Sunday, April 14, 2013

65 ආතල්ම අවුරුදු දවසක්! ඔයාලට කොහොමද?

කට්ටියට අවුරුදු ජය ඇති කියලා හිතනවා මට නම් ලෙසටම ජයයි!.
අපේ ගෙදර ඉතින් සිංහල අවුරුද්දට ලිප ඇවිලෙන්නේ නැහැ මම කලිනුත් කිව්වානේ සිංහල අවුරුද්දට තියෙන්නේ අහල පහලින් එන කෑම කාලා ෆන් එකේ ඉන්න තියෙන්නේ කියලා.

අද ඉරිදනේ ඉතින් උදෙන්ම අපි පල්ලි ගියා.පල්ලියේදී පූජාව ඉවර කරලා එද්දී පියතුමා හැමෝටම සුභ අලුත් අවුරුද්දක් කියලා සුභ පැතුවා.අපිත් සන් ගාලා ගෙදර ආවේ අහලින් පහලින් එන කෑම පිඟන් උණුසුම් ලෙස පිළිගන්න.


නත්තලට,ජනවාරි පළවෙනිදට කකුල් ගෙවෙනකම් ගෙවල් වලට කෑම බෙදන්න ගියාට ලැබෙන ආදීනව තව මොහොතකින් ලැබෙන නිසා ඉක්මනටම ආවා.එද්දිත් කීප දෙනෙක් හැරිලා යනවා ආයේ පිඟන් අරන්.ගෙවල් 35කින් විතර කෑම ලැබෙද්දී හිතාගන්නකෝ කොහොමද කියලා.එක පිඟානක කිරිබත් කෑලි තුනයි,කැවුම් තුනයි,කොකිස් තුනයි,මුන් කැවුම් තුනයි,කේක් කෑලි දෙක ගානෙයි තිබ්බත් ගණන් හදලා බලන්නකෝ!

කිරිබත් නම් වැඩි වෙලා තියාගන්න බැහැ ඒත් අනිත් කෑම නම් දැන් අපේ ගෙදර පිරිලා තියෙනවා ආයේ සති දෙහෙකට විතර ඇති වෙන්න.අම්මා ඒවා වෙන වෙනම පරිස්සමට අරන් තියනවා.


පහුගිය දවස් වල අහල පහලින් කැවුම් සුවඳ කොකිස් සුවඳ එද්දී උහුලන් ඉන්න බැහැ.ඉල්ලුවොත් නම් අනිවා එකක් දෙකක් හම්බ වෙනවා එත් අද දවස වෙනකම් ඉවසන් හිටියා.කොහොම හරි කෑම එන්න ගත්තට පස්සේ පෝලිමේ එනවා නිශාන්!! කියල කෑගහගෙන අසල්වැසියෝ.මම ඔවුන්ට සුභ පතලා පිඟාන අරන් අම්මට බාර දීලා එයාලා එක්ක කයියක් ගහන් ඉන්නවා අම්මා පිඟානේ කෑම ටික අස් කරලා හිස් පිඟාන අරන් එනකම්!

ඊටපස්සේ එයාලා ගිය ගමන් මම කුස්සියට ගිහින් ගෙනාපුවයින් හොඳම කේක් කෑලි,සැරට ලුණු මිරිස් තියෙනවා නම් කිරි බත් කෑලිත් කනවා.ඉවසන් ඉඳීමේ ප්‍රතිපල කියලා උදේ ඉඳන් ආපු පලවෙනි පිඟානේ ඉඳන් මොනා මොනවා හරි කාලා අන්තිමට මට හුස්ම ගන්න බැරුව ගියා.හුස්ම ගන්න බැරුව බුරියත් නිකන් උල් වෙලා මොකක්ද වගේ!!

සැටියට හාන්සිවෙලා අම්මට බාර දුන්නා කෑම පිඟන් බාරගන්න.ඒ අස්සේ පොඩි උන් ඇවිල්ලා වඳිනවා බුලත් දීලා.අම්මා කුස්සියේ හිටිය වෙලාවක මට දෙන්නෙක් වැන්දා.මමත් ඉතින් පොඩි එකානේ මම මුන් දෙන්නගේ ඔලුව අත ගාලා දිර්ඝායුස වේවා කියලා කිව්වා.පස්සේ උන් දෙන්නා ගියාම මම අම්මට කිව්වා සීන් එක.

අම්මා මට බැනපි "ඇයි යකෝ අලුත් අවුරුද්දේ පොඩි එකෙක් වැන්දම කීයක් හරි දෙන්න එපැයි??"

මම දන්නවා ඈ ඉතින් ඕවා.

පස්සේ අම්මා මාරු සල්ලි වගයක් අරන් ගියා පොඩි උන්ට දෙන්න.ඒ දෙද්දී අම්මටත් වැඳලා.මේක දැකපු අපේ පැත්තේ පොඩි සෙට් එක හිතලා වැන්දොත් සල්ලි දෙනවා කියලා අම්මව වට කරන් වඳිනවලු.අම්මත් ඉතින් ඔක්කොටම සල්ලි දීලා හරියට අර පෙප්සි ඇඩ් එක වගේ වඳිනවා වඳිනවා ඉවරයක් නැහැලු.


අම්මා ටක්ගාලා මාරු වෙලා ගෙදෙට්ට ඇවිත් දොරට හේත්තු වෙලා හති අරිනවා,

මම ඇහුවම මට කිව්වා සිද්දිය හිනා වේවි.ඊට පස්සේ ආයෙත් කවුද දොරට තට්ටු කරනවා.මම දොර ඇරලා බැලුවා!!

අම්මට සිරි පොඩි උන් දහයක් විතර බුලත් අරන් ඇවිත් අපේ අම්මට වඳින්න :D.
ඒ අස්සේ ටිකක් ලොකු ළමයිනුත් එනවා.උන්ට රුපියල් 30ක් හතළිහක් දීලා මදිනේ ඉතින් අම්මා එයාලට සීය සීය වගේ දුන්නා.කොහොම හරි අම්මට රුපියල් දෙදාහක් විතර වියදම් වැදිල්ල නිසා!

දවල් වෙද්දී හැම අවුරුද්දෙම සිංහල අවුරුද්දට තියන විවාහක අවිවාහක එල්ලේ තරඟයට ගියා.ගිය අවුරුද්දේ හිටපු අවිවාහකයෝ මේ අවුරුද්දේදී විවාහකයෝ වෙලා.විවාහක ටීම් එකට සෙල්ලම් කරන්න 30ක් විතර ඉන්නවා.අවිවාහක ටීම් එකට මම විතරයි ලොකු එකෙක්ට හිටියේ අනිත් උන් ඔක්කොම පොඩි පොඩි බච්චෝ ටිකක්.

කොහොම හරි තරඟයක් දෙන්න එපැයි.

අනේ ඉතින් මන් තුමා අවිවාහක පිලේ නායකත්වය කරට අරං පලවෙනි පාර ගැහුවා.ඉතා දක්ෂ ලෙස පලවෙනි පහරෙන්ම උඩ පන්දුවක් දීලා අවුට් වුනාලුනේ.කොහොම හරි තරඟය නම් අපි පොඩි සැට් එක පරාදයි! බැඳපු උනත් විවාහක ටීම් එකේ ඔක්කොම කොල්ලෝ හිටියේ.

ගෙදර ඇවිත් ආයේ කැවුම් කාලා කොකිස් කාලා ඒ අස්සේ කොහෙන්ද හම්බුනු බත් එකකුත් අම්මා ගිල්ලුවා.අන්තිමේ නතර වුනේ වමනේ දාලා.

අවුරුදු දවස පට්ට ආතල්.දැක්කනේ කොහොමද මට අවුරුදු ජය වුනේ කියලා.අවුලකට වුනේ කෑම කාලා වැඩි වුන එකතමා.හෙට අනිද්දට පාටියකුත් සෙට් වෙන්ඩ තියෙනවා කන්න නැහැ හැබැයි බොන්න විතරයි.මම මේ යනවාදෝ නොයනවදෝ කියලා හිත හිත ඉන්නේ!


මේ වගේ දවසක් ඔයාලටත් ගොඩක් සතුටු දනවන දවසක් වෙන්න ඇති කියලා හිතනවා!

එහෙනම් කට්ටියටම ලැබුවාවූ නව වසර චොකලට් කිරියෙන් හා කිතුල් පැණියෙන් උතුරන කූඹි නොවසන පැණිම පැණි රස සුභම සුභ නව වසරක් වේවා කියලා පතනවා!!!

මගේ අවුරුදු පැතුම නම් මා එක්ක තරහා වෙලා ඉන්න හැමෝම මා එක්ක ආයේ යාළුවේවා කියලා!! :)


මේ ගිය අවුරුද්දේ සිංහල වුරුද්දට ලියවුනු විහිලු කතාව!

65 comments:

  1. අවුරුද්ද අපටත් ජයයි ඔබටත් ජයයි සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. :) තෑන්ක්ස්

      ජයයි නම් එච්චරයි!

      Delete
    2. මරු මරු අවුරුද්ද නම් අපිටත් ජයයි සුබ අලුත් අවුරුද්දක් වේවා!

      ප.ලි
      @ මඩිස්සලේ නිශාන්
      උඹගෙ ෆොටෝ එකක් දාපන් බ්ලොග් එකේ...!!! මොකද මම ආසයි උඹ මොන වගේ එකෙක්ද කියලා දැකගන්න. මෙච්චර ආතල් කතා ලියන එකා දැක්කෙ නැත්තං අවුරුද්දට කෑවෙ නෑ වාගෙ!!!

      @Mpp Gunasinghe

      ඔයා කවුද?

      Delete
    3. මගේ ෆොටෝස් දාලා මේ එන ටික දෙනාත් එන්නේ නැතුව යයි සහෝ බ්ලොග් එක පැත්තේ :)

      Delete
    4. සැර කෑමක් කාලා වගේ නේ

      Delete
    5. අම්මෝ ඔව් බන් :)

      Delete
  2. ඒ කියන්නෙ අවුරුද්ද පට්ට ජයයි. නියමයි..

    නිශාන්ටත්, අම්මටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා පට්ටම ජයයි :)

      අයියටත් එසේම වේවා!!

      Delete
  3. යකෝ මේකා ඩුඩගේ වචනෙකුත් හොරකම් කරලා මේ අවුරුද්දේ.. බුරි උල්වෙන්න.

    කොහොම වුණත් මලයෝ හරි සතුටුයි ඔයාගේ අම්මගේ චාරිත්තර ගැන නම්. උඹ ගැනත් සතුටුයි බං.ඒ කාලේ සාරි අස්සේ හැංගුණ එකානේ.

    ReplyDelete
    Replies
    1. බුරි උල්වීම ඩූඩ් සර්ගේ වචනයක්ද? ඒත් මම නම් කිව්වේ ඇත්තටම වෙච්ච දේ :)

      සාරි අස්සේ? ග්ර්ර්ර්ර්

      Delete
    2. බුරිය උල් වෙන්න කියන ලස්සන යෙදුම මගේ එකක් නෙවෙයි බං. මමත් ඔය වෙන කාගෙන් හරි අහුලාගත්ත එකක්.

      ලස්සන මතකයන් නිශාන්.

      Delete
    3. මම නම් ඔය වචනේ අල්ලාගත්තේ බුකියෙන් :)

      Delete
  4. nisan malayatath ammath subama suba aluth awruddak wewa!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා සහෝ
      ස්තුතියි!

      Delete
  5. උඹට අවුරුදු ජයයි නේ. එල ඈ..!

    මේ දවස් ටිකේ පැණිරස කෑම කාල ඇති වෙලා බං. දැන් හොයන්නේ කොකිස් එහෙම තමයි. :)

    ReplyDelete
    Replies
    1. අනිවා ජයයි ජයයි ;)

      මට නම් ඇතිවුනා පැණිරස කාලා :)

      Delete
    2. මේක හරි අසාදාරණයි යකෝ, උඹල ඔහෙට වෙලා කැවුම් කොකොස් කන්නයි, අපි මෙහෙ හූල්ලන්නයි, කෑවා මදිවට තව විස්තරත් දානවා..
      මල්ලියෝ, ඔයාටත් අම්මටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!! හිතේ තියන හැම පැතුමක්ම ඉෂ්ට වේවා..

      Delete
    3. ඊරිසියාකාරියෝ!! ඉතින් හදන් කාපියකෝ :)

      ස්තුතියි අක්කා ඔයාටත් එසේම වේවා!

      Delete
  6. පුතාටත් අම්මටත්....සුබ අලුත් අවුරුද්දක් වේවා.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියා ඒ වගේම එසේම වේවා!

      Delete
  7. සුභම වෙලානේ මූට! මේ පාටියට ගියාට කමක් නෑ! සුර් නොවී හිටපන්! මොකටද බං ඔය ජරාව....?

    ReplyDelete
  8. එහෙනං නිශාන්ලටත් අවුරුදු ජයයි.

    ReplyDelete
  9. ඔබටත් ,
    සාමය සතුට සෞභාග්‍යය පිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  10. දැන් ඉස්සරහට වෙසක් හොඳේ...

    ReplyDelete
    Replies
    1. ඊට කලින් තව අවුරුදු උත්සව දෙක තුනක් තියෙනවා :)

      Delete
  11. නිශාන්ටත් පවුලේ සැමටත් සුභ අළුත් අවුරුද්දක් වේවා! තෙරුවන් සරණයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කා
      එසේම වේවා!

      Delete
  12. බඩ යන්නම අවුරුදු හම්බුවෙලා වගෙයි. අහන්නත් සතුටුයි. මීළඟ අවුරුද්දත් මෙසේම වේවා කියලා පතනවා.

    ReplyDelete
    Replies
    1. කාල කාලා සික්ස් පැක් ටිකත් මැකිලා :)

      Delete
  13. ආ ..... උඹට අවුරුදු ජයයි වගේ. වැඩේ තියෙන්නෙ අවුරුදු දවස්වලට කොච්චර තිබුනත් කන්න බෑ බං, බඩ පුරා දාපු වගේ, හවස්වෙනකොට කෑම දකිනකොටත් එපා වෙනව.

    පොඩි දවස්වල අපිත් ඔය වැඳිල්ල නිසා කීයක් හරි හම්බවෙනවට ආසයි. ඒත් දැන් ඒකෙ අනිත් පැත්ත වෙලානේ තියෙන්නෙ.

    නිශාන්ටත් පවුලේ අයටත් මේ අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන නිදුක් නීරෝගී සුව ලැබෙන වාසනාවන්ත සුබ අළුත් අවුරුද්දක් වේවායි කියල මම ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. අප්පා ඔව් අයියා දැන් කැවුම් කොකිස් දකිද්දීත් අප්පිරියයි :)
      අයියටත් එසේම වේවා!

      Delete
  14. අවුරුද්ද ජයයි එහෙනම්.කැට ගහන,බුරුවා ගහන පොට් ඔය පැත්තේ නැතෙයි බන්.....??

    ReplyDelete
    Replies
    1. කැටගහන පොට් නම් එමටයි බන් ඒත් මම ගියේ නැහැ!

      Delete
  15. එසේම වේවා මල්ලි!

    ReplyDelete
  16. ඔබ සහ ඔබගේ පව්ලේ සැමට සුභ අලුත් අව්රුද්දක් වේවා.

    ReplyDelete
  17. දැන් අම්මාට හොඳට සුව ඇති කියා සිතනවා. ගෙවල් 35 කින් පිඟන් එනවාද?ඔය සේරම කන්නේ කොහොමද? ඔබටත් අම්මාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. අම්මට දැන් හොඳයි සීනි නම් ඉතින් හොඳ වෙන්නේ නැහැනේ!
      හ්ම්ම් ගෙවල් 35කින් එනවා.ඔක්කොම කන්න බෑ එන එන අයට අම්මා පාර්සල් පාර්සල් දෙනවා :)

      Delete
  18. ඊ ළඟ සැරේ උඹටත් විවාහක පිලට යන්න ලැබේවා කියලා පතනවා.

    ReplyDelete
    Replies
    1. මන්නම් හිතන්නේ නැහැ :)

      Delete


  19. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝදරි ඔයාටත් එසේම වේවා!

      Delete
  20. නිෂාන් මලයටත් ප්‍රීතිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියල පතනව.

    මාර කෑමක්නෙ කාල තියෙන්නෙ.

    'මගේ අවුරුදු පැතුම නම් මා එක්ක තරහා වෙලා ඉන්න හැමෝම මා එක්ක ආයේ යාළුවේවා කියලා'
    මගෙත් පැතුම ඒක තමයි. හැමෝම කොහොම වෙතත් අත්‍යවශ්‍ය දෙන්නෙක් ඉන්නව. (ගෑණු ළමයි එහෙම දෙමෙයි)

    ReplyDelete
    Replies
    1. කෑවත් කෑවේ නැහැ ඒ වගේ කෑමක් :)

      මගේ තරහා ලිස්ට් එකෙත් දෙන්නෙක් ඉන්නවා එක්කෙනක් ගැහැණු දැරිවියක් අනිකා නම් හෙන නාකි මරුමුස් ඩයල් එකක් :)

      Delete
  21. My Missing Comment:

    මොනවා බං? වැන්දාම සල්ලි දෙන සිරිතකුත් තියෙනවද? මම ඔය ඇහුවාමයි. ඇත්තමයි.

    මේ, දැන් උඹ අර අමාරුවෙන් බර අඩුකරගෙන සික්ස් පැක් එකෙන් හතරක්ම ගත්ත එකේ, කැවුම් කොකිස් ගිලලා ආයෙම පුස් ඌරා වගේ මහත් වෙයි බොල. බලාගෙන!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් හෙන්රි සර් වැන්දම අතට කීයක් හරි දෙන එක පරණ පුරුද්දක්නේ! එකෙන් පොඩි උන් සතුටු වෙනවා මටත් පොඩි කාලේ මඥ්ඥාටයි පඥ්ඥාටයි(step mother and step father) වැන්දම කීයක් හරි හම්බ වෙනවා.

      Delete
    2. වැදගත්ම එක අමතක වුනා!

      අපෝ ඔව් කැවුම් කොකිස් කාපු නිසා එදා ප්‍රධාන රාත්‍රී ආහාර වේල කෑවේ නැහැ අනික දැනටත් පැයයි විනාඩි දහයක් දවස ගානේ එක්සයිස් කරනවා :)

      Delete
    3. Godmother and Godfather වෙන්නැති නිශාන්. ඔය අර බෞතීස්ම කරනකොට ‍තෝරාගන්න දෙන්නනෙ?

      Delete
    4. හරියටම හරි (Y)

      Delete
  22. සුබ අලුත් අවුරුද්දක් වේවා මිත්‍රයා...!!

    ReplyDelete
  23. තරු විසික් වෙනවා ඈ
    එසේම වේවා :)

    ReplyDelete
  24. බලාගෙන ගියාම මේ නත්තල් අයියටනේ අවුරුදු සරු.. හක්... !! :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් නංගි අපිට තමා සරු :)

      Delete
  25. ඔය දෙමළ ටිකනම් හරියටම ගැ‍ලපෙන අකුරුද කියල බලපන් මල්ලියේ සැමාගෙ හැටි නොදන්නව නෙමෙයිනෙ සින්දු කවි කරන බොරු සින්දු කියන කෙනා බොරු දෙමළත් දාලද කවුද දන්නේ........

    ReplyDelete
  26. හික්ස්...........ලබන අවුරුද්දෙ ඉදල සිත්තමී අක්කත් ඔයාලගෙ පැත්තට එන්න ඉන්න නිසා මගේ කෑම පිගානත් වරදින එකක් නෑ මලයෝ............

    ReplyDelete
    Replies
    1. මේ ඇත්තට මෙහෙට ආවම මට කියනවා හරිද? මම එන්නම් ඒ පැත්තේ!!!

      Delete
  27. හික් හික් අනිවා ඕවා අන්ඩර දෙමල වෙන්න ඇති!

    ReplyDelete
  28. නිශාන් මල්ලිටත් අම්මාටත් සුබ අලුත් අවුරුද්දක්!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්ස් :)

      Delete
  29. මට නම් අවුරුදු තිබුනේ නෑ බං. අවුරුද්ද දවසෙත් අම්ම කොළඹ මහ රෝහලේ දැඩි සත්කාරේ.අවුරුද්ද පහන් කරේත් ඉස්පිරිතාලේ තමයි.ඊයේ පෙරේද වෙනකම් මං තුන්වේලටම ඉස්පිරිතාල බඩ ගෑවා.දැන් අම්මට ටිකක් හොඳයි. දැන් තමයි ඉතින් මට අවුරුදු. :-)

    ReplyDelete
    Replies
    1. ඇයි මචන් අම්මට මොකද?

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!