Monday, May 28, 2012

22 එක වල්ලේ පොල්!


ඔන්න දවසක් යාළුවො දෙන්නෙක් යනවලු මගුල් ගේක මේ අර මං ගියා වගේ එකක් නෙවේ මේකේ ඔක්කොම වගේ හිටියේ තරුණ කොල්ලෝ කෙල්ලොමයි.ඉතින් මේ යාළුවො දෙන්නා පැත්තකට වෙලා පාඩුවේ ඉදන් ඉද්දි දැක්කලු ලස්සන කෙල්ලෙක්ව,



මේ කෙල්ලට යාළුවො දෙන්නටම හිත ගිහින් කොහොම හරි දෙන්නම දන්නේ නැහැ දෙන්නම මේ කෙල්ලට කැමතියි කියලා හිතේ විතරයි තිබිලා තියෙන්නේ කොහොම හරි දෙන්නම වෙන වෙනම අර කෙල්ලව හම්බෙලා කතා කරලා තියෙනවා.මේ දෙන්නම සමත් වෙලත් තියෙනවා ෆෝන් නම්බර් එක ඉල්ලගන්න.


දවස් දෙක තුනකින් යාළුවො දෙන්නගෙන් එක්කෙනෙක් අනිත් කෙනාට කිව්වලු එදා වෙඩින් එකේදී මට කෙල්ලෙක් සෙට් වුනානේ බන්.අනිකාත් කිව්වලු නෑ..... යකෝ මටත් එදා කෙල්ලෙක් නම්බරයක් දුන්නා බන්.කොහොම හරි දෙන්නම දන්නේ නැහැ මේ එක කෙල්ලෙක්ට තමා මේ දෙන්නම ලව් කියලා.ඉතින් යාළුවො දෙන්නට දෙන්නා සුබ පතාගෙන මොකද කොල්ලෝ එහෙමනේ.


අර ගෑනු ළමයත් දැනන් ඉදලා නැහැ මේ දෙන්නා යාළුවො කියලා.කෙල්ල කොහොම හරි දෙන්නවම හම්බ වෙලා දෙන්නා එක්කම යාලු වෙලා.මෙහෙම මේ ඩබල් ගේම ටික දවසක් මේ කෙල්ල ගෙනියලා.


එත දවසක් යාළුවො දෙන්නා හම්බුන වෙලාවක ගියාලු MC එකට මෙන්න මෙතනදී එක යාලුවෙක් ටිකක් අප්සෙට් වෙලා.අනිකාට මේක තේරිලා ඇහැව්වලු මොකෝ මචන් වුනේ මොකද එක පාරට නිකන් හොල්මන් වෙලා වගේ?


නැහැ මචන් මාර අප්සෙට් එක මං දැක්කනේ බන් මං කිව්වේ අර කෙල්ල බන් එදා වෙඩිමේදී සෙට් වුනා කිව්වේ.ඒකි දැන් කොල්ලෙක් එක්ක අර ෂොප් එකට ගියා.පොඩ්ඩක් හිටපන් මට මේක නම් අප්සෙට් බන්.


යාළුවා සනසන්න හිතන් අනිත් එකත් කිව්වලු හිටහන්කෝ එලියට එනකම් ඌත් ඒකිගේ ලව් එකක් නම් අපි නෙලමු ඌට කියලා.


දැන් දෙන්නා ඉන්නවලු කෙල්ලයි ඇතුලට ගිය කොල්ලයි එලියට එනකම්


ඔන්න ටික වෙලාවකින් එලියට එනවලු අර කොල්ලයි කෙල්ලයි ළමයි දෙන්නෙකුයි අම්මේ මට මැක්ඩොනල්ඩ් ඕනේ..කියාගෙන


අරුන් දෙන්නම බූත ලු මොකද මේ කෙල්ල කෙල්ලෙක් නෙවේලු එයා බැදපු ගෑනු කෙනෙක්ලු.අරුන් දෙන්නට යකා නැගලා ඒත් මොනවා හරි කියන්න ගියානම් ගුටි කන්න වෙන්නේ අරුන් දෙන්නට මොකද එවෙලේ වලියක් ගියා නම් පොලිසි ගියත් කොල්ලන්ටනේ අවුල වෙන්නේ.


මුන් දෙන්නම ඉතින් පස්සේ දැනගෙන දෙන්නම ලව් කරලා තියෙන්නේ එකම ගෑනු කෙනෙක්ට කියලා.


ඒ විතරක් නෙවේ අර ෂොප් එකෙන් එලියට එද්දී අර කෙල්ල ගෑනිත් කොල්ලෝ දෙන්නව දැකලා ඒත් නිකන් ඉන්දියාවෙන් බැහැලා වගේ අර මිනිහගේ අතේ එල්ලිලා ළමයිනුත් එක්ක එතනින් ශේප් එකේ ගිහින්.ඔන්න ලංකාවේ වෙන දේවල්!














ඔබට ඔබ ගැනම තරහක් ඇතිවූ විට.......

හිස වියලිනම් ප්‍රථමයෙන් ස්නානය කරන්න.....

ඉන්පසුව හිත පිරෙනකම් අයිස්ක්‍රීම් කන්න.....

එයත් මදිනම් කූල් වතුර බෝතලයකට වග කියන්න....

රාත්‍රී කාලයේදී විශේෂයි......

(ලද සැනසීමෙන් දෑස් පියාගනිමින්.....^_^ )



අපි වෙනස් කියලා හිතන් හිටියට බලන් ගියාම සේරම එක වල්ලේ පොල්නේ හෑ.... o.O :(

22 comments:

  1. බැඳපු ගෑණුන්ගේ විසේ තමා විසේ :D

    ReplyDelete
  2. මේ.....ස්ටේටස් හොලකම් කලන්න ඔට්ටු නා හලි........:(

    ReplyDelete
    Replies
    1. හොරකම් කරපු ස්ටේට් විතරද පේන්නේ?

      Delete
  3. උලතියන්න එපයි... නම්බරේ දීපං මං උල තියන්නම්

    ReplyDelete
    Replies
    1. උල තියන එක මගෙ රාජකාරිය ඈ... :-)

      Delete
  4. මේ මොකක්ද අෆ්ෆා මේ.
    අන්න රැඩිය නම් ලියල තිබුණ අනුන්ගෙ විලකට බැහැල පීනන එකක් ගැන. අපරාදෙ අරුන් දෙන්න ගේම අතෑරියේ. උන් ආරම්භ කරන්න ඕන තැනින් නවත්තලනේ. අයියෝ ෂල්ලි .... :-)

    ReplyDelete
  5. ඔන්න ඒ කොල්ලොන්ට කියන්න හිත රිදව ගන්නේ නැතුව නම්බරේ අපිට දීලා පැත්තකට වෙලා ඉන්න කියලා.....

    ReplyDelete
  6. ශික්!අපරාදේ..එදා කොල්ලෝ දෙන්නා MC ගියේ නැත්නම්....

    ReplyDelete
  7. හෙක් හෙක්!! අනේ කාලේ වනේ වාසේ!!

    ReplyDelete
  8. ඕව ඉතිං ඇදෙන ටිකට් තමා..

    ReplyDelete
  9. පිස්සු හැදෙනවා මම හිතන්නේ වංගෙඩියට දැන්තියෙන මෝල්ගහ මදි වෙන්නැති

    ReplyDelete
  10. මෙවුවට ඉතින් මොනා කියන්නද?

    ReplyDelete
  11. ෂුවර් එකටම මේක නිශාන්ට වුන දෙයක් වෙන්න ඕන :)
    ඕකනේ නිෂෝ මම කිව්වේ ... 'අනේ අම්මපා ඉන්න බැරි හැටි .. ගෑනුන්ට'

    http://www.thunsitha.tk/2012/05/blog-post_23.html

    ReplyDelete
  12. අයියෝ වෙන දේවල්....(හේ..හේ..)

    ReplyDelete
  13. ඇඩෙනවා ඈ... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබෙවා!!!

    ReplyDelete
  14. දෙන්නටම උනත් වගකියන්න පුළුවන් කෙනෙක් වෙන්ටැති. ඒකයි.

    ReplyDelete
  15. ගෑර මානියක්......

    ReplyDelete
  16. හික්..හික්.....කාගෙ කාගෙ කිල්ලෝට වලත් හුනු ටික ටික තියනව ලමයෝ....(අපේ ආත්තම්ම කාටද කිව්ව.) :D:D:D:D

    ReplyDelete
  17. වැඩියෙන්ම පරිස්සම් වෙන්ඩ ඕනේ බැඳපු ගෑනුන්ගෙන්.

    ReplyDelete
  18. කෙල්ලෝ ඔහොම්මමයි අප්පා..හිකිස්‌

    ReplyDelete
  19. "hisahsyan" tami ubawa islama daky, digatama enwa.
    Sajith Mendis

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!