Friday, October 19, 2012

101 නමක් නැති සම්බන්ධතාවය!

වින්ඩෝස් මෙහයුම් පද්ධතිය ගත්තොත් ඒක විවිධ ක්‍රම ලේඛන භාෂා වලින් ලියවුන,විවිධ වැඩ සටහන් වලින් එකතු වෙලා අපේ අතට එන නිර්මාණයක්.අපේ ජීවිතත් එහෙමයි අපේ ජීවිතත් හැදිලා තියෙන්නේ විවිධ අවස්ථා තුලින්.මේ ගත කරන මොහොතත් එක අවස්ථාවක් එහෙමත් නැත්තම් මොහොතක් විතරයි.

සමහර අය ජීවිතේ නැති කරගන්නවා අකමැති අවස්ථාවන්ට මුහුණ දුන්නම,තවත් සමහරු අවස්ථා හදාගන්නවා ජීවත් වෙන්න.අපි හැමෝටමත් දුක්බර අවස්ථා මතු වෙලා ඇති ඒ වගේම සතුටුදායක අවස්ථා වලටත් මුහුණ දීලා ඇති.ඔය වගේ අවස්ථා වලින් අපිට අවස්ථා කීයක් නම් මතකේ රැඳී ඇද්ද?

එහෙම රැදෙන්නෙත් විශේෂ අවස්ථා විතරයි.නැතුව අනිත් අවස්ථා අපි මතක් කරලම ගන්න ඕන නැත්ත ඒවා මතක් වෙන්නෙත් නැහැ.ඔය වගේ අවස්ථා හතරක් මටත් තියෙනවා ඒවා එකිනෙකට බැඳුනු ඒවා.මම දන්නේ නැහැ ඒවා විශේෂයි ද කියලා ඒත් මට ඒ අවස්ථා හතර අමතක වෙන්නෙම නැහැ.


පලවෙනි අවස්ථාව තමයි මගේ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් මැරතන් එකක් දුවද්දී යාළුවයි මමයි මෝටර් බයික් එහෙක පස්සෙන් ගියා වතුර බාල්දි,ග්ලුකෝස් පැකට් එහෙම අරගෙන සප් එක දෙන්න.ඒත් මේ මල්ලියා මැරතන් එකෙන් හැලුනා හතිය වගේ ඇවිල්ලා.ඔය මැරතන් එකේ දුවන්නේ ඔක්කොම ගමේ උන්නේ.ඉතින් අපි දෙන්නා මල්ලිව ත්‍රී වීල් එහෙක දාලා අනිත් දුවන උන් පස්සේන් ගියා වතුර පාරක් හරි ගහන්න.ඒත් අපි යද්දී සෙට් එකම ඉවර කරන තැනට ගිහින්,අපිත් දැන් යනවා එතනට ඔහොම යද්දී මැරතන් එක ඉවර වෙන ස්ථානයට මීටර් 200ක් විතර ඈතින් තැනක්.මිනිස්සු කට්ටියක් වතුර බාල්දි තියාගෙන ඉන්නවා තව දුවන එවුන් එනවද බලාගෙන.ඔන්න ඔය හරියක තමා එයා හිටියේ!

මගේ තියෙන කුප්ප කමට බාල්දියේ ඉතුරු වෙලා තිබ්බ වතුර ටික මම එයාට ගැහුවා.එයා හානේ කියාගෙන පස්සට පැන්නත් වතුර පාර වැදිලා ඉවරයි ඉහින් කනින් කටින් වතුර බේරෙනවා.බයික් එක පැදන් ගිය එකත් ඇරලා දාලා ගියා.අපි දැන් රේස් එක ඉවර වෙන තැනට ගිහින් දුවපු උන් එක්ක කයියක් ගහන් ඉද්දී ඔන්න අරයා එනවා වෙන ඇඳුමකින් සැරසිලා.මගේ යාලුවත් බය වෙලා මම හිතුවෙත් මට බනිවි කියලා.ඒත් බැන්නේ නැහැ මගේ දිහා බලාගෙන හිනා වේගෙන ගියා එච්චරයි.

දෙවෙනි අවස්ථාව සිද්ද වුනේ වතුර ගහපු සීන් එකෙන් සතියකට විතර පස්සේ,දවසක් අම්මයි මමයි රාගම ෆුඩ් සිටියට ගියේ අම්මට ඕන කරන බඩු වගයක් ගන්න.අම්මා එක එක බඩු තෝර තෝර යනවා මමත් අර බඩු දාන ට්‍රොලියක් තල්ලු කරන් මොනාද කාපු මොකාද එකා වගේ අම්මගේ පස්සෙන් යනවා.ඔහොම යද්දී ඔන්න අරයාත් ඉන්නවා ට්‍රොලියක් තියාගෙන රාක්ක වලින් මොනවද අතට අරන් බල බල.මෙයා මාව දැකලා හිනා වුනා.මාත් හිනා වුනා එහෙම හිනා වෙලා එයා ආයේ බඩු තෝරනවා ඔන්න ඔය අවස්ථාවේ මගේ කුප්ප කම ආයේ මතු වුනා.

එයා ට්‍රොලියට බඩු දාලා අනිත් පැත්ත හැරිලා තව මොනවද තෝරනවා අම්මත් මොකක්ද ආටා පිටිද මොනාද මන්දා එකක් හොයනවා.ඒ හරියේ රාක්ක වල තියෙන්නෙම පිටි ජාති.මාත් ඉතින් අතට අරන් බැලුවා.රතු කැකුළු පිටි,උළුඳු පිටි,කුරක්කන් පිටි අර පිටි මේ පිටි එක එක ජාතියේ පිටි පැකට්.මම මොකද කරේ? අර කියපු පිටි පැකට් නම් බැලුවෙත් නැහැ දඩි බිඩි ගාලා හතරක් පහක් අරන් සද්ද නැතුව අරයගෙ ට්‍රොලියෙන් දැම්මා.තව ඊට එහායින් තිබ්බ වැනිලා බෝතල්,බේකින් පවුඩර් ටින් තව තව මොනවද මන්දා පොඩි පොඩි පැකට් වගේ ඒවා ජාති ගොඩකුත් දැම්මා කුප්ප කමනේ ඉතින් මගෙත්.

අම්මට බඩු අරන් එන්න කියලා මම වෙන පැත්තකට ගියා එදත් එච්චරයි.එතනින් එහා මොනවා වුනාද දන්නේ නැහැ.මම ඊට පස්සේ එයාව දැක්කෙත් නැහැ,සමහර විට අපිට කලින් එයා යන්න ඇති නැත්තම් අපි එද්දිත් තව තව ඒවා තෝර තෝර ඇතුලේ ඉන්නත් ඇති.

තුන්වෙනි අවස්ථාවේ මම එයාව දැක්කේ ප්‍රයිවට් ක්ලාස් එකක් ළඟ.එයත් මාව දැක්කා මම එවේලේත් අර මුල් අවස්ථාවේ වගේම ටිකක් ලැජ්ජාවෙන් හිටියේ මොනවා හරි කියයිද කියලා ම්හ් හ්ම් මුකුත් නැහැ හිනා වුනා විතරයි එච්චරයි කුප්ප වැඩත් නැහැ මුකුත් නැහැ.

ඔන්න හතර වෙනි අවස්ථාව.ඒ මම එයාව දැක්ක හතර වෙනි පාරත් ඒකයි ඒ ඊයේ.
ඒ වෙඩින් හෝල් එකක්!එයා තමා මනමාලි,සුදු පාට වෙඩින් සාරි එකක් ඇඳන් ඒකටම මැච් වෙන බුකි එකකුත් අතේ තියාගෙන කාර් එකකට නගිනවා.මම එතනට ගියේ එතන වේටර් වැඩ කරන මගේ  යාලුවෙක් හම්බ වෙන්න.වෙනදා වගේම එයත් මාව දැක්කා හිනා වුනා කාර් එකට නැග්ගා,ටිකක් වයස පාට වුනාට පොෂ් ලුක් එකක් තියෙන මනමාලයා අනිත් පැත්තෙන් නැග්ගා ගියා,ඥාති කට්ටිය ටික දුරක් හෙමින් හෙමින් ගිය කාර් එක පස්සෙන් ඇවිදන් ගියා.එච්චරයි ඒත් ඒ අවස්ථා හතරම මට නිකන් විශේෂයි විශේෂයි වගේ,ඒකට හේතුවක් නම් මම දන්නේ නැහැ අනික අපි හිත මිත්‍රයොත් නෙමේ ඊට එහා ගිය දේකුත් නැහැ මගේ හිතේ.

ඉතින් කාට හරි කියන්න පුලුවන්ද අපි අතරේ ඒ සම්බන්දෙට කියන නම?



__________________________________________________________________________
මේ පින්තූරේ තියෙන වැරැද්ද හොයන්න පුලුවන්ද බලන්න අවංකයෙන්ම?





101 comments:

  1. ඉඳුනිල් යාළුවා....10/19/12, 9:25 PM

    ඒ සම්බන්දෙ මොකද්ද කියල මට තේරෙනවා..එත් ඒක කොහොමද කියන්නේ කියල මට තේරෙන්නේ නැ..මොනවා උනත් මේක අමුතු කතාවක්...නියමය් මචං....

    ReplyDelete
    Replies
    1. මොකක්ද බොල මේ යාළුවා කෑල්ල?
      ඒක තමයි බන් මටත් හිතාගන්න බැරි මුකුත් නැහැ ඒත් නිකන් අමුතුයි අමුතුයි වගේ.

      Delete
    2. ඉඳුනිල් යාළුවා....10/19/12, 9:58 PM

      ඇය් යකෝ යාළුවා කිව්වම මොකෝ වෙන්නේ?? ඕව ඔහොම තමය් බං...සමහරවිට ඒ කෙල්ලටත් එහෙම වෙන්න ඇති..එත් ඒ වෙනකොට උඹල දෙන්නම පරක්කු ඇති කතා කරලා මොකද්ද මේ සම්බන්දෙ කියල දැනගන්න...(මොනවා උනත් මට හිතෙනවා ඒ කෙල්ල බේරුනා කියල ....ලොල්)

      Delete
    3. නැහැ උඹ එහෙම වෙනදට දාන්නේ නැති නිසා ඇහුවේ :)
      උඹව කොටියම කාපිය ග්ර්ර්ර්ර් පැහදිලි ඊර්ෂියාව උඹලගේ

      Delete
    4. අපි නොදන්න බැදීම් .....

      Delete
    5. මන් නම් දන්නේ නැහැ සත්තයි දිනෙල්ක පල්ලා :)

      Delete
  2. වැරැද්ද තමා වචනේ දෙසැරයක් තියෙන එක.. අනිත් එක මේ සම්බන්ධයට නමක් දෙන්න කාට වත් බැ..ඒක නමක් නැති.. බැඳීමක්.. සත්තකින්ම මෙතන බැඳීමක් තියෙනවා.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. kalin comment eke deserayak tiyenne mona wachaneda kiyala danna mata amthaka welaa.. wachane thama "The" :)

      Delete
    2. බැඳීමක් තියෙනවා කියලා හිතුන නිසා තමයි මටත් හිතාගන්න බැරි ඒ මොකක්ද කියලා.
      ඔව් සහෝදරි ඔයා හරි ද දෙපාරක් තියෙනවා.

      Delete
  3. පව් බං අර ළමයා...

    ද ද කියලා දෙපාරක් තියෙනෝ... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එල එල උඹ හෙන වැඩර් ඈ :)

      Delete
  4. යුවතියකට ඔබ ............ නම් ඇයට පවසන්න
    පැවසිමට අතපසු වේනම් ඇය ගැන නොසිතන්න.....!

    ReplyDelete
    Replies
    1. ...............ක් නැහැ බන්
      අනේ මන්දා

      Delete
    2. ඕක තමයි කියන්නේ දෙයක් හිතේ තියාගෙන ඉන්නේ නැතුව කියලා දාපන් කියලා වැඩිම උනොත් ඇගිලි 5 කම්මුලේ හිටින්න්න පාරක් කන්න වෙයි...

      Delete
    3. දැන් එහෙම කියන්න කෙනෙක් නැහැ බන් :)

      Delete
  5. හ්ම් අනේ මන්දා ,,,, මේකට කියන්න වෙන්නේ .... නෑ මුකුත් නෑ කියන්න ....

    ReplyDelete
    Replies
    1. මොනවා හරි කියපන්කො :)

      Delete
  6. මේක මාර සම්බන්ධයක් ! ඒකි යන්තම් උබෙන් බේරුනා.. !

    ReplyDelete
    Replies
    1. ඇයි මට හම්බ වුනා නම් මම ඒකිව කනවද? :)

      Delete
  7. මම හිතුවෙ වැඩේ හරි යාගෙන එනව කියල. අන්තිම කෑල්ල කියවන කොට නම් ඉතිං හිතුනෙ ඒකිත් උඹට ‘මල්ලි‘ ටටා බායි කියල ගිහින් වගේ කියල.

    ඔව්ව ගනන් ගන්න එපා බං, ඔව්ව ඔහොම තමා. ඔහොම අත්දැකීම් නම් එකක් දෙකක් මටත් ලාවට වගේ තියෙනව. ඒත් ඒව ඔහොම පැහැදිලි අවසානයක් නැහැ. මම හිතන්නෙ හැමෝම වගේ ඔය ජාතියෙ අත්දැකීම්වලට මුහුණ දෙනව.

    ReplyDelete
    Replies
    1. මල්ලි කියලා කියවන්නේ මොකටද කියලා මම සද්ද නැතුව හිටියේ නැත්තම් දනී මන් කරන දේ :D

      Delete
  8. පින්තූරෙ වැරැද්ද නම් අර තියෙන්නෙ ලොකුවටම mistake කියල ලියලා...

    ReplyDelete
    Replies
    1. ආ නෑ නෑ.. the the කියල දෙසැරයක් තියෙනවා...

      Delete
    2. හූ හූ දැක්කනේ ඔයාටම මිස්ටේක් වුනා :)

      Delete
  9. අනේ මන්දා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒකනේ
      අනේ මන්දා

      Delete
  10. එක පාරක් අපේ වැසිකිලි වල... ඒම කියනකොට හරි නෑ වගේ ... ලැට් වල හාරනකොට ඉපැරනි පුස්කොල පොතක් හම්බ උනා... ඒකේ මෙන්න මේම තිබ්බා

    "යුවතියකට ඔබ ආදරේනම් ඇයට පවසන්න
    පැවසිමට අත පසුවේනම් ඇය ගැන නොසිතන්න"

    ඊට පස්සේ තව හාරගෙන යනකොට සෙල් ලිපියක් හම්බ උනා... ඒකේ මෙන්න මේම තිබ්බා

    "ඇය ඔබට නොකියන සියලු දෑ ඇගේ සිනහාවේ ඇත..."

    ඊට පස්සේ තව හාරගෙන යනකොට ගහක පොත්තක් වගේ එකක් මේන් මේම කොටලා තිබ්බා

    "අපට ජිවිතයේ එකම අවස්ථාවන් නැවතත් නැවත නැවතත් හම්බවේ... සමහරුන් එය ප්‍රයෝජනයට ගනි..." සමහරුන්... ඉතුරුටික මැකිලා බන්

    පස්සේ මම තව හෑරුවා... තව තවත් හෑරුවා... හෑරුවා හෑරුවා හෑරුවා හෑරුවා හෑරුවා හෑරුවා... රෙද්ද මුකුත් නෑ... මම තදවෙලා නැගිට්ටා... මට අදහ ගන්න බැරි උනා... මෙන්න එයා මගේ ඉස්සරහ.... ගොඩක් ලස්සන රෝස පාට ඇඳුමක් ඇඳලා... ශා... හිතාගන්න බෑ... එයා ... අමුතු හැඟිමක්... වචන වලින් කියන්න බෑ... මම අනිත් පැත්ත හැරුනා... හෑ.. මෙන්න යකෝ මම නිදි... ඒපාර මම ඇත්තටම නැගිට්ටා... රෙද්ද

    ReplyDelete
    Replies
    1. උඹ හීනෙනුත් දකින්නේ ලැට් වලවල්නේ බන්.හොඳ වෙලාවට අලුත් එකක් වුනේ නැත්තම් කක්කා නාගෙන හීනේ දකින්න වෙන්නේ.මොනා වුනත් සෙල් ලිපි,පුස්කොල,ගස් පොතු වල තිබ්බ ටිකනම් මරු ඈ.

      අර රෝස පාට චීත්තයක් ඇඳන් හිටියේ මෝහිනිද බන්? :O

      Delete
    2. ෴ ඉපැරනි පුස්කොල පොතක්/ සෙල් ලිපියක්/ ගහක පොත්තක් ෴

      දෙයියනේ ..... මුංගෙ ගෙදර මිනිස්සු කාපුව. :D

      Delete
  11. අයිති නැති බැඳීමක්.. ලස්සන කතාවක්..
    ජය වේවා!!! සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ස්තුතියි පණුච්චි

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. අඩේ මන දන්නා කෙල්ලෙක් හිටියා .. සත්තු වත්තේ ගිහාම වඳුරෝ එහෙම කොඑලන් කරද්දී හරි අහිංසක විදියට ඉන් දිහා බලල හිනාවෙනවා

    එයා ගැනද මන්දා උබ මේ ලියලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. උඹ දන්නා කෙල්ලෙක්?
      එහෙනම් ෂුවර් එකට උඹ දිහත් බලලා හිනා වෙනවා ඇති නේද? :)

      Delete
  14. ඔහොම බැඳීම් තියෙනවා... බැඳීමක් ඇත්තේත් නෑ නැත්තේත් නෑ.... මාත් විඳලා තියෙන අත්දෑකීමක්....
    මම නම් කළේ නමක් හිතන්න වත් නොහිතපු එක... හි හි... ඒක නිසා අදටත් ඒ පුංචි දේවල් මතක් වෙද්දී හිනාවක් එනවා නිතැතින්ම....

    ReplyDelete
    Replies
    1. හිහි මතකයන් අමතක කරන්නම බැහැ නේද?

      Delete
  15. සංසාරගත හමුවීම් කියල කියන්න හැකියි. ඒ මොනවා වුනත් බොහොම කුතුහලාත්මක ලියැවිල්ලක්

    ReplyDelete
  16. හෆොයි.දුක හිතෙනවා බන්.නාකි මනමාලයෙක් කිව්වම..

    ReplyDelete
    Replies
    1. එච්චරම නාකි නැහැ බන් උඹලගේ වයසට විතර ඇති :D

      Delete
  17. ලස්සන කතාව. :)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මිස්ටර් ඇනෝනිමස්

      Delete
  18. කතාව තාත්විකව ලියල තියෙනව
    :-D

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇති සැටියෙන් ලිව්වේ :D

      Delete
  19. ඒක කුප්පකමේ බැදීමක්ද කොහෙද,

    උබ සතර පෙරනිමිති දැකල තියෙන්නෙ. ජීවිතෙ ඇත්ත කතාව, කෙල්ලො හිනා වෙන්නෙ එකෙකුට, ආදරෙ කරන්නෙ වෙන එකෙකුට, බදින්නෙ කොහෙවත් නැති එකෙක්. (කස්ටිය මට අල්ලගෙන ගැහුවොත් බෙරගන්ඩ වෙයි)

    පින්තූරෙ වැරැද්ද හොයගත්ත. දැන් කිව්වොත් කියයි උඩ කොමෙන්ට් වලින් බලල කියනව කියල(ඒක තමයි ඇත්ත)

    ReplyDelete
    Replies
    1. \\ඒක කුප්පකමේ බැදීමක්ද කොහෙද,//
      එහෙමත් බැඳීම් තියෙනවද :)

      කස්ටිය ගැහුවොත් මට කොරන්ඩ දෙයක් නැහැ ඈ.හරි හරි ඔයා පින්තූරේ වැරැද්ද එක පාරින්ම හොයාගත්තා නම් දක්ෂයෙක්.

      Delete
  20. ඔහොම නමක් කියාගන්න බැරි බැඳීම් දුසිමක් විතර මගේ ජීවිතේත් තියනවා. වෙන්කරලා අඳුරගන්න බැරිවුනත් ඒ හැමඑකක්ම ජීවිතේට බැඳිලා. මොකක්දෝ හුරුපුරුදු බවක් දැනුනා මේ ලිපියේ

    ReplyDelete
    Replies
    1. මොකක්ද ඒ හුරුපුරුදු කම සහෝ?

      Delete
  21. අනේ මන්දා බන්.. ඒවා ලව් ත් නොවෙයි..

    abcdefghijklmnopqtstvwxyx
    මේකේ මොකක්ද මිස් වෙලා තියන්නේ බලපන්.. ඕක මට කවුද එවපු sms එකක්. පස්සේ බැලුවට ඒ නම්බර් එක වැඩ කලේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඕකේ කිව් වලට පස්සේ ර් අකුර එන්න ඕන ඒත් තියෙන්නේ ටි.කොහොමද මගේ වැඩ? :)

      Delete
    2. ඔන්න බලපන් මටත් වැරදිලා නේ. :) මගේ මතකයේ හැටියට මෙහෙම එකක් තිබුනේ. abcdefghijklmnopqrstvwxyx. am i missed somthing.? yes, i miss u.!

      Delete
  22. සැහ් මට ඔම වෙලා නැ නේ.. ඉරිසියාවේ බැ.. :P

    ReplyDelete
  23. ඒකිගේ වෙලාව හොදයි... වෙලාවට හතර පාරක් හම්බෙලා නැවතුනේ... නැත්තම ඉතින් එයාට පව් තමා......

    ReplyDelete
    Replies
    1. මම පව් නැද්ද එතකොට? :)

      Delete
  24. ඕවගෙ අහවල් ඒවට කියන දේ මමත් තාම හිතනවා. ඒකට උත්තරයක් නෑ.
    අරකෙ නම් ද තමයි. මගෙ දක්ෂකමටත් වඩා මම ඕක කලින් දන්න නිසා හොයාගන්න ලේසි වුනා.:D
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මේ අහවල් එක මාර ප්‍රශ්නයක්නේ හැමෝටම :)

      Delete
  25. මටත් මේ වගේ අත්දැකීම් දෙක තුනක් තියනව. කරුමෙ කියන්නෙ බං ඒව මලාට අමතක වෙන්නෙ නැති එක.
    හතරවෙනි පාර අන්තිම වතාව නොවෙන්නත් පුලුවන්. පස් වෙනි වතාව පුංචි බබෙකුත් එක්ක යනව දකින අවස්ථාවක් වෙන්නත් පුලුවන්. මෙහෙම කිව්වට උඹ අවුලක් ගන්න එපා. මට එහෙම හිතුන.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් අමතක වෙන්නේ නැහැ තමා සහෝ

      නැහැ නැහැ එහෙම අවුලක් නැහැ මට ඒක ගානක් නැහැ :)

      Delete
  26. නමක් නැති...........................................................................

    ReplyDelete
    Replies
    1. බැඳීමක්
      අරුමැති.....................................................

      Delete
  27. ඈ බං... ඒ කෙල්ල හිනා වුණ එකම මදෑ කනට නොගහා...

    හ්ම්ම්... සමහර වෙලාවලට ඔහොම දේවල් වෙනවා... ඒත් ඉතින් ඒකට කියන නම මොකක්ද කියන්න නම් මාත් දන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. කනට ගහන්න මේ මගේ?
      ඒවා හඳේ එහෙනම් මම දුවනවනෙ :)

      Delete
  28. දෙන්නම දන්න.....ඒත් දෙන්නම නොදන්න මෙව්වා එකක්නේ....ඕක ටිකක් විස්තර කරන්න බෑ නේද?

    ReplyDelete
    Replies
    1. ඒකනේ විස්තර කරන්න බැරි එක තමා අවුල

      Delete
  29. The දෙපාරක් තියෙනවා. පලවෙනි සැරේම හිතට වැදුනානම් මල්ලි සෙරෙප්පු පාර කන්න හරි කියල දාන්න තිබුනේ. පරක්කු වෙලා පසුතැවෙනවට වැඩිය. හීන් ලෙන්ගතු කමක් වගේ දෙයක් කිව්වොත් මොකද?

    ReplyDelete
    Replies
    1. එහෙම හිතෙන දේවල් ගහෙන් ගෙඩි එන්නා වගේ එක පාරට කියන්නේ කොහොමද අයියා?.හ්ම්ම් ලෙන්ගතු කමක් නම් දැනුනා මට :)

      Delete
    2. මලේ මතකයිද මම කෙලින්ම සිංහයා වගේ ඇහුවේ හාමිනේගෙන් (ෆෝන් එකෙන් නිසා සිංහයා උනේ) හිකිස්........ එතනත් පොඩි කොස්සක් තියෙනවා වගේ. මලේ මම දෙන්නම් පොඩි අවවාදයක්.ලවක් ජීවිතේට ඕනේ. නමුත් ඒක ගන්න ඕනේ හොඳට තෝරලා බේරලා නැත්නම් ජීවිතේම හබස්. හැමනිතරම බලන්න එය එඔයගේ හදවතට ඔය එයාගේ හදවතට කොච්චර සමීප වෙනවද කියලා

      Delete
  30. arake "reblog" kiyalane thiyenne :D
    ane ada sinhala naha , podi aulak nisa ,

    ReplyDelete
    Replies
    1. නැහැ බොල රිබ්ලොග් නෙවේ ද ද කියලා දෙපාරක් තියෙනවා :)

      Delete
  31. nice one...
    එහෙම තමයි මටනම් හිතුනේ... කොහොම උනත් මල්ලියා ඔයාගේ නිර්මාණ විවිදත්වයෙන් පිරිලා..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අක්කා ඔයාගේ ඇගයීම මට සතුටක්

      Delete
  32. නිශාන් පවූවූවූවූවූවූවුවුවුවු. .

    ReplyDelete
    Replies
    1. මන් ගැන අවංක සිතුවිල්ලක් සිතට ආපු රතු අයියට මාගේ මහත් ප්‍රමාණය :)

      Delete
  33. මේකට කියන්නේ ^&^*&^^%^% කියලා!
    ඇදෙ..මාරු ස්ටෝරිය බං!

    ReplyDelete
    Replies
    1. \\ඇදෙ..මාරු ස්ටෝරිය බං!//

      ඇඳේ? මාරු? මොනවද බන් මේ ලියලා තියෙන්නේ :D :D

      Delete
    2. --මාරු ?
      ?මූට මොනවද මේ මතක් වෙලා තියෙන්නේ ?

      Delete
  34. ඒ ළමයා කලින් ඉදන්ම මගුල තීන්දු කරන් ඉන්න ඇත්තේ.එකයි උඹ දැක්කාම හිනා වෙලා විතරක් ඉන්න ඇත්තේ.

    The කියන එක දෙපාරක් තියෙනවා :)

    ReplyDelete
    Replies
    1. ඇයි එහෙම කලින් තීන්දු කරේ මන් අහන්නේ :)

      Delete
  35. මේකට කියන්නෙ සාංසාරික බැදීම කියලා... ඔය වගේ අත්දැකීම් මටත් තියෙනවා... එක අවවාදයක්.. ඔය වගේ කුප්ප වැඩ කරන්න එපා... බොලා හිතනවට වඩා ඒ වැඩ වලින් ඒ ඇත්ති අපහසුතාවට පත් වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ආයේ මම ඒ ඇත්තිට කුප්ප වැඩ කරන්නේ නැහැ වෙන ඇත්තියක් හොයාගෙන කුප්ප වැඩ කරනවා :)

      Delete
  36. මල්ලි ටටා ඈ ...

    ReplyDelete
  37. හිතේ තියෙන දේ පළවෙනි පාරම කිව්වනං ඉවරනේ. හතරවෙනි පාර වෙනකොට වෙන්න තියෙන ලොකුම දේ වෙලා ඉවරයි.
    අර යට තියෙන පින්තූරෙ තියෙන වැරැද්ද the කියන වචනේ දෙපාරක් තියෙන එක නේද?

    ReplyDelete
    Replies
    1. වතුර බාල්දියක් ගහලා ඕවා අහන්නේ කොහොමද අෆ්ෆා? :D

      Delete
    2. පින්තූරේ ගැන හරි

      Delete
  38. හ්ම්ම්..ගොඩක් වෙලාවට ඔහොම දේවල් වෙනවා..අනේ මන්ද..ඒ බැඳීම්වලට කියන්න නම් නැහැ අප්පා..

    ReplyDelete
  39. ප්‍රමාද වුණේ ඇයි ? අනේ මන්දා නමක් නම් හිතෙන්නෑ, මහ ඇමුතු හැඟීමක් තමයි දැනෙන්නේ!

    ReplyDelete
    Replies
    1. ප්‍රමාද වුනා කිව්වේ?
      ඔව් සහෝ මටත් අමුතු හැඟීමක් තමයි හිතුනේ.

      Delete
  40. අනේ මන්ද... දවස් 4 කින් අහන්නත් බෑනේ....

    ReplyDelete
  41. කල්පනා කරල බැලුවම උඔල 2න්නම කරල තියෙන්නෙ කුප්ප වැඩේ නිසා ඔන්න ඔහෙ කුප්ප කම කියලම දාමු

    ReplyDelete
    Replies
    1. :D
      ඔන්න ඒකට නම් මට හිනාගියා බන්

      Delete
  42. ඔය සම්බන්ධයට දෙන්න නමක් තාම කල්පනා කරනවා. අර පින්තූරේ වැරැද්ද 'ද' දෙපාරක් තියෙනවා.
    (හොඳ වෙලාවට රෙඩ් නංගි කලින්ම කියලා තියෙන්නේ.)

    ReplyDelete
  43. අහෝ ඒක පාර්ශවීය _________ ක්.

    ReplyDelete
    Replies
    1. ඒක පාර්ශවීය මොකක්ද බන්?

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!