Sunday, March 04, 2012

21 බලු වැඩ කරන .tk කාරයෝ!!

ඔයාලා ගොඩක් අය දන්නවනේ nikama.tk එක ගැන ඒ තමා මගේ බ්ලොග් එකේ මං ලින්කුව කෙටි කරගන්න දාගත්ත ඩොමේන් එක.මෙයාලා කරන්නේ ඩොමේන් මුදලට දෙනවා වගේම ෆ්‍රී එකෙත් දෙනවා.ඒත් වෙනත් ෆ්‍රී දෙන අය වගේ නෙවේ මෙයාලා.මෙයාලගෙන මුලින් කිසි ප්‍රශ්නයක් නැහැ.ඒත් බ්ලොග් එක ටිකක් ප්‍රසිද්ද වෙගේන එද්දී
මේල් එකක් ආව ෆ්‍රී දෙද්දී එක අපි ආයේ අලුත් කරගන්න ඕනලු ටි කේ එකවුන්ට් එකට ගිහින්.


ඉතින් මාත් ඒ මේල් එක ආපූ වෙලේම ටි.කේ. එකට ලොග් වෙන්න හැදුවා ඒත් මට ලොග් වෙන්න බැහැ.හරියට පාස්වර්ඩ් දීල මොන විදියට ලොග් වෙන්න හැදුවත් ලොගින් පේජ් එක රිෆ්‍රෙශ් වෙනවා විතරයි.


දැන් දවස් දෙහෙකට කලින් මගේ බ්ලොග් එකට එන්නත් බැහැ ලින්ක් එක වැඩ කරන්නේ නැහැ.මං දන්න විදියට ටි.කේ. ඒකෙන හෙල්ප් ගත්තත් කිසි සහයෝගයක් එයාලාගෙන් නැහැ.අන්තිමට මං ආයේ බ්ලොගර් ඩොමේන් වලටම මාරු වුනා.


මට අද දැනගන්න ලැබුනා ටි.කේ. කාරයන්ගේ කපටි වැඩ දන්න හොද වෙබ් සයිට් වැඩ ගැන දන්නා යාලුවෙක්ගෙන්


එයා කිව්ව විදියට ටි.කේ එකෙන් ෆ්‍රී දෙන ඩොමේන් වලට හිට්ස් වැඩියෙන් ලැබෙනවා නම් එයාලා ඒවා අත්හිටවලා සල්ලි වලට වෙන අයට විකුනනවලු.


වෙබ් සයිට් එකක් හරි බ්ලොග් එකක් හරි කරන්න හිතන් ඉන්න ඔයාලා නම් කවදාවත් ටි.කේ. ඩොමේන් ගන්න එපා.

21 comments:

  1. හප්පේ... මමත් ඊයෙ පෙරේදා එකක් ගත්තනේ... ඔය ඇත්තමද?

    ReplyDelete
    Replies
    1. මට වෙච්ච දේ නම් සිරාම ඇත්ත ආයේ මුල ඉදන් සියලුම සින්ඩි වලට අයදුම් කරන්න වුනා.ඒවා තාම පිලි අරගෙනත් නැහැ සමහර සිංඩි වලින්.ඔයාටත් අවුරුද්දකට වැඩිය ඕකා පාවිච්චි කරන්න හම්බෙන එකක් නැහැ මයේ හිතේ.මටත් මාස 8ක් විතර යනකන් අවුලක් වුනේ නැහැ.

      Delete
  2. අඩේ..මාත් දුවන්නේ .tk එකක නේ.. හත්තිලව්වයි..

    ReplyDelete
    Replies
    1. කිරි අප්පට කොක්කු කොටාපිය :D

      Delete
  3. සම්පූර්න ඇත්ත නැත්නම් පට්ට ඇත්ත. හැබැයි අපිත් නිකන් දෙන පලියට බදා ගත්තම ඕක වෙනවා.

    ReplyDelete
    Replies
    1. හෆොයි ඔව් මචං ආයේ නම් නිකන් දෙන ඒවා ඕන නැහැ

      Delete
  4. ඒක තමයි මේ පහුගිය ටිකේ එන්ඩ බැරිඋනේ...

    ReplyDelete
  5. ඔටවගේ ලස්සනට පේන ඩොමේන් වලට ආසා හිතන්න එපා කවදාවත්. අවසානයේ දුක්වෙන්න වෙන්නෙ. පාවිච්චි කරන්න පහසුම එක අරගෙන පුළුවන් තරම් හොද පෝස්ට් දැම්මනං තමා හොද.

    ReplyDelete
    Replies
    1. ලස්සනට පේන්න නෙමේ සහෝ ඒක පාවිච්චි කරේ.ඒක පාවිච්චි කරේ බ්ලොග් එකට එන අයට මතක හිටින්න ලේසි නිසා

      Delete
  6. Machan oka unge hora wadak newe oya domain name eka uba register karanna aththe 8months walata wage wenna athi 8months giyata passe ubata email ekak awa ehema ne? Mama aragena thiyenne www.demobizone.tk kiyana eka thama mama mage domain name eka register kale 12months walata.matath me lagadi dhawasaka awa email ekak domain eka renew karaganna kiyala math baya una habayi mama nam Mage domain eka thawa 12months walata renew kala

    ReplyDelete
    Replies
    1. නැහැ මචං උබ හිතන විදියේ සිම්පල් දෙයක් නෙවේ ඔතන තියෙන්නේ මං රෙජිස්ටර් කරෙත් අවුරුද්දකට.ඒක නෙවේ කතාව ටී.කේ. ඩොමේන් එකක් අවුරුදු ගානක් හරි තියාගන්න පුළුවන් රිනිව් කර කර ඒත් හිට්ස් වැඩි වෙනවා නම් උන් කරන්නේ ඒක නිකන් නොදී විකුණගන්න.උන් එහෙම කරාම අනිවාර්යෙන්ම සල්ලි තියෙන එවුන් ඒවා සල්ලි වලට ගන්නවා.දැන් මාගේ අයි.පී එකත් බ්ලොක් කරලා ප්‍රොක්සි වලින් ගියොත් විතරයි ටී.කේ. හෝම්පේජ් එකට යන්නත් පුළුවන්.

      Delete
  7. මගෙ සයිට් එකේ කොමෙන්ට් එක දැකල කව්ද මේ කියල බලන්න ආවෙ. ටී.කේ. ඩොමේන් එක ගැන ලිපිය විතරයි තාම කියෙව්වෙ. මගෙ රීඩර් එකටත් දාගත්ත.

    ReplyDelete
    Replies
    1. මගේ පරණ නම නම් ඔබ තුමා දැකලා ඇති 'නිකමා'
      ස්තුතියි මේ පැත්තේ ආවට දිගටම එන්න.

      Delete
  8. ඒක තමා ටීකේ ඩොමෙන් එකට ගියහම මල්ලිගේ බ්ලොග් එක නෑ.
    අම්බෝ ආයෙම නිකන් දෙන ඩොමේන් පාවිච්චි කරන්ඩ යන්න එපා !

    ReplyDelete
    Replies
    1. මං හිතුවා බ්ලොග් එක හොයාගන්න බැරුව ඇතියි කියලා.ඒකයි කොමන්ට් කරද්දී ලින්ක් එකත් දැම්මේ.

      Delete
  9. @තාරා :
    ඔයා සින්ඩි වලට ඇප්ලයි කරලා තියෙන්නේ බ්ලොග්ස්පොට් නමින් නිසා අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. දැන් මේක දැක්කේ .tk ඕනේ  දැන් ඔය Blogger එකෙන් Local Domain වලින්ම Blogger Domain use කරන්න පුලුවන්.

      http://sinhalaya-lokayata.blogspot.com.au
      http://sinhalaya-lokayata.blogspot.in

      ඔය වගේ එවා තව තියෙනවා එවත් බාවිතා කරන්න පුලුවන් තව ටිකක් වෙනස් කර ගන්නවනම්.

      Delete
    2. නදුන් ඔය තියෙන්නෙත් බ්ලොග්ස්පොට් එකෙන් දෙන ඒවා නේද?.ඕවා දාගත්තා කියලා වැඩි වෙනසක් නැහැනේ බං.ලින්කුව කෙටි වෙනවා නම් අවුලක් නැහැ.

      Delete
  10. එහෙම ජරා යක්කුද ඒකේ ඉන්නේ?හත්තිලව්වයි

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!