Wednesday, March 21, 2012

17 අපේ සිංඩිය(වරෙල්ලා ඈ)

කින්ඩි නොදා අසනු මැනවි :) දැනට ලංකාවේ බ්ලොග් මිලියන ගානක් ඇත ඒ ගානට නොදෙවෙනි වෙන්න සින්ඩිත් ඇත.එහෙත් ඒවා වල අයිතිකරුවන් සොයා ගැනීමටනොහැකි නිසා (විදෙශ් ගතවීම්,පවුල් වීම් හා  තමාට සින්ඩියක් ඇත යන වග අමතක වීම් යන හේතුන් මත) අප ඇතුල් කරන බ්ලොග් අඩවි ඇතුල් වන්නේ සින්ඩි අතලොස්සකට පමණි.

මාගේ බ්ලොගය කාර්මික දෝෂයක් හේතුවෙන් සියලුම සින්ඩි වලට නැවත ඇතුල් කරන්න සිදු වුනි එහෙත් නැවත ඇතුල් කරගත්තේ සින්ඩි දෙකකින් පමණක් බව සලකන්න :(
අනිත් කිසිදු සින්ඩියක් දැන් මාසයක් ගත වුවත් කිසිදු ප්‍රතිචාරයක්වත් එවා නැත.එම නිසා මම විසින් අලුත්ම බ්ලොග් සින්ඩියක් නිර්මාණය කලා ය.එයට හේතුව වශයෙන් ඉල්ලීම් කරන සෑම අඩවියක්ම ඇතුල් කරගෙන  අනිකුත් සින්ඩි වෙත පාඩමක් ඉගැන්වීමට  වුවමනා නිසාත් :P වෙනස් දෙයක් කිරීමට ඇති වුවමනාව සදහාත්
මාගේ එම සින්ඩියට සියලුම බ්ලොග් කරුවන් හට කෙරෙන ආරාධනාවයි මේ.


එන්න එකතු වෙන්න බ්ලොග් කරුවන් වෙනුවෙන් බ්ලොග් කරුවන්
අපි අපිට(වරෙල්ලා ඈ)




Nimnaya Blog Reader

පින්තූරය මත ක්ලික් කරන්න


දැන් ඉතින් සින්ඩි අයිතිකරුවන් මට නොබනිත්වා සහ චාටර් නොකරත්වා.

17 comments:

  1. හොදයි. දැනටමත් සිංඩි තිබුනත් තව තිබුන කියල වැඩිවෙන එකක් නෑ. ටෙම්ප්ලේට්එක හොදයි. ඇස් කඩාගෙන යන පාටවල් දාන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ මං පාට ගැන සැලකිලිමත් වුනේ නැහැ මට ඕන වුනේ ඉක්මනට ලෝඩ් වෙන ටෙම්ප්ලේට් එකක්.

      Delete
  2. කලින් ඇතුල් වෙච්ච අය ආයෙත් ඇතුල් වෙන්න ඕනෙ නෑ නේද ?

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ ඔබා මාමා ඔයාගේ බ්ලොග් එක තියෙනවා නම් ආයේ එවන්න ඕන නැහැ.

      Delete
    2. ඔබා මාමා දෙතුන් පාර ඇතුල් කරන් යනවා.. හිකිස්..

      Delete
  3. මගෙ බ්ලොග තියනවනෙ...

    හොඳ වැඩක්.. හැබැයි අනික් සින්ඩිවල නැති විශේෂදේකුත් තිබ්බානම් තමා හොඳ..

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් යාළුවො ගැන නොසලකා ඉන්නේ නෑනේ.තාම අලුත්නේ බං පස්සේ පස්සේ විශේස ඒවා එයි.

      Delete
  4. මේ අපිත් එනවා...

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිලිගන්නවා කව්ද මේ?.....

      Delete
  5. මමත් මුලින්ම මෙහෙම සිංඩියකින් තමයි සිංඩි හැදිලට සෙට් උනේ. ඔය Blog List දාගන්න Scroll Bar එකක් . එතකොට නියමෙට තියෙනවා මෙන්න කරන විදිය.
    http://panhidablog.blogspot.com/2010/08/blog-list-scroll-bar.html

    මේ තියෙන්නේ මම ඉස්සර හදපු එක. http://web.archive.org/web/20100516061335/http://blog.anuradhapurazone.info/

    ReplyDelete
    Replies
    1. ශා ඒකත් මරු වැඩක් ස්තුතියි සහෝ දැනුවත් කිරීමට.

      Delete
  6. මාත් එනවා !
    සිංඩිය නම් එල !

    ReplyDelete
    Replies
    1. එල එල අයියාව සාදරයෙන් පිලිගන්නවා.

      Delete
  7. හරිම සරලයි.ඉක්මනට ලෝඩ් වෙනවා. වැඩිය විච්චුරන කරන්ඩ එපා මචං.පේනවානේ සමහරක් සින්ඩි වලට ගියහම වීකාර වෙනවා.සීන්ඩි හොයාගන යන්නේ මං වගේ අලූත් උන් .මේලො හසරක් නොදැන, ඉතින් අපිව අර තියන වැඩකෑලි දැක්කහම හොල්මන් වෙනවා .මෙ තියන විදිහ මරැ. කැමතිනම් අළුත් බ්ලොග් වලට වෙනමම තැනක් හදන්න .තව ටිකක් බිලොග් එකතූ වෙන කොට මෙ තියන විදිහ අවුල්වෙයි.එක නිසා සින්ඩිය මෙ තියන විදිහටම තියලා.


    අළුත් බිලොග් වලට වෙනමම තැනක් හදලා එවට මාස හයක විතර කාලයක් දෙන්න.වැඩිපුරම කට්ටිය බලන ලිපි වලටත් තැනක් හදන්න එ හොදටම ඇති.සරළයි පහසුයි .සුන්දරයි.

    මම ඔව්වා ගැන දන්නැ හිතූනදේ ලිව්වා.අවුලක් හිතන්න එපා.

    ReplyDelete
    Replies
    1. මම විශේෂයෙන්ම සැලකිලිමත් වුනේ ඉක්මනට ලෝඩ් වෙන එක ගැන තමා.ඔයා කිව්ව දේ ගැන මං ටිකක් බලන්නම්.බ්ලොග් සදහා ටෙම්ප්ලේට් ඕන පෙට්ටි කඩේකින් හොයාගන්න පුළුවන් ඒත් සින්ඩි සදහා ටෙම්ප්ලේට් හොයන්න නැහැ.දැනට බාවිත කෙරෙන එකත් මමම හදපු එකක් බ්ලොගර්ස්ලගෙන් අරන්.ඉතින් තාක්ෂණික සහාය කව්රු හරි දෙන්න ඉන්නවා නම් මීට වඩා ක්‍රමවත්ව කරන්න බලාපොරොත්තු වෙනවා.නැතත් මමම ටෙම්ප්ලේට් එකක් හදනවා ඒකට ටිකක් කල් ඕන

      නැහැ නැහැ කිසි අවුලක් නැහැ එළකිරි

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!