ශාලාවට ඇතුල් වෙන දොරටුව විශාලය ඒ තුලින් එකවර පස් දෙනෙකුට පමණ ඇතුල් විය හැක.මා ද එහි ඉතාම පහසුවෙන් ඇතුල් වුන පසු දුටුවේ එක් තැනක ගෑනු ළමයි පිරිසක් සතුටෙන් කතා කර කර සිටින සැටි ඔවුන්ගේ ඇඳුම් ආයිත්තම් බොහොම පිළිවෙලට හා වටිනා ලෙසට පෙනුනි.එක තරුණියක් ෆේස්බුක් එක ගැනද තාමගේ අලුත් ජංගම දුරකථනය ගැනද අනිත් අයට පවසයි.
තරුණයන් කිහිප දෙනෙකුත් ගැහැණු ළමුන් අනුකරණය කරන්නාක් මෙන් පැත්තකට වී යම් දෙයක් සාකච්ජා කරමින් සිටියි.ඔවුන්ගේ අත් තුල බීම වීදුරු තිබුණි.මෙය නම් කුමක් හෝ උත්සවයක් බව මේ වෙනකොටත් මා හට වැටහී තිබුණි.
ශාලාව පුරා මිහිරි මල් සුගන්දයක් හමා යන අතර පුංචි දරු දැරියෝ කිහිප දෙනෙකුත් ඒ මේ අත දුව පැන සෙල්ලම් කරමින් සිටියි.වැඩිහිටි පිරිමි ඉතා ජෙත්තුමත් විදිහට ඇඳ පැලඳ සිටි අතර ඔවුනුත් මහත්තුරු කිහිප දෙනෙක් එක්වී යම් දෙයක් ගැන මුහුණවල් බැරෑරුම් කරගෙන කතා කරයි.ඔවුන්ගෙන් සමහරෙක් කොටස් වෙළඳපල ගැනත් කතා කරනවා ඇසුනි.
පැත්තකට වුනු තවත් මහත්වරු දෙදෙනෙක් බ්ලොග් ගැනද කතා කරයි.බ්ලොග් ගැන කතා කරන නිසා ඇහුම්කන් දෙන්නට සිතුවත් මෙච්චර උසස් වැදගත් මහත්වරුන්ගේ කතාවට ඇහුම්කන් දෙන එක නුසුදුසු යැයි හැඟුණ නිසා තවත් ඒ දෙසට අවධානය නොදුන්නෙමි.
වැඩිහිටි කතුන් ශාලාවේ පැත්තක තිබු පුටු මතට බර වී ඔවුන්ගේ ලෝකයක තනි වී ඇත.එක් කාන්තාවක් පමණක් අනිත් කාන්තාවන්ගේ මිදී තනිවම වාඩි වී සිටියි.
අර මහත්වරු දෙසට ට්‍රේ එකකින් නෙස්කැෆේ කෝපි බඳුන් රැගෙන යන තරුණියක් දුටුවෙමි.ඇය ඒවා ඔවුන්ට පිළිගැන්වීමෙන් පසු මා දෙසටද පැමිණ පොඩි සිනාවක් පා පිලිගැන්වුයේ ය. අනතුරුව ඇය මා වෙතින් මිදී ශාලාවේ අනිත් කොන දෙසට ගමන් කලේ ය.
මා නෙත් ශාලාව පුරා සක්මන් කරන්නට විය උසස් පැලැන්තියේ කට්ටිය සිටින නිසාද මන්දා එකෙකුවත් මා දෙස සැලකිල්ලක් නොදක්වුවා ය.ශාලාවේ එක් කොනක නෙස්කැෆේ මැෂිමක් තිබුණි ඕන අයට අවශ්‍ය නම් එතනිනුත් නොමිලේම ලබාගෙන බීමට හැක.ඊටත් පසෙකින් කොකා කෝලා,ෆැන්ටා,ස්ප්‍රයිට්,පෝටෙලෝ යන පැණි බීම මැෂිමක් තබා ඇත. කෝපි වලට අකමැති අයට ඒවා පානය කල හැක.
ශාලාවේ සෙල්ලම් කරමින් සිටි ළමුන් එම බීම මැෂිම අසලම සැරිසරන බව ඕනෑම එකෙකුට පෙනේ.මේවා දෙස මගේ ඇස් පමණක් නොව තව එකෙකුගේ ඇසක් සක්මන් කරන බව මා දුටුවා.
ඔහු කර මත තරමක් බරයි සිතිය හැකි කැමරාවක් තබාගෙන මේ සියලු දේම පටිගත කරති.මා ද එයට හසුවෙන්නට ඇතැයි කියා මා සිතමි.
මිහිරි මල් සුගන්දය නම් තාමත් දස අතින් හමයි තවත් අමුත්තෝද විටින් විට පැමිණ උසස් පැලැන්තියේ අයට එක්වේ ඔවුනුත් කිසිම චකිතයකින් තොරව කලින් සිටින්නන්ගේ කතාවට එක්වුනි.
තවත් සමහරු මේ සාදය අතර මැද්දේ සමුගන්නා බවද දුටුමි අඩුවකට තිබුනේ සංගීතය පමණි.මා නැඟිට ගොස් හිස් වූ කෝපි බඳුන නෙස්කැෆේ මැෂිම අසල වූ කුණු හලන බඳුනට දැමුවෙමි.නැවත හැරී එනවිට දුටු දේ තරමක් පුදුම සහගතය.ශාලාව පුරා ගැහැනුන් පිරිමින් තරුණියන් තරුණයන් විවිධ සාකච්ජා වල යෙදී සිටියදී එකෙක් පමණක් ශාලාවේ විශාල කොනක සුව පහසු යහනාවක් මත නිසොල්මනේ වැතිර සිටියි.
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
_____________________________________________________________________
නව බ්ලොග් කාරිනියන්ගේ අලුත්ම වැඩේ තමා බුකියේ තමාගේ පෝස්ට් ස්ටේට් ලෙස දමා එයට ගොඩක් කට්ටිය ටැග් කිරීම.අනේ අක්කේ ඒකෙන් ඔයාගේ විසිටර්ස්ලා විතරක් නෙවේ අපේ ඊමේල් එකයි නොටිෆිකේෂනුයි පිරෙනවා.ප්ලීස් මාව ඕවාට ටැග් නොකර ඉන්නකෝ සුදු........
විශ්වාස කලත් නොකලත් මන් නම් මේ කියපු ආකාරයේම මළ ගෙවල් 2-3කටම ගිහින් තියෙනවා කොළඹ.කෑම බීම ටවුන් එකේ හොඳම කේටරින් එකෙන් තමයි....හැබැයි ගම් වල තත්වයනම් තාමත් ටිකක් වෙනස්..
ReplyDeleteඅයියේ මේක නිර්මාණයක් නෙවේ මා දුටු මළ සාදයක්.
Deleteහ්ම්......මොනවා කියන්නද මන්දා...
ReplyDeleteහ්ම්ම් කියන්න දේවල් නැහැ සහෝ මේක තමා යතාර්ථය.
Deleteවෙනස්ම විදියේ කථාවක්
ReplyDeleteමේක කතාවක් නෙවේ සහෝ.
Deleteමම කිව්වේ එහෙම නෙමෙයි. ලියලා තියෙන විදියට
Deleteහ්ම්ම් බොහොම ස්තුතියි සහෝ.
Deleteබොරුවට අඬන්නෙ නැති එකනම් හොදයි ...
ReplyDeleteහ්ම්ම් ඒකනම් ඇත්ත සහෝ!
Deleteඒකත් නරක නෑ....
ReplyDeleteනිශානයට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මට වෙන සුබක් නැහැ බං ඒත් උඹට ස්තුතියි.
Deleteane manda nishan ayye,dan kale party walata wada hodata malagewal gannawa...hita ganna be eka malageyakda,party ekakda kiyala...... onna nishan ayya kiwwane oyage ara malayata penna inna epa kiyala.eka nisa onna mama biththara kattak hoya gatta hangila inna.... :) mage chuti nangiyo....kiwwa ekatanam onna mama like hode...mage chutima chuti nishan ayye.
ReplyDeleteබිත්තර කටු අස්සේ හැංගුනාට එයාට පෙනෙයි ඈ මගේ චූටිම චූටි නංගියෝ :)
Delete(මේ ඔයා මහතයි කියන්නේ ඇත්තද? :D)
මළ සලාද කිව්වලු
ReplyDeleteදැන් මල ගෙවල් ගන්න විදිහ නිකන් හරියට මැරුණු පුද්ගලයට උඹ මැරුණු එක ගැන අපිට සතුටුයි කියන්නා වගේ නෙහ්
අනේ මන්දා බං කාලය මැව් වෙනසක අරුමේ.
Deleteලොවෙත් නෑ ලොවි ගහෙත්නෑ ගහ බිමත් නෑ ........... කොහෙදීද බං මේ මල මගුල දැක්කේ .......... බොරුවට අඩන දොඩන දේවල් නැතිනිසා එක අතකට හොදයි කියලත් හිතෙනව
ReplyDeleteමේක නුගේගොඩ මළගෙයක් බං
Deleteප්‍රසිද්ද ව්‍යාපාරිකයෙකුගේ මරණයක්.
හැමදේම දැන් මොඩ් වෙලා
ReplyDeleteකාලේ දියුණුයි නෙහ්?.
Deleteජීවත් වෙනකාලෙත් ජීවිතය ඔයවගේම ගෙවපු අය වෙන්න ඇති.ඒ මිනිස්සු ජීවිතය කියන්නෙ මොකක්ද කියලවත් දන්නවද මන්දා.....!
ReplyDeleteසමීපතමයකු මියගියාම ලබැඳියකුට දුකක් කඳුලක් නැගෙන්නේ නැතිනම් ඔවු නොවුන් ගේ ලබැඳියාව කුමක්ද..?ජීවිතය අදකාලයේ "මම පමනකි" යන්නට නතුවී ඇති බව මින් හැඟේ.
සල්ලි තියෙන මිනිස්සුනේ බං
Deleteඅනේ මන්දා
මට කියවලා ඉවරවෙලත් තේරුනේ නෑ පින්තූරේ දකිනකන්. වැඩ දාලා ලියලා තියෙනවා. ඇත්තටම එතන බ්ලොග් ගැනත් කතාවුනාද?
ReplyDeletehenryblogwalker the Dude
ඇත්තටම බ්ලොග් ගැන කතා වුනා ඒත් අපේ බ්ලොග් සමාජය ගැන නෙවේ.එයාලා කතා කරේ ඉංග්ලිෂ් බ්ලොග්ස් ගැන
Deleteඅපොයි
ReplyDeleteමළ ගෙදරටත් ගිය කලක්....
පාටියක් වගේ නේද?...
අර රතු අකුරු අක්කලාත් ඉන්නවද??...
පාටියක් වගේ නෙවෙයි ඒක පාටියක්ම තමා දේහය නැත්තම්.
Deleteරතු අක්කලා ගැන නම් එපා වෙලා ඈ..
අපේ මලයට වෙන දේවල්...හ්ම්ම්
Deleteහ්ම්ම් මටමයි වෙන්නේ මම ඒ තරමට අන්ලකි... :)
Deleteoya hari narakai ayye...ow ow mama ali patiyek wage mahatai.ape ammi mehe kiyawanawa mama kanne kiyala.itin koheda ane ali patiyek taramwat mahath wenne.dancing practis gihilla awama mona kanawada appa,a welawata mathak wenne adane ane.oyata barida chuti nishan ayye mage bath eka kala yanna.habai itin wadiya ne bath katawal dekak,thunak wage tama bath pigane tiyenne.
ReplyDeleteඅයියෝ ඔහොම කාලානම් බැහැ සහෝදරි ඒකෙන් ඔයාම තමා ලෙඩ වෙන්නේ.
Deleteහැමදාම චූටිම චූටියට තමා ඉන්න වෙන්නේ ඔහොම කෑවොත්.
මිනිහෙක් කිව්වලු මල ගෙයක් උනත් ඒ විදියට ගන්න ඕන නැත්තම් මල ගේ නොගන ඉන්න ඕන කියල.ඒ වගේ තම හික්ස්.
ReplyDeleteකව්ද සහෝ ඒ මිනිහා?
Deleteඑතකොට මළ ගෙයක් කියන්නේ සතුටෙන් පිරුණ දෙයක්ද?.
හරි පුදුමයි බන්.. මළ ගෙදර ගිය එකා, මිනිය අන්තිමට දකින තත්ත්වෙට අපේ සමාජය පත්වෙමින් යනවා කිව්වම..
ReplyDeleteමං අඳුරන අංකල් කෙනෙක් මට ඔය ශාලාවට එන්න කිව්වා පොඩි වැඩකට.එයාත් එතනට එනවා කිව්වා ඒක නිසයි මම ගියේ.එළියේ ඉඳං මම එයාට කෝල් කරාම කිව්වා ඇතුලට ගිහින් ඉඳගෙන ඉන්න මම ටක් ගාලා එනවා කියලා.එයා මුලින් කිව්වා මල් ශාලාවක් කියලා ඒත් මම හිතුවේ නැහැ එකේ අවමංගල්‍යය උත්සවයක් තියෙයි කියලා.
Deleteමම කලා සේ පේස් බුකියේ 'ටැග්' ඇප්රූවල් දා ගනිං. එතකෙට ඔය කියන වදේ නැහැ.
ReplyDelete:)
ඒ කොහොමද බං?
Deleteහ්ම්ම් හ්ම්ම්..ඇත්ත කතාවක්...හරි අපූරුවට...... !
ReplyDeleteබොහොම ස්තුතියි සහෝ !
Deletehmm..niyama kathaawa!
ReplyDeleteතෑන්ක්ස් හිරු අක්කා
Deleteමම මේ කල්පනා කරේ... කොයි දේ ලිවුවත් කෙල්ලෙක් නන .අයියන්ඩියට හිනාවක් දානවා,., .. :D ,.,එල එල..
ReplyDeleteමං වගේ අහිංසක ලස්සන කොල්ලෙක් දැක්කම කෙල්ලෝ එහෙම තමා බං :P
Deleteමළ වෙඩිමක්
ReplyDeleteවෙලාවකට මාර කරුමයක් වෙනවා බං ඔය ටැග් කිරිල්ල. අළුත් අවුරුද්දකට වගේ වැදගත් දේකට නම් කමක් නෑ. බල්ලෙක් වාහනේකට යටවෙලා මැරුනත් උගේ ඉමේජ් එකක් දාලා අපිව ටැග් කරනවා බං...
ReplyDeleteමට එපාම වෙලා තමා බං අර කෑල්ල යටින් දැම්මේ ඔක්කොටම පොදුවේ.
Deleteහ්ම්..අන්තිමට පොටෝ එක දකිනකම් හිතාගන්න බැරිවුනා මොකක්ද කියලා..කතාව නම් ලස්සනට මුල ඉදන්ම ලියලා තියනවා....
ReplyDeleteබොහොම ස්තුතියි සහෝදරි!
Deleteනෙස්කැෆේ මැෂින් දැන් දැන් මළගෙවල් ආක්‍රමණය කරමින් සිටී.. ගමක නම් මළගෙයක් වූ විට අසල් වැසියන් කෝපි/තේ ආදිය මළගෙදර ඇත්තන්ට ගෙන ආවත්.. කොන්ක්‍රීට් වනයේ වෙසෙන්නන්ට අසල්වැසියන් නැති නිසාදේ නෙස්කැෆේ මැෂිම ඒ කාරිය භාරගෙන ඇත..
ReplyDeleteඒකනම් සිරා කතාව සහෝ ඉස්සර අපි නෙස්කැෆේ මැෂිමක් දැක්කේ හොටෙල් වල විතරයි ඒත් දැන්?....
Deleteමම මුලින්ම හිතුවෙ මේක නිර්මාණයක් වෙන්න ඇති කියල....මමත් කොළඹ තිබ්බ මලගෙදරකට සහභාගී වුනා මේ ළඟකදි ඒකෙ නම් බොහොම සුළු පිරිසක් සහභාගී වෙලා හිටියෙ අහල පහල ගෙවල් වලින් කිසිම සහභාගීත්වයක් තිබ්බෙ නැහැ.....මට මතක් වෙන්නෙ ගමේ මලගෙයක් සහ නගරෙ මලගෙයක් අතර වෙනස....
ReplyDeleteඕක ටික දවසකින් ගමටත් බෝවෙයිද මන්දා සහෝ!
Deleteතව ඊතල ටිකක් පහලට දාන්න. ඊතල ටික මදි !!
ReplyDeleteලිපියෙන් කියන්නේ මොනවද කියලා මුලින් මුලින් හිතා ගන්න බැරුව ගියා. පින්තූරේ දැක්කමයි වැඩේ මීටර් උනේ.
එය තරම් අමාරු දෙයක් මා හට තවත් නොමැත! :)
Deleteමමත් ගියා ඔය වගේම මල ගෙයකට හරියට ඒ ලෙවල් රිසාල්ට්ස් ඇවිත් දවස් තුනකින්....ආපෝ...මතක් වෙද්දිත් ...
ReplyDeleteචාටර් නේද
Deleteමම ලඟදි ගිය මළගෙදරකත් ඔය කියන මැසිමක් තිබුන. කරන්න දෙයක් නෑ. ඉස්සර මළගෙවල් වල ගමේ ගෑණු උදවිය තේ කෝපි හැදුව. පිරිමි වල කැපුව සැරසුව. දැන් ඕවට වෙනම කස්ටිය ඉන්නව. ධනවාදයේ ලක්ෂණ තමයි.
ReplyDeleteඔව් දැන් වලට මිනිය දාන්නෙත් මැෂින් එහෙකින්.
Deleteමේක යාන්ත්‍රික සමාජයක් වෙලා නිශාන්. ඒකයි ඔය. එකම පවුලෙ අය අතරත් තියෙන්නෙ යාන්ත්‍රික සම්බන්ධයක්. හදවතෙන් බැඳුනු ලෙන්ගතුකමක් නෑ. එහෙම වුනාම තමන්ගෙම අයෙක්ගෙත් මරණය තවත් එක උත්සවයක් විතරයි. බලන්න, ඔය මිනිස්සු මල් ශාලාවෙ තියල අවසන් කටයුතු දවසෙන් කළා. ඊළඟ දවසෙ ඉඳන් පවුලෙ අය එයාලගෙ සාමාන්‍ය රාජකාරිවල.
ReplyDeleteකලියුගයෙ මරණ ගෙවල් !
ඒකනම් ඇත්ත සහෝ!
Deleteමොන කියන්නද මන්දා..
ReplyDeleteඒකට කමක් නැහැ සහෝ.
Deleteඅනේ මන්ද මල්ලි.මෙහෙ නම් මිනිය ගෙදරට ගේන්නෙත් නැහැ..හොස්පිටල් එකෙන් පල්ලියට..එතනින් කනත්තට...කනත්තට ගිය නෑයො ඊගාවට ගෙදරට ඇවිත් මගුල් ගෙදරක වගේ කනව බොනවා......:(
ReplyDeleteඔය ක්‍රමේ තමා සහෝදරි දැන් මෙහෙත් පැවැත්වෙන්නේ.
Deleteසම්පුර්ණ ඇත්ත බං, කලකිරෙනවා ඕවා දකිනකොට. මටත් ලගකදී ගිය මල ගෙදරකින් දුටු සිද්දියි වලින් පස්සේ පුදුම දුකක් ඇති වුනේ මිනිස්සු හැසිරෙන විදිය ගැන... මල ගෙදර මිනිස්සු හැසිරුනේ මගුල් ගෙදරක විදියට.
ReplyDelete