Friday, February 22, 2013

78 ධනාත්මක චින්තනය නිසා දවසක් ගෙවුන හැටි!

අද ලියන්න යන පෝස්ට් එකේ හෙඩිම දැක්කම වැඩිය කව්රුත් මේ පැත්තේ එන එකක් නැහැ මොකද ඒක ඒ තරන්ම අප්‍රිය කාරණයක්.අනික අර හිට්ස් කියන ඒවත් බොහොම අඩුවෙන් හම්බ වෙන මාතෘකාවක්!.

ඔය ධනාත්මක චින්තනය මේ දවස් වල විතරක් නෙවේ දැන් ටික දවසක ඉඳන් මාකට් කරන්න එක පුද්ගලයෙක් දඟලනවා.සෝමාවහිනියේ බර ගාණක් ගෙවලත් එයාගේ සඟරාව ගැන වැඩ සටහනක් ප්‍රචාරය වෙනවා.ඒ විතරක් නෙවේ ඒ අස්සෙන් පෙන්වනවා සමහර මිනිස්සු ඒ සඟරාව කියවලා දියුණු වෙලා ලොකු ලොරි එහෙමත් අරගෙන මිනිහට වැඳලා කරලා ස්ටාට් කරන වීඩියෝ ක්ලිප්.ඔය සඟරාව ගැන විස්තර කරන අවස්ථාවලදී ඔය මනුස්සයා චින්තන මාමට කඩේ යන හැටිත් බලන්න පුළුවන්.


දැන් පත්තරයක් ගත්තත් කොයි පත්තරේ වුනත් එකේ දාලා තියෙනවා "මාසෙකින් ලක්ෂයක් උපයන්න කැමතිද? එහෙනම් එකතු වන්න *** සමග"කියලා.එහෙම ලක්ෂයක් උපයන්න කැමති අපේ ජනතාව මෙයාලට එකතු වෙනවා.වැඩේ කියන්නේ වැඩි හරියක් තරුණ පරම්පරාව හැබැයි එයාලට නම් ධනාත්මක චින්තනයෙන් වැඩක් නැහැ එයාලට ඕන මාසෙකින් ලක්ෂයක් උපයන්න.ඉතින් එහෙම එකතු වෙන අය පරණ සඟරා,අලුත්සඟරා තුන බැගින් හදාගෙන බස් වල කෝච්චි වල යනවා කඩල වෙළෙන්දෝ වගේ.ඊටපස්සේ උගුර ලේ රහ වෙනකම් සඟරාව ගැන විස්තර කරලා බලෙන්ම වගේ ඔඩොක්කුවට දාලා යනවා.පස්සේ එකතු කරගෙන යනවා ගත්තේ නැත්තම් හිනා කඳුලක් නැහැ  මූණුවල.මාසෙකට ලක්ෂයක් හොයන්න වෙන මහන්සිය දැක්කම පව් කියලත් හිතෙනවා.

දුර යන බස් වල තමයි ඕක නැගලම යන්නේ.බිස්නස් එක කරන්න බස් එකේ කොන්දටයි ඩ්‍රයිවර්ටයි ගානකුත් දෙන්න ඕන කොමිස් එක වගේ.ධනාත්මක චින්තනය නිසා ඔය බස් වල කෝච්චිවල සඟරා විකුණන අයට වඩා මාසෙකට කෝටි ගානක් හොයන්නේ ඔය සඟරාවේ කතෘ මහත්තයා.ඉතින් මිනිහට නම් ධනාත්මක චින්තනය වැඩ කරනවා.

ධනාත්මක චින්තනය නිසා දියුණු වුන මිනිස්සුන්ව සෝමාවහිනියෙන් දැකලා මටත් හිතුනා ධනාත්මක චින්තනය ක්‍රියාවට නංවන්න.ඔහොම හිතලා මම අද උදේ ටවුන් එකට ගියා පොඩි වැඩකට.බස් එකට යන්න ටික දුරක් පයින් යන්න ඕන.යන අතරමග ධනාත්මක චින්තනය ගැන හිත හිත යද්දී මට හිතුනා අද දවස හොඳ වෙයි කියලා.මොකද එහෙම හිතුවම ඒකත් ධනාත්මක චින්තනය තමයි එතකොට ධනාත්මක චින්තනයෙන් දවස හොඳ වෙනවා.

අපි දැන් පාරේ යද්දී හිත හිත යන්න හොඳ නැහැ අද බස් නැතුව ඇති වගේ අසුභ දේවල් අපි හිතන්න ඕන අද අනිවා බස් තියෙනවා කියලා එතකොට ධනාත්මක චින්තනය මෙව්වා වෙලා බස් තියෙනවා.මන් ඉතින් එහෙම හිතාගෙන පාරට ගියාම අද පාර වහලා කාපට් කරනවා ඒක නිසා බස් නැහැ.මෙච්චර ධනාත්මක චින්තනය මෙව්වා කරගෙන ගිහිල්ලත් වැඩේ බකල් වුනත් මම හිත හදාගත්තා ඒ ධනාත්මක චින්තනය නිසා රට දියුණු වෙන අවස්තාවක් කියලා.ඒක නිසා මම කිලෝ මීටරයක් පයින් අනිත් පාරට ගිහින් බස් එකේ නැගලා ටවුන් එකට ගියා.ටවුන් එකට ගියේ බැංකුවේ පොඩි වැඩකට. අදවත් ඒක හරි ගිහින් ඇති කියලා හිතද්දී මට මතක් වුනා ඇතියි කියලා හිතන්න හොඳ නැහැ අනිවා අද එක සිද්ද වෙයි කියලා ධනාත්මක චින්තනයෙන්.

ඉතින් මම එහෙම හිතාගෙන බැංකුවට ගියාම උන් කියාපි තාම හෙඩ්ඔෆිස් එකෙන් ලියුම ආවේ නැහැ සඳුදට එන්න කියලා.ධනාත්මක චින්තනයෙන් මොනවා වුනත් සැලෙන්න හොඳ නැහැල්ලුනේ ඉතින් මම නොසැලී ඊළඟට ගියේ ලර්නස් එකට.ඔව් ඔව් අර ඩ්‍රයිවින් උගන්වන්නේ.එතනට යද්දිත් මම ධනාත්මක චින්තනය හිතාගෙන අදවත් අර කියලා දෙන එකාගෙන් බැනුම් අහන්න නොලැබේවා කියලා.පොඩ්ඩ වැරදුනත් ඇති ඌ බයිනවා.සිග්නල් ලයිට් දාලා හෑන්ඩ් සිග්නල් දාන්න පරක්කු වුනත් ඌ බයිනවා.
 මම තාම දවස් දෙක තුනයි ගියේ හයියූ පරණ උන් බැනුම් අහනවා දැක්කම සසර කලකිරෙනවා පරණ උන්ට එහෙම නම් අලුතෙන් ආපු අපිට?.

එත් ධනාත්මක චින්තනයෙන් අද නම් බැනුම් අහන්නේ නැතුව මම ගානට වාහනේ අරන් යනවා කියලා හිතාගෙනමයි ගියේ.ලර්නස් එකට ගිහින් ඉන්නවා ඉන්නවා වෑන් එක නැහැ.එකේ ඉන්න අක්කලා දෙන්නා මට විහිලු කර කර ඉන්නවා.ඔන්න ඉස්සෙල්ලා ටර්න් එකේ අරන් ගිය උන්ට ලර්න් කරලා ගෙනල්ලා මාවයි තව හිටපු එකෙක්වයි එක්කන් ගියා.මුලින්ම අනිත් කොල්ලට යන්න කියලා මම ඉඩ දුන්නා හිතින් ලේඩිස් ෆස්ට් කියලා හිතාගෙන.

කොහෙද මූ මට යන්නම කිව්වා.ලර්න් කරන අයියත් බලන් ඉන්න නිසා මම කකුල් දෙකට පුරුෂ ශක්තිය අරගෙන ගියා ඩ්‍රයිවින් සීට් එකට.පලවෙනි දවසේ කියලා දුන්න විදියට මිරර්ස් හදාගෙන සීට් එක හදාගෙන යන්න ඕන.ඌ බනින්න බලන් ඉන්නේ ඕවා කරේ නැත්තම්.ඒවා කොහෙද අද මම ධනාත්මක චින්තනය මෙව්වා කරන් ආපු නිසා බැනුම් අහන්නේ නැහැ ෂුවර්.එහෙමයි මට එවෙලේ හිතුනේ!

මම ඩ්‍රයිවින් සීට් එකේ ඉඳගෙන ඉස්සෙල්ලම සීට් එක හදාගත්තා ඊටපස්සේ මිරර්ස් හැදුවා."ඔය කෙරීගෙන යන්නේ තාම බැනුම් නැහැනේ" කියලා හිතනවත් එක්කම බුවා බයිනවා මිරර්ස් මැද්දෙන් අල්ලන්න එපා ඕයි වටෙන් අල්ලනවකෝ.

හරි අයියේ..

ක්ලච් එක පාගාගෙන දැම්මා ෆස්ට් එකට සිග්නල් දැම්මා හෑන්ඩ් සිග්නල් දැම්මා හෑන්ඩ් බ්රේක් එක පල්ලෙහට දැම්මා.ක්ලච් එක බුරුල් කරා.

පාර බලනවා ඕයි..පාරේ වාහන එනවද කියලා බලන්න ඕන.

අනේ පලයන් හූ..!@#$%
කියලා හිතුවත් කට වහගෙන හිටපු මම
නැහැ අයියේ වාහන නැහැ..

හා එහෙනම් ඔහොම යනවා.

දැන් ඔන්න කොල්ලා යනවා ටිකක් දුර ගිහින් දැම්මා සෙකන්ඩ් එකට

ක්ලච් හිමින් දෙනවකො එක පාරට නොදී..

හා අයියේ.
මූ මහා ගිනිපුක් කාරෙක්නේ යකෝ මුට කොහිල කටු පිටින් තම්බලා දෙන්න ඕන.කියලා මම හිතින් හිතුවා.

දැන් යද්දී පාරේ වාහනයක් ස්ලෝ එකේ යනවා.මට කිව්වා දකුණෙන් ඉස්සර කරන්න කියලා මම දකුණට වීල් එක කරකවද්දී
දානවා හලෝ සිග්නල්! සිග්නල් දාන්නේ මමද? ආ? මමද සිග්නල් දාන්නේ?

යකෝ ඉතින් කියන්න එපැයි බොල සිග්නල් දාන්න කියලා.කිව්වා නම් මම නොදා ඉන්නවා ඈ?පිස්සෙක්.

කියලා හිතින් හිතුව මම සිග්නල් දාලා රූන් කුරුල්ලා වගේ ගියා.ඊට පස්සේ රිවස් එකක් ගහන්න කිව්වා.
මට ඕවා කියලා දුන්නේ පලවෙනි දවසේ විතරයි දෙවෙනි දවසේ ඉඳන් අපි ඒවා තනියෙන් කරන්න ඕන.ධනාත්මක චින්තනයමෙව්වා කරන් ආවත් හරියන්නේ නැහැ බැනුම් අහනවා අහනවා ඉවරයක් නැහැ.රිවස් එක දෙපාරක් අරගෙනත් මූට හිතට හරි නැහැ.මටත් හරි නැහැ තමා එත් ඉතින් හරියට ඉවසීමෙන් කියලා දුන්නා නම් ඉවරනේ.

බැනුම් අහලා අහලා ඔන්න නියමිත දුර ගිහින් අනිත් කොල්ලට දුන්නා.මම හොඳයි අෆ්ෆා මට ට්‍රයල් තියෙන්නේ අප්‍රේල් වල එත් මේ බුවාට ලබන මාසේ 5 ට්‍රයල් ඒත් ඒ යකා බැනුම් ඇහුවා හයියූ දුකේ බැහැ.ඒකට දකුණට සිග්නල් දාන්න කිව්වම වමට දානවා.ක්ලච් එක පාගන්න කිව්වම ගෑස් දෙනවා.සෙකන්ඩ් එකට දාන්න කිව්වම තර්ඩ් එකට දානවා.පව් අෆ්ෆා බැනුම් අහපු තරම මතක් වෙද්දීත් මට දුකයි.බලන් යද්දී මගේ ධනාත්මක චින්තනය වැඩ කරලා ඒකද කොහෙද මම එච්චර බැනුම් ඇහුවේ නැත්තේ.

ඔහෙන් කොහෙන් හරි ලර්න් වෙලා අපිව ගෙනල්ලා බැස්සුවම මම ගියා මාකට් එකට.එතනට ඇවිත් බලද්දී  මගේ පර්ස් එක නැහැ හයියූ සල්ලි පර්ස් එක වෑන් එකේද කොහෙද.ඌ අපිව බස්සලා වත්තල ගිහින් ඌ එනකම් මම පැයක් ටවුන් එකේ පොළ පැත්තේ වටයක් ගගහා හිටියා.අතේ සල්ලිත් නැහැ ඒත් මම බඩු ගන්න වගේ එළවලු,පලතුරු අල්ල අල්ල ගණන් අහනවා.

ගන්න මහත්තයා 250 විස්සයි දඹල.

උන් ගණන් කියනවා මම වැඩියි කියලා යනවා.එක තැනක් කොහිල අල තිබ්බා මට හිතුනා අරූට මිටියක් ගිහිල්ලා දෙන්නත් ඒත් හරි නැහැනේ ආයේ උගේ මූණ බලන්නත් එපැයි.

ඔය අස්සේ කීර විකුණන ගෑණු කෙනෙක් මට බැන්නා මහත්තයා ගන්නවා නම් ගන්නකො නැත්තම් අනිත් යට ඉඩ දෙන්නකෝ කියලා.අනේ මුන්ගේ ගණන් බලහල්ලකෝ කීර නැතුව දිව ගිලෙන්න ආවත් තොපෙන් නම් කීර ගන්නේ නැහැ කියලා හිතුව මම එතනින් මාරු වුනා.ටවුම කියන්නෙත් මහා ආතල් තැනක්.

පස්සේ ආයේ ගිහින් පර්ස් එකත් අරන් ධනාත්මක චින්තනය හිතේ තියාගෙන බස් එකේ ගිහින් පයිනුත් ගෙදර යද්දී අපේ මාමා ඇවිත් ලැට් වලක් කපන්න එක්කන් යන්න ඒගොල්ලන්ගේ ගෙදර.

ඔන්න බලන්නකෝ ඉතින් අපිට ධනාත්මක චින්තනය නිසා ලැබුන දේවල්.මේ පෝස්ට් එකේ වුනත් ධනාත්මක චින්තනය කියලා කීපාරක් තියෙනවද කියලා හොයලා බැලුවොත් වැටහෙයි මම හෙන ධනාත්මක චින්තනය සහිත පොරක් කියලා.ඔයාලත් හැමදාම ධනාත්මක චින්තනය සමග ඉන්න ජීවිතය ජයගන්න.



78 comments:

  1. danathmaka chinthana kaaraya rajata kade yana eka nam sira kathawa. sagara wikunana kollo kello paw.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත සහෝ අහිංසක කෙල්ලෝ කොල්ලෝ ගෙවල් ගෙවල් ගානෙත් යනවා

      Delete
  2. danathmaka chinthana kaaraya rajata kade yana eka nam sira kathawa. sagara wikunana kollo kello paw.

    ReplyDelete
  3. හහැහා සිරවටම වෙන වෙන ඔප දුප නැතිව උදේම මේ වගේ පොස්ටුවක් කියවන්න ලැබුන එක හොදයි , :D

    ReplyDelete
    Replies
    1. :) ඔව් බන් ගූ ගොඩවල් ගාවට ගිහින් අපිත් ඕවා ගාගන්න ඕන නැහැනේ.

      Delete
  4. Blog ekak naha, ea unata follow parak danada?
    Jayawewa

    ReplyDelete
    Replies
    1. අනිවා සහෝ
      බ්ලොග් එකක් තියෙන්න ඕනෑම නැහැ!

      Delete
  5. උදේ පාන්දරම මේක කියෝල ධනාත්මක චින්තනයෙන් අද දවස ගතකරන්න පුලුවං වෙයි වගේ.

    වැරදුනා, වගේ කියන්න හොඳනෑනෙ. ගතකරන්න පුලුවං.

    ReplyDelete
    Replies
    1. ඔය තේරුණේ යස අගේට :)

      Delete
  6. ඉති බන් බනින උන්ට උඹත් බැනපන්. උඹේ මූන දැක්කම මල පනින මූනක්ද දන්නෙ නෑ තියෙන්නේ. මම නම් මුලින් ජොබ් වලට ගිය කාලෙත් ඩිරෙක්ටර්ලට හිටන් කියලා තියෙනවා කතාකරන්න ඉගෙන ගන්න කියලා. හිංගලෙනුයි ඉන්සිරිසියෙනුයි දෙකෙන්ම..

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක හදිසියෙන් වගේ කියවලා තියෙන්නේ.ඌ මට විතරක් නෙවේ අයියා හැමෝටම බනිනවා ඉගෙන ගන්න ඕන හින්දා කටපියන් ඉන්නවා ට්‍රයලුත් ගිහින් ඉවර වෙලා අන්තිමට ගුරු පඩුරු වශයෙන් ඇඩෙන්න මොනවා හරි දෙනවා.එතකොට ආයේ කාටවත් බනින එකක් නැහැ.

      Delete
    2. පිස්සුද බන්.. උන් ඕක සම්ප්‍රදායක් කරගෙන තියෙන්නේ. බය නැතුව කියපන්. බූරුවා කතා කරන්න ඉගෙන ගනින්. මම තොගෙන් නිකන් ඉගෙන ගන්නෙ නෑ. සල්ලි දීලා ඉගෙන ගන්නේ කියලා. ආයෙත් උඹට ජීවීතේට ඔය කියන විදියට කතා කරන එකක් නෑ. අපේ සමාජය පිරිහිලා තියෙන්නේ. වැරද්ද පෙන්වා නොදෙන නිසා. අන්තීමේදි වැරද්ද සම්ප්‍රදාය වෙනවා. මේවා ධනවාදිවල උගන්වන්නේ නෑ. මේ මාතලන් මෙතඩ්ස්...

      Delete
    3. මාතලන් මෙතඩ්ස් එහෙනම් මාත් අනුගමනය කරනවා ඈ.හැබැයි ඌ ඊට පස්සේ මට ඩ්‍රයිවින් උගන්වන එකක් නැද්ද දන්නේ නැහැ.

      Delete
    4. භය නැතුව කථා කරහන් ඔය මාතලන් කියනවා වගේ...මම නම් කටපියාගෙන ඉන්නෙ නෑ...

      Delete
  7. චින්තනය හිතේ විතරක් තිබිලා හරි යන්නේ නැ.ක්‍රියාවෙන් කරන්න කරන්න ඕන.කොහොම උනත් ධනාත්මක චින්තනයත් වෙළඳ භාණ්ඩයක් උනාට තමන්ගේ ජිවිතයට විඳවන එක අඩු කර ගන්න සුභවාදීව ජිවිතය දෙස බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අනිවා අක්කා ස්තුතියි කමෙන්ටුවට!

      Delete
  8. හිනාකාල පන යනව
    මේ මදෑ - "දවසම සතුටින් ගතකරන්න උදෙන්ම මඩිස්ස බලන්න" - මේං මගේ පොසිටිවාත්මක චින්තනය
    ජය!

    ReplyDelete
    Replies
    1. :) කාවහරි හිනස්සන්න පුළුවන් නම් ඒකත් ඇති.

      Delete
  9. චින්තන ඔක්කොම එකයි බං... රෙද්ද!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. තව චින්තන තියෙනවද බන්? :)

      Delete
  10. attama tama boru chintanayak nisa gamwala inna kollange kellange mole kala unge ate tiyana tuttuwath gannawa

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ උනුත් ගෙවල් ගෙවල් ගානේ රස්තියාදු වෙනවා සඟරා මිටි උස්සගෙන.

      Delete
  11. ධනාත්මක චින්තනය - ඉස්සර සාපෙ කරන කාලේ ඕක මට පිස්සුව වගේ ඔලුවට වැදිලා තිබුනේ. අපේ ස්කෝලෙට ආව මහාචාර්ය කෙනෙක් කිවේ ඕක ඉගෙන ගන්න විභාගේ පාස් වෙන්න කියලා. "යැස් අයි කැන් වින් ". පෑනක් හම්බුනොත් මම ලියන්නේ ඕක. ඇත්තටම ධනාත්මක චින්තනය හොඳයි බං..හැබැයි ඉතින් ජෝක් එකට නෙමෙයි බොලා මේ කරලා තියනවා වගේ.

    ටවුම කියන්නේ ආතල් ස්පොට් එකක් තමයි මඩියා..හෙහ් හෙහ් ...වාහන පදින්න පුළුවන් එකාටත් පදින්න බෑ බං උගන්වන එකාගේ මුණ දැක්කාම. ලර්නස් කරන එකාට මල පනින එක කොහෙත් එකයිද කොහෙද බන්...!!!

    ReplyDelete
    Replies
    1. කව්ද යකෝ ජෝක් එකට කරේ? මන් සිරාවට එහෙම හිතුවේ :/

      ඔව් බන් සහතික ඇත්ත මටත් ඕක හිතුනා.ඌ සද්ද නැතුව කටපියන් ඉස්සරහ බලන් හිටියා නම් මට අගේට වාහනේ අරන් ඕන පාරකින්,ට්‍රැෆික් එකක් අස්සෙන් ගියාහැකි එත් මූ කියවද්දී ඒවාට ඇහුම් කන් දෙන්නයි ඒවා ක්‍රියාත්මක කරන්න වුනාම මොලේ වෙහෙසට පත්වෙනවා.

      Delete
  12. බොට ගහනවා, ඊයේ මමත් මේකම ලීවා පෝස්ට් එක, හැබැයි තව තව ඒවා හුගක් එක්ක... පස්සේ පෝස්ට් කොරන්නම්... කොහොම වුනත් ධනාත්මක චින්තනය මාත් පිළිගන්නවා හුගක්ම,, ඒවා ක්‍රියාතත්මක වෙන්නේ හැබැයි සිතිවිලි එක්ක, සිතිවිලි චංචල නම් කොයිතරම් ධන වුනත් වැඩක් නෑ,,

    ReplyDelete
    Replies
    1. මට ගහන්න? ඒවා හඳේ අක්කේ :D

      සිතුවිලි නම් චන්චලයි අෆ්ෆා ඕක නිශ්චල කරගන්න එක තරම් අමාරු දෙයක් ලෝකේ නැතුව ඇති.

      Delete
  13. ඇත්තමයි මාතෘකාව නැගල යන එකක් දාන්න තිබ්බෙ..!
    පෝස්ට් එක හොඳටම හොඳයි බං..! නියම උපහාසෙ..!!!

    මම සමහර දවස්වලට කොලඹ ගිහින් එනකොට බස් වලට නගීනවා..පට්ට කෑලි ටිකක් බුරිය හොඳට පේන්න සාරිය ඇඳල.. ඕය මොලේ සඟරාව තමා ගේන්නෙ...බලන්න එපෑ උන්ගෙ කටේ සද්දෙ..මවල දෙන්නෙ..කොල්ලෙක් ඉන්නව නම් ලඟට ඇවිල්ලම හේත්තු වෙනව..අනේ ..ඕය ගන්නෙ සඟරා..මෝඩ හැත්ත.

    ReplyDelete
    Replies
    1. :) හිතේ ප්‍රශ්නයකින් මේක ලිව්වේ නැත්තම් තවත් රස කරන්න තිබ්බා අයියා.
      ඔව් බස් වල සාරි ඇඳ ගත්තු කෙල්ලෝ හෙන මිත්‍රශීලියි සඟරා විකුණගන්න.මටත් ඕකක් බටර් ගෑවා.කටේ සද්දේ මුළු බස් එකටම ඇහෙනවා.සඟරා ගත්තේ නැති නිසාද මන්දා අන්තිමට මුහුණ කිසිම හිනාවක් නැතුව බැස්සා බස් එකෙන්.

      Delete
  14. //අද ලියන්න යන පෝස්ට් එකේ හෙඩිම දැක්කම වැඩිය කව්රුත් මේ පැත්තේ එන එකක් නැහැ මොකද ඒක ඒ තරන්ම අප්‍රිය කාරණයක්.අනික අර හිට්ස් කියන ඒවත් බොහොම අඩුවෙන් හම්බ වෙන මාතෘකාවක්!.//
    ඔහොම නෙමෙයි ධනාත්මකව හිතන්න, කට්ටිය එයි කමෙන්ට් කරයි,හිට්ස් වැඩිවෙයි.

    ReplyDelete
    Replies
    1. :)

      ධනාත්මක චින්තයෙන් මැරුණු මිනිහෙක්ට පන දෙන්න බැහැනේ අයියා.
      (උපහැරණයක් විතරයි.)

      Delete
    2. උඹේ පෝස්ට් ගැන විචාරය අනිත් උන්ට කලින් උඹම කරන එක කැතයි මලේ...

      Delete
  15. Foolishness

    ReplyDelete
    Replies
    1. ඔබලා වගේ ප්‍රබුද්දයන්ට අපේ ජීවිත එහෙම වෙන්න ඇති පේන්නේ.ඒත් මොනා කරන්නද මේ අපේ ජන්ම පුරුදුනේ :)

      Delete
  16. උඹ මොකද කොල්ලෝ ලර්නස් කාරයා බනිනකල් කට වහගෙන ඉන්නේ, බනපිය හොඳ කුණු හබ්බ දෙකක කියලා, අයි යකෝ. උඹ පිනට ඉගෙනගන්න යනවා නෙවේනේ? බර ගානක් ඕකුන්ට ගෙවනවානේ, ඉතින් මොකටද බැනුම් අහන්නේ.

    එක දවසක් මම දොස්තරයෙක් (consaltant) ලඟට ගිය වෙලේ මු මට බැන්නා. මම දුන්නා උට අයේ උගේ ලඟට එන එකෙක්ටවත් බනින්නේ නැති වෙන්න, අයි බන් අපි බුන්ට දාස් ගණන් ගෙවන්නත් ඕනේ මුන්ගෙන් බැනුම් අහන්නත් ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඉගෙන ගද්දි ඒ යකා මොකෙක් වුනත් මගේ ගුරෙක්නේ අයියා.ගුරාගේ හිත රිද්දන්න මට හිතෙන්නේ නැහැ.ඒත් කවදාහරි ඔතනින් අයින් වෙද්දී ඕවා මතක් කරලම අයින් වෙනවා.ලයිසන් එක ගන්නත් එපැයි කොහොම හරි.

      Delete
    2. එකත් හරි මලයා.

      Delete
  17. හික්ස්ස්... සිරාවටම මටත් ඕක කාලයක් හෙනටම ඔළුවට ගහලා තිබ්බෙ. ධනාත්මක චින්තනය ගැන පොත් පවා ගෙනැල්ලා කියෙව්වා...ඒථ් ඒවායෙ තියෙන දේවල් ක්‍රියාතමක කරන්නයි බැරි ව්උනෙ... ඔය චින්තනයේ ඇත්තක් නැත්තෙම නෑ.. ඒත් ඉතින් ඕක ක්‍රියාතමක කරන්න අපි කරන දේවලුයි වැරදි!!!

    ReplyDelete
    Replies
    1. ඔව් අෆ්ෆා ඕවා ක්‍රියාත්මක කරන එකනේ අමාරු.ඕවා දේශනා කරන අය නම් කියනවා මෙහෙම කරන්න මෙහෙම කරන්න කියාලා.

      Delete
  18. ධනාත්මක චින්තනනං අප්පිරියයි බං ඇහෙනකොටත්...
    තුඃ විතරක්...
    උබලා ලර්නස් යන්නේ අපි වගේ ස්වයං අධ්‍යනයේ යෙදුනනං ඉවරනේ...
    ඔය වින් ඩීසල්ලා එහෙම ෆාස්ට් ෆියුරියස් එකේ එලවන්නේ ලර්නස් ගිහිංද???????

    ReplyDelete
    Replies
    1. අපිට කොහෙන්ද බන් වාහන? අපි ස්ව උත්සාහයෙන් දියුණු වෙන මිනිස්සුනේ.ඉතින් අපේ වාහන තාම ෆැක්ටරි වල නිර්මාණය වෙනවා.අනාගතයේදී ඒවා අපි මිලදී ගන්න ඉන්නේ.(දැක්කනේ ධනාත්මක චින්තනය මගේ?)

      Delete
  19. ඇත්තෙන්ම ධානත්මකව හිතන එකේ වරදක් නෑ. රිනාත්මකව හිතන උන්ගේ වැඩවල හැටි බලපං. උන්ගෙන් වැඩක් ගන්න පුලුවන්ද, උන්ගෙන් උන්ටවත් වැඩක් තියෙනවද කියලා.

    ඒක නෙවෙයි. මේක නම් උඹේ හොඳම ලිපියක්. හාස්‍ය රසයෙන් අනූනයි.

    ඇයි බං ඔය ලර්නර්ස් එකේ ඉන්ස්ට්‍රක්ටර්ස්ල ඔච්චර බලු විදියට කතා කරන්නෙ? උඹලා සල්ලි දීලා නේද ඉගෙනගන්නෙත්? උඹලා අරූට කියාපංකො මනුස්සයින්ට වගේ කතාකරන්න කියල. නැත්නම් ලොක්කට පැමිණිලි කරපං. ඌ නම් ලොක්කා ආපහු සල්ලි ඉල්ලගෙන වෙන තැනකට පලයං.

    මම නම් වාහන එලවන්න ඉගෙනගත්තෙත් අවුරුදු නමයෙදි විතර තනියෙං.



    අනික තාම හෑන්ඩ් සිග්නල් දාන්නත් ඕනෙද?

    ReplyDelete
    Replies
    1. පෝස්ටුව ගැන කියපේ දෙයින් ප්‍රීති ප්‍රමෝදයට පත්වුනා :D
      සල්ලි දීල ඉගෙනගත්තත් ඒ යකා ගුරෙක්නේ මට.අයියෝ ගුරු සිත නොරිදවා කියන එක මට අමතක කරන්නම බෑනේ.ඔව් තාම හෑන්ඩ් සිග්නල් බලනවා ට්‍රයල් හිටන් ෆේල් කරනවලු හෑන්ඩ් සිග්නල් දැම්මේ නැත්තම්.

      Delete
  20. හැම ලර්නස් කාරයෝම යකෝ .. මේ වගේද ? +ත්මක චින්තනයෙන් ශම්මි කොල්ල නම් ජය අරන් :D

    ReplyDelete
    Replies
    1. සමහර ලර්නස් වල අය එහෙම නැහැ එත් කරුමෙට මට සෙට් වුන ලර්න්ස් එකේ ය මෙහෙම වුනානේ :(

      ශම්මි කොල්ලෙක් නෙවේ කෙල්ලෙක්!

      Delete
  21. වල් පල් දොඩනවට වඩා මේකනම් හොදට ලියල තියනවා.මගේ ගාව තියනවා ධනාත්මක වාක්‍ය තියෙන පොතක්.පොඩි පොතක් වුනාට ඒකෙ නියම අදහස් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ආහ්හ් එහෙමද මලයෝ? හොඳා හොඳා ඔය ක්‍රම වලින් ජීවිතේ අනිවා ජයගන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

      Delete
  22. ඒකනෙ බන්.. මාත් මේ අහන්න කියලා හිටියෙ.. මේ 21වෙනි සත වරුසෙ මොන හෑන්ඩ් සිග්නල්ද බන්..

    බනින එකනම් මෙහෙත් එහෙම තමා... මමත් පහුගිය දොහේ ඇති පදම් බැනුම් ඇහුවා.. උගන්නන එකාගෙන්.. ඒත් ඌනම් වැරැද්දකට බනිනවා විතරයි.. ඊට පස්සෙ ආයේ හොඳට කතා කරනවා.. මේක කියවපුවම මට හිතුනෙ මේ යකා හිතේ තියාගන දවසෙම කෝන්තර පිරි මහනවා කියලයි.. ඔන්න ඔය චින්තනේ ඌට උගන්නපන් නිශානයෝ.. එතකොට ඉගන ගන්ඩ එන උන්ගෙ ජීවිත නිකන්ම ධනාත්මක වෙයි.

    ReplyDelete
    Replies
    1. මේ යකා නම් දවසෙම කෝන්තර තමා අපෙන් පිරිමහන්නේ.අවුල නැහැ දැන් ඉතින් බැඳ ගත්ත බෙරේ ගහනවා.ඔව් අයියා ට්‍රයල් පෙන්වද්දී හෑන්ඩ් සිග්නලුත් බලනවලු

      Delete
  23. ධනාත්මක පෝස්ටුවක් මචං.. (කිව්වා හරිද මන්දා) ;)
    බලපන් මං කොච්චර හිනා වුනා ද මේක කියවන ගමන්. මේකට දාන්න තිබ්බේ හීන් ටොක්ක වගේ ටයිටලයක් :)

    ReplyDelete
    Replies
    1. හික්ස් එළනේ බන්.හිනා ගියා නම් එච්චරයි.

      Delete
  24. හැමදාම උදේට මේ වගේ හොද පෝස්ට් එකක් දාපං.. අපෙත් චින්තනේහොද වෙන්න..

    ReplyDelete
    Replies
    1. මේක දැම්මේ ඊයේ උදේ :D

      Delete
  25. මේ ක්‍රමේ මමත් අනුගමනය කරලා බලන්න ඕනේ. හැබැයි මලේ අර ලර්නර්ස් කාරයනම් පට්ට හු යන්නක් අප්පා.

    ReplyDelete
    Replies
    1. ඔව් අෆ්ෆා ඌ නම් දැන් මතක් වෙද්දීත් අප්පිරියයි ආයේ අඟහරුවාදාට යන්නත් තියෙනවා :(

      Delete
  26. ධනාත්මක චින්තනය !

    ඇහෙන කොටත් හිනා යනව බං. ඕක ගොන් විදියට මාකට්කරන්න ගිහින් දැන් මිනිස්සුන්ට නිකන් විහිළුවක් වෙලා. නැත්නම් ධනාත්මකව හිතනව කියන එක හරි වැදගත්. ඒක ගානක් වියදම් වෙන වැඩක් නෙවිනේ. අපිටම පහසුවෙන් කරන්න පුළුවන් වගේම සමහර කාරණාවලදි හිතට සහනයකුත් වෙනව.

    ReplyDelete
    Replies
    1. මට නම් ඕක ඇහෙද්දීම හිනා යනවා.අනික ඕක මාකට් කරන්න අර මනුස්සයා දඟලන දැගලිල්ල දැක්කම පව් කියලත් හිතෙනවා.

      Delete
  27. "අනික අර හිට්ස් කියන ඒවත් බොහොම අඩුවෙන් හම්බ වෙන මාතෘකාවක්!." හිට්ස් ඕනද?

    මම දන්න විදිහට ඔය සඟරාවේ නිර්මාතෘ අරුණි අක්කගෙ තාත්තා..

    ධනාත්මක චින්තනය මුලින් ඉගෙනගෙන ඉන්න දරුවා.. :)

    මනස නම් පිස්සු විකාරයක් කියලයි මට හිතෙන්නෙත්..

    ReplyDelete
    Replies
    1. හුටා අර අරුණි ශපිරෝ? කියන අක්කද? මලා නඩු දායිද දන්නෙත් නැහැ.

      Delete
    2. "මනස" සඟරාවෙ ආරම්භකයා සුමනදාස සමරසිංහ කියලා කෙනෙක්.. උඹ ඔය කිව්වෙ "මනස" සඟරාවයි, එයා ගැනයිද ? මම දන්න විදිහට එතුමා දැන් මිය ගිහින්..

      Delete
    3. සුමනදාස සමරසිංහ නම් වූ අපූර්ව පුද්ගලයා

      නමුත් දැන් සඟරාව කරන්නේ වෙන කෙනෙක්..

      Delete
    4. හපොයි එහෙමද ?

      මම ඒ දවස් වල "මනස" සඟරාව වරද්දන්නැතුව කියෙව්වා.. ඒකට සෙට් වෙච්ච මගෙ යාලුවෙකුත් හිටියා.. අපි මෙතුමගෙ දේශන හොයන් ගිහින් සහබාගි වෙලා තියනවා..මෙතුමා පොත් කිහිපයකුත් පල කළා වගේ මතකයි..

      ඇරුණි ශපිරෝගෙ පියා කියලා ඔන්න දැන් තමයි දන්නෙ. එතකොට දැන් සඟරාව කරන්නෙ කවුද ? එයාගෙ පුතෙක්ද ?

      Delete
    5. දැන් කරන මනුස්සයා නම් කව්ද කියන්න මම දන්නේ නැහැ ඒ වුනාට බොහොම නිවිච්ච පෙනුමක් තියෙන්නේ.හැබැයි ඉතින් මලින්ද මාමාට කඩේ යන එක නම් ජයටම කරනවා.

      Delete
  28. ඉඳුනිල් අය්යා....2/24/13, 12:58 PM

    ලර්නර්ස් එකේ අය්යා වැඩිපුර බැන්නේ උඹට නෙමෙය් කියල ෂුවර්ද???? :P

    ReplyDelete
  29. goda kalekin awe blog kiyawanna
    maru kathawa
    apiwa mathakada danneth na

    ReplyDelete
    Replies
    1. කව්ද මේ? මට මතක හැටියට අර ඉන්දියාවේ ගිහින් කාණුවකින් නාපු කොල්ලා නේද? :P

      Delete
  30. ගම්පහට ළග නම් වරෙන් ගම්පහ...හොද ලර්නර්ස් තියෙනවා මෙහෙ... හොද උපදේශකයො ඉන්න...

    ReplyDelete
    Replies
    1. දැන් පරක්කු වැඩියි අයියා.සල්ලිත් බාගයක් දීලා තියෙන්නේ ට්‍රයලුත් අප්‍රේල් 30

      Delete
  31. මේ.. ඔය ලර්නර්ස් එකේ නමත් දාන්නකෝ.. එතකොට මීට පස්සෙ බැනුම් අහන්න ඉන්න අය වත් බේරෙයි නේ.. මට ඔය වගේ උනා නම් ලයිසන් ඕන්නෑ කියල දමල ගහල එයි.

    ReplyDelete
    Replies
    1. මේක රාගම තියෙන එකක් සහෝ

      Delete
  32. ඔය ට්‍රයල් බලන්න එන එවුනුත් හෙන ජරා සත්තු කියලා නේද කියන්නෙ?

    උන් හරියට පගාව ගන්නවාලු.

    ට්‍රයල් ගියපු මගේ යාළුවෙක් පුදුම කතාවක් කිව්වනෙ.. එතන හිටියලු රට යන්ඩ ඕන නිසා දවස් කීපයකින් ලයිසන් එක ඕනෑ වුන තරුණ ගෑණු කෙනෙක්.. ඒත් අර මිනිහා එයාව ෆේල් කරලා.. පාස් කරලා දෙන්න නම් එක තැනකට එන්ඩ කිව්වා කියලා අඬ අඬ හිටියා කියලයි ඌ කිව්වෙ..

    ඇත්ත බොරු මන්දා?

    ReplyDelete
    Replies
    1. ලර්නස් එකෙන් ගානක් ගෙවනවලු ලර්න්ස් එකෙන් ඉදිරිපත් වෙන උන්ව පාස් කරන්න.ඇත්තද බොරුද දන්නේ නැහැ.අර උඹ කියපු දේ ඇත්තක් නම් උන් මහා ජරා සත්තුනේ බන් සික් අප්පිරිය හිතෙනවා හැත්ත ගැන.

      Delete
  33. learners wala inna dial ohommamayi bn mata purudu kalae 60ka withara uncle dial ekak miniha mata banala banala hodak kiuwae trial pass wechcha dawasae witharayi bn

    ReplyDelete
    Replies
    1. මන් යන ලර්නස් එකෙත් අයියා කෙනෙකුයි අංකල් කෙනෙකුයි තමා ඉන්නේ.මේ පෝස්ට් එකෙන් කිව්වේ අයියා ගැන.අංකල් කාරයා ඊට හපන්.දවසක් මාවයි තව කොල්ලෙකුයි විතරයි ලර්න් කරන්න සෙට් වුනේ.මුලින්ම ගියේ මම.මට බැන බැන කොහොම හරි කිලෝමීටර් හතර ගියා.ඊට පස්සේ අනිත් එකාට දුන්නා.ඌට බනිද්දි මන් ගැන හොඳ කියලා ඌට බනිනවා.ඌට කියනවා අර ළමයා නම් ටක් ගාලා අල්ලගත්තා තමුසෙට තමයි බැරි කියලා. :). ඒ වුනාට ඒ අංකල් ට වඩා අයියා ටිකක් හරි හොඳයි.අනේ මන්දා මුන්ට ටිකක් මානුෂිකව මිනිස්සු ගැන හිතන්න පුළුවන් නම්!

      Delete
  34. ධනාත්මක චින්තනය පැත්තකින් තියමු. කුණු කතා බ්ලොග් කරලා ගන්න ආතල් එක මොකක්ද ඔයා ?

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!