Monday, March 12, 2012

39 අපෙයි උන්ගෙයි වෙනස!!

මං කලිනුත් මුස්ලිම් වරු ගැන ලියලා අදටත් හොද සහ නරක දෙකම අසති.ඒත් මේකත් නොලියාම බැරිය.
මං විදේශ රැකියාවක් සොයාගැනීමේ අරමුණින් පත්තරේ පළවෙන විදේශ රැකියා ඒජන්සි කිහිපයකටම කතා කර බැලුවෙමි.කිසිම සහතික පතක් හිමි නොවීම නිසා ලොකු ලොකු රැකියා බලාපොරොත්තු විය නොහැක.එම නිසා මා හට සුදුසු රැකියා ඇති ඒජන්සියක් සම්බ විය.එය මුස්ලිම් ආයතනයකි එහි නම අෂ්රාස් ඒජන්සි ය .එය පිහිටා ඇත්තේ මරදාන 479 යන ගොඩනැගිල්ලේය.


මා එය සොයා ගියේ පොඩි චකිතයකින් මොකද මෙයාලා මං සිංහල නිසා සලකන එකක් නැතැයි සිතා.පළමුවෙන් 479 ගොඩනැගිල්ලට ඇතුළු වූ විට දැකගන්නට ලැබුනේ වෙළද සංකීර්ණයක් ය.එහි ඇතුළු වෙන තැනම ඇති කඩයකින් විමසු විට ඔවුන් පැවසුවේ දෙවෙනි මහලට යන ලෙසය.ඔවුන් එසේ පවසන විට එතනින් ඇතුලට ගිය බායි ඇදුමින් සැරසුන මුස්ලිම් මිනිසෙකු මා හට අතින් එන ලෙස සංඥා කරේ ය.මා ඔහු පසු පස ගිය විට ඔහු කුඩා කාමරයක් බදු තැනකට  ඇතුල් විය.


මා ද ඔහු පසු පස ගොස් එම කුඩා ඔෆිසියට ඇතුල් වුයේ ය.


ඔහු කෙලින්ම ගොස් එහි ප්‍රධාන යැයි සිතිය හැකි පුටුව මත වාඩි වී මටද ඔහු ඉදිරියේ මේසය ඉදිරි පි‍ට ඇති පුටුවේ වාඩි වෙන ලෙස අතින් සන් කරේය


කටහඩ අවදි කල මා
මහත්මයා මං අර පත්තරේ තිබ්බ ඇඩ් එක දැකලා ආවේ.සිකුරුටි ජොබ් එක බලන්න


එවිට ඔහු පැවසුවේ 
පත්තරේ? අහ පුතා එහෙනම් ඔයා යන්න ඕන එහා පැත්තේ අශ්රාෂ් එකට.මේ අම්රියාෂ් එක මා ගාවත් සිකුරිටි වේකන්සි තියෙනවා ඒත් ඔයා හොයන් ආපු තැන මෙතන නෙවේ.ඔතනින් කෙලින්ම යන්නකෝ.


එතනින් කෙලින්ම ගිය මා අශ්රාෂ් එක හොයාගත්තේය.එතන නම් අතනට වඩා ලොකු තැනකි.සෙනග ද පිරි ඇත.ඇතුල් වන තැන සිටි තරුණිය එතන ඇති පුටුවක වාඩි වී සිටින ලෙස පැවසුවේ ය.


මාත් ඇය කියූ ලෙස හිදගෙන සිටි.තවත් අයද මට කලින් පුටු වල ඈදීගෙන සිටියි. අප අසුන් ගෙන සිටින තැනට කෙලින්ම ඇතුලේ තවත් පොඩි කුටියක්‌ විය.ඔවුන්ගේ ලොක්කා යැයි සිතිය හැකි තවත් බායි ඇදුමින් සැරසුණු පුද්ගලයෙක් එහි කලින් පැමිණි අය හා කතා කරමින් සිටි.


මෙසේ බොහෝ වෙලාවක් ගතවිය ඔහුට අපව පෙනුනද?ඔහු කලින් ආ අයට සලකමින් සිටි නිසා මා අසුනෙන් නැගිට්ටේ තවත් පමා විය නොහැකි නිසා එතනින් පිට වීමට ය. 


අසුනෙන් නැගිට සිටි මාව දුටු එම මුසල්මානුවා සෙනග මැද්දෙදි උස් හඩින් මා හට කතා කරේය


එම ආරාධනාවෙන් මා ඔහුගේ කුටිය වෙත ගිය පසු ඔහු එහි සිටි අය හා දෙමල බසින් මොනවා හෝ කතා කොට ඔවුන්ව පිටත් කර යැව්වාය
ඉන්පසු මා අමතින්
පුතා ඉදගන්න යැයි පැවසුවා


මං 
අන්කල් මං මේ අර පත්තරේ දාල තිබ්බ ඇඩ් එකට ආවේ අර.. සිකුරිටි ජොබ් ගැන බලන්න


ඔහු
පුතා ඔයා තාම පොඩියි ඒ වගේ රස්සාවකට ඔයාව තාම හරියන්නේ නැහැ.මං ඔයාව සේල්ස් වලට දාන්නම් ඩුබායි වල ඔයා කැමති නම්.ඒත් පුතා කුවේට් නම් යන්න එපා එහෙ නීති වැඩියි අනික මිනිස්සුත් වසයි.මං එහෙට යවන්නේ 40ට වඩා වැඩි පිරිමි අයව විතරයි.සිකුරිටි ජොබ් එකකට පස්සේ යන්න මොකද එතකොට ඔයාට අත්දැකීමකුත් තියෙයි නේ


මුලදී චකිතයකින් ආ මට ඔවුන්ගේ මෘදු වචන වලින් සැනසීමට හැකි වුවා.


මේ සිද්දියෙන් මට ගොඩක්ම හිතට වැදුන සිද්දි දෙකක් තියෙනවා


අපි වැරදිලා හරි සිංහල කඩේකට ගියොත් ඔවුන් ආපසු අපව හරි තැනට යවන්න උත්සහා කරයිද? නැත සිංහලුන් බලන්නේ ආපු එකාට කෙසේ හෝ තමා ගාව ඇති දේ විකුණා මුදල් ගැනීමට ය.


එහෙත් අර මුල් මුසල්මානුවා තාමගේ වේලුණු ඒජන්සියට වැරදිලා ආපු එකාවත් හරි මගට යැව්වා ය.


දෙවන කරුණ නම්
සෑම ඒජන්සියකටම රට යවන එක පුද්ගලයෙක් වෙනුවෙන් හොද ගානක් හම්බ වේ.එහෙත් දෙවෙනි මුසල්මානුවා මූව කොහොම හරි ඕකට දාල මගේ ගාන මං ගන්නවා කියා නොසිතා මට ඇත්තම පැවසුවා.


කුවේට් වල ඉන්නෙත් මුස්ලිම්වරුය කුවේට් වැසියන් වසයි කියා ඔහු ඔහුගේම ජාතියේ අය ගැන අන්‍යජාතිකයෙකු වන මා ඉදිරියේ පැවසීමද තරමක් වෙනස් ය.


සෑම කෙනෙක් ගැනම එක ලෙස නොසිතන්න ජාතිය කුමක් වුවත් විවිධ පුද්ගලයෝ සිටිති.කුඩා කණ්ඩායම් වශයෙන් කරනා දේවල් නිසා හැම එකාටම තලන්න එපා.උතුරේ මුස්ලිම් වරු එහෙමයි මෙහෙ උනුත් එහෙමයි කියා මුළු රටේම ඉන්න අහිංසක මුස්ලිම් වරුත් ඕකෙන් තැලෙනවා අන්තිමට ඉතින් උනුත් තැලීමට එරෙහිව අපිට විරුද්දව නැගී සිටියි එතකොට අපේ උනුත් කියයි ඔන්න ඊලග ත්‍රස්තවාදීන් මොවුන් කියා.ආගමේ මොන දේවල් තිබ්බත් ඔවුන් අතරත් යහපත් මනුස්සයන් ඉන්නවා.


(කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නැති,හද්ද තරහින් ඉන්න එවුන් දැන් මට බැනහල්ලකෝ.)

39 comments:

  1. ඔබ තුමා කොහොම කිව්වත් අදත් අම්බානක් අහ ගන්න වෙනවා.. ලෝක ස්වභාවය..

    ReplyDelete
    Replies
    1. ලෝකයාගේ කටවල් වහන්න නම් බැහැ.ඒත් කව්රු හරි එක්කෙනෙක් හරි මේක හොදට හිතලා බලනවා නම් ඒ ඇතිනේ සහෝ?.

      Delete
  2. මූට හිල් වෙන්ඩ ටොක්කක් අයින්ඩ ඕනා !!

    ReplyDelete
  3. වෙන්න බැරි නෑ..!!!

    ReplyDelete
  4. ජාති, ආගම්, කුල මල නෙමෙයි මිනිස්සුන්ව හොඳ හෝ නරක කරන්නෙ..ඔවුන්ගෙ ආකල්ප..

    මිනිසා වෙනස් කළ හැක්කේ මිනිසාගේ ආකල්ප වෙනස් කිරීමෙනි..

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
    Replies
    1. හරී ඔයා හරි ඒත් අපේ එවුන් කියන්නේ මුස්ලිම්වරුන්ගේ වැරැද්ද තිබෙන්නේ ආගමේ කියා.වෙන්න පුළුවන් ඒත් දකින දකින හැම කෙනෙක් දිහාම බයානක ත්‍රස්තවාදීන් ලෙස බලන එක වැරදියි නේද?.

      Delete
  5. මම උපන්නෙ බහුතරය මුස්ලිම් ජනතාවක් ඉන්න ගමක, මම රස්සාව කරන්නෙත් මුස්ලිම් රටක. මුස්ලිම් අයගෙ අපිට එකග වෙන්න අමාරු සමහර සිරිත් (සිරිත් කීවට ඒව පුරුදු) තියනව තමයි . . . ඒත් මට කිසිම මුස්ලිම් වරයෙක්ගෙ කියන්න තරම් වරදක් පෙනිල නෑ.

    ප.ලි.
    එහෙම මොනවහරි එපා කරපු දෙයක් තියනව නං හිතට එන ඔක්කොම ජාති කියල බැනල දාන්න අපේ අවලං පැට්ට ඉන්නවනෙ

    ReplyDelete
    Replies
    1. මමත් මුලින් හිතුවේ නැහැ ඕක ඔච්චර ලොකු ප්‍රශ්නයක් කියලා ඒත් මං දැක්ක සුළු සුලු හේතුන් මත මේ ලිපියේ උඩින්ම ලින්කුවක් ඇති ලිපිය ලිව්වා මේ ගැන.ඒ ලිපියට ලැබුණු ප්‍රතිචාර මතයි මාත් හරියටම දැනගත්තේ මේක රටේ ලොකු ප්‍රශ්නයක් කියලා.

      Delete
  6. අලුගෝසුවා3/12/12, 11:32 PM

    මචන් මට මේක උබට කියන්න තේරෙන්නේ නැහැ උබ කියපු කතාව ඇත්ත මේක මේ රටේ ඔඩු දුවපු ගැටළුවක්! දැන් උබ හිතනවද උබට ඒ මිනිහ එහෙම කතා කල කියල අවරුදු ගානක් තිස්සේ මුස්ලිම් උන් සිංහල උන්ට කරපු කෙනෙහිලිකම් නැති වෙලා යනවය කියල?
    නෑනේ බන් උබ මොකුත් හිතන්න එපා මම උබට දෙහි කපනවා නෙමේ අපි රටේ යථාර්තයට මුහුණ දෙමු මචන්.උබට හිතෙන්නේ නැද්ද වූ නිකන් උබ ඉස්සරහ ලාවට හොද මුණක් පෙන්නුවා කියල උබ පරක්කු හඬ නැගිටලා යන්න හැදුවට පස්සේ උබේ හිත නරක් වෙලා ඇති කියල හිතල? ඕව තම බන් කියන්නේ වෙළෙද ගැට කියල උබ හිතන්න එපා වූ උබට එහෙම කලා කියල සමස්ත මුස්ලිම් ප්‍රජාවම හොද උන් කියල උබ අහල නැද්ද කතාවක් තියෙනවා "ගීලී මලෙත් ඇත දත සුද්දෝ" කියල?

    ReplyDelete
    Replies
    1. \\! දැන් උබ හිතනවද උබට ඒ මිනිහ එහෙම කතා කල කියල අවරුදු ගානක් තිස්සේ මුස්ලිම් උන් සිංහල උන්ට කරපු කෙනෙහිලිකම් නැති වෙලා යනවය කියල?//

      එතකොට උබ හිතනවද මං එවෙලේ නැගිටලා යන්න හදපු එකට අපේ උන් උන්ට කරපු කෙනෙහිලිකම් උන් අමතක කරා කියලා?

      Delete
    2. නිශාන්,
      මගෙන් මල් මිටක් මචං උඹේ කතාවට

      Delete
    3. ඕනයා

      තැන්කු මචං

      Delete
  7. ඒවා අමතක කලා නෙමේ වු උගේ බිස්නස් එක නැති වෙඉ කියන එක විතරයි හිතුවේ කියලයි මමනං හිතන්නේ

    ReplyDelete
    Replies
    1. මචං ශානක එතකොට පලවෙනි මුස්ලිම් වරයා ගැන මොකද හිතන්නේ?ඌට ආපු බිස්නස් එක ඌ අරූට යැව්වේ එතකොට??.

      Delete
  8. මුස්ලිම් වුනත් හොද අය ඉන්නවා.හැමෝම එක වගේ නෑ නෙ.ඒත් සමහරුනම් එයාලගෙ ආගම උසස් කියලා බුද්දාගමට අනම් මනම් කියනවා.හ්ම්.... හැමෝටම තමුන්ගෙ දේනෙ හොද නේද??

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ හැමෝම එක වගේ නැහැ.බලන්න දැන් අපේ සිංහලයන් මොන මොන දේවල් එයාලගේ ආගමට කියනවද කියලා?.අපි නැවත්තුවොත් එයාලත් නවත්වයි.

      Delete
  9. ජාතියෙන් ජන්මයෙන් නෙමේ කරන ක්‍රියා වලින් තමා මිනිස්සු හොඳද නරකද කියල තීරණේ කොරන්නෝනෙ

    ReplyDelete
    Replies
    1. ඔබා මාමා හරි ඒත් අපේ අය සලකන්නේ ආගම බලලානේ.කරුමෙට හරි මුස්ලිම් වුනොත් ඌ ඉවරයි.

      Delete
  10. ඕක ගැඹුරට හොයලා බැලුවම දෙයක් නෑ... උන්ගේ වගේම අපෙත් ඉන්නවා ජාතිවාදීන්.... හැම දහමකම ඉන්නවා කොට්ඨාශ දෙක තුනක්... එහෙම බෙදිලා තියෙන්නේ උන්ගේ සිතිවිලි නිසා.... අපිට ඒකට කරන්න දෙයක් නෑ බන්..

    ReplyDelete
    Replies
    1. ඔව් බං අයියේ අපිට කරන්න දෙයක් නැහැ තමා කොච්චර කිව්වත් උන් පිළිගන්නෙත් නැහැ මුන් පිළිගන්නෙත් නැහැ.

      Delete
  11. මුස්ලිම් ටික දෙනෙක් කරන වැරදි නිසා අනික් බහුතරයද ඔවුන්ගේ ගොඩට වැටි ඇත -> මෙය මා සමග කිව්වේ අපිත් එක්ක සිටින මුස්ලිම් යහලුවෙකි,(නමුත් ඇතම් ඔවුන්ගේ ඇතැම් ක්‍රියා අනුමත කල නොහැක )

    ReplyDelete
    Replies
    1. ඇත්ත සහෝ හැමදෙයක්ම අනුමත කරන්නේ නැහැ මාත්.ඒත් මං කියන්නේ එකෙක් දෙන්නෙක් නිසා ජාතියටම නිගරු කරන්න එපා කියලා.

      Delete
  12. ඔව් ඔව් ජාති කුල මල බේද නෙවෙයි මනුස්සකමයි වැදගත් වෙන්නේ. ඒකයි අගය කරන්න ඕනෑ

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කා ඔයාගේ කතාව ඇත්ත මොන ජාතිය වුනත් අපි ඇට මස් ලේ නහර වලින් හැදිච්ච මිනිස්සු හැමෝටම හිතක් පපුවක් තියෙනවා.

      Delete
  13. මාත් මොනා හරි කියන්නද???හික්ස්!

    ReplyDelete
    Replies
    1. මෙච්චර අය කියපු එකේ ඔයත් මොනා අරි කියන්නකෝ :)

      Delete
  14. Where is 'ඊයා මේ මොනවද මේ?......' post ?

    ReplyDelete
    Replies
    1. මාත් ඒක හොයාගෙන ඔබා මාමේ ආවේ.. ??? කෝ ඒක උස්සලා...

      Delete
    2. චෑහ් නොවැලක්විය හැකි හේතුවක් මත එය ඩිලීට් කෙරිය.:(

      Delete
  15. කමක් නැහැ හැබැයි මේක මට මිස්වුන පෝස්ටුවක් නිසා.. ;)

    මට හිතෙන්නේ මචං ජාතියේ වැරද්ද නෙවෙයි මිනිස්සුන්ගේ විවිධත්වය තමා ඕකට හේතුව !

    ReplyDelete
    Replies
    1. ඔව් බං මිනිස්සු හිතන්නේ එක එක විදියට මුස්ලිම් එකා වුනත් එහෙමයි සිංහල එකා වුනත් එහෙමයි.

      Delete
  16. කෝ හැබෑට අළුත් පෝස්ට් එක??

    ReplyDelete
    Replies
    1. ආයේ දානවා ආයේ දානවා.

      Delete
  17. මමත් එකඟයි මේ දේට..සිංහල මිනිස්සු තම තමන්ගෙම අයට කොච්චර කැපිල්ල දානවද..මුස්ලිම් අය එහෙම නැහැ..අනික ඔය තරම් මුස්ලිම් මිනිස්සුන්ට මඩ ගහන්නෙ මේ ලඟකදි facebook එකේ වැඩ දාන පිරිසක්නෙ..අපි කව්රුත් මිනිස්සු..මනුස්සකමයි වටින්නෙ නේද.. :)

    ReplyDelete
    Replies
    1. මනුස්සකම තමා සහෝදරි වටින්නේ ඔයා හරි.

      Delete
  18. මිහිහෙක් ගැන කතාකරන කොට මිනිහෙක් කියා මිස ආහම, ජාතිය ගැන සිතීම තමයි මූලික වරද!

    ReplyDelete
    Replies
    1. හැමෝම ඔබ තුමා වගේ සිතනවා නම් මෙහෙම ප්‍රශ්න නැතිවෙයි එහෙත් මිනිසුන් විවිදාකාරයි.

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!