Wednesday, March 07, 2012

21 දිවීමේ ශූරයෝ බස් එකේ ආපු කතාව!

ඔන්න එකෝමත් එක ශ්‍රී ලංකාව කියලා රටක එක්තරා ගමක කොලුවෝ තුන් දෙනෙක් හිටියලු.මේ තුන්දෙනා  ගජ යාලුවොලු ඉතින් දවසක් මේගොල්ලෝ තුන් දෙනා තීරණය කරලාලු බඩ අඩු කරගන්න,හතිය කඩාගන්න,ජවය වඩාගන්න,අවුරුදු උත්සවේට මැරතන් එක දුවන්න වැනි ගතානුගතික හේතූන් නිසා උදේ පාන්දර නැගිටලා දුවමු කියලා.
       ඉතින් පහුවෙනිදා පාන්දර ඉදන් දුවමු කියලා කතා වෙලා ගිහින් නිදාගත්තලු.කොහොම හරි උදේ 7ට විතර නැගිටලා තුන් දෙනාම එකීනෙකාට දෝශාරෝපනය කරගත්තලු 'මම නම් නැගිට්ටා කෝ උබලා තමා පස්සට එලිය වැටෙනකන් නිදා ගත්තේ' කියලා.තව එකෙක් කිව්වලු "අනේ පල යන්න මං නම් නැගිටලා පාරටත් ආව කෝ උබලානේ නැත්තේ ඒක නිසා මං ආයේ ගිහින් නිදාගත්තා" කියලා
අනිත් එකත් ඔය වගේ එකක් කිව්වලු.


     දැන් ඉතින් මක් කොරන්නද? කමක් නැහැ හෙට ඉදං වත් යන්කො කියලා එවෙලේ තිදෙනා විසිරුනාලු.පහුවෙනිදත් ඔහොමම වුනාලු.එදාත් අර වගේ පහුවෙනිදට කල් දැම්මලු.ඔහොම ඔහොම කල් දදා සතියක් විතර ගියාලු.මේ අතරේ ඔය කොලුවෝ තුන් දෙනා අතර හිටියලු IT ගැන වැඩ පොඩ්ඩක් දන්න එකෙකුත්.අන්න ඌ දවසක් පාන්දර 4.45ට නැගිටලා අනිත් දෙන්නාවත් කූද්දලා අරගෙන කොහොම හරි දිව්වලු.


       ඔහොම දුවන එක හැමදාම නැගලා ගියාලු.පාන්දර 5ට ගෙදරින් පිටවෙලා කයිය ගගහා පිට්ටනියට යද්දී 5.30 වෙනවලු.එච්චර හිමිට තමාලු මුන් තුන් දෙනා යන්නේ ගේ ගාව ඉදන් මීටර් 500ක් තියෙන පිට්ටනියට.5.30 ඉදන් 6 වෙනකන් ඕක වටේ වට දුවලා ගෙදර එනවලු 6.30 වෙද්දී.
   ඔය යාමට සහ ඒමට ගත වෙන වෙලාව නොරිස්සු IT පොර  කිව්වලු අනිත් දෙන්නට "මචං මේක හරියන්නේ නැහැ බං.අපි හැමදාම හිමින් හිමින් ගිහින් පොඩ්ඩක් දුවලා හිමින් හිමින් ආයේ එනවා.ඕක කිසි ගතියක් නැහැ.ඒක නිසා අපි පාරේ දුවමු" කියලා.


  එතකොට අනිත් උන් දෙන්නගෙන් එකෙක් කිව්වලු "අපෝ බැහැ බන් මට නම් පාරේ දුවන්න බල්ලෝ එළවන් එයි"කියලා


     IT පොර කිව්වලු නැහැ  නැහැ මචං අපි අතු පාරවල් වල දුවන්නේ නැතුව මහා පාරේ දුවමු කියලා.අන්න ඒ අදහසට අනිත් දෙන්නත් ටිකක් කැමති වෙලා ඒකමතිකව තීරණය කරාලු IT පොර හරි කියලා.


      කොහොම හරි ඔන්න පහු වෙනිදා තුන්දෙනා ගෙදරින් පාරට ඇවිත් පාරේ ඉදන් කකුල් වලට පොඩි එක්සයිස් පාරක් එහෙම දාලා එකයි දෙකයි තුනයි කියලා දිව්වලු.


අර එකෙක් කිව්වා වගේම ටික දුරක් යද්දී පාන්දර කළුවරේ බල්ලෝ රංචුවක් මුන් තුන්දෙනාව පන්නන්න ගත්තලු.ඒවා කොහෙද "අපිත් එක්ක හහ්" කියලා තුන්දෙනාම මීටර් 100 දුවනවා වගේ දුවන්න ගත්තලු.


කොහොම හරි මෙයාල දුවන් ඇවිත් හන්දියකට වැටුනලු.එතනින් රාගමට 3 KMක් වගේලු තියෙන්නේ.එළවන් ආපු බල්ලෝ සෙට් එකත් නැවතිලාලු ඉතින් දුවන්න ආපු එකේ රාගමටම තුන් දෙනා දිව්වලු 


දුවද්දී හිතුනලු හිතුවට වඩා රාගම දුරයිනෙ ඕයි කියලා.හති දාගෙන රාගමට ආපු තුන්දෙනා රාගම පාලම යටට වෙලා 5.20ට විතර හොදට හති අරිනවලු.මෙහෙම හති ඇර ඇර ඉද්දි IT පොර කිව්වලු"ඉක්මනට ආපහු යන් බන් එලිය වැටෙද්දී මෙහෙම පාරේ දුවන්නත් බැහැ"කියලා


එහෙම කිව්වම අනිත් දෙන්නගෙන් එකෙක් කිව්වලු "හම්බෝ බැහැ බැහැ මට නම් ආයේ දුවන් නෙමේ ඇවිදගෙනවත් පයින් නම් යන්න බැහැ"කියලා.


දැන් ඉතින් මක් කොරන්නද උබ හිටහන් එහෙනම් අපි දෙන්න ගිහින් බයික් එකවත් අරන් එන්නම් කියලා  IT පොර කිව්වලු.එතකොට බැහැ කියපු එකා නෙවේ අනිත් එකාත් කිව්වලු අනේ මටත් බැහැ බං පට්ට මහන්සියි අපි බස් එකේ යන් කියලා.


තනියෙන් පාරේ දිගේ දුවන්න බැරි හින්දා අනිත් දෙන්නගේ අදහසට එකග වුන IT කාරයත් අරුන් දෙන්නා එක්ක බස් එකේ එල්ලිලා වැඩට යන අක්කලා ඇන්ටිලා ඉස්සරහ කොට කලිසමත් ගහගෙන සපත්තු දෙකත් දාගෙන ලැජ්ජාවේ ඇබරි ඇබරි ආවලු.බස් එකෙන් බැහැල යද්දී කොන්දා අයියා කතා කරලා කිව්වලු "මල්ලි මල්ලි සල්ලි දීලා යන්න"කියලා
සිකේ පට්ට ලැජ්ජාවලු අර අක්කලාත් බලන් ඉන්න හින්දා.


ඔන්න ඔහොමලු දිවීමේ ශූරයෝ බස් එකේ ආවේ.


සත්‍ය සිදුවීමක් බව කරුණාවෙන් සලකන්න
දුර නොදැන පාරේ නොදුවන්න :D

21 comments:

  1. දම්මී3/8/12, 7:34 AM

    හිහි බස් එකට දෙන්න සල්ලිත් අරන්ද දිව්වේ!

    ReplyDelete
    Replies
    1. තුන්දෙනාගෙන් එකෙක් හැමදාම දුවන්න එන්නේ පර්ස් එක අරන්.හොද වෙලාවට එදත් ඒක අරන් ඇවිත්.

      Delete
  2. නිශාන් රාගම පැත්තෙ වගේ...

    ReplyDelete
    Replies
    1. අනිවා ඔබා මාමා ඒ පැත්ත ගැන දන්නවද?.

      Delete
    2. වැඩිය නෑ, ලංකාවට ආවම රණ විරු සෙවනට නං යනව

      Delete
    3. රාගම කිබුලා හිටියෙත් ඒ හරියේ තමා

      Delete
    4. උඹලා මරං මස් කෑවේ... ඒකද?

      Delete
    5. මැරුවට මොකෝ මස් ටික උබ අරන් ගියානේ
      කෝ අපිට කිලෝ එකක්වත් ඉතුරු කරා ඈ?

      Delete
  3. Replies
    1. ආ ඔය වැඩ කරන්නේ යස අගේට දැන් හරිනේ

      Delete
    2. හරි... හරි... හිත හොඳ IT බුවාලා ඉන්න කල්

      Delete
  4. IT බුවා ගැන නම් මං අහලා තියෙනවා.. ඌ ඔව්වා ගැනම කියෝනවා කියලා යාලුවො පාටිවලටවත් වැද්ද ගන්නේ නෑලු නේද?

    ReplyDelete
    Replies
    1. මං දන්නවා ඔයා ඒක දන්නවා කියලා :D
      ඇන්කර් නේද බොන්නේ?

      Delete
  5. එකෙක් ගැන නම් පොඩ්ඩක් විතර දන්නවා කියමුකෝ... ඒත් ඒ වගේ කෙනෙක්ගේ යාලුවෙක් වෙලා ඉන්න අනිතු උන් දෙන්නා කවුද?

    අම්මේ ඉතින් දැන් සයිබරයේ සිහින උලෙලෙදි මේ දිවිලි බලාගන්න පුලුවන් වෙයිනේ..

    ReplyDelete
    Replies
    1. ඒ වගේ එකෙක්ට යාලුවෝ ඉන්න බැරිද බං?

      ඕව් ඕව් සයිබරයේ සිහින උළලේදී හොද දිවිලි ටිකක් බලගත්තහැකි :)

      Delete
  6. සීකේ....... අකිස්සිත වැඩක්නේ වෙලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. සික් සාටර්ද මන්දා නේද? :)

      Delete
  7. ආහ්....එහෙනම් ගින්නක් නෑ නේ...., අවුලක් නෑ ____ගම නේ....?

    ReplyDelete
    Replies
    1. මට තේරුනේ නැහැනේ :)

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!