙනි තටුවේදී කිවුවා මතාකේ හැටියටනන් උමබට හම්බුනු තාග්ගත් අරගෙන පෙන්නුවා.. අපි බයිට් එක එනකන් ඉන්න වෙලේ උඹ අහවල් එකකේ ලියට අරගෙන දගලනවා ..අපිට පාන්ද කියල අපි ගණන් ගත්තේ නැති එකට සොලී ඈ.. :P :D

    2.උඹ එන ලොකු එකා කියල නේ හිතන් ඉන්නේ ...

    3.පොටෝ ගහන්න හරි හමන් පොන් එකක තියෙන්න එපැයි සෙද්ද එකේ කොයි පැත්තට හැරෙවුවත් එක වගේනේ.. :/

    ReplyDelete
    Replies
    1. 1 උඹ පච කෙලින්නේ
      2අනේ නැහැ :D :D
      3උඹට අම්බානක වෙරි :D

      Delete
  13. ඔය ලෙසටම ලියලා තියෙන්නෙ මම හිතන්නෙ දෙහි ගෙඩිය පාවිච්චි කරන්න ඇති !

    ReplyDelete
    Replies
    1. දෙහි ගෙඩිය නම් අම්මා මොනා කරාද දන්නේ නැහැ :D එකමම රෝල් කරලා කරලම හොඳට පොඩි වෙලා තිබ්බේ :D

      Delete
  14. බොලාද බනිස් කෑමෙන් දිනුවෙ. ඒ උනත් ඒ වෙලාවෙ එතන ගියේ වෙනම තරගයක්නෙ.
    දෙහි ගෙඩිය ගැනනං කතා කරල වැඩක් නෑ. ගෙදර ඇවිල්ලත් ඒක මතක්වෙන වෙලාවට හිනා යනව.

    ඒ අවස්ථාව ලබාදීම ගැන සුදීක අයියට ස්තුතිවන්ත විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් එතන වැඩිම බනිස් කාපු එකා දිනන්න හැදුවේ :D

      දෙහි ගෙඩිය එකෙක්ටවත් ඕන වුනේ නැහැනේ :)
      ඔව් සුදීක අයියට වෙලාවක අපි රිටන් එක දෙමු :)

      Delete
  15. පස්සෙ උඹ දෙහි ගෙඩිය අම්මට දුන්නා කියලා කොහේද උඹම කියලා තියෙනවා මම දැක්කා?

    අර ඒක වෙනම කතාවක් කියන කතාවලුත් වෙනම දාමු නිශාන්. :)

    ReplyDelete
    Replies
    1. ඔවු අම්ම ඊට පස්සෙ ඒක දියකරල මූටම පෙව්වලු. :D

      Delete
    2. දෙහි ගෙඩිය එකෙක්ටවත් ඕන වුනේ නැහැ ඉතින් මම ඒක ගෙදර ගෙනල්ලා අම්මට දුන්නා.ඒක හොඳට පොඩි වෙලා තිබ්බේ.අම්මා අහනවා කෝමද ඒම වුනේ කියලා. :D

      Delete
  16. ලබන සැරේ අපි දෙමුකො බැටේ..............

    ReplyDelete
  17. ලබන සැරේ නම් මාත් කොහොම හරි එනව

    ReplyDelete
  18. මේ පෝස්ට් එක නම් විඩියෝ එකක් දැම්මා වගේ.. ඒ විදියටම තියනවා... මේක බනිසේ කාල කටේ ටිකක් තියාගනයි ලණුව ළගට ආවේ. ඒත් මං දිනුම දුන්නේ ඒ ටිකත් ගිල්ලට පස්සෙයි..දෙමටගොඩ සීන් ටික නං නොකිව්ව එක හොදා.. නැත්තං මඩ කෝටියයි.

    ReplyDelete
    Replies
    1. දෙමටගොඩ සීන් එක ලිව්වා නම් විනාශයි :)

      Delete
  19. එල එල... :)

    ReplyDelete
    Replies
    1. උඹ ආවේ නැහැනේ?

      Delete
    2. මං ආවේ නෑ බං..

      Delete
    3. ඇයි බන් එහෙම කරන්නේ? අපිව හම්බවෙන්න කැමති නැද්ද?

      Delete
  20. හා උඹත් ගියා එහෙනං...

    ReplyDelete
    Replies
    1. නැහ්

      ඇයි බොලා නාවේ?

      Delete
  21. යකෝ මේකේ දිග..කියෝලම වෙරි වගේ ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් උඹ කියවලා නැහැ

      Delete
  22. කොහෙද බොල මන් කෙල්ලන්ගෙ විතරක් ෆොටෝ ගත්තෙ ? බල බුකිය දිහා ඒකෙ ඇති ගත්ත අයගේ සේරම ෆොටෝ..

    ReplyDelete
    Replies
    1. ෆොටෝ හත්සිය ගානක් ගත්තාලු.එත් බුකියේ තියෙන්නේ එකසිය ගානයි!කෝ ඉතුරු පන්සීය ගාන?
      ඒවායේ කව්ද ඉන්නේ? :D

      Delete
    2. හ්ම්ම් හැබැව හැබැව... කො ඉතුරු ටික..?

      Delete
  23. පවු අහිංසකයා.. කිසි කෙනෙක්ට මතක් උනේ නෑ නේ තරඟෙන් දිනුවේ ඔයා කියලා.. ඕවා ඔහොම තමයි මලයෝ.... හි හි....

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඔක්කොමල්ලට මාව අමතක වුනා :(

      Delete
    2. තරගෙන් දිනපු හැටි දන්නේ අපිනේ.. හැ..... :P

      Delete
    3. පල පල මෙන්නේ මිත්‍රයෝ :D

      Delete
  24. කොච්චර බඩගින්දරකින්ද ඉඳලා තියෙන්නේ පව් අනේ........

    ReplyDelete
    Replies
    1. ඔව් එදා උදේට කාලා හිටියෙත් නැහැ මම :(

      Delete
  25. ගම්පහදි මුනගැහිලා ඇතිඋන මිත්‍රත්වය තවත් තහවුරුකරගන්න තිබුනු අවස්තාවක් මගහැරුනා කනගා‍ටුයි අවංකවම.

    අලුත් යාලුවො ගොඩක් ඇවිල්ල නේද..!

    ReplyDelete
    Replies
    1. කෝ ඉතින් ආවේ නැහැනේ
      ඔව් අයියා එදා ගම්පහට වඩා කට්ටිය ආවා අනික හැමෝම බොහොම හිතවත් වුනා.

      Delete
  26. ඇටයා !

    ReplyDelete
    Replies
    1. ඕක මට දාපු කාඩ් එකද දැන්?

      Delete
    2. අනිවා... ගොං ඇඩ් දාන කබ්බන්ට ඔයිට වඩා හොඳ කාඩ් ඕන නෑ.

      Delete
    3. කාඩ් එකේ අවුලක් නැහැ සහෝදරයා.එත් පොඩි වැරදීමක් තියෙනවා මම කොහෙවත් ගොන් ඇඩ් දාලා නැහැ මම මන් වෙනුවෙන් පෙනී හිටිනවා විතරයි!

      Delete
  27. බොට මාව හම්බුණා මතක නැහැ නෙහ්?

    ReplyDelete
    Replies
    1. මතකයි බොල පෝස්ට් එකේ ලියන්න අමතක වුනා.නැතුව කොහොම අමතක කරන්නද තැඹිලි පාට සරොන් කාරයාව :)

      Delete
  28. යකො කියක් හරි හොයා ගන්න ඊමනි ගැන කියා දෙන්න ගියත් වෙරි ලු.. බියර් එකක් බිව්වට වෙරි වෙනවද බොලව්.. >:(

    ReplyDelete
    Replies
    1. උඹ බියර්ද බිව්වේ? :O
      වැඩේ හරි

      Delete
  29. ඊලග පාර මටත් එන්න ඕනි... අයියෝ මට යන්න දීපල්ලා..

    ReplyDelete
    Replies
    1. ඇයි සුදූ කවුද ඔයාව හිර කරගෙන ඉන්නේ ?

      Delete
    2. @නදිනි අක්කා
      ඇයි බොල හැබෑට මේ පාර නාවේ?

      Delete
  30. හරි හමං දෙයක් ලියපන්කෝ මෙතන ගොං පෝස්ට් දන්නේ නැතුව !

    ReplyDelete
    Replies
    1. සොරි අයියේ
      මම ලියන ඔක්කොම මේ වගේ ඒවානේ!

      Delete
  31. නැගලා ගිහිල්ලා වගේ...

    ReplyDelete
    Replies
    1. සිකේ කියන වල් කතා :D

      ආයිත් අහලා,ඇයි නාවේ?

      Delete
  32. අඩේ.... නියමයිනේ..... :)

    ReplyDelete
  33. adooo ubage post wagayak yanawa http://kinduruvila.tk/ wala.uba danuwathwada nathnam copy da????????????????????????????

    ReplyDelete
    Replies
    1. කොපි බන් උඹ කියනකම් මම දැනන් හිටියේ නැහැ.උන් ඒවා ඉමේජ් විදියට දාලා තියෙන්නේ ඇඩ් වලට වීව්ස් ගන්න.කමක් නැහැ බන් මගේ නිර්මාණයකින් උන් හරි හම්බ කරගන්නවා නම්!

      තෑන්ක්ස් මචෝ පෙන්නුවට!

      Delete
  34. aiye ara uda commet ake kinduruvila.tk mage, den nam aka block mama oyage hoda rasikayek, (කමක් නැහැ බන් මගේ නිර්මාණයකින් උන් හරි හම්බ කරගන්නවා නම්!) mata me kiuwa kathawata harima sthutui......oyagen story ganna ahannath hithuna, but awaye watinakama salli walin maninna mama kemathi ne, jaya wewa !

    ReplyDelete
  35. ලියහංකෝ බං මොනවහරි

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!