Wednesday, August 01, 2012

190 මේ දවස් වල බ්ලොග් ට්‍රෙන්ඩ් එක!/අගනා රහස් කීපයක් නොමිලේම!

නවක බ්ලොග් කරුවන් හට අත දීම සඳහා ලියවන්නකි.


ඔබලා මේ ක්රේශ්ත්‍රයට පිවිසි පසු සෑම බ්ලොගයක ලිපි ලියවෙන රටාව හොඳින් අවධානය යොමු කරන්න.පසුව ඒ ඒ කාලවලට ජනප්‍රිය බ්ලොගය සමග රැඳී සිට ඔවුන්ගේ පෝස්ටු වෙත නිතරම නිතරම කොමන්ට් පළ කරන්න.පසුව එම පොස්ටුවන්හිම තවත් අය කර ඇති කොමන්ට් වලට ඔබ යටින් ඇති රිප්ලයි යන බටන් එක ඔබා ඔවුන්ට යම් යම් හිනා යන දේවල් වලින් උත්තර දෙන්න.එමඟින් ඔබේ බ්ලොගය වෙත පාඨකයින් ඇදී එනවා නිසැකයි.මන්ද දැනට සමහර ප්‍රවීණ බ්ලොග් කරුවන්ද ඔය පිළිවෙත අනුගමනය කරයි.


පසුව ඔබ ලියන ලිපි තුලින්
ඒ ඒ කාලය තුල ජනප්‍රිය මාතෘකාව යටතේ ලිපි ලියන්න පෙලෙඹේන්න
දැන් අපි බලමු දැනට බ්ලොග් අවකාශයේ යම් යම් කාලවලට ජනප්‍රිය වුන මාතෘකා?


කලක් ඇනොනිමස්ලා කෙරෙහි බොහෝ සෙයින් ලිපි ලිවීමට සියලුම බ්ලොග්කරුවන් වගේ උත්සුක වුයේ එය කාලයක් නැගලා ගිය ටොපික් එකක් හෙයිනි.පසුව එය ක්‍රම ක්‍රමයෙන් නිවී ගියේ ඇනොනිමස් කොමන්ට් වලට වාරණයක් නොදැමීමට සහ එසේ පළ කරන ලද ඇනෝ කොමන්ට් වල වගකීම අධාල බ්ලොග් කරුවන් බාර ගැනීම යටතේ ඇති වූ එකඟතාවයන් තුලින් එහෙත් ඒ ක්‍රමය ඒ විදියටම අපේ බ්ලොග් කරුවන් ඉටු කරනවාද යන්න නම් ගැටළුවක්?.


පසුව බොහෝ සෙයින් නැග ගිය මාතෘකාවක් වුයේ පුක ය!
පුක ගැන කතන්දර හා තවත් ජනප්‍රිය බ්ලොග් කරුවන් බොහෝ සෙයින් විලි ලැජ්ජා නොමැතිව ලිව්වේ ය.ඒ පිළිබඳව මළ පැනපු මොතාගෙදර නම් අයෙක් මාරයා හට දොස් තැබුවේ පුක යනු ඉතාමත් පහත් වචනයක් හා එය ලිවීමට සුදුසු නැතැයි පවසමින් ය.එහෙත් සියලු බ්ලොග් කරුවන් ඔහුගේ දෝෂාරෝපණයට විරුද්ද වී "පුකට පුක නැතුව අහවල් එකක් කියනවද" යනුවෙන් ඔහුව නිහඬ කරවිය.එකළ පුකට ආදේශක නමක් නොදන්නා හෙයින් අපද මේ දෙස ඉතාමත් ආතල් එකේ බලා සිටියෝ ය.


පසුව කතන්දර ඇතුළු ප්‍රවීණයෝ අනිත් අයගේ මත නොවිමසා ඒකමතිකව තීරණය කරේ පුක යනුවෙන් ඕන පුකකට කෙලින්ම පුක කියා ලිවිම සුදුසු බවයි.පසුව එය මා ඇතුළු සියලු බ්ලොග් කරුවන්/කාරිනියන් අකුරටම ක්‍රියාත්මක කළෝ ය.පුක් ටොපික් එකේ උණුසුම බැස ගිය පසු මා පුකට පශ්චාත් බාගය ලෙස බාවිතා කරන්නට හුරු වුනා සේ ඔබටත් පසුව ට්‍රෙන්ඩ් එකෙන් මිදිය හැක.


තවත් කලක නැග ගිය ටොපික් එක වුයේ 
යම් ජනප්‍රිය බ්ලොග් කරුවෙකුගේ ලිපියකට ඔහු ලිපිය ලියා පළ කරන තෙක්ම ඔහුගේ බ්ලොගය රිෆ්‍රෙශ් කර කර නව ලිපියක් වැටුණු සැනින් ලිපිය කියවන්නේවත් නොමැතිව "මම එකඅඅඅඅ" යනුවෙන් කොමන්ට් කිරීමය.එයට ගොඩක් උනන්දුව දැක්වුයේ මුලින් මුලින් නම් බ්ලොග් කාරිනියන් ය එහෙත් පසුව බ්ලොග් කරුවන්ද සාරි ඇදගත්තාක් මෙන් බ්ලොග්කාරිනියන්ව අනුගමනය කලේ ය.(සැලකිය යුතුයි අනුකරණය නොව!).ඒ පිළිබඳව මළ පෑ ඇතැමෙක් එය සිඟිති ආතල් එකක් ලෙස පෙන්වා ලිපිද ලිව් බව මා හට මතකේ ය.ඉතින් ඔබටත් යම් ජනප්‍රිය බ්ලොග් කරුවෙකුගේ බ්ලොගයක මම එකඅඅඅ යනුවෙන් කොමන්ට් කර උදහසට හෝ යම්කිසි සැලකීමකට ලක් වී ජනප්‍රිය විය හැක.


පසුව  ඉතාමත් කෙටි කලක් නැග ගිය ටොපික් එක වුයේ හොල්මන් අවතාරය.
සෙන්නා,මාරයා,රජා,මීගොඩයා හා තවත් නම් මතක නැති බ්ලොග් කරුවන් පිරිසක් හොල්මන් ගැන හොල්මන් ආකාරයෙන් ලිවිය.එකල්හි එය අනුගමනය කොට (සැලකිය යුතුයි අනුකරණය නොව!)
තමන් අසා ඇති,මුහුණ දී ඇති,හා මවා පෑ භූත කතා රැසක් පළ කිරීමට සමත් වූහ.මාද ඒ දවස් හි හොල්මන් කතා හෙව්වත් නොලැබුණු හෙයින් ඒ අදහස අත් හැරිය.නමුත් නවක වුවත් ඔබලා වැනි දක්ෂ බ්ලොග් කරුවන් හට යම් කතා මවා පා ලිවිය හැකි වේ යැයි මා විශ්වාස කරමි.


ඉන්පසු තරමක් නැග ගිය ටොපික් එක වුයේ නයි ය.
මුලින්ම නයි ඇරියේ කව්ද කියා ඔබද දනී මා නොදනී.නමුත් මා දන්නා දෙයක් වේ එනම් නයි ද ඉතා ඉක්මනින් ලැව් ගින්නක් මෙන් නැග ගියේ ය.සමහරු නයි මගින් මඩ ගැසුවෝ ය.ආතල් ගත්තේ ය එය තවමත් බැස ගොස් නැත.දැනටත් ඉඳ හිට සිංහල බ්ලොග් අවකාශයේ කොහේ හෝ නයෙක් ඇදෙනු ඇත.ඔබත් නයෙක් ඇරීමට හෝ යමෙක් ඇරී නයෙක් චා කිරීමට උත්සහා ගන්නේ නම් ඔබටත් ඉක්මනින් ජනප්‍රිය විය හැක.


මේ දවස් වල නැගලා යන ටොපික් එක?
මේ දිනවලදී නැගලා යන ටොපික් තුනකි  එකක් වනුයේ ලොවෙත් උත්තර නැති උගතෝකෝටික ආතල් පැන  ය.අසන්නාම පමණකි උත්තර දන්නේ.ඊට අමතරව බුකිය මගින් ඔහුගේ මිතුරන්ද උත්තරේ දැනගනිති.මා ඇතුළු උත්තර සපයන්නන් පිස්සු බල්ලන් මෙන් කොමන්ට් කරති ප්‍රශ්න ලිපි නැගලා යති බල්ලෝ උඩු බුරති ප්‍රශ්නේ අසන්නා සතුටින් ඉපිලෙති(කොමන්ට් හා හිට්ස් එකසිය ගානට ලැබෙනවනේ),ඉතින් ඔබටත් හැකිය යම් උත්තර නොමැති ප්‍රශ්න අසා ජනප්‍රිය වීමට.


මේ දවස් වල නැගලා යන දෙවෙනි ටොපිය මොකක්ද?
ඒ තමයි යම් බ්ලොග් කරුවෙකු අලලා ලියවෙන ඇනෝ බ්ලොග් වල ලිපි වලට කොමන්ට් දැමීම.ඇනෝ බ්ලොග් මගින් විවේචනයට ලක් වෙන බ්ලොග් කරුවන් මත ඔබට තීරණය කල හැක ඔහුට පක්ෂව කොමන්ට් කරනවාද නැත හොත් ඔහුට බැන ඔබ කෙරෙහි අවධානය දිනා ගන්නවාද යන වග?.


විවේචනයට ලක් වෙන බ්ලොග් කරුගේ තත්වය සලකා බලන්න ලැබෙන අනිත් කොමන්ට් වැඩි පුරම ඔහුට විරද්ධ නම් ඔබත් විරුද්ධ වන්න.විවේචනයට ලක් වෙන බ්ලොග් කරු සමඟ අනිකුත් බ්ලොග් කරුවන් සිටි නම් ඔහුට පක්ෂව ඔහුගේ ගුණ ගයා කොමන්ට් කරන්න.මේ සඳහා කිසි විටෙකත් ඇනෝ ප්‍රොෆයිල් භාවිතා නොකරන්න එසේ කල හොත් ඔබට ලැබිය හැකි හිට්ස් අඩු විය හැක.ඔබ දමන කොමන්ට් මගින් ඔබේ බ්ලොග් අඩවිය අනාගතයේදී ජනප්‍රිය වෙනවාද අසාර්ථක වෙනවාද යන වග තීරණය වේවි.


නැතහොත් ඔබටත් හැක ඇනෝ කෙනෙක් ලෙස බ්ලොගයක් පටන්ගෙන ***** වගේ තමාගේම අනිත් බ්ලොගයට මඩ ගැසීම.මෙම ක්‍රමය **** විසින් 100%ක් ම සාර්ථක බව ඔප්පු කර ඇත.එයින් ඔබේ බ්ලොගය අනිවා ඩෙපා ඉතා ජනප්‍රිය වන්නේ ය.නමුත් උණුසුම බැස යනකම් පමණය.


මේ දවස් වල නැගලා යන තුන්වන ටොපිය?
ඒ තමයි අපේ පමණක් නොව මුළු විශ්වයටම රජු රාවණා රජු ගැන! මේ ටොපියට නම් ඔබට ලේසියෙන්ම ඇතුල් විය හැක.ඉදිරියේදී රාවණ රජු නැවත නැගිටීමකට ලක් වේ.ඒ පිළිබඳව ඔබට දැනුමක් ඇත්නම් වහා ඒ පිළිබඳව බේගල් ඇද බා ජනප්‍රිය වන්න!






මේ මා පෙන්වුයේ ඔබට නැගී සිටීමට හැකි ක්‍රම හා පහුගිය සමයේ සිංහල බ්ලොග් අවකාශයේ නැගලා ගිය ටොපික් හා ඔබට එම වකවානු වලදී එයට එන්ටර් විය හැකි ක්‍රමයි.මෙය මේ මා ලිව් ටිකට පමණක් සීමා වන්නේ නැත.තවත් ඉදිරියට නව ටොපික් අනිවාර්යෙන්ම පැමිණේ එවිට ඔබ ඉතාමත් හිතා මතා කටයුතු කළහොත් ඔබටත් එම ටොපික් වෙත ක්‍රමානුකූලව ඇතුලත් විය හැක.මෙම ක්‍රම මා තනිව අත්හදා බැලූ ඒවා පමණක් නොව දැනට සිටින සමස්තයක් බ්ලොග් කරුවන්ද අත්හදා බැලූ ඒවා බව සලකන්න.


කිසි විටකත් තරහාකාරයෙකුට බැන පෝස්ට් නොදමන්න
මන්ද එයින් පසුව ඔබටම ඔබ ගැන ලැජ්ජාවක් ඇති වීමට ඉඩ ඇත!


හැම විටකම නිහතමානි වන්න!
මා දුටු නිහතමානිම බ්ලොග් කරුවන් තිදෙනා වන්නේ වෙනියාත්,සෑමාත්,කතන්දරත් පමණි!


හතර වෙනියෙකු සිටි නම් ඒ මා බව මාගේ විශ්වාසයයි.


ඔබේ දුර්වල කම් බ්ලොගය තුලින් නොපෙන්වන්න.
එය ඔබට නොපෙනුනත් අනිත් අයට පෙනිය හැක.උදාහරණයක්‌ ලෙස කතන්දරව ගත්තොත් ඔහුගේ දුර්වල කමක් ලෙස මා දකින්නේ ඔහු ජොක්කු අඳිනා බව ලොවට පෙන්වීමට දැඩි වෙහෙසක් දරා පෝස්ට් දැමීමයි.




ලින්කු දැමීම!
ඔබගේ අඩවියේ ලින්කු වෙනත් බ්ලොග් වලට දැමීම  මඟින්ද ඔබට ට්‍රැෆික් හදාගත හැක.එක් ප්‍රවීණයෙක් එලෙස කරනු ඔබ ද දැක ඇත යම්විට.එහෙත් ඉඳ හිට එලෙස දැමුවත් නිතර නිතර ඔබත් ලින්කු දැමීමට උත්සහ කර ඇනෝ කොමන්ට් මඟින් දොශාරෝපනයට ලක්නොවන්න!


මේ ලිපිය මඟින් ඔබට සෑහෙන්න දැනුමක් ලබා ගත හැකි බව මාගේ විශ්වාසයයි.ඔබට යම් පැන ඇත්නම් දැනගැනීමට පහලින් කොමෙන්ටුවක් දමන්න මේ වෙනතෙක් කිසිවෙක් කොමන්ට් කර නොමැති නම් මම එකඅඅඅඅඅ යනුවෙන් කොමෙන්ටුවක් දැමීමටද උත්සුක වන්න..දියුණු වන්න ජනප්‍රිය වන්න මගෙන් ඔබ සැමට සුබ පැතුම් ශ්‍රී රාවණ සිද්ධම්.
_______________________________________________



190 comments:

  1. මේ ඔක්කොම අතරේ තමන්ගේ පාඩුවේ බ්ලොග් එක ලියාගෙන ඉන්න එක හුඟක් වටිනවා :)

    ReplyDelete
    Replies
    1. එහෙම ඒවා ඕන තරම් තියෙනවා.අන්න ඒවගේ ඒවා ජනප්‍රිය කරලා ගන්න තමා මම මේක ලිව්වේ :)

      Delete
    2. මටත් කියන්න තියෙන්නේ ඕකම තමයි හසිත !!...ගූගල් එකෙන් නිකන් දීලා තියෙන බ්ලොග් පහසු කමේ ඕනෑම කෙනෙක්ට ඕනෑම ඉලව්වක් ලිවිය හැක .. තම තමන්ගේ බුද්ධි මට්ටම හා රුචිය අනුව ඒවා තොර බේරාගෙන කියවල ගන්න දෙයක් තියෙනවනම් ගන්න එක..කියවන එකා සතුය,
      බ්ලොග් අවකාශයෙනුත් පෙන්වන්නේ සමාජයේම පැතිකඩකි..සමාජයේ නිතර දකින්න ලැබෙන උගත් චරිත , විනෝදාත්මක චරිත වගේම .තමන්ට හිමි චා චරිතත් බ්ලොග් පොස්ට් වලින් පෙන්වීමට උත්සහ කිරීම වැළැක්විය නොහැක..
      මගේ අදහසනම් පාඩුවේ යමක් ලියාගෙන පාඩුවේ ඉන්න එක කෝකටත් හොද බවය..

      Delete
    3. එක එක්කෙනාගේ ආතල් එක එක විදියිනේ බන්ස්ලා

      Delete
    4. ඒක ඇත්ත බං...ඒත් සමහර උන් හිට්ස් ගන්න බලාගෙනම කරන විකාර දැක්කම හිනහා යනවා... (හොද වැනිල්ලක් ජය!!)

      Delete
    5. @ හසිත.., මමත් එහෙම හිතනව..!

      Delete
    6. http://topvadak.blogspot.com/
      ඔන්න දීල තියන උපදෙසක් ඒ විදිහටම අනුගමනය කළා ඔන්න බනින්ඩ නම් එපා!!

      Delete
    7. චමි
      ඒකනම් ඇත්ත තමා බං

      වලස් පුංචා
      අපි ඒ පැත්තේ එන්නම්කෝ

      Delete
    8. ඒ මතය නම් පැහැදිලිවම ලොල්ය ... ටිකක් නොවේ ඉතාමත් ලොල්ය ..... පාඩුවේ ලියන්න නම් ලිවිය යුත්තේ දිනපොතක්ය ........

      @ මඩිස්සලේ - මම සති දෙකකට විතර පස්සේ බං ආවේ !!!! මුලින්ම නෙවෙයි දෙවනියට ආවේ උඹ මොනවද ලියල තියෙන්නේ බලන්න .....
      ලොල් ඈ.............. :D :D:D

      Delete
    9. @ දිනෙල්ක

      පාඩුවේ ලිවීම යන්න හරිහැටි වටහා ගෙන නැති හැඩයි

      Delete
    10. @හසිත- +++++++++++++

      Delete
    11. @ Hasitha - සහතික ඇත්ත ...... කොමෙන්ට් එක මෙව්ව කලාට පස්සෙ තමයි තේරුනේ ..... කොරන්ට කම්මැලි හිතුනානෙව ( අයදී මා සමා ) :D :D

      Delete
    12. ඇත්තටම පාඩුවේ බ්ලොගක් ලියන් ඉන්න පුළුවන් ඒත් බ්ලොග් රැල්ලට අහුවුනොත් ඒක කරන්න බැහැ.

      Delete
    13. @ නිසුපා අක්කා, දිනෙල්ක

      :D

      Delete
  2. පොල්ල වනලා තියෙනවා නියමෙට...

    ReplyDelete
    Replies
    1. පොල්ල මතක් කරන්ඩ එපා යකෝ !!!

      Delete
    2. කොයි පොල්ල ගැනද කිව්වේ? :)

      Delete
    3. ඔය කොයි පොල්ලත් එකයි !!!

      Delete
    4. මධුරංග පොල්ල එක්ක පොඩ්ඩක් අවුලෙන් ඉන්නේ... :D

      Delete
    5. පොලු එක්ක තරහා වෙලාද? එහෙම වුනොත් බරටම පාඩුයි ඈ :)

      Delete
  3. මම ඔය එකක් ගැන වත් ලියලා නෑ නෙව..
    ඒ කියන්නේ මම ජනප්‍රිය බ්ලොග් කරුවෙක් නෙමේ කියන එක ද... හපෝ... :)

    ReplyDelete
    Replies
    1. නැහැ ඔයා ජනප්‍රියයිනේ මම කිව්වේ අලුත් අයට ජනප්‍රිය වෙන්න ක්‍රම :)

      Delete
  4. මං පර්යේෂණ කරලා හොයාගත්තු ටිකකුත් දාන්නම්කො..

    1) අලුතෙන් බිහිවෙන සෑම බ්ලොග් එකක්ම ෆලෝ කරලා කරන එකාව උස්සල තියන්න ඕනේ

    2) ඒ බ්ලොග් වල වැටෙන ලිපි වලට "පට්ට ආ.." මරු ආ" " සුපිරි ආ කියල දාන්න ඕනේ ඒවා හොඳ වුනත් නැති වුනත්

    3) මාතෘකාවට අමතරව වරහන් තුල 1 සිට 18 තෙක් අංකයක් යොදා (+) ලකුණ එකතු කිරීම (වැඩි හිටියන්ට පමණයි හිතෙන විදිහට)

    4) නිරුවත හෝ ලිංගිකත්වය මතුවෙන මාතෘකාවක් දැමීම

    5) ලිපිය කියෙව්වත් නැතත් "මං කියෙව්වා" හෝ "මට තේරුනේ නෑ" කියල කමෙන්ට් එකක් දැමීම

    6) ප්‍රවීණ බ්ලොග් කරුවන්ගේ බ්ලොග් වලට කමෙන්ට් දාත්දී එයාල හොඳින් දන්නා අඳුනන බව හැඟවීම

    7) තමා උසස් රැකියාවක් කරන අතමිට මුදල් යහමින් තියන පුද්ගලයෙකු බව හැඟවීම

    තව ඕකී මෙකී නොකී දේ බොහෝමය. තවමත් මම කරුණු සොයන්නෙමි. මමත් ලියන්න හිටපු මාතෘකාවක් මඩිය ලියලනේ. මගේ ලිවිල්ල පස්සට දාන්න දාගන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. දන්නවා නම් මේක දාන්න කලින් උඹෙන් අහලා ඉන්නවා එහෙනම් ඔය ක්‍රම ටිකත් මේකට ඇතුල් කරන්න තිබ්බා

      Delete
    2. ඇයි බං කෙල්ලෙක්ගෙ නමින් බ්ලොගයක් ලිවීම..

      අනික කෙල්ලෙක් නම් මට කොල්ලෙක් නෑ වගේ දෙයක් ව්‍යංගාර්ථයෙන් කීම.. එතකොට පැණි ඇඹලයො ඔක්කොම එතන..

      Delete
    3. හික්ස් සිරා ආ

      Delete
    4. ඒකනම් සිරා කතාවක් තමා...

      Delete
  5. ත්වත් එක් ක්‍රමයක් මඟ ඇරිලා.. ඇයි 'හිට්ස් වැඩිකරගන්නෙ කොහොමද ' කියලා ලිපි දාන එක..

    ReplyDelete
    Replies
    1. ඒකත් ක්‍රමයක්ද?
      වරහන් ඇතුලේ දහ අටයි ප්ලස්‌ දැම්මා නම් හිට්ස් අම්බානක ගන්න පුළුවනි

      Delete
  6. mamanam blog ekak karannati nisa matanam owa adalane.eth blog liyana ayatanam hodai wage......

    ReplyDelete
  7. කතාව ඇත්තය...

    කියවීම පමණක් කරමි.

    ReplyDelete
    Replies
    1. ඇයි සහෝ ඔයා ලියන්නේ නැද්ද?

      Delete
    2. ලිව්ව. ඒත් බොහොම අඩුවෙන්.
      (2009 ඔක්තෝම්බර් ඉදන් බ්ලොග් වල ඉන්නව. මේකෙ වෙන හැම දෙයක්ම බලාගෙන :D )
      මම හිතන්නෙ මඩිස්සලේට දාපු පලවෙනි කොමෙන්ට් එකත් මේක .. :)

      Delete
    3. ලියනවට වඩා කියවලා ආතල් එකක් ගන්න පුළුවන් තමා.ආයේ දිගටම ලියන්නකෝ ඔය මොනවා හරි ජනප්‍රිය වෙයි කියලා හිතෙන මාතෘකාවකින් ඕන උදව්වක් දෙන්නම්.

      Delete
    4. නෑ මචන්... කියවල ගන්න ආතල් එක පට්ට.. දැන් ඒකට ඇබ්බැහි වෙලා... :)

      Delete
    5. අනිවා
      එහෙනම් දිගටම මේ පැත්තේ එන්නකෝ

      Delete
  8. උඹ දීල තියන කාරණා අතරෙ වැදගත්මඑක අමතක කරලනේ. ඇත්තටම අමතක කරල නෙවේ ගුරු මුට්ටියක් විදියට තියාගෙන. බ්ලොග් ලියවිලි අතරෙ තියනව "හිට්ස්" ගේන "සර්වකාලීන" මාත්රුකාවක්‍‍. ඒ තමයි "බ්ලොග්"! ඔය වචනෙට තියන බලය කවදාවත් අඩු වෙන්නෙ නෑ.
    //මේ දවස් වල බ්ලොග් ට්‍රෙන්ඩ් එක!/අගනා රහස් කීපයක් නොමිලේම!//
    මේ මාතෘකාව හිට්උනේ නැත්තං මම රාජ් නෙවේ.

    ReplyDelete
    Replies
    1. ගුරු මුෂ්ටි කිසිවක් නැහැ ඇත්තෙන්ම ඒක මම හිතුවේ නැහැ බලමුකෝ ජනප්‍රියම ගොන්නට මේ ලිපිය එයිද කියලා.

      Delete
    2. අතිශයින්ම ලොල් සහගතයි

      Delete
    3. මට නම් එහෙම දෙයක් මෙතන පේන්න නැහැනේ?

      Delete
  9. මම නම් ඇනෝ කමෙන්ට් ගැන හැර වෙන ඔය එකක්වත් ගැන ලියලා නෑ , ඇනෝ කමෙන්ට් ගැන දරපු මතය එදත් අදත් හෙටත් එක වගේ . ඒ වගේම ඕනිම තැනකදි ඒ මතය වෙනුවෙන් පෙනී ඉන්න ලැස්තියි .

    තමන් ජනප්‍රියද , අප්‍රියද කියන එක ලියන එකාට තීරණය කරන්න අමාරුයි . ජනප්‍රිය වෙන්න නොලියා ලියන දේවලින් ජනප්‍රිය වෙන්න පුලුවන් නම් හොඳයි

    ReplyDelete
    Replies
    1. ඇනෝ මතය මගෙත් එදා තිබ්බ එකම තමයි අදත්,ඒ පිළිබඳව වගකීමත් මගේ බ්ලොගය තුල මා බලාගන්නවා.ඒත් අනිත් බ්ලොග් තුල කිසි වගකීමක් හිමිකරු තුල නැති වීම නම් මට දුකක්.

      දෙවෙනි කාරනාවට එකඟයි.ඒත් ගොඩක් අය (පරණ අයත්)මේ වගේ ක්‍රම අනුගමනය කරනවා කියලා හොඳට දැකලා තියෙනවා.

      Delete
  10. //කතන්දරව ගත්තොත් ඔහුගේ දුර්වල කමක් ලෙස මා දකින්නේ ඔහු ජොක්කු අඳිනා බව ලොවට පෙන්වීමට දැඩි වෙහෙසක් දරා පෝස්ට් දැමීමයි.//

    මේක දැක්කොත් නම් කතන්දර මහත්තයා ජොකෙක් අස්සෙම මූණ ඔබාගෙන හැංගෙයි

    ReplyDelete
    Replies
    1. හුහ්, මාව හංගවන්න, ඈං!

      Delete
    2. කතවා නං Z-ස්කෝර් ගැනමයි හැබැයි මේ ළමයින්ට සංඛ්‍යානය බැරිද කියලා හිතෙනවා.

      මට මේ ගැණ කියලා දැං එපාවෙලා. මෙන්න ආයෙමත්.

      මං කතන්දර පෝස්ට් 660+ දාලා තියෙනවා. ඒකෙන් ජොක්කු ගැන කතා හත-අටකට වඩා නෑ නේද? ඒ කියන්නේ 1% හෝ 2% විතර.

      අනික මාතෘකාවේ හෝ ඇතුලේ ජොක්කු කියලා තිබුණාට කතාව ජොක්කු ගැනම වෙන්න ඕනෑ නෑනේ.

      ප්‍රතිශතයක් ලෙස මං වැඩියෙන්ම ලියා ඇත්තේ පේරාදෙනිය විශ්ව විද්‍යාලය, කවි, ආදරය සහ බඳපු මිනිස්සු/ගෑනු ගැනයි.

      Delete
    3. මහත්තයො දාන්ඩකො සංඛ්‍යානය පංතියක් ඔච්චරම පුලුවන්නම්.

      Delete
    4. @බුවා
      :)

      @කකා
      1%ක් හෝ ඒ ගැන පවසන්නේ යම් දෙයක් හිතේ ඇති නිසා නොවේද?.ප්‍රතිශතයක් ලෙස එහෙම ගත්තත් පෝස්ටු ලෙස ගත් කල හත අටක් යනු තරමක ගාණකි

      Delete
  11. අයියෝ .... මමත් බ්ලොග් එකක් කරන්නෑනේ. ඉතින් මට නම් කමෙන්ට්වලින් හිට්ස් වැඩිකරගැනීමේ උවමනාවකුත් නෑ. ඔයා මේ සම්බන්ධයෙන් ටිකක් ඉවසීමෙන් නිරීක්‍ෂණය කරල පෝස්ට් එක ලියපු බව පේනව. කොහොම උනත් ඔය නිශාන් කිව්ව එකක් දෙකක් මමත් කරන නිසා මම ඒ ගැන මගේ අත්දැකීම ලියන්නම්.
    මම නම් නිශාන් බ්ලොග් කියවන්න එන්නෙ හිතේ සතුටට. කාට හරි විහිළුවක් කරන්න චාන්ස් එක ලැබුණොත් පැනල, ඉන්න ටික කාලෙ සතුටෙන් ඉන්න එපෑයැ. ඒ නිසා සාමාන්‍යයෙන් මමත් ඔය කමෙන්ට්ස්වලට යටින් රිප්ලයි බට්න් එක ඔබල එක එක දේවල් ලියනව. අනෙක් මෙතන සඳහන් කරල තියෙන ඒවයින් අර ‘මම 1‘ කමෙන්ට් එකත් මම දානව. ඔය කියන බ්ලොග් එකේ කෂ්ටිය ‘මම 1‘ දාන එක මුලදි මුලදි මටත් පෙනුනෙ මහ විකාරයක් විදියට. ඒත් බ්ලොග් ලෝකෙ පොලිසියෙන් කඩාපැනල ‘මම 1‘ දාන අයට සද්දෙ දැමීමත්, ‘මම 1‘ දාන්න කෂ්ටියගෙ තියෙන පොරයත් දැක්කම මටත් හිතුන මේක නම් ජොලි කියල. ඉතිං මාත් ‘මම 1‘ දානව ඒ බ්ලොගේ, අනික් එකක දානව නම් ඒ බොහොම හදිසියෙන්. හැබැයි මම නම් අදාල බ්ලොගය රිෆ්‍රෙෂ් කර කර ඉන්නෑ. මම රිෆ්‍රෙෂ් කරන්නෙ මගේ බ්ලොගර් ඩෑෂ්බෝර්ඩ් එකේ රීඩින් ලිස්ට් එක විතරයි.
    අනෙක ඇනෝ විදියට ගිහින් පුද්ගලික මඩ ගහන එකටත් මම නම් විරුද්ධයි. කියන තියෙන දෙයක් නියම ප්‍රොෆයිල් එකෙන් කියන්න පුළුවන් වෙන්න ඕන ඕනම කෙනෙක්ට. අවුරුදු ගානක් බ්ලොග් කියෙව්වත් මේ මෑතක ප්‍රොෆයිල් එකක් හදා ගන්නකන් මම කාගෙවත් බ්ලොග් එකකට ඇනෝ කමෙන්ට් කළේ නෑ. මම ඇනෝ කමෙන්ට්ස් දමල තියෙන්නෙ ගොසිප් ලංකා එකේ විතරයි. ඒකෙත් තියන කුලල් කෑ ගැනීම නිසා මම දැන් කාලෙකින් ඒ සයිට් එකේ කමෙන්ට් කරන්න ගියේ නෑ.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නෙ මේ දේ තමයි හුන්ගාක් දුරට වෙන්නේ.. අනික ඔය මම එක මම දෙක කියල දැම්මට හිත් වැඩිවෙනවද කියලනම් දන්නෙ නෑ.. හැබැයි 18+++ මාතෘකා වලටනම් පට්ට හිට්ස් සහ කොමෙන්ට්...

      Delete
    2. @DDT
      අයියා ඔයා කියවන්න හැම බ්ලොගයක් තුලටම යනවා ඇතිනේ,සමහරක් බ්ලොග් වල ටයිට්ල් දාන්නේ සුරපුරයට පාර වගේ ඒත් කියවන්න ගියාම කිසිම වැදගැම්මකට ඇති දෙයක් නැහැ.එහෙමව වෙන්නේ හිට්ස් ලබාගන්න ඕන නිසා තමයි.හිට්ස් ගැන වැඩියි කියන්නේ තරමක් හෝ ජනප්‍රියයි කියන එකනේ.

      දැන් මීගොඩ අයියම වුනත් 18+ කියල පෝස්ට් දැම්මත් 8+ කෑල්ලක්වත් නැහැ :D ඒ ඉතින් ජනප්‍රිය වෙන්න තීන ආසාවනේ :P

      මම නම් කවදාවත් අද වෙනකන් මම එක කියල කොමන්ට් කරලා නැහැ පළවෙනියට කොමන්ට් කරා වුනත්,

      Delete
  12. නිකම්ම නිකං තේවතුර බීපුවා බස්වල ගිහිපුවා..රෑට බත් කාපුවා ලයිට් ගිහිපුවා වලට දැන් හිට්ස් නෑ..
    එතකොට අපිට සිද්ද වෙනවා වෙනත් ආකර්ශනීය මාතෘකා වලට යන්න.... කරන්න දෙයක් නෑ මිනිස්සු ඉල්ලන්නෙ සෙක්ස් නං..අපි සෙක්ස් දෙන්න ඕනි...
    දහ දොලොස් දෙනෙකුට බලන්න බණ ටෝක් ලියනවට වඩා මටනං දාහකට දෙදාහකට බලන්න වැල කතා ලියන එක හොඳයි...

    කතන්දර මාරයා සහ බ්ලොග් අවකාශයේ කුනු වල එල්ලෙන්නේ නැතිව බ්ලොග් එකේ බ්ලොග් පෝස්ට් ලියනවානං ඒකත් වටිනවා කියල මං හිතනවා...

    ReplyDelete
    Replies
    1. නිකම්ම නිකං තේවතුර බීපුවා බස්වල ගිහිපුවා..රෑට බත් කාපුවා ලයිට් ගිහිපුවා වලට දැන් හිට්ස් නෑ..
      එතකොට අපිට සිද්ද වෙනවා වෙනත් ආකර්ශනීය මාතෘකා වලට යන්න....

      සම්පුර්නෙන්ම එකගයි.

      Delete
    2. අනිවා ඒ දේ තමා අමිල සහෝදරයා වෙන්න ඕන.අනික ඔයා වගේ කෙලින් කතා කරන අයටත් මම කැමතියි.කෙලින් කතා කරලා බැනුම් ඇහුවා වුනත් හිතට සතුටුයි කියන්න ඕන වුන දේ කියන්න ලැබුණු එක ගැන.

      Delete
  13. මඩිස්ස = මඩ් + ඉස්ස = මඩ ඉසින ස්ථානය

    යකූ මෙච්චර පාඩුවෙ බ්ලොගක් ලියාගෙන ඉන්න මටත් කෙලලනේ.. තෝව කොටියම කාපිය

    හක්ක හක්ක හක්ක

    ආ මම 69 හරිද

    ReplyDelete
    Replies
    1. අපරාදෙ .... අද කතන්දරට 69 අහිමිවෙල. 69 කොතනද කකා එතන. :)

      Delete
    2. @මී
      කොහෙද යකෝ මේකේ මඩක් තියෙන්නේ? :P

      @DDT
      අයියා 69 ගැන සීන් එක මම දන්නේ නැහැ

      Delete
  14. ඔන්න මමත් අනිවා අනුගමනය කොරනවා......

    ReplyDelete
    Replies
    1. එළ මචන් කොල්ලෙක් ගොඩ යනවා නම් මම ඕන උදව්වක් දෙනවා

      Delete
  15. නියම උපදෙස් ටික. ගොඩාක් වටිනවා. බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. උඩ කෙනාට කියපු ටිකම තමා සහෝ ඔයාටත් කියන්න තියෙන්නේ.ජය පතනවා

      Delete
  16. අනිත් එක ජනප්‍රියයි කියන්නෙ හොඳයි කියන එක නෙවේ නේද..!යම් කිසි ගන්න තියෙන දෙයක් ලියන්න පුලුවන්නම් ඒක හිතටත් සතුටක් කියලයි මටනම් හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනිවා සහෝ බලන්න කොච්චර හොඳ ලිපි ලියවෙන බ්ලොග් තියෙනවද ජනප්‍රිය නොවුන?.

      Delete
  17. අපි ලියන දේ සහ කියවන අය බලාපොරොත්තු වෙන දේ අතර වෙනසක් තියෙනවා... ගොඩාක් මහන්සි වෙලා කරුණු හොයාගෙන ලියන අධ්‍යාපනික වටිනාකමක් තියෙන පෝස්ටුවකට වඩා සරළ වින්දනයක් තියෙන කුණු හබ්බ කථාවක් ලිව්වා නම් හිට් වෙනවා පට ගාලා... එතකොට ගැටලුවක් එනවා.. කොයි ඒවද වැඩියෙන් ලියන්නෙ කියලා...

    ReplyDelete
    Replies
    1. ඔය දෙකම ලිවිය යුතුයි සමානව... අපි ලියන දේකට වටිනා කමකුත් එකතු වෙන්න ඕනේ මචං.. විනෝදයත් ඕනේ.. මේ වර්ග දෙකම සමානව පවත්වා ගන්න පුලුවන්නම් තමයි හොද.. හොද ලිපියක් ලිව්වා කියන අදහස අපේ හිතේ තියෙනවනම් හිට්ස් නැතත් කමක් නැහැ.

      Delete
    2. මචන් සිරා
      මාත් බ්ලොග් වලට ආපු දවස් වල ඔය වගේ හිතිලා තියෙනවා.ගණන් ගන්න එපා කල් යද්දී ඔයාටම තේරෙයි කට්ටිය කියවන්න කැමති මොන වගේ ලිපිද කියලා.අන්න එදාට ඔයාට තේරෙයි මම මේ දැන් කියපු දේ ගැන.

      Delete
    3. ස්තූතියි නිශාන්...

      Delete
  18. මටත් සැරටම මඩ පාරක් වැදිලා තියනවා.ඒ උනත් කතාව නම් ඇත්ත.හැබැයි මම සමහර මාතෘකාවලට යන්නේ හුදෙක්ම උපහාසය පිණිස විතරයි.මම හිට් ගැන නම් එච්චර සැලකිලිමත් වෙන්නේ නෑ.මොකද මම දන්නවා දැනටම මග්ෆේ නිර්මාණයක් අවන්කවම රසවිඳින කීප දෙනෙක් මන් ආවටම ඉන්නවා කියල.සමහර ප්‍රවීණ කියන බ්ලොග් වල දකින්න ලැබෙන සමහර කොමෙන්ට් ( අනේ නිකන් බොරුවට පොස්ට් එක තේරිලත් නැතුව "මරු පොස්ට් එක , නියමයි " වගේ දෙයක් නැතුව අවන්කවම කියවන කෙනාගේ අදහස තියන ) 1000 කට වඩා මම කියපු නිර්මාණය රසවිඳලා දාපු කොමෙන්ට් එකක් හිතට වදිනවා.තව දෙයක් සමහරු තැටිය රත්වෙච්ච වෙලේ රොටි පුච්චන එකට නම් මම කොහොමවත්ම කැමති නෑ.

    රාවන ගැන කියනනවානම් රාවනා දැනටමත් අවදි වෙලා නිසා ටිකක් පරිස්සමින් කතා කරනු.....හැක හැක

    ReplyDelete
    Replies
    1. හිට් ගැන උනන්දු නැති එක තරගකාරිත්වයෙන් මිදෙන්න ලොකු උපකාරයක්‌.,ඇත්තටම හිට්ස් නොලැබුනත් කිහිප දෙනෙක් හෝ රස වින්දානම් ඔයා සාර්ථකයි.

      මරු පෝස්ට් එක කියලා ගොඩක් වෙලාවට කොමන්ට් කරන්නේ කියන්න වෙන කිසිම දෙයක් නැති හින්දා තමා

      Delete
  19. බ්ලොග් ලියන්නෙ ඇයි කියන එක තමන් තිරණය කරලා ඉවරවෙලා ඔය උපදෙස් අනුගමනය කරානම් හරි.හැමෝටම හිට්ස් කමෙන්ට් වලින් ආතල් එන්නෙ නෑනෙ.හැබැයි එහෙම උන්ට කියාපු උපදෙස් ටික.

    ReplyDelete
    Replies
    1. එහෙම උන්ට පමණයි තමා සහෝ මේක.

      Delete
  20. මරු ලිපිය මචං ..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මචන් මේ පැත්තේ ආවට

      Delete
  21. හික්ස්.. මම බ්ලොග් එක පටන් අරන් අවුරුද්දකට වැඩි...ඒත් තාම ෆෙලොවර්ස්ලා ඉන්නෙත් 40 ගාණාක් විතරද කොහෙද..අනේ මන්දා..ඔය උඩින් කියලා තියෙන එව්වා කරන්න බෑ අප්පා.. ඔන්න ඔහෙ එන කෙනෙක් ඇවිත් බලලා කියලා යන්නැතේ.. මොනා වුනත් හොඳ ලිපියක්.. :D

    ReplyDelete
    Replies
    1. ට්‍රයි කරලා බලන්න සහෝදරයා කම්මැලි නොවී

      Delete
    2. අයියෝ.. ඔයා මාව සහෝදරයෙක් කරලානේ.. රතු හැට්ටකාරි කවදා ඉදන්ද කොල්ලෙක් වුනේ.. :p

      Delete
    3. හුටා සොරි නංගි/අක්කේ :)

      Delete
  22. ඊ මේල්කාරිට මඩක්ද මන්දා..........

    ReplyDelete
  23. මම මෙයින් දැනට කරගෙන යන උපක්‍රම දිගටම කරගෙන යාමටත්, දැනට නොකරන උපක්‍රම අද සිට අලුතින් පටන් ගැනීමටත් අධිශ්ඨාන කරගතිමි. ආයිබෝ වේවා!!
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ශ්‍රී රාවණා සිද්ධම්!

      Delete
  24. මාත් මේ බලන්නේ කොහොමද ජනප්‍රිය බ්ලොග් කාරයෙක් වෙන්නේ කියලා බං! ඔය කියපුව දෙක තුනක් වත් කරලා බලන්න ඕන!

    ReplyDelete
    Replies
    1. අන්න කොල්ලෝ
      හැමදේම ට්‍රයි කොරලා බලහං :)

      Delete
  25. මාත් ලියන්න ඕනේ නිශාන් කියලා තියෙන මේ දවස් වල නැගලා යන ටොපික් 3න් එකක් අරන්. මගේ පෝස්ට් ටිකත් හිට් වෙයි නේ මචන්..? :)

    එළ පෝස්ට් එක ඈ..මං නම් ලියන්නේ මට හිතෙන දේ බං.යන ට්‍රෙන්ඩ් එකට ලියන්න ගිහින් අනා ගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා ඒවා හිට් වේවා කියලා මම පතනවා
      හැබැයි අනා නොගෙන ලිවිම උඹේ දස්කම

      Delete
  26. අනිවාරතේ බලන්න. අපේ ගැටයාගේ වැඩක්.

    ReplyDelete
    Replies
    1. උඹේ බ්ලොගේ මොකක්ද සහෝ?

      Delete
  27. අහ්හ්.. මාත් මෙහාට ඇවිත් තියෙන්නෙ හොද වෙලාවකනෙ..:) අනුගමනය කරලා බලන්න වටින උපදෙස් ටික.. ;)

    කාව හරි විවේචනය කරලා, නැත්තම් කාට හරි බැනලා, ඒත් නැත්තම් බ්ලොග් අවකාශෙ ඇතුලෙ ඇතිවෙන ප්‍රශ්නයක් වෙනුවෙන් පෝස්ට් දාලා ඇනෝලාට ආතල් ගන්න දීලා ජනප්‍රිය වුනු අවස්ථානම් දැක්කා පහුගිය ටිකේ...:D

    ReplyDelete
    Replies
    1. ඒකනේ මම බොරු කිව්වේ නැනේ? :)

      Delete
  28. මම එක සැරයක් හොල්මන් කතාවක් ලිව්වා.. එකම එකක්...ඒ එහෙම රැල්ලක් තියනවා කියල දැනගන නෙමේ...ටිකක් හති අරින්ඩ.. හැබැයි ඒකට සෑහෙන ප්‍රතිචාර හම්බුනා.. ඒ කියන්නෙ හොල්මන් කතා ලිවීම නැගලා යන වැඩක්..

    එක සැරයක් චතුවගේ බ්ලොග් එකේ "එක" දැම්මම බුවා කිව්වා ඒක "සිගිති ආතල්" එකක් කියලා.. එදයින් පස්සෙ එක දැම්මෙ නෑ..

    රිප්ලයි බටන් එකනම් සෑහෙන්න පාවිච්චි කරනවා.. ඒත් ඒකෙන් ජනප්‍රිය වෙනවා කියලා අද තමා තේරුනේ.. දිගටම කරන්ඩ ඕනා..

    මේ සිංහල බ්ලොග් ලෝකයේ මම දන්න හොඳම නිහතමානි එකා " ගැමියාය ".

    මේ වගේ ලිපියක් ලිව්වමත් සෑහෙන්ඩ ජනප්‍රිය වෙන්ඩ පුලුවන් මගේ හිතේ..

    ReplyDelete
    Replies
    1. රැල්ල ගැන දන නොසිටියා විය නොහැක! :)

      බුවා කියූ දේ යම් අතකින් ඇත්ත :)

      රිප්ලයි බටන් සීන් එක බලගතු දෙයක් බං :)

      මෙච්චර ඉඳලත් මට තාම වැඩිය ඒ පැත්තේ යන්න වුනේ නැහැනේ :(

      මේ වගේ ලිපි වලින් ජනප්‍රිය කෙසේ වෙතත් බැනුම් නම් ඇසිය හැක :)

      Delete
  29. අපි ලෝකයෙන් ගන්න තරම්ම ලෝකයට දෙන්න ඕන කියන මතයෙන් තමයි මම blog එකක් පටන් ගත්තෙ. මම film review එකක් ලියන්න එකම film එක දෙතුන් පාර බලනවා, දවස් ගනන් හිතනව, කරුණු හොයනව. ඒත් හිට්ස් ගන්න ගොඩක් අය ලියන ඒව දැක්කහම දුකත් හිතෙනව. ඒත් මට comment නොදා උනත් ලිපිය බලන අය වටිනව.

    ReplyDelete
  30. හී හී..
    තමන් තමන්ගේ ශෛලියට ලිව්වනම් හරි කියල මට නම් හිතෙන්නේ..
    මගේ බ්ලොග් එකේ නම් ගොඩක් ජනප්‍රිය වුනේ සාමාන්‍ය දැනීම ගැන මම ලියපු පෝස්ට්..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔයාගේ බ්ලොග් එක ජනප්‍රිය ද? ඒක මොන රටේද ජනප්‍රිය???

      Delete
    2. අනේ මම කිව්වේ මගේ බ්ලොග් එක ජනප්‍රියයි කියලා නෙවෙයි ලහිරු.මගේ බ්ලොග් එකේ වැඩිපුරම ජනප්‍රිය වුනේ සාමාන්‍ය දැනීම ගැන ලිව්ව ඒවා කියලා.ඒ කියන්නේ වැඩිපුර කට්ටියක් බලලා තියෙන්නේ ඒ ලිපි ටික.
      මගේ බ්ලොග් එකට ජනප්‍රියයි කියල කියනවනම් ජනප්‍රිය ඒවාට මොනාද කියන්නේ??
      හී හී හී

      Delete
    3. මෙතන මරු සංවාදේ ඈ :)

      Delete
  31. මරු පොස්ට් එක මචන් .........:)
    ඇයි හොද දෙපිට කැපෙන පට්ට ටොපියක් දැම්ම නම් කට්ටිය ටොපිය කන අතරෙම හිට්ස් වැඩි කරගන්න පුලුවන්

    ReplyDelete
  32. 500% kma wenne oka.mamath oken sahena godak karala thiyenawa issarahata karannath innawa.amilage adahasata sampurnayen ekagai.matanam be meken midenn.bohoma amaruwen goda dagaththu bloga.
    :)

    ReplyDelete
    Replies
    1. කැමති කැමති දේ කරලා බ්ලොග් ගොඩ දාගන්න කාගෙන්වත් අවසර ඕන නැහැ බං.

      Delete
    2. http://chathumama.blogspot.com/2012/09/blog-post_11.html
      ඔන්න චතුමාමත් ඔහේගෙ ක්‍රමයක් අනුගමනය කොළා. තරහ නෑ නෙව!

      Delete
  33. අඩේ මම නිහතමානී.. නෑ යකෝ මම දරුණුයි..

    ReplyDelete
    Replies
    1. අනේ උඹේ දරුණුකම

      Delete
  34. හි හි
    මොනවා කියන්ඩද මන්දා
    හොදා හොදා

    ReplyDelete
  35. හොඳ පොස්ට් එකක්....ඒත් ඉතින් ජනප්‍රිය වෙන්නත් වාසනාව තියෙන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. ඔයා නම් අවාසනාවන්ත වෙන්න බැහැ.ඒත් ඔයාගේ මතය බොරු එකක් අවාසනා වන්ත යත් ජනප්‍රිය වෙනවා

      Delete
  36. තව තියෙනවා.

    බ්ලොග් එකේ අයිතිකරුම ඇනෝ ප්‍රතිචාර දමාගෙන ලිපිය හීට කිරිම. (Gossip9.com වගේ)
    ඇනෝ ප්‍රතිචාරයක් මගින් තමාටම බැන ගැනීම. හෝ වෙන කෙනෙක්ට බැන ලිපිය ටිකක් ආතල් කර හීට් කර ගැනීම. (සමහර තැන් වල දැකලා තියෙනවා)

    එලකිරි එකේ වගේ සිටින කෙනෙකුට ලිපි කොපි කලායැයි බැන වැදීම (Triks Lanka වගේ)

    කෙල්ලෙක් වගේ බ්ලොග් ලිවීම.

    නිතර බ්ලොග් අඩවි‍ය Refresh කිරීම මගින් Pageviwes වැඩි කර තමගේ අඩවියට ලක්ෂ දෙකක ඇවිල්ලැයි කීම.

    ReplyDelete
    Replies
    1. නදුන් හොඳ කරුණු ටිකක් උදාහරණ දක්වලා තියෙනවා :)

      Delete
  37. අනේ මන්ද කොල්ලො..ඔය 'හිට්ස්' කියන ඒවා 'කට්ලට්ස්' 'පැටිස්' වගේ නම් දාන්න තියන ඔක්කොම උප්පරවැට්ටි දාල පුලුවන් තරම් ගෙන්ව ගන්නව මම....

    ReplyDelete
    Replies
    1. හෆොයි මෙයා වගේ පෙරේතියක්‌ :D

      Delete
  38. මගේ අදහස.

    මං නං ලියන්නේ මට හිතෙන දේයි. කාලයත් එක්ක ලියන්න තියෙන දේවල් වැඩි වෙනවා. හිත හිත ඉන්න ඕනෑ නෑ.

    එහෙම ලියන කොට එක එක ජාති ලියවෙනවා. සමහර ඒවාට සමහරු කැමතියි, අනිත් ඒවාට අනිත් අය කැමතියි.

    ලෝකේ එහෙම තමයි, විෂමයි, එකවගේ නෑ, එක වගේ නං ජොලියකුත් නෑනේ!

    ReplyDelete
    Replies
    1. ඔබ නවකයෙක් නෙවේනේ
      ඔබ ලියන ලිපි නිසාත් ඇත්තටම යම් රැල්ලක් ඇති වෙනවා සමහර වෙලාවට

      Delete
  39. මුලු බ්ලොග් අවකාශේ ගැනම හොදට හොයලා බලලා ලියපු ලිපියක්.. වටිනවා..

    ReplyDelete
    Replies
    1. :) අමුතුවෙන් හොයන්න දෙයක් දෙයක් නැහැ සහෝ

      Delete
  40. හනේ මන්ද.. වෙලාවක් තිබ්බොත් හිතට එන දෙයක් ලිව්වට මෙහෙම දේවල් බලාගෙන මොකුත් කරල නං නෑ.. හිකිස්.. පහුගිය දවස්ටිකේ වෙච්චි ‍දේවල් මතක් කරද්දි ලියල තියෙන දේවල් නං අමූලික ඇත්ත..

    ReplyDelete
    Replies
    1. එහෙනම් මේ වගේ දේවල් අත්හදා බැලුවා නම්?

      Delete
  41. හයියූ හිට්ස් එහෙන් මූනුපොතේ ගෲප් හදාගන දුක් විදිනව මෙහෙන් ප්‍රශ්න අහ අහ දුක් විදිනවා

    ReplyDelete
  42. ශ්‍රී රාවණ සිද්ධම්.

    ReplyDelete
    Replies
    1. ඔබ තුමාටත් එසේම වේවා!

      Delete
  43. හොඳ ලිපියක්. ශ්‍රී රාවණ සිද්ධම්!

    ReplyDelete
    Replies
    1. ඔබ තුමාගේ පැමිණීම දැක මා සිත කුල්මත් වී ගියේ ය ආචාර්ය තුමනි
      ඔබට බොහෝම පින් :)

      Delete
  44. ලිපිය කදිමයි.ඒත් මට නම් එකක්වත් අදාළ නම් නැත..අපි තවම 1 වසරේ බ්ලොග් කරුවොනෙ..පාඩුවේ කමෙන්ට් එකක් දාල,පාඩුවේ තමන්ගෙ පෝස්ට් ලියාගෙන හිටියනම් අවුල ඉවරයි.ලිපි හොඳනම් කට්ටිය කියවාවි..

    ඔබට ජය නිශාන්!

    ReplyDelete
    Replies
    1. සමහර දක්ෂයෝ තමන්ගේ දස්කම් පෙන්වලා 1 වසරේ ඉඳං 5 වසරට ප්‍රමෝෂන් ගන්නවා එක පාරින්ම

      ඔයාත් එහෙම කෙනෙක් කියලා මම දන්නවා

      Delete
  45. එළ ඈ...නියමෙට දීලා තියනවා

    ReplyDelete
  46. මාත් ඇවිත් කියවලා ගියාලු ..!!!

    ReplyDelete
    Replies
    1. ආයෙත් එන්ඩ ඕනේ ඈ

      Delete
  47. එල ඈ උබේ හිට්ස් ටිකත් නියමට වැඩි වෙලා ඇති.
    කාලයක් මේ විදියට ලියන ලිපිත් හිට්ස් වැඩි කරගන්න බ්ලොග් කාරයෝ පාවිච්චි කරා කියලා මතකයි..හේ හේ....

    ආ මන් තාමත් ජීවතුන් අතර ඉන්නවෝ....

    ReplyDelete
    Replies
    1. උඹ හිතන්නේ මාත් ඒවගේ බ්ලොග් කාරයෙක් කියලද?
      එහෙනම් උඹ හරි බං :P

      කව්රු හරි කිව්වද උඹ මලා කියලා?

      Delete
  48. සැරිසරන අතර තුරේ ඔන්න ගොඩ උනා නුඹේ ගිමන් හලට.

    ReplyDelete
    Replies
    1. කොහේ සිටද
      සැරිසරන්නේ

      ස්තුතියි මගේ ගිමන් හලට ගොඩ වුනාට ගන්න පුළුවන් දෙයක් තියේ නම් අරන් යන්න.ආපහු පස්සේ එන්න

      Delete
  49. ඇත්තටම හොඳ සාරාංශයක් ලියල තිබෙනවා ,

    ReplyDelete
    Replies
    1. මට පොඩි කනගාටුවක් තියෙනවා
      ජනප්‍රිය බ්ල්කොග් කියන්නේ හොඳම බ්ලොග් වලට නෙවේ.කොච්චර හොඳ බ්ලොග් තියෙනවද ජනප්‍රිය නොවුන?

      හොඳම උදාහරනේ:
      ඔබේ බ්ලොගය

      Delete
  50. අනේ මන්දා . ජනප්‍රිය වීමත් සාපෙක්ෂයිනේ. සමහර විට ඉබේමත් ලැබෙනවා .

    ReplyDelete
    Replies
    1. ඉබේම ලැබෙන්න නම් වාසනාව ඕන,ඉබේම ලැබෙන කම් නොඉඳ මොනවා හරි කරා නම් තමා හරි

      Delete
  51. අනේ මමනම් මගේ පාඩුවෙ ඔහේ ලියනවා බලන අය ඉන්නකම් ලියනවා.බලන්න අය නැතිඋන දාට ... ඒත් ලියනවා පස්සෙ කාලෙක මටම හරි කියවන්න

    ReplyDelete
    Replies
    1. පාඩුවේ? ඒත් ඔයා ජනප්‍රියයිනේ

      Delete
  52. නවක අපිට මෙව්වා හොද පෝස්ටුය..
    ජය ජය..
    තවත් දමන්ට..

    ReplyDelete
  53. අපි අපේ පාඩුවේ..කාටත් කරදරයක් නෑ....... :)

    ReplyDelete
    Replies
    1. කෑවා බිව්වා දොයිය ගත්තා :)

      Delete
  54. මගේ බ්ලොග් එක මට නම් මගේ ඩයරිය වගෙයි . හැම දේම තියෙන අච්චාරුවක්.. කියවලා කමෙන්ට් කරන අයගේ රුචි අරුචිකම් ගැන පොඩ්ඩක් හිතලා ඊළඟ පෝස්ට් එක ලියනවා ..ඒත් හැම වෙලාවෙම නෑ..

    ReplyDelete
    Replies
    1. ඒත් ජනප්‍රියයි ඈ
      ජය වේවා අයියා

      Delete
  55. මරු ලිපිය මචං. ඔන්න මමත් පෝස්ට් එක අස්සට රාවණා කෑල්ලක් ඇදලා දැම්මා. ශ්‍රී රාවණ සිද්ධම්෴

    ReplyDelete
    Replies
    1. එහෙනම් උඹත් බරටම ජනප්‍රිය වෙයි ඈ
      ජය පතනවා!

      Delete
  56. එල පෝස්ට් එක නේ...

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු ඈ
      ජනප්‍රිය වේවා!

      Delete
  57. අනේ මන්දා....

    ReplyDelete
  58. ඔහොම කලාම හිට් වෙයි කියල ෂුවර්ද?

    ReplyDelete
  59. කතන්දර නම් ඇනෝ විදියට තමන්ගේම බ්ලොග් එකේ කොමන්ට් දාගෙන තමා ප්‍රසිද්ධ වුනේ

    ReplyDelete
    Replies
    1. අපි නම් ඕවා දන්නේ නැහැ

      Delete
  60. මමත් පටන් ගානවා මෙවන් දෙකක්. අපිත් ආසයි ජනප්‍රිය වෙන්න.

    ReplyDelete
    Replies
    1. කව්ද සහෝ ජනප්‍රිය වෙන්න ආස නැත්තේ?

      Delete
  61. Replies
    1. පළවෙනි එකනම් වටිනවා
      ලින්කුවත් දුන්නා නම් වටිනවා

      Delete
  62. මම නම් අධ්‍යාපන වටිනාකම් තියන පෝස්ට් එකේ ඉඳලා බීලා ගත්ත ආතල් දක්වාම පෝස්ට් ලියලා තියනවා. දේශපාලන සාමාජයීය පෝස්ට් කීපයකුත් ඒ අතර තියනවා. ඒත් 18+ එව්වා නම් එකක් නෑ. ම්ම්ම්.. හොල්මන් කතාවක් තියනවා. මට හිතේ ඒක වෙන්න ඕනේ එක දවසක වැඩිම හිට්වුනු ලිපිය. මේ ටිකේ නම් බ්ලොග දිහා යන්න බැරි වුණා. ඒත් හෙටානිද්දා පෝස්ට් එකක් ලියනවා. :)

    බ්ලොග් හිට්ස් කමෙන්ට්ස් වැඩක් නැතිනම් මම පත්තර කොලේක ලියනවා. ලියලා තනියම කියවනවා. මොකද මම ලියන්නේ තව කෙනෙක්ට කියවන. ඒ මගේ ලිපියක වටිනාකම ගැන ඒකෙ සාර්ථකත්වය ගැන තීරණය කරන්නේ ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින්.

    ReplyDelete
    Replies
    1. ඔය ලියලා තියෙන්නේ රැල්ලට තමා :D
      දෙවෙනි කාරණය නම් සහතික ඇත්ත මාත් ලියන්නේ හිට්ස් වලට වඩා කොමන්ට්ස් බලාගෙන

      Delete
  63. hure mama eka

    ReplyDelete
    Replies
    1. එකසිය හැට එකවත් වුනා නම් කමක් නැහැ

      Delete
  64. හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!

    මේ ෆලෝ කරනවා කියන්නේ මොකක්ද?
    ඒක කාට හරි ප්‍රයෝජනවත්ද?
    ප්‍රයෝජන තියෙනවනම් ඒ මොනවද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ප්‍රයෝජනවත්
      මොකද ෆලෝ කරාම ඔයාගේ බ්ලොග් රීඩර් එකට මගේ ලිපි එනවා.එතනින් ඔයා මෙහෙ ආවොත් මට හිට් එකක් ලැබෙනවා.මුළු බ්ලොග් අවකාශේම බ්ලොග් කරුවන්ට ලැබෙන වාසිය ඕක තමා ෆලොවස් මගින්

      Delete
  65. නියමයි යාලුවා!
    හොඳ ලිපියක්!
    දිගටම ලියන්නට සුභ පතනවා.
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා දිගටම ලියනවා ස්තුතියි සහෝ මේ පැත්තේ ආවට

      Delete
  66. අනේ තැන්කු කියන්න අමතක වුනානේ.එකයි මේ තකහනියේ දුවගෙන ආවේ.
    :D :D
    ඇත්තටම මුළු බ්ලොග් ලෝකෙම කතාව කෙටියෙන් කියල වගේ සහෝ.නියම වැඩක්. :)

    ReplyDelete
    Replies
    1. සමහර අයට ස්තූති කරන්න මතක් වෙන්නේ පෙරහැර ගියාට පස්සේ :)
      කමක් නැහැ පස්සේ හරි කිව්වනේ :)

      Delete
    2. තැන්කු කියන්න තමා හිටියේ.ඒ වුනාට වාදෙකට ටැපලුනානේ.හී හී.

      Delete
    3. කමක් නැහැ කමක් නැහැ :)

      Delete
  67. බොහොම වටිනා පෝස්ට් එකක්....

    ඒත් බ්ලොග් අවකාශය තුළ මිනිහෙකුට කරන්න පුළුවන් දරුණුම අපහාසය චමී4යූ~chami4u ගේ අලුත් පෝස්ට් එකේදි ඇනෝවෙක් මට කළා. (ඔය උඩින් කමෙන්‍ට් කරලා තියෙන "නදුන්" ගෙ තාත්තා මැරුවෙ මමයි කියලා.)

    නිකන් හිතන්න...නදුනුත් බ්ලොග් එකක් කරනවා, මාත් බ්ලොග් එකක් කරනවා....නදුන්, ඔහුගේ අම්මා එක්ක මෙහෙම කියනවා.

    "අම්මෙ අපේ තාත්තාව මරපු මිනීමරුවා මං දන්නවා...ඌ බ්ලොග් එකකුත් කරනවා,

    මෙතනදි අම්මා කලබල වුනෙ නැතත් පවුලේ වෙනත් අය කලබල වෙන්න පුළුවන්...(මම ඇනෝවෙක් නෙවෙයිනෙ.....නමක් ගමක් තියෙන පුගුලෙක්).
    ඊට පස්සෙ ලේ උණුවෙන නදුන්ගේ නෑදෑ පිරිවර මාව හොයාගෙන එනවා මරන්න....(මම මැරෙන්න බය නැහැ, ඒ හින්දා මාව හොයා ගන්න පහසු වෙන විදියට අදාල පෝස්ට් එකේ කමෙන්ට් එකකුත් දැම්මා).
    එහෙම ඇවිල්ලා ඒ අය තමන්ගෙ සිතැගියාවක් ඉටුකරගත්තයි කියමුකො, ඊට පස්සෙ ඒක එතනින් නතරවෙයිද.....?
    ප්‍රදේශ දෙකක් අතර සිද්ධවෙන අලුත් යුද්ධයක ආරම්භයක් නොවෙයි කියලා හිතනව ද ? මේවට ඇනෝ වගකියනව ද?

    ඒ හින්දා "ඇනෝ කමෙන්ට්කරුවන්ට" විනයක් තිබිය යුතුයි කියලා මම යෝජනා කරනවා.

    ReplyDelete
    Replies
    1. මේකයි මහත්තයෝ අපේ බ්ලොග් එකේදී වෙනත් කොමන්ට් කරුවෙක්ට ඇනෝ කෙනෙක් බරපතල ලෙස චෝදනාවක් හෝ අපහාසයක් කරනවා නම් අපි ඒ කොමන්ට් ගැන වග බලාගන්න ඕන.ඒ විදිහ තමයි වැදගත් එහෙත් සමහරු කොමන්ට් වලින් වලි යද්දී ආතල් එකේ පොහොර දදා ඉන්නවා කොමන්ට් වැඩි කරගන්න. ඒවගේ ක්‍රම නම් ටිකක් පහත්.

      නදුන්ගේ කට්ටිය ගැන බයවෙන්න එපා මම එයාව ටිකක් දන්නවා,ඔයා එයාගේ තාත්තගේ මිනීමරුවා කියලා සාක්ෂි ඇතුව ඔප්පු කරත් එයාලා ඔයාව මරන්න නම් හොයන් එන එකක් නැහැ නීතියෙන් පිහිට නොපතා

      Delete
  68. http://hiranyamoe1.blogspot.com/

    ඔන්න දීල තියන උපදෙසක් ඒ විදිහටම අනුගමනය කළා ඔන්න බනින්ඩ නම් එපා!!

    ReplyDelete
    Replies
    1. මම ඒ පැත්තේ නිතරම එනවනේ බොල

      Delete
  69. වෙලාවක් තියේ නම් ගොඩ වෙලා යන්ට එන්න..
    http://sudagesithuwillak.blogspot.com/
    ඔහේගේ ලිපිය උදව්වක් වේවි කියා හිතනෝ

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා ඒ පැත්තේ එන්නම්කෝ

      Delete
  70. මොන පුකටද බං මේ රහස් පිටට දුන්නෙ???

    ආ මම එකසිය... එක්කො ඕනෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ඕන පුකක්‌ කියලා බං :)

      Delete
  71. මම එකගයි,‍ඩොට් දෙකයි පි

    ReplyDelete
    Replies
    1. ඩොට් දෙක තමා අවුල :D

      Delete
  72. වැදගත් ලිපියක් අයියේ,, ඔන්න මමත් කියෙව්වා......

    ReplyDelete
    Replies
    1. එහෙනම් තැන්කියු වේවා මලේ.

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!