Tuesday, October 16, 2012

114 ඩයලොග්කරණයෙන් සන්ටෙල් පාරිභෝගිකයන්ට කුඩම්මාගේ සැළකිලි!

සන්ටෙල් කියන්න අපේ රටේ දැවැන්ත ව්‍යාපාරයක් සන්ටෙල් සමාගමේ අතීතය හොයන්න ගියොත් මට පිස්සු හැදෙනවා ඒත් මට මතක කාලේ ඉඳන් ටෙලිකොම් සමාගමත් එක්ක කරට කර තරඟ කරමින් ආපු සන්ටෙල් CDMA කරලියට ආවේ ලංකා බෙල් ආගමනයත් සමඟ. ඒ 2005 වර්ෂයේ කෙසේ වෙතත් පාරිභෝගිකයන්ට හොඳ සේවාවක් ලබාදෙන්නට ඔවුන් සමත් වුනා.


ජීවිතේට ෆෝන් නොතිබ්බ අපිත් ඒ දවස් වල "ගියා ගත්තා ආවා" කියන වෙළඳ දැන්වීම දැකලා ගෙනාව සන්ටෙල් CDMA ෆෝන් එකක්.ඒ දවස් වල රැහැන් සහිත සබදතාවයක් ගන්නවා නම් සෑහෙන්න ගානක් ගෙවන්න සිද්ද වෙනවා.ඒක නිසා CDMA ක්‍රමය නැගලා ගියා.හැම ගේකම වගේ ඔය කාලේ CDMA එකක් තිබ්බා.

අද වන විට අවුරුදු 7ක් ගත වෙලත් CDMA වල ජනප්‍රියතාවය අඩු වෙලා නැහැ කියලා මම හිතනවා.සන්ටෙල් සමාගම හා අපි අතර හොඳ සම්බන්දතාවයක් තිබ්බා.වත්තල සන්ටෙල් ශාඛාවේ අය අපේ හිත මිතුරන් වගේ.එහෙත් පහුගිය කාලේදී සන්ටෙල් බිල් පත් එන්න ගත්තේ ඩයලොග් ලාංජනය ඇති ලියුම් කවර වල.

ක්‍රම ක්‍රමයෙන් තාත්තගේ දෙවෙනි අඹුවගේ වෙනස් කම් ළමයින්ට දැනෙනවා වගේ අපිටත් ඩයලොග් එකේ වෙනස් කම දැනෙන්න ගත්තා.රුපියල් 1500ක් වගේ බිල් වලටත් ලයින් එක විසන්දී කරා.ඒත් සන්ටෙල් අය නම් ඉස්සර පන්හයදහා වැනි ගණන් එකතු වෙලා තියෙද්දිත් කෝල් කරනවා,ගෙවන්න කල් දෙනවා එහෙමත් නැත්තම් ටික ටික ගෙවන්න අවස්තාව දෙනවා.ඔවුන් ලේසියෙන් සබදතාවය විසන්ඳි කරේ නැහැ.

එහෙත් ඩයලොග් වලට ගත්තායින් පසු ඔවුන් එක් දැනුම් දීමකින් පසු සම්බන්දතාවය විසන්දි කරා.
දැන් ඕගොල්ලෝ බලනවා ඇති බිල ගෙව්වා නම් ඉවරනේ ප්‍රශ්නයක් නැහැනේ කියලා.නැහැ තව ප්‍රශ්නයක් තියෙනවා.

සන්ටෙල් එකෙන් ඔය ලබාදෙන CDMA දුරකථන විවිධ සමාගම් වලට අයත් ඒවා.(දන්නා තරමින් හුවායි එකේ).මේ දුරකථන  විටින් විට දෝෂ ගෙන දෙනවා.ඒත් අපි ඒවා පැමිණිලි කරපු ගමන් ඔවුන් දන්වන්නේ වත්තල ශාකාවට රැගෙන විත් වෙන එකක් මාරු කරගෙන යන ලෙසයි.මෙසේ කීප වරක්ම අපි ෆෝන් මාරු කරා එයාලත් එක එක මොඩ්ල් වලින් ෆෝන්ස් අපිට දීලා තියෙනවා.එක පාරක් ෆෝන් එකක් කැඩිලා අපි ඔවුන්ට කිව්වා මේක හරි කරදරයක්නේ ඔයාලගේ ෆෝන්ස් හැමතිස්සෙම කැඩෙනවානේ කියලා.

එතකොට එයාල ගෙදරටම එව්වා අලුත්ම ෆෝන් එකක් බයික් එහෙකින් ආපු අයෙකු අතේ.ඒ දුරකතනය ගොඩක් කල් පාවිච්චි කරා තාමත් තියෙන්නෙත් ඒක.දැන් ආයෙමත් ඒකෙත් ලෙඩක්.ලෙඩේ ගැන කිව්වොත් ෆෝන් එකේ ඩිස්ප්ලේ එක වෙලාවකට කිසිම දෙයක් පේන්නේ නැහැ.ඒ වගේම අංක 9 බොත්තම වැඩ කරන්නේ නැහැ.ඉතින් අපි මේක ඔවුන්ට දැන්වුවා.ඒ ඩයලොග් වුනාට පස්සේ.

කලින් නම් වත්තලට ගේන්න කිව්වට දැන් කියන්නේ කිරිබත්ගොඩට ගේන්න කියලා.අපිට මේක ගෙනියන්න වෙලාවක් තිබ්බේ නැහැ.ඒක නිසා ෆෝන් එක පැත්තකට දාලා වගේ තමා තිබ්බේ.එහෙම නිකන් තියෙද්දිත් බිල් එනවා ග්‍රාහක කුලී,ගොඩනැගිලි බදු,සහ තවත් අපි නොදන්න මොනවදෝ මන්දා බදු වගයක්.

ඔන්න ඕවා එකතු වෙලා තමා 1500ක ඇරියස් තිබිලා ඩිස්කනෙක්ට් කරලා තියෙන්නේ.අපි බිල ගෙවන්නත් එක්ක ෆෝන් එකත් අරන් ගියා කිරිබත්ගොඩ ඩයලොග් ශාඛා දෙකකට.පළමු එකෙන් හිනා වෙලා පිළිගත්තත් සන්ටෙල් එක මාරු කරගන්න ඕන කතාව කිව්ව ගමන් කුඩම්මාගේ සැළකිලි පෙන්නුවා.අපිව වැඩිය ගණන් ගත්තෙත් නැහැ.ඒගොල්ලෝ කිව්වේ අද සිස්ටම් ඩවුන් එකක් ඒක නිසා හෙට උදේ දහයෙන් පස්සේ අරන් එන්න කියලා.

ආයේ ගෙදර ගිහින් හෙටත් වරෙන්කො මේක උස්සන්.තියලා යන්නත් එපා කිව්වා.
මේ තියෙන්නේ ලදරම
එතනින් එලියට ඇවිත් කිරිබත්ගොඩ ටවුන් එකේම තියෙන ශාඛාවටත් ගියා.ඔන්න එතන හිටපු ටිකක් නෝන්ජල් ගතියකින් යුක්ත කොට සායක් ඇඳන් හිටපු අක්කා කෙනෙක් ෆෝන් එක බලන්න ඕන චාජරේ ගේන්න කියලා.මම චාජරේ ගේන්න වාහනේට ගිය වෙලේ ඒ අක්කා අපේ අම්මට සන්ටෙල් එකේ වැරදි ගොඩක් කියලා.සන්ටෙල්ලා පාඩු පිට එහෙම පිටින්ම ඩයලොග් එකට දුන්නලු.(ඉතින් ගත්තේ මොකටද?)

සන්ටෙල්ලාගේ ෆෝන් හරි බාලයිලු.(මම හිටියා නම් අහනවා ෆෝන් හදන්නේ සන්ටෙල් එකෙන්ද කියලා.)
මම චාජරේ ගෙනාවට පස්සේ ලැසි ගමනින් ගිහින් ෆෝන් එක ගහලා බැලුවා.ලෙඩේ එයා දැක්කා ඒත් ලඟට ඇවිත් කියනවා චාජරේ ඩැමේජ් වෙලාලු ඒක නිසා එතනින් බාරගන්නේ නැහැල්ලු.ආකේඩ් එකට යන්නලු කොළඹ,එතනින් සුළු ගෙවීමකින් මාරු කරගන්න පුළුවන්ලු.

මදැයි චාජරේ පොඩි පළුද්දක් පෙන්වලා එහෙම කියනවා දැන් අතින් ගෙවපන්කෝ.චාජරේ මාරු කරන්න ඕන නැහැ ෆෝන් එක විතරක් මාරු කරලා දෙන්න කිව්වම එහෙම බැහැලු මුළු යුනිට් එකම තමාලු මාරු කරන්නේ.එකක් හරි ඩැමෙජ් වෙලා තිබ්බොත් බාරගන්න එපා කියලා ඉහලින් නියෝග කරලලු තියෙන්නේ.

අපි ෆෝන් එක ගෙදර ගෙනල්ල ඔන්න ආයේ පැත්තකට දාලා තියෙනවා.ව්‍යාපාර කඩා වැටෙන එක සාමාන්‍ය දෙයක් ඒත් සන්ටෙල් සමාගමේ විධායක වරුත් දැනගන්න ඕන තමන්ගේ පාරිභෝගිකයන්ට අසාධාරණයක් නොවෙන්න වග බලාගන්න.




114 comments:

  1. සන්ටෙල් ගැන නම් නොදනී...ඩයලොග් නම් මලම ජරාවකි.. සැක්.. මං නම් ආසම නෑ.. මතක් වෙද්දිත් තරා යනවා.. :/

    ReplyDelete
    Replies
    1. ඩයලොග් සිග්නල් නම් හොඳයි ඒත් එයාලගේ කස්ටම සර්විස් තමා මට දිරවන්නේ නැත්තේ.

      සුභ පැතුම් ආ :)

      Delete
    2. අපෝ ඩයලොග්...

      මගෙ ඩොන්ගල් එක සාක්කි.. උන්ගෙ සිග්නල් නැහැ. මම උන්ගෙ ඩොන්ගලේ අන්ලොක් කොරල දැම්මා හුලං ටෙල් එකක් !

      Delete
    3. මාත් අන්ලොක් කරලා මොබිටෙල් දැම්මා :)

      Delete
  2. එහෙමත් වෙලාද??????
    අපිනං සිරි ලඩ කා බෙල්...
    අපරාදේ කියන්න බෑ බිල ගෙවුවෙ නැතත් ඉන්කමිං හරි එලකිරි වගේ තීනවා....

    ReplyDelete
    Replies
    1. එහෙමද?
      අනේ මන්දා බන් මන් ලංකා බෙල් පාවිච්චි කරලා නැහැ

      Delete
  3. අපො මමත් නම් ඩ්යලොග් බාවිතා නොකරමි... සන්ටෙල් නම් අනෙ මන්දා...

    ReplyDelete
    Replies
    1. සන්ටෙල් ඉස්සර හොඳයි බන්

      Delete
  4. ව්‍යාපාර ආචාරධර්ම වලපල්ලට යවන්නෙ
    ඔය දුරකතන සමාගම්

    ReplyDelete
  5. ඩයලොග් නං ලොවෙත් පජාතයි... සන්ටෙල් ගැන දන්නේ නෑ. ඒත් ලඞකාබෙල් නං සාමාන්‍යයෙන් හොඳයි. ඒකට slt. වැස්සටත් චුරු චුරු ගානවා

    ReplyDelete
    Replies
    1. SLT එකත් ටෙලිකොම්ලාගේ නේද මචෝ?

      Delete
  6. මොකද මන්දා.. අපේ අම්මත් කඩේට අරන් ඉන්නේ ලංකාබෙල් එකක්.. ඒක නම් ගත්ත දවසේ ඉඳලා තාමත් ලෙඩක් නැතුව තියෙනවා... හැබැයි ඒක කාඩ් .... මම ඉස්සර ඉඳලම ඩයලොග්ම විතරයි පාවිච්චි කලේ.... ඒක නිසා ඩයලොග් කස්ටමර් සර්විස් එක එක ගැන නම් යම් තරමකින් දන්නවා... බිල් කේස් වෙලත් නෑ කවදාවත්... මෙදා පාර ඩොංගලේ ගන්න ගිහිනුත් මම 2000 ගානක පොල්ලක් තියලා තියෙනවා කිව්වම මල්ලිගේ නමට ගන්න පුළුවන්ද කියලා ඇහුවම පුළුවන් කිව්වා අවුලක් නැතුව....

    එකම වැඩේ අනිත් කම්පැනි ගැන කිසි ෂුවර් එකක් තියන්න බැරි කම... ඔය එයාර්ටෙල් එහෙම තව කී අවරුද්දක් තියෙයිද කවුද දන්නේ.. ඩයලොග් නම් එහෙම වැටෙන එකක් නෑ කියලා හිතෙනවා.... එයාර්ටෙල් එක ගන්නත් ගිහින් ආයිත් ඇවිත් ඩයලොග් එක ගත්තා....

    සමහරවිට මම ඒ කට්ටිය මාව අන්දන්න කලින් එයාලව අන්දගන්න හින්දද දන්නේ නෑ.. හි හි.....

    ReplyDelete
    Replies
    1. මගේ ඩොන්ගල් එකත් ඩයලොග් එහෙම නම් අවුලක් නැහැ.සන්ටෙල් සම්බන්ධයෙන් තමා ඒගොල්ලෝ සලකන්නේ නැත්තේ

      Delete
  7. ඔය කම්පනි ඔක්කොම එකයි බං..!
    අපිත් ඉතින් නැතිකමට ගන්නව..!

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත අයියා මේවා නැතිවත් බැහැනේ දැන් කාලේ

      Delete
  8. ලංකාබෙල් පාවිචි කරන්න මචෝ දෙයියනේ කියලා අද වෙනකන් ලංකාබෙල් 4න් එකේ කිසි අවුලක් නැ ..... පාරිබෝගික සේවා එකට පැමිණිල්ලක් දාහන් (හැබැයි උන්ටත් කිවුවා කියලා වැඩක් වෙයිද දන්නේ නැ )

    ReplyDelete
    Replies
    1. පාරිභෝගික එකට පැමිණිලි කරන්නේ කොහොමද මචෝ?

      Delete
    2. මේ වෙබ් සයිට් එක මචන් http://www.caa.gov.lk/web/index.php?option=com_content&view=frontpage&Itemid=1&lang=si

      online පැමිණිලි කරන්න ඕනි නම් මේ ලින්ක් එකෙන් යන්න http://www.caa.gov.lk/web/index.php?option=com_consumercomplaint&lang=si

      Delete
    3. මේ ලින්ක් එකෙන් යන්න http://www.caa.gov.lk/web/index.php?option=com_consumercomplaint&lang=si

      Delete
    4. තැන්කියු වෙරි මච් මචෝ

      Delete
  9. අනේ මන්දා බන් ඔය අනුන්ගෙ රෙද්දවල් නිසා ලේ පුච්චගන්නැතුව වෙන එකකට බැහැපන්.

    ReplyDelete
    Replies
    1. කොහෙද අපේ අම්මට සන්ටෙල් එකේ නම්බරේ මාරු කරගන්න බැහැල්ලුනේ.

      Delete
  10. //ඒත් සන්ටෙල් අය නම් ඉස්සර පන්හයදහා වැනි ගණන් එකතු වෙලා තියෙද්දිත් කෝල් කරනවා,ගෙවන්න කල් දෙනවා එහෙමත් නැත්තම් ටික ටික ගෙවන්න අවස්තාව දෙනවා.ඔවුන් ලේසියෙන් සබදතාවය විසන්ඳි කරේ නැහැ.//

    එකනේ පුතේ සන්ටෙල් ලා කෙලවෙලා ඩයලොග් එකට විකුනන්න උනේ , මම සිඩීම් ඒ නම් පාවිච්චි කරලා නැ හැබැයි ඩයලොග් අනික් සේවා නම් ඔක්කොම භාවිතා කරනවා , මම කාලින් පාවිච්චි කරපු හුලං ටෙල්, මොබිටෙල්, ටෙලිකොම් වලට සාපේක්ෂව සේවාවේ සහ පාරිභෝගික සේවයේ ගුණාත්මක බව ඩයලොග් වල උපරිමයි , අවුලක් ආවොත් මම කරන්නේ ඊමෙල් එකක් දාන එක පැය 4ක් විතර ඇතුලත අනිවා උත්තර එනවා . මම නිතර ගැවසෙන තැන් වල හොඳකම වෙන්න ඇති මහ වැස්සෙත් බ්‍රෝඩ් බැන්ඩ් වැඩ , රැට ඩවුන්ලෝඩ් කරනකොට 700KBPS ට එහා ස්පීඩුත් එන වෙලාවල් තියේ , ඒ නිසා මට නම් ඩයලොග්ම තමා

    ReplyDelete
    Replies
    1. බුවා අයියට වගේ මට නම් අල්ලලා ගිහින් තියෙන්නේ එටිසලාට්.
      මගේ ඩොන්ගල් එකත් ඩයලොග් ඒත් කවදාවත් ඔච්චර ස්පීඩ් එකක් නම් ඇවිත් නැහැ.උපරිම 200kbps.

      ඩයලොග් අයගේ පාරිභෝගික සේවාව හොඳයි තමා ඒත් එයාලා සන්ටෙල් සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ ඇල්මැරුණු විදිහට.

      Delete
    2. ඒකත් හොඳයි තමා, හැබැයි මම නිතර ඉන්න එක තැනකට එටිසලාට් කණු තියෙන්නේ එකයි . මගේ ඉන්ටර්නෙට් වේගේ ටිකක් අසාමාන්‍යයි වගෙ තමා , මොකද ඩලයොන් එකේ වැඩ කරන එකෙකුටත් ඒක අහල පුදුමයි . ටවර් එකට තියන දුරයි ටවර් එකේ භාවිතයයි දෙකම අඩු ඇති . හොඳට සීඩර්ස්ල ඉන්න ෆිල්ම් එකක් දැන් බාන්න යන්නේ පැය භාගයයි . ඉස්සර ටෙලිකොම් දවසෙන් භාගෙගට වඩා ගියා

      Delete
    3. ඇත්තටම ටෙලිකොම් වුනත් ඔය කිව්වට ඔච්චර ස්පීඩ් එකක් දෙන්නේ නැහැ.කරුණා කරලා ඔබ තුමා ඉන්න තැන කියන්න පුලුවන්ද මටත් පදිංචියට එන්න :)

      Delete
    4. අඩේ අපිට හොඳයි නේ බං බලාගෙන ගියාම.මගේ සිම් එක හච්.. ඩවුන්ලෝඩ් ස්පීඩ් එනවා 1.5 mbp/s වගේ දවල් ට. සිග්නල් එකක් නැත්නම් දෙකක්.
      සාමාන්‍යයෙන් ඩවුන්ලෝඩ් නොකර නිකම් පාවිච්චි කරන කොට නම් ස්ථාවර නෑ. මේ දවස් වල නම් වැස්ස නිසා එපාවෙලා ඉන්නේ. හවස් වරුවේ ඉඳල එලි වෙනකල් 3G නෑ. යන්නේ 2G වලින්. ස්පීඩ් 50-100 kbp/sවගේ.
      මං හිතුවේ උඹලට පට්ට ස්පීඩ් එකක් ඇති කියල. ඔය කියපු ස්පීඩ් එක කැඩෙන්නේ නැතුව එකම ගානට තියනවා ද..
      නිශාන් මචෝ උඹ ඩොන්ගල් එක කේබලයක් දාන්නේ නැතුව කෙලින්ම මැෂින් එකට ගහලද තියන්නේ.

      Delete
    5. කේබල් එක ගහන එකෙන් වෙනසක් වෙනවද....? මාත් නිකම්ම කීබෝඩ් එකට ගහලා තියෙන්නේ...

      මේ හරියේ නම් ස්පීඩ් එක මුලදි හොඳට තිබ්බා.. දැං නං ටිකක් අඩුයි.. ලිමිටි පැනලද කොහෙද... තාම මාසයක්වත් නෑ නේ අරගෙන.. හොඳ නරක කියන්න බෑ....

      Delete
    6. මම කලින් නම් නෙට් එන්න එටිසලාට් එකක් යූස් කරා. ෆිල්ම් එහෙම ඩවුන්ලෝඩ් කළේ එයාර්ටෙල් එකකින්, උන්ගෙ දවසට රු. 45 ට 1.5 GB දීපු දවස්වල. ඒ යක්කු ඒක නැවැත්තුවට පස්සෙ ඩයලොග්වලට බැස්සා. සමහර වෙලාවට නම් 500-700 kbp/s වගේ යනව, නෝර්මලි හුඟක් වෙලාවට 300-400 kbp/s තමා. මොබිටෙල් නම් සිග්නල් හොඳට තිබුණට ස්පීඩ් එකනම් අන්තිමයි. මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ්වල නරකම සීන් එක ඉතිං අතදිගඇරල ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් පැකේජ් නැති එක, තියෙන ඔක්කොම උලාකන්න තමා හදල තියෙන්නෙ. මුන් කවද ඩේට ටිකක් වැඩිපුර ගාන අඩුවට දෙයිද මන්ද. ආරංචියේ හැටියට නම් ඔය උදැල්ල දාගෙන ඉන්නෙ විදුලි සංදේශ නියාමන කොමිසමමළු.

      Delete
    7. //500-700 kbp/s//

      අප්පා මදි නෙව , මගේ නම් 1Mbps අවම වත් තියේ හැම වෙලාවකම වගේ දරුණු වැස්සකදි තමා 300kbpsට බහින්නේ

      Delete
    8. මෙහෙමයි හිරුවෝ.. අපිට සිග්නල් තියන්නේ අඩුවෙන්. සිග්නල් පෙන්නන තැනට මවුස් පොයින්ටර් එක අරන් ගියාම සිග්නල් ස්ට්‍රෙන්ත් එක පෙන්නනවනේ. මගේ එන්නේ සියයට 20 ට අඩු ගානක්. ඔයාගේ ඒ අගය ගොඩක් වැඩි නම් කේබල් එකක් දැම්මට වෙනසක් වෙයි කියන්න බෑ. ඒක අඩුයි නම් කේබල් එක දැම්මම පොඩි හරි වෙනසක් වෙයි. කේබල් එක ගහල ඩොන්ගල් එක ජනේලයක් කිට්ටුවට වගේ ගත්තම වෙනසක් වෙනවා.
      අපිට නම් කේබල් එක නැතුව යන්නම බෑ. ඩොන්ගල් එක අනුවත් ස්පීඩ් වෙනස් වෙනවා.
      කේබල් ගන්නවා නම් නිල්පාට වර්ගය තමා හොඳ. මීටරයක් දිග එකක් තිබ්බ නම් ඇති.
      මුලදී ස්පීඩ් තිබිලා පස්සේ අඩුවෙන එක නම් විවිධ හේතු නිසා වෙනවා. අලුත් පැකේජ් එකක් ප්‍රමෝට් කරන කොට කොහොමත් හොඳ ස්පීඩ් එකක් දෙනවා. පස්සේ අඩුවෙනවා.

      Delete
    9. @ DDT
      අපිට වෙලා තියන්නේ නෝර්මලි ස්පීඩ් එක ස්ථාවර නැති එක.මේල් එකක් එහෙම යැව්වත් කිසිම රිප්ලයි එකකුත් නෑ.
      අපිට ඉතින් තව අවුලක් තියනවා. කඳු වැඩි නිසා ටවර් එක කෙලින්ම සෙට් වෙන්නේ නෑ.මොබිටෙල් අවුරුදු ගානක් වෙනවා දීල. WCDMA කියල එනවා විතරයි. ලෝඩ් වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් හරි තියන්නේ හච්/ එටිසලාට් විතරයි.
      ඩවුන්ලෝඩ් නම් ඉතින් සොරි තමයි..මේ විදිහට ඩවුන්ලෝඩ් කරන්න ගියොත් වෙනම ජොබක් කරන්න වෙනවා ඒකට. යන්තම් නෙට් යනවා කියල නමට විතරයි..

      Delete
    10. @ Chandana,

      අපිත් මුලදි කට්ට කාල තමා බං ඔහොමවත් ගොඩ දාගත්තෙ. ඉස්සර මගේ කාමරේටත් නෝ සිග්නල්. ගෙඩි රුපියල් 950 ක් දීල මීටර් 5 යූඑස්බී කේබල් එකක් ගත්තා, ඩොංගල් එක ජනේලෙනුත් එළියට විසික්ක කරල තමා වැඩේ කරන් ගියේ. දැන්නම් මීටරේ කේබල් එකකින් දුවන්නෙ. මෙහෙට අනිත්ව ඔක්කොටම වගේ සිග්නල් තියෙනව, හච් නම් මම යූස් කරලම නෑ, සිම් එකකුත් නෑ මා ගාව, ඒ නිසා දන්නෑ ඒ ගැන.

      @ බුවා,

      උඹ කොහෙද රත්තරනෙ ඉන්නෙ, මම කොට්ට පැදුරුත් අකුලගෙන එනව බොලෑ ගෙදර පදිංචියට. :)

      උඹේ ඩොංගලේ 21 mbps එකක්ද බං. නැත්නම් ටවර් එක යට ඉඳන්ද උඹ නෙට් යන්නෙ. හැමතිස්සෙම 1 Mbps එනව නම් මම බානව ඩයලොග්කාරයට උන ගැනෙන්න. ෂිහ් ..... අපිට කොහෙන්ද බැදපු මාළු.

      Delete
    11. නිර්නාමිකව ඉන්න එකේ ඉන්න තැන් කියන්න බැනෙව , ඩයලොග් නයිට් නයිම් පැකේජ් වලින් නම් සිරාවට බාන්න පුලුවන් . හොඳ වේගයක් තියනවා නම් . අලුත් ටෙලිකොම් පැකේජ් වලට වඩා වාසියි . ඒත් ඉතින් 512 න් හරි අන්ලිමිටඩ් එක තරම් මොකක්වත් ගතියක් නැ , ඒ කාලේ දවස තිස්සෙම මොනව හරි බාපු ගමන් , මේ වල් බල්ලො ඒකට කෙලිය නෙව , ඩොංගලේ 7.2 එකක්

      ඔය තියෙන්නෙ මේ වෙලාවේ ඩවුන්ලෝඩ් කරන ටිවි එපිසෝඩ් එකක වේගේ

      https://lh5.googleusercontent.com/-je2w0ANlOVA/UH2q3pbd49I/AAAAAAAAAn4/-hn4i6G3mRM/s144/Untitled.png

      Delete
    12. තෑන්ක්ස් චන්දන...
      එහෙනම් මට වෙනසක් වෙන එකක් නැති වෙයි... මොකද මේ හරියට හොඳට සිග්නල් තියෙනවලු... මහරගම ටවුම නේ....

      මගේ ADSL එක මතක් වෙනකොට දුකේ බෑ..... කීයක් ජාති කියලද අප්පේ ගත්තේ... ස්පිඩ් එක නම් ඉතිං අඩුයි තමා... ඒත් දෙයියනේ කියලා මාසෙකට 30GB විතර ෆිල්ම්ම බෑවා.... හයියෝ... ඒකත් ගෙවල් මාරු කරනකොට උස්සන් යන්න පුළුවන් එකක් උනානම් කොච්චර හොඳද...

      Delete
  11. ලංකා බෙල් පාවිචි කරන්න. අපේ ගෙදර තියෙන්නේ ඒකක්. කැඩුනමනම් පරිභෝගික එකට කිව්ව ගමන් ඒ වේලාවෙම වැන් එකකින් Teem එකක් ගෙදරට එවලා. හදනවා. පොන් එක හදන්න බැරිනම් අලුත් එක ඒ වෙලාවෙම දානවා. සත පහක් ගන්නේ නෑ. ගෙදරට එනවටත් පොන් එක දානවටත්.

    ReplyDelete
    Replies
    1. සන්ටෙල් එකේ නම්බරේ මාරු කරගන්න බැරි නිසා බන් මේ එල්ලිලා ඉන්නේ.

      Delete
  12. මේ සිරා කොලුවත් ඔය විදියටම ටෙලිකොම් පෝලිමේ වසර ගානක් ඉදලා ඒකෙන් පිට පැනලා සන්ටෙල් CDMA එකක් අරන් පාවිච්චි කොලා... ඔබේ කථාව ඇත්ත.. මුල් කාලයේ ඒ අයගෙ සේවාව ඉතා හොදයි.. ඔය කොම්පැනියෙ වැඩ කරපු මගෙ යාලුවෙක්ට අනුව විදේශීය සමාගමකට තමයි ඔය සන්ටෙල් එක අයත්ව තිබුනෙ... එහි හිමිකරුවක් එකම ක්ෂේත්‍රයේ ව්‍යාපාරයක රැදී ඉන්න උපරිම වසර 10 ලු... නමුත් මේ වසර 10 කඩඉමත් ඉක්මවා ඔවුන් සන්ටෙල් ව්‍යාපාරයේ රැදී සිටියෙ සේවකයන්ගෙ රැකියාව සුරක්ෂිත කරන්න... අවසානයේ ඩයලොග් ලට දීලා මාරු වෙලා...

    ඔය අවසානය සටහන් වෙන්න කලින් සිරා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකත් එක්කම ආයෙමත් සැරයක් ටෙලිකොම් රැහැන් සහිත දුරකථනයක් ඉල්ලපුවාම එය ලබාගන්න පුලුවන් උනා... ඔබටත් ඒ ක්‍ර‍මය උත්සාහ කරලා බලන්න පුලුවන්.... කීප දෙනෙක්ම මට කිව්වා ඉන්ටර්නෙට් එක්කම ඉල්ලුවොත් දෙනවා කියලා... ඔය CDMA දුරකථන භාවිතය දැන් ක්‍ර‍මයෙන් අඩු වෙමින් යන්නෙ... ඒ නිසා ඉදිරියෙ දැනට වඩා ප්‍ර‍ශ්න ඇති වෙන්න පුලුවන්...

    ReplyDelete
    Replies
    1. මචෝ මට කියන්න බැරි උනා අපි භාවිතයෙන් ඉවත් කරපු (කනෙක්ෂන් එක ඉවත් කල නිසා මිස තාක්ෂණික ගැටලුවක් නිසා නොවේ) ටෙලිෆෝන් එක තාම මගේ ළග තියෙනවා... ඒකෙ බැටරිය,චාජරය, වගේම ෆෝන් එකත් අවුලක් නෑ... බොට ඕනෙ නම් ඒක ලබා දෙන්න පුලුවන්... මට දුරබණුවෙ අංකය දාලා ඊයක් දාපන් කාමරේට රිංගලා...

      Delete
    2. මාත් මේ හෙන ආසාවෙන් ඉන්නේ ටෙලිකොම් ලයින් එකක් ගන්න ඒත් යට කරන්න එච්චර සල්ලි නැහැ.ඔය අයින් කරපු ෆෝන් එක දීලා ඩයලොග් උන්ව රවට්ටන්න පුළුවන් නම් නියමයි ඒත් ඔය CDMA වල තියෙනවා හෑන්ඩ් ෆෝන් වල ඉමි අංකය වගේ නම්බර් එකක්.ඒ නම්බරෙත් එක්ක අපේ ටෙලිෆෝන් නම්බර් එක කොම්බයින් කරලා තියෙන්නේ.ඒකනේ අවුල.

      Delete
    3. උන්ගෙන් අහලා බලලා මේක සැට් කරගන්න පුලුවන් නම් කියහන්...පොඩි සිම් එකක් වගේ කෑල්ලක් තියෙන්නෙ... ඒක අයින් කලාම ගොඩ

      Delete
  13. අල්ලලා දාපන් බං, අර සර්විස් මේ සර්විස් කොහොම උනත් උන්ගෙ කෝල් චාර්ජස් කොහොමත් වැඩියිනේ බං. ඔය හෑන්ඩ් ෆෝන් එකෙන් ගන්න කෝල් එකක් ගනිං, උන්ට කුද ගහගන්න කියල.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත අයියා ඒත් මේ අම්මට ඒ නමබර් එක ඔනේලුනේ.

      Delete
  14. අයියෝ කුනුසන්සාරේ කිව්වලු අනේ මලේ ඩයලොග් නම් අජපල් කියල දන්නවා සන්ටෙල් ගැනනම් දන්නේ නැහැ. නමුත් උන්ට හරියට කරන්න බැරිනම් මොන උලව්වකටද අරන් තියෙන්නේ? කරන්න පුළුවන් එකෙක්ට දුන්නා නම් ඉවරයි නේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මුන් ඕක අරගෙන දැන් අපිට පාට් දානවා.මන් ආයේ කිසිම දෙයක් ගන්නේ නැහැ ඩයලොග් එකෙන්.

      Delete
  15. හ්ම්ම්ම්. ඩයලොග් සිග්නල් කවරේජ් එක හොඳයි අනෙක් ඒවට වඩා. ඒත් කස්ටමර්ට අවශ්‍යය දේ දෙන්න දන්නේ නෑ. අපි නම් ඉතින් හැමදාම ටෙලිකොම් එකේ උන්නේ. ඒත් ඒකත් දැන් අජූවයි...මගෙ බෝඩිමේ පාවිච්චි කරන්නෙ නම් මොබිටෙල්..තාම නම් අවුලක් නෑ

    ReplyDelete
    Replies
    1. සිග්නල් නම් හොඳට තියෙනවා තමා ඩයලොග්ලගෙ ඒත් සර්විස් හරි නැහැ තමා

      Delete
  16. අඩේ සන්ටෙල් ඒක බංකොලොත්ද ? තවම තියෙනවා නේද ? :ඔ

    ReplyDelete
    Replies
    1. දැන් නම විතරයි ඒක කරන්නේ ඩයලොග් වුන්

      Delete
  17. අපිටනම් ඉතිං ටෙලිකොම් වයර් එක තමයි...

    ReplyDelete
    Replies
    1. මාත් මේ ගන්ට කියලා හිතන් ඉන්නේ ඕකක්.

      Delete
  18. දැන්කාලෙ පාරිභෝගික සෙවාවල් ගැන කතා කලොත් බල්ලො බත් කන්නෙ නෑ.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හික්ස් බල්ලෝ විතරයි ඈ
      මුන්ගේ වැඩ නිසා මටත් කන්න බැහැ ලේ කුපිත වෙලා.

      Delete
  19. mobitel වල කයිය විතරයි වැසි පොදක් ගිය ගමන් සිග්නල් නැ

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්... කයිය පර වෙනවා වැසි පොදක් වැටිච්චහම.

      Delete
    2. මොබිටෙල් කොහොමද කියලා මම තාම පාවිච්චි කරලා නැති නිසා දන්නේ නැහැ.

      Delete
  20. අපේ ගෙදරත් තිබ්බා සන්ටෙල් එකක් එකේ ප්‍රී පේඩ් පැකේජ් එකට හැම සතියෙම රුපියල් හාරසීයක් දාන්න ඕනේ සතිය ඇතුලත රුපියල් සීය භාවිතා කලේ නැත්නං ඒක එක්ස්පයර් වෙනවා. ඒක හින්දා ඕක පැත්තකට දාලා හෑන්ඩ් ෆොන් එක තමයි පාවිච්චි කලේ. ඩයලොග් ලා ගත්තට පස්සේ අර කේස් නෑ ඒ හින්දා දැන් පාවිච්චි වෙන්නේ CDMA එක

    ReplyDelete
    Replies
    1. ඩයලොග් එකෙන් ගන්න කලින් සන්ටෙල් උන් ගෙදරටත් ආවා කනෙක්ෂන් එක ප්‍රීපේඩ් කරගන්න කියලා ඒත් අපි කරේ නැහැ.

      Delete
  21. කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල.....මෙහෙම තමා ව්‍යාපාරිකයෝ

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත අයියා
      අහින්සක අපිටම තමා අමාරුවේ වැටෙන්න වෙන්නේ.

      Delete
  22. සන්ටෙල් පැකේජ් කොහොම උනත් කාඩ් කනෙක්ෂන් නං මල ජරාවක්. උංගෙ 200/ කාඩ් එක තියෙන්නෙ දවස් 15 යි. ඒත් ලංකා බෙල් ලගෙ 200/ කාඩ් එක මාස දෙකක් පුලුවං.
    අපේ ගෙදරත් ලංකාබෙල් සන්‍ටෙල් පෝන් දෙකක්ම තියෙනව. ඒත් සන්ටෙල් නං පාවිච්චි කරන්නෙ නෑ.
    අර anusha.us කියල ‍තියෙනව වගේ ලංකාබෙල් ඒ වෙලාවෙම කොහොම වෙතත් දවස් දෙකක් ඇතුලතවත් සර්විස් ටීම් එකක් ගෙදරටම ඇවිල්ල වැඩේ කරල දෙනව.

    ReplyDelete
    Replies
    1. බලන් ගියාම ලංකා බෙල් හොඳයි වගේ.සන්ටෙල් උන් අපේ ගෙදරටත් ආවා ලයින් එක ප්‍රීපේඩ් කරගන්න කියලා.අපි ඒකට කැමති වුනේම නැහැ.

      Delete
  23. සන්ටෙල් ගැන නම් කිසිවක්ම නොදනිමි.. අඩුතරමේ දන්න කියන එකෙකුටවත් සන්ටෙල් තිබිල නැද්ද කොහෙද.. ‍ඩයලොග් සමාගම ගැන නං කථාකරල වැඩක් නැත. උං අනුන්ගෙන් ගත්තු ඒවට විතරක් නෙවෙයි උංගේ ඒවාටවත් හරි සර්විස් එකක් දෙන්නෙ නෑනේ.. අර දවස්ගානටත් බිල හදන ඩයලොග් ටීවී තාච්චියක් ගෙනාව මමත් අපේ ගෙදරට සීඇස් ඇන් පේන්නෙ නැති වෙච්චි හින්ද.. අනේ දෙයියනේ මැච් එකක් එහෙම යද්දි අපි වෙන චැනල් ඇක්ටිව් කරගන්න ඕනි තවත් ගානක් ගෙවල.. දැං නං ඩීටීවී තිත්ත වී ඇත!

    ReplyDelete
    Replies
    1. ඩයලොග් ටීවී සීන් එකනම් චාටර් තමා.එක එක චැනල් වලට වෙන වෙනම ගෙවන්න ඕන පික්සු පීකුදු.

      Delete
  24. ගෙදර නම් තියෙන්නෙ ලංකාබෙල්. අවු 5 ත් වැඩියි. කිසිම ලෙඩක් නෑ. ගන්නවනම් ඒවගෙන් එකක් ගන්න. කිසිම කරදරයක් නෑ. ජංගම නම් මොබිටෙල් තමයි. ඩයලොග් ගැන නම් කතා කර වැඩක් නැත. ඒව හොඳ උන්ගෙ ගෙවල් වල ඉන්න උන්ටය.

    ReplyDelete
    Replies
    1. ආයේ නම් අලුතෙන් එකක් ගන්න බලාපොරෝත්තුවක් නැහැ සහෝ.ගනනාව නම් හෑන්ඩ් ලයින්ම තමා.

      Delete
  25. අපේ ගෙදර තාමත් ටෙලිකොම් ලයින් එකක් නෑ... ඒත් මං දන්න තරමින් තාමත් ටෙලිකොම් එකට ගහන්න එකෙක් නෑ...

    ඔය මගුල විසි කරලා ටෙලිකොම් වලට සෙට් වෙයන්...

    ReplyDelete
    Replies
    1. බර ගණන් දෙන්න ඕනනේ බන්

      Delete
  26. අපි නම් සිරි ලංකා ටෙලිකොම්.... :D අවුලක් නෑ! ඒත් ඩයලොග් නම්... අපෝ......:/

    ReplyDelete
    Replies
    1. ඩයලොග් අරහන් වගේ :)

      Delete
  27. අපි නම් වී කෙයාර් ඕල් වේස්... අපේ පැත්තට ඕක විතරයි තුන්වෙනි පරම්පරාවේ සිග්නල් තියෙන්නේ. අනික්වායේ සිග්නල් නෑ...

    ReplyDelete
    Replies
    1. මාත් මොබිටෙල් ඒකට බහින්න හිතන් ඉන්නේ ඒත් උන්ගේ ඩේටා පැකේජ් ගැන දන්නේ නැහැ

      Delete
    2. අර උන්ගෙ සයිට් එකේ තියෙන්නෙ බං.

      Delete
    3. ලින්කුව දන්නේ නැද්ද?

      Delete
    4. ලින්ක් මොකටද බං, නිකම් ගූගල් සර්ච් කරපං mobitel කියල හරි mobitel broadband හරි ගහල.

      http://www.mobitel.lk/broadband-postpaid

      http://www.mobitel.lk/broadband-prepaid

      Delete
  28. අපිනං වැදගත් නොම්බර....

    ගෙදර ටෙලිකොම් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජාලට කොහොමත් රජයේ දේවල්මනේ ඔබින්නේ :)

      Delete
  29. මටනම් ටෙලිකොම් තමයි එක

    ReplyDelete
    Replies
    1. කවදත් වගේ ජාතියේ දුරකථන ජාලය ඕකනේ අයියා.

      Delete
  30. පාවිච්චියක් නැත..

    ReplyDelete
  31. CDMA නොදනී !
    ඩයලොග් දනි නමුත් හෙලා දකී ...... හත් ඉලව්‍වේ ..... මොනවද මේ ලියල තියෙන්නේ ....... මං මොනවත් දන්නේ නෑනේ ......
    මෙහෙම කරන්න එපා බං .... මං පව් :D:D:D

    ReplyDelete
    Replies
    1. උඹ ඩයලොග් එකේද වැඩ? :)

      Delete
  32. මටත් කියන්න තියෙන්නෙ ලන්කාබෙල් නම් නියමයි.... හෙබෙයි බිල ටිකක්ක් වැඩී... මාස ගානක් නිකන් තිබ්බත් ඉන්කමින් තියනවා....

    ReplyDelete
    Replies
    1. නෙට් ස්පීඩ් නැහැ නේද ඕවයේ?

      Delete
  33. ඩයලොග් මමත් අකමැතියෝ...විකාරයක්....ටෙලිකොම් තමයි ඉතින් අපිනම්

    ReplyDelete
  34. දැන් ලෑන්ඩ් ෆෝන් පාවිච්චිය අඩු වේගෙන යන්නේ. මම හැම වර්ගයකම වගේ දුරකථන ඉන්ටර්නෙට් භාවිතා කරලා තියෙනවා. දැන් පාවිච්චි කරන්නේ ඩයලොග් බ්ලාස්ටර් පැකේජ් එකක්. එක දීල උන්ට සොරි වුනා. කීයටවත් මාරු කරන්නෑ. තව ඩුවල් සිම් ෆෝන් එකක මොබිටෙල් කාඩ් පැකේජ් එකකුයි, එටිසලාට් කාඩ් පැකේජ් එකකුයි පාවිච්චි කරනවා. දැන් පාවිච්චි කරන්නේ එටිසලාට් 999+vat පැකේජ් එකක්. 21GB ඩොන්ගල් එකක් එක්ක. සමහර වෙලාවල් වලට 4Mbps ට වැඩි ස්පීඩ් දැකලත් තියෙනවා. මම fb චැට් කරන ගමන් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන ගමන්, ස්කයිප් එකත් ඕන කරලා වැඩ කරලා තියෙනවා. කිසි අවුලක් නෑ. මට හිතෙන්නේ අපි මේ කම්පැනි වලට කඩේ යන්නැතුව ඒ ඒ කාලෙට වාසි ඒවා මේ වගේ සාකච්චා කරලා පාවිච්චි කලොත් දිනුම්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඒත් ඔය වාසි දේවල් ටික දවසකින් නැති කරනවනේ.ඒකයි අවුල 4mbps කියන්නේ විශ්වාස කරන්නත් බැරි වේගයක්නේ.

      Delete
  35. දැන් ලෑන්ඩ් ෆෝන් පාවිච්චිය අඩු වේගෙන යන්නේ. මම හැම වර්ගයකම වගේ දුරකථන වලින් ඉන්ටර්නෙට් භාවිතා කරලා තියෙනවා. දැන් පාවිච්චි කරන්නේ ඩයලොග් බ්ලාස්ටර් පැකේජ් එකක්. එක දීල උන්ට සොරි වුනා. කීයටවත් මාරු කරන්නෑ. තව ඩුවල් සිම් ෆෝන් එකක මොබිටෙල් කාඩ් පැකේජ් එකකුයි, එටිසලාට් කාඩ් පැකේජ් එකකුයි පාවිච්චි කරනවා. දැන් ඉන්ටර්නෙට් වලට පාවිච්චි කරන්නේ එටිසලාට් 999+vat පැකේජ් එකක්. 21GB ඩොන්ගල් එකක් එක්ක. සමහර වෙලාවල් වලට 4Mbps ට වැඩි ස්පීඩ් දැකලත් තියෙනවා. මම fb චැට් කරන ගමන් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන ගමන්, ස්කයිප් එකත් ඕන කරලා වැඩ කරලා තියෙනවා. කිසි අවුලක් නෑ. මට හිතෙන්නේ අපි මේ කම්පැනි වලට කඩේ යන්නැතුව ඒ ඒ කාලෙට වාසි ඒවා මේ වගේ සාකච්චා කරලා පාවිච්චි කලොත් දිනුම්.

    ReplyDelete
    Replies
    1. උඩ කොමෙන්ටුවටම රිප්ලයි කරා ඕන්

      Delete
  36. අපෝ මාත් ඩයලොග් data සිම් එකක් පාවිච්චි කරලා ඒක අතෑරියා
    දැන් ඩොන්ගා අන්ලොක් කරලා එලිසලාට් එකක් දැම්මා
    හැබැයි සන්ටෙල් එකේ වැඩ කරපු අයට නම් හොදයි :)

    ReplyDelete
    Replies
    1. එටිසලාට් පැකේජ් ගැන පොඩ්ඩක් කියපන්කො

      Delete
  37. අ‍පේ ගෙදරටත් නමසිය බර ගණන් වල ලෑන්ඩ් ලයින් කියලා ගත්තේ සන්ටෙල්.. මම ඇච්චා කාලේ ඕක මැෂිමට ගහන් තමයි නෙට් ගියේ.. ඩයල් අප් වලින්..

    ReplyDelete
  38. හප්පෝ බං අපිටත් ඕකමයි, සන්ටෙල් කාරයෝ මට මතක විදිහට රුපියල් සීයක් දැම්මොත් ෆෝන් එකට ඒක වලංගු වෙන්නේ සතියයි, සතියක් ගෙවුන ගමන් සල්ලි තිබුනත් බැලන්ස් ඒක බින්දුවට දානවා. ඉන්කමින් කෝල් එන්නෙත් නෑ අපේ දිහාත් දැන් එකක් තියනවා අයින් කරලා, කාලයක් ඒක අපි එලාම් එකට පාවිච්චි කරා, දැන් නම් එකක් නෑ,

    ReplyDelete
    Replies
    1. :) එලාම් සීන් එකනම් සිරා
      අපේ ගෙදරත් පහමාරට ඕක තියලා තිබ්බා

      Delete
  39. සැක් හොද වෙලාවට අපි ගාව සන්ටෙල් නැ.. ලංකාබෙල් නම් තිබුනා. එත් 4න් එක කැඩුනට පස්සෙ හදන්න අරන් ගියෙත් නැ කම්මලි කමට බිලත් දැන් 9800 ක් විතර තියෙනව නිකන් තිබිලම.. :D

    ReplyDelete
    Replies
    1. උඩ කට්ටිය නම් කිව්වා ලංකා බෙල් උන්ට කෝල් කරාම ඇවිල්ලා හදලා දෙනවා කියලා.

      Delete
    2. ඉස්සර දැන ගත්තා නම් හදා ගන්න තිබ්බ.. බුදු අම්මො දැන් නම් කතා කලොත් 9800ක් ගෙවන්න වෙයි.. කොහෙ තියෙන සල්ලිද බ්න්... :D

      Delete
  40. හපෝ ඩයලෝග් නං අරහංය

    ReplyDelete
  41. ඒ කාලේ සන්ටෙල් බෙල් ටෙල් ෆෝන් එකක් රුපියල් දහ හත් දහස් පන්සීයයි. බොහොම හොඳ සේවාවක් දුන්නා. ඒ විතරක් නෙවෙයි, ටෙලිකොම් ෆෝන් එකක් ගන්න මාස ගණන් ලැයිස්තු වල බලන් ඉන්න කාලේ, සන්ටෙල් ෆෝන් එකක්, සල්ලි ගෙවලා සතියක් ඇතුලත ගෙනැල්ලා සවි කළා. මා දන්නා ආයතන වලින් බොහොම හොඳ සේවාවක් දුන් ආයතනයක් තමයි සන්ටෙල් කියන්නේ.
    අහන්න ලැබුණු ප්‍රවෘත්තිය නම් කනගාටුවට කරුණක්.

    ReplyDelete
    Replies
    1. සන්ටෙල් හදුන්වා දුන් සතියේ දුන්නේ දොළොස්දහස් නවසීයට.අපි ගත්තෙත් පලවෙනි සතියේ පස්සේ තමයි දහත්දහස් ගාණකට දුන්නේ.ඇත්තෙන්ම ඔවුන් හොඳ සේවාවක් ලබාදුන්නා.

      Delete
  42. Audit එකකට ගිහින් වගේ :)

    ReplyDelete
  43. කොහොමද බං හච් ඩොන්ගල් එකක් අන්ලොක් කරන්නේ

    ReplyDelete
  44. ඩයලොග් ඩෙන්ගල් එකක් අන්ලොක් කරන්න පොඩ් වැඩයි කරන්න තියොන්නේ පාස්වඩ් එක් ඉල්ලද්දි Sri Lanka Dialog කියලා ගැහුවනම් වැඩේ ඉවරයි

    ReplyDelete
  45. ඔය කීව සේරම ඇත්ත අපිත් SunTel අත ඇරියා

    ReplyDelete
  46. අපි නම් ලංකා බෙල් නියමට වැඩ.... කොහොමත් අපේ ලංකාවේ දෙයක්නේ...

    ReplyDelete
  47. ඔයාලගෙ ඉන්ටනෙට් පට්ට සොලො මෙලෝ වැඩක් නැ

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!