Thursday, February 09, 2012

20 නයෙක් කළ හදියක්!!!

මගේ අතිජාත මිත්‍රයෝ තුන්දෙනා ඉන්නේ මගේ ගේ ඉස්සරහා පාරෙන් එහා පැත්තේ එකම පේලියේ තියෙන ගෙවල් තුනේ.
       දැන් දවස් දෙක තුනක ඉදලා කොහේ හරි ඉදලා ආපු නයෙක්
මේ ගෙවල් තුනේම වත්තෙන් වත්තට පැන පැන හිටියා.ගම් වල වගේ නෙවේ මෙහෙ නයෙක් කිව්වම අති බිහිසුණු සතෙක්.වත්තක නයෙක් ඉන්නවා කිව්වම ඒ වත්තට යන්නත් ගෑණු කට්ටිය එහෙම හෙන බයයි.කොහොම හරි මේ මාත් ටිකක් විතර බයයි ඉතින්.
         මේ නයා කොහෙන් හරි මතු වෙනවා ආයේ හැංගෙනවා.මූව හොයන්න අපි කට්ටිය මාර ගේමක් දුන්නා ඒත් හරි ගියේ නැහැ.නයා මේ ඉන්නවා මේ නැහැ.කොහොම හරි මූත් අපිට වද දිදී හැංගි හැංගි ඉන්නවා. මේකව අල්ලන්න ආවා අපේ පැත්තේ ඉන්න නයි අල්ලන් කොහෙටද මන්දා ගිහින් දාන මනුස්සෙක්.(සල්ලි ගන්නවා ඈ.එක නයෙක්ට 1200යි.)අනේ මේ මනුස්සයට කෝල් කරපු ගමන් එනවා.ආයේ හොයාගන්න බැරි වුනාම හිස් අතින් යනවා.අපි මෙයාට නිකන් නමක් දාමුකෝ නයි හාමි කියලා.:)

 අනේ අපිත් ඉතින් මූව(නයා) දැක්ක වත්තේ දවසම හොයනවා දාගෙන.ඒකෙන් මේකෙන් මූ හින්දා වතු තුනම දවස් තුනෙන් පට්ටෙට සුද්ද වුනා අපේ අහිංසක මහන්සියෙන්.

කොහොම හරි අද උදේ මිත්‍ර ද්‍රෝහියෝ තුන් දෙනාම ගෙවල් වල නැහැ.කොල්ලෙක්ට කීලා ඉන්නේ අහිංසක මං විතරයි.
එක පාරට ගෑණු කෙනෙක් කෑගහන සද්දයක් ඇහුනා.බලද්දී ආයිත් පාරක් යාලුවෙක්ගෙ ගෙදරින් නයා මතු වෙලා.මේ පාර නම් පුතෝ වැඩේ සීරියස් නයා මේ පාර ගේ ඇතුලට ගිහින් සිවිලිමට නැගලා.

ළහිරු කියන යාළුවගේ ගෙදර තමා දැන් මූ ඉන්නේ.මං පටස් ගාල මූට කෝල් කරා.ඌ අම්මට බයිලා ගහල කෑල්ලව හම්බෙන්න ගිහින්.
මූ කියනවා මොකක් හරි කොරපන්ලු ඌ ටක් ගාලා  එඤඤම්ලු.ඉතින් මං ටක් ගාලා සුරේෂ් කියලා අයියා කෙනෙක් එක්ක ගියා නයි හාමිව එක්කන් එන්න එයාගේ නම්බර් එකක්වත් මා ගාව නෑනේ.

ගිහින් පොරව එක්කන් ආවා.දැන් පොර ඉනිමගක් තියලා සිවිලිමට නගිනවා.එතන ලහිරුගේ අම්මයි,අක්කයි,තවත් ගෑණු ගොඩක් පිරිලා ගෙයි .මටවත් ගේ ඇතුලට රිංගන්න බැහැ.

දැන් නයි හාමි සිවිලිමේ කැඩුණු තැනින් ඔලුව ඇතුලට දානවාත් එක්කම මේ යකා කෑගැහුවානේ.නයි හාමිගේ කෑගැසිමත් සමග ලහිරුගේ මවද ඔහුට සහය පළ කරමින් ගම දෙවනත් වන ආකාරයේ යටිගිරියෙන් කෑගැසීමක් කළහ. 
 එවිට ගෙයි පිරි සිටි බවලත් උදවිය මීටර් සීය දුවන්නාක් මෙන් එලියට දිව ආවාය.ඇතුලට රින්ගීමට නොහැකිව උළු වැස්සෙන් බෙල්ල දාගෙන හිටි මාත් දුවන්න ගත්තා.අර සුරේෂ් කියන අයියාත් මාත් සමගම දුවන්න ගත්තා.
එතනින් පටන් ගත් අපේ දිවිල්ල නතර වුනේ පාරටම ඇවිත්ය.එළියේ රොක් වී බලා සිටි කස්ටියද දිව්වාය.

මක්කක්ද බොල වෙලා තියෙන්නේ??.නයි හාමිට නයා ගහලාවත්ද?
මං ආයේ බයෙන් බයේ වත්තට පියමං කළා ය.ඈහ්හ් මේන් බොලෙ නයි හාමි බක බක ගාල හිනා වෙනවා ගෙයි ඇතුලේ ඉදන්.

කුමක්ද  සිදු වුයේ???
නයි හාමි ඉනිමගෙන් නගිද්දී පොලොව ලගදි දවසක පොලිස් කරලා හින්දා ඉනි මග පොඩ්ඩක් ලිස්සලා පස්සට ඇවිත් ඒකයි පොරට කෑගැහිල තියෙන්නේ.මේ සිද්දියෙන් අන්තිමට නයා බලන්න ආපු කස්ටියට ලේ පිරිසිදු වෙන්න හොදට හිනා වෙන්න පුළුවන් වුනා.(මට තාමත් හිනා.)

සීන් එක ඇසු මට එවෙලේ බකස් ගාල හිනා ගියා.අන්තිමට හිනාව නවත්ත ගන්න බැරුව බිත්තියට අත තියලා.අතට ඔලුව තියලා හිනාව නතර වෙනකන්ම හිනා වුනා.අන්තිමේදී ලහිරුගේ අම්මගෙන් බැනුනුත් ඇහුවා.:(

(කොහොම හරි එවේලේත් නයා මිස් වුනා.ඒත් හවස නයාව අල්ලගන්න පුළුවන් වුනා.)

20 comments:

  1. දැං නයිංගෙ ටෙක්නික්ස් එක්ක හැප්පෙන්න අමාරුයි! :D

    ReplyDelete
    Replies
    1. නයින්ටත් ටෙක්නික්ස් තියෙනවා කියලා දන්නේ අදයි. :D

      Delete
  2. මූ නම් පොඩි නයෙක් වෙන්න ඕනා. මිනිස්සු අරින නයි දැක්කම මට එහෙම හිතුනා. හික්ස් :)

    මොනා උනත් මලේ නයාව අල්ල ගත්ත එක හොදා. නැත්නම් බයෙන් ඉන්න එපැයි !

    ReplyDelete
    Replies
    1. මූ නම් සිරා නයෙක් අයියා.නයාව අල්ලාගෙනත් ලහිරුගේ අම්මා තාම බයෙන් ඉන්නේ.

      Delete
  3. ඉණිමග ලිස්සපු වෙලේ අර මනුස්සයා වැටිලා අනතුරක් උනානම් ඒ ගැන බලන්නත් අන්තිමේ කවුරුවත් නෑ..

    ReplyDelete
    Replies
    1. සිරා....ඒක මතක් වුනෙත් දැනුයි.

      Delete
  4. අෆ්ෆේ කෑ ගැහිල්ලට නයාත් බය වෙන්න ඇති.....

    ReplyDelete
    Replies
    1. එහෙමත් වෙන්න පුළුවන් එවෙලේ ඌව හොයාගන්න බැරි වුනේ කෑගැහිල්ලට බයවෙලා හැන්ගුනාද දන්නේ නෑනේ :P

      Delete
  5. අපරාදෙ නයා පාරක් යවන්න තිබුන චෑන්ස් එක මිස් කරගත්තනේ.

    ReplyDelete
  6. ගෑණු සෙට්එක දුවපු එක හරි ඒත් නිකමා දුවපු එකනේ වැඩේ

    ReplyDelete
    Replies
    1. මං එවෙලේ දිව්වේ නැත්තන් ගෑනු කට්ටිය මාව යට කරන් දුවනවා මචං :)

      Delete
  7. මාත් පොඩිකාලෙ නයෙකුගෙන් බෙරුනේ අනූ නවයෙන්...කිකිලියෙක් නිසා......

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ බේරුනා නම් එච්චැරයි.කෑවා නම් එහෙම????ඇයි කිකිලිද නයා වුනේ????.

      Delete
  8. හිකිස්....මරු සිද්දිය...

    ReplyDelete
  9. අයියෝ බං එහෙමත් දුවනවද?...(මං හිටිය නම් ඒත් ඔච්චර තමයි බං)

    ReplyDelete
    Replies
    1. කව්රු හිටියත් එවෙලේ දුවනවා බං :P

      Delete
  10. අකුරුවල තියෙන එක එක පාටත් එක්ක මේ පෝස්ට් එක කියවන්න බැහැනේ ලොක්කා

    ReplyDelete
    Replies
    1. හරි මං ඒක හැදුවා

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!