50 වෙනි පෝස්ට් එකත් පහු කරන් හිට්ස් 30000කුත් ගහලා ෆලෝස්වරු 100ටත් ඉතා ආසන්නයේම ඉන්න නිසා හිතටත් පොඩි සතුටක් දැනෙනවා ආපු මග හැරිලා බලද්දී.මේ ඔක්කොටම ස්තුතියි කරන්න ඕන මගේ යාවජීව සගයින්ට සහ කියන්න දෙයක් නොතිබුනත් පොඩි කොමන්ට් එකක් හරි දාල යන බ්ලොග් සගයින්ට.
පටන් ගද්දි මං හිතුවේ නැහැ මේ තරන්වත් දුර මං එයි කියලා කොහොම වුනත් හැමදේටම ස්තුතියි සහෝදර සහෝරියනේ.
------------------------------------------------------------------------------------------------------------------------
සතුටත් එක්ක පොඩි හිනා යන පිස්සු කථාවක් කියන්නම්කො.ඔන්න දවසක් පිස්සන් කොටුවේ ඩොක්ටර් කෙනෙක් තමාට බාර වුනු මානසික රෝගීන් සියලු දෙනා රැගෙන ශාලාවක් වගේ තැනකට අරන් ගිහින් ඔක්කොම දෙනාට ඉදගන්න කියලා එතන තිබ්බ කළු ලෑල්ලේ ඇන්දලු දොරක්.
දොර ඇදලා ඉවර වෙලා මානසික රෝගීන් සියලු දෙනාටම ඩොක්ටර් කිව්වලු ඔන්න තියෙනවා දොර මෙතන ඉන්න ඕන කෙනෙක්ට පුළුවනි ඕනනං ඔතනින් පැනල යන්න කියලා.
ඩොක්ටර් මෙහෙම කිව්වේ පොඩි ටෙස්ට් එකකටලු මොකද මේක චිත්‍රයක් කියලා ඕන එකෙක්ට තේරෙනවනේ ඉතින් මෙතනින් පැනලා යන්ඩ ට්‍රයි එකක් නොදෙන අය ටිකක් හරි හොද වෙලා ඇති කියලා නිගමනයකට එන්නලු.අනිත් අයට තවම සුවය මදි කියලත් හොයාගන්න පුළුවන්නේ.
ඒත් ඩොක්ටර් හිතුවා වගේ නෙවේ ඕනනං පැනලා යන්න කිව්ව ගමන් ශාලාවේ ඉදගෙන හිටපු පිස්සෝ ටික සේරම දුවන් ඇවිත් කළු ලෑල්ලේ දොරෙන් රිංගන්න දගලනවලු.ඔක්කොම ලෙඩ්ඩු ටික මෙතන පොරකද්දී එක ලෙඩෙක් විතරක් ශාලාවේ ආසනයක ඉදගෙන හිනා වෙනවලු.
මේ හිනා වෙන එකාව දැක්ක ඩොක්ටර් හිතුවලු ඇති යන්තං එක්කෙනෙක් හරි ඉන්නවා ටිකක් හොද වුන කියලා.
ඩොක්ටර් මෙයාගේ ලගට ගිහින් ඇහුවලු ඇයි පුතා ඔයා මෙතන ඉන්නේ ඔයා අතනින් පැනලා යන්නේ නැද්ද කියලා.
එතකොට අර පිස්සා කිව්වලු
ඩොක්ටර්ට පිස්සුද ඩොක්ටර් අරුන්ට වගේ?
උන් සේරම ලොක් කරපු දොරෙන් පැනල යන්න හදනවා ඒත් උන්ට ඔතනින් ජීවිතේට යන්ඩ වෙන්නේ නෑ යතුර මං ගාවනේ.
හෙහ් ඌට හොඳටම පිස්සු නේද.. ඒ වුනාට ඌ දන්නැතුව ඇති ඒක බොරු යතුරක් කියලා.. හැහ්.. මටත් පිස්සුද... ?
ReplyDeleteහිහ් හි ඌට හොදටම පිස්සු බං උබ කිවා හරි ඌ ගාව තිබ්බේ බොරු යතුරක් මොකද හරි යතුර උබ ගාවනේ තියෙන්නේ :) !@#$%^&*
Deleteපිස්සු පීකුදු...
ReplyDeleteසුභ ගමන් මචෝ...
හිහ් හි ස්තුතියි සෑමෝ
Deleteඔන්න මම තව දුරටත් 100 ට ලං කරලා දුන්නා followers ගාණ
ReplyDeleteගොඩාක් තැන්කු වේවා සිදු
Deleteඅඩේ සොරි මචෝ උඹේ 50 ට සුබ පතන්ඩ බැරුව ගියා.
ReplyDeleteඑහෙනම් වැඩි වැඩියෙන් ලිපි පලකිරීමට හැකියාව ලැබේවායි ඉත සිතින්ම පතමි !
ජයෙන් ජය !!
දෙවෙනි පාරත් ඇවිත් සුබ පැතුවට ගොඩාක් ස්තුතියි මචං ෆිට් තමා.
Deleteඔන්න මල්ලීට මගෙනුත් හද පිරි සුභ පැතුම්!
ReplyDeleteඇයි ඔයාගෙ අපි-අපට සින්ඩිය ඒකත් ප්‍රගතියේ කොටසක් ලෙස සඳහන් කරන්න.
....බාල ගෝලයා....
ආහ් ඔව්නේ ඒකත් ප්‍රගතියේ කොටසක් තමා දම්මි අක්කා හිහි
Deleteමේකත් අහල නැති පිස්සන් කොටු කතාවක්.
ReplyDeleteසුභ ගමන්...!!!
:) තැන්කු වේවා ඔබා මාමේ.
Deleteela ela. siyalu dewidewathwunge pihitai araksawai!
ReplyDelete:O ඔව් ඔව් තෑන්ක්ස් මචං ප්‍රර්තනාවට
Deleteසුබ පැතුම් :)
ReplyDeleteස්තුතියි සහෝදරයා.
Deleteසුබ පැතුම් !!!
ReplyDeleteඅඩේ පට්ට පිස්සු කතාවක් !!!
ස්තුතියි අයියා.
Deleteපික්සු පීකුදු නෙහ් :D
arun yathuru hile yanna hadanawada dhanne nane?
ReplyDeleteඅහ් ඒකත් වෙන්න බැරි නැහැ බං උබ වගේ එකෙක් එතන හිටියා නම් :D
Deleteඑළ එළ
ReplyDeleteසුභ පැතුම් !!!!
තැන්කු වේවා අයියා බෝම ස්තුතියි.
Deleteහික් හික්..50 වෙනි පෝසට් එක වෙද්දි ඔයාට පිස්සු හැදිල කියවන අපිවත් පිස්සො කලා නේද..50 ට සුභ පැතුම්..
ReplyDeleteමලා නංගි මට පිස්සුද? :(
Deleteකමක් නැහැ ඔයාටත් පිස්සු කියලා පිළිගත්තනේ :)
තෑන්ක්ස් ආ
ජය හේ....
ReplyDeleteසුභ ගමන් !!!
එල තෑන්ක්ස් මචං.
Deleteලොල්ය
ReplyDeleteහිහි පස්ට මචං
ReplyDelete(මිසා)
ආහ් මිසා එල එල මචන්
Delete