Friday, March 23, 2012

29 පිස්සු කථාවක්!!!!

50 වෙනි පෝස්ට් එකත් පහු කරන් හිට්ස් 30000කුත් ගහලා ෆලෝස්වරු 100ටත් ඉතා ආසන්නයේම ඉන්න නිසා හිතටත් පොඩි සතුටක් දැනෙනවා ආපු මග හැරිලා බලද්දී.මේ ඔක්කොටම ස්තුතියි කරන්න ඕන මගේ යාවජීව සගයින්ට සහ කියන්න දෙයක් නොතිබුනත් පොඩි කොමන්ට් එකක් හරි දාල යන බ්ලොග් සගයින්ට.
පටන් ගද්දි මං හිතුවේ නැහැ මේ තරන්වත් දුර මං එයි කියලා කොහොම වුනත් හැමදේටම ස්තුතියි සහෝදර සහෝරියනේ.
 ------------------------------------------------------------------------------------------------------------------------


සතුටත් එක්ක පොඩි හිනා යන පිස්සු කථාවක් කියන්නම්කො.ඔන්න දවසක් පිස්සන් කොටුවේ ඩොක්ටර් කෙනෙක් තමාට බාර වුනු මානසික රෝගීන් සියලු දෙනා රැගෙන ශාලාවක් වගේ තැනකට අරන් ගිහින් ඔක්කොම දෙනාට ඉදගන්න කියලා එතන තිබ්බ කළු ලෑල්ලේ ඇන්දලු දොරක්.


දොර ඇදලා ඉවර වෙලා මානසික රෝගීන් සියලු දෙනාටම ඩොක්ටර් කිව්වලු ඔන්න තියෙනවා දොර  මෙතන ඉන්න ඕන කෙනෙක්ට පුළුවනි ඕනනං ඔතනින් පැනල යන්න කියලා.


ඩොක්ටර් මෙහෙම කිව්වේ පොඩි ටෙස්ට් එකකටලු මොකද මේක චිත්‍රයක් කියලා ඕන එකෙක්ට තේරෙනවනේ  ඉතින් මෙතනින් පැනලා යන්ඩ ට්‍රයි එකක් නොදෙන අය ටිකක් හරි හොද වෙලා ඇති කියලා නිගමනයකට එන්නලු.අනිත් අයට තවම සුවය මදි කියලත් හොයාගන්න පුළුවන්නේ.


ඒත් ඩොක්ටර් හිතුවා වගේ නෙවේ ඕනනං පැනලා යන්න කිව්ව ගමන් ශාලාවේ ඉදගෙන හිටපු පිස්සෝ ටික සේරම දුවන් ඇවිත් කළු ලෑල්ලේ දොරෙන් රිංගන්න දගලනවලු.ඔක්කොම ලෙඩ්ඩු ටික මෙතන පොරකද්දී එක ලෙඩෙක් විතරක් ශාලාවේ ආසනයක ඉදගෙන හිනා වෙනවලු.


මේ හිනා වෙන එකාව දැක්ක ඩොක්ටර් හිතුවලු ඇති යන්තං එක්කෙනෙක් හරි ඉන්නවා ටිකක් හොද වුන කියලා.


ඩොක්ටර් මෙයාගේ ලගට ගිහින් ඇහුවලු ඇයි පුතා ඔයා මෙතන ඉන්නේ ඔයා අතනින් පැනලා යන්නේ නැද්ද කියලා.


එතකොට අර පිස්සා කිව්වලු
ඩොක්ටර්ට පිස්සුද ඩොක්ටර් අරුන්ට වගේ?
උන් සේරම ලොක් කරපු දොරෙන් පැනල යන්න හදනවා ඒත් උන්ට ඔතනින් ජීවිතේට යන්ඩ වෙන්නේ නෑ යතුර මං ගාවනේ.

29 comments:

  1. හෙහ් ඌට හොඳටම පිස්සු නේද.. ඒ වුනාට ඌ දන්නැතුව ඇති ඒක බොරු යතුරක් කියලා.. හැහ්.. මටත් පිස්සුද... ?

    ReplyDelete
    Replies
    1. හිහ් හි ඌට හොදටම පිස්සු බං උබ කිවා හරි ඌ ගාව තිබ්බේ බොරු යතුරක් මොකද හරි යතුර උබ ගාවනේ තියෙන්නේ :) !@#$%^&*

      Delete
  2. පිස්සු පීකුදු...

    සුභ ගමන් මචෝ...

    ReplyDelete
    Replies
    1. හිහ් හි ස්තුතියි සෑමෝ

      Delete
  3. ඔන්න මම තව දුරටත් 100 ට ලං කරලා දුන්නා followers ගාණ

    ReplyDelete
    Replies
    1. ගොඩාක් තැන්කු වේවා සිදු

      Delete
  4. අඩේ සොරි මචෝ උඹේ 50 ට සුබ පතන්ඩ බැරුව ගියා.

    එහෙනම් වැඩි වැඩියෙන් ලිපි පලකිරීමට හැකියාව ලැබේවායි ඉත සිතින්ම පතමි !

    ජයෙන් ජය !!

    ReplyDelete
    Replies
    1. දෙවෙනි පාරත් ඇවිත් සුබ පැතුවට ගොඩාක් ස්තුතියි මචං ෆිට් තමා.

      Delete
  5. ඔන්න මල්ලීට මගෙනුත් හද පිරි සුභ පැතුම්!
    ඇයි ඔයාගෙ අපි-අපට සින්ඩිය ඒකත් ප්‍රගතියේ කොටසක් ලෙස සඳහන් කරන්න.
    ....බාල ගෝලයා....

    ReplyDelete
    Replies
    1. ආහ් ඔව්නේ ඒකත් ප්‍රගතියේ කොටසක් තමා දම්මි අක්කා හිහි

      Delete
  6. මේකත් අහල නැති පිස්සන් කොටු කතාවක්.

    සුභ ගමන්...!!!

    ReplyDelete
    Replies
    1. :) තැන්කු වේවා ඔබා මාමේ.

      Delete
  7. ela ela. siyalu dewidewathwunge pihitai araksawai!

    ReplyDelete
    Replies
    1. :O ඔව් ඔව් තෑන්ක්ස් මචං ප්‍රර්තනාවට

      Delete
  8. Replies
    1. ස්තුතියි සහෝදරයා.

      Delete
  9. සුබ පැතුම් !!!
    අඩේ පට්ට පිස්සු කතාවක් !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියා.
      පික්සු පීකුදු නෙහ් :D

      Delete
  10. arun yathuru hile yanna hadanawada dhanne nane?

    ReplyDelete
    Replies
    1. අහ් ඒකත් වෙන්න බැරි නැහැ බං උබ වගේ එකෙක් එතන හිටියා නම් :D

      Delete
  11. එළ එළ
    සුභ පැතුම් !!!!

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා අයියා බෝම ස්තුතියි.

      Delete
  12. හික් හික්..50 වෙනි පෝසට් එක වෙද්දි ඔයාට පිස්සු හැදිල කියවන අපිවත් පිස්සො කලා නේද..50 ට සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. මලා නංගි මට පිස්සුද? :(
      කමක් නැහැ ඔයාටත් පිස්සු කියලා පිළිගත්තනේ :)
      තෑන්ක්ස් ආ

      Delete
  13. ජය හේ....
    සුභ ගමන් !!!

    ReplyDelete
    Replies
    1. එල තෑන්ක්ස් මචං.

      Delete
  14. හිහි පස්ට මචං

    (මිසා)

    ReplyDelete
    Replies
    1. ආහ් මිසා එල එල මචන්

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!