Sunday, August 12, 2012

98 උඳුරා ගැනීම!


අද ජුලි 17 මට කැලැන්ඩරය දෙස බලා ඉබේටම කියවුනි.මීට‍ අවුරුද්දකට කලින් අද වගේම දවසක නේද හර්ශිගේ බර්ත්ඩේ පාටි එක තිබ්බේ?ඔව් ගිය අවුරුද්දේ ජුලි 17 තමා.අවුරුද්දක් ගිය ඉක්මන මේ අවුරුද්දට මොන තරම් දේවල් වෙනස් වුනාද හ්ම්ම් ඇහිපිල්ලක් ගහන ක්ෂනිකයෙන් මගේ ජීවිතයම වෙනස් වුනා.

මීට අවුරුදු ගානකට කලින් ඉඳන්ම මම හර්ශිට ආදරේ කරේ ඒත් එයා මට වඩා අවුරුදු 4ක් බාල නිසා මම තවත් කල් යනකන් බලන් හිටියේ එයා තව ටිකක් ලොකු වෙනකන්.ඒත් මම මොන තරම් මෝඩයෙක්ද දෙවියනේ?.

එදා වයස ගැන හිතන්නේ නැතුව මම එයාගෙන් මට කැමතිද කියලා ඇහුවා නම්?.ඒ දවස් කොච්චර ශෝක් ද හර්ශිගේ  දඟකාරකම් ඒ හිනාව හැමදේකින්ම මම පිස්සු වැටුනා.හර්ශිගේ අයියා අංජුත් මගේ හොඳ යාලුවෙක් මම මිනිහට කිව්වා නම් මම උගේ නංගිට කැමතියි කියලා මිනිහා අනිවාර්යෙන්ම නංගිගෙන් මං ගැන අහනවා.ඒත් මම නොහිතපු විදියට මගේ ජීවිතයට හෙනහුරා ආවේ මගේ දෛවයේ හැමදාම හැමදේම අහිමි වෙන ස්වබාය නිසා වෙන්න ඇති.

ඒත් මේ හෙනහුරා මගේම ලේවලින් ආපු එක දෛවෝපගත දෙයක් කියලයි අදටත් මට හිතෙන්නේ.

ඌ අපේ ගෙදර නවතින්න ආවත් හරි මගේ හැමදෙයක්ම කාලකන්නි වුනා ඒත් ඥාති සහෝදරයෙක් නිසා මම හැමදාම උගේ නොමනා ක්‍රියා ඉස්සරහා ගොළු වුනා විතරයි.මට කැමතියි අකමැතියි ගානට හිටපු හර්ශිත් මට නැති වුනේ මේ මස්තබාල්දුවා නිසා කියලා මගේ හිත හැමතිස්සෙම ලොකු වේදනාවකින් පිරි යනවා.

ඒත් ඒ හැමදේකටම මම උදව් කරන්න පෙළඹුනේ ඇයි දෙවියනේ?.මගේ තියෙන මොන ගතිගුණය නිසාද මම උන් දෙන්නට පැනලා යන්න උදව් කරේ?.

ටිකෙන් ටික හර්ෂි මට වඩා මගේ හෙනහුරාට ලංවුනා ඒ බව මම දැන දැනත් මට මුකුත් කරන්න බැරි වුනා බලන් ඉන්නවා හැරෙන්න.හැමදාම මට උරුම වුනේ තනිකම.මේ පාරත් එහෙමයි කියලා මම කවදා වෙනකන් හිත හදාගන්නද මන්දා

මා එක්ක කොමල කරපු කෙල්ල පස්සේ පස්සේ මගේ හෙනහුරා එක්ක කොමල කරා මට පෑ ඒ සිනා ඌට පාන්න ගත්තා.අන්තිමට මම බලාපොරොත්තු වුන සෙනෙහේ  ඌටම දුන්නා.

මම ඒක දැනගත්තේ අම්මගෙන්,අම්මා කවදාහරි දැනන් හිටියා නම් මම හර්ශිට ගොඩක් ආදරේ කරා කියලා ඒත් අම්මා දැනගත්තේ මගේ හෙනහුරා හර්ශිට ආදරේ කරනවා කියලා විතරයි.අම්මා ඒක නවත්වන්න ගොඩක් උත්සහා කරා බැරිම තැන හෙනහුරාව ගෙදරින් යැව්වා.ඒත් හෙනහුරා යද්දී මගේ හැමදේම උඳුරාගෙන ගියා.ආයේ මට නැති වෙන්න දෙයක් නැහැ.

මට මතක් වෙනවා හෙනහුරා ගියාට පස්සේ හර්ෂි මාව හම්බෙන්න ආපු මොහොත.එවෙලේ එයාගේ ගාව තිබ්බ දඟකාර ගති කිසිවක් තිබ්බේ නැහැ.ඉස්සර මාව දැක්කම බලාපොරොත්තු ඇති වෙන විදියට පෑ සිනාවන් අද මුහුණේ නැහැ.එයාගේ මුහුණේ ලොකු දුකක් තිබ්බේ.

නිශ් අයියේ මට ලොකු උදව්වක් ඕන

මොකක්ද හර්ෂි?මොකද මේ දුකෙන් වගේ?

අයියේ ඔයා දන්නවනේ මම හසිතට ගොඩක් ආදරෙයි කියලා?

හ්ම්ම් 

මට දැන් එයා නැතුව බැහැ අයියේ මට එයාව මුනගස්වන්න.ඒක ඔයාට ලොකු පිනක්

හික් මගේ ජීවිතේ උඳුරගත්ත එකාට මම උදව් කරන්න? එහෙම අහන්න හිතුවත් එහෙම ඇහුවේ නැහැ.මට කියන්න පුලුවන් වුනේ හා කියලා විතරයි.ඒකිගේ අහිංසක මූණට මම බැහැ කියන්නේ කොහොමද දෙවියනේ?.මම හෙනහුරාගේ ගෙදර ගියා ඌට මේ හැමදේම කිව්වා ඌ මට කිව්වේ ඉක්මනට හර්ශිව බලන්න එනවා කියලා කියන්න කියලා.

මම එදා ඒක හර්ශිට කියද්දී ඒකිගේ මූනේ තිබ්බ සතුට? මටත් දැනුනා ඒ සතුට.

ඒත් මම කරපු දේ අදටත් හරිද වැරදිද කියලා මට තේරෙන්නේ නැහැ දෙයියනේ.උන් දෙන්නා මගෙන් එදා දනින් වැටිලා උන්ට උදව් කරන්න කියලා කියපු වෙලේ මම මොනවා කියන්නද.මට මුන් දෙන්නව බන්දලා දෙන්න පුළුවන් ඈ?
හරි උඹලා පැනලා පලයල්ලා..

ඒ වෙලේ දෙන්නම මං දිහා පුදුම වෙලා වගේ බැලුවත් අන්තිමේ ඒක හැරෙන්න වෙන කිසිම මගක් තිබ්බේ නැහැ.බදුල්ලේ කෝච්චියට දාලා ආච්චිලාගේ ගෙදර යවන්න ටිකටුත් අරන් දීලා වතුර බෝතලයයි මාළු පාන් දෙකයි උන්ගේ අතට දෙද්දී උන් ඒවා ගත්තේ අනාත වුන පොඩි උන් දෙන්නෙක් කාගෙන් හරි සරණක් ලැබෙන විට බලනවා වගේ බැල්මක්.

කෝච්චිය අද්දදී මුන් දෙන්නා මට වැන්ද හැටි මට තාමත් 
මතක් වෙනවා. එවෙලේ මගේ ඇස් වල තිබ්බ කඳුළු කව්රුත් දැක්කේ නැහැ.උන් දෙන්නත් ගොඩක් බය වෙලා හිටියේ මේ කරන දේ ගැන උන් දෙන්නව කෝච්චියට නග්ගලා මම  බලන් හිටියේ ටික ටික ඈත් වෙමින් තිබු උන් දෙන්නගේ මූණු  දෙක දිහා.

මම ආයේ පස්සෙන් දුවන් ගිහින් මගේ අතේ අන්තිමට ඉතුරු වෙලා තිබ්බ රුපියල් හත්සිය ගාණත් දුන්නේ දැන් ඒක මට වඩා උන්ට ප්‍රයෝජනවත් වෙන නිසා.ටික වෙලාවකින් උන් කෝච්චියත් එක්කම ඈතට ඈතට ඇදිලා ගිහින් නොපෙනී ගියා.

හැමදේම හීනයක්‌ වගේ මම පණවගේ ආදරේ කරපු ඒකිව කොල්ලෙක් එක්ක කෝච්චියක දාලා ගොඩක් දුර යැව්වා.

මම වරදක්ද කලේ? නැහැ මම ඒකිව යැව්වේ ඒකිට ආදරේ කරන ඒකිත් ආදරේ කරන එකා එක්ක.මට මගේ එකාට වඩා එවෙලේ වැදගත් වුනේ ඒකිව.දැන් හැමදේම ඉවරයි ඉබාගාතේ පියඹා යන පරවියන්ගේ තටු ශබ්ද කිහිපයක් හා අඩි ශබ්ද කිහිපයක් හැරෙන්න දැඩි නිශ්ශබ්දයක් මුළු දුම්රියපලේම පැතිරිලා ගිහින් තිබුනා..

මගේ ජීවිතේ හැම කරදරයක්ම ඉවර වුනාට පස්සේ ලොකු නිශ්ශබ්දයක් එන එක මට සුලබ දෙයක්.ඒත් මේ නිශ්ශබ්දයෙන් පස්සේ මොන තරම් දේවල් වලට මට මුහුණ දෙන්න වෙයිද කියලා මම එවෙලේ දැනන් හිටියේ නැහැ.මම ලොකු දුකකින් වගේම සැහැල්ලුවකින් එදා ගෙදර ආවේ.දැන් මේ හැමදේම වෙලා අවුරුද්දකුත් වෙනවා මීට අවුරුද්දකට කලින් තිබ්බ කිසි දෙයක් වෙනස් වෙලා නැහැ මම අදත් එදා වගේමයි 
අඩුවකට තිබ්බේ හර්ෂි මගේ ඇස් මානයේ නැති එක විතරයි.

                                                            


                                                         -නිර්මාණයක් පමණි.

98 comments:

  1. මට මතක් වෙන්නේ බුද්ධික උෂාන් ගේ "මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ" සින්දුව..

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති හ්ම්ම්..

      Delete
  2. ලව් නේද? අපි නෑ ඕවට.. ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මාත් දැන් නැහැ බං ඕවාට

      Delete
  3. මේක ඇත්තක් උනා නම් නිශාන් කලෙ අපරාධ වැඩක්.කෙල්ලගෙන් අහන්න තිබ්බෙ.;)
    සිරාවට ලියලා තියෙනවා මචං.අන්තිමට එනකන් හිතුනෙ ඇත්ත සීන් එකක් කියලා :)

    ReplyDelete
    Replies
    1. මම අපරාධ වැඩ හිතලා කරන්නේ නැහැ බං

      Delete
  4. “මෙයා කැමති අරයාට,අරයා කැමති එයාට(හෙන හුටපටයකි!)“ ලිව්වෙත් මේ සීන් කෝන් එක ගැනම නේද? අහම්බයක්ද මන්ද දෙකම “නිර්මාණයක් පමණි!“

    ReplyDelete
    Replies
    1. ඉරට්ට ඔත්තෙටත් ඔත්ත ඉරට්ටටත් මාරු වුනා වගේ වැඩක් මේක.
      අනේ මන්දා දෙකම නම් නිර්මාණ තමයි.

      Delete
  5. ඇත්තටම නිර්මාණයක් විතරද?සීරියස් ලියලනේ

    ReplyDelete
    Replies
    1. සීරියස් නම් තමා සහෝ!

      Delete
  6. නිර්මාණයක් කියල උඹ කියන්න ඕන නෑ. අපි දන්නව. නැත්තං උඹ වයස හරියනකං බලං ඉන්න එකා!

    ReplyDelete
    Replies
    1. මම එච්චර වැඩ්ඩේක්ද?

      Delete
  7. දහසක් මල් මැද එකම මලයි පැතුවේ..
    එමල කිමද සරදම් කර සැඟව ගියේ..

    ReplyDelete
    Replies
    1. දෛවය වෙන්ට ඇති මයේ හිතේ

      Delete
  8. කතාව ලියලා අන්තිමට කියපං නිර්මාණයක් පමණි කියලා... මං මීට පස්සේ මුලින්ම බලන්නේ කතාවේ අග...

    ReplyDelete
    Replies
    1. එතකොට ගතියක් නැහැනේ බං

      Delete
    2. ඇත්ත අනේ..මමත් මීට පස්සේ මුලින් අග බලලා තමා කතාව කියවන්නේ..

      Delete
    3. එහෙනම් මම මීට පස්සේ උඩින්ම දානවා නිර්මාණයක් පමණි කියලා.

      Delete
  9. ලස්සනට කතාව ලියලා තියෙනවා...ඇත්ත කියලමයි හිතුනේ :)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලස්සනයි ද?

      Delete
  10. අප්පේ අගට එනකම්ම මම හිතුවේ ඇත්ත කියලා.. ම්ම්ම්... ආදරය වෙනුවෙන් සමහරු කරන දේවල් ගැන කියන්න වචන නැ.. ඒත් ඒකටත් හරියන්න තව සමහරු තමන්ට ලැබිලා තියෙන ආදරයත් සෙල්ලමකට ගන්නවානේ..

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත කතාව සහෝදරි

      Delete
  11. ලව් = රිලව් බන්..

    ReplyDelete
  12. lassanai chutima chuti nishan ayye.........(oya nemei.mama kiwwe kathawa hode. :) mamath hithuwema meka aththatama una deyak kiyala.....

    ReplyDelete
    Replies
    1. එතකොට මම කැතයි ද? :(

      Delete
    2. ayyo...itin mama kiwwe nane ayya kathai kiyala....ko itin dan nada inna.... :))

      Delete
    3. හ්ම්ම් හාකෝ හාකෝ

      Delete
  13. මම මුලින්ම පහළට ඇවිත් බැලුවා නිර්මාණයක් පමණිද කියලා.. ඊටපස්සෙ කියවන්න හිතෙන්නෙ නෑ බං..

    ReplyDelete
    Replies
    1. අපොයි බං
      අනේ මන්දා

      Delete
  14. අඩෝ මම අන්ත්ම ටික කියවනකම්ම හිතුවේ සත්‍ය සිද්දියක් කියලා
    පට්ට කතාව

    ReplyDelete
  15. ඔය කතාව සත්‍ය සිද්ධියක් උනත් කමක් නෑ මල්ලි. ආදරේ කියන්නේ ලබා ගැනීමම නෙමෙයි.. ආදරේ කරපු ගෑල්ලමයගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට පූජ කරන එකත් ඒ කෙනාට දක්වන්න පුලුවන් ආදරේම කොටසක් !!!

    ප.ලි.- මල්ලි, කෙල්ලෙක් නැත්තං අපේ බෝට්ටුවට නැගහන්... තව ඉඩ තියෙනවා.. බෝට්ටුවක් හම්බෙනකන් ඔහේ හබල් ගාමු... :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒක ඇත්ත අයියා ආදරේ ලබන්නම විතරක් බලාපොරොත්තු වෙන්න බැහැනේ.

      ඔහේ හිටු මාත් ඔය බෝට්ටුවේ තමා.

      Delete
    2. ඔටු බෝට්ටුවද?

      Delete
    3. නැතුව... නැතුව...
      හරිත් කැමති නම් නගින්ඩ !!!

      Delete
    4. හරි මොකටද අපේ බෝට්ටුවේ නගින්නේ? හරිට කෙල්ලෝ වැහි වැහැලා.

      Delete
  16. මම කැමති අය මට කැමති නෑ
    මට කැමති අයට මම කැමති නෑ
    කොහොම උනත් හොඳ නිර්මාණයක් හදවතට කතා කරපු

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි මේ පැත්තේ ආවට

      Delete
  17. :O , සිරද කියන්නේ නිරමාණයක් කියල , හැබැයි නිකම් අපරාදේ වගේ කතාවට අනුව නම් :D

    ReplyDelete
    Replies
    1. මේක ඇත්තක් වුනා නම් හොඳයි කියලද හිතන්නේ?

      Delete
  18. නිර්මාණයක් උනත් කමක් නෑ ලස්සනයි කතාව.ඇත්තක් නම් දුකයි මල්ලි ඔයා ගැන.අපරාධයක් වගේ පෙනුනට ඉතින් අනිත් අතට ලොකු පිනක්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් අක්කේ

      Delete
  19. //-නිර්මාණයක් පමණි.
    ඕක ඉතිං අමුතුවෙං කියන්න ඕනයැ..
    නිසාන් කරයි අර වගේ පරාර්ථකාමී වැඩක්....
    මූ පුළුවංනං හෙනහුරාට ඇනලා කෙල්ලව උස්සයි..

    ReplyDelete
    Replies
    1. මං හරි අහිංසක කොල්ලෙක් බොල

      Delete
  20. නිර්මාණයක් පමණයි කෑල්ල අන්තිමේ දකිනකන් මම හිතුවේ ඇත්තම කේස් එකක් කියලා.. මම ඒත් බැළුවා කාටද බොලේ මෙහෙම දේවල් කරන්න පුළුවන් කියලා..

    ReplyDelete
    Replies
    1. ඇයි අපිට මේ වගේ දේවල් කරන්න බැරිද?

      Delete
  21. වැදුනා වගේ ,,, මාර ගති ඈ

    ReplyDelete
    Replies
    1. වැදුනා?
      මොනවද බං ඒ?
      ස්තුතියි ඈ

      Delete
  22. මෙන්න නිශානයා අඩනවෝ!!!!!!
    එල ඈ!!!පිස්සු බම්ප් වෙනවා!

    ReplyDelete
    Replies
    1. අපි අඩනකම් තමා නෙ උඹලත් බලන් ඉන්නේ?

      Delete
  23. කරදර වලට පස්සේ නිශ්ෂබ්දතාවය

    සුලි සුලගට පසු දැඩි නිසලතාවය


    ස්භාදහම ජීවිතයට සමීපයි. !

    ReplyDelete
    Replies
    1. මට නම් ගොඩක් සමීපයි නිශ්ශබ්දතාවය

      Delete
  24. සිරාවටම දුක හිතුනා ... (කදුළු පිහ දාන ගමන්)

    ReplyDelete
    Replies
    1. මමම අඩන්නේ නැතුව ඉද්දි උඹ මොකටද අඩන්නේ?

      Delete
  25. කථාව කියවගෙන යනකොට අතීත සිද්ධියක් මතක් උනා
    දුකේ බැහැ අප්පා...ෂික් උබත් කරන වැඩ ..

    ReplyDelete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ලින්කුව තුන් පාරක්ම දාලානේ.
      මම ඔය කතාව කියෙව්වා බං ඒ දවස් වල

      Delete
    2. කෝ ඉතිං බෝලාගේ එකේ ලින්කුව වැඩ කරන්නේ නැහැනේ... මේවා පර සුද්දන්ගේ කුමන්ත්‍රණ

      Delete
    3. ඔය උඩ කොමන්ට් වල ලින්කුවට දාපු වචන උඩ ක්ලික් කරලා බලපන්.මේවායේ කුමන්ත්‍රණ දාන්න එක පර සුද්දෙක්ට මම ඉඩ තියලා නැහැ.

      Delete
  28. දවස් ගානකට පස්සේ අදයි බ්ලොග් කියවන්න ආවෙ.හොඳ නිර්මාණයක් යාලුවා.

    …"ඉබාගාතේ පියඹා යන පරවියන්ගේ තටු ශබ්ද කිහිපයක් හා අඩි ශබ්ද කිහිපයක්"

    …ඇත්තටම පාලු ගතියක් දනවන උපමාවක්.

    ReplyDelete
    Replies
    1. එහෙනම් මම සාර්ථකයි මචෝ

      Delete
  29. මල ඉ love
    .... කොහෙම හරි වේවා උපරිම සීරියස් විදිහට ලියල තියනව . අද්දැකීමක් ඇසුරෙන් ප්‍රභන්ධයකදත් මන්ද !!!!

    ReplyDelete
    Replies
    1. තරමක් දුරට අත්දැකීමක් තමයි බං

      Delete
  30. මට අවුල් අප්ප :( මේක මාරම විදිහට හිතට දැනෙනවා.:( කමක් නැහැ කවදාහරි ඒ කතාවේ ඉන්න කෙනාට ලස්සන ආදරයක් හම්බවෙයි..:)
    ලස්සනට,සංවේදීව,හිත එකතැනක තියාගෙන කියවන්න පුළුවන් වෙන්න ලියල ඔයා.
    නියමා..................යි!

    ReplyDelete
    Replies
    1. කවදාහරි කතා කවදාවත් වෙන්නේ නැහැ සමහර අයට :)

      \\ලස්සනට,සංවේදීව,හිත එකතැනක තියාගෙන කියවන්න පුළුවන් වෙන්න ලියල ඔයා.
      නියමා..................යි!//
      ඔන්න ඔය ටික දැකලා නම් මට සතුටුයි :)

      Delete
  31. මේකෙ නම් කාගෙ හරි අත්දැකීමක ප්‍රබල සේයාවක් දකින්න පුලුවන්. සුපිරියට ලියල තියෙනවා නිශාන්. :)
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යු හෙන්රි සර් :)

      Delete
  32. නිශ් කියලා දාලා තියෙන නිසාම හිතුවෙ ඇත්ත සීන් එකක් කියලා.මදෑ.

    ReplyDelete
  33. හොඳ වෙලාවට නිර්මානයක් පමනයි උනේ

    ReplyDelete
    Replies
    1. නැතත් වෙනසක් නැහැනේ සහෝ

      Delete
  34. ah......blog eka wenas karala neda ayya...? hmm.....lassanai,eth mamanam kamathi issellan thibuna widiyata.habai itin wenasakakata meka hodai...... :)

    ReplyDelete
    Replies
    1. ඒක ලස්සනයි තමා
      පොඩි ප්‍රශ්නයක් වෙලා ටෙම්ප්ලේට් එක මාරු කරන්න වුනා නංගි

      Delete
  35. මොකද බං ඇදුම වෙනස් කලේ...

    ReplyDelete
    Replies
    1. අරකෙ පොඩි අවුලක් තිබ්බා බං.මට ඒක ෆික්ස් කරගන්න බැහැ ඒක නිසා මාරු කරා

      Delete
  36. ඒ මේක නිර්මාණයක් පමණක් ද??? ම්ම්ම්ම එහෙනම් කමක් නෑ..මට නම් ඇත්තටම දුක හිතුනා.. ලස්සනයි යාළු..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට සහෝ

      Delete
  37. ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ මචන්. මම අත්දැකීමෙන් කියන්නේ. ඒක හින්දා කියන්න දෙයක් තියනවා නම් කියන්න ඕනේ නැත්තම් හැමදාම පසුතැවිල්ල.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බං ආයේ නම් බෙල්ල ගහලා ගියත් ප්‍රමාද වෙන්නේ නැහැ :)

      Delete
  38. මුලින් හිතුවේ සිරා සීන් එකක් කියලා. අන්තිමට දැක්කේ නිරමාණයක් කියන එක. එළ!! නියමෙට ලියවිලා තියෙනවා.. :)

    ReplyDelete
  39. බ්ලොග් එක වෙනස් කරපු එක නියමයි.. ඒ වගේම මඩක් නැතුව බොට මෙහෙමත් කතා ලියන්න පුළුවන් කියලා පෙන්නන්නම ද මන්දා මේ වගේ එකක් ලිව්ව එකත් නියමයි.

    ඩුඩ් කිව්වා වගේ මේකේ නම් ප්‍රබල අත්දැකීම් සලකුණු කොහෙන් හරි පේනවා..

    ReplyDelete
    Replies
    1. මම විවිදාකාර පොරක් :).මඩක් නැති ඒවා තමා මගේ බ්ලොගේ වැඩි හරියක් ඇත්තේ.)

      ඩූඩ් සර්ල වගේ අයට බොරු කරන්න බැහැනේ අපිට

      Delete
  40. මට මතක් උනේ............ "හම් දිල් දේකේ චුකේ සනම්" ‍ෆිල්ම් එක..!!!
    මාතෘකාව......"උදුරාගැනීම" නෙවේ......."පුදකිරීම" කියල වෙනස වෙන්න තිබ්බේ..!

    ReplyDelete
    Replies
    1. එහෙම දැම්මා නම් තනිකර කතාවේ ප්‍රධාන චරිතය පොරක් කෙරුවා වෙනවා!

      Delete
  41. අපි තොප්පි වික්කොත් උපදින්නේ ඔළුව නැති උන්ලු බං

    බලපංකො නිර්මනෙකදී උනත් කොහෙන් හරි ගෙම්බෙක් සෙට් වෙනවානේ නෙහ් :/

    ReplyDelete
    Replies
    1. මූ නම් ගෙම්බෙක් නෙවේ හෝතම්බෙක් බං

      Delete
  42. දානයක් දුන්න කියල හිතාගත්තොත් මොකෝ..?

    ReplyDelete
    Replies
    1. :D :D :D හැබෑ නේන්නම්

      Delete
  43. නිර්මාණයක් පමණයි කියලා වෙලාවට අන්තිමට දැක්කෙ... මම හිතුවෙ සිරා සිද්ධියක් කියලා... ආදරය ප්‍ර‍කාශ කරන්න කල් ගන්න එක නම් සෑහෙන්න අවාසියි කියලා මම අත්දැකීමෙන් දන්නවා... අපි කෙකර ගානකොට වෙන එකෙක් කැමැත්ත අරන් ඉවරයි...

    ReplyDelete
    Replies
    1. ඔව් බං මාත් ඒකෙන් නම් මාර විදියට දුක් විඳලා තියෙනවා!

      Delete
  44. නිර්මාණයක් පමණක් උන එක ලොකු දෙයක් ...

    ReplyDelete
    Replies
    1. එහෙම නොවුනා නම්?.

      Delete
  45. //නිර්මාණයක් පමණි.// - අන්තිමට අතල් කුඩු !!!

    එල කතාව !!!

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!