Monday, August 27, 2012

අහුපෑවත!

මමත් බැට් එක අරන් පිට්ටනියට බැස්සා හැබැයි කව්රුත් මං දිහා බැලුවේ නැහැ.හිමිට තට්ටුව දදා එක ලකුණ එක ලකුණ ගත්තා.බොහෝම හිමිට ගහපු නිසා එකෙක් දෙන්නෙක් වගේ මං දිහා බොහෝම කම්මැලි කමෙන් බලන් හිටියා.සමහරු නැගිටලා ගියා මාත් ඔහේ තට්ටු දදා එක එක ලකුණ වැඩි කරා හැබැයි බලන කට්ටියට පට්ට බෝරිං කියලා මට තේරුණා.


පස්සේ ඔහේ මම අල්ල අල්ල හිටියා මිසක් ලකුණු එකක් වත් ගත්තේ නැහැ ආයේ ලේසි බෝලයක් ආවම පොඩි තට්ටුවක් දාලා ඔන්න එකක් ගන්නවා.ඔහොම ඔහොම එක එක ගහලා 25ක් 30ක් ගහගත්තා.මට හිතුනා දැන් නම් මම ස්ථාවරයක ඉන්නවා ඇති කියලා ඔන්‍න‍ ඒක නිසා මම ටිකක් වේගෙන් ගහන්න ගත්තා ඒත් මුලදී ස්ලෝව් ගැහිල්ල නිසා කව්රුත් හිතුවේ නැහැ මම වැඩිය ගහයි කියලා ඒත් මම ගැහුවා .

පනහකුත් ගැහැව්වා ඔන්න ඒ වෙනකොට නම් එකා දෙන්නා මන් දිහා බලන් හිටියා.මං දිහා බලන නිසාම මාත් ඉඳලා හිටලා පොල් අඩි ගැහැව්වා ලකුණුත් එක එක වගේ ගැහැව්වා.ඔන්න ඒක නිසා නම් දැන් කට්ටිය මට චියර්ස් කරන්න ගත්තා.මා වටේ එක්වුණා මට ශක්තියක් වුනා.මට මාරම හැපී 90ව පැන්න ගමන් මං පොල් අඩිම වැඩිපුර ගහන්න ට්‍රයි කරා.දැන් මං වටේ කට්ටිය ගොඩක් ඉන්නවා සමහරු සුභ පතනවා,සමහරු දිරිය දෙනවා ඒ මදිවට හැම පැත්තෙන්ම කලින් නොහිටිය යාළුවෝ.මට මාරම හැපී මෙයාලා නිසා තමා මම මේ තරම් ලකුණු ප්‍රමාණයක් රැස් කරේ.නැත්තම් මම තාම කොට කොට ඇති නැත්තම් අවුට් වෙලා අනිවාර්යෙන්ම.
දැන් 98ක් ගහලා ඉන්නේ ඊළඟට කොහොම හරි ලකුණක් ගන්න ඕන සුපුරුදු පරිදි ආපු බෝලෙට ගැහුවා බැට් එකේ වැදුන බෝලේ පිටිපස්සට ගියේ හිතපු නැති විදියට,බෝලේ විකට් එක ගාවින් ගෑවී නොගෑවී කීපර්ගේ අතේ ඇඟිල්ලකත් වැදිලා තර්ඩ් මෑන් කලාපයට ඇදිලා ගියා.යන්තම් අවුට් වුනේ නැහැ බලන් හිටපු හැමෝම එක පාරට නැගිට්ටා,සමහරු බැන්නා චාටර් ෂොට් එකක් කියලා තවත් සමහරු කිව්වා ඒක නම් ලක් එක කියලා.ඒත් මට නම් හිතාගන්න බැහැ වෙච්ච දේ..


දැන් 99යි හිතට හරි බයයි.
මහේල වගේ 99න් අවුට් වෙයිද? හිතේ නම් දෙගිඩියාවක් ඒත් මෙච්චර කොට කොට ආපු එකේ තව එක ලකුණක් මොකක්ද? කිසි ප්‍රශ්නයක් නැහැ ඔන්න පොඩි තට්ටුවක් දාලා දිව්වා.යේ....... හරි දැන් 100යි

ගොඩාක් සතුටුයි මංගල ශතකය අනිත් ප්ලේයර්ස්ලට වගේ නෙවේ මට නම් මේක ලොකු කඩ ඉමක්‌  ඔව් මම ඒක කරා දැන් මමත් සීයක් ගහලා තියෙනවා.ඒක ඕන කෙනෙක්ට බලාගන්න පුළුවන්.ඒත් මෙතනින් පස්සේ?

මහේලලා දිල්ශාන්ලා නම් සීය ගැහුවට පස්සේ ගහන්නේම පොල් අඩි අවුට් උනත් කමක් නැහැ වගේ.මාත් එහෙම ගහනවද?

අපෝ නැහැ මම මුලදී වගේම ආයේ තට්ටුව දදා ඉන්නවා ඉඳලා හිටලා ලකුණක් දෙකක් දාගන්නවා.ඔව් එහෙම කරලා ඇතියි කියලා හිතුනොත් ටෙස්ට් මැච් එහෙක වගේ ඉනිම අත්හිටවලා දානවා.
මං කොට කොට ගහද්දි වගේම ඉඳලා හිටලා පොල් අඩි ගහද්දීත් මා වටේ රොක් වෙලා මට ජයපතපු,සුභ පතපු,දිරිය දීපු ඔයාලා හැමෝටම ගොඩා..................ක් තෑන්ක්ස්.

ඒ වෙනුවෙන් මම ඔයාලට මොනවා දෙන්නද මන්දා?????
හැමදේකටම ස්තුතියි.