Friday, June 01, 2012

42 කරුම පළ දීම සහ විඳවීම!

ජීවිතයේ ගොඩක් දේවල් අපි කරන්නේ දුර හිතන්නේ නැතුව ඒ වගේ දුර දිග හිතන්නේ නැතුව අපි කරන සමහර වැරදි වැඩ නිසා පස්සේ ඒවායින් අපිම විඳවනවා.මං පොඩි කාලේ ඉදන්ම පුරුදු වෙලා හිටියේ මොන ප්‍රශ්නේ ආවත් ඒ ප්‍රශ්නෙට හිත ඇතුලෙන් දොරේ ගලන දුකක් ආවත් කට කොනකින් හිනා වෙලා ඉන්න.පොඩි කාලේ නම් මං ඒකට අමාරුවෙන් පුරුදු වුනා ඒත් දැන්?


දැන් ඒක පුරුද්දකටම ගිහිල්ලා ඒක නිසා සමහර අය හිතන්නේ මට තියෙන්නේ දුක නොතෙරෙනේ මහ ගල් හිතක් කියලා ඒත් ඒ කව්රුත් දන්නේ නැහැ මං ඒ වෙලාවට කූල් එකේ හිටියට රෑට නින්දට යද්දී ඒ හැම එකක් වෙනුවෙන්ම දුක් වෙනවා කියලා.අවුරුදු විස්සක් වෙලත් තාමත් අඩන අවස්ථාත් නැතුව නෙමේ.


මේ බ්ලොග් ලෝකෙට ආවම මං කවදාවත් මගේ දුක පෙන්නලා නැහැ අවස්ථා දෙකකදී හැර පළමු අවස්ථාවේ දෙන්නෙක් මට ගොඩක් අවවාද දුන්නා ඒ ගැන හැබැයි ඒ වෙනකොට මේ අද මා එක්ක ඉන්න කව්රුත් ඒ දවස් වල නැහැ මාව වැඩිය කට්ටිය දන්නෙත් නැහැ.


දෙවෙනි අවස්ථාව ඔයාල දන්නවා ඒක මං වීහිලුවෙන් වගේ පෙන්නපු නිසාද දන්නේ නැහැ ඔන්න ඒකටත් මට කරුමේ පළ දීලා ආයෙත්.ඇස් දෙකෙන් පිටට නොපැන්නත් පොඩි කදුළු බින්දු දෙකක් පිරිලා ස්ක්‍රීන් එකත් බොඳ වුනා ඒකත් කව්රුවත්ම දැක්කේ නැහැ.


කරුමේ පළ දෙනවා කියන එක නම් කාට කෙසේ වෙතත් මට නම් හරියටම සිදු වෙනවා පොඩි කාලෙත් එහෙමයි ටිකක් ලොකු කාලෙත් එහෙමයි පෙරේදත් එහෙමයි සමහර විට ඉදිරියේත් එහෙමම වෙයි.මං පෙරේදත් ලොකු මෝඩ කමක් කලේ ඒකෙන් මං විතරක් නෙමේ තවත් අය දුක් වෙනවා කියලා මට දැනුනම කවදාවත් දැනුනේ නැති දුකක් දැනුනා.අර උඩ කිව්වා ස්ක්‍රීන් එක බොඳ වුන කතාව තමා ඒ.


මං ඒවා දකින්නේ කරුම පළ දෙන ඒවා විදියටම තමා නැත්තම් මටම මෙහෙම දේවල් වෙයි ඈ.මං මේ ටික කිව්වේ නම් අනුකම්පාවක් ලබාගන්න නෙවේ මගේ ඒ මෝඩ වැඩේට එයාගෙන් සමාව ගන්න.මම මහා මෝඩෙක් ඒක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ ඔයාලා ඒක දන්නවනේ.


දැන් පළ දෙන්න ඕන ඒවා පළ දීලා තියෙන්නේ.දැන්වත් මං නිසා හිත රිද්දගත්ත අය ඉන්නවා නම් මට කරුම පළ දීලා තියෙන්නේ කියලා හිතලවත් සමාව දෙන්න මං දන්නවා එහෙම අය ඉන්නවා ඇති කියලා වගේම එයාලා මේක කියවයි කියලා ඇත්තටම මට සමාවෙන්න මං දුරදිග හිතුවේ නැහැ මට සමාවෙන්න.


මගේ කතාව නම් අද ටිකක් දිගයි වගේ.කියවන්න කම්මැලි හිතුනද දන්නේ නැහැ තවත් තියෙනවා කියවන්න හැබැයි මේවා කරුම පළ දීම ගැන.මෙච්චර වෙලා මේ ටික කටු ගෑවේ හිතේ ලොකු දුකකින්.




අහලා ඇතිනේ රජ කම් කරත් කළ කම් පළ දෙනවා කියලා ඔව් ඒක ඇත්ත ඒ විතරක් නෙවේ ඒ පළ දීම් නිසා සමහර අයට විදවන්න වෙනවා ජීවිත කාලෙටම හොදම උදාහරණේ මම.


හොර කම් කලත් මැර කම් කලත් ඒවායින් සුර සැප වින්දත් කවදා හරි ලෙසටම ගෙවන්න වෙනවා.කලින් කිව්වා වගේම ඒක මං පොඩි කාලේ ඉදන්ම අත්දැකපු දෙයක්.


අපේ ගමේ පැරඩයිස් කන සිරිපාල මාමත් බොහොම ලොක්කෙක් වෙලා හිටියා,දෙවියන්ගේ පිහිටෙන් රාගම පොලිසියට ඉස්සර පත් වෙච්ච සමහර පොලිස් ලොක්කෝ ගැන ඔය අටම්පහුර ලියන මනෝජ් අයියත් දන්නවා ඇති.රුපියල් කොළ අතට එවනවා නම් ඕන පජාති වැඩක් කරන්න ලයිසන් හම්බෙනවා සිරිපාල මාමටත් එහෙමයි කුට්ටිය මාසෙට සැරයක් ලොක්කට යැව්වම කසිප්පු බිස්නස් එකට කාගෙන්වත් කිසිම බලපෑමක් නැහැ.


අපේ රටේ ඉතා නිහතමානි ඔය වගේ සමහරක් විශිෂ්ට පොලිස් ලොක්කෝ ගැන කව්රුත් මගෙන් සාක්ෂි ඉල්ලයි කියලා නම් මං හිතන්නේ නැහැ.


මේ වගේ පොලිස් ලොක්කෝ ඉද්දි සිරිපාල මාමා වගේ අනුන්ගේ සල්ලි කඩාගෙන ගිනි වතුර විකුණගෙන ඒ ගිනි වතුර බොන මිනිසුන්ගේ පවුල් වල කොච්චර ගින්දරක් ඇද්ද?.හැමදාම රෑට මිනිහා ගෙදර එනකන් බලං ඉන්න ගෑණි දහසක් දේවල් හිතේ මවාගන්නවා




 අද පොඩි එකාගේ පොත් දෙක ගන්න සල්ලි ඉල්ලගන්න ඕන


කඩේ මුදලාලිගෙන් කරදරේ උගේ ණය ටිකත් ගෙවලා දාන්න ඕන


හෙටවත් හොදට උයන්න ඕන වගේ දහසක් දේවල් නැතත් මේ වගේ එකක් දෙකක් හරි හිතෙන්න පුළුවන් 


ඒත් රෑ දහය එකොළහ වෙද්දී හොදටම බීලා සත පහ අතේ නැතුව මිනිහා එද්දී අර ගෑණිට මොනවා හිතෙයි ද?ඒ වගේ වෙලාවට ගොඩක් ගෑණු මිනිහට වගේම මිනිහගේ සල්ලිත් කඩාගෙන ජරාව පොවලා එවපු අර සිරිපාලා මාමාට තමා හෙන ඉල්ලන්නේ.ඔය ඉල්ලන එක හෙනයක්වත් වදින එකක් නැද්ද?.පොලිසියට ගියත් කන්නේ පැරඩයිස්.කෝ මුන්ට කිසි හෙනයක් නෑනේ.මේ නිශාන්ට වගේ ක්ෂණිකව පළ නුදුන්නත් කවදාහරි පළ දෙයි කියලා සමහරු හිතන්න ඇති,




ඇත්ත අද ඒ දේවල් ඒ වගේම එයාලට පළ දීලා එදා පොලිසියෙන් තිබ්බ ගරුසරුවල් අද නැහැ එදා කසිප්පු ඩිංගකට දහඩිය දාගෙන ඕන බර වැඩක් කරලා දෙන්න හිටිය එක මනුස්සෙක් අද නැහැ.අද ඇත්තටම එයාල බලු වෙලා ඉන්නේ.ඊටත් වඩා පහත් තත්වෙට වැටිලා ඉන්නේ.


රාගමටත් කොහෙන් හරි ඉදලා ඉදලා ඉතාමත් කෙටි කාලෙකට වැටුනා හොද පොලිස් ලොක්කෙක්.මං පොලිසිය එක්ක ගනුදෙනු නැති නිසා එයාගේ නම නම් දන්නේ නැහැ ඔය පොලිස් ලොක්කා නම් එලම පොරක්.


ගංජා,කසිප්පු,කුඩු සේරම දේවල් නැවැත්තුව බලන් ඉද්දි.සිරිපාල මාමගේ කුට්ටියට අකමැති වුන ඔහු කිහිප වතාවක්ම කසිප්පු විකුණන තැනට පැනලා කට්ටියව අල්ලන් ගියා.නිතරම පොලිසියෙන් පනින නිසා ගැනුම් කරුවෝ බය වුනා මෙතනට එන්න.


සිරිපාල මාමගේ බිස්නස් බලන් ඉද්දි අඩුවුණා.කොච්චර පොලිසියෙන් පැන්නත් මේක නතරකරගන්න බැරි ගැනුම් කරුවෝ දෙතුන් දෙනෙක් ඒත් ආවා අන්තිමේදී ඔවුනුත් සමග සිරිපාල මාමත් පොලිසියට ගෙනිච්චා බඩුත් එක්ක මාට්ටු වුනාම ආයේ කියන්න ඕන නැහැනේ මේ වගේ තද ලොක්කෙක් එක්ක?.


ඒත් මේ ලොක්කා රත්තරන් මනුස්සෙක් සිරිපාල මාමා ඇහුව දේට එයා එවෙලේම විසදුමක් මානුෂික දුන්නා.


මහත්තයෝ එදා ඉදන් කරන් ආපුදේ නතර කරලා අපි කොහොමද ජීවිතේ ගෙනියන්නේ?.


හරි ජීවිතේ ගෙනියන්න ක්‍රමයක් මම දෙන්නම්' කියූ ඔහු 


රාගම නගරයෙන් කඩ කාමරයක් නොමිලේම සිරිපාල මාමට දුන්නා පලතුරු කඩයක් දාගන්න.රාගම ටවුමේ කඩයක් කුලියට ගන්නවා නම් මාසෙට 60000ක් වත් ගෙවන්න වෙනවා ඒත් කුලියකුත් නැහැ මොන බිස්නස් එක කරත් මාසෙට බර ගානක් හොයන්න පුළුවන්.


මොකද හිතන්නේ සිරිපාල මාමා බිස්නස් කරාද?


නැහැ ටික දවසක් පලතුරු දැම්මත් අන්තීමේදී පොඩි සිලි බෑග් වලට දාලා උර පිටින් කසිප්පු වික්කා ටවුමෙම.කූඩැල්ළාව මෙට්ටේ තියන්න බැහැනේ.ඒත් ගමේ කසිප්පු කාරයෝ ටික ටවුමට ගියේ නැහැ කසිප්පු බොන්න මොකද මගදී තව තැනක් තියෙනවා.


ඒක නිසා සිරිපාල මාමගේ බිස්නස් සවුත්තුයි අන්තිමේදී ඒ කඩේ ඔහේ දාලා සිරිපාල මාමා ගෙදරට වෙලා කන්නත් නැතුව උන්නා අර කලින් ලෙන්ගතුව හිටපු එකෙක්වත් පැත්ත බැලුවේ නැහැ.


සිරිපාල මාමගේ වයිෆ් ලීලා නැන්දා ඉස්සර ගමේ හිටියේ කසිප්පු කාරයන්ව බය කරගෙන ඒත් දැන් කඩවල් ගානේ යනවා කන්න දෙයක් ඉල්ලගෙන සිරිපාල මාමා කොහෙන් හරි හොයන් තනියෙන්ම කනවා ලැබෙන දේ 


ලීලා නැන්දා රුපියල් පහ දහය ඉල්ලනවා දකින දකින එකාගෙන්.දැන් ලීලා නැන්දගේ කෙට්ටු හරියට රේක්ක මිටක් වගේ කල්පනාවත් නැහැ හරියට.කියන දේ ආයේ පාරක් කියන්නේ අලුතෙන් කියනවා වගේ.දැන් කාගේවත් පිහිටක් නැහැ ඉස්සර මඩිස්සේ රුපියල් දහයේ විස්සේ කොළ මිටි ගණන් පුරවන් හිටපු රත්තරන් වළලු බ්‍රේස්ලට් අත් දෙකේ දාගෙන බොහොම උජාරුවෙන් හිටපු සිරිපාල මාමා දැන් තැබිලි විකුණන තැනක තැබිලි කපනවා දකින ගෑණු හිනා වෙනවා ඔය ගෙවන්නේ ඉස්සර අපි ගෙවපු ජීවිත කියලා.


මේ එක තැනක වෙච්ච උදාහරණයක් විතරයි මේ වගේ දේවල් කොච්චර නම් ඔබ අතරෙත් වෙනවා ඇතිද?.දැන් ඉදන්වත් හිතට ගන්න යමක් කරන්න කලින් පළ දෙයි කියලා.මම නරක අදහසක් නැතුව දෙයක් කරලත් දැන් විදවනවා ඒ වගේ ඔයාලටත් හිතන්නේ නැති දේවල් වුනත් කරලා අන්තිමේදී විදවන්න වෙයි.මේ වගේ පෞද්ගලික අත්දැකීම කිසිම බ්ලොගේක පළ කරන්න නොලැබේවා කියලා මම අවංක සිතෙන්ම පතනවා!

42 comments:

  1. මිත්‍රයා ඔයාගේ ප්‍රශ්නෙට හේතුව මටත් අහම්බෙන් කියවන්න පුලුවන් වුණා. මොකද මම සාමාන්‍යයෙන් මම comment කරපු බ්ලොග්වලට අනිත් අය comment කරපුවා බලන්නේ ඊ මේල් විදිහටමයි. ඔයාගේ ප්‍රශ්නේ කියලා තිබුණු comment එක මම දැක්කා.

    මොකක් වුණත් මම හිතන විදිහට ඕනේම ප්‍රශ්නයක් විසඳගන්න පුලුවන් ක්‍රම දෙකයි තියෙන්නේ එක්කෝ සාකච්ඡා කිරීම එහෙමත් නැත්නම් නිහඬවීම සහ කාලයට ඉඩදීම

    ReplyDelete
    Replies
    1. මං නිහඬ වෙලා කාලයට බාර දීම තමා සහෝ තෝරන් තියෙන්නේ.

      Delete
  2. ඇත්ත කතාවක්. අපි කරන දේවල් අපේ ඇස් දෙක ඉස්සරහම ඵල දෙනව. ඒක නවත්තන්න කාටවත් බෑ.

    ReplyDelete
    Replies
    1. අනිවා ඉක්මනට නොවුනත් කල් ගිහින් හරි.

      Delete
  3. අර ගොනා බැදපු කරත්තේ වගේ කරපු දේවල් පිටි පස්සෙන් එනවය කියනවනේ බන්

    ReplyDelete
  4. ඔව් දරුවා කල කල දේ පල පල දේ

    ReplyDelete
  5. අනේ මන්දා බං..

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රාජ සම්පත් ගැන නම් බලාපොරොත්තුවක් නැහැ බං

      Delete
  6. මටත් කියන්න වෙන්නෙත් අර හසිත කියපු දේම තමා. මමත් ඒ දවස්වල ප්‍රශ්නයක් ඇතිවුණාම හිතුවෙ ජීවිතේ එතනින් ඉවරයි වගේ. ඒත් අද හිතෙනව ඒ වගේ ප්‍රශ්නවලට ජීවිතේ වරද්දගත්ත නම් අද මොනව වෙයිද කියල. හොඳම දේ කාලයට ඉඩදීල බලාගෙන ඉන්න එක. (මම දන්නව වේදනාව තියෙන්නෙ තුවාලෙ තියන මිනිහට කියල, කොහොමටත් ඒ වගේ වෙලාවට අනෙක් අය දෙන උපදෙස් ගැන ඒ තරම් හිතන්නෙ නෑ අපි)

    හැම ප්‍රශ්නයක්ම හොඳින් විසඳගන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව !

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කතාව හරි සහෝ
      ස්තුතියි ප්‍රාර්ථනාවට

      Delete
  7. මොකක්ද බන් ප්‍රශ්නෙ ? අපිට උදව්වක් කරන්ඩ පුලුවන් දෙයක්ද ?

    ඕනැම ප්‍රශ්ණයක් එන්නෙ ඒකට විසදුමත් එක්කමයි, ඒ විසඳුම සොයා ගැනීම සහ විසඳුමට එකඟ වීම තමා සමහර විට අමාරු වෙන්නෙ.

    කාලය ගොඩක් ප්‍රශ්ණ වලට බේතක් තමා.

    ReplyDelete
    Replies
    1. එක ප්‍රශ්නයක් නම් කමක් නැහැ බං ඒත් ප්‍රශ්න කියලම කීයක්ද?
      උදව් කරන්න බැරි වුනාට එහෙම අහපු එකත් ඇති බං.මං කාලයට ඉඩ දීලා තමා තියෙන්නේ.

      Delete
  8. ඕවා ගෑන ගොඩක් හිතන්ට එපා අපෙ මල්ලී...
    ආදරය කරන එක වරදක්වත්, ඒක හිමි නොවෙන එක කරුමේ පළ දීම වත් නෙමෙයි..
    ඔයිට වඩා පළ දෙන්ට ඕනෑ වෑරදි කරන්නේ මිනිස්සු...
    සෑහෑල්ලුවෙන් ඉන්ට....
    කාලය විසඳයි මේවා...

    ReplyDelete
    Replies
    1. කව්ද අක්කේ ආදරයක් ගැන කිව්වේ? තව තව ප්‍රශ්න එන්නේ දන්නෙම නැතුව

      Delete
    2. ඔහ් හැබෑ නේන්නම්.. මම මේ ගිය සතියේ පෝස්ට් එක කල්පනාවෙ තියෙගෙන කොමන්ටස් කරලා.. අනේ සමාවෙන්න මල්ලී...ඒ ගැන

      Delete
    3. ඒකට කමක් නැහැ අක්කා ඔයා එහෙම හිතුවට වැරදි නැහැ මොකද ඒක නිසා මං කාගෙහරි ලෝකෙක දුෂ්ටයෙක් වෙලා කියලා හිතෙනවා තව මට යාලුවෙකුත් නැති වුනා ඒ සිද්දිය හින්දා

      Delete
  9. කාලය ගොඩක් ප්‍රශ්ණ වලට විදශුම් දෙනව.ඉවසන්න.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒක තමා සහෝදරි මං කරන්නේ

      Delete
  10. Time is the healer
    Time moves on.....
    Time don't wait for anyone....

    ReplyDelete
    Replies
    1. @ Dilshan

      http://www.youtube.com/watch?v=4kWdUhtmVyo

      Delete
    2. ස්තුතියි දෙදෙනාටම මේක මං තරමක් ප්‍රිය කරන ගීතයක්!

      Delete
  11. කල කල දේ පල පල දේ තමා...

    ජය !

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද ඒ මං එහෙම එකක් අහලා නැහැනේ,,,

      Delete
  12. දාන්න ඕනෙ හොඳම කොම්මෙන්ට් එක හසිත දාලා තියනව නිශෝ......

    කලකම් පලදෙන එක අපිට ඇස්පනාපිට ඔප්පුවෙන දේවල් ඕන තරම් තියනවා... අපි අදහන බුදු දහමට අනුව,, මේ ආත්මෙදි නැත්තම් මතු ආත්මෙක හරි විඳවන්න වෙනවමනේ

    උබට ජය

    ReplyDelete
  13. ප්‍රශ්න නැත්නම් ජීවිතයක් නෑ. ඇයි අපි බ්ලොග් ලියන්නෙ ? හිතෙ තියන ප්‍රශ්න අඩුකරගන්න (මම කියුවෙ මම ගැන ) හැමතිස්සෙම ප්‍රශ්න ගැන හිතනවට වඩා මෙහෙම බ්ලොග් එකක් ලියුවම ඒ බර අඩුවෙනවා

    ReplyDelete
  14. ප්‍රශ්නෙ එහෙම නැත් නම් ප්‍රශ්න මොනාද කියල ලියන්න..ගොඩාක් විසඳුම් ලැබේවි...ප්‍රශ්ණ හැමෝටම එනවා..ඒවා කල කම් පලදීම් නෙවේ....
    ලඟම යාලුවො එක්ක කතා කරන්න...
    හිතන්න කාලයක් නැති වෙන්න නිතරම වැඩපල වල යෙදෙන්න..
    රැට නිදා ගන්න ගියාම ඔයා කැමති විදියෙ ලස්සන ෆිල්ම්ස් බලන්න...
    තනි වෙලා ඉන්න එපා නිතරම පවුලේ අය එක්ක නැත් නම් හොඳ යාලුවො එක්ක ඉන්න...
    කාට හරි කියන්න ඕනෙ කියල හිතනවා නම් ඔයා කැමති නම් මට කියන්න අක්ක කෙනෙක් වගේ අහන් ඉඳල පිළිතුරු දෙන්නම්...

    ReplyDelete
    Replies
    1. අනිවා ඔය දේවල් කරනවා සහෝදරි,බොහොම ස්තුතියි මෙහෙම කිව්ව එක ගැන!

      Delete
  15. ප්‍රශ්ණ කියන්නේ මේ ජිවිතේ එක්කම බැදුන දෙයක් මලයා.. ඒවයින් පැනලා යන්න අමාරුයි..

    ReplyDelete
    Replies
    1. කොච්චර අමාරු වුනත් පැනලා යන්නේ නැහැ අයියා

      Delete
  16. ඔයා ඔහොම හැමදේම ඔයාගේ පිටට දා‍ගෙන හිතන්න යන්න එපා..ප්‍රශ්ණ කොච්චර ආවත් ඒවා කාලයම විසදයි අයියේ..ඒ නිසා ඒවා ගැන හිතලා හිතෙන් වැටෙන්න එපා....

    ReplyDelete
    Replies
    1. කොච්චර ප්‍රශ්න ආවත් වැටෙන්නේ නැහැ නංගි පුළුවන් විදියකට අනිවා මුහුණ දෙනවා!

      Delete
  17. ජීවිතේ ඔය වගේ හැල හැප්පීම් නැතිනම් ඒ ජීවිතේ ඇත්තටම වැඩක් නෑ.ගංගාවක් එක දිගට ගලාගෙන බැස්සොත් ඒකෙ කිසි ගතියක් නෑ.ගල් උඩින් පැන පැන ඉවුරුවල හැපි හැපි උස්තැන් පහත්තැන් පහුකරද්දි හරි ලස්සනයි යාළුවා.ජීවිතේ මිහිරි අමිහිරි වගේම
    ජීවිතේ ගෙවා ඉවර වෙන්නෙ නැති පහසු මෙන්ම අපහසු තැනුත් තියෙනවා යාළුවේ..

    හැමදේම කාලයා විසින් විසදයි...ජීවිතේට මුහුණ දෙන්න අපහසු කාලවල ටිකක් හිමින් ජීවිතේට ගලාගෙන යන්නන දෙන්න.ජය වේවා....

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත කතාව හැමදේම කාලයට ඉඩ දීලා බලන් ඉන්නවා වෙන කරන්න දේකුත් නැහැනේ.

      Delete
  18. ඔව් මචං... කරන එව්වා අනිත් පැත්තට ලැබෙනවා. හොඳ, හොඳ හැටියටයි... නරක, නරක හැටියටයි...

    ReplyDelete
    Replies
    1. රිසයිකල් එකක් වගේ බං.

      Delete
  19. කාලයට ඉඩ දීලා බලාන ඉන්න එක තමා කරන්ඩ පුලුවන් හොදම දේ.. ඒකත් කරලා බලමු මල්ලි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් අයියා අනිවාර්යෙන්ම

      Delete
  20. උඹ ඹහොම කිව්වට අපේ ගමේ කසිප්පු වික්ක උන් අද රඡවරැ වගේ ඡීවත් වෙනවා. හැම තැනම ඵකම දේ වෙන් නෑ. උන් කසිප්පු වික්කා කුකුල් කොටු දැම්මා. අන්තිමේදි ගිණිපෙට්ටි වගේ ගෙවල් ගැහුවා. දැන් යන්නේ ප්‍රාඩෝවල. ගෙවල්වල වාහන දෙක තුන තියෙනවා. ගෑණුන්ටත් වෙන වෙනම වාහන අරන් දීලා. සුපිරි ගෙවල් හදාගෙන ගමේ ඉඩම් ටිකත් කොල්ල කාගෙන යසට ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. සිරිපාල මාමටත් ඉස්සර මිනිස්සු ඔහොම තමා කිව්වේ.ඉස්සරහට වෙන දේ බලන් ඉදපන්කෝ...

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!