කලින් මතකනේ ඇස් වාට්ටුවට ගිහින් එද්දී අක්කා කෙනෙක් මං ගැන හිතපු හැටි? එදා මම ඇස් වාට්ටු ගියේ ඇයි කියලා මගේ යාළුවො දෙතුන් දෙනෙක්ම මගෙන් ඇහැව්වා
අවුරුදු එකහාමාරක් මම කොම්පියුටරය ඉස්සරහා රෑට රෑට ගත කරලා අන්තිමට මගේ ඇහැකට මම කෙලවගත්තා කිව්වොත් වැරදි නැහැ.පහුගිය දවස් වල බ්ලොග් දෙක තුනකම වැටුනා
පරිගණකයක් ඉස්සරහා වැඩි වෙලාවක් ගත කිරීම නිසා ඇස් වියලෙනවා කියලා.ඕවා අනිත් අය වගේම මම ගණන් ගත්තෙත් නැහැ .ඒත් ඇස් වේලිලා ඇසෙ තෙතමනය රඳවාගන්න ක්‍රමවත් වන වැඩ පිළිවෙලක් වෙනස් වෙලා මගේ වම් ඇහැ යට ගෙඩියක් ඇවිල්ලා.
ඒකට මොන මොන බෙහෙත් ගත්තත් හරිගියේ නැහැ අන්තිමට ඇස් වාට්ටු ගියාම එතනිනුත් දුන්නා ක්‍රීම් එකකුයි ඇහැ පිරිසිදු කරන්න උපදෙස් සහිත පත්‍රිකාවකුයි.සති දෙකක් ඒ විදියට කරලා හරිගියේ නැත්තම් ඇහැ ඇතුල් පැත්තෙන් කපලා ඒ ගෙඩිය අයින් කරනවලු ඒක ඇත්තටම පොඩි ඔපරේෂන් එකක්.මම නම් ඔපරේෂන් වලට ටිකක් බයයි.
ඔන්‍න ඕකයිලු මම ඇස් වාට්ටු යාමට හේතුව හරිද.
මම කොහේ ගියත් මට මොකක් හරි වින්දනීය දෙයක් දකින්න ලැබෙනවනේ ඉතින් එදා ඇස් වාට්ටුවේ පෝලිමේ ඉද්දි ඒ පෝලිමේම හිටියා
ඒත් ඒ පෝලිමේම මම වගේම තවත් කොල්ලෙක් හිටියා.මිනිහා නම් මං වගේ දැහැමින් සෙමින් පොරක් නෙවේ ඒ යකා එතන හිටපු ගෑනු උදවිය එක්ක හරි හරියට මුසාවාද දොඩවනවා.මම නම් වැඩිය සද්දේ නැතුව ශේප් එකේ අක්කලාට බැල්මත් දාගෙන මගේ පාඩුවේ හිටියා.
එතන අලුතෙන් ගිය අයට කතා කරන්නේ ටිකට් එකේ තියෙන නම්බරේට අනුව ඒත් පරණ අයට කතා කරන්නේ ටිකට් එකේ තියෙන නමයි ගමයි කියලා.අර අක්කලා දෙන්නත් පරණ දෙන්නෙක් මොකද එයාලට කතා කරෙත් නමයි ගමයි කියලා.
මට එතන වෙච්ච වින්දනීයම දේ වුනේ ඒ නමුයි ගමයි තමා
නම් ගම් කියලා කතා කරන නර්ස් වගේ ඇන්ටි කෙනෙක් අපි පෝලිමේ ඉද්දි
සෝමාවතී අම්පාර ජයවතී අම්පාර දෙන්නා එන්ඩ...........
කියලා හයියෙන් කෑගහනවා.
මං ඉතින් බලන් හිටියා ඇන්ටිලා දෙන්නෙක් හරි ආච්චිලා දෙන්නෙක් හරි නැඟිටලා යයි කියලා ඒත් නැඟිටලා ගියේ අර අක්කලා දෙන්නා.
ඒ දෙන්නගේ නම් තමා සෝමාවතියි ජයවතියි ඇවිල්ලා තියෙන්නේ අම්පාරේ ඉඳලා මං හිතුවේ සමහර විට ඒ එයාලගේ අම්මලාගේ නම් කියලා ඒත් පරීක්ෂණ කාමරේට මම ගියාමයි දැක්කේ ඒ දෙන්නගෙත් ඇස් පරික්ශා කරනවා .
________________________________________________
සඳහන් කල යුතුම දේකුත් තියෙනවා!.
මම ඉස්සෙල්ලාම ඇතුල් වෙන තැනින් ටිකට් එක ගද්දි එතන හිටපු අයියාට මම විස්තරේ කිව්වා ඇහැ ගැන අනේ ඒ අයියා මට පුතේ කියලා කතා කරලා ටිකට් එකත් දීලා යන්න ඕන තැනුත් කියලා දුන්නා.
මේක නම් අර කෙල්ලෝ දෙන්නට ගහපු සුපිරි මඩ පාරක් වගේ :D
ReplyDelete:D අනේ මම එහෙම නැහැ බං
Deleteඔය හොටු කෙල්ලන්ට මඩ ගහලා මදි.. :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ආයේ අලුතෙන් ගහන්න ඕන නැහැ බං
Deleteහොටු කෙල්ලෝ :)
විවෘත ආර්ථිකේ අනිසි විපාක හැටියට ඕවා දකින්න පුළුවන් (මම මේ කොහේදෝ මන්දා දැක්ක එකක් ලිව්වේ ඈ)
ReplyDeleteඔහොම ඇස් වේලනවට කරන්න ප්‍රතිකර්මයක් කියන්නකෝ අයියේ සෑහෙන්න වටිනවා ඈ මගෙ ඇස්වලින් හිටු කියලා කඳුලු එනවා මේකද දන්නෑ කේස් එක...
විවෘත ආර්ථිකේ? :P
Deleteබෙහෙතක් දුන්නා ඒ ගෙඩියට ගාන්න ඔයින්මන්ට් කියලා ක්‍රීම් එකක්.බැස්සේ නැත්තම් කපනවා කිව්වා ගෙඩිය අම්බෝ.. :(
අක්කලාටත් එහෙම කිව්වද බං
Deleteනැහැ බං අම්මා ළඟනේ එවෙලේ :(
Deleteබැස්සෙ නැත්තම් එන්න කියල කිව්වෙ අර අක්කල දෙන්නද බං........දෙන්නෙක් ඉන්න හින්දා යද්දි මාවත් එක්කන් පලයන් ඈ
Deleteකොහෙද උඹ දෙන්නෙක් දැක්ක ගමන් සැලෙනවානේ
Deleteහූ ඈ අක්කල දෙන්නට :D
ReplyDelete-------------------
බුබුළු නගින බෙලිකටු !
හූ එකක් මගේ ගානෙත් :)
Delete(Y)
කීබෝඩ් එකේ Backspace කියලා කී එකක් ඇති. එහෙම නැත්නම් <- ඔහොම ඊතලයක් ගහපු එකක් ඇති. ඒක ඔබපුවාම වැරදිලා ටයිප් වෙච්ච ඒවා මකන්න පුලුවන්. එහෙම නැත්නම් මවුස් එකෙන් සිලෙක්ට් කරලා Delete කී එක ඔබන්න.
ReplyDeleteවැරදිලා වෙන්ටෑ මයේ හිතේ කොමන්ට් කරන්න ඇත්තේ..
Deleteඅර කපලා තියෙන අකුරු මකා ගන්න හැටියි කිව්වෙ
Deleteහැබෑද? කලින් කියන්න එපැයි බං අයියෝ..
Deleteහිහි.... මේ කොමෙන්ටුවට මට හරි හිනා හරී
Deleteඔයා හිනාවෙන එකම ලොකු දෙයක් :)
DeleteAi ampare kellanta mod wenna berida ayya.. Kolamba kello witharada mod wenna one...
ReplyDeleteNama mokak unama moko ayyaaa
හැබෑ නේන්නම් මලේ :)
Deleteඔයාගේ කතාවත් ඇත්ත.
අනේ මංදා බන්...අර ඇනෝ කිව්වා වගේ අම්පාරෙ උන් හමදාම රෙද්දයි හැට්ටෙයි ඇඳගනම ඉන්ඩ ඕනද ?
ReplyDelete:) මොකෑ ඇන්දම අපිට මොකෑ නේද බං
Deleteඅනේ මන්දා මේකත් ඇහේ ගෙඩියක් හදාගෙනත් ඇහෙන් කරන දහදුරා වැඩ ටික නවත්තලා නෑනේ
ReplyDeleteමම කිසිම දහදුරා වැඩක් කරන්නේ නැහැ බං :)
Deleteඔය කිවුවට ඇහැ අප්සට් ගිහින් තියෙන්නේ මේවා බලලද කොහේද?
ReplyDeleteවිහිළුවක් කලේ.. දැන් ඇහේ අමාරුව හොදෙයි??
මම අහිංසකයි මගේ පැතුම් මටත් වඩා අහිංසකයි :D
Deleteදැන් නම් ගෙඩිය ටිකක් බැහැලා සහෝ සම්පූර්නෙන්ම බැහැලා ගියොත් හොඳයි.
මේ ලගදි මොකෙද්ද ඇමතියෙකුත් කියල තිබුන ගමේ කෙල්ලෝ කලිසම් අදින්නේ රටේ ආර්ථිකේ හොදනිසා කියලා
ReplyDeleteඇමතිලා කියනවා නම් ඇත්ත වෙන්න ඇති සහෝ :)
Deleteකස්ටියම වරෙල්ල! අපිවත් මූට අයියේ කියමු බං.පව්නේ!
ReplyDeleteනිශාන් අයියේ නියම කතාව!
අයියලා මට පුතේ කියනවට තමා මම කැමති :D
Deleteමේක කරකවලා ගහපු කනේ පාරක්.
ReplyDeleteකාටද :D
Deleteඋඹ ඔය උඩ දාලා තියෙන අක්කලා දෙන්නගේ රූප හොයද්දි තව කීදෙනෙක්ගෙ නම් රූප එන්න ඇතිද.... නේනේනේද..... :D
ReplyDeleteඋඹේ වල් හිත :)
Deleteමේ ඕක උබ කෙල්ලන්ට මඩක් ගහන්න ගොතපු කතාවක් නේද?
ReplyDeleteකොලබට වඩා දන ගම්වල කෙල්ලෝ මොඩ් බං..
පිස්සුද බං මම කාටවත් මඩ ගහන්නේ නැහැනේ උඹ ඒක දන්නවනේ :)
Deleteමතං ඇත්තමද ඔය, යකඩො මමත් සමහර දවස්වලට (පහුගිය කාලෙ එකදිගට හැමදාම) උදේ 9 ට විතර මේක ඉස්සරහින් ඉඳ ගත්තම රෑ 1 - 2 ට තමා කම්පීතරේ වහන්නෙ. ඒකට මොකුත් ප්‍රතිකර්මයක් කිව්වෙ නැත්ද බං.
ReplyDeleteකොහොම උනත් උඹේ ලෙඩේ ඔපරේෂන් නැතුව, ඔය බෙහෙත්වලින්ම සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
ප්‍රතිකර්මෙට ක්‍රීම් එකක් දුන්නා ගාන්න ගෙඩිය ටිකක් විතර අඩු වෙලා සම්පූර්නෙන්ම බැස්සොත් හොඳයි
Deleteප්‍රගතිශීලී ජනතාව ඉන්න රටක් මේක
ReplyDeleteනාමිකව ග්‍රාමීය උනාට භෞතිකව නාගරීකරනය වෙලා
සම්පූර්ණ ඇත්ත කතාව අපේ ගම් වලත් දැන් සබ්‍යත්වය ඉවරයි.
Deleteඕක මාත් දැකලා තියෙනවා...පෙනුම කොළඹ හතේ වගේ තිබ්බට නම ඇහුවහම කලන්තේ දානවා ;p
ReplyDelete:D
Deleteඇස් දෙක ගැන මගේ සෝකය...
ReplyDeleteබොහොම ස්තුතියි සහෝදරයා..
Deleteමගේත් ඇස් වල කදුලු එන සීන් එක තියනවා අප්පා.. කවුරුහරි උත්තමයෙක් ඉන්නව නම් ඇස් වල ගැන තිබ්බ බ්ලෝග් ලින්ක් එක දෙන්න..
ReplyDeleteමම නම් දන්නේ නැහැ සහෝ ඒත් අනිවා හම්බුනොත් ඔයාටත් දෙන්නම්
Deleteකෝමාරිකා දෙකට පලලා කෑලිදෙක ඇස් වලට තියා ගන්න
Deleteදැන් ගම දියුනුයිලු .දැන් ගම්වල කෙල්ලොත් ඩෙනිම් අඳිනවලු.මතකද දේසපාලුවෙක් කිව්වා
ReplyDeleteගම නම් දියුණුයි ඒත් ගමේ තිබ්බ සබ්‍යත්වයත් ඉවරයි බං
Deleteමේ සඳරුවලැයි ගමේ කෙල්ලො දෙන්නෙක් නේ.. සුවර් එකට සඳරුව අදුරනව ඇති
ReplyDeleteඒකනම් මට අහන්න අමතක වුනා බං
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඔහ් ඩිලීට් කරලනේ
Deleteහිකිස්,.,., ඔවුව්වා ඔහොම තමයි,.,මේ නාකියා මල්ලි මල්ලි ක්ඉයල කියාගන්න දගලන තරන් අම්මපා ,., :D
ReplyDeleteනාකියා? අනේ පල ගෙම්බා යන්ඩ :D
Deletehoda wade computer eka laga godak wela hitiyata.(wihiluwta hode hoda wade kiyala kiwwe :) chutima chuti nishan ayye........welawata beheth bila ikmanata oka hoda karaganna one.oka ikmanatama hoda wenna kiyala prartana karanawa hode.....
ReplyDeleteහොඳ වැඩේ කිව්වා නේද? :(
Deleteචූටිම චූටි නිශාන් අයියා කියපු එකට නම් මම ලයික් ඈ :)
පොෂ් වෙන්නත් ඕනේ අකුරු දන්නෑ කිව්වා වගේ
ReplyDeleteඒකනේන්නම් :)
Deleteහපොයි...අපේ මල්ලිටත් වෙන වැඩ...හ්ම්ම්...
ReplyDeleteඅනේ පව් ඒ අක්කිලා දෙන්නට... නම් වෙනස් කළානම් හොදයිනේ...
මල්ලි නෙමේ... නිශාන් !!!
Deleteඒකනේ මටමයි වෙන්නේ අක්කා :(
Deleteමං කිව්වා ඒ දෙන්නට නම් වෙනස් කරගන්නට කියලා.
ඇස් රිදෙන එක අහන්ඩත් දෙයක් යෑ. පොඩ්ඩක් පරිස්සමින් ඉන්ඩ මලේ. ඇහේ පොට යයිද මන්දා. හික්ස් :)
ReplyDeleteමගේ නම් පොට යන්ඩ පොටක් නෑ....
පොට මගෙත් ගිහින්ද දන්නේ නැහැ :D
Deleteහපොයි..ඇස්වාට්ටු ගිහින් ඉවර වෙද්දි කතා පොතක්ම ලියන්න පුළුවන් වෙයි වගේ....(හේ..හේ..)
ReplyDeleteදැන් බෙහෙත් ගත්තට පස්සේ ඇස් රිදෙන එක අඩුයිද..?
ඇහැ රිදෙනවා නෙවේ නංගි ඇහේ යටින් පිල්ලමේ ගෙඩියක් වගේ එකක් තියෙනවා කිසිම වේදනාවක් නැහැ ඔව් දැන් බෙහෙත් ගාන නිසා ඒක ටිකක් විතර අඩුයි.
Deleteනිශාන්ගෙ ඇහැට වුනයි කියන දේ මම අපේ චූටි පුතාටත් කතා කරලා කිව්වා. ඒක මටත් හොඳ පාඩමක්. ගියපාර පෝස්ට් එකෙන් අම්මගෙ තුවාලෙ ගැන අහලා කම්පාවුනා.
ReplyDeleteනිශාන්, මේ කතාවෙනුත් මතුවෙන කාරනා තවත් තියෙනවා. ඔය නම අනුව පරම්පරාව හොයන්න පුලුවන්කම තියෙන්නෙ අපේ රටේ විතරක් වෙන්න ඇති මම දන්න විදියට. මගෙ වයසෙ තමාරලා මහේශිලා ඉන්න කොට මගෙ ගෝලයෙක් හිටියා අම්පාරෙ සීලවතී කියලා. ඒ නම ඒ යුගයට නොගැලපෙන නමක්. දාල තියෙන්නෙ අම්මලගෙ දැනුම අනුව. අනික අර දිය සායයි බ්ලවුස් එකයි වන අපේ ගෑනුන්ගෙ ජාතික ඇඳුමම ඇඳං ඉන්න ඕනෙය කියලා එකක් නෑනෙ නේද?
ඇහැ නොසලකා ඉන්න එපෝ.
තව අර උඩ කමෙන්ට් එකක් දාලා තියෙන DDTයාට ඇවිල්ල ගහන්න හිතුනා උගෙ ක්‍රියාපිලිවෙත ගැන ඇහුවාම! :)
henryblogwalker the Dude
ඔව් මම මේක ගොඩක්ම ලිව්වෙත් කට්ටිය ප්‍රවේසම් වෙයි කියලා තමා.
Deleteමගේ යාලුවෙකුත් හිටියා අනුරාධපුරේ ඉඳලා ආපු කොල්ලෙක් සිරිපාල කියලා.අපි කවදාවත් එයාගේ හිත රිද්දුවේ නම් නැහැ ඒකට විහිලු කරලා.
ddt අයියට වෙන වැඩ නැද්ද කොහෙද :)
දෙයියනේ .... ඩූඩ් අයියා, නිශාන්, මේක මගේ රස්සාව. උඹලයි හිතේ මම මේ මඟුල ඉස්සරහට වෙල ගේම් ගහනව, මූනූපොතේ පිස්සු නටනව කියලද. හැබැයි අකමැත්තෙන් නෙවි, බොහොම කැමැත්තෙන් ඉන්නෙ. එච්චරවෙලා යන්නෙ රස්සාවට අමතරව (ඒක පැය අටේ, ඔෆීස් එකක ඉඳන් කරන ජොබ් එකක් නෙවි) මගේ විවේකෙත් ගෙවන්නෙ මොනිටරේ ඉස්සරහ නිසා. ඒ බ්ලොග් කියවන එකයි, ෆිල්ම් බලන එකයි.
Deleteඉතින් ඒ ගැන කලින් අපිව දැනුවත් කරන්න එපැයි :)
Deleteubata gediyak awillada ah? :D
ReplyDeletekapanawa qwe mokakda bn? gediyada?
ShANakA
ඔව් බං ගෙඩියක් ඇවිල්ලා හැබැයි ඇහේ :P
Deleteඅයියෝ ඔහොම කියන්න එපා ..ලස්සන නම් දෙකක්නේ ..
ReplyDeleteමං කැතයි කිව්වද ඉතින්? :)
Deleteකවුද දන්නේ ඒ කොල්ලෝ දෙන්නා වෙස්වලාගෙන රජකාරියකද කියලා ?
ReplyDelete:D වෙන්න ඇති
Deleteහික්ස්
ReplyDeleteඅර අය්යාට විතරයි උඹව හරියට පෙනුනේ :ඩ්
අඩේ මගෙත් ඇහේ පොට ගිහිල්ලද මන්දා බොලව්, මේ පුබුදුගෙ ප්‍රොෆයිල් පික්චර් එකේ උඹලට මොනවද පේන්නෙ? මට නම් පේන්න්නෙ 18+ එකක් බං.
Deletehenryblogwalker the Dude
හප්පුච්චියේ ඩූඩ් අයියා හොඳටම නරක් වෙලා.
Deleteබය වෙන්න එපා. ඇහේ පොට ගිහින් නෑ තවම. දකින දෙයින් ඇහේ ආපාතනය වෙන ප්‍රතිබිම්බය මොළේට සන්නිවේදනය වෙන අතරෙ රැම් එකේ රැඳිල තියෙන කුණු ගොඩවල් නිසා ෆයිල් එක කරප්ට් වෙනව. ඒකයි ඔය විකාර පේන්නෙ. ඔය රෑට රෑට නිදිමරාගෙන හොරාට බලන ඒව බැලිල්ල ටිකක් අඩුකරානම්. :)
තුන් දෙනාටම :D
Deleteඇස් වාට්ටු ගියාට වැඩක් නැ.
ReplyDeleteකෙල්ලන්ට ගූ ඇහැ දාන එක නවත්තපන්
වැල බලන එකත් නවත්තපන්
උඹ් ඇස්වල පොට යාගන එන්නේ
මං ඕවා කරන්නේ නැහැ :D
Deleteසිරාද කොම්පීතරේ සමග වැඩි පැය ගණනක් රාජකාරී කොරන අයෙකි... ඇස් බේරාගැනීමට විශේෂ කණ්නාඩියක් පළදිමි, එය හොද ආරක්ෂක ක්‍රමයක් ලෙස අන් අයටද යෝජනා කරමි....අක්කලා ගැන මට ඇති උපකල්පනය නම් දෙදෙනාම මැදපෙරදිගෙන් මෙරටට ගොඩ බැස මොඩ් වූ අයවලුන්ය.
ReplyDeleteආවට ගියාට ඇස් කන්නාඩි දාන එකත් හොඳ නැහැ බං.
Deleteඅක්කලා දෙන්නා ගැන ඔයා කිව්ව දේත් වෙන්න පුළුවන්.
ආශ්චර්්‍ය ගමට ගිහින් දියුනුවෙලා තියෙන තරම..!
ReplyDeleteහිකිස් පව් වැඩේ...
ReplyDeleteපව් මම නේද?
Deleteඔන්න මාත් ඇවිත් හිනා වුනා :)
ReplyDeleteහෑ ඇයි එහෙම හිනා වුනේ? :D
Deleteඔය පේන්නෙ නැද්ද කොච්චර ඇස් අමාරු තිබුණත් ඇහැ නොදා ඉන්නම බෑ.ඇස් වාට්ටු ගිහින් ලියපු 2වෙනි කථාව තව කීයක් ලියයිද? ඔය ඇස් දෙක පරිස්සම් කර ගන්න දැන්වත් දකින දකින හැම තැනටම ඇහැ නොදා ඉන්න නිශාන්...
ReplyDeleteහි හි හී තව කථා තියෙනවදෝ...
ඒක තමයි මම කියුවේ මෙයා එහෙම නැ කියලා ඔන්න උඩින් කියලා තියනවා
Deleteදී කිරට බළල්ලු සාක්කිලු
මම එහෙම නැහැ බොලව් නේ
Delete:D