Thursday, August 09, 2012

111 ඔයාලා ක්‍රොස් වෙද්දී බබෙක්ගේ රූපයක් කාමරේ ගහගෙන ඉන්න එපෑ?

අපේ ගෙවල් පැත්තේ ඉන්නවා වයස 65ක විතර මනුස්සයෙක් නෝමන් කියලා මෙයාට සහෝදරවරු/වරියන් 11 දෙනෙක් ඉන්නවා.ඒ කාලේ මෙයාගේ අම්මයි තාත්තයි මේ ළමයි එකොලොස් දෙනාටම දාලා තියෙන්නේ "න" යන්නෙන් පටන් ගන්න නම්.

අද කතාවේ නායකයා  නෝමන් මාමා.මේ යකා ගාව තියෙනවා පියාජෝ ත්‍රී වීල් එකක්.අර ලොකු ත්‍රී වීල් ගුජු ගුජු ගගා යන්නේ ඩීසල් වලින්?
අන්න ඒකක්.නෝමන් මාමා හරිම පණ්ඩිත ඩයල් එකක් ඒ වගේම සල්ලි වලට හරිම කෑදරයි ඒක නිසා ඔය ත්‍රී වීල් එකේ කව්රු හරි දුර හයර් එකක් වැරදිලා හරි ගියොත් ගාන කපනවා ආයේ බෙල්ලෙන්ම.මේ යකා කියවන්න ගියාමත් එහෙමයි එයාට වඩා දේවල් දන්න කෙනෙක් ආයේ අපායේවත් නැහැ.

කොහේ හරි පාරක් අයිනේ කුණු ගොඩක් තිබ්බොත් කව්රුවත් පේන්න නැත්තම් ශේප් එකේ ඕක ඇදලා බලලා ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අරන් ගිහින් ත්‍රී වීල් එකේ එල්ලලා ඩෙකරේෂන් කරනවා.

අපේ ගෙවල් ගාව ඉඳං ටවුමට  ඕනෑම ත්‍රී වීල් එකක් ගන්නේ හයර් එක රුපියක් 120/=ක් වගේ තමා ඒත් නෝමන් මාමා ත්‍රී වීල් එක ලොකුයි කියලාත්,බජාජ් ඒවාට වඩා හදන්න වුනාම සල්ලි යනවා කියලාත් වැඩි පුර සල්ලි ගන්නවා.අනිත් ඒවා 120යි නම් මෙයා 150ක් ගන්නවා.වැරදිලා හරි ගිය එකෙක් ආයේ නම් මැරෙන්න පණ ඇද්දත් මෙයාගේ වාහනේට නම් නගින්නේ නැහැ.

දවසක් අපේ ගේ හොයාගෙන  ආපු මිනිහෙක්ව ගේ ඉස්සරහින්ම නග්ගගෙන පරංගියා කෝට්ටේ ගෙනියනවා වගේ වට පාරකින් ගේ පිටි පස්සේ පාරට ගෙනල්ලා  රුපියල් 100ක් අරන් තිබ්බා.

මෙයා ටවුමට  රුපියල් 150ක් ගන්නවා කියලා මම කලින් කිව්වනේ ඒත් දන්නවද මෙයා පාන්දරට ටවුමට ගෙනියන්න ගන්නේ රුපියල් 30යි.

පාන්දර හතරේ ඉඳන් වැඩට යන මිනිසුන්ව අදින මෙයා එක්කෙනෙක්ව  ටවුමට  ගිහින් දාන්න රුපියල් තිහයි ගන්නේ හැබැයි සැමන් පැක් කරා වගේ 8 දෙනෙක්වත් දාගන්නවා.එතකොට තිහේ ඒවා අටක් 

පාන්දර වෙලාවට බස් නැති නිසා ගොඩක් මිනිස්සු මේ සැමන් ටින් එකේ යනවා.තවත් සමහර වෙලාවට පිටි පැස්සේ දොරෙත් තුන් හතර දෙනෙක් දාගෙන යනවා එතකොට 10 දෙනෙක් විතර තිහ ගානේ ගෙවලා යනවා.හැබැයි ඔය පිටි පැස්සේ දොර කඩන් වැටුනොත් එහෙම ලොකු අනතුරක් වෙනවා දොරේ යන අයට.මම කවදාවත් එහෙම වෙන්න කියලා නම් හීනෙකින්වත් හිතන්නේ නැහැ.ඒත් නෝමන් මාමා කෑදර කමට ඔය වැරදි වැඩේ කරනවා.ඒ වගේම මෙයා ත්‍රී වීල් එකේ මිනිස්සු විතරක් නෙවේ අත් ට්‍රැක්ටරයක අදින බඩු වුනත් අදිනවා හැබැයි හයර් එක  ලොරියක ගානක් ගන්නවා.එක පාරක් බඩු ඇදපු එකෙක් ආයේ ජීවිතේට මෙයාගේ ත්‍රී වීල් එකේ නම් බඩු අදින්නේ නැහැ.

නෝමන් මාමා හරි චැටර් එක මෙයාගේ ලයිසන් එක අරන් තියෙන්නේ 1970 ගණන් වල බර වාහනවලට.මිනිහට ඕක ලොකු ආඩම්බරයක් කොයි වෙලෙත් කියන්නේ මගේ ලයිසොමටම දැන් අවුරුදු හතළිහක් වෙනවා කියලා.

මෙයා එක්ක ත්‍රී වීල් පාක් එකේ අනිත් ත්‍රී වීල් කාරයෝ තරහයි මොකද මෙයා අනිත් අයගේ හයරුත් බලෙන් ගන්න නිසා බොරු කියලා.

දවසක් පාක් එකට ආපු මිනිහෙක්ට නෝමන් මාමා කියනවලු තමාට ඒසී බස් එකක් සහ මෙවැනිම පියාජෝ ත්‍රී වීල් රථ තවත් දෙකක් තිබෙන බවත් ඒවා තමාගේ පවුලගේ ගමේ බවත් ය.

මේක අහන් හිටපු ත්‍රී වීල් පාක් එකේ එකෙක් නෝමන් මාමට කිව්වලු
නෝමන් මාමේ ඔයාට ඒසී බස් එකයි තව ත්‍රී වීලුයි තියෙනවා නම් මොන *ත්තකටද අපේ දුප්පත් හයර් ටික කඩන්නේ කියලා.

එවෙලේ නෝමන් මාමා හා හා තොපිලම මෙතන හයර් කරපල්ලකෝ මම එන්නේ නැහැ ආයේ මේ පාක් එකේ හයර් කරන්න කියලා වාහනෙත් ස්ටාට් කරන් ගිහින්.මෙන්න හවස ආයේ පාක් එකේ වාහනේ ගහන් ඉන්නවලු .


__________________________________________
තවත් දවසක් එක මනුස්සයෙක් මෙයාගේ ත්‍රී වීල් එකට අත දාල නැගලා වැඩ ඇරිලා ගෙදර යන්න.නෝමන් මාමා ඔය වගේ හයර් අතාරින්නෙ නැහැ ඒක නිසා මේ මනුස්සයව දාගෙන මේ මනුස්සයගේ ගෙදර ට ගිහින්.ඒ ගෙදර ඉන්නේ අර හයර් එක ආපු මනුස්සයාගේ තරුණ බිරිඳයි පොඩි  දරුවයි.මේ ළමයට පොඩි අංග විකල ගතියක් තිබිලා.මේක දැකපු නෝමන් මාමාට කට පියන් ඉන්න බැරුව අර මනුස්සයට  කියලා 
ඔයාලා ක්‍රොස් වෙද්දී කාමරේ බබෙක්ගේ රූපයක් ගහගෙන ඉන්න එපෑ කියලා.

මේක ඇහුන ඒ අයියට නහුතෙට මල පැනලා 
අයිසේ ක්‍රොස් වෙන්න අපි බල්ලෝ නෙවේ ඕයි කියලා

_____________________________________________
තවත් දවසක් අපේ ගෙදර ලැට් බටේ මගින් කැඩිලා ඒකට පස් පිරිලා බටේ හිරවෙලා තිබ්බා.මේ කැඩිච්ච තැන වෙනකන් මාසෙක විතර අසූචි බටේ පිරිලා තිබ්බා.මම හෙන ගේමක් දීලා බටේ ගලවලා ගත්තා කැඩිච්ච තැන හොයාගන්න බැරුව.බටේ තිබ්බ බඩු ඔක්කොම චරාස් ගාලා බිම ඉහිරුනා.

මේ ටික ගඳ නිසා මම සවලකින් පරණ ප්ලාස්ටික් බාල්දියකට දාලා ඒක උඩින් අපේ ගෙදර තිබ්බ කුණුයි පරණ සි.එෆ්.එල් ලයිට් වගේකුයි තව තව විසික් කරන ඉලෙක්ට්‍රිකල්ස්  බඩු වගයකුයි  දාලා අපේ ගේ ඉස්සරහා අයිනකින් තිබ්බා පහුවෙනිදට කුණු ගෙනියන වාහනේ එන නිසා.

පහුවදා උදේ මම බලනකොට මෙන්න බොලේ මේ අසූචි බාල්දිය හොරු ගෙනියලා තිත් දෙකයි ඩියන්න.

දවස් දෙක තුනකට පස්සේ මම මොනාට හරි වැඩකට නෝමන් මාමලාගේ ගෙවල් පැත්තෙන් යද්දී අර බාල්දිය නෝමන් මාමගේ වත්තේ කෙලවරේ විසි කරලා තියෙනවා දැක්කා.

__________________________________________
මේ ලඟකදී නෝමන් මාමා බඩේ ගල් වලට පොඩි ඔපරේෂන් එකක් කරලා ඉස්පිරිතාලේ නවත්වලා.මොනා වුනත් ගමේ පරණ මනුස්සයනේ.ඒක නිසා මමයි අම්මයි ගියා පොරව බලන්න පොරත් ඇඳේ ඉන්නවා මාළු කඩේ සාලය වගේ.අපිව දැකපු ගමන් මිනිහා අමාරු පාට ඩබල් කරගෙන කෙඳිරි කෙඳිරි ගගා "ආ උඹලා ආවද බලපන් ළමයිනේ මගේ කොන්දට මුන් ඉන්ජෙක්ෂන් ගැහුවනේ" කියලා සරම කඩලා පෙන්නපිය.

අඟල් දෙක තුනේ ශෝටක්වත් ඇඟේ නැහැ තව අඟල් දෙක තුනක මොකක්ද එකක් බෝල දෙකකුත් එක්ක තිබ්බා වැහැරිලා වගේ.අම්මා ක්ෂේනිකව අහක බලාගත්තා මටත් ලැජ්ජයි වගේ හරි කුජීතයි.ළඟ හිටපු නර්ස් අක්කා අනිත් ඇඳ පැත්තට හැරුනේ ඊයක් වගේ.ඒ වුනාට මම දැක්කා එයා ආපහු හොරෙන් නෝමන් මාමා දිහා බලනවා.

නෝමන් මාමාගේ වයිෆුත් ලැජ්ජාවේ ඇඹරි ඇඹරි අතින් සරම හදනවා.

___________________________________________
පහුගිය වෙසක් එකට අපි කොල්ලෝ සෙට් එක එකතු වෙලා  ගමේ බත් දන්සැලක් දුන්නා ඕකට නෝමන් මාමා අනිත් අයට පේන්නත් එක්ක බැහැලා වැඩ කරා අපිත් එක්ක හරි හරියට.කුස්සිය වගේ හට් එකක් ගහලා ගෑණු,පිරිමි බරටම වැඩ ඕකේ.නෝමන් මාමා ත්‍රී වීල් එකේ බඩු ගේන්න හට් ගෙන්න මාර විදියට සප් එක දුන්නා.ඒ මදිවට මෑන්ගේ පණ්ඩිත කමට ගෑනුන්ට උයන හැටි කියලා දෙන්න ගිහින් කව්දෝ ඇන්ටි කෙනෙක් බැනලා එළවලා තිබ්බා.ටිකෙන් ටික රෑ වෙද්දී කුස්සිය කළුවර නිසා ඉලෙක්ට්‍රිකල් වැඩ දන්න එකෙක් ඇවිත් වයර් ඇදලා ලයිට් එකක් එහෙම ඇදලා දීලා ගියා.ඒත් පස්සේ කාගේ හරි අතින් මොකක් හරි වැදිලා ඔය ලයිට් එක නිවිලා.එවෙලේ අපි කොහෙට හරි ගිහිල්ලා නිසා කට්ටිය නෝමන් මාමටා කියලා පොඩ්ඩක් බලන්න කියලා.

නෝමන් මාමත් පුළුවන් විදියට දන්න දන්න ඒවා කරලා ඒත් හරි ගිහින් නැහැ.ඔතන හිටපු ගෑණු කෙනෙක් මට කෝල් එකක් දුන්නා ටක් ගාලා ඇවිල්ලා මේක හදලා දෙන්න කළුවරයි කියලා.

මම එද්දී නෝමන් මාමයි තව වයසක පිරිමි දෙන්නෙකුයි ඉන්නවා කයියක් දාගෙන.මම ගිහින් බැලුවා මොකද වෙලා තියෙන්නේ කියලා.බැලින්නම් ෆියුස් එකක් ගිහින්.

දඩිබිඩි ගාලා වයර් කෑලි දෙකක් අමුනලා ඒක හැදුවත් කුස්සියේ ලයිට් එක පත්තු වෙන්නේ නැහැ.මටත් දැන් චාටරේ වගේ මොකද මම වැඩ්ඩා වගේ ඇවිල්ලා අරක හැදුවනේ.

බැලුවා බැලුවා ලයිට් එකත් ගලවලා බැලුවා හොයාගන්නම බැහැ හේතුව.පස්සේ ලයිට් එකට එන වයර් දෙක දිගේ බලන් යද්දී එක තැනක ජොයින්ට් එකක් තියෙනවා.ඒ ජොයින්ට් එකේ නිව්ටල් එකයි ලයින් එකයි කව්රු හරි එකෙක් ෆියුස් බෝඩ් එකේ ඉඳන් එන වයර් දෙකේ ලයින් එකට අමුණලා.මම ටක් ගාලා ඒක ගලවලා ආයේ නිව්ටල් එකේ වයර් එක නිව්ටල් එකටත් ලයින් එකේ වයර් එක ලයින් එකටත් ඇමිණුවා එවෙලේ නෝමන් මාමා ළඟ හිටපු වයසක අංකල් කෙනෙක් ඇවිත් මගෙන් ඇහුවා මොකද කියලා.
මං තුමාගේ උත්කෘෂ්ට සිතුවමක්,(අපිටත් පුළුවන් ඈ චිත්‍ර අඳින්න හහ්)

මම කිව්වා බලන්නකෝ අංකල් මේ කව්ද බුරුවෙක්‌ නිව්ටල් එකයි ලයින් එකයි එකම වයර් එකට දීලනේ.

අංකල් කාරයත් කට තියන් ඉන්න බැරුවට වයර් එක වැරදියට අමුනපු එකාට බැන බැන හිටියා මී හරකෙක්නේ,මහා මෝඩ මිනිහෙක් වෙන්න ඇති,ඔන්න ඔය වගේ මට මතක නැති නම් වගයක් කිය කිය .ඒ වෙලේ නෝමන් මාමා ටිකක් එහාට ගියා.

පස්සේ මම ලයිට් එක දාලා දීලා එලියට යද්දී නෝමන් මාමා මගෙන් ඇහුවා මොකද වුනේ කියලා.

මම කිව්වා බලන්නකෝ නෝමන් මාමේ කව්ද බුරුවෙක්‌ වයර් දෙකම එකට අමුනලානේ කියලා.

නෝමන් මාමා කියනවා 
"කෑගහන්න එපෑ යකෝ මමයි වයර් දෙක එකට ගැහැව්වේ පත්තු වෙන්නේ නැති නිසා" කියලා.

ලයිට් එක අතක් වැදිලා හෙල්ලුන නිසයි නිවිලා තියෙන්නේ.නෝමා ලයිට් එක තද කරන්නේ නැතුව වයර් දෙක එකට ජොයින් කරලා.ඒකයි ෆියුස් එකත් ගිහින් තියෙන්නේ :) ___________________________________________
මේක නම් වෙලා ටිකක් කල් 
ඔය නෝමන් මාමාට ලැජ්ජාව කියන එක වැඩිය ගෑවිලා නැහැනේ.මං හිතන්නේ ලැජ්ජා නහරේ කැපිලා නැත්තම් කුපාඩි කම වෙන්ටෑ.

මෙයාට හදිසියෙවත් මුත්‍රා අඩස්සියක් ඇති වුනොත් එහෙම කිසි බයක් ලැජ්ජාවක් නැතුව ඕන පාරක් අයිනේ ත්‍රී වීල් එක නතර කරලා තාප්පයක් වේවා,වැටක් වේවා ඕන මඟුලක් තෙමනවා.

මෙයා ත්‍රී වීල් එක ගහගෙන ඉන්න හන්දියේ වත්තක් තියෙනවා ටිකක් ලොකු,දවසක් මෙයා ඔය වත්තේ වැටට මුත්‍රා පාරක් දාගෙන ඉද්දි ඔය වත්තේ ගෙදර මනුස්සයා ඒ වත්තට ආපු ගැරඬියාට භූමිතෙල් ගහලා එළවලා.භූමිතෙල් වැදුන ගැරඬියා හුසේන් බෝල්ට්ටත් වඩා වේගෙන් දුවගෙන ඇවිත් තියෙන්නේ නෝමන් මාමා මුත්‍රා කර කර හිටිය පැත්තට 

නෝමන් මාමා පණ්ඩිතයා වුනාට සර්පයන්ට හරිම බයයි.

ගැරඬියා එනවා දැකපු නෝමන් මාමා සිප් එකවත් වහගන්නේ නැතුව චූ පෙරී පෙරී දුවන්න පටන් අරන් පාර දිගේ.ගැරඬියාත් ඔය පාරේම නෝමන් මාමා ගිය පැත්තටමයි ඇවිත් තියෙන්නේ.නෝමන් මාමා හිතලා තියෙන්නේ නෝමන් මාමගේ පස්සෙන් එනවා කියලා අහවල් මෙව්වා එකත් එළියේ දාගෙන කලින් කිව්වා වගේ චූත් පෙරී පෙරී මීටර් 50ක් විතර දුවන් ඇවිත් හරි ජුගුප්සාජනක දර්ශනයක් පෙන්වලා එවෙලේ පාරේ හිටපු අයට.කලිසමේ චූ එහෙන්,මෙහෙන් මිනිස්සු හිනා වෙනවා නෝමාට මළ පැනලා වහනෙත් ස්ටාට් කරන් ගෙදර ගිහින්.සමහරු නම් අදටත් හිනා වෙනවා ඔය සීන් එකට.

111 comments:

  1. ඉඩගිනියි බං

    ReplyDelete
  2. මක්ක නැතත් ගමකට එකෙක්වත් ඔය වගේ පොරක් හිටියෙ න‍ෙත්නම් කිසි ගතියක් නෑ බං.

    ReplyDelete
    Replies
    1. සැටිෆිකෙට් ඇත්ත

      Delete
  3. නෝමන් කාරයටත් මරු වැඩ වෙන්නේ නේ. ගැරඬිය පන්නන්න ඇත්තෙ මචං මීයා අල්ලන්න වෙන්න ඇති. :)

    ReplyDelete
  4. අයිසේ ක්‍රොස් වෙන්න අපි බල්ලෝ නෙවේ ඕයි කියලා

    ReplyDelete
    Replies
    1. ඔව් බං එහෙම තමා කියලා තියෙන්නේ..

      Delete
  5. අපොයි නෝමා..

    ReplyDelete
  6. කට්ටියටම රිප්ලයි හෙට දෙන්නම් ඈ මම හරි බිසී මේ දැනුත් නිදි

    ReplyDelete
  7. haa ehenam nishaan maama ge hatith danagaththa ;)

    ReplyDelete
  8. පට්ටයි /කුජීතයි/ උත්කෘෂ්ටයි .....

    ReplyDelete
  9. පුදුම මනුස්සයෙක්නේ ඒකා.
    අර ක්‍රොස් කතාව තමා මරු. තව දෙකක් කියන්ඩ තිබ්බා... අම්බෝ ගේ ගාව ඉදන් ටවුමට 120ක් ද ?

    ReplyDelete
    Replies
    1. ඔව් අයියා අපි ඉන්නේ ටවුමෙම නෙවේනේ

      Delete
  10. ඔය වගේ ආතල් දෙන්නත් මිනිස්සු ඉන්න එපයි. නැත්තම් ලෝකේ කිසිම ගතියක් නෑනේ

    ReplyDelete
    Replies
    1. සැටිෆිකෙට් ඇත්ත බං

      Delete
  11. මොකක්ද බන් මේ දාලා තියෙන්නේ???? මේක හොඳයි වැඩක් නැති වෙලාවට කිති කවාගෙන හිනාවෙන්න.... කොහේද බන් මේකේ හිනා යන කෑල්ල තියෙන්නේ???අපරාදේ කියෙව්වෙ....

    ReplyDelete
    Replies
    1. මං මේ ලිපියේ කොහෙවත් ලියලා තියෙනවද අයියේ හිනා වෙන්න කියලා? :D
      හූ ඈ..

      Delete
  12. කතා ගොන්නයි බං සිරා ඩයල් එකක් නේ..

    ReplyDelete
  13. අර ලොකු ත්‍රී වීල් ගුජු ගුජු ගගා යන්නේ ඩීසල් වලින්..... - හි හි......:)

    ReplyDelete
    Replies
    1. ඔයා ගිහින් නැද්ද ඕවා වල? :)

      Delete
  14. චුරි චුරි බේ ගියා!පිස්සු බම්ප් වෙනවා ඕයි! :ඩි

    ReplyDelete
    Replies
    1. :D පට්ට සීන් එක බං

      Delete
  15. elaaaaaaaaaaaazzzzzzzz................

    ReplyDelete
  16. හික්ස්.. අනේ මන්දා.. මෙයා නිකන් මෙයාට වෙච්ච ඒවා වගේ කියනවා නේ..
    හොඳයි හොඳයි..ජය වේවා..

    ReplyDelete
    Replies
    1. අපිටම වෙන්න ඕන නැහැ ලියද්දි අපිට වුනා වගේ තමා ලියන්නේ :D

      Delete
  17. නෝමන් කාරයා ලගින් ගියත් ඇහැක් නෑ සීන් එකක් තියෙන්නේ :)

    ReplyDelete
    Replies
    1. ඌ එහෙම එළිපිට හොරකම් කරන්නේ නැහැ බං,යටින් සද්ද නැතුව වැඩේ දෙන්නේ :)

      Delete
  18. උබලෑ මාමාත් මාර වැඩ්ඩේක් නේ බං......පට්ට සින් ටික..........

    ReplyDelete
    Replies
    1. හෑ?
      ආ ඔව් ඔව් අපේ මාමා :D

      Delete
  19. නෝමන් කාරයා සිරා පොරක් වගේ.. කතා සාගරයක් නේ අප්පා..

    ReplyDelete
    Replies
    1. සිරාම පොරක් තමා,තව කතා අම්බානක තියෙනවා

      Delete
    2. ලියමු එව්වත්...

      Delete
    3. ඉස්සරහට ලියන්නම් :)

      Delete
  20. Maximum Entertainment - මරු පෝස්ට් එක නිශාන්!

    ReplyDelete
    Replies
    1. ඇත්තටමද කිව්වේ?මේකොමන්ට් එක මට ලොකු සතුටක් :) ස්තුතියි මහත්මයා

      Delete
  21. කව්ද බං ඔය , මම දන්න එකෙක් තමා අනිවා

    ReplyDelete
    Replies
    1. අර කහපාට ලොකු ත්‍රී වීල් කාරයා? පාන්දරට මහබාගෙට එහෙම සෙනග අදින්නේ?.

      Delete
  22. කොස් වෙන්න ගියාම බලාගෙන දෙල් වෙන්නත් ඉඩ තියනව හොඳේ..?
    අපිත් මේ දවස් වල හෙන බිසි හලෝ..ඔලිම්පික්..ඔලිම්පික්..!!

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි ඔයාත් ඔලිම්පික් ගේම්ස් වල ඉන්නවද? කලින් කියන්න එපැයි අපි ටීවී එකේ බලනවනේ. :D

      Delete
    2. කවුද කිව්වෙ මම ගේම්ස් වල ඉන්නව කියල..? ඉන්නව නේන්නම් දැනට ලෝක වාර්ථාව..ඔලිම්පික් වාර්ථාව..දෙකම මගේ. මොකටද දන්නවද? ...නොනවත්වාම හරක් කුලප්පු කිරීම ට. හී..හී..හී.!!

      Delete
    3. හෑ මාරයිනේ දක්ෂ වුනාට කමක් නැහැ උන්ට කියලා ඇනගන්න නම් එපෑ.අපිට වින්චැට් කිරිල්ලියෙක් නැති වෙයි :/

      Delete
  23. නෝමන් මාමාගේ කාඩ්එක පවුඩර් වෙන්නම කුඩුකරලානේ...

    ReplyDelete
    Replies
    1. තාම ටිකයි ඉතින් :)

      Delete
  24. අඩේ මචං.. මරු සැමන් ටින් එකක් ඇ.. :D හික්ස්

    ReplyDelete
    Replies
    1. 10 දෙනෙක් හිර වෙලා යද්දී කොහොමද සැප? :)

      Delete
  25. නෝමන් මරු පොරක්නේ... :)

    ReplyDelete
  26. සමහර මැන්ටල් ඔහොම තමා බං...

    ReplyDelete
    Replies
    1. පරණ මිනිස්සුනේ බං වැඩිය උගතුත් නැහැනේ

      Delete
  27. හැම එකටම හොම්බ දාන ඒක ඇන්ටි කෙනෙක්ට දවසක් මමත් ඉංග්‍රීසි වචනයක් දාල බේරුනා.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් කෙටිම කෙටි ලොල් කතාවක් ලෙස ලිව්වා නම්?.

      Delete
  28. මේ කතා ටික මරු. නෝමන් මාර ඩයල් එකක්නෙ.මෙච්චර කල් ගිහිනුත් හයර් කඩා ගන්න වැඩේට තාම කාගෙන්වත් රිටර්න් එකක් ලැබිලා නැද්ද??

    ReplyDelete
    Replies
    1. හම්බෙලා තියෙනවා පාක් එකේ වාහනේ නිදියන් ඉන්නකොට නිල් වතුර ප්‍රහාරයක් හම්බුනා දවසක් :D

      Delete
  29. එල. අන්තිම කතාව පස්ට!

    ReplyDelete
  30. නිදි මතායි .......... අයියෝ නෝමන් ........

    ReplyDelete
  31. උපාධිය කළමනාකරණ පීඨයෙන් වෙන්ට ඇති.. හොඳට Management පුළුවන්නේ... එළියේ දැන් දුවද්දී නිකන් ඇවිදින ටැප් එකක් වගේ තියෙන්ට ඇති (නර්ස් අක්කිට ඔවි ගානක් නා.. ඔපරේෂන් එකකදී සරම ගලවන්න කියද්දී ගැලෙව්වේ නැතිනම් අදාල කඩනොනේ)

    ReplyDelete
    Replies
    1. :D :D පට්ට කොමන්ට් එක

      Delete
  32. ඇයි නිශාන් සීරීස් එකක් එකට ලිව්වෙ? අර සුදීකගෙ කෙටිම කෙටි ලොල් කතාවගෙ ලියන්න තිබ්බෙ.
    ඔය වගෙ පොරක් අපේ ගෙවල් ලඟත් හිටියා. ත්‍රී වීලර් එකක් තිබ්බෙ නෑ හැබැයි. කතා සාගරයයි.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. එකින් එක කියන්න ගිහින් මට කුණුහබ්බ අහාගන්න වෙයි ඇනෝලගෙන්

      Delete
  33. නෝමා එල කොල්ලෙක්නෙ... මේ විදියට හම්බ කලොත් ඒසී බස් දෙකක් ෂුවර් එකටම ගනී... නෝමා මේ කථාබහ දැක්කොත් උඹේ සෞඛ්‍යයට හොද මදි වෙන්න පුලුවන් නිසා ටික දවසක් උගෙ විල් එකේ යන්නෙ නැතුව මග ඇරපන්...

    ReplyDelete
    Replies
    1. අම්බෝ මම වැරදිලාවත් ඔකාගේ ත්‍රී වීල් එකේ යන්නේ නැහැ.නෝමා කොහෙද බන් කොල්ලෙක් වෙන්නේ?

      Delete
  34. නෝමාගෙන් බැටේ හම්බෙයි :D

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං ඌ මේවා බලන්නේ නැහැ :)

      Delete
  35. නෝම බ්ලොග් බැළුවොත්....

    ReplyDelete
    Replies
    1. වෙලාවට බලන්නේ නැහැ :).හැබැයි උගේ දුව නම් කියන්න බැහැ :/

      Delete
  36. නිශාන් අයියලාගේ පැත්තේ ඉන්න මිනිස්සු කිව්වලු.හී හී

    ReplyDelete
    Replies
    1. ඔයාලගේ පැත්තේ වගේ නෙවේ අපේ පැත්තේ ඉන්නේ ආතල් මිනිස්සු :D

      Delete
  37. යක්ඩෝ මෙහෙමත් රෙදී ගලවනවද මිනිස්සුන්ගේ...උබට සුවර් නේද මේ යකාගෙ හත්මුතු පරම්පරාවෙ කවුරුවත් බ්ලොග් කියවන්නෙ නෑ කියලා.. ?

    ReplyDelete
    Replies
    1. ෂුවර් නැහැ බං උගේ සෙට් එකේ ළමයි නම් කොම්පියුටරයිස් වෙච්ච වුන් :/

      Delete
  38. අඩේ නෝමන් අන්කල් අදහන්න වටිනා ඩයල් එකක්නේ. මම නම් හිතන්නේ මිනිහගේ ස්නායුවක් ෂෝර්ට් සර්කිට් වෙලා ඇති. ඕක තමයි ඔච්චර බාල්දි පෙරලාගන්නේ

    ReplyDelete
    Replies
    1. :D හෙට අහලා බලන්ට ඕන බං

      Delete
  39. අඩේ..නෝමත් මරු ඩයල් එකනේ..

    ReplyDelete
    Replies
    1. මරු බං කතාවට සෙට් වුනාම කයිවාරුව,නයි පාවෙනවා

      Delete
  40. නෝමා තමයි නෝමා

    ReplyDelete
  41. මාර පොරක්නේ....

    ReplyDelete
    Replies
    1. මාරද කියලත් අහනවා :D

      Delete
  42. නෝ මෑන් තමයි මාරු මිනිහා :ඩ්

    ReplyDelete
  43. පට්ට කතා ටික එල එල ඔය යකා තාම ජීවතුන් අතර ඉන්නවද? මට මැවිලා පේනවා ගැරඩියගේ සීන් එක කොහොමද වැරදිලාවත් කෑවනම්

    ReplyDelete
    Replies
    1. මැවිලා පෙනුනට කොටු කොටු දාලා බලන්න ඕන ඈ :)

      Delete
  44. මාර පොරක් මේ නෝමන්කාරයා!
    මේක හොඳ සීරිස් එකක් කරන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. සීරිස්‌ කතා මට හරියන්නේ නැහැ :)

      Delete
  45. මට නම් තාමත් හිනා බං..!!!

    ReplyDelete
  46. ගහනවයි ක්ඉයලා මෙහෙමත් මඩ ගහනවද ඈ ..... නෝමන් = නිශාන් දැයි නොදනී :P

    ReplyDelete
    Replies
    1. බොට මොලේ කොලොප්පම්ද?
      මම වයස 65ක ත්‍රී වීල් කාරයෙක් නෙවේ :D

      Delete
  47. පව් බං අංකලයට පාරේ බැහැල යන්න බැරුව ඇති උඔ හින්ද.හැකැස්

    ReplyDelete
    Replies
    1. අන්කලයාව දන්න කව්රුත් බ්ලොග් කියවන්නේ නැහැ බං :)

      Delete
  48. ජෝන් සීනා8/15/12, 11:45 AM

    චු සීන් එක මාරු බන් !!!තාම හිනා යනවා !!!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ කොමෙන්ටුවට

      Delete
  49. පට්ට කතාව බන්

    ReplyDelete
  50. පට්ටම කතා සෙට් එක...............

    ReplyDelete
  51. නෝමන් කාරයාගේ තව කතා සෙට් එකක් දාමු ඈ..

    ReplyDelete
  52. හක හක... ෆට්ට ආ

    ReplyDelete
  53. උදාහරණයක් විදියට ගන්න මරු ඩයල් එක...

    ReplyDelete
    Replies
    1. අනිවා හෙහ් හෙහ්

      Delete
  54. බිම පෙරළි පෙරළී සිනාසෙමි.

    ReplyDelete
  55. නියමයි... කතා වැලක් :D

    ReplyDelete
    Replies
    1. :) ස්තුතියි සහෝ මේ පැත්තේ ඇවිත් වල් වුනාට! :D

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!