Friday, July 13, 2012

64 සාදයක්(ද)!

ශාලාවට ඇතුල් වෙන දොරටුව විශාලය ඒ තුලින් එකවර පස් දෙනෙකුට පමණ ඇතුල් විය හැක.මා ද එහි ඉතාම පහසුවෙන් ඇතුල් වුන පසු දුටුවේ එක් තැනක ගෑනු ළමයි පිරිසක් සතුටෙන් කතා කර කර සිටින සැටි ඔවුන්ගේ ඇඳුම් ආයිත්තම් බොහොම පිළිවෙලට හා වටිනා ලෙසට පෙනුනි.එක තරුණියක් ෆේස්බුක් එක ගැනද තාමගේ අලුත් ජංගම දුරකථනය ගැනද අනිත් අයට පවසයි.



තරුණයන් කිහිප දෙනෙකුත් ගැහැණු ළමුන් අනුකරණය කරන්නාක් මෙන් පැත්තකට වී යම් දෙයක් සාකච්ජා කරමින් සිටියි.ඔවුන්ගේ අත් තුල බීම වීදුරු තිබුණි.මෙය නම් කුමක් හෝ උත්සවයක් බව මේ වෙනකොටත් මා හට වැටහී තිබුණි. 


ශාලාව පුරා මිහිරි මල් සුගන්දයක් හමා යන අතර පුංචි දරු දැරියෝ කිහිප දෙනෙකුත් ඒ මේ අත දුව පැන සෙල්ලම් කරමින් සිටියි.වැඩිහිටි පිරිමි ඉතා ජෙත්තුමත් විදිහට ඇඳ පැලඳ සිටි අතර ඔවුනුත් මහත්තුරු කිහිප දෙනෙක් එක්වී යම් දෙයක් ගැන මුහුණවල් බැරෑරුම් කරගෙන කතා කරයි.ඔවුන්ගෙන් සමහරෙක් කොටස් වෙළඳපල ගැනත් කතා කරනවා ඇසුනි.


පැත්තකට වුනු තවත් මහත්වරු දෙදෙනෙක් බ්ලොග් ගැනද කතා කරයි.බ්ලොග් ගැන කතා කරන නිසා ඇහුම්කන් දෙන්නට සිතුවත් මෙච්චර උසස් වැදගත් මහත්වරුන්ගේ කතාවට ඇහුම්කන් දෙන එක නුසුදුසු යැයි හැඟුණ නිසා තවත් ඒ දෙසට අවධානය නොදුන්නෙමි.


වැඩිහිටි කතුන් ශාලාවේ පැත්තක තිබු පුටු මතට බර වී ඔවුන්ගේ ලෝකයක තනි වී ඇත.එක් කාන්තාවක් පමණක් අනිත් කාන්තාවන්ගේ මිදී තනිවම වාඩි වී සිටියි.


අර මහත්වරු දෙසට ට්‍රේ එකකින් නෙස්කැෆේ කෝපි බඳුන් රැගෙන යන තරුණියක් දුටුවෙමි.ඇය ඒවා ඔවුන්ට පිළිගැන්වීමෙන් පසු මා දෙසටද පැමිණ පොඩි සිනාවක් පා පිලිගැන්වුයේ ය. අනතුරුව ඇය මා වෙතින් මිදී ශාලාවේ අනිත් කොන දෙසට ගමන් කලේ ය.


මා නෙත් ශාලාව පුරා සක්මන් කරන්නට විය උසස් පැලැන්තියේ කට්ටිය සිටින නිසාද මන්දා එකෙකුවත් මා දෙස සැලකිල්ලක් නොදක්වුවා ය.ශාලාවේ එක් කොනක නෙස්කැෆේ මැෂිමක් තිබුණි ඕන අයට අවශ්‍ය නම් එතනිනුත් නොමිලේම ලබාගෙන බීමට හැක.ඊටත් පසෙකින් කොකා කෝලා,ෆැන්ටා,ස්ප්‍රයිට්,පෝටෙලෝ යන පැණි බීම මැෂිමක් තබා ඇත. කෝපි වලට අකමැති අයට ඒවා පානය කල හැක. 


ශාලාවේ සෙල්ලම් කරමින් සිටි ළමුන් එම බීම මැෂිම අසලම සැරිසරන බව ඕනෑම එකෙකුට පෙනේ.මේවා දෙස මගේ ඇස් පමණක් නොව තව එකෙකුගේ ඇසක් සක්මන් කරන බව මා දුටුවා.


ඔහු කර මත තරමක් බරයි සිතිය හැකි කැමරාවක් තබාගෙන මේ සියලු දේම පටිගත කරති.මා ද එයට හසුවෙන්නට ඇතැයි කියා මා සිතමි.


මිහිරි මල් සුගන්දය නම් තාමත් දස අතින් හමයි තවත් අමුත්තෝද විටින් විට පැමිණ උසස් පැලැන්තියේ අයට එක්වේ ඔවුනුත් කිසිම චකිතයකින් තොරව කලින් සිටින්නන්ගේ කතාවට එක්වුනි.


තවත් සමහරු මේ සාදය අතර මැද්දේ සමුගන්නා බවද දුටුමි අඩුවකට තිබුනේ සංගීතය පමණි.මා නැඟිට ගොස් හිස් වූ කෝපි බඳුන නෙස්කැෆේ මැෂිම අසල වූ කුණු හලන බඳුනට දැමුවෙමි.නැවත හැරී එනවිට දුටු දේ තරමක් පුදුම සහගතය.ශාලාව පුරා ගැහැනුන් පිරිමින් තරුණියන් තරුණයන් විවිධ සාකච්ජා වල යෙදී සිටියදී එකෙක් පමණක් ශාලාවේ විශාල කොනක සුව පහසු යහනාවක්‌ මත නිසොල්මනේ වැතිර සිටියි.
                                   ↓ 
                                   ↓  
                                   ↓ 
                                   ↓  
                                   ↓ 
                                   ↓ 
                                   ↓ 
                                   ↓
                                   ↓  
                                   ↓ 
                                   ↓  
                                   ↓ 
                                   ↓ 
                                   ↓ 
                                   ↓ 
                                   ↓ 
                                   ↓ 
                                   ↓  
                                   ↓ 
                                   ↓  
                                   ↓ 
                                   ↓ 
                                   ↓ 
                                   ↓ 
                                   ↓ 
                                   ↓ 




_____________________________________________________________________


නව බ්ලොග් කාරිනියන්ගේ අලුත්ම වැඩේ තමා බුකියේ තමාගේ පෝස්ට් ස්ටේට් ලෙස දමා එයට ගොඩක් කට්ටිය ටැග් කිරීම.අනේ අක්කේ ඒකෙන් ඔයාගේ විසිටර්ස්ලා විතරක් නෙවේ අපේ ඊමේල් එකයි නොටිෆිකේෂනුයි පිරෙනවා.ප්ලීස් මාව ඕවාට ටැග් නොකර ඉන්නකෝ සුදු........

64 comments:

  1. විශ්වාස කලත් නොකලත් මන් නම් මේ කියපු ආකාරයේම මළ ගෙවල් 2-3කටම ගිහින් තියෙනවා කොළඹ.කෑම බීම ටවුන් එකේ හොඳම කේටරින් එකෙන් තමයි....හැබැයි ගම් වල තත්වයනම් තාමත් ටිකක් වෙනස්..

    ReplyDelete
    Replies
    1. අයියේ මේක නිර්මාණයක් නෙවේ මා දුටු මළ සාදයක්.

      Delete
  2. හ්ම්......මොනවා කියන්නද මන්දා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් කියන්න දේවල් නැහැ සහෝ මේක තමා යතාර්ථය.

      Delete
  3. වෙනස්ම විදියේ කථාවක්

    ReplyDelete
    Replies
    1. මේක කතාවක් නෙවේ සහෝ.

      Delete
    2. මම කිව්වේ එහෙම නෙමෙයි. ලියලා තියෙන විදියට

      Delete
    3. හ්ම්ම් බොහොම ස්තුතියි සහෝ.

      Delete
  4. බොරුවට අඬන්නෙ නැති එකනම් හොදයි ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒකනම් ඇත්ත සහෝ!

      Delete
  5. ඒකත් නරක නෑ....

    නිශානයට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මට වෙන සුබක්‌ නැහැ බං ඒත් උඹට ස්තුතියි.

      Delete
  6. ane manda nishan ayye,dan kale party walata wada hodata malagewal gannawa...hita ganna be eka malageyakda,party ekakda kiyala...... onna nishan ayya kiwwane oyage ara malayata penna inna epa kiyala.eka nisa onna mama biththara kattak hoya gatta hangila inna.... :) mage chuti nangiyo....kiwwa ekatanam onna mama like hode...mage chutima chuti nishan ayye.

    ReplyDelete
    Replies
    1. බිත්තර කටු අස්සේ හැංගුනාට එයාට පෙනෙයි ඈ මගේ චූටිම චූටි නංගියෝ :)
      (මේ ඔයා මහතයි කියන්නේ ඇත්තද? :D)

      Delete
  7. මළ සලාද කිව්වලු
    දැන් මල ගෙවල් ගන්න විදිහ නිකන් හරියට මැරුණු පුද්ගලයට උඹ මැරුණු එක ගැන අපිට සතුටුයි කියන්නා වගේ නෙහ්

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං කාලය මැව් වෙනසක අරුමේ.

      Delete
  8. ලොවෙත් නෑ ලොවි ගහෙත්නෑ ගහ බිමත් නෑ ........... කොහෙදීද බං මේ මල මගුල දැක්කේ .......... බොරුවට අඩන දොඩන දේවල් නැතිනිසා එක අතකට හොදයි කියලත් හිතෙනව

    ReplyDelete
    Replies
    1. මේක නුගේගොඩ මළගෙයක් බං
      ප්‍රසිද්ද ව්‍යාපාරිකයෙකුගේ මරණයක්.

      Delete
  9. රුවන්7/13/12, 8:57 PM

    හැමදේම දැන් මොඩ් වෙලා

    ReplyDelete
    Replies
    1. කාලේ දියුණුයි නෙහ්?.

      Delete
  10. ජීවත් වෙනකාලෙත් ජීවිතය ඔයවගේම ගෙවපු අය වෙන්න ඇති.ඒ මිනිස්සු ජීවිතය කියන්නෙ මොකක්ද කියලවත් දන්නවද මන්දා.....!
    සමීපතමයකු මියගියාම ලබැඳියකුට දුකක් කඳුලක් නැගෙන්නේ නැතිනම් ඔවු නොවුන් ගේ ලබැඳියාව කුමක්ද..?ජීවිතය අදකාලයේ "මම පමනකි" යන්නට නතුවී ඇති බව මින් හැඟේ.

    ReplyDelete
    Replies
    1. සල්ලි තියෙන මිනිස්සුනේ බං
      අනේ මන්දා

      Delete
  11. මට කියවලා ඉවරවෙලත් තේරුනේ නෑ පින්තූරේ දකිනකන්. වැඩ දාලා ලියලා තියෙනවා. ඇත්තටම එතන බ්ලොග් ගැනත් කතාවුනාද?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බ්ලොග් ගැන කතා වුනා ඒත් අපේ බ්ලොග් සමාජය ගැන නෙවේ.එයාලා කතා කරේ ඉංග්ලිෂ් බ්ලොග්ස් ගැන

      Delete
  12. අපොයි
    මළ ගෙදරටත් ගිය කලක්....
    පාටියක් වගේ නේද?...

    අර රතු අකුරු අක්කලාත් ඉන්නවද??...

    ReplyDelete
    Replies
    1. පාටියක් වගේ නෙවෙයි ඒක පාටියක්ම තමා දේහය නැත්තම්.

      රතු අක්කලා ගැන නම් එපා වෙලා ඈ..

      Delete
    2. අපේ මලයට වෙන දේවල්...හ්ම්ම්

      Delete
    3. හ්ම්ම් මටමයි වෙන්නේ මම ඒ තරමට අන්ලකි... :)

      Delete
  13. oya hari narakai ayye...ow ow mama ali patiyek wage mahatai.ape ammi mehe kiyawanawa mama kanne kiyala.itin koheda ane ali patiyek taramwat mahath wenne.dancing practis gihilla awama mona kanawada appa,a welawata mathak wenne adane ane.oyata barida chuti nishan ayye mage bath eka kala yanna.habai itin wadiya ne bath katawal dekak,thunak wage tama bath pigane tiyenne.

    ReplyDelete
    Replies
    1. අයියෝ ඔහොම කාලානම් බැහැ සහෝදරි ඒකෙන් ඔයාම තමා ලෙඩ වෙන්නේ.
      හැමදාම චූටිම චූටියට තමා ඉන්න වෙන්නේ ඔහොම කෑවොත්.

      Delete
  14. මිනිහෙක් කිව්වලු මල ගෙයක් උනත් ඒ විදියට ගන්න ඕන නැත්තම් මල ගේ නොගන ඉන්න ඕන කියල.ඒ වගේ තම හික්ස්.

    ReplyDelete
    Replies
    1. කව්ද සහෝ ඒ මිනිහා?

      එතකොට මළ ගෙයක් කියන්නේ සතුටෙන් පිරුණ දෙයක්ද?.

      Delete
  15. හරි පුදුමයි බන්.. මළ ගෙදර ගිය එකා, මිනිය අන්තිමට දකින තත්ත්වෙට අපේ සමාජය පත්වෙමින් යනවා කිව්වම..

    ReplyDelete
    Replies
    1. මං අඳුරන අංකල් කෙනෙක් මට ඔය ශාලාවට එන්න කිව්වා පොඩි වැඩකට.එයාත් එතනට එනවා කිව්වා ඒක නිසයි මම ගියේ.එළියේ ඉඳං මම එයාට කෝල් කරාම කිව්වා ඇතුලට ගිහින් ඉඳගෙන ඉන්න මම ටක් ගාලා එනවා කියලා.එයා මුලින් කිව්වා මල් ශාලාවක් කියලා ඒත් මම හිතුවේ නැහැ එකේ අවමංගල්‍යය උත්සවයක් තියෙයි කියලා.

      Delete
  16. මම කලා සේ පේස් බුකියේ 'ටැග්' ඇප්රූවල් දා ගනිං. එතකෙට ඔය කියන වදේ නැහැ.

    :)

    ReplyDelete
  17. හ්ම්ම් හ්ම්ම්..ඇත්ත කතාවක්...හරි අපූරුවට...... !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝ !

      Delete
  18. hmm..niyama kathaawa!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් හිරු අක්කා

      Delete
  19. මම මේ කල්පනා කරේ... කොයි දේ ලිවුවත් කෙල්ලෙක් නන .අයියන්ඩියට හිනාවක් දානවා,., .. :D ,.,එල එල..

    ReplyDelete
    Replies
    1. මං වගේ අහිංසක ලස්සන කොල්ලෙක් දැක්කම කෙල්ලෝ එහෙම තමා බං :P

      Delete
  20. මළ වෙඩිමක්

    ReplyDelete
  21. වෙලාවකට මාර කරුමයක් වෙනවා බං ඔය ටැග් කිරිල්ල. අළුත් අවුරුද්දකට වගේ වැදගත් දේකට නම් කමක් නෑ. බල්ලෙක් වාහනේකට යටවෙලා මැරුනත් උගේ ඉමේජ් එකක් දාලා අපිව ටැග් කරනවා බං...

    ReplyDelete
    Replies
    1. මට එපාම වෙලා තමා බං අර කෑල්ල යටින් දැම්මේ ඔක්කොටම පොදුවේ.

      Delete
  22. හ්ම්..අන්තිමට පොටෝ එක දකිනකම් හිතාගන්න බැරිවුනා මොකක්ද කියලා..කතාව නම් ලස්සනට මුල ඉදන්ම ලියලා තියනවා....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝදරි!

      Delete
  23. නෙස්කැෆේ මැෂින් දැන් දැන් මළගෙවල් ආක්‍ර‍මණය කරමින් සිටී.. ගමක නම් මළගෙයක් වූ විට අසල් වැසියන් කෝපි/තේ ආදිය මළගෙදර ඇත්තන්ට ගෙන ආවත්.. කොන්ක්‍රීට් වනයේ වෙසෙන්නන්ට අසල්වැසියන් නැති නිසාදේ නෙස්කැෆේ මැෂිම ඒ කාරිය භාරගෙන ඇත..

    ReplyDelete
    Replies
    1. ඒකනම් සිරා කතාව සහෝ ඉස්සර අපි නෙස්කැෆේ මැෂිමක් දැක්කේ හොටෙල් වල විතරයි ඒත් දැන්?....

      Delete
  24. මම මුලින්ම හිතුවෙ මේක නිර්මාණයක් වෙන්න ඇති කියල....මමත් කොළඹ තිබ්බ මලගෙදරකට සහභාගී වුනා මේ ළඟකදි ඒකෙ නම් බොහොම සුළු පිරිසක් සහභාගී වෙලා හිටියෙ අහල පහල ගෙවල් වලින් කිසිම සහභාගීත්වයක් තිබ්බෙ නැහැ.....මට මතක් වෙන්නෙ ගමේ මලගෙයක් සහ නගරෙ මලගෙයක් අතර වෙනස....

    ReplyDelete
    Replies
    1. ඕක ටික දවසකින් ගමටත් බෝවෙයිද මන්දා සහෝ!

      Delete
  25. තව ඊතල ටිකක් පහලට දාන්න. ඊතල ටික මදි !!
    ලිපියෙන් කියන්නේ මොනවද කියලා මුලින් මුලින් හිතා ගන්න බැරුව ගියා. පින්තූරේ දැක්කමයි වැඩේ මීටර් උනේ.

    ReplyDelete
    Replies
    1. එය තරම් අමාරු දෙයක් මා හට තවත් නොමැත! :)

      Delete
  26. මමත් ගියා ඔය වගේම මල ගෙයකට හරියට ඒ ලෙවල් රිසාල්ට්ස් ඇවිත් දවස් තුනකින්....ආපෝ...මතක් වෙද්දිත් ...

    ReplyDelete
  27. මම ලඟදි ගිය මළගෙදරකත් ඔය කියන මැසිමක් තිබුන. කරන්න දෙයක් නෑ. ඉස්සර මළගෙවල් වල ගමේ ගෑණු උදවිය තේ කෝපි හැදුව. පිරිමි වල කැපුව සැරසුව. දැන් ඕවට වෙනම කස්ටිය ඉන්නව. ධනවාදයේ ලක්ෂණ තමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් වලට මිනිය දාන්නෙත් මැෂින් එහෙකින්.

      Delete
  28. මේක යාන්ත්‍රික සමාජයක් වෙලා නිශාන්. ඒකයි ඔය. එකම පවුලෙ අය අතරත් තියෙන්නෙ යාන්ත්‍රික සම්බන්ධයක්. හදවතෙන් බැඳුනු ලෙන්ගතුකමක් නෑ. එහෙම වුනාම තමන්ගෙම අයෙක්ගෙත් මරණය තවත් එක උත්සවයක් විතරයි. බලන්න, ඔය මිනිස්සු මල් ශාලාවෙ තියල අවසන් කටයුතු දවසෙන් කළා. ඊළඟ දවසෙ ඉඳන් පවුලෙ අය එයාලගෙ සාමාන්‍ය රාජකාරිවල.
    කලියුගයෙ මරණ ගෙවල් !

    ReplyDelete
  29. මොන කියන්නද මන්දා..

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නැහැ සහෝ.

      Delete
  30. අනේ මන්ද මල්ලි.මෙහෙ නම් මිනිය ගෙදරට ගේන්නෙත් නැහැ..හොස්පිටල් එකෙන් පල්ලියට..එතනින් කනත්තට...කනත්තට ගිය නෑයො ඊගාවට ගෙදරට ඇවිත් මගුල් ගෙදරක වගේ කනව බොනවා......:(

    ReplyDelete
    Replies
    1. ඔය ක්‍රමේ තමා සහෝදරි දැන් මෙහෙත් පැවැත්වෙන්නේ.

      Delete
  31. සම්පුර්ණ ඇත්ත බං, කලකිරෙනවා ඕවා දකිනකොට. මටත් ලගකදී ගිය මල ගෙදරකින් දුටු සිද්දියි වලින් පස්සේ පුදුම දුකක් ඇති වුනේ මිනිස්සු හැසිරෙන විදිය ගැන... මල ගෙදර මිනිස්සු හැසිරුනේ මගුල් ගෙදරක විදියට.

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!