දිනුෂිගේ සිතේ මහත් අනුකම්පාවක් පිරෙන්නට විය
අනේ පව් ඒ මල්ලි
සමහර විට ආමි එකේ කොල්ලෙක් වෙන්න ඇති
ඔව් ඒ කොල්ලගේ පෙනුම නම් ආමි එකට තමා ගැලපෙන්නේ.
අපේ රට වෙනුවෙන් යුද්දේ කරලා මොකක් හරි වෙලා වෙන්න ඇති මේ වෝකින් ස්ටික් එකක් තියෙන්නේ.
පව් කකුලක් කපලද දන්නේ නැහැ
ඇයි දෙයියනේ අහිංසක මිනිස්සුන්ටම මෙහෙම වෙන්නේ?
බලන්න ඒ තරුණ ජීවිතයක් නේද?
ඒ මූනේ තියෙන අහිංසක පාට යට මොන තරම් දුකක් ඇද්ද
දහසක් සිතුවිලි එම තරුණයා දෙස බලා දිනුෂි සිතන්නට ගත්තා ය.ඒ අතර බොරු කකුලක්ද දමා සිටින්නේ යැයි ඇය උවමනාවෙන් සොයා බැලිය.එහෙත් ඩෙනිම් කලිසම සපත්තු දෙක දක්වා දික් වීමෙන් කිසිවක් දැකගත නොහැකි විය.ඇයගේ සුපරික්ෂාකාරී බැල්ම එම තරුණයාද දුටුවා.තමාගේ සුපරික්ෂාකාරී බැල්ම ඔහු දුටු බව දිනුෂි ද දැනගත්තා
එහෙත් ඇය සිතෙන් සිතමින්
ඒ මල්ලි දැක්කා මං එයා දිහා බලනවා කෝකටත් වැඩිය බලන්න හොඳ නැහැ නැත්තම් එයා හිතාවි මම එයා දිහා අනුකම්පාවෙන් බලනවා කියලා
ඔව් ගොඩක් ආබාධිත ආමි කොල්ලෝ කැමති නැහැ ඔවුන් දෙස අනුකම්පාවෙන් බලනවට
එලෙස සිතුවත් ඇය නැවත හොරෙන් මෙන් එම තරුණයා දෙස බැලුවේය ඔහු මවත් සමඟ විටින් විට කතා කරන දේවල් වැඩිය පැහැදිලි නැත.එහෙත් දිනුෂි උවමනාවෙන් කතාවට ඇහුම් කන් දෙන්න උත්සහ ගත්තේ ය.
කොල්ලු පිටිය හන්දියෙන් බස් රථය නැවතුවේ බසින අයට බැහැගන්නත් නගින අයට නැගගන්නත්ය එවිට අර තරුණයා අසල සිටි කාන්තාවද නැගිට්ටේ ය ඇය නැගිට අර තරුණයා අත වූ වෝකින් ස්ටිකය ඇයගේ අතට ගෙන ඇය බසයෙන් බහින්නට විය ඇය අසල සිටි තරුණයාද ඇයව අල්ලාගෙන බසයෙන් බැස්සාය.
දිනුෂිගේ සිතේ මැවුනා වූ සියල්ල වැරදුනේ ය වෝකින් ස්ටිකය තරුණයාගේ නොව ඔහුගේ මවගේ ය.
-නිර්මාණයක් පමණි
________________________________________________
ප/ලි
මෙම නිර්මාණයට පාදක වූයේ මම සහ මගේ මව ඇස් වාට්ටුවේ සිට කොල්ලුපිටිය බලා යන අතර අතරමඟදී නැග ගත් තරුණියක් සැරින් සැරේ මගේ මවගේ වෝකින් ස්ටිකය රැගෙන සිටි මා දෙස කිහිප වරක්ම ඉතා උනන්දුවෙන් බැලීම නිසා ය.
එම තරුණිය මා හට මල්ලි යනුවෙන් සිතු බව මා සිතුවේ බොහෝ තරුණියන් මාව දුටු සැනින් මට මල්ලි කීම නිසා බවද සලකන්න එහෙත් ඇය එවෙලේ මා දෙස බලා වෙන යම් දෙයක් සිතුවාද යන්න මා නොදනී.ඇයගේ නම සැබෑවටම දිනුෂි නොවන අතර එය මා විසින් උපකල්පනය කර පරිකල්පනය වී යෙදවුවක් බවද සලකන්න.සැබෑ නම මාද නොදන්නෙමි.
මාගේ මවගේ පාදයේ ආබාදයක් හේතුවෙන් ඇය වෝකින් ස්ටිකයක් දුර ගමන් වලදී භාවිතා කරන බවද සලකන්න!
ලස්සන කථාවක් අස්සෙ උබ නිකන් පොර වෙන්න හදල නේද... අහින්සක මූන.. හමුදා පෙනුම.... එල එල.. කවුරුත් නොකියන එකේ උබම කියාගනින්
ReplyDeleteකථාව ලියල තියෙන විදිය මරු ඈ
වැදගත්ම දේ අහන්න බැරි උනා.. අම්මට මොකද මචන් උනේ.. මොකද්ද කකුලෙ ආබාදය
Deleteඅඩෝ මම කොහොමත් පොර තමයි බං :D
Deleteස්ම්මට සුගර් නිසා කකුලේ ඇඟිල්ලක් කැපුවා බං ඒකත් ඩොක්ටර්ස්ලගේ අත්වැරැද්දක් :(
පොර වීම සාර්ථකයි :D එල කතාව
Deleteඅනේ නැහැ බං මම පොරක් නෙවේ මම නිකන් කොල්ලෙක්.මට වඩා පොරවල් ඉන්නේ ඕනෑතරම්. :)
Deleteස්තුතියි මචෝ කමෙන්ටුවට.:)
එළ... තමන්ගෙ අත්දැකීමක් අනුන්ගෙ පැත්තෙන් බලපු එක හරි මාරයි.. ඒ කෙල්ල උබට ලයින් එකක් දානවා කියලා නොහිතා ඔහොම දෙයක් හිතුනෙ ඇයි උඹට ?
ReplyDeleteමම ඉතින් අනිත් අය ගැන වැරදියට හිතන්නේ නැහැනේ සහෝ :)
Deleteඅපරාදේ නෙහ් !!!
ReplyDeleteදවසක් මටත් ඔහොම සීන් එකක් උනා වැලිසර ගැමුණු කෑම්ප් එක ලඟදි. මතකද මන්දා එක වතාවක් මගේ දනිහ පැන්නා. ඒ දවස්වල කොර ගගහා තමා කොහේ ගියත් ගියේ.
ඉතින් එදා කෑම්ප් එක ලඟින් බස් එකට නගිනකොට ගෑල්ලමයෙක් මට සීට් එකකුත් දුන්නා.කොණ්ඩෙත් ආමි කට් එක නිසා ආමිකාරයෙක් කියලා හිතුවද මන්දා !!!
අද මම එක !
හෑ මම දන්නා කියන ප්ලේස් එකක් නොවැ ඔය.මම ස්වීමින් ඉගෙන ගත්තේ ඕකේ තමා.
Deleteඅයියෝ එක නෙවේ තුන :(
මටත් පුස්නේ අහන්ඩ බැරි උනා.
Deleteඅම්මට මොකෑ උනේ මලේ ???
ඔන්න උඩින් දැම්මා අයියේ..
Deleteඅන්න හරි.. කෙල්ලෙක්ට කොකා පෙන්නලා. කොහොම වුනත් නියමයි. හොඳට ලියලා.
ReplyDeleteකොකා පෙන්නලා? හැබෑට මම එහෙම කරලද? :)
Deleteලියමන ගැන සඳහන් කරාට ස්තුතියි සහෝ :)
ඇත්තට ඉතින් හිතක කොච්චර දේවල් නම් හිතෙනවා ඇත්ද...එ දිනුශි මොනා හිතුවද ඔයා දැන ඔයාගේ මතේ හිතලා ලියලා...එයා වෙනම දෙයක් හිතුවද දන්නෙත් නැ..එයා අදුරන කෙනෙක් හිටියාද දන් නැනේ ඔයා වගේ..ඔය වගේ නානාප්‍රකාර දේවල්..
ReplyDeleteඔන්න ඔන්න පැහැදිලි ඊරිසියාව :D
Deleteහොඳට ලියලා තියෙනවා....
ReplyDeleteඔය වගේ වලිගෙ පාගාගැනීම් කොච්චරනම් වෙනවද මිනිස්සුන්ට......?
හෆොයි මටත් ඔය වගේ ඒවා වෙනවා :)
Deleteකෙල්ලන්ගේ අනුකම්පාව දිනාගන්න කොල්ලෝ මෙහෙම ජාතිත් කරනවලු නේ :D
ReplyDeleteඅපෝ මමනම් එහෙම කරේ නැහැ බං
Deleteමුලින්ම ආදරනීය අම්මට ඉක්මන සුව,.,ප්‍රාර්ථනා කරනවා ,., එල අයියේ කතාවා,.,ඇත්තටම ඔය පෙනුමද අයියට තියෙන්නේ
ReplyDeleteප්‍රාර්ථනාවට බෙහෙවින් ස්තුත්යි මලේ.
Deleteඔව් ඇත්තටම එහෙම පෙනුමක් තමා තියෙන්නේ :)
මවට ඉක්මන් සුවය...! හ්ම්ම්ම් එතකොට ඔය වගේ ඇබැද්දි වලින් බේරුනහැකිනෙ !
ReplyDelete:D
Deleteකණගාටුයි මල්ලි, ඔයාලගෙ අම්මට ඉක්මන්සුව ප්‍රාර්ථනාකරනවා.
ReplyDeleteඔයාට හිතෙන්නෙ නැත්ද කතාව ගලාගෙන යනව ඉක්මන් වැඩියි කියල. ඕක කෙටිකතාවකට හොඳ නිමිත්තක්. තව ටිකක් සිදුවීම ප්‍රාණවත්කරල ලිව්වනම් හොඳයි කියල මට හිතෙනව.
හ්ම්ම් ඒකනම් ඇත්ත තමා ඒත් හිතුන දේ වැඩිය ඔපෙ නොදා දැම්මා සහෝ.
Deleteෂුවර් එකටම නිෂාන් දිහාද ...බලල තියෙන්නෙ..පොරට එහෙම හිතුනද...?
ReplyDeleteඅනිවා අනිවා මං දිහා තමා බැලුවේ..:)
Deleteමාතෘකාව දැක්කම හිතුවේ ඇත්ත කතාවක් කියලා....බලද්දි එහෙම්මමත් නෙමේනේ....කොහොම වුනත් ඔයාගේ අම්මට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා
ReplyDeleteඇත්තම කතාවක් තමයි අනේ..
Deleteහම්...........
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්...
Deleteඅම්මට ඉක්මනට සුව වෙන්න කියලා පතනවා.
ReplyDeleteඅපේ ආච්චිටත් තව පොඩ්ඩෙන් කකුලක් නැති වෙනවා දිය වැඩියාව නිසා.අදුරන ඩොක්ටර් කෙනෙක් කපන්න නොදී ගොඩ දාගත්තා.කෝමාරිකා වලින් තමා ගොඩ දැම්මෙ.
බොහොම ස්තුත්යි අක්කා ප්‍රාර්ථනාවට
Deleteඅපේ අම්මගේ තුවාලෙටත් කෝමාරිකා දැම්මා.
හි හි .. මගේ තරහ කාරයා.. නැහැ.. :/ මම ඔයාගේ තරහකාරිනේ ..කොහොම උනත් කතාව ලස්සනට ගලපලා හ්ම්ම් :)
ReplyDeleteඇත්තටම අපි ඔය කිව්ව ජාතියේ අයද? හෑ
Deleteඇයි අපි එහෙම වුනේ?
හිතාගන්න බැහැ අෆ්ෆා.
අපි යාලු වෙමුද? :) හ්ම්ම් හ්ම්ම්
හොඳට ඇවිදින ලමයි ඉන්න අම්මල තාත්තල සීට් ගන්න ලමයි වඩාගන්නව වගේ.
ReplyDeleteහික්ස් මමනම් එහෙම කරේ නැහැ සහෝ මං වැඩිහිටයෙක් දැක්කොත් අනිවා සීට් එක දෙනවා අම්මා ගැන හිතලා ඒත් කෙල්ලොන්ට නම් සීට් දෙන්න මට බඩේ අමාරුව නැහැ :)
Deleteඒ කියන්නෙ නිශාන්ට තියෙන්නෙ ආමි පෙනුමක්...ඒ පෙනුම මොන වගේද දන්නෙ නෑ...
ReplyDeleteහි හි හී...සිතුවිල්ලක් කියල ලියල තියෙනවනේ සිතුවිල්ලනම් මරු..නමුත් අම්ම ගැනනම් ගොඩක් දුකයි..දොස්තරල නිසා දුක් විදින්නෙ අහිංසක මිනිස්සු...
ඒ පෙනුම අන්න අර වගේ අනේ...:D
Deleteහ්ම්ම්ම් දොස්තරලා හරියට බැලුවා නම් මෙහෙම වෙන්නේ නැහැ තමා අක්කා..
මිනිස්සු වලිග පාග ගන්න නිසානේ උබට මල්ලි කියන්නෙ හැම එකාම :පී
ReplyDeleteඅම්මාට මොකද බං? ඉක්මනට හොද වෙයි...
අයියෝ සල්ලි බලන් ගියාම හැම එකාම වලිගෙ පාගගෙනනේ :D
Deleteඅම්මගේ ඇඟිල්ලක් කපලා බං දැන්නම් හොදයි.
හිතාගෙන හිටිපං ආච්චිලත් උඹට මල්ලි කියයි කියලා... :D
ReplyDeleteමවුතුමියට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමි.
හෑ එහෙම කිව්වොත් නම් මාර සීන් එක බං :D
Deleteප්‍රාර්ථනාවට ස්තුතියි මචෝ!
oya malli kenek kiyala hitanna taram oya echcharatama cutiyda ayye?oyage ammata ikmanatama hoda wenna kiyala prartana karanawa.....
ReplyDeleteඔව් නංගි මම හලීම සූටියි. :)
Deleteස්තුතියි පැට්ටෝ ප්‍රාර්ථනාවට
ලස්සනයි කතාව...:)
ReplyDeleteඔයාගෙ අම්මාට නිදුක් නීරෝගි සම්පත ප්‍රාර්ථනා කරනවා!!!
ස්තුතියි සහෝදරි :)
Delete"ඒ කොල්ලගේ පෙනුමනම් ආමී එකටම තමා ගැලපෙන්නේ "
ReplyDeleteඅප්පට සිරි උබ අමී පෙනුමක් තියෙන එකෙක්ද... එහෙනම් දෙන්න එපෑ දෙකක් එදා දීප්ති අක්කගේ අය්යා ගහන වෙලාවේ...
ලස්සන කතාව...
මං එදා ඉවසුවා බං අරු වැඩිහිටියෙක් නිසා :P
Deleteසමහර විට සැරයටිය තිබුනේ නැත්තම් දිනුෂි කොල්ල දිහා බලන එකකුත් නෑ.
ReplyDeleteඒත් බලනවා බං අනිවා :)
Deleteමටත් හිතෙන්නේ ඒකම තමා.. දිනුෂි ලස්සනද මතං?
ReplyDeleteලස්සනයි මතං
Deleteඋඹලත් අහන ඒවා.
ඔය කැරකෙන්නෙ සිකුරා.... නේද අපෙ මල්ලී....
ReplyDeleteමල්ලි ඔයාගෙ අම්මා ගැන මට ගොඩක් දුකයි....
සිකුරා නෙවේ අක්කා දිනුෂි :)
Deleteමොනවා වුනත් වෙච්ච සිද්ධිය ලස්සනට හිතින් මවාගෙන තියනවා..ඇත්තටම ඔයාට අර කිව්ව පෙනුම තියනවද..?(හේ..හේ..)
ReplyDeleteඅම්මිට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!!
පෙනුම ගැන සැකයි ද? :)
Deleteහොඳ නිර්මාණයක් නිශාන්.
ReplyDeleteනිශාන් මේ පෝස්ට් එකයි කමෙන්ට්සුයි බැලුවගමන් මට මතක් වුනේ අර "ඉන්සියුලින්" පෝස්ට් එක. ඒකත් මගෙ හිත සසල කල එකක්. මොනවා වෙලාද අර ඩොක්ටස්ලට අත් වැරැද්දක් වුනා කිව්වෙ ඇඟිල්ල කපලා දාන්න?
henryblogwalker the Dude
මුලින්ම ස්තුතියි විමසුවාට
Deleteඅම්මගේ මහපට ඇඟිල්ලේ තුවාලයක් ආවා.ඒකට බෙහෙත් කරන්න ගියාම මහපට ඇඟිල්ලෙන් බාගයකුයි යටි පතුලයි හූරලා දැම්මා.අන්තිමට උඩ පැත්තෙනුත් හෑරුවා.තව දශම 5ක් හෑරුවා නම් උඩින් බලද්දී යට විනිවිද පේනවා.එහෙම දෙපාරක් තුන්පාරක් ඒගොල්ලෝ හාරලා මහපට ඇඟිල්ලේ මෙහා පැත්තේ ඇඟිල්ලේ ස්නායු කැපිලා ඒ ඇඟිල්ල නරක් වුනා.අන්තිමට ඒ ඇඟිල්ල කපන්න ඕන කිව්වා.
මහපට ඇඟිල්ලට බෙහෙත් කරන්න ගිහින් දඹරඇඟිල්ල කපාගෙන එන්න වුනා.ඒ ඇවිල්ලත් අර වල වගේ තුවාල හොඳ වෙන්න අම්මා සැහෙන්න කාලයක් දුක් වින්දා.
නිරමානය හොදයි.ඔයාටම වෙච්ච් දෙයක් මේ විදියට කතාව හොදට ලියලා තියේනවා.
ReplyDeleteඅපිටත් ඔය හා සමානව ටිකක් වෙනස් සිද්දි ඔන තරම් වෙලා තියෙනවා නිශාන්.
ලන්කාවේ එකම සින්හල වෙබ් අඩවි නාමාවලියට ඔයාගේවෙබ් අඩවියත් එකතු කරන්න කියලා අරාදනා කරනවා.
http://site.myshouter.com
එහෙනම් ලියමුකො සහෝදරයා ඒ වගේ සිදුවීම් ටිකක්.
Deleteහික්...ම්ම්ම මරු කතාව..
ReplyDeleteතැන්කු මචන්
Deleteහෆෝයි මචෝ... අම්මිට ඉක්මනින්ම සනීප වෙවී... ඉතින් කොල්ලෝ මටත් ඔය ආමි ලුක් එක ගැන පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන් නේදෝ...
ReplyDeleteහරිම වටිනවා...ඇත්තටම රට වෙනුවෙන් බොහෝ දේ කැපකරපු විරුවන්ට සලකන අපේ රටේ කෘතගුණදත් මිනිසුන් ගැන අවන්කවම සතුටු වෙනවා...
හ්ම්ම් ලුක් එක විතරයි බං මං ආමි නෙවේනේ
Delete