ඔන්න එකෝමත් එක ශ්‍රී ලංකාව කියලා රටක එක්තරා ගමක කොලුවෝ තුන් දෙනෙක් හිටියලු.මේ තුන්දෙනා ගජ යාලුවොලු ඉතින් දවසක් මේගොල්ලෝ තුන් දෙනා තීරණය කරලාලු බඩ අඩු කරගන්න,හතිය කඩාගන්න,ජවය වඩාගන්න,අවුරුදු උත්සවේට මැරතන් එක දුවන්න වැනි ගතානුගතික හේතූන් නිසා උදේ පාන්දර නැගිටලා දුවමු කියලා.
ඉතින් පහුවෙනිදා පාන්දර ඉදන් දුවමු කියලා කතා වෙලා ගිහින් නිදාගත්තලු.කොහොම හරි උදේ 7ට විතර නැගිටලා තුන් දෙනාම එකීනෙකාට දෝශාරෝපනය කරගත්තලු 'මම නම් නැගිට්ටා කෝ උබලා තමා පස්සට එලිය වැටෙනකන් නිදා ගත්තේ' කියලා.තව එකෙක් කිව්වලු "අනේ පල යන්න මං නම් නැගිටලා පාරටත් ආව කෝ උබලානේ නැත්තේ ඒක නිසා මං ආයේ ගිහින් නිදාගත්තා" කියලා
අනිත් එකත් ඔය වගේ එකක් කිව්වලු.
දැන් ඉතින් මක් කොරන්නද? කමක් නැහැ හෙට ඉදං වත් යන්කො කියලා එවෙලේ තිදෙනා විසිරුනාලු.පහුවෙනිදත් ඔහොමම වුනාලු.එදාත් අර වගේ පහුවෙනිදට කල් දැම්මලු.ඔහොම ඔහොම කල් දදා සතියක් විතර ගියාලු.මේ අතරේ ඔය කොලුවෝ තුන් දෙනා අතර හිටියලු IT ගැන වැඩ පොඩ්ඩක් දන්න එකෙකුත්.අන්න ඌ දවසක් පාන්දර 4.45ට නැගිටලා අනිත් දෙන්නාවත් කූද්දලා අරගෙන කොහොම හරි දිව්වලු.
ඔහොම දුවන එක හැමදාම නැගලා ගියාලු.පාන්දර 5ට ගෙදරින් පිටවෙලා කයිය ගගහා පිට්ටනියට යද්දී 5.30 වෙනවලු.එච්චර හිමිට තමාලු මුන් තුන් දෙනා යන්නේ ගේ ගාව ඉදන් මීටර් 500ක් තියෙන පිට්ටනියට.5.30 ඉදන් 6 වෙනකන් ඕක වටේ වට දුවලා ගෙදර එනවලු 6.30 වෙද්දී.
ඔය යාමට සහ ඒමට ගත වෙන වෙලාව නොරිස්සු IT පොර කිව්වලු අනිත් දෙන්නට "මචං මේක හරියන්නේ නැහැ බං.අපි හැමදාම හිමින් හිමින් ගිහින් පොඩ්ඩක් දුවලා හිමින් හිමින් ආයේ එනවා.ඕක කිසි ගතියක් නැහැ.ඒක නිසා අපි පාරේ දුවමු" කියලා.
එතකොට අනිත් උන් දෙන්නගෙන් එකෙක් කිව්වලු "අපෝ බැහැ බන් මට නම් පාරේ දුවන්න බල්ලෝ එළවන් එයි"කියලා
IT පොර කිව්වලු නැහැ නැහැ මචං අපි අතු පාරවල් වල දුවන්නේ නැතුව මහා පාරේ දුවමු කියලා.අන්න ඒ අදහසට අනිත් දෙන්නත් ටිකක් කැමති වෙලා ඒකමතිකව තීරණය කරාලු IT පොර හරි කියලා.
කොහොම හරි ඔන්න පහු වෙනිදා තුන්දෙනා ගෙදරින් පාරට ඇවිත් පාරේ ඉදන් කකුල් වලට පොඩි එක්සයිස් පාරක් එහෙම දාලා එකයි දෙකයි තුනයි කියලා දිව්වලු.
අර එකෙක් කිව්වා වගේම ටික දුරක් යද්දී පාන්දර කළුවරේ බල්ලෝ රංචුවක් මුන් තුන්දෙනාව පන්නන්න ගත්තලු.ඒවා කොහෙද "අපිත් එක්ක හහ්" කියලා තුන්දෙනාම මීටර් 100 දුවනවා වගේ දුවන්න ගත්තලු.
කොහොම හරි මෙයාල දුවන් ඇවිත් හන්දියකට වැටුනලු.එතනින් රාගමට 3 KMක් වගේලු තියෙන්නේ.එළවන් ආපු බල්ලෝ සෙට් එකත් නැවතිලාලු ඉතින් දුවන්න ආපු එකේ රාගමටම තුන් දෙනා දිව්වලු
දුවද්දී හිතුනලු හිතුවට වඩා රාගම දුරයිනෙ ඕයි කියලා.හති දාගෙන රාගමට ආපු තුන්දෙනා රාගම පාලම යටට වෙලා 5.20ට විතර හොදට හති අරිනවලු.මෙහෙම හති ඇර ඇර ඉද්දි IT පොර කිව්වලු"ඉක්මනට ආපහු යන් බන් එලිය වැටෙද්දී මෙහෙම පාරේ දුවන්නත් බැහැ"කියලා
එහෙම කිව්වම අනිත් දෙන්නගෙන් එකෙක් කිව්වලු "හම්බෝ බැහැ බැහැ මට නම් ආයේ දුවන් නෙමේ ඇවිදගෙනවත් පයින් නම් යන්න බැහැ"කියලා.
දැන් ඉතින් මක් කොරන්නද උබ හිටහන් එහෙනම් අපි දෙන්න ගිහින් බයික් එකවත් අරන් එන්නම් කියලා IT පොර කිව්වලු.එතකොට බැහැ කියපු එකා නෙවේ අනිත් එකාත් කිව්වලු අනේ මටත් බැහැ බං පට්ට මහන්සියි අපි බස් එකේ යන් කියලා.
තනියෙන් පාරේ දිගේ දුවන්න බැරි හින්දා අනිත් දෙන්නගේ අදහසට එකග වුන IT කාරයත් අරුන් දෙන්නා එක්ක බස් එකේ එල්ලිලා වැඩට යන අක්කලා ඇන්ටිලා ඉස්සරහ කොට කලිසමත් ගහගෙන සපත්තු දෙකත් දාගෙන ලැජ්ජාවේ ඇබරි ඇබරි ආවලු.බස් එකෙන් බැහැල යද්දී කොන්දා අයියා කතා කරලා කිව්වලු "මල්ලි මල්ලි සල්ලි දීලා යන්න"කියලා
සිකේ පට්ට ලැජ්ජාවලු අර අක්කලාත් බලන් ඉන්න හින්දා.
ඔන්න ඔහොමලු දිවීමේ ශූරයෝ බස් එකේ ආවේ.
සත්‍ය සිදුවීමක් බව කරුණාවෙන් සලකන්න
දුර නොදැන පාරේ නොදුවන්න :D
hikzz
ReplyDelete:)
Deletethanks dude
හිහි බස් එකට දෙන්න සල්ලිත් අරන්ද දිව්වේ!
ReplyDeleteතුන්දෙනාගෙන් එකෙක් හැමදාම දුවන්න එන්නේ පර්ස් එක අරන්.හොද වෙලාවට එදත් ඒක අරන් ඇවිත්.
Deleteනිශාන් රාගම පැත්තෙ වගේ...
ReplyDeleteඅනිවා ඔබා මාමා ඒ පැත්ත ගැන දන්නවද?.
Deleteවැඩිය නෑ, ලංකාවට ආවම රණ විරු සෙවනට නං යනව
Deleteරාගම කිබුලා හිටියෙත් ඒ හරියේ තමා
Deleteඋඹලා මරං මස් කෑවේ... ඒකද?
Deleteමැරුවට මොකෝ මස් ටික උබ අරන් ගියානේ
Deleteකෝ අපිට කිලෝ එකක්වත් ඉතුරු කරා ඈ?
thanks malli
ReplyDeleteආ ඔය වැඩ කරන්නේ යස අගේට දැන් හරිනේ
Deleteහරි... හරි... හිත හොඳ IT බුවාලා ඉන්න කල්
DeleteIT බුවා ගැන නම් මං අහලා තියෙනවා.. ඌ ඔව්වා ගැනම කියෝනවා කියලා යාලුවො පාටිවලටවත් වැද්ද ගන්නේ නෑලු නේද?
ReplyDeleteමං දන්නවා ඔයා ඒක දන්නවා කියලා :D
Deleteඇන්කර් නේද බොන්නේ?
එකෙක් ගැන නම් පොඩ්ඩක් විතර දන්නවා කියමුකෝ... ඒත් ඒ වගේ කෙනෙක්ගේ යාලුවෙක් වෙලා ඉන්න අනිතු උන් දෙන්නා කවුද?
ReplyDeleteඅම්මේ ඉතින් දැන් සයිබරයේ සිහින උලෙලෙදි මේ දිවිලි බලාගන්න පුලුවන් වෙයිනේ..
ඒ වගේ එකෙක්ට යාලුවෝ ඉන්න බැරිද බං?
Deleteඕව් ඕව් සයිබරයේ සිහින උළලේදී හොද දිවිලි ටිකක් බලගත්තහැකි :)
සීකේ....... අකිස්සිත වැඩක්නේ වෙලා තියෙන්නේ
ReplyDeleteසික් සාටර්ද මන්දා නේද? :)
Deleteආහ්....එහෙනම් ගින්නක් නෑ නේ...., අවුලක් නෑ ____ගම නේ....?
ReplyDeleteමට තේරුනේ නැහැනේ :)
Delete