Monday, March 19, 2012

27 අද කක්කා කරන්න ගියේ නැහැ ටීචර්!!!

(තවත් එක කක්කා කතාවක්)එකමත් එක බොහොම දුෂ්කර පළාතකට ඔන්න අපේ කැම්පස් අක්කා කෙනෙක්ට ගුරු පත්වීමක් හම්බුනාලු.මෙයා වැඩ බාර ආරගෙන මේ ගමට ගිහින් පාසලේ ඉගැන්වීමේ කටයුතුත් හොදට කරන් ගිහින්.


මෙයා හරි හිත උණුවෙන හොද ගතිගුණ තියෙන ටීචර් කෙනෙක් හොදේ.ඉතින් පන්තියේ ළමයි ගැන හොයලා බලනවලු.මෙයාගේ පන්තියේ දුප්පත් පවුලක ගෑනු දරුවෙක් හිටි හැටියේ පාසල් එන එක නැවත්තුවලු.ඉතින් මේ ටීචර් තුමිය දැරියගේ නිවස හොයන් ගිහින් අම්මගෙන් ඇහුවලු ඇයි ලමයව පාසල් එවන්නේ නැත්තේ කියලා.එතකොට අම්මා කිව්වලු ඇත්තම සීන් එක.ඒ කියන්නේ දුප්පත් කම තමා පාසල් එවන්න තියා කන්ඩ බොන්ඩ දෙන්නවත් සල්ලි නැහැ කියලා.

             හොදටම හිත උණුවන අපේ ටීචර් තුමිය කිව්වලු අම්මේ අම්මා කොහොම හරි ලමයව ඉස්කෝලේ එවන්නකො පොත් පත් ටිකයි කෑම ටිකයි නම් මං මොනවා හරි දෙන්නම්කො කියලා.

  ඉතින් අර අම්මා හැමදාම ළමයාව ටීචර්ගේ ඉල්ලීම මත පාසල් යැව්වලු.ටීචරුත් ඕන කරන පොත් දෙක තුන අරන් දීලා.හැමදාම වැඩිපුර කෑමත් අරන් ආවලු දැරිවියට දෙන්න.

    කෘතගුණ දන්නා මේ දැරිවියත් තමාගේ මේ ආදරණීය ගුරු මෑණියන්ට හැමදාම වෙරළු ගෙනත් දෙන්නට පුරුදු වුනාලු.ඒ කියන්නේ හැමදාම පාසල් විවේක කාලයේදී ගුරු මෑණියන්ගේ ආහාර ලබා ගැනීමට එන ගමන් හොද ලොකු වෙරළු ගෙඩි 5,6 ක් දෙනවලු.මේවා හරි රසයිලු.ටීචරුත් මේවා දෙනකන් බලන් ඉන්නවලු.

          දවසක් ඔන්න විවේක කාලයේදී ළමයි කෑම කද්දී වෙනදා පරිදිම අර දැරියත් ගුරු තුමිය ගාවට ආවලු කෑම ලබා ගන්න. ගුරු තුමිය කෑම ටික දීලා වෙරළු ගෙඩි බලාපොරොත්තුවෙන් දැරිය දිහා බැලුවාලු.

ටීචර්ගේ බැල්මේ අරුත දැනගත් දැරිය කිව්වලු ටීචර් අද වෙරළු ගෙනාවේ නැහැ ටීචර් කියලා.

ටීචර් ඇහැව්වලු ඇයි ****** අද වෙරළු ගෙනාවේ නැත්තේ?කියලා

දැරිවිය අහිංසක ලෙස බිම බලමින් වරදක් කල එකියක් මෙන් කිව්වලු ටීචර් අද අම්මට නැගිටින්න පරක්කු වුනානේ ඉතින් අම්මා මාව අද කක්කා කරන්න පහල වත්තට යැව්වේ නැහැ පරක්කු නිසා.මං වෙනදට කක්කා කරන්න යන්නේ පහල වත්තේ වෙරළු ගහ යටටනේ.අද කක්කා කරේ ගේ පිටි පස්සෙනේ කියලා.

පන්තියේ අනිත් ළමයි අප්‍රසන්න බැල්මක් මේ ටීචර් දිහාත් දැරිවිය දිහත් බලපු නිසා ටීචර්ට මොනා හිතුනද දන්නේ නැහැ.

27 comments:

  1. ටීචර්ට කාපු වෙරලු වමාරන්ඩ හිතෙන්ඩ ඇති... හිහ්..

    ReplyDelete
  2. ටීචර් පවු අප්පා...

    ReplyDelete
    Replies
    1. මෙච්චර දවසක් කාපු වෙරළු හින්දද බං?
      :)

      Delete
  3. ඕක් ඕක්..ඕක් ගාලා ටීච වෙරළු ටික දැම්මලු...

    ReplyDelete
    Replies
    1. උබ දන්නේ කෝමෙයි?.

      Delete
  4. කුම්බලා මාළු කෑවා නං දුක විඳපන් පූසෝ

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් මක්කක් කොරන්ඩෑ නෙහ්? :)

      Delete
  5. අයියෝ වෙරළු ගෙඩි ... :O

    ReplyDelete
  6. අපරාදේ වෙරළු.

    ReplyDelete
  7. අහ්! පෝෂ්‍යදායී වෙරළු වෙන්ටැති.
    නැතිවුනු 'ඊයා....' පෝස්ට් එක මේකද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ගොඩාක් පෝෂ්‍යදායි. :)
      ඊයා එක නෙවේ :(

      Delete
  8. අද තමයි නිවාඩුවක් ආවෙ අතපහු වෙච්ච බ්ලොග් ටික කියවන්න..ඒ ළමය්ගෙ අම්මගෙ වැරැද්ද මන් නම් කියන්නෙ..

    ReplyDelete
    Replies
    1. අම්මා වේලාසන නැගිට්ටා නම් ටීචර් මේවා දන්නේ නැහැනේ නෙහ්? :)
      බෝම ස්තුතියි අයියා මේ පැත්තේ ආවට.

      Delete
  9. ටීචර් කක්ක කාලා.. එල එල..

    ReplyDelete
  10. ඒ ටීචර් පවු නේ.
    පෝෂ්‍යදායි වෙරලු ටිකක් !!!

    ReplyDelete
    Replies
    1. පෝෂ්‍යදායි ඒවා කෑවම පව් වෙන්නේ කෝමෙයි? :)

      Delete
  11. මෙව්වා කක්කා වෙරළු...

    ReplyDelete
    Replies
    1. රස ගුණ පෝෂණය සපිරි

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. අපෝ ඔය වෙරලු ඇඹුල් (නරියත් කියලා තියෙනවානෙ)

    ReplyDelete
    Replies
    1. ඔයා නරියන්වත් ආශ්‍රේ කරනවද? :D

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!