Sunday, August 05, 2012

115 නයි (ද),හොරු (ද) සමඟින් මගේ අලුත් මෙව්වා එක!

මං දැන් අවුරුදු දෙකකට පෙර ගත්තා චයිනිස් ටීවී ෆෝන් එකක් ඔරිජිනල් ෆෝන් ගන්න සල්ලි නැහැනේ.ඒ දවස් වල ඒක මම ගත්තේ මෙමරි කාඩ් එකත් එක්ක රුපියල් 8000කට.පස්සේ ඕක ගොඩක් කල් පාවිච්චි කරා කිසි අවුලක් නැතුව ඒත් පරණ වෙන්න වෙන්න මේවායේ කොලටි ලොවෙත් නැහැ.



2010 ගත්ත ෆෝන් එකත් එක්ක 2012ටත් පා තැබුවා ඒකත් දැන්නම් ටික ටික අබසරණ වෙලා තිබ්බේ.පහුගිය පොසොන් එකට අනුරාධපුරේ ගිහින් ආපු වෙලේ පාඩු ගොඩක් වුනා.


එක : ගුටි කන්න ගිහින් අනු නවයෙන් බේරුණා
දෙක : 480ක් දීලා ගත්ත සස්සනම සස්සන සෙප්පු දෙක මිහින්තලේදී මිසින් වුනා
තුන :චයිනිස් ෆෝන් එක වැටිලා ස්ක්‍රීන් එක ගියා.


තුන් වෙනි එක තමා ලොකුම පාඩුව ආයේ ඕක හදනවට වඩා හොඳයි අලුතෙන් එකක් ගන්නවා කියලා හිතුවත් කෝ සල්ලි?ඕක හදන්න ගියත් 1000ක් වත් ඉල්ලනවා.ඒක නිසා හදන්නේ නැතුව මම ඒක දිගටම පාවිච්චි කරා


 මට නම් ඉතින් එක්ලක්ෂ දහදාහක ෆෝන් එකක් මාස දෙකේ පඩියෙන් ගන්න ජොබ් එකකුත් නැහැ දේවාට වගේ.ඇන්ඩ්රොයිඩ් ෆෝන් තෑගී දෙන්නත් යාළුවො නැහැ මම දුන්නොත් මිසක්.සෑමාට වගේ ලොතරැයි ඇදෙනවා ඈ? මාරයා අයියාට වගේ කැමරා රටින් එවන්න යාළුවොත් නැහැ.මට වින්චැට් කිරිල්ලියොත් නැහැනේ යුරෝ එවන්න.අනික අභීත අයියලාට වගේ ඉන්දික උපශාන්තලත් නැහැ ඉල්ලපු ගමන් බෑන්ක් එකට සල්ලි එවන්න.රජාට වගේ මට ගෙදරින් බයික් අරන් දෙන්නෙත් නැහැ අපි දුප්පත්!.සිගරට් බොන්න තිබ්බ සල්ලි අංකල්ලට දෙන අටම්පහුරයා වගේ එකෙක් නැහැනේ අහල පහළකවත්.වෙනියට වගේ වැඩිපුර ඉතුරු සල්ලි වත් හම්බෙන්නේ නැති කොට මං හිතාගත්තා ඉතින් මම හෙන අන්ලකි කියලා


ඔහොම හිතාගෙන ඉද්දි මගේ පරණ බැංකු පොතක තිබ්බා රුපියල් අටදාහක්.ආයේ දෙපාරක් හිතුවේ නැහැ විත්ඩ්රෝව් කරා සල්ලි තව තුන්දාහක් අලුත් බැංකු පොතෙන් ඉස්සුවා අම්මට හොරෙන් ඒකෙ තිබ්බෙත් පන්දහද කොහෙද .


ගත්තා අලුත් කිටි කිටියේ එකොලොස්දහකට සැම්සුන් චෑම්ප් ෆෝන් එකක්.


මේක ෆුල් ටච්
                                                       
                                                                                       
මම ඉතින් හුරුවෙලා තියෙන්නෙත් ටච් ඒවාට නිසා මේක තමා ගත්තේ.හරි හුරුබුහුටි ෆෝන් එක,ඒ වුනාට ගාන වැඩිද දන්නේ නැහැ මම ගත්ත.



කොහොමද මගේ අලුත් මෙව්වා එක?.තම හිසට තම අතමලුනේ හෙවනැල්ල!

115 comments:

  1. මේකාලේ ඉන්න හොරුන්ගේ හැටියට ඔය නයාවත් හොරු උස්සයි ඕක උඹේ මඩිස්සලේට වත් දාලා පරිස්සම් කරලා තියා ගනින් :P

    ReplyDelete
  2. අතට අහුවෙන හුරු බුහුටි ෆෝන් එකක් !

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු වෙනියෝ

      Delete
  3. ඔය ගනන් තමා දැන් යන්නේ..
    එල ඈ..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් අවුලක් නැහැ බන් මං හිතුවේ වැඩි මං වැඩියෙන් ගෙවලා කියලා :)

      Delete
  4. සුභ පැතුම් !

    අපිත් එහෙම තමා බං, අමාරුවෙන් පනං හතරක් හොයා ගන්නෙ. අද රටේ හැමෝටම වගේ එකම සෙතේ. මට නම් ෆොන් ගැන වැඩි උනන්දුවක් නෑ බං, කෝල් එකක් ගන්න ෆෝන් එක තිබුණම ඇති. වැඩි වැඩ ඕන නෑ. දවසම වගේ කම්පීතරේ ඉස්සරහ නිසා ෆොන්වල තියෙන අනිත් වැඩි පුර ඔප්ෂන්වලින් ඇති වැඩකුත් නෑ. ඒ නිසා මමත් පහුගිය දවස්වල ඔය 18 කට විතර එකක් බලලත් ආයිත් වැඩේ අතෑරියා, අපරාදෙ වියදම කියල හිතල.

    ReplyDelete
    Replies
    1. මාත් ඉවසන් ඉඳලා බැරිම තැන තමා ගත්තේ හදිසියකට ෆොටෝ කෑල්ලක් වත් ගහගන්න කියලා :)

      Delete
  5. අඩේ බ්ලොග් ලියන එවුන්ගේ අරමුදලක් හදමු කස්ටියට හොද ෆෝන් අරන් දෙන්න.. :)

    මටත් එකක් හම්බෙයි නේද එතකොට??

    :ඩී

    ReplyDelete
    Replies
    1. ඇයි බොල උඹට ස්වීප් එකක් ඇදුනේ අපිට ෆෝන් අරන් දෙන්න තමා ඒත් මම ඉල්ලුවේ රීලෝඩ් එකක් විතරයි කොහෙද මේකා ඒකවත් දුන්නේ නැහැනේ :)

      Delete
  6. මාත් ෆෝන් එකක් ගත්තා... ඒකේ ෆොටෝ එකක් ගන්ඩ විදිහක් නෑ.. ෆෝන් කැමරාවෙන්ම එපැයි ෆොටෝ එක ගන්ඩ..
    කන්නාඩියක් ඉස්සරහට ගිහින් ෆොටෝ එකක් ගහන්ඩ ඕනා.

    කොහේවත් තියලා යනවා නෙමේ ඕක.. හොරුනේ හැමතැනම..

    ReplyDelete
    Replies
    1. එහෙනම් කන්නාඩියක් ඉස්සරහට ගිහින් වත් ෆොටෝ එකක් ගත්තා නම්?එහෙමත් නැතුව ෆෝන් මොඩල් එක ගූගල් එකේ ගැහුවත් පින්තූරයක් හොයාගත්තෑහකිනේ

      හොරු නම් ඉතින් ආයේ කතා කරලා වැඩක් නැහැ :D

      Delete
    2. ෆෝන් මොඩල් එක හොයා ගත්තට ඒක නෙමේ නේ මම් ගත්ත ෆෝන් එක.
      දැන් මලයා දාලා තියෙන්නේ නෙට් එකෙන් සර්ච් කරලා යෑ. මලයා ගත්ත ෆෝන් එක නේ.. මටත් ඕන අන්න එහෙම ෆොටෝ එකක් දාන්ඩ !! හික්ස් :)

      Delete
    3. මේක ෆුල් ටච් කියලා තියෙන එක ගත්තේ ගූගල් ගොයියගෙන් :)

      Delete
  7. මට නම් ඉතින් එක්ලක්ෂ දහදාහක ෆෝන් එකක් මාස දෙකේ පඩියෙන් ගන්න ජොබ් එකකුත් නැහැ දේවාට වගේ.ඇන්ඩ්රොයිඩ් ෆෝන් තෑගී දෙන්නත් යාළුවො නැහැ මම දුන්නොත් මිසක්.සෑමාට වගේ ලොතරැයි ඇදෙනවා ඈ? මාරයා අයියාට වගේ කැමරා රටින් එවන්න යාළුවොත් නැහැ.මට වින්චැට් කිරිල්ලියොත් නැහැනේ යුරෝ එවන්න.අනික අභීත අයියලාට වගේ ඉන්දික උපශාන්තලත් නැහැ ඉල්ලපු ගමන් බෑන්ක් එකට සල්ලි එවන්න.රජාට වගේ මට ගෙදරින් බයික් අරන් දෙන්නෙත් නැහැ අපි දුප්පත්!.සිගරට් බොන්න තිබ්බ සල්ලි අංකල්ලට දෙන අටම්පහුරයා වගේ එකෙක් නැහැනේ අහල පහළකවත්. + නිශානයලාට වගේ අපේ බැංකු පොත්වල කොහෙද සල්ලි. + වෙනියට වගේ වැඩිපුර ඉතුරු සල්ලි වත් හම්බෙන්නේ නැති කොට මං හිතාගත්තා ඉතින් මම හෙන අන්ලකි කියලා

    ReplyDelete
    Replies
    1. යකොව්ස් රුපියල් 8000යි තිබ්බේ දැන් ඒකත් ඉවරයි :(

      Delete
  8. ම්ම්ම්ම්...මටත් තියෙන්නේ සැම්සුන් චැම්ප් එකක්ම තමා.. අවුල් නැ.. ඒත් ඉතින් ඉස්සර වගේ ෆෝන් එක දිහා නොබලා එස්.එම්.එස් ගහන්න බැරි එක තමා අවුල...

    ReplyDelete
    Replies
    1. අයියෝ මට නම් ඇස් වහගෙන වුනත් ඕකෙන් එස්.එම්.එස් කෙටුවහැකි.ඒ තරමට මට මේක හුරුවුනා :)

      Delete
  9. මං තුමා ඉස්සෙල්ලාම ෆොන් එකකට ගත්තේ Ericsson T-28.. අකුරු පේලි දෙකක් විතරක් ‍පේන දිග ඇන්ටනා තඩියකුත් එක්ක.. ඒකෙ චාගර් එකක් දැං හොයාගන්න නෑ... දැං මාස දෙක තුනකට කලින් අ‍ටෝල බැලුවාම ඒක තාම වැඩ.. සන්තෝසෙ කියල නිම කරන්න බෑ..

    ReplyDelete
    Replies
    1. මං තුමා මුලින්ම ගත්තේ මෝටරෝලා C117 එකක්.ඒක අම්මා තුමිය තාම පාවිච්චි කරනවා,දැන් අවුරුදු හයක් ඒකට :)

      Delete
  10. 1100 එකක් රබර් බෑන්ඩ් එකකින් පරණ කැමරාවකට ගැටගහලයි මම කැමරා ෆෝන්එක හදාගත්තෙ. :)

    ReplyDelete
    Replies
    1. පරණ ආතල් ජෝක් එකක් :D

      Delete
  11. chutima chuti nishan ayye mokada kiyanne api denna 4n deka maru karaganimuda?? :D :D

    ReplyDelete
    Replies
    1. හා
      හැබැයි මම දෙන්නේ අර චයිනිස් එක ඈ :)

      Delete
  12. මල්ලියෙ නිකම් වටේ යන්නෙ නැතුව කෙලින් කියන්නකො මෙයා කීයක් හරි එවන්නම්..බෝයි ෆ්‍රෙන්ඩ්ස් ලට විතරක් නෙවේ ෆ්‍රෙන්ඩ්ස් බෝයිස්ලටත් උදව්වක් ඉල්ලුවොත් කවදාවත් බැහැ කියල නැහැ මම.:D

    ReplyDelete
    Replies
    1. බෝයි ෆ්‍රෙන්ඩ්ස් ලට

      බහු වචන නේද? :D :D

      කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියන්නෙ මේ වගේ වෙලාවටද? :P

      Delete
    2. කටෙනුයි දිවෙනුයි දෙකෙන්ම තමා කිව්වෙ...ඒකෙ තේරුම අතීතෙ උන්න..වර්තමානෙ ඉන්න...අනාගතේට එන්න ඉන්න....එතකොට බහු වචනෙ නෙවේද?

      Delete
    3. "කටෙනුයි දිවෙනුයි දෙකෙන්ම තමා කිව්වෙ." මේකත් බොරුනෙ.. කොහෙද කටින්වත් දිවෙන්වත් කිව්වෙ ඇඟිලි වලින්නෙ ටයිප් කළේ :)

      Delete
    4. වින් අක්ස් දන්නවා නම් කලින් ඉල්ලනවා ශික් අපරාදේ.ඒ වුනාට සමහර ගෑනු උදවිය කියද්දී ඔහොමයි කොරද්දී කොහොමද දන්නේ නැහැනේ :)

      @හරි
      වින් අක්කා වර්තමානයත් අතීතයත් එකතු කරලා බහු වචන හදලා අර හරියට අඟහරුවාදා නවයෙන් බෙදලා වගේ :P

      Delete
  13. මෙව්වා එකනම් අපූරුය .ගත්තු මුදලට වටින්නේය

    ReplyDelete
  14. කාටද බන් යාළුවෙක් ඇන්ඩ්‍රොයිඩ් එකක් තෑගි දීල තියෙන්නෙ ?...

    ReplyDelete
    Replies
    1. දේවාට බං :)

      Delete
    2. ඒක මිසක්... නිකමට හිතුන මං ගැනවත් කිව්වද කියල... ;)

      Delete
  15. ඒ ඇත්තට මේ ෆෝන් ඒක හොඳයිද?
    මාත් මේ දවස්වල ෆෝන් එකක් ගන්නද කැම් එකක් ගන්නද කියලා හිත හිත ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ෆෝන් එකේනම් වරදක් නැහැ මට නම් හිතට හොඳටම අල්ලලා තියෙන්නේ :)

      Delete
  16. අපේ එකෙක්ගෙ පත චයිනීස් ෆෝන් එකක් දවසක් බර වැඩිකමටම කමිසෙ සාක්කුවත ලිහාගෙන බිම වැටුනා..

    අලුත් සැල්ටොන් එක සෝක් ය... සන්සුන් වී සැම්සුන්ග් පාවිච්චි කරන්න...

    ReplyDelete
    Replies
    1. හැබැයි සද්දේ නම් දෙදරන්න තියෙනවා බං චයිනිස් වල

      Delete
  17. මං ගාව තියෙන ෆෝන් එකමයි.මටනම් ලොකු අයියා කැම්පස් යනකොට අරන් දුන්නේ ඒක :)

    ReplyDelete
    Replies
    1. මට නම් අයියලා නැහැ නංගෝ ෆෝන් අරන් දෙන්න :)
      මමම තමා ගේමක් ගහලා ගත්තේ

      Delete
  18. කට්ටියටම නමලා ලියලා තියෙන විදිහ නම් මරු.

    ReplyDelete
    Replies
    1. මොනා වුනත් මං ඇත්තනේ කිව්වේ :)

      Delete
  19. මං ලගනම් තියෙන්නේ Sagem My X1 එකක්!ආයේ පොලේ ගැහුවත් කැඩෙන්නේ නෑ!!!මගේ අටමන්ගල්ලේ මට හොඳයි!

    ReplyDelete
    Replies
    1. අපේ අම්මා ගාව තියෙන මෝටරෝලා C117 එක වගේ :D

      Delete
  20. ආ..මිහින්තලේ සෙරෙප්පු සීන් එකේනං සුල මුල අපි හොයා ගත්තා! ;)

    ReplyDelete
  21. හික්ස්ස්.. මට තියෙන්නෙත් ඕකමයි.. අඬලා අඬලා ලඟදි ගත්තෙ මම 10500කට :D හික්ස්ස්... ශෝයි ඒක.. හුරුබුහුටියිනෙ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හුරුබුහුටියි
      ඒත් මට වඩා රුපියල් 500ක් අඩුවෙන්නේ අරන් තියෙන්නේ :(

      :D

      Delete
  22. චෑම්ප් එක එලය..
    මමද පාවිච්චි කලෙමි..
    අවාසනාවට වතුර ගීං කැඩුනේය..

    ReplyDelete
  23. චෑම්ප් එකක් කොල්ලෙක් ගාවත් තිබෙන්නේය. මමත් ඉඳ හිට එය ඔබන්නේය. මම මගේ සෝනි එරික්සන් ෆෝන් එක ගන්න අවුරුදු තුනක් හුල්ල හුල්ල හිටියා. අන්තිමට තුන්වෙනි අවුරුද්දේ සල්ලි හදාගෙන ෆෝන් එක හොයනකොට ඒ ජාතිය ලංකාවට එන්නේ නෑ. මාසයක්ම අතේ සල්ලි තියාගෙන කොටුව පුරාම ඇවිද්ද. ම්හු....! එත් නෑ. k800 තමයි හෙව්වේ . පස්සේ ගත්තා සෝනි වලම අලුතෙන් ආව එකක්. ඔන්න ඔහොමයි මම ෆෝන් එක ගත්තේ දැන් මගේ අතේ තියන එක.

    ReplyDelete
    Replies
    1. මාර සීන් එකක්නේ බොටත් වෙලා තියෙන්නේ.සෝනිත් හොඳයි හැබැයි උන්ගේත් මේඩින් චයිනා ඒවා එනවා බං

      Delete
  24. Replies
    1. නැහැ අහිංසක ඇත්තක් :)

      Delete
  25. බලාගෙන යනකොට හැමෝටම තියෙන්නේ එකම මෙව්ව එකනේ .... අයියෝ එතකොට මම විතරද තවම චයිනීස් ෆෝන් එකක් තියාගෙන ඉන්නේ .......

    ReplyDelete
    Replies
    1. \\බලාගෙන යනකොට හැමෝටම තියෙන්නේ එකම මෙව්ව එකනේ ...//

      :D :D හැමෝටම තියෙන්නේ එකම මෙව්වා තමා

      Delete
    2. මෙව්වා කියන්නෙ මොනාද බන්...

      Delete
    3. මෙව්වා කියන්නේ මෙව්වට බං...

      Delete
  26. ඒ දවස්වල උඹ ඒ සාක්කූවේ දාගන හිටියේ ෆොන් එකක්ද
    මම හිතුවේ පොකැට් රේඩියෝ එකක් කියලා

    ReplyDelete
    Replies
    1. හුටා ඔහොම චාටර් කරන්නෙපා ඉතින් :)

      Delete
  27. ෂා හොඳයිනෙ ෆෝන් එක. මම අහලා තියෙන්නෙ ඕක හොඳට පාවිච්චි කරන්න පුලුවන් ෆෝන් එකක් කියලා.
    නිශාන් අංක එකට දාලා තියෙන පාඩුව මටනම් පුදුමයක් නෙවෙයි. උඹ අර දේවගෙ ඉඳන් වෙනියා දක්වා මඩ ගහලා තියෙන හැටියට, උඹ මේපාරත් ගුටි නොකෑවොත් තමයි පුදුමේ. :D
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ෆෝන් එක ගැන අහලා තිබ්බ දේ කිව්ව එක මට සතුටක් :)

      හෑ හැමෝම බලන් ඉන්නේ මං ගුටි කනකන්නේ බොලේ :(

      Delete
  28. ෆෝන් එක ලස්සනයි.. වෙන මුකුත් නොකියමි...

    ReplyDelete
  29. සුබපැතුම් මචෝ

    ReplyDelete
  30. ඉතිං චික චික ගෙවන්න ටැබ් එකක් ගන්න තිබුනානේ... ආං එව්වෑනේ චච් තියෙන්නේ...

    ඔබලමයි පුරුදු එතකොට...

    ReplyDelete
    Replies
    1. ඔව්වා ලොකු වැඩියි බන් එතකොට සාක්කුවේ දාන් යන්නවත් බැහැනේ

      Delete
  31. සැම්සුන්ග් චෑම්ප් එකේ මියුසික් හොද කොලිටිලු නේ...

    ReplyDelete
  32. අලුත් මෙව්වා එක ෂෝයි :D

    ReplyDelete
  33. samsung නේ දැන් ඉහලින්ම ඉන්නේ.නොකියා සෙකන්ඩ්..
    ඔය ෆෝන් එක එළ..!

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත බන් ඒත් නොකියා තමා සිංහල හොඳට වැඩ කරන්නේ එස්.එම්.එස් වලින් වුනත්

      Delete
  34. ගුටි කන්න ගිහින් අනු නවයෙන් බේරුණා..........ඒක පාඩුවක්ද?

    ReplyDelete
    Replies
    1. තව පොඩ්ඩෙන් ගුටි කනවනේ.කෑවා නම් එහෙම අන්න එතකොට බරටම පාඩුයි පාඩුයි :)

      Delete
  35. කාගෙන්වත් ලැබෙයි කියලා බලාපොරොත්තු නොතියා ඔය තරමට හරි තන්ගේම සල්ලි වලින් ගත්ත එක මොනතරමක් වටිනවද... මගෙ ෆෝන් එක බිම වැටිලා කැඩුනට පස්සෙ අලුතින් ෆෝන් එකක් ගන්න බැරි කමට 1999 ක් දීලා Do එකක් අරගත්තා. එක පාර ලක්ෂ ගනන් දීලා ගන්න සල්ලි අපිට නෑනෙ ඉතින්. ටික ටික එකතු කරලා සෝනි එරික්සන් live එකක් අර ගත්තෙ සෑහෙන කාලෙකට පස්සෙ.

    ඔය ෆුල් ටච් ෆෝන් වතුරෙන් පරිස්සම් කර ගන්න. අතේ දාඩිය උනත් එතරම් හොඳ නැති වේවී. ස්ක්‍රීන් ෆිල්ටර් එකක් දා ගත්තා නම් පරිස්සමට හොඳා

    ReplyDelete
    Replies
    1. \\කාගෙන්වත් ලැබෙයි කියලා බලාපොරොත්තු නොතියා ඔය තරමට හරි තන්ගේම සල්ලි වලින් ගත්ත එක මොනතරමක් වටිනවද..//

      ඒකනම් ඇත්ත ලිහිණි මේක මගේම සල්ලි වලින් ගත්ත හින්දා ගොඩක් වටිනවා මට.ඔයා කිව්ව ආරක්‍ෂිත ක්‍රම මාත් අනුගමනය කරන්න ඕන

      Delete
  36. ඉතිං මටත් තියනවනේ ටච් ෆෝන් එකක් ඒකෙ කීපෑඩ් එකේ බොත්තම් ටච් කරලා තද කලාම හරි :)

    මා ළඟ තියෙන්නේ නොකියා 6680 එකක්. 2005 දී ගත්තේ 30000 කට. ෆින්ලන්තයේ නිෂ්පාදිත එකක්. සියලුම අමතර උපාංගත් හම්බ වුනා. යුද්ධ භූමියට ගෙනිහිල්ලත් පාවිච්චි කළා. දැනට දෙවතාවක් හවුසින් එක මාරු කරලා තියනවා. හතර වතාවක් බැටරිය මාරු කරලා තියනවා. ඔරිජිනල් බැටරියක් රු 4000 ක් වෙනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. නොකියා ෆෝන්ස් වල කොලිටි ගැන ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ගලේ ගහලා ගත්තත් හවුසින් එක මාරු කරලා පාවිච්චි කරන්න පුළුවන්.ඒත් එච්චර සල්ලි මා ගාව නැහැ

      Delete
  37. මුගේ මද ගැහිල්ලේ ඉවරයක්‌ නෑනේ ....

    මගෙත් පොන් ඒක කැඩිලා බං උබවත් එකක් අරන් දීපන්කො

    ReplyDelete
    Replies
    1. කෝ කොහෙද බන් මඩ?

      පොන් එකක් අරන් දෙන්නම් වරෙන්කො සල්ලි කියක් හරි අරගෙන

      Delete
  38. ශා..නියමයි...මටත් සින්දුවක් දෙකක් අහන්ඩ දවසක් දෙකක් චැම්ප් එක ඕනි...ඔන්න කලින්ම ඉල්ලුවා...

    ReplyDelete
    Replies
    1. අයියෝ දෙන්නම්කො සහෝ සුළු දෙයක් :)

      Delete
  39. චෑම්ප් ෆෝන් එක හොඳ ඇති. සැම්සන් නේ. අර කලින් තිබ්බ චයිනිස් ෆෝන් එකක් මමත් කාලයක් පාවිච්චි කලා. එකේ තියනව කෝල් ඔටෝ රෙකෝඩ් වෙන ඔප්ෂන් එකක. වෙන ඒවයෙ අහු වෙලා නෑ එහෙම එකක්

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් එකේ තිබ්බා කෝල් එකක් එද්දිම අන්ස්වර් කරන්න කලින් රෙකෝඩ් කරන්න පුළුවන් ෆීචර්ස් එකකුයි බ්ලැක් ලිස්ට් ෆීචර් එකයි.

      Delete
  40. අහහ් නියමයි..දැන් ඉතින් කොහොම හලි ෆෝන් එකක් හම්බුණානේ....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් මටත් දැන් තියෙනවා හොඳ ෆෝන් එකක් :)

      Delete
  41. හික්ස් මඩනම් ඉවරයක් නැතිය....අපූරු මඩ ටික ඒ වගේම ඔයාගෙ අළුත් යාළුවත් අපූරුයි....

    ReplyDelete
    Replies
    1. කෝ කෝ කොහෙද මඩ? (සිතමින්)

      :)

      Delete
  42. අලුත් ෆෝන් එකට මගේ සුබපැතුම් නයි කයිද රෝස් පාන් කිව්වලු හිකිස් මගේ අට මගලේට වැඩිය ඔහොමවත් එකක් වාසනාවන් දැන් අවුරුදු දෙකක් තිස්සේ පට්ට ගහනවා මේක පරණ සබන් කෑල්ලට යන්න කියන්න කාලේ හරි වගේ ලොල්

    ReplyDelete
    Replies
    1. සබන් කෑල්ලක් නම් ඇඟේ හරි ගාන්න පුළුවන්නේ සහෝ මාර වටිනවා ඈ :)

      Delete
  43. හිකිස් මඩ කලවං ෆෝන්..

    ReplyDelete
    Replies
    1. මඩ ගෑවිලා නැහැ මේවා අලුත් ෆෝන් :D

      Delete
  44. Replies
    1. :) ස්තුතියි අයියා

      Delete
  45. මටත් මලයාගෙන් තෑග්ගක් ලෙස ලැබුනි...එනිකෝල්(සැම්සුන්) ලංකාවේ කිසිම උපාංගයක් නැත . ඒම්දිවට කොරියන් භාශාව සමහර තැන්වලය...කෙලවුනි...කතා කිරීම,පොටෝ කෑල්ලක් ගන්නට හැක යන්තම්..!

    ReplyDelete
    Replies
    1. අයියා හෙන ලකී පොරක්නේ ඈ.

      Delete
  46. හොඳයි හොඳයි.හැබැයි මට තියෙන්නේ ඕකට වඩා ගාන වැඩි එකක් :p

    ReplyDelete
    Replies
    1. කෝබි එකද?
      අපි ඉතින් දුප්පත්නේ :(

      Delete
  47. අලුත් ෆොන් එකට ජය වේව.....!
    මාත් ඊයෙ පෙරිදා ඇන්ඩ්‍රොයිඩ් තිබ්බ ආසව නිසාම 3 අවුරුදු නොකියා ප්‍රෙමයට සමුදීලා සොනි එකක් ගෙනවා :)

    ReplyDelete
    Replies
    1. කීයක්‌ වුනාද බං?

      Delete
  48. අහිංසක නයෙක්නේ.....

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට මම නම් වසයි :)

      Delete
    2. මම හිතන්නෙ නෑ.....ඔයා කීවට...
      ඇත්තටම ඔයාට වස වෙන්න බෑ මල්ලී....
      ඔයා හොද කෙනෙක්...මම ඒක හැමදාම කියනවනෙ....

      Delete
    3. අක්කා දන්නේ නැහැ අක්කා මං ගැන

      Delete
    4. හෑ...බයෙත් බෑ...

      Delete
    5. බය වෙන්න එපා මම එහෙම කාවවත් හපන්නේ එහෙම නැහැ ඉතින් :D

      Delete
  49. මොකද ඒ පාර මඩ කෙලින්න තියා ගත්තේ?

    ReplyDelete
  50. අනේ මචෝ. කියන්න දුකයි. samsung champ මල ජරාවක්. මටත් ඕකක් තියෙන්නේ. තිලකවර්දන එකෙන් ගත්තේ. ඔකේ service හරි නැහැ. මන් බැරිම තැන ගත්ත nokia black and white phone එකක්. එකනම් පට්ට.

    ReplyDelete
    Replies
    1. හෆෝයි ඇඩෙනවා මචන් අමාරුවෙන් ගත්ත ෆෝන් කට්ට

      Delete
  51. හැබැයි චයිනීස් එකේ ඩිස්ප්ලේ එක හොදයි කියල හිතෙන දවසක් ඒවී ඈ :/

    ReplyDelete
    Replies
    1. නැහැ බං ඒකට වඩා ගොඩක් හොඳයි චෑම්ප් එක

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!