ඔබටත් මෙවැනි ජොබ් හමුවී තිබුනා වන්නට පුළුවන් තවත් සමහරක් දැනටමත් එම රැකියාවන් හි නියැලෙනවා වෙන්නටත් හැක!
මම තාම ජොබ්ලස් කොලුවනේ ඒ කිව්වේ විරැකියාවෙන් පෙලෙන්නෙක් අපේ අම්මා නම් කියන්නේ මේ ජොබ් කරලා පහළොස් දාහක් විසි දාහක් හොයලා කවදාවත් ඉතිරියක් නම් කරන්න වෙන්නේ නැහැ කියලා.මගේ ජීවිතේ ගැන හැම තීරණයක්ම ගන්නේ අම්මා නිසා එහෙනම් ඕන මඟුලක් කොරගන්ට කියලා මම මගේ පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවා.
අම්මාගේ ට්‍රයි එක නම්
කොහොම හරි මාව රට පටවන්න එකත් ටිකක් පොෂ් රටක් තමා හොයන්නේ.මැද පෙරදිග යවන්න කැමතිත් නැහැ ඒත් මම නම් අර ගිලෙන්න යන එකා තුත්තිරි ගැහෙ හරි එල්ලෙන්න හදනවා වගේ ඕන මොකක්ද එකක් ප්‍රීති වෙසක් වගේ මොන රටක් හරි කමක් නැහැ යන්න තියෙනවා නම් හොඳයි කියලා තමා හිතන් ඉන්නේ.
ඒත් මගේ යටි හිතේ කැමැත්ත නම් මේ රටේම රස්සාවක් කරගෙන ඉරිදට නිවාඩුවක් අරගෙන අනිත් දවස් වල බස් වල කෝච්චිවල එල්ලිලා වැඩට ගිහින් මාසේ අන්තිමට කීයක් හරි මගේම කියලා සල්ලියක් අතට අරගෙන බොහොම සැහැල්ලු ජීවිතයක් ගත කරන්න.ඒත් මම මටවත් අයිති නැති නිසා ඔන්න ඔහේ ඕන මොකක්ද එකක් කියලා දුකසේ සිනාසිලා පිස්සෙක් සේ ඉන්නවා.
ඒත් මම පහුගිය දවස් වල ජොබ් කට්ටක් හොයන්නත් පොඩි ට්‍රයි එකක් දුන්නා,යාළුවො කිහිප දෙනෙක්ටත් කිව්වා එච්චර අමාරු නැති හොඳ පඩියක් හම්බෙන ජොබ් එකක් හොයලා දෙන්න කියලා.ඔන්න ඔහොම කියලා තියෙද්දී මට යාලුවෙක් දවසක් කිව්වා හන්දියේ සෝමදාස මාමලාගේ හෝටලේ ජොබ් කට්ටක් තියෙනවා පොඩ්ඩක් බලපන් කියලා.දැන් ඔයාලා හිතයි වේටර් ජොබ් එකට වෙන්ටෑ කියලා.අපෝ නැහැ මම යයි වේටර් වැඩේ කොරන්ට.යාළුවා කිව්වේ නම් වෙන හොඳ ජොබ් එකක් කියලා.
ඉතින් මම පහුවෙනිදම ගියා සෝමදාස මාමලාගේ හෝටලේට.මම යද්දී සෝමේ මාමා හෝටලේ බරටම වැඩ කැෂියර් කූඩුවේ ඉඳගෙන.
මාමේ මට සංජීව කිව්වා මාමලාගේ කඩේ ජොබ් එකක් තියෙනවා කියලා?.
ආහ් ඔව් පුතේ ඔය එළියේ පැත්තේ කුස්සිය පැත්තට ගිහින් ඉදපන්කෝ මම ටක් ගාලා එන්නම්!.
ළමයෝ ළමයා මීට කලින් කොහේ හරි වැඩ කොරලා තියෙනවද?
අපෝ නැහැ මාමේ අපේ අම්මා මට යන්න දුන්නේ නැහැනේ.
හරි මේ ළමයට වැඩේ දෙන්න නම් පුළුවන් හැබැයි හරියට කොරන්න ඕන.
හා මාමේ මොකක්ද ජොබ් එක?
හාල් ගරන්ඩ!
ආච්චිටද? කියලා අහන්න හිතුනත් මම ඇහුවේ නැහැ.
හාල් ගරන්ඩ?
ඔව් ළමයෝ කලින් වැඩ කරපු එකා ගියානේ ගමේ ඒක නිසා දැන් හෝටලේ හාල් ගරන්න එකෙක් නැහැ.
ඈ මාමේ මාමගේ හෝටලේ හාල් වල එච්චර ගල් තියෙනවා ද?
ඔව් කොලුවෝ මම හෝටලේට හාල් ගේන්නේ අපේ මලයාගේ ගමෙන් නේ.කිලෝ එක 45යි හැබැයි හරියට ගල්.උඹ ඔය ඉඳං ඉන්නෙත් ගිය මාසේට එකතු වුන ගල්,වැලි ගොඩේ!
එදා වැඩට එන්නම් කියලා ආවත් මම නම් ආයේ ගියේ නැහැ.
පස්සේ මට සෙට් වුනා ආප්ප දාන යසෝ නැන්දා ගාව ජොබ් එකක් ඒකෙ කරන්න තිබ්බේ ආප්ප වලට හිල් විදින එක.යසෝ නැන්දා දාන ආප්ප වල හිල් නැහැ ඉතින් ඒ ආප්ප වලට හිල් විදින්න තමා අපිට තියෙන්නේ ඒත් මම ඒකට ගියෙත් නැහැ පඩි අඩු නිසා.
ඔය හිල් සීන් එකයි පඩි මදි කතාවයි මම අඳුරන අයියා කෙනෙක්ට කිව්වම ඌ කිව්වා "මල්ලි පඩි අඩු එකනේ කේස් එක?මම උඹට පඩි වැඩි ජොබක් සෙට් කරලා දෙන්නම් මැලිබන් එකේ" කියලා
මැලිබන් එකේ නම් ඉතින් අවුලක් නැහැනේ? මම ඉතින් ඉහවහා ගිය සන්තෝෂයෙන් ඇහුවා මොකක්ද අයියේ කරන්න තියෙන්නේ කියලා.
ඌ කිව්වා මාරි බිස්කට් වලට හිල් විදින්න කියලා.
මම ඒකට ගියෙත් නැහැ සහෝදර සහෝදරියනි.ඒ ඇයි දන්නවද ඕවාට හිල් විදින්න ගිහින් අතේ ඇනුනොත් එහෙම අතත් හිල් වෙයි.පව් මගේ අත ඔච්චරණේ මට තියෙන්නෙත්.
බලන බලන එක ජොබක් වත් හරියන්නේ නැති කොට මම ආයේ පාඩුවේ ගෙදරට වෙලා හිටියා ඔන්න එතකොට කතරගම නැවතිලා වැඩ කරන එකෙක් නිවාඩුවට ගෙදර ඇවිත්.මමත් ගියා උන්ගේ ගෙවල් පැත්තේ.
ආහ් මචන් කොහොමද
හොඳයි බං උඹ කවද්ද යන්නේ?
දවස් තුනකින් විතර යනවා බං එහෙ හරියට වැඩ මම මේ බලෙන් වගේ නිවාඩුවක් අරන් ආවේ.
මේ ඒක නෙවේ මටත් සෙට් කරපංකෝ උඹ ජොබ් කරන තැනම ජොබ් එකක්.
අයියෝ සුළු දෙයක් බං දෙන්නම්කො උඹටත් මම වැඩ කරන තැනම ජොබ් එකක්.
අන්න එතකොට මට ටිකක් සතුටු හිතුනා කතරගම වුනත් යාලුවෙක් වැඩ කරන තැනමනේ.ප්‍රශ්නයක් වුනොත් මූත් ඉන්නවනේ.
අනේ ගොඩක් පින් බං මොකක්ද බං ජොබ් එක?
කතරගම වඳුරන්ට ජංගි මහන එක බං.
නෑහ්හ්හ්?
ඔව් බං වරෙන් යන්න අනිද්දට මා එක්කම
හාකෝ හාකෝ
කියලා මම එතනින් ආවට අනිද්දා ගියේ නැහැ හරිද?.
ඊට පස්සේ මට අපේ මාමා කෝල් කරලා කිව්වා තැපැල් කන්තෝරුවේ ජොබ් එකක් තියෙනවා කියලා.මාමා කියන්නේ මොනා වුනත් හොඳ එකා,කලින් උන් වගේ සාටර් ජොබ් නැතුව හොඳ ජොබ් එකක් මේ යකා සෙට් කරයි කියලා මම දන්නවා.
පහුවදාම මම ගියා මාමලාගේ ගෙදර
මොකක්ද මාමේ අර කිව්ව ජොබ් එක?
මෙහෙමයි පුතේ තැපැල් කන්තෝරුවේ ජොබ් එක තියෙන්නේ.දිගටම අල්ලන් ඉඳපන් කවදාහරි පෙන්ෂන් එකත් ගත්තැකිනේ?.
හරි මාමේ මොකක්ද ඉතින් කරන්න තියෙන්නේ?
කරන්න තියෙන්නේ හිටන් ඉන්න එක?
හෑ? අපෝ ලේසිනේ!
ඔව් ලේසියි හැබැයි කෙළ නැත්තම් ගෙදර එවනවා!
මොකා? කෙළ?
ඔව් උඹට තියෙන්නේ දිව දික් කරන් තැපැල් කන්තෝරුව ඉස්සරහා හිටන් ඉන්න.ලියුම් දාන්න එන එවුන් මුද්දර උඹේ දිවේ ගාලා ලියුම් කවරේ අලොගනියි.හැබැයි උඹේ කටේ කෙළ හිඳුනොත් එහෙම ජොබ ඉවරයි.
අනේ මේ මාමේ උඹේ !!@#$$% @$%^ #$%% ඉදිං මම යනවා යන්න.
ලොක්කා අළුත් ඇදුමක් ඇදලා තියෙන්නේ.. එල ආහ්!
ReplyDeleteපට්ට ජොබ සෙට් එක.. ඉස්සර නං මම ටිකිරි මාරි වල හිල් විදින්න යන්නමයි හිටියේ. :-)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මාරි නැති වුනාට උඹ තාමත් හිල් විදින්න ට්‍රයි කරනවා කියලා එදා කිව්වේ? :)
Deleteතාම බැරිවුනාලු...
Deleteහිලක් විදගන්නද?
Deleteනම වෙඩික්කාරය උනාට මූ තාම තුවක්කුව පාවිච්චි කොරල නෑ එතකොට! ;D
Deleteමමත් ඔය එහෙ මෙහෙ ඉන්නකොට ඔයවගේම ජල්තර ජොබ් වලට අහුවෙලා තියනවා. මැලිබන් බිස්කට් වල හිල් විදින සීන් එකටත් අහුවෙලා තියනවා. තැපැල් කන්තෝරුවේ හිටන් ඉන්න එකටත් අහු වෙලා තියනවා. තව එකක් තියනවා එලිෆන්ට් හවුස් එකේ ! එකේ පොස්ට් ඒක නම් කියන්න මොකක්ද මොකක්ද වගේ බං !! අඩේ උඹ සිරි ලංකාවෙන් සමුගන්නවද මඩියෝ ?
ReplyDeleteඑලිෆන්ට් හවුස් සීන් එක මොකක්ද බං?
Deleteලංකාවෙන් සමුගන්න එක ගැන නම් කියන්න දන්නේ නැහැ බං දෛවය අනුව තමා හැමදේම.
අලියො නෑවීම
Deleteඅර යසෝ නැන්දගෙ ජොබ නරක නැද්ද??????
ReplyDeleteආප්ප දානකං බලං ඉදලා ෂේප් එකේ එකක් දෙකක් කන්නත් පුළුවංනේ..
අපෝ ආප්ප :D
Deleteමටත් බැරිද මච ඔය වගේ ජොබ් එකක් සෙට් කරලා දෙන්න. උබට බැරි උනාට මට පුලුවන් වෙයි.
ReplyDeleteඅපොයි පුළුවන් බං කතරගම එක සෙට් කරලා දෙන්නද?
Deleteshoi job tika nishan ayya....... :)
ReplyDeleteෂෝයි තමා හැබැයි මට සෙට් වෙන්නේ නැහැ ඕනනම් ඔයාට සෙට් කරලා දෙන්නද?
Deleteapo matanam owa hari yanne ne......anika api tama scle yana lamai.......
Deleteස්කූල් ගියාට කමක් නැහැ පාට් ටයිම් කරන්න පුළුවන්නේ
Deleteethakota homework karanne oyada???
Deleteහා මං කරලා දෙන්නම් හැබැයි පඩි ගෙවන්න ඕන.මේ ඔයා කීය වසරේද ඉන්නේ?
Deleteita wada hodai a tika mama ma karaganna eka. :) mamada?mama inne................................12 wasare.
Deleteඈ 12 වසරේද? ම හිතුවේ 7 වසරේ වෙන්න ඇති කියලා :)
Deleteah......mama echchara chutiy wageda penne?(mama itin 12 wasare unata tama chutiy tama.)
Deleteඅපොයි ඔව් 12 වසරේ ඉන්න ගෑනු ළමයි කොහොමත් හදන්නේ තමන් පොඩියි කියලා පෙන්වන්න තමා :D
Deleteහා හා.මේ දවස් වල කැම්පස් ළමයිනුත් ඕවා තමා කර කර ඉන්නේ.
ReplyDeleteඅපරාදේ ඔයාට යන්න නේ තිබුනේ ;)
මාත් හිතුනොත් යනවා ඔයත් එනවද? :)
Deleteදෙක හොඳයි නේ.. ආප්ප වල හිල් විදින්න.
ReplyDeleteඔහේටත් මර ජොබක් තමා සෙට් වෙන්නේ... හික්ස්
බැලුවේ නැද්ද රැකියා විරහිත උපාධි සංගමේ පියන් වැඩක් එහෙම..?
හිල් විදින්න හරි ආසයි වගේ :)
Deleteපියන් ජොබ් එක බැලුවා එකේ පඩි නැහැ සෙල්ෆ් සර්විස් :D
අලුත් තීම් එක මාරු ,
ReplyDeleteමගේ ලගත් ජොබ් එකක් තියෙනවා එනවද ?
තීම් එක අගය කලාට බෙහෙවින් ස්තුතියි. :)
Deleteමොකක්ද ජොබ් එක? :D
වැටෙන් ඊතල අහුලන්ඩ වෙන්න ඇති... :-)
Delete** වැටෙන
Deleteකීයක් දෙනවද? :)
Delete// වැටෙන ඊතල අහුලන්ඩ වෙන්න ඇති. //
Deleteමළා. මම හිතුවෙ වෙන එකක් කියල. :D
හෙහ්...හෙහ්..
ReplyDelete:)
Deleteඋඹ ඕවා කිය කිය අනුන්ට හිනා වෙවී හිටපන්කෝ.කළ හොද පස්සෙන් ඵනව කියල අහල නැද්ද?
ReplyDeleteවෙල්කම් ටු හිය ගොබ්බසේන
Deleteකව්ද බං හිනා වුනේ? මට අඩන්න වෙලා තියෙන්නේ දැන්
මරු ජොබ් ටික නේ !
ReplyDeleteඒක නෙමේ මලයා. එතකොට බොලා හිතන් ඉන්නේ රට යන්ඩ දෑ.. එහෙනම් අර කිව්වත් වගේ පොෂ් රටකට යන්ඩ.. මැද පෙරදිග එහෙම යන්ඩ එපා.
ලබා උපන් හැටියට නොවෑ අයියේ බබා වැනෙන්නේ? බලමුකෝ ඉස්සරහට වෙන දේවල් මමවත් දන්නේ නැහැ
Deleteහිල් විදින්ඩ තියනවනම් අතක් ගැන හිත හිත ඉන්නෙ ? පලයන්...
ReplyDeleteමේකෙ තියන හැටියටනම් උඹ කවදාවත් රස්සාවක් කරන එකෙක් නෙමේ කියලා තමා මට හිතුනෙ..
රට යන්නම් වාලෙ යන්ඩ එපා බන්.. එතකොට තමා දෙලොවටම නැතුව ආත භූත වෙන්නෙ.. ඉස්සෙල්ලම, එක්කො ඔහෙ මොකක් හරි රස්සාවක් කරලා පළපුරුද්දක් අරගන ඒ ඔස්සෙ යන්න බලපන්.. නැත්තම් මොනවා හරි ඉගනගන ඒ පැත්තෙන් යන්න බලපන්..( cඋදා : හෝටල් කෝස්.. ) උඹ ස්පොර්ට් මීට පොර හින්දා තව වැඩක් පුලුවන්.. සිනෙක් එකේ කෝස් එකක් කරලා නැවකට සෙට් වෙන්ඩ බලපන්.. හැබයි ටිකක් සල්ලි ඕනා..
හිල් වගේද මෙච්චර දවසක් තිබ්බ අත :)
Deleteමට රස්සාවක් කරන්න පුළුවන් ඒත් නිදහසේ තීරණයක් ගන්න බැරි එකයි සහෝ අවුල.මම ඇත්තටම රට යන එකට වඩා කැමති මෙහෙ ජොබ් එකක් කරන්න.අනික සිනෙක් වගේ කෝස් කරන්න අපිට සල්ලි නැහැ සහෝ.
මොන මගුලක්ද බන්.. නිදහසේ තීරණයක් ගන්ඩ විදිහක් නැද්ද උඹට ? මම දන්න මගෙ යාලුවෙකුත් හිටියා ඔය වගේ අම්මගෙ දඬු අඩුවට අහු වෙලා...
Delete:)
Deleteවිහිළුවක් වගේ උනාට ඕක විහිළුවක් නෙවි බං. මටත් ඕන ජොබ් එකකට වඩා නිදහසේ ඉන්න. ඒ නිසා මම හුඟක් අවස්ථාවන් අතෑරියා ගෙදරින් කුණු බැනුම් අහගෙන. දැන් මම සුළුවෙන් ගානක් අතට අරන්, මට ඕන තැනක හිතුනු වෙලාවක යනව, කනව-බොනව, නානව, නිදාගන්නව, වැඩිය සෙනඟ ඉන්න තැන්වල මහන්සිවෙන්නෙත් නෑ පොතක්, පත්තරයක්, බ්ලොග් එකක් කියවගෙන ජොලියෙ ඉන්නව. හොඳයි කියල සම්මත ජොබ් කරන්න දැඟලුවනම් මමත් කිසිම නිදහසක් නැතුව ආතතියෙන් පෙලෙමින් ඉන්නව. ඒ නිසා මචං ජොබ් එකක් තෝරගනිද්දි තමන්ට කැමැත්තෙන් කරන්න පුළුවන්, අනිත් අය කියන නිසා නැතිව තමන්ට හොඳයි කියල හිතෙන එකක් තෝර ගනිං. මුදල්වලට වඩා වැදගත් දේවල් ලෝකෙ තියෙනව.
ReplyDeleteඅමතක වුනා. අළුත් ඇඳුම ලස්සනයි. ඇහැට පහසුයි වගේ.
Deleteහ්ම්ම් ඇත්ත අයියා ඔයාගේ කතාව මාත් ආස සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ඒත් මේ ලෝකේ හරිම කුරිරුයි.මම කිසිම බවයක ආයේ මේ වගේ ලෝකයක කාලකන්නියෙක් වෙලා උපදින්න නම් පතන්නේ නැහැ.
Deleteස්තුතියි ඇදුම ගැන කිව්වට ඇත්තටම ඇහැට පහසුයි.
එහෙම හිතන්න එපා මචං. මට තේරුම් ගන්න පුළුවන් උඹ ඉන්න මානසිකත්වෙ. ඒ වුනාට හැමදේම ඉක්මනින් හරියාවි. එතකන් සුභවාදීව හිතපන්. උඹට ජය !
DeleteDDT ගෙ කමෙන්ට් එක ගැන ආයෙ කියන්න දෙයක් නෑ. ඇත්ත කතාව. අපි ඉතිරිකරපු දේකුත් නෑ, නමුත් ආතතිය කියන එකේ සීමාවක් නෑ. හිතේ සතුටකුත් නෑ. බැඳගත්ත බෙරේ ගහනවා.
Deleteනිශාන්ට ඉක්මනින්ම මොකක් හරි සෙට් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ගෙදර ඉන්න එකම දරුවා නිශාන්ද? එහෙම ඇහුවෙත් අම්මත් අසනීපෙන් ඉන්න නිසා නිශාන් ඈතක ගියොත් කොහොමද කියලා.
ඔය Senna කියන එකෙත් ගත යුත්තක් තියෙනවා. අම්මටත් පොඩ්ඩක් කතා කලානම් හරි ටිකෙන් ටික හරි විදියට. මොකද අම්මගෙ තියෙන්නෙ උඹ ගැන අසීමිත ආදරයක්. ඕක පස්සෙ උම බැන්ද දවසක පොඩි කොස්සක් වෙන්න බැරි නෑ. දැම්ම ඉඳන්ම කරුණු වටහලා දුන්නා නම් හරි නිශාන්.
අර ලිස්ට් එකට තව ජොබ් එකක් කියන්න හිටියෙ, සත්තු වත්තෙ වඳුරන්ගෙ මැක්කො කඩන ජොබ් එකක් ගැන. ඒ විහිලුවට.
සිරාවටම ඔය DDT යා කියලා තියෙන දේ ගැන තව පාරක් හිතපං නිශාන්.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
සුභ වාදීව හිතාගෙන තමා මෙහෙමවත් ඉන්නේ.මේ අවුරුද්දේ අන්තිමට ලෝකේ විනාශේත් එනවනේ ඒක ආවොත් මරේ මරු :)
Deleteගෙ කොමෙන්ටුව 100 කට එහා අගයකින් එකඟයි... ජොබ් එක ලොකු වෙන්න ලොකෙ=උ වෙන්න පඩිය වැඩි වෙන්න වැඩි වෙන්න වගකීම් වැඩියි.. පෞද්ගලික ජීවිතයක් කියල දෙයක් නැති වෙනවා.. ඒ හින්දා ජීවත් වෙන්න පුළුවන් තරමට පඩියක් ගන්න පුලුවන් ( 2500 ක විතර ) ජොබක් කරගෙන පාඩුවෙ ඉන්න තියෙනවනම් හොන්දයි,.... හැබැයි ඔය කියන විදියට ජීවත් වෙන්න හිතන එකෙකුට විවාහය කියන්නේ අකැප දෙයක්
Delete// හැබැයි ඔය කියන විදියට ජීවත් වෙන්න හිතන එකෙකුට විවාහය කියන්නේ අකැප දෙයක් //
Delete:D
උඹ කොහොමද හරියටම හිතුවෙ. ඇත්ත මචං, මම හම්බකරන ගානෙන් මට බොහොම සනීපෙට සැප පහසුවට ජීවත් වෙන්න පුළුවන්. ඒත් මම විවාහයක් කරගත්තොත් දුකසේ ජීවත් වෙන්න පුළුවන්. දෙන්න තුන්දෙනා වුනොත් ඉතිං හොම්බෙන් තමා යන්න වෙන්නෙ. මගේ කම්මැලිකම නිසා තව දෙතුන් දෙනෙක් දුක් විඳින්නෙ මොකටද? ඒ නිසා දැනට නම් මගේ අදහස ඔන්න ඔහේ ඉතුරු ටික කාලෙත් මේ හිටිය වගේ ඉන්නව කියල. කොහොමටත් මට බොස්ලත් එක්ක වැඩ කරන්න අමාරුයි. කොයි වෙලාවක හරි හොම්බට හැටක් අනින්න හිතෙනව. ඒ නිසා කොහොමත් මට ජොබ් කිරිල්ල හරියන්නෙ නෑ. අනෙක මට බිස්නස් වුනත් ගැලපෙන්නෙ නෑ. ව්‍යාපාරයක් ගොඩදාගන්න තරම් කැපකිරීමක් කරන්න මට හිතෙන්නෙ නෑ. අවුලක් නෑ, මම ඉස්සර ඉඳලම හිතන්නෙ ඔය වගේ විකාර විදියට. ඒක මගේ ක්‍රමේ. හැබැයි නිශාන්ට නම් මම එහෙම කියන්නෙ නෑ, මම ඌට කිව්වෙ අකමැත්තෙන් කවුරුත් හොයල දෙන රැකියාවක් අතෘප්තියෙන් කරනවට වඩා තමන් කැමති ක්ෂේත්රයක කැමති ජොබ් එකක් කරන එක හොඳයි කියල.
මටත් ලොකු බලාපොරොත්තු නම් මට නිදහසේ ඉන්නයි ඕන.බිස්නස් ගැන නම් ලොකු අකමැත්තක් තියෙන්නේ DDT අයියට වගේ මටත් ඕවාට කැප වෙන්න බැහැ.
Deleteමම නම් කැමති මැලිබන් එකේ වැඩේට..මොනා වුනාත් නම හරි තියෙනවා නේ..හික්ස්..
ReplyDeleteනම වගේද අතේ කටුව ඇනුනොත් :D
Deleteජොබක් කියන්නෙත් .... තිබිලත් බෑ නොතිබිලත් බෑ
ReplyDeleteනොතිබිලා නම් කොහොමත් බැහැ
Deleteහී..මමත් මේ ටිකේ ඔය වගේ එව්වා තමා කොරන්නේ ඈ!
ReplyDeleteවඳුරන්ට ජන්ගිත් මහනවද බං? :D
Deleteඇයි විද්ය්රත් නාලිකාවල විකාශ නිමාව වුනාට පස්සේ ‘සූ..සූ...‘ ගාන ජොබක් තියෙනවා.
ReplyDeleteඋඹ කරන්නෙත් ඒකද? :)
Deleteඋඹට මම බේකරියක ජොබක් සෙට් කරන්නද ?අමාරු නෑ
ReplyDeleteකිඹුලා බනිස් වලට සීනි ඉහින්න තියෙන්නේ......
ඉහිනවට වඩා බාගයක් මගේ කටේ තියෙයි :)
Deleteහෙහ්... මැලිබන් එක නෙමයි.. මන්චි එක තියෙන්නේ අපේ ගෙවල් ලගම.. එකේ මාරි වල හිල් විදින්න සෙට් කරලා දෙන්නද?
ReplyDeleteමිඩිස්ස වෙනස් වෙලා තියෙන්නේ..
මැලිබන් වුනත් මන්චි වුනත් දෙකේම හිල්නේ විදින්න තියෙන්නේ :)
Deleteමිඩිස්ස නෙවේ මඩිස්ස :)
මම නම් ඇත්තටම කැමති පරණ තීම් එකට නිශාන්.ඒකෙ හොඳ පිළිවෙලක්,පෙනුමක් තියනවා.,මේකත් හොඳයි හ්ම්ම් :) පෝසට් එකට නම් ඔන්න හිනා ගියා..:)
ReplyDeleteඑකේ අලුතෙන් කෝඩ් දාද්දි පරණ කෝඩ් හයිඩ් වෙනවා.ඒත් ඔයාට ඕන නම් ඒක ආයේ දාන්නම්!
Deleteමලා මේ මෙන්න මෙහෙ එන්න .. ජොබ් තියනවා... ඇඹිලිපිටියේ.. මඩියා වැඩි පෙනුමක් නැති එකේ පුණ්‍ය වන්ත කටයුත්තක් වන මල් බිස්නස් එකටවත් හවුල් කරන්න කියලා ;)
ReplyDeleteමගේ පෙනුමක් නැද්ද බං? :(
Deleteමට බැහැ උඹ වගේ ගංජා මුදලාලි කෙනෙක් වෙන්න
මේක ඇත්තට වුනාද? හිනා යන කතාව :D
ReplyDeleteඇත්තම ඇත්ත සැටිෆිකෙට් ට්රූ
Delete//පස්සේ මට සෙට් වුනා ආප්ප දාන යසෝ නැන්දා ගාව ජොබ් එකක් ඒකෙ කරන්න තිබ්බේ ආප්ප වලට හිල් විදින එක.යසෝ නැන්දා දාන ආප්ප වල හිල් නැහැ //
ReplyDeleteමොකටද බං අප්ප වලට හිල්..?
නැත්තම් ඒවා රොටි වගේනේ බොල
Deleteමටත් හෙන ආසයි ඔය හිල් විදින ජොබක් කරන්න , අම්මපා කරන ජොබ් එක දාලා දුවගෙන එනව එහෙම එකන් සෙට් උනොත්
ReplyDeleteඅළුත් ඇදුම පිලිඹද බලවත් සන්තෝශය .... ඇහැට පහසුයි !
එහෙනම් අපි දෙන්නම යමු හිල් විදින ජොබ් එකකට :d
Deleteඇඳුම ගැන සටහන් කරාට තුති මචන්
මන්චි එකේ ජොබක් තියෙනව සෙට් කරල දෙන්නද?... මන්චි නයිස් එකේ වටේ දැති කපන්න තියෙන්නෙ... එහෙම නැත්තන් කිස්ට් එකේ තියෙනව අඹ ගස් වලට පොලු ගහන්න ජොබ් එකක්....
ReplyDelete/* අමාරු නැති හොඳ පඩියක් හම්බෙන ජොබ් එකක් */ උඹට ඕන ඔහොම එකක් නම් දේශපාලනේ කරපන්...
අඹ ගස් වලට පොලු ගහලා ගුටි කාලා තියෙන නිසා ආයේ නම් ඒවගේ එකක් බැහැ.
Deleteකිව්වත් වගේ දේශපාලනේ ගැන හිතලා බලන්න ඕන,එහෙම වුනොත් සපෝට් එකක් දෙන්න එනවනේ? :)
පට්ට ජොබ් ටික මටත් බැරිද දන්නේ නැහැ. මාරි බිස්කට් වල හිල් ගහන්න යන්න හැබැයි මැලිබන් එක බංකොලොත් උනොත් මම වගකියන්නේ නැහැ ඕන්
ReplyDeleteහිල් විදිල්ල එච්චරටම දරුණුද? :D
Deleteනැහැ මාරි කාල මොකද මම හිල්විදිනවට වැඩිය මාරි කාවි ලොල්
Delete:D බලන් ගියාම මම වගේම මාරි පෙරේතයෙක්නේ
Deleteමාරි දෙනවනම් පොඩ්ඩෝ ඕනේ දෙයක් කරයි නැද්ද මලේ? මම නම් ගොඩක් ආසයි මළගෙවල් වල නයිට් ගහන්න යන්න වැඩි වැඩියෙන් මාරි කන්න. කන්නෝ දිනන්නෝ ලොල්
Deleteපට්ට ජොබ් ටික.. තව එකක් ලගදි සෙට් උනා එක සෙට් කරල දෙන්නද? හැබැයි රෑ වැඩ.. ගුවන්විදුලි සංස්තාවෙ රැට විකශය ඉවර උන තැන ඉදන් උදේ වෙනකම් "ටීටීටී" ගාගෙන ඉන්න තියෙන්නෙ.
ReplyDeleteඋඩ එකෙක් සෙට් කරලා දෙන්න හැදුව ටීවී නාලිකා වල රෑට ස්ස්ස්ස්ස්ස්ස් ගගා ඉන තියෙන ජොබ් එකක් :D
Deleteඇත්තටම නිශාන් තාම ජොබක් නැද්ද ? ඔයා ඔච්චර ඉන්ටනෙට් එකේ ඉන්න එකේ සීවී ටිකක් දාල බලන්නකො ඔයා ආස ඒවට, හරි හමන් එකක් ලැබුණොත් අම්ම උනත් රට යවන අදහස වෙනස් කර ගනීවිනෙ..
ReplyDeleteහ්ම්ම් ඔයාට බැරිද එකක් හොයලා දෙන්න? හැබැයි ගොඩක් අධ්‍යාපන සුදුසු කම් නම් නැහැ
Deleteමාර ජොබ් ටිකක් නේ සෙට් වෙලා තියෙන්නේ...
ReplyDeleteඔව් අෆ්ෆා :)
Deleteඋළුදු වඩේ වල මැද හිල් ගහන ජොබක් තියෙනවා ඕනද?
ReplyDeleteහිල් කොහොමද බං ගහන්නේ? ඇගිල්ලෙන්ද හාරන්න තියෙන්නේ? :D
Deleteමොනා වුනත් උඹ මාමට බැනලා තියෙන විදිය නම් කැතයි... බලපං එතෙන කුණුහරුපම කීයක්ද කියලා... :D
ReplyDeleteඋඹ කියන්නේ මාමාට මාමලා වදින ගාථාව කියන්න කියලද :D
Deleteඋබට හරියන ජොබක් තියනවා කෙත්තාරාමේ ග්‍රවුන්ඩ් එකේ...
ReplyDeleteවැවෙන තණකොළ කන්න විතරයි තියෙන්නේ.... වර්ග මීටර් ගානට ගෙවනවා
@ Mee Godayaa
Delete"වැවෙන තණකොළ කන්න විතරයි තියෙන්නේ.... වර්ග මීටර් ගානට ගෙවනවා"
:D
@මී
Deleteහරි හරි උඹ මාව හරකට සමාන කරානේ :(
තව ජොබක් නම් තියෙනවා. මරදාන කෝච්චි යාඩ් එකේ රෝද වලට හුලං ගහන්න. රෝද ගානටයි ගෙවන්නේ. සෑහෙන ගානක් හොයන්න පුළුවන්. එක කෝච්චියකම රෝද කීයක් තියෙනවද?
ReplyDelete:) අන්න ඒක නම් නියමයි වගේ
Deleteමම ඒකට කැමතියි පුලුවන්ද සෙට් කරලා දෙන්න.
මං කිව්වා කියලා ගිහින් යාඩ් එකේ ලොකුම ලොකු මහත්තයා හම්බ වෙලා අහන්න. ටක් ගාලා සෙට් කොරලා දෙයි. මං කියලා තියෙන්නේ මගෙ යාළුවෙක් එනවා කියලා...
Deleteහෙටම යනවා ලොකු උදව්වක් කරේ බොහොම පින්.
Deleteප්‍රදීප් සහෝත් එතනද වැඩ? :)
කාලයක් කොලා... පස්සෙ ලෙඩේ වැඩි වෙලා අංගොඩට මාරු කලා නෙව...
Deleteඔහ් කාලයක් යද්දී පිස්සු හැදෙනවද?
Deleteදැන් හොදද? ඔය කොමන්ට් කරෙත් එහෙ ඉඳන්ද?
මටත් හැදෙයිද දන්නේ නැහැ ඕකේ වැඩ කරලා?
:D
//ඔය කොමන්ට් කරෙත් එහෙ ඉඳන්ද?// නැත්තං. දැන් නං හොදයි. යන හැමෝටම හැදෙන්නෙ නෑ. විස්තර දැනගන්න අපේ පැත්තෙ ඇවිත් යන්නකෝ.
Delete:) හා හා වෙලාවක මම එන්නම්කෝ බලලා යන්ට.
Deleteමරු ජොබ් ටික මචං.මේ කියෙව්වම මට සෙට් උන ජොබ් එකක් මතක් උනා.මං එක ගැන පොස්ට් එකක් දැම්මා :)
ReplyDeleteමම කියෙව්වා ඒක
Deleteඒකත් පට්ට ජොබ් එක බං :D
අපේ පැත්තෙ ළහිරු බේකරියෙ මාලු පාන් වලට කෙළවල්ලො මාලු කපන ආතල් ජොබක් තියෙනවා සැට් කරලා දෙන්නද ?
ReplyDelete:D සිරාත් එකේද වැඩ?
Deleteඈ බං මඩියො...ඔය යසෝ නැන්ද ආප්ප දාන්නෙ තනියෙන්ද....නෑ මම මේ නිකමට ඇහුවෙ...ආප්පයක් කන්න ඒ පැත්තෙ එන්න හිතාගෙන...
ReplyDeleteතනියෙන් නෙවේ බං ඇන්ටිගේ පොඩි දුවත් එක්ක :D
Deleteආප්ප කනවා නම් වරෙන් මම සෙට් කොරලා දෙන්නම්
අඩේ උඹ පික්සු කොල්ලෙක් නේ ;ඩ්
ReplyDeleteඅඩෝ මම කලින් බ්ලොග් එක තිබ්බ විදියට කැමතියි බං :/
කලින් තිබ්බ විදියට මාත් කැමතියි බන් ඒත් ටෙම්ප්ලේට් එකේ පොඩි අවුලක් නිසා මාරු කරන්න වුනේ.
Deleteඅමුතුම ආරකට ලියන බ්ලොග් සටහන් :-)
ReplyDeleteමේක යුනීක් ස්ටයිල් එකක්
කොහොමත් දැන් දිගටම එනව කියවන්න - බලමු තව ඉස්සරහට
- ජය -
ලියන ආරේ ගැන සටහන් කිරීමට මම ඉතා ස්තුති වන්ත වෙනවා.
Deleteඅර කිව්ව ස්ටයිල් එක ගැන නම් පැහැදීමක් නැහැ?.
ඔබගේ පැමිණීම මට සතුටක් දිගටම මේ පැත්තේ එන්න මහත්මයා :)
මට නම් මේ ටෙම්ප්ලේට් එක ලස්සනයි...
ReplyDeleteගොඩක් අය කැමතියි මේ ටෙම්ප්ලේට් එකට.ඒ වගේම තව කට්ටියක් පරණ එකටත් කැමතියි.කොහොම වුනත් දිගටම මේකම තියන්න තමා මගේ බලාපොරොත්තුව :)
Deleteඕන ජොබ් එකක කට්ටක් තියෙනවා විවිදාකාර.
ReplyDeleteඅලුත් ඇදුම ගොඩක් කල එලියයි වගේ..!
ඇත්ත කට්ටක් නැතුව ජොබ් කරන්න බැහැ.
Deleteඑහෙම කරන්න නම් ව්‍යාපාරයක්ම තමා කරන්න වෙන්නේ.
ටෙම්ප්ලේට් එක ගැන සඳහන් කරාට ස්තුතියි.
මුලින්ම ඇඳුම එළ
ReplyDeleteඊළඟට විග්‍රහය
මට ( ආච්චිට ) හාල් ගරන්න බැරිය
ආප්ප සීන් අපිට අදාල නැත
මගේ කටේ කෙල තියා ඇඟේ ලේ බින්දුවක් නැත
වඳුරෝ මහා ජරා සත්තු වෙති
අඩේ මම යනවා මාරි බිස්කට් වල හිල් විදින්න මොනවා වුනත් මන්චී ටිකිරි මාරිනේ
තව එලිෆන්ට් හවුස් එකෙත් ජොබ් එකක් තියනවලු ඕන් මට යාළුවෙක් කිව්වා
හොකෑස් විය !!
ජය!!!!
අඩේ 100 වෙනි කොමන්ටුව මගෙන් !
Delete100 වෙනි කුජීත කොමෙන්ටුව වෙනුවෙන් මාරි වලට හිල් විදීමේ ජොබ ඔබ හට තෑග්ගක් වශයෙන් පිරිනැමේ.හෙට සිට වැඩට පැමිණෙන්න අල්පෙනිත්තක් සමඟ.විදින බිස්කට් ගණනට වඩා බඩට යන බිස්කට් ගණන වැඩි වුවහොත් අතින් ගෙවීමට සිදු වෙන බව සලකන්න :D
Deleteමෙන්න ජොබ්
ReplyDeleteසත්තුවත්තේ - පොට්ට රිලව් දොට්ට එක්කන් යන්න.
සත්තුවත්තේ - නියපොතු නැති බැබුන්ලගේ පස්ස (කුප ) කහන්න
කෘෂිකර්ම අමාත්‍යාංශයේ - බිත්තර පැල වලට බෙහෙත් ගහන්න
යනවනම් පලයන්, මයේ මොකෝ....
ඇයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ - උම්බලකඩ පැල වලට පෝර දාන්න
Deleteසත්තු වත්තේ ජොබ් ටික නම් නියමයි සහෝ.
Deleteකෘෂිකර්මේ ජොබ් වලට නම් ආස නැහැ :)
ජොබ් එකක් සෙට් කොරලා දෙන්නද? :)
ReplyDeleteමරු ජොබ් ටික බං.දාමුද ජොබ් බෑන්ක් එකක්. :D
ReplyDeleteදාමු දාමු එකේ සිකුරිටි වැඩේට උඹව තමයි ඕන් ගන්නේ :D
Deleteලෝලේ ලොල් , හිල් විදිල්ල නම් , අපේ අම්ම අහනව මොකද මේ රෑ තනියම හිනා වෙන්නේ කියල :D
ReplyDeleteඅඩේ මාරි වල සිරවටා අතින් හිල් විදිනවද බන් :ඔ
උඹ අම්මට කියන්න එපැයි අම්මේ මම ජොබ් එහෙකට යන්න හදන්නේ කියලා :)
Deleteඔව් බං මාරි වලට අතින් හිල් විදින්නේ නැතුව මැෂින් එකේ ඈ?
ඊයෙ කියෙව්වෙ පෝස්ට් එක විතරයි. කමෙන්ට් ටික කියෙව්වෙ අද. තීම් එක හොඳටි. ඉක්මනට ලෝඩ් වෙනවත් තමා. අවුල් යන්නෙත් නෑ නේද මේ වගෙ ටෙම්ප්ලේට් වල.
ReplyDelete…
ජොබ් ගැන නම් කියන්න තියන්නෙ මචෝ වැඩිය හිතන්නෙ නැතුව සතියකට එක නිවාඩුවක් වත් තියන එකකට පලයන් සාමාන්‍ය පඩියක් තියේ නම්. එහෙම නිවාඩු නැති ඒවත් තියනව නෙ. එතකොට නම් ලිඳෙ ඉන්න ගෙම්බ වගේ වෙනව. වෙන කිසිම දෙයක් කරන්න ලැබෙන්නෙ නෑ. මම කලින් වැඩ කලා එහෙම තැනක එපා වෙනව ඒ වගෙ ජොබ් නම්.
…
…අර වගේ සාමාන්‍ය එකකට ගිහින් ඒකෙ ඉන්න ගමන් වෙන එකක් අහු වුනොත් මාරු වෙන්න පුලුවන්. අනික මචං තමන්ගේ කියල මොකක් හරි කර ගන්න පුලුවන් නම් ඒක තමා හොඳම.
…
ඔව් බං මේ වගේ තීම් වල එඩිට් කරන්න කෝඩ් හොය හොයා ඉන්න ඕන නැහැ ඒ අතින් ලේසියි.
Deleteඅනිවා නිවාඩු තියෙන ජොබකට විතරයි මං ගියොත් යන්නේ.
ඔව් බං තමන්ගේ කියලා ව්‍යාපාරයක් කරොත් ගොඩ හැබැයි මම එහෙම එකක් කරොත් කරන්නේ අවුරුදු තිහත් පැන්නට පස්සේ.එතකන් ආතල් එකේ ඉන්න එපැයි බං.
සාමාන්‍යයෙන් පඩි කොහොමද බං ඕවගෙ??
ReplyDeleteපැය ගානට බං ගෙවන්නේ :)
Deleteමම කියන්නං උබට හොද රස්සාවක්....නිකම් කකා බිබී සිටීම
ReplyDeleteහෙට ඉඳං හරි කරන්න පුළුවන් සෙට් කරලා දියන්කෝ :D
Delete