Friday, July 06, 2012

92 පෝලිමේ හිටිය මොඩ් අක්කලා දෙන්නා!



කලින් මතකනේ ඇස් වාට්ටුවට ගිහින් එද්දී අක්කා කෙනෙක් මං ගැන හිතපු හැටි? එදා මම ඇස් වාට්ටු ගියේ ඇයි කියලා මගේ යාළුවො දෙතුන් දෙනෙක්ම මගෙන් ඇහැව්වා 


අවුරුදු එකහාමාරක් මම කොම්පියුටරය ඉස්සරහා රෑට රෑට ගත කරලා අන්තිමට මගේ ඇහැකට මම කෙලවගත්තා කිව්වොත් වැරදි නැහැ.පහුගිය දවස් වල බ්ලොග් දෙක තුනකම වැටුනා
පරිගණකයක් ඉස්සරහා වැඩි වෙලාවක් ගත කිරීම නිසා ඇස් වියලෙනවා කියලා.ඕවා අනිත් අය වගේම මම ගණන් ගත්තෙත් නැහැ .ඒත් ඇස් වේලිලා ඇසෙ තෙතමනය රඳවාගන්න ක්‍රමවත් වන වැඩ පිළිවෙලක් වෙනස් වෙලා මගේ වම් ඇහැ යට ගෙඩියක් ඇවිල්ලා.


ඒකට මොන මොන බෙහෙත් ගත්තත් හරිගියේ නැහැ අන්තිමට ඇස් වාට්ටු ගියාම එතනිනුත් දුන්නා ක්‍රීම් එකකුයි ඇහැ පිරිසිදු කරන්න උපදෙස් සහිත පත්‍රිකාවකුයි.සති දෙකක් ඒ විදියට කරලා හරිගියේ නැත්තම් ඇහැ ඇතුල් පැත්තෙන් කපලා ඒ ගෙඩිය අයින් කරනවලු ඒක ඇත්තටම පොඩි ඔපරේෂන් එකක්.මම නම් ඔපරේෂන් වලට ටිකක් බයයි.


ඔන්‍න‍ ඕකයිලු මම ඇස් වාට්ටු යාමට හේතුව හරිද.


මම කොහේ ගියත් මට මොකක් හරි වින්දනීය දෙයක් දකින්න ලැබෙනවනේ ඉතින් එදා ඇස් වාට්ටුවේ පෝලිමේ ඉද්දි ඒ පෝලිමේම හිටියා ටිකක් සෙක්සි අක්කලා දෙන්නෙක් එයාලා හරිම මොඩ්,ජීන්ස් ඇඳලා කර පළල් ටොප් ඇඳලා ලිප්ස්ටික් ගහලා හම්මා සුවඳ විලවුන්වල සුවඳ?.අනේ නැහැ කිසිම නරක සිතුවිල්ලක් ඒත් ඉතින් ඒ දෙන්නා හිනා වේවි මුකුළු කර කර ඉද්දි නිකන්ම බැලෙනවා.අම්මා එහා පැත්තේ ඉද්දි මට ඉතින් ඔය එක එක අක්කලා දිහා බලන්නත් බැහැනේ ඉතින් මම වැඩිය බැලුවේ නැහැ ඈ.
ඒත් ඒ පෝලිමේම මම වගේම තවත් කොල්ලෙක් හිටියා.මිනිහා නම් මං වගේ දැහැමින් සෙමින් පොරක් නෙවේ ඒ යකා එතන හිටපු ගෑනු උදවිය එක්ක හරි හරියට මුසාවාද දොඩවනවා.මම නම් වැඩිය සද්දේ නැතුව ශේප් එකේ අක්කලාට බැල්මත් දාගෙන මගේ පාඩුවේ හිටියා.


එතන අලුතෙන් ගිය අයට කතා කරන්නේ ටිකට් එකේ තියෙන නම්බරේට අනුව ඒත් පරණ අයට කතා කරන්නේ ටිකට් එකේ තියෙන නමයි ගමයි කියලා.අර අක්කලා දෙන්නත් පරණ දෙන්නෙක් මොකද එයාලට කතා කරෙත් නමයි ගමයි කියලා.


මට එතන වෙච්ච වින්දනීයම දේ වුනේ ඒ නමුයි ගමයි තමා 
නම් ගම් කියලා කතා කරන නර්ස් වගේ ඇන්ටි කෙනෙක් අපි පෝලිමේ ඉද්දි


සෝමාවතී අම්පාර ජයවතී අම්පාර දෙන්නා එන්ඩ...........
කියලා හයියෙන් කෑගහනවා.


මං ඉතින් බලන් හිටියා ඇන්ටිලා දෙන්නෙක් හරි ආච්චිලා දෙන්නෙක් හරි නැඟිටලා යයි කියලා ඒත් නැඟිටලා ගියේ අර අක්කලා දෙන්නා.


ඒ දෙන්නගේ නම් තමා සෝමාවතියි ජයවතියි ඇවිල්ලා තියෙන්නේ අම්පාරේ ඉඳලා මං හිතුවේ සමහර විට ඒ එයාලගේ අම්මලාගේ නම් කියලා ඒත් පරීක්ෂණ කාමරේට මම ගියාමයි දැක්කේ ඒ දෙන්නගෙත් ඇස් පරික්ශා කරනවා .


________________________________________________
සඳහන් කල යුතුම දේකුත් තියෙනවා!.
මම ඉස්සෙල්ලාම ඇතුල් වෙන තැනින් ටිකට් එක ගද්දි එතන හිටපු අයියාට මම විස්තරේ කිව්වා ඇහැ ගැන අනේ ඒ අයියා මට පුතේ කියලා කතා කරලා ටිකට් එකත් දීලා යන්න ඕන තැනුත් කියලා දුන්නා.


හොටු  කෙල්ලෝ මට මල්ලි කියද්දී මම අයිය අයියා කියද්දී මට පුතේ කියපු ඒ අයියාට මාගේ මහත් ප්‍රමාණය පුද කර සිටිමි!



92 comments:

  1. මේක නම් අර කෙල්ලෝ දෙන්නට ගහපු සුපිරි මඩ පාරක් වගේ :D

    ReplyDelete
    Replies
    1. :D අනේ මම එහෙම නැහැ බං

      Delete
  2. ඔය හොටු කෙල්ලන්ට මඩ ගහලා මදි.. :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ආයේ අලුතෙන් ගහන්න ඕන නැහැ බං
      හොටු කෙල්ලෝ :)

      Delete
  3. විවෘත ආර්ථිකේ අනිසි විපාක හැටියට ඕවා දකින්න පුළුවන් (මම මේ කොහේදෝ මන්දා දැක්ක එකක් ලිව්වේ ඈ)

    ඔහොම ඇස් වේලනවට කරන්න ප්‍රතිකර්මයක් කියන්නකෝ අයියේ සෑහෙන්න වටිනවා ඈ මගෙ ඇස්වලින් හිටු කියලා කඳුලු එනවා මේකද දන්නෑ කේස් එක...

    ReplyDelete
    Replies
    1. විවෘත ආර්ථිකේ? :P

      බෙහෙතක් දුන්නා ඒ ගෙඩියට ගාන්න ඔයින්මන්ට් කියලා ක්‍රීම් එකක්.බැස්සේ නැත්තම් කපනවා කිව්වා ගෙඩිය අම්බෝ.. :(

      Delete
    2. අක්කලාටත් එහෙම කිව්වද බං

      Delete
    3. නැහැ බං අම්මා ළඟනේ එවෙලේ :(

      Delete
    4. බැස්සෙ නැත්තම් එන්න කියල කිව්වෙ අර අක්කල දෙන්නද බං........දෙන්නෙක් ඉන්න හින්දා යද්දි මාවත් එක්කන් පලයන් ඈ

      Delete
    5. කොහෙද උඹ දෙන්නෙක් දැක්ක ගමන් සැලෙනවානේ

      Delete
  4. හූ ඈ අක්කල දෙන්නට :D

    -------------------
    බුබුළු නගින බෙලිකටු !

    ReplyDelete
    Replies
    1. හූ එකක් මගේ ගානෙත් :)

      (Y)

      Delete
  5. කීබෝඩ් එකේ Backspace කියලා කී එකක් ඇති. එහෙම නැත්නම් <- ඔහොම ඊතලයක් ගහපු එකක් ඇති. ඒක ඔබපුවාම වැරදිලා ටයිප් වෙච්ච ඒවා මකන්න පුලුවන්. එහෙම නැත්නම් මවුස් එකෙන් සිලෙක්ට් කරලා Delete කී එක ඔබන්න.

    ReplyDelete
    Replies
    1. වැරදිලා වෙන්ටෑ මයේ හිතේ කොමන්ට් කරන්න ඇත්තේ..

      Delete
    2. අර කපලා තියෙන අකුරු මකා ගන්න හැටියි කිව්වෙ

      Delete
    3. හැබෑද? කලින් කියන්න එපැයි බං අයියෝ..

      Delete
    4. හිහි.... මේ කොමෙන්ටුවට මට හරි හිනා හරී

      Delete
    5. ඔයා හිනාවෙන එකම ලොකු දෙයක් :)

      Delete
  6. Ai ampare kellanta mod wenna berida ayya.. Kolamba kello witharada mod wenna one...

    Nama mokak unama moko ayyaaa

    ReplyDelete
    Replies
    1. හැබෑ නේන්නම් මලේ :)
      ඔයාගේ කතාවත් ඇත්ත.

      Delete
  7. අනේ මංදා බන්...අර ඇනෝ කිව්වා වගේ අම්පාරෙ උන් හමදාම රෙද්දයි හැට්ටෙයි ඇඳගනම ඉන්ඩ ඕනද ?

    ReplyDelete
    Replies
    1. :) මොකෑ ඇන්දම අපිට මොකෑ නේද බං

      Delete
  8. අනේ මන්දා මේකත් ඇහේ ගෙඩියක් හදාගෙනත් ඇහෙන් කරන දහදුරා වැඩ ටික නවත්තලා නෑනේ

    ReplyDelete
    Replies
    1. මම කිසිම දහදුරා වැඩක් කරන්නේ නැහැ බං :)

      Delete
  9. ඔය කිවුවට ඇහැ අප්සට් ගිහින් තියෙන්නේ මේවා බලලද කොහේද?

    විහිළුවක් කලේ.. දැන් ඇහේ අමාරුව හොදෙයි??

    ReplyDelete
    Replies
    1. මම අහිංසකයි මගේ පැතුම් මටත් වඩා අහිංසකයි :D

      දැන් නම් ගෙඩිය ටිකක් බැහැලා සහෝ සම්පූර්නෙන්ම බැහැලා ගියොත් හොඳයි.

      Delete
  10. මේ ලගදි මොකෙද්ද ඇමතියෙකුත් කියල තිබුන ගමේ කෙල්ලෝ කලිසම් අදින්නේ රටේ ආර්ථිකේ හොදනිසා කියලා

    ReplyDelete
    Replies
    1. ඇමතිලා කියනවා නම් ඇත්ත වෙන්න ඇති සහෝ :)

      Delete
  11. කස්ටියම වරෙල්ල! අපිවත් මූට අයියේ කියමු බං.පව්නේ!
    නිශාන් අයියේ නියම කතාව!

    ReplyDelete
    Replies
    1. අයියලා මට පුතේ කියනවට තමා මම කැමති :D

      Delete
  12. මේක කරකවලා ගහපු කනේ පාරක්.

    ReplyDelete
  13. උඹ ඔය උඩ දාලා තියෙන අක්කලා දෙන්න​ගේ රූප හොයද්දි තව කීදෙනෙක්ගෙ නම් රූප එන්න ඇතිද.... නේනේනේද..... :D

    ReplyDelete
  14. මේ ඕක උබ කෙල්ලන්ට මඩක් ගහන්න ගොතපු කතාවක් නේද?

    කොලබට වඩා දන ගම්වල කෙල්ලෝ මොඩ් බං..

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං මම කාටවත් මඩ ගහන්නේ නැහැනේ උඹ ඒක දන්නවනේ :)

      Delete
  15. මතං ඇත්තමද ඔය, යකඩො මමත් සමහර දවස්වලට (පහුගිය කාලෙ එකදිගට හැමදාම) උදේ 9 ට විතර මේක ඉස්සරහින් ඉඳ ගත්තම රෑ 1 - 2 ට තමා කම්පීතරේ වහන්නෙ. ඒකට මොකුත් ප්‍රතිකර්මයක් කිව්වෙ නැත්ද බං.
    කොහොම උනත් උඹේ ලෙඩේ ඔපරේෂන් නැතුව, ඔය බෙහෙත්වලින්ම සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිකර්මෙට ක්‍රීම් එකක් දුන්නා ගාන්න ගෙඩිය ටිකක් විතර අඩු වෙලා සම්පූර්නෙන්ම බැස්සොත් හොඳයි

      Delete
  16. ප්‍රගතිශීලී ජනතාව ඉන්න රටක් මේක
    නාමිකව ග්‍රාමීය උනාට භෞතිකව නාගරීකරනය වෙලා

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත කතාව අපේ ගම් වලත් දැන් සබ්‍යත්වය ඉවරයි.

      Delete
  17. ඕක මාත් දැකලා තියෙනවා...පෙනුම කොළඹ හතේ වගේ තිබ්බට නම ඇහුවහම කලන්තේ දානවා ;p

    ReplyDelete
  18. ඇස් දෙක ගැන මගේ සෝකය...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝදරයා..

      Delete
  19. මගේත් ඇස් වල කදුලු එන සීන් එක තියනවා අප්පා.. කවුරුහරි උත්තමයෙක් ‍ඉන්නව නම් ඇස් වල ගැන තිබ්බ බ්ලෝග් ලින්ක් එක දෙන්න..

    ReplyDelete
    Replies
    1. මම නම් දන්නේ නැහැ සහෝ ඒත් අනිවා හම්බුනොත් ඔයාටත් දෙන්නම්

      Delete
    2. කෝමාරිකා දෙකට පලලා කෑලිදෙක ඇස් වලට තියා ගන්න

      Delete
  20. දැන් ගම දියුනුයිලු .දැන් ගම්වල කෙල්ලොත් ඩෙනිම් අඳිනවලු.මතකද දේසපාලුවෙක් කිව්වා

    ReplyDelete
    Replies
    1. ගම නම් දියුණුයි ඒත් ගමේ තිබ්බ සබ්‍යත්වයත් ඉවරයි බං

      Delete
  21. මේ සඳරුවලැයි ගමේ කෙල්ලො දෙන්නෙක් නේ.. සුවර් එකට සඳරුව අදුරනව ඇති

    ReplyDelete
    Replies
    1. ඒකනම් මට අහන්න අමතක වුනා බං

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඔහ් ඩිලීට් කරලනේ

      Delete
  23. හිකිස්,.,., ඔවුව්වා ඔහොම තමයි,.,මේ නාකියා මල්ලි මල්ලි ක්ඉයල කියාගන්න දගලන තරන් අම්මපා ,., :D

    ReplyDelete
    Replies
    1. නාකියා? අනේ පල ගෙම්බා යන්ඩ :D

      Delete
  24. hoda wade computer eka laga godak wela hitiyata.(wihiluwta hode hoda wade kiyala kiwwe :) chutima chuti nishan ayye........welawata beheth bila ikmanata oka hoda karaganna one.oka ikmanatama hoda wenna kiyala prartana karanawa hode.....

    ReplyDelete
    Replies
    1. හොඳ වැඩේ කිව්වා නේද? :(

      චූටිම චූටි නිශාන් අයියා කියපු එකට නම් මම ලයික් ඈ :)

      Delete
  25. පොෂ් වෙන්නත් ඕනේ අකුරු දන්නෑ කිව්වා වගේ

    ReplyDelete
  26. හපොයි...අපේ මල්ලිටත් වෙන වැඩ...හ්ම්ම්...
    අනේ පව් ඒ අක්කිලා දෙන්නට... නම් වෙනස් කළානම් හොදයිනේ...

    ReplyDelete
    Replies
    1. මල්ලි නෙමේ... නිශාන් !!!

      Delete
    2. ඒකනේ මටමයි වෙන්නේ අක්කා :(
      මං කිව්වා ඒ දෙන්නට නම් වෙනස් කරගන්නට කියලා.

      Delete
  27. ඇස් රිදෙන එක අහන්ඩත් දෙයක් යෑ. පොඩ්ඩක් පරිස්සමින් ඉන්ඩ මලේ. ඇහේ පොට යයිද මන්දා. හික්ස් :)
    මගේ නම් පොට යන්ඩ පොටක් නෑ....

    ReplyDelete
    Replies
    1. පොට මගෙත් ගිහින්ද දන්නේ නැහැ :D

      Delete
  28. හපොයි..ඇස්වාට්ටු ගිහින් ඉවර වෙද්දි කතා පොතක්ම ලියන්න පුළුවන් වෙයි වගේ....(හේ..හේ..)

    දැන් බෙහෙත් ගත්තට පස්සේ ඇස් රිදෙන එක අඩුයිද..?

    ReplyDelete
    Replies
    1. ඇහැ රිදෙනවා නෙවේ නංගි ඇහේ යටින් පිල්ලමේ ගෙඩියක් වගේ එකක් තියෙනවා කිසිම වේදනාවක් නැහැ ඔව් දැන් බෙහෙත් ගාන නිසා ඒක ටිකක් විතර අඩුයි.

      Delete
  29. නිශාන්ගෙ ඇහැට වුනයි කියන දේ මම අපේ චූටි පුතාටත් කතා කරලා කිව්වා. ඒක මටත් හොඳ පාඩමක්. ගියපාර පෝස්ට් එකෙන් අම්මගෙ තුවාලෙ ගැන අහලා කම්පාවුනා.

    නිශාන්, මේ කතාවෙනුත් මතුවෙන කාරනා තවත් තියෙනවා. ඔය නම අනුව පරම්පරාව හොයන්න පුලුවන්කම තියෙන්නෙ අපේ රටේ විතරක් වෙන්න ඇති මම දන්න විදියට. මගෙ වයසෙ තමාරලා මහේශිලා ඉන්න කොට මගෙ ගෝලයෙක් හිටියා අම්පාරෙ සීලවතී කියලා. ඒ නම ඒ යුගයට නොගැලපෙන නමක්. දාල තියෙන්නෙ අම්මලගෙ දැනුම අනුව. අනික අර දිය සායයි බ්ලවුස් එකයි වන අපේ ගෑනුන්ගෙ ජාතික ඇඳුමම ඇඳං ඉන්න ඕනෙය කියලා එකක් නෑනෙ නේද?

    ඇහැ නොසලකා ඉන්න එපෝ.

    තව අර උඩ කමෙන්ට් එකක් දාලා තියෙන DDTයාට ඇවිල්ල ගහන්න හිතුනා උගෙ ක්‍රියාපිලිවෙත ගැන ඇහුවාම! :)

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔව් මම මේක ගොඩක්ම ලිව්වෙත් කට්ටිය ප්‍රවේසම් වෙයි කියලා තමා.

      මගේ යාලුවෙකුත් හිටියා අනුරාධපුරේ ඉඳලා ආපු කොල්ලෙක් සිරිපාල කියලා.අපි කවදාවත් එයාගේ හිත රිද්දුවේ නම් නැහැ ඒකට විහිලු කරලා.

      ddt අයියට වෙන වැඩ නැද්ද කොහෙද :)

      Delete
    2. දෙයියනේ .... ඩූඩ් අයියා, නිශාන්, මේක මගේ රස්සාව. උඹලයි හිතේ මම මේ මඟුල ඉස්සරහට වෙල ගේම් ගහනව, මූනූපොතේ පිස්සු නටනව කියලද. හැබැයි අකමැත්තෙන් නෙවි, බොහොම කැමැත්තෙන් ඉන්නෙ. එච්චරවෙලා යන්නෙ රස්සාවට අමතරව (ඒක පැය අටේ, ඔෆීස් එකක ඉඳන් කරන ජොබ් එකක් නෙවි) මගේ විවේකෙත් ගෙවන්නෙ මොනිටරේ ඉස්සරහ නිසා. ඒ බ්ලොග් කියවන එකයි, ෆිල්ම් බලන එකයි.

      Delete
    3. ඉතින් ඒ ගැන කලින් අපිව දැනුවත් කරන්න එපැයි :)

      Delete
  30. ubata gediyak awillada ah? :D

    kapanawa qwe mokakda bn? gediyada?

    ShANakA

    ReplyDelete
    Replies
    1. ඔව් බං ගෙඩියක් ඇවිල්ලා හැබැයි ඇහේ :P

      Delete
  31. අයියෝ ඔහොම කියන්න එපා ..ලස්සන නම් දෙකක්නේ ..

    ReplyDelete
    Replies
    1. මං කැතයි කිව්වද ඉතින්? :)

      Delete
  32. කවුද දන්නේ ඒ කොල්ලෝ දෙන්නා වෙස්වලාගෙන රජකාරියකද කියලා ?

    ReplyDelete
  33. හික්ස්
    අර අය්යාට විතරයි උඹව හරියට පෙනුනේ :ඩ්

    ReplyDelete
    Replies
    1. අඩේ මගෙත් ඇහේ පොට ගිහිල්ලද මන්දා බොලව්, මේ පුබුදුගෙ ප්‍රොෆයිල් පික්චර් එකේ උඹලට මොනවද පේන්නෙ? මට නම් පේන්න්නෙ 18+ එකක් බං.
      henryblogwalker the Dude

      Delete
    2. හප්පුච්චියේ ඩූඩ් අයියා හොඳටම නරක් වෙලා.

      බය වෙන්න එපා. ඇහේ පොට ගිහින් නෑ තවම. දකින දෙයින් ඇහේ ආපාතනය වෙන ප්‍රතිබිම්බය මොළේට සන්නිවේදනය වෙන අතරෙ රැම් එකේ රැඳිල තියෙන කුණු ගොඩවල් නිසා ෆයිල් එක කරප්ට් වෙනව. ඒකයි ඔය විකාර පේන්නෙ. ඔය රෑට රෑට නිදිමරාගෙන හොරාට බලන ඒව බැලිල්ල ටිකක් අඩුකරානම්. :)

      Delete
    3. තුන් දෙනාටම :D

      Delete
  34. ඇස් වාට්ටු ගියාට වැඩක් නැ.
    කෙල්ලන්ට ගූ ඇහැ දාන එක නවත්තපන්
    වැල බලන එකත් නවත්තපන්
    උඹ් ඇස්වල පොට යාගන එන්නේ

    ReplyDelete
    Replies
    1. මං ඕවා කරන්නේ නැහැ :D

      Delete
  35. සිරාද කොම්පීතරේ සමග වැඩි පැය ගණනක් රාජකාරී කොරන අයෙකි... ඇස් බේරාගැනීමට විශේෂ කණ්නාඩියක් පළදිමි, එය හොද ආරක්ෂක ක්‍ර‍මයක් ලෙස අන් අයටද යෝජනා කරමි....අක්කලා ගැන මට ඇති උපකල්පනය නම් දෙදෙනාම මැදපෙරදිගෙන් මෙරටට ගොඩ බැස මොඩ් වූ අයවලුන්ය.

    ReplyDelete
    Replies
    1. ආවට ගියාට ඇස් කන්නාඩි දාන එකත් හොඳ නැහැ බං.
      අක්කලා දෙන්නා ගැන ඔයා කිව්ව දේත් වෙන්න පුළුවන්.

      Delete
  36. ආශ්චර්්‍ය ගමට ගිහින් දියුනුවෙලා තියෙන තරම..!

    ReplyDelete
  37. හිකිස් පව් වැඩේ...

    ReplyDelete
  38. ඔන්න මාත් ඇවිත් හිනා වුනා :)

    ReplyDelete
    Replies
    1. හෑ ඇයි එහෙම හිනා වුනේ? :D

      Delete
  39. ඔය පේන්නෙ නැද්ද කොච්චර ඇස් අමාරු තිබුණත් ඇහැ නොදා ඉන්නම බෑ.ඇස් වාට්ටු ගිහින් ලියපු 2වෙනි කථාව තව කීයක් ලියයිද? ඔය ඇස් දෙක පරිස්සම් කර ගන්න දැන්වත් දකින දකින හැම තැනටම ඇහැ නොදා ඉන්න නිශාන්...

    හි හි හී තව කථා තියෙනවදෝ...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මම කියුවේ මෙයා එහෙම නැ කියලා ඔන්න උඩින් කියලා තියනවා
      දී කිරට බළල්ලු සාක්කිලු

      Delete
    2. මම එහෙම නැහැ බොලව් නේ
      :D

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!