Friday, September 28, 2012

72 පුතා තාත්තාගෙමද?

එක පවුලක හිටියා අම්මයි තාත්තයි පුතයි මේ පුතා බොහොම දැහැමින් සෙමින් පන්ති කට් කරලා හෙන ආතල් එකේ හිටපු පොරක්.පුතාගේ ක්‍රියා කලාපය ගැන වටින් ගොඩින් ආරංචි එද්දී තාත්තට ඕන වුනා මේ ගැන ඇත්තමද කියලා දැනගන්න.පුතා එහෙම නම් ඒකාව හදාගන්න එපැයි ඉතින් තාත්තා වෙනත් වැඩකට පංචිකාවත්ත පැත්තෙන් යද්දී දැක්කා රොබෝ කෙනෙක්ව විකුනන්න දාලා තියෙනවා.

මෙයා ටිකක් විපරම් කරලා බලද්දී  දැනගන්න ලැබුනා මේ රොබෝ එයා ළඟ ඉඳන් කව්රු හරි බොරුවක් කිව්වොත් දඩා....න් ගාලා කනට ගහනවා.සද්දේ පොඩ්ඩක් සාටර් වගේ වුනාට අහන් ඉන්දහල්ලකෝ.


තාත්තට ඉතින් රොබෝ ගැන ආසාවක් ඇතිවුනා සල්ලි සල්ලි කියලා බැලුවේ නැහැ දැම්මා අත සාක්කුවට ගත්තා පර්ස් එක ලෝස් නැතුව ගෙවුවා ගෙඩි පිටින්ම බර ගානක්.ගාන මම දන්නෙත් නැහැ ඒක නිසා කැමති ගානක් හිතා ගන්නකො.

රොබාව ත්‍රීවිල් එහෙකින් ගෙදරට ගෙනල්ලා තිබ්බා සාලේ මැද්දෙන්ම මේ සීන් එක දැකපු අම්මා ආවා ඔතනට
මේ මොකෙක්ද අනේ මේ?

මොකෙක්ද නෙමේ මේ රොබෝවෙක් සුදු

රොබෝවෙක්?

හ්ම්ම් මේකා ඉස්සරහා ඉඳන් බොරු කිව්වොත් මු ගහනවා කන් අඩිය දෙදරන්න කනට!

හැබෑට? මාරයිනේ තාත්ති....

හ්ම්ම් ඔව් අම්මි මට මේක හෙන ලාබෙට හම්බවුනේ

දඩා......න් ගාලා සද්දෙකුත් එක්ක කනේ පාරක් ලැබුනා රොබාගෙන් තාත්තට.අම්මට හෙන පුදුමයි මුගේ කාර්යක්‍ෂමතාවය ගැන.

දැක්කනේ!!!!!!
කන  අත ගගා තාත්තා කිව්වා.

__________________________________________________________________
ඔන්න  දැන් හවස ඈ
පුතා එනවා ගෙදර
මූ වෙනදා වගේම පන්ති කට් කරලා හෙන රෝන්දයක් ගහලා තමා ආවේ.එද්දිම ඉස්තෝප්පුවට වෙලා රැකගෙන හිටපු තාත්තා අල්ලගත්තා පුතාව ගෙනිච්චා රොබා ගාවට.

පුතා ඔයා අද කොහෙද ගියේ?

තාත්තේ මම අද පිසික්ස් ක්ලාස් ගියේ හවස් වෙනකන්ම ඉගැන්නුවා අද හරිම ටයර්ඩ් අෆ්ෆා
 දඩා......න් කනේ පාරක් පුතාට රොබාගෙන්.සද්දේ ඇහිලා කුස්සියේ වටලප්පන් හද හද හිටපු අම්මත් දුවගෙන ආවා මේක බලන්න.

ආ..... ඇත්තද උඹ ක්ලාස්ද ගියේ?උඹට ආයේ මට බොරු කරන්න බෑ පුතේ දැක්කනේ මගේ රොබෝ?. ආයේ උඹ බොරු කියලා ඉවරයි.ඇයි පුතේ මෙහෙම බොරු කරන්නේ.මම බොහොම අමාරුවෙන් පගා ගහන්නේ නැතුව හම්බ කරන සල්ලි වලින් උඹ නටනවා.මම ඒ කාලේ මගේ තාත්තට කොච්චර කීකරු වුනාද.මම තාත්තට කවදාවත් බොරු කියලා නැහැ.

දඩා...න් චටස් පටස් කනේ පහරවල් කිහිපයක් තාත්තට.

අම්මට දැන් හෙන සතුටුයි
හික් හික් ඇද්ද පුතාගේම තාත්තනේ ගහෙ කටු උල් කරන්න ඕන නැහැනේ හුහ්!

දඩා....න් අම්මටත් කනේ පහරක්.
____________________________________________________________________
මේ කතාව වේදිකා නාට්ටියක කෑල්ලක් හොඳේ!.ඒත් අතින් කෑලි එකසිය පනහක් විතර දැම්මා.




72 comments:

  1. හිහ්...අම්මට ගහපු එකනම් තුන්දෙනාටම වැදිලා නේද ?

    ReplyDelete
    Replies
    1. අලේ මන්දා මම ඒකනම් දන්නේ නැහැ කැමති එකක් හිතාගනිල්ලකෝ :)

      Delete
  2. හික් ... හික් ... මරු රොබෝවා. ඔයින් එකක් තිබුණනම් මරු ඡන්ද දවස්වලට දේශපාලන වේදිකාවලින් තියල තියන්න.

    සෑහෙන කාලෙකට කලින් (මතක හැටියට විදුසරද කොහෙද) පත්තරේ කෙටි කතාවක් ගියා අනුන්ගෙ හිත් කියවන යන්ත්‍රයක් හදපු විද්‍යඥයෙක් ගැන. තමන්ගෙ යන්තරේ වැඩ නිමකරපු මනුස්සය ගෙදර දුවගෙන එනව ඉස්සරවෙලාම තමන්ට පන වගේ ආදරේ කරන බිරිඳගෙ හැඟීම් අහගන්න හිතන්. සැමියා හදිසියෙම ගෙදර ආවම පුදුමෙනුත්, සතුටෙනුත් සැමියාව පිළිගන්න බිරිඳ එයාට බොන්න මොනව හරි හදන්න යනකොට අර මනුස්සය හදපු උපකරණෙ ඒරියල් එක බිරිඳගෙ පැත්තට හරවනව. ඒ ගෑනි හිතන ඒව අහන විද්‍යාඥයා යන්තරේ උස්සල පොළොවෙ ගහනව.

    ReplyDelete
    Replies
    1. විදුසරේ ගියේ. 2009 විතර. මම කියෙව්වා ඔය කතාව.

      Delete
    2. මාත් අහලා තියෙනවා ඔය කතාව ඔය මනුස්සය ඔය මැෂින් එක අරන් එද්දී මගදී හම්බෙන මිනිස්සු එයාව දැක්කම හිතන ඒවා නිසා තමා ගෑනි මොනවා කියයිද කියලා හිතලා පොලේ ගහන්නේ.

      Delete
    3. මාත් මේ කතාව කියවලා තියනවා

      Delete
  3. කතාව මීට කලින් ඇහුවා.. අම්මට රොබා ගැහුවම වලියක් යන්න ඇති නේ??

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා සමහර විට පරණ සීන් එකක් නිසා තාත්තා ගණන් ගත්තේ නැද්ද දන්නේ නැහැ :D

      Delete
  4. හි හි මරේ මරු...ඔන්න නිෂාන් බොරුවක් ලිව්වට....දඩා......න්

    ReplyDelete
    Replies
    1. මම ලිව්වොත් ලියන්නේ ඇත්ත සත්තයි ඔයා පල්ලා :)

      Delete
  5. හිකිස්..... මරු. අන්තිම පාරනම් හැමෝටම වැදුනද කොහෙද

    ReplyDelete
    Replies
    1. :) හික්ස් අනේ මන්දා

      Delete
  6. පංචිකාවත්ත පැත්තෙ ගියොත් මතක ඇතුව රොබෝ කෙනෙක් ගන්න ඕනි... "බොරුව" කියන දේත් ජීවිතේට ඕනි හරියට "ලුණු" වගේ අඩුත් නැතුව වැඩිත් නැතුව... කතාව ලස්සනයි සහෝ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් සහෝ ඒකනම් එහෙම තමා ස්තුතියි කොමෙන්ට් එකට

      Delete
  7. e ban robowa athin newene danme lol

    ReplyDelete
  8. මෙයින් එක්කෙනෙක් අර දියවන්නාව ළග තියන එකට යවන්න ඕනි.. :D

    ReplyDelete
    Replies
    1. කනේ පාරවල් කීයක් නම් ගහයිද දවසකට :D

      Delete
    2. අපොයි එහෙනම් එක දවසින්ම රොබෝට එපා වෙනවා.. දවසට දාහක් විතර කම්මුල් පාරවල් ගහන්න ගියාම එපා වෙන්නේ නැද්ද..

      Delete
    3. රොබෝලාට ඕවා මොනවද :)

      Delete
  9. ඕක අපේ බයෝ මැඩමුත් එකපාරක් ක්ලාස් එකේදි කිවුවා බං..

    ReplyDelete
    Replies
    1. ටීචර් වේදිකා නාට්ටි බැලුවට මම පළිද යකෝ? :D

      Delete
  10. අමතර කෑලි දාලා තියන නිසා අපූරුයි

    ReplyDelete
  11. මේ කතාව චිත්‍ර කතාවකත් තිබුනා. මොනව වුනත් හරිම වටින රොබටෙක්.....

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව මේ වගේ එකෙක් ආයේ හොයාගන්න හම්බවෙන එකක් නැහැ

      Delete
  12. නියමයි මචෝ අම්මත් නිකන් ඉඳල නැ වගේ

    ReplyDelete
    Replies
    1. නැත්තම් කනේ පාරක් කයි ඈ :D

      Delete
  13. කතාව කලින් අහලා තිබුණා.. ඒත් අර ලාබෙට හම්බවුනයි කියනකොට දෙන ෂොට් එක ගැන කියවලා තිබුනේ නෑ. මොනා වුනත් අතින් දාපු කෑලි ටික තමා මරු. කාලෙකට පස්සේ නෙ ?

    ReplyDelete
    Replies
    1. හික්ස් අතින් දාපුව මගේ නිර්මාණ :)

      Delete
  14. හෙහ්..හෙහ්..මම හිතුවේ අර පුත්තරයා රොබෝට ත් වැඩේ දුන්න වත් ද කියල..

    ReplyDelete
  15. මේක මට සෙට් වෙලා තියෙනවා මැගසින් එකකින්... ලොකුම බොරුව කියන්නේ අම්මලු...

    ReplyDelete
    Replies
    1. ගෑනු ජාතිය බොරු කියන්න හපන්නුලුනේ

      Delete
  16. බලාගෙන උඹ කිට්‍ටුවක ඉන්න එපා..!

    ReplyDelete
    Replies
    1. හෑ මාත් බොරුකාරෙක්ද?

      Delete
  17. ඒ කියන්නේ ළමයා තාත්තාගේ නෙමේ...හිකිස්

    ReplyDelete
    Replies
    1. ඔය තේරිලා තියෙන්නේ මොකාටද වගේ :)

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. Replies
    1. ආහ් මේ කමල් අයියමයි නේද?

      Delete
  20. මං මේ කතාව අහලා තියෙනවා.හැබැයි ඩිංගක් වෙනස් විදිහට.

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති සහෝ මේක මමත් අහපු කතාවක්නේ

      Delete
  21. කලින් අහලා තියෙනවා වගේ මතකයක් තිබුණා.. :D

    ReplyDelete
  22. Replies
    1. හෑ හෙන්රි සර්ත් රොබෝ කෙනෙක්ද? :D

      සිග්නේචර් එක දිගයි වගේ නේද දැන්? :)

      Delete
  23. අම්මා කිව්ව බොරුව අහුවුණාට පස්සේ තාත්තා රොබෝව ආයමත් ගෙදර අහලකටවත් ගන්න නැතුව ඇති...

    ReplyDelete
    Replies
    1. අහලා කියන්නම් බ්‍රෝ :)

      Delete
  24. අඩේ මඩියෝ ඕවගේ රොබෝවෙක් සල්ලිවලට ගන්න තැනක්හෙම දන්නේ නැද්ද බං?

    ReplyDelete
    Replies
    1. මාව අරන් පලයන්කෝ ගෙදර

      Delete
  25. මොකක්ද මේ වේදිකා නාට්ටිය... කථා සංකල්පෙ අපූරු එකක් නිසා නාට්ටිය බලන්න ආශාවක් ඇති වුනා...

    ReplyDelete
    Replies
    1. සොරි අයියා ඒකෙ නම මම දන්නේ නැහැනේ

      Delete
  26. හී හී :) :)

    ReplyDelete
  27. මරු කතාව !
    මම නම් මෙ කතාව කලින් අහලා නෑ...


    දඩා....න් මධූවාටත් කනේ පහරක් !!!!

    ReplyDelete
  28. පට්ට ඈ..

    ReplyDelete
  29. කිලින් අසා ඇත.. ඒක් අලුත් වර්ශන් එක මාරු..

    ReplyDelete
  30. kalin oka kathaavak vidihata ahalaa thibba
    eth nishan athin daala livva ekath kiyevva aaye paarak hina unaa :)

    ReplyDelete
  31. Replies
    1. එකෙක් ඕන්නම් කියපන් ඈ :D

      Delete
  32. උබ මේකේ එළකිරියේ ලින්ක් එකට ගියාද ? පොඩ්ඩක් ගිහින් මොනව හරි කියන්න උන් මාව කන්න හදනවා http://www.elakiri.com/forum/showthread.php?t=1490881

    ReplyDelete
    Replies
    1. කේවට්ටයෝ එක්ක වාද කරන්න යන්න එපා අයියා.ඔන්න මම ඒකෙදි උන්ට රිප්ලයි කරා
      http://www.elakiri.com/forum/showthread.php?p=13764592&posted=1#post13764592

      Delete
    2. බැලුවා thanks

      Delete
    3. ඊට පස්සේ මම ඒක බැලුවෙත් නැහැ උන් මොනවා හරි කියලද?.බලන්න ඕන ගිහින්.

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!