ඔයා දන්නවද ඔයා තමයි මගේ මුළු ජීවිතේම මගේ හිතේ ඔයාට තියෙන ආදරේ කියලා නිම කරන්න බැහැ.මට එක දවසක් හරි ඔයාව අල්ලන්න බැරි වුනොත් එදාට මට මාර දුකක් දැනෙන්නේ.
ඔයාව මට දවස් 2ක් දකින්න ලැබුනේ නැත්තන් මං මැරෙයි.මට නොකා නොබී මුළු දවසක් හරි ඔයා එක්ක ගෙවන්න පුළුවන්.
ඔයා ගැන මං යාළුවො එක්ක කියන්න හරි ආසයි ඒත් මං කැමතිම නැත්තේ ඒගොල්ලෝ ඔයාව අල්ලන්න එනවට.මට ඒක දරාගන්න බැහැ රත්තරන්.ගොඩක් අය ඔයා වගේ අයව ලොකු ලොකු දේවල් වලට පාවිච්චි කරනවා ඒත් මං කවදාවත් ඔයාගෙන් ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වුනේ නැහැ.සමහර අය ඔයාව පාවිච්චි කරන්නේ විනෝද වෙන්න විතරයි ඊට පස්සේ ඔයා ගැන එයාලට ගානක්වත් නැහැ.ඒත් මට මගේ පාළුව නැති කරන මාව සතුටු කරන ඔයාව මොහොතකටවත් අමතක වෙන්නේ නැහැ රත්තරන්.
මට ඔයා නැතුව බැහැ ඒක තමයි ඇත්ත.මං මාසෙකට හම්බ කරන මුදලින් වැඩි හරියක්ම වියදම් කරන්නේ ඔයාට.ඒත් ඔයා පොඩි පොඩි දේවල් වලට සමහරක් වෙලාවට මට හරියට වද දෙනවා ඒ හැමදේම මං ඉවසගෙන ඒවා විසදලා ඔයාව ලස්සනට තියන් ඉන්නේ මගේ හිතේ ඔයාට තියෙන ආදරේ නිසාමයි.
මට ඔයා නැතුව බැහැ මං මගේ පනටත් වඩා ඔයාට ආදරෙයි මාව කවදාවත් ඔයා අසනීප වෙලා තනි කරන්න එපා රත්තරන්
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
මගෙත් මේ ආදරේට දැන් අවුරුදු 4ක් වෙනවා... ලංකාවේ ඉන්නකොට වඩා මෙයාට ආදරේ හිතුනේ ඉතාලි ආවට පස්සේ.
ReplyDeleteකෙල්ලෙක්ට ආදරේ කරනවට වඩා හොදයි බන් ඒක :D
Deleteමාර ආදරයක්නේ. කොල්ලෝ කෙල්ලන්ට වඩා මේකට නම් ආදරෙයි. ඇත්ත කීවොත් මමත් මෙයාට හරිම ආදරෙයි. උදේ නැගිට්ට හැටියෙත්, රෑ නිදන්ට කලිනුත් දුවගෙන යන්නේ මෙයා ලඟට. :D
ReplyDeleteඅපි කෙල්ලන්ටත් මේ වගේම ආදරෙයි :P
Deleteහිකිස්....මුලඉඳලම කියවනකොට හිතුන...ඔච්චර ආදරෙන් කියන්නෙ මෙයාගැන තමයි කියල.....
ReplyDeleteකවදාවත් කෙල්ලෙක්ට ඔච්චර ආදරේ කරයිද.....?....:P
ඔයිට වඩා කෙල්ලන්ට ආදරේ කොට කට්ට කා ඇත :D
Deleteමගුලක් කතා කරනවනේ.. :P
ReplyDeleteආදරේ කරාට මගුලක් නම් කරන්න බැරි වෙයි මයේ හිතේ :D
Deleteමට මෙයාල දෙන්නෙක් ඉන්නව.එක්කෙනෙක්ට ආදරේ කරන්නෙ සල්ලි නිසා...ඒක ඇත්ත ආදරයක් නෙවේ....එයා ඉන්නෙ ඔෆිස් එකේ..මේ දැන් මගේ ගාව ඉන්න මෙයාට නම් මම ඇත්තටම ලව්...!
ReplyDeleteඑක්කෙනෙක්ට හරි ඇත්තට ආදරේ කරන එක කොච්චර ලොකු දෙයක්ද? :P
Deleteඔව් නේද? මෙයාලාගේ (ලැපීලාගේ, ඩෙසීලාගේ) ආදරේට පින් සිද්ධ වෙන්න දෙයියනේ කියලා ජොබ් කට්ටක් කරන, කාලා ඇඳලා ඉන්න, පාළු මකා ගන්න, විනෝද වෙන කොටින්ම ජීවත් වෙන අය කොච්චර ඉන්නවද? අප්පා එහෙම බලන කොට ආආආආදදර්රේ කරලා මදි
ReplyDeleteඔව් කෙල්ලෙක්ට ආදරේ කරොත් ඕවා නැහැනේ :P
Deleteමේ දම්මිද?
අයියෝ... අහු උනානේ.. හිහි... ආයෙ නම් වැඩිය කියවන්නේ නැතෝ
Deleteකොහෝමද මගේ වැඩ?
Deleteබ්ලොග් එකක් කරනවද??
අනේ නැහැ. මම කියවන්න විතරයි දන්නේ. ඇනෝ කමෙන්ට්ස් දාන්නේ තාම නමක් වත් හදා ගන්න දන්නේ නැති නිසයි. ඉගෙන ගන්න දේ ගොඩයි
Deleteනමක් හදාගන්නකෝ අෆ්ෆා දම්මි කියලම.ඔයාගේ අදහස් බ්ලොග් කාරිනියකට ගැලපෙනවා ඒක මං ඔයාගේ කොමන්ට් වලින් දැකලා තියෙනවා ඕන උදව්වක් දෙන්නම්.
Deleteආදරීට උම්මා දෙන්න යන්න එපා කරන්ට් එක වැදෙයි හිකිච්!
ReplyDeletecuation :D
Deleteඔය අනිත් ආදරයට වඩා මේකට ආදරේ කොරන්න ගිහිල්ලනේ ඒකත් නැති උනේ
ReplyDeleteඒවා මැනේජ් කර ගන්න දැන ගන්න ඕන :D
Deleteමට ලැපිත් හරී මගේ පණත් හරී... :)
ReplyDeleteමලා....ඈ සාතන්...???:O
Deleteලැපී කිව්වේ නිසපුටද?.
Deleteමෙයාට ආදරේ කරලා මම නම් බැද ගත්තත් එක්ක..:)
ReplyDeleteදැන් පැටියෙකුත් ඉන්නවා :)
මම මෙයාට වගේම අපි දෙන්නගේ පැටියටත් ආදරෙයි.. :)
පැටියගෙ නම ඩොංගලේ.. :)
ඒත් වෙලාවකට නම් මුන් දෙන්නා හන්දම මට මොන්ගලේ.. :)
ඈ???? එහෙනම් මටත් පැටියෙක් ඉන්නවා නොවැ හත්හිලව්වයි
Deleteගෙදර ගියාම මේ ලව් සීන් එක නිසා බැනුම් අහන එක අනන්තයි...ඕනේ වෙලාවක ඔය ලැපා එක්ක හිනා වෙවී මොනවද කරන්නේ කියලා අහනවා...
ReplyDelete:( අපේ අම්මත් මට වෙලාවකට බනිනවා ඕකත් එක්ක ඉදලා උබ කාලේ කනවා කියලා
Delete:* හරිය....
ReplyDeleteඑල...ස්
Deleteමගෙත් දැන් මේ ආදරේට අවු.4 සම්පූර්ණයි.. තනි නොතනියට ළඟින්ම ඉන්නවා වෙන කාට ආදරේ කරන්නද.. :D
ReplyDeleteමගෙත් අවුරුදු ගානක් පරණ ලව් එක :P
Deleteමගේ ජීවිතයෙන්ම වැඩි කොටහක් ගෙවෙන්නේ මේක ඉස්සරහා.
ReplyDeleteඒ නිසා මගෙයි මේකෙයි ආදරේ ගැන ආයේ අමුතුවෙන් කියන්ඩ ඕන නෑ.
උදලු දාන්න කව්රුත් නැද්ද හැබෑට??
Deleteහිහ්.. කෙල්ලෙක් බෑ කිවද කොම්පීටරේට ආදරේ කොරාන්ඩ පටන් ගත්තේ...
ReplyDeleteඅපිට ලව් කරන්න කොයින්ද බං කෙල්ලෝ? :D
Delete