Friday, February 03, 2012

36 අඩන හැම කෙල්ලම අහිංසක නැහැ!!!!!


ඈහ් වැලන්ටයින් එකත් ලග එනවනේ ඒක මතක් වෙද්දීත් ආදරේ එපා වෙනවා අෆ්ෆා!!!.ඒ මොකෝ දන්නවද??? බූට් බූට්.




මටත් සෙට් වුනානේ කෙලි පොඩ්ඩක් දැන් කාලෙකට උඩදී.එයාගේ නම පවනි එයා මුලින්ම මගේ හොද යාලුවෙක් හැටියටයි ආශ්‍රය කරේ.හැමදාම කෝල් කරනවා මැසේජ් කරනවා.මිස් කෝල් ගහනවා හරියට මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වගේ.


ඒත් මගේ හිතේ එහෙම අදහසක් තිබ්බේ නැහැ ඇත්තටම.එයාව මට හම්බ උනේ ක්ලාස් එහෙකින්.හම්බෙලා වැඩි දවසකුත් නැහැ මාස 6ක් විතර ඇති.ඒ ටික කාලෙට තමා මෙයා මාත් එක්ක ගොඩක් ෆිට් වුනේ.


දවසක් එයා කෝල් කරපු වෙලේ කිව්වා එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් එයාට බැන්නා කියලා.මට ඉතින් ඕවයින් වැඩක් නැහැනේ.ඒත් මං ඉතින් ඕවා ගණන් ගන්න එපා කියලා කිව්වා ඇර වෙන මුකුත් විස්තරයක් වත් ඇහුවේ නැහැ.


ඊට පස්සේ එයා වැඩියෙන්ම මා එක්ක කතා කරේ එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් එයාට සලකන හැටි.එයාව සැක කරනවලු,එයාට බනිනවලු ඔය වගේ දේවල්.මං දන්න තරමින් නම් පවනි නරක කෙනෙක් නෙවේ.එයාට හිටියෙත් එක පෙම්වතෙක් විතරයි.ඒ වගේම අහිංසකයි.වැඩිය දැගලිලි තියෙන කෙල්ලෙකුත් නෙවේ.


ඔන්න දවසක් මෙයා කෝල් කරලා කියනවා ඉකි ගගහා අඩ අඩ එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක තිබ්බ හැමදේම ඉවර කරාලු,එයාට බැන්නලු 


බලන් ගියාම දෙන්නා රණ්ඩු වෙලා කොහොමින් හරි ඇෆෙයාර් එකත් කඩාගෙන.අනේ මන්දා මං ඉතින් මක්කක් කොරන්ඩද??? මං දන්න වචන අරවා මෙව්වා කියල දැන් පවනිගේ හිත හදනවා.මටත් වෙන වැඩ නැහැනේ.


ඔහොම ඔහොම දවස ගානේ පවනි කෝල් කරනවා.හැමදාම අතර මගදී අඩනවා.මටත් මේක දැන් මලම ඇනයක්.ඒත් ඉතින් මුකුත් කියන්ඩත් බැහැනේ.පව්නේ පවනි (ඔන්න එහෙම කිව්වේ වලත්ත කමකට හෙම නෙවේ හොදේ ).
ඔන්න දවස උදා වුනා මෙයා එදත් කෝල් කරා.දැන් කියනවා එයාට ජීවිතේ ලොකු පාළුවක් දැනෙනවලු,තනි කමක් දැනෙනවාලු.මැරෙන්න හිතෙනවාලු  


එහෙම කිව්වම ඉතින් මං කිව්වා ''පවනි එහෙම කියන්න එපා අනේ.ජීවිතේට ප්‍රශ්න එනවා එව්වට මුණ දීලා ජීවිතේ සතුටින් ගත කරන්න.අනික ඔයාට මාත් ඉන්නවනේ කියල කිව්වා.(මාළුවා නහින්නෙත් කට නිසානේ.)


එහෙම කිව්වම මෙයා කිව්වේ නැතෑ ''එහනම් නිශාන් ඔයාට පුලුවන්ද මගේ තනිකම නැති කරන්න??.ඔයා දන්නවද මට හම්බුන කොල්ලෝ අතරින් ඔයා තමා මට හම්බුන හොදම කොල්ලා මං මාර විදියට ඔයාට කැමතියි ඔයාට ඒක කවදාවත් තේරිලා නැද්ද  මන් ඔයාට පන වගේ ආදරෙයි.ඔය මගේම වෙන්නකෝ'' කියලා ඉකි ගහනවා.


මළා මට හිතාගන්න බැහැ දැන් මං මොකද කියන්නේ කියලා.මං එවෙලේ ගොළු වුනා.ඒත් එක්කම එයා 4න් එක තිබ්බා.


දැන් මං දස අතේ කල්පනා කරනවා.කෙල්ල ඇඩු කදුලෙන් කිව්ව හින්දා මං හිතුවා කෙල්ල අවංක හිතෙන්මයි මේක කියන්නේ කියලා.ඒත් මට ලව් ඇෆෙයාර් එකක් ඇති කරගන්න උවමනාවක් ඇත්තෙම නැති හින්දා මං ආයේ කෝල් කරලා කිව්වා  ''පවනි ඔයා හොදට හිතලා තීරණ ගන්න මොකද මේවා සෙල්ලම් නෙමේනේ ඔයාට මට වඩා  හොද කොල්ලෙක් හම්බෙයි.එතකන් ඉන්න'' කියලා.


මෙයා කියනවා ''නැහැ නැහැ නිශාන් ඔයා තරන්නම් හොද වෙන කෙනෙක් හම්බෙන එකක් නැහැ.ප්ලීස් මට කැමති වෙන්න මට ඔයා නැතුව බැහැ''කියලා අඩන්න ගත්තා.


මං ආයෙත් ගොළු වුනා.පවනි අඩනවා.මං කතා නොකලාට එයා දන්නවා මං අහන ඉන්නවා කියලා.එයාගෙන් අඩන එක හැර වෙන සද්දයක් නැති හින්දා මං එක පාරට කිව්වා හරි කියලා.


:/ දැන් ඔන්න දවස් ගානක් ගෙවිළලු හොදේ පවනි දැන් මගේලු අපි පෙම්වතුන්ලු. හත් හිලව්වයිලු.
තනියෙන් හිටපු මටත් දැන් කෙල්ලෙක් ඉන්නවාලු.


ඔය අතරදී මං ක්ලාස් යන එක නැවැත්තුවා.ඊට පස්සේ මං වෙන කෝස් එකක් කරන්න ගියානේ.ඒක නිසා මට පවනිව හම්බෙන එක අඩු වුනා.


ඒත් කෝල්ස්,මැසේජ් නම් අඩු වුනේ නැහැ.මෙයා මට පන වගේ ආදරෙයි.ඒ ආදරේට මං ආදරේ නොකර කොහොමද??ඔන්න ඔතනදියි මට වැරදුනේ.මාත් එයාට පන වගේ ආදරේ කරා.මටත් එයාව නැතුවම බැරි වුනා.එයා මගේ මුළු ජීවිතේම වුනා.මං ඒ ආදරේ ගොඩක් සීරියස් ගත්තා.ඉදලා හිටලා හම්බුනත් එයා මගේ හිතේ දවස තිස්සෙම හිටියා.


අපි අනාගතය ගැන ගොඩක් හීන මැව්වා.මොන තරම්ද කියනවා නම්.බැන්දට පස්සේ ගෙවල් හදන ඒවා,කරන රැකියා.තව තව අරවා මේවා අෆ්ෆා මතක වෙද්දීත් දැනටත් ඇඩෙනවා.


පිට පැන්නද මන්දා.ඔහොම කාලේ යද්දී මෙයාව මට හම්බෙන එක හොදටම අඩු වුනා.ඒත් එක්කම අර කලින් තිබ්බ කෝල්ස් මැසේජ් රින්ග් කට් ඔය ඔක්කොම ටික ටික අඩු වුනා.අනේ මන්දා මට හිතාගන්නත් බැහැ.


ඒවා අඩු වුනත් මං කවදාවත් හිතුවේ නැහැ තිබ්බ ඒ සෙනෙහෙ නම් පොඩ්ඩක්වත් අඩු වෙයි කියලා.හ්ම්ම් ඒකත් එයා අඩු කරා.ආදරයක් ගැන හිතුවේ නැති මාව ආදරේ නැමැති ලස්සන පාරාදීසය පෙන්වලා අතර මගදී මාව අත හැරලා යන්න ගත්තා ඒකයි මට දුක.


එයාට මං කෝල් කරද්දී ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ.මැසේජ් වලට රිප්ලයි නැහැ.ඔය වගේ දේවල් වෙද්දී මට හිත වාවන්නේ නැතුව ගියා.අන්තිමේදී මං බැන්නා මේකටද මට ආදරේ කරේ කියලා.එයා ඒ මොනවටවත් පිළිතුරු දුන්නේ නැහැ.මායාවක්‌ වගේ නිකන්ම අතුරු දහන් වුනා.අන්තිමට එව්වා මැසේජ් එකේ තිබ්බේ. ''nishan mata dan hithenawa man oyata adare karala oyage hitha ridduwa.mata sama wenna man hodata hithuwa.api denna galapenne naha.eka nisa api wenwena eka thama hoda.oya hodin inna mawa amathaka karanna.mata aye dilanwa hambuna eya magen samawa illuwa.mata eyawa ona.man oyatath wada eyata adare kara.mawa amathaka karanna'' හෆෝයි ඔන්න ඔහොම දිග කෙටි පණිවිඩයක් තමා අන්තිමේදී නිකමෙක්ගේ හිත රිද්දවන්න ආවේ.එයා කිව්වා වගේම මං එයාව අමතක කරේ නැහැ. මට ඒක කරන්නත් බැහැ.


ඒත් දැන් මං එයාට සමාව නම් දෙන්නේ නැහැ.ඔන්න ඔහොමලු ගොඩක් කෙල්ලෝ.අනේ මං ඒ කෙල්ලගෙන් පලිගන්න නම් ගියේ නැහැ.ආදරේ කරපු හිතින් කොහොමද වයිර කරන්නේ??.ඒත් ආදරේ කියන කටුක අත්දැකීමට මම අදත් බයයි.


එදා අඩලා මට ආදරෙයි කිව්ව කෙනා වෙනස් වුන හැටි මට මාරම පුදුමයි.කවදාවත් ඔයාලත් කෙල්ලෙක්ගෙ කදුලකට අහුවෙන්න එපා.

36 comments:

  1. හපොයි... තවත් අත්දැකීමක්, පාඩමක් කියල හිතාගනින් බන් :)

    ReplyDelete
    Replies
    1. ඔව් බං පාඩමක් තමා ජීවිතේටම අමතක නොවන.

      Delete
  2. හප්පට සිරි..
    කියන්න දෙයක් නෑ... පොස්ට් ඒක කියෙව්වා.. මතක් කරන්නත් පිලිකුක් අතීතයක් මතක් උනා.

    ජීවිතේ කියල දුන්න හොද පාඩමක් කියල හිතාගෙන ජීවිතේ ජය ගනින් මචං..

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ මේක වෙච්ච දවසේ නම් මට හිතුනේ මෙහෙම http://www.nikama.tk/2011/11/blog-post.html ඒත් දැන් කිසි අවුලක් නැහැ.සුපුරුදු පරිදි ඔහේ ඉන්නවා.තැන්කු වේවා සහෝ මේ පැත්තේ ආවට,

      Delete
  3. යකෝ මාර කෙස් එකක් නේ බූට් කාපු කෙල්ලෝ කොල්ලෝ උන් උන් ට බනින්න පටන් ගත්තොත් අනික් එවුන්ට යන කල මොකක්ද??.පොඩ්ඩක් හිටහන් බන් ඉවසල "ඉඳීවි කොතැනක හෝ හිමිකාරයා....."අනික බන් අද බූට් කියන එක කොමන් කෙස් එකක් ඕක නැතුව ගොඩ ගිය එකා බැන්දට පස්සේ බූට් කෑවොත් කොහොමද ආතල් එක.වැලන්ටයින් කියන දවස දැක්කහම දුක හිතෙන්නේ ලව් කොරන එවුන්ට නෙමේ බන් බඩු කරපු එවුන්ට.සිරා හදවතක් තියෙනවා නම් හැමදාම වැලන්ටයින් තමා.හදිස්සියට බූට් කෑවට ටිකක් ඉවසල හිටිය නම් බූට් තියන සංගමේට සෙට් වෙන්න පුළුවන්.[ඉන්දියන් එවුන් කියන්නේ 'ටෙන්සන් ගන්න එපා ටෙන්සන් දෙන්න පුරුදු වෙන්න කියල ' =අන්න කොල්ලෝ තියරිය හැබය් දාපන් තියරිය ඔය ගේම ගහන අම්මන්ඩිලාට,අහිංසක කෙල්ලෙකුට නම් එක කරන්න එපා හොඳේ,]...

    ReplyDelete
    Replies
    1. උබේ කතාව නම් සහතික ඇත්ත මචං.මම එයාට බැනලා නම් නැහැ මේ ලිපියේ කොහෙවත් මන මට වුනු සීන් එක කිව්වේ.කෙල්ලෝ එහෙම කරාට මට එහෙම කරලා පුරුදු නැහැ සහෝ.මං කවදාවත් කෙල්ලෙක්ට එහෙම කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.

      Delete
  4. හ්ම්ම්ම්....කනගාටුයි වෙච්ච දේට....මූදෙ මාලු ගොඩාක් ඉන්නවා..හැමෝම එක වගේ නෙවේ...ඔයාට ගැළපෙන,ඔයාට ඇත්තටම ගොඩාක් ආදරේ කරන කෙනෙක් හමුවේවි..හැබැයි හමු වෙන කෙනාව ගොඩාක් ඇසුරු කරල හොඳටම අඳුන ගන්නකම් ආදරේ දෙන්න එපා...

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝදරි ආයේ නම් මං ලේසියෙන් කාටවත් ආදරේ කරන්නේ නැහැ.(අමාරුවෙන් කරන්නෙත් නැහැ.මං කිව්වේ හරියට කෙනාව අදුන ගන්නකම් කියල හොදේ)

      Delete
  5. නැව ගිලුනත් ගැට්ටේ බෑන්ඩ් කිව්වලු මචං ජොලියේ හිටපන්

    ReplyDelete
    Replies
    1. ලොල් ඔව් මචං.මං ඕවා දැන් ගණන් ගන්නේ නැහැ.ලග එන වැලන්ටයින් එක නිසා මට ඕක මතක් වුනේ.

      Delete
  6. ඔන්න ඕකයි ලූ රංජනි උනේ !!
    ඇති යාන්තන් මල්ලි ඒ උගුලෙන් බේරුනා. ආයෙම ඕවගේ දෙයක් උනොත් මේක හොද පාඩමක් වෙයි !!

    ReplyDelete
    Replies
    1. දුක තමයි රංජනී කියලා මං හිත හදාගත්තා අයියා.ආයේ නම් මං අහුවෙන්නේ නැහැ කාටවත්.

      Delete
    2. අන්න් හරි මල්ලි. එහෙම තමා ඉන්න ඕනේ.

      Delete
    3. ඔයා හරි අයියා.

      Delete
    4. ඇයි මේ පාට පාටින් ලියල තියෙන්නෙ? සමහර පාට නිසා ඒ ටික පැහැදිලිව කියවන්න අමාරුයි....

      Delete
    5. පාට පාටින් ලිව්වේ හේතුවක් ඇතුව.මුලින්ම තනිව හිටපු මාව,මගේ ජීවිතය වර්ණවත් කරපු එයා අන්තිමේදී ඒ වර්ණ විච්චූර්ණ කරා.ඒකයි සමහර තැන් තද පාට.ගණන් ගන්න එපා හොදේ.

      Delete
  7. කොහොමද නිකමා. ඔබ මගේ බ්ලොගයේ දාල තිබුන කොමෙන්ටුව තුලින් මා මෙහි ආවේ. ඔබ කරුණාසේන ජයලත්ගේ ගොළු හදවත කියවලා තියනවද? මා නම් ඔය වයස පහු කරලා හුඟක් කල්. නමුත් තරුණ කාලේදී ඇතිවන මේ බැඳීම් එක එක්කෙනාට දැනෙන්නේ වෙනස් විදිහට. මා හිතන්නේ කොල්ලෝ කෙල්ලෝ කියල වෙනසක් නැහැ.

    ReplyDelete
    Replies
    1. අහ්හ් මං හොදින් රයිගම අයියා.බොහොම ස්තුතියි මේ පැත්තෙත් ආවාට.කියන්ඩත් මොකක්ද වගේ ගොළු හදවත කියවලා නැහැ.ඔව් සමහර කොල්ලොත් ඉන්නේ ඔයිට වඩා කෙල්ලන්ව අමාරුවේ දාන වැඩ කරන.

      Delete
  8. කෙල්ලෙක්ට ආදරය කියන්නේ ජීවිතයේ එක් දෙයක් පමනයි..නමුත් කොල්ලෙක්ට ආදරය කියන්නේ ජිවිතේ හැමැ දේම!

    ReplyDelete
    Replies
    1. අංකල් කිව්වා වගේම සිරා කතාව.ඒත් ආදරේ ජීවිතේ කරගත්ත කෙල්ලොත් ඉන්නවා නේද????.

      Delete
    2. Sure ayye... Eka sure nathnam mage yaluvagen(bf) ahannako :)

      Delete
  9. උඹට වගේම දෙයක් මටත් වෙලා තියෙනවා.ඒ සිද්ධියෙන් මං අවුරුද්දකට වැඩි කාලයක් විඳෙව්වා.දැන්නම් එහෙම එකක් වුණාද කියලවත් මතක නෑ.සමහර ප්‍රශ්න කාලය අපට විසඳල දෙනවා.අපිට තියෙන්නේ ටිකක් ඉවසල ඉන්න එකයි.එක දෙයක් මතක තියාගනින්.අපේ චේතනාව හොඳනම් අපිට ලැබෙන්නේ අපිට ගැලපෙනම හා හොඳම දෙයයි.උඹේ චේතනාව හොඳනම් උඹට ගැලපෙනම හා හොඳම කෙල්ල ඉක්මනින්ම මුනගැහේවි.කෑවෙ එක මකුණෙක් වුනාට ඉන්න හැම මකුණම පලි නෑ මචං.හොඳ චේතනාවෙන් ඉඳපන්.පාලුව මකන හොඳම කෙනා මුනගැහේවි.

    ReplyDelete
    Replies
    1. ඔව් මචං මාත් ඔහේ ඉන්නවා කාලයට ඉඩ දීලා.හැම මකුනාම පලි නැහැ තමා.තැන්කු මචෝ මේ පැත්තේ ආවට

      Delete
  10. monwada hello meka kiyawanna amaruine. kiyawanna puluwan vidiyata denna. hariyata wesak kale bulb wel wage.

    ReplyDelete
    Replies
    1. මේක ලිව්වේ වැලන්ටයින් දවස් වලනේ ඒකයි.ලොල්.

      Delete
  11. මටත් ඕකම උනා අයියේ මට කැමතියි කියලා ඇවිත් අන්තිමට මාව එපා කියලා ගියා.... ඒත් මම තනියෙන් නෙමෙයි ඒ සේරම අමතක කරලා හිත හදාගෙන මම තවත් ආදරයක් පටන් අරන් ඉන්නේ ඒ ආදරේට අවුරුදු දෙකයි...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් කෙල්ලෝ චපලයි බං.මං දැන් ඒක තේරුම් අරන් ඉන්නේ.නියම කොල්ලෙක්නේ ජය වේවා ඈ.

      ඔන්න කොල්ලෝ උබ තමා මගේ 100 වෙනි ෆලෝවර් තැන්කු ඈ.

      Delete
  12. ගැණු නොපතන්.....බ්‍රහ්මචාරිය පතන්

    ReplyDelete
    Replies
    1. සැටිෆිකෙට් ඇත්ත බං :)

      Delete
  13. අපොයි ගැණුන්ගේ කඳුලු වලට නම් අහුවෙන්ට නාකයී. උන් ඔක්කෝම වැඩ කොරගන්නේ ඔය කඳුළු පෙන්නලා තමයී. මටත් අවුරුදු 9ක්ට පස්සේ උනෙත් ටිකක් විතර ඔයවගේ හුට්ටප්පරයක් තමයී.

    ReplyDelete
    Replies
    1. ගොඩක් අයට එකම සීන් එක

      Delete
  14. දැනුත් ඔහොම වගේ වගේ මෙව්වා එකක් මෙව්ව වෙනවා.. මොව්වා වේයිද කියලයි බලන් ඉන්නේ....

    ReplyDelete
  15. අපොයි. මගෙ කරේ නම් නගින්න එන්නෙ අක්කලා විතරයි. මට එපා වෙලා........

    අයිය දැන් දුකින් නෙමේ නේද ?

    ReplyDelete
    Replies
    1. හික්ස් මගේ පෝස්ට් එකකුත් ඇති අක්කලා ගැන.

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!